8. සකලිකසුත්තවණ්ණනා අට්ඨකථා
8. සකලිකසුත්තවණ්ණනා
8. සකලික සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ මද්දකුච්ඡිස්මින්ති එවංනාමකෙ උය්යානෙ. තඤ්හි අජාතසත්තුම්හි කුච්ඡිගතෙ තස්ස මාතරා – “අයං මය්හං කුච්ඡිගතො ගබ්භො රඤ්ඤො සත්තු භවිස්සති. කිං මෙ ඉමිනා”ති? ගබ්භපාතනත්ථං කුච්ඡි මද්දාපිතා. තස්මා “මද්දකුච්ඡී”ති සඞ්ඛං ගතං. මිගානං පන අභයවාසත්ථාය දින්නත්තා මිගදායොති වුච්චති.
අට වැන්නෙහි - මද්දකුච්ඡිස්මිං එනම් වූ උද්‍යානයෙහි අජාතසත්තු කුසට පැමිණි කල්හි ඔහුගේ මව විසින්, මොහු මාගේ කුසට වන්නේ, ගැබ රජුට සතුරු වන්නේ ය. මෙයින් මට කිම? යි දරු ගැබ වැටීම (විනාශ කිරීම) පිණිස එම කුස මඩනා ලද්දේ ය. එහෙයින් ‘මද්දකුච්ඡි’ (මර්දනය කළ කුස) යනුවෙන් ප්‍රසිද්ධ විය. මුවන්ට භය නැති ව විසීමට දෙන ලද බැවින් මිගදායො යි කියනු ලැබේ.
තෙන ඛො පන සමයෙනාති එත්ථ අයං අනුපුබ්බිකථා – දෙවදත්තො හි අජාතසත්තුං නිස්සාය ධනුග්ගහෙ ච ධනපාලකඤ්ච පයොජෙත්වාපි තථාගතස්ස ජීවිතන්තරායං කාතුං අසක්කොන්තො “සහත්ථෙනෙව මාරෙස්සාමී”ති ගිජ්ඣකූටපබ්බතං අභිරුහිත්වා මහන්තං කූටාගාරප්පමාණං සිලං උක්ඛිපිත්වා, “සමණො ගොතමො චුණ්ණවිචුණ්ණො හොතූ”ති පවිජ්ඣි. මහාථාමවා කිරෙස පඤ්චන්නං හත්ථීනං බලං ධාරෙති. අට්ඨානං ඛො පනෙතං, යං බුද්ධානං පරූපක්කමෙන ජීවිතන්තරායො භවෙය්‍යාති තං තථාගතස්ස සරීරාභිමුඛං ආගච්ඡන්තං ආකාසෙ අඤ්ඤා සිලා උට්ඨහිත්වා සම්පටිච්ඡි. ද්වින්නං සිලානං සම්පහාරෙන මහන්තො පාසාණස්ස සකලිකා උට්ඨහිත්වා භගවතො පිට්ඨිපාදපරියන්තං අභිහනි, පාදො මහාඵරසුනා පහතො විය සමුග්ගතලොහිතෙන ලාඛාරසමක්ඛිතො විය අහොසි. භගවා උද්ධං උල්ලොකෙත්වා දෙවදත්තං එතදවොච – “බහු තයා මොඝපුරිස, අපුඤ්ඤං පසුතං, යො ත්වං පදුට්ඨචිත්තො වධකචිත්තො තථාගතස්ස ලොහිතං උප්පාදෙසී”ති. තතො පට්ඨාය භගවතො අඵාසු ජාතං. භික්ඛූ චින්තයිංසු – “අයං විහාරො උජ්ජඞ්ගලො විසමො, බහූනං ඛත්තියාදීනඤ්චෙව පබ්බජිතානඤ්ච අනොකාසො”ති. තෙ තථාගතං මඤ්චසිවිකාය ආදාය මද්දකුච්ඡිං නයිංසු. තෙන වුත්තං – “තෙන ඛො පන සමයෙන භගවතො පාදො සකලිකාය ඛතො හොතී”ති.
තෙන ඛො පන සමයෙන මෙහි අනුපූර්ව කථාව නම්: දේවදත්ත තෙමේ අජාතසත්තු ලවා දුණුවායන් ද ධනපාලක (නම් වූ ඇතා ද) යොදවා තථාගතයන් වහන්සේගේ ජීවිතය වැනසීමට නො හැකි වූයේ තමා ම උන්වහන්සේ මරන්නෙමි යි ගිජුකුළු පව්වට නැගී මහත් මහල්ගෙයක් ප්‍රමාණ වූ ගලක් උස්සා ශ්‍රමණ ගෞතමයා සුණුවිසුණු වේවා යි අත හැරියේ ය. එය මහත් ශක්ති සම්පන්න වූවකි. ඇතුන් පස් දෙනෙකුගේ ශක්තිය දරයි. අන් අයගේ උපද්‍රවයකින් බුදුවරුන්ගේ ජීවිත අන්තරාව සිදු වන්නේ ය. යන්න අභව්‍ය ම ය. තථාගතයන් වහන්සේගේ ශරීර අභිමුඛයට එද්දී අහසේ වෙනත් ගලක් පැන නැගී පිළිගත්තේ ය. ගල්දෙක ගැටීමෙන් ගල් පතුරක් පැන නැගී භාග්‍යවතුන් වහන්සේගේ පිටිකර කෙළවර තුවාළ කළේ ය. පාදය මහත් පොරවකින් පහරන ලද්දාක් මෙන් පිට වුණු රුධිරය ලාක්සාරස පැහැය (ලාකඩ වතුර පාට) මෙන් විය. භාග්‍යවතුන් වහන්සේ ඉහළ බලා දේවදත්තයනට මෙසේ වදාළහ. “හිස් මිනිස, තා විසින් බොහෝ අකුසල් කරන ලදි. ඒ තා ද්වේෂ සහගත සිතින් ඝාතන සිතින් තථාගතයන් වහන්සේගේ ලේ ඉපදවූයෙහි’ යි. එතැන් පටන් භාග්‍යවතුන් වහන්සේට අපහසුතාවක් හට ගත්තේ ය. භික්ෂූහු මෙසේ සිතූහ. මේ විහාරය ඉතා කටුක තැනකි. විෂම ය. බොහෝ ක්ෂත්රියාදීන්ටත් පැවිද්දන්ටත් අවකාශ නැති තැනකි. ඔවුහු තථාගතයන් වහන්සේ ඇඳක තබා මද්දකුච්ඡියට ගෙන ගියෝ ය. එහෙයින් කියන ලදි. “තෙන ඛො පන සමයෙන භගවතො පාදො සකලිකාය ඛතො හොති” (එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ පාදය ගල්පතුරකින් පහළේ වේ) යි.
භුසාති බලවතියො. සුදන්ති නිපාතමත්තං. දුක්ඛන්ති සුඛපටික්ඛෙපො. තිබ්බාති බහලා. ඛරාති ඵරුසා. කටුකාති තිඛිණා. අසාතාති අමධුරා. න තාසු මනො අප්පෙති, න තා මනං අප්පායන්ති වඩ්ඪෙන්තීති අමනාපා. සතො සම්පජානොති වෙදනාධිවාසනසතිසම්පජඤ්ඤෙන සමන්නාගතො හුත්වා. අවිහඤ්ඤමානොති අපීළියමානො, සම්පරිවත්තසායිතාය වෙදනානං වසං අගච්ඡන්තො.
භුසා බලවත් (බොහෝ) සේ; සුදං නිපාත මාත්‍රයකි. දුක්ඛා සුඛයට ප්රතිපක්ෂ වූ තිබ්බා තීව්ර, ඉමහත් ඛරා පරුෂ කටුකා තීක්ෂණ අසාතා මිහිරි නො වූ; ඒවාහි සිත සවි නො කරයි. ඒවා සිත නො අලවයි. නො වඩයි: අමනාපා, සතො සම්පජානො වේදනාව ඉවසන සතිසම්පජඤ්ඤයෙන් යුක්ත වී, අවිහඤ්ඤමානො නො පෙළමින්, පෙරළී පෙරළී නිදමින් ඒ වේදනාවන්ගේ වසඟයට නො ගොස්;
සීහසෙය්යන්ති එත්ථ කාමභොගිසෙය්‍යා, පෙතසෙය්‍යා, සීහසෙය්‍යා, තථාගතසෙය්යාති චතස්සො සෙය්යා. තත්ථ “යෙභුය්යෙන, භික්ඛවෙ, කාමභොගී සත්තා වාමෙන පස්සෙන සෙන්තී”ති අයං කාමභොගිසෙය්‍යා. තෙසු හි යෙභුය්යෙන දක්ඛිණපස්සෙන සයානො නාම නත්ථි. “යෙභුය්යෙන, භික්ඛවෙ, පෙතා උත්තානා සෙන්තී”ති අයං පෙතසෙය්‍යා. අප්පමංසලොහිතත්තා හි අට්ඨිසඞ්ඝාටජටිතා එකෙන පස්සෙන සයිතුං න සක්කොන්ති, උත්තානාව සෙන්ති. “යෙභුය්යෙන, භික්ඛවෙ, සීහො මිගරාජා නඞ්ගුට්ඨං අන්තරසත්ථිම්හි අනුපක්ඛිපිත්වා දක්ඛිණෙන පස්සෙන සෙතී”ති අයං සීහසෙය්‍යා. තෙජුස්සදත්තා හි සීහො මිගරාජා ද්වෙ පුරිමපාදෙ එකස්මිං, ‘පච්ඡිමපාදෙ එකස්මිං ඨානෙ ඨපෙත්වා නඞ්ගුට්ඨං අන්තරසත්ථිම්හි පක්ඛිපිත්වා පුරිමපාදපච්ඡිමපාදනඞ්ගුට්ඨානං ඨිතොකාසං සල්ලක්ඛෙත්වා ද්වින්නං පුරිමපාදානං මත්ථකෙ සීසං ඨපෙත්වා සයති, දිවසම්පි සයිත්‍වා පබුජ්ඣමානො න උත්රසන්තො පබුජ්ඣති, සීසං පන උක්ඛිපිත්වා පුරිමපාදාදීනං ඨිතොකාසං සල්ලක්ඛෙති’. සචෙ කිඤ්චි ඨානං විජහිත්වා ඨිතං හොති, “නයිදං තුය්හං ජාතියා, න සූරභාවස්ස අනුරූප”න්ති අනත්තමනො හුත්වා තත්ථෙව සයති, න ගොචරාය පක්කමති. අවිජහිත්වා ඨිතෙ පන “තුය්හං ජාතියා ච සූරභාවස්ස ච අනුරූපමිද”න්ති හට්ඨතුට්ඨො උට්ඨාය සීහවිජම්භිතං විජම්භිත්වා කෙසරභාරං විධුනිත්වා තික්ඛත්තුං සීහනාදං නදිත්වා ගොචරාය පක්කමති. චතුත්ථජ්ඣානසෙය්යා පන “තථාගතසෙය්‍යා”ති වුච්චති. තාසු ඉධ සීහසෙය්‍යා ආගතා. අයඤ්හි තෙජුස්සදඉරියාපථත්තා උත්තමසෙය්යා නාම.
සීහසෙය්යං මෙහි කාමයෝගී සෙය්‍ය, පේත සෙය්‍ය, සීහ සෙය්‍ය, තථාගත සෙය්‍ය යනුවෙන් සෙය්‍ය (ශය්‍යා - නිදාගැනීම්) සතරකි. එහි “යෙභූය්යෙන භික්ඛවෙ කාමභොගි සත්තා වාමෙන පස්සෙන සෙන්ති” (මහණෙනි, කාමභෝගි සත්ත්වයෝ බොහෝ සෙයින් වම් පසට හැරී (වම් ඇළයෙන්) නිදති) යන මෙය “කාමභෝගී සෙය්යාව” වේ. ඔවුන් අතර බෙහෙවින් දකුණු පසට හැරී නිදා ගැන්මක් නම් නැත. “යෙභූය්යෙන භික්ඛවෙ පෙතා උත්තානා සෙන්ති” (මහණෙනි, බොහෝ සෙයින් ප්‍රේතයෝ උඩුකුරුව නිදති.”) එය ‘පේත සෙය්යාව’ ය. මස් ලේ අල්ප බැව් නිසාත් ඇට වළල්ල පැටලීම නිසාත් ඔවුහු එක් පැත්තකට හැරී නිදාගැනීමට නො හැකි වෙත්. උඩුකුරුව ම නිදත්. “යෙභූය්යෙන සීහො මිගරාජා නඞ්ගට්ඨං අන්තරසත්ථිම්හි අනුපක්ඛිත්වා දක්ඛිණෙන පස්සෙන සයති” (මහණෙනි, සිවුපාවුන්ගේ රජ වූ සිංහයා බොහෝ සෙයින් වලිගය කළවය අතර හොවා දකුණු පසින් (දකුණු ඇලයෙන්) නිදයි. මේ සිංහසෙය්‍යාව ය. තේජස උස් බව හේතු කොට ගෙන සිවුපා රජ වූ සිංහයා ඉදිරි දෙපා එක් තැනකත් පසුපස දෙපා එක් තැනකත් තබා වලිගය කළවා අතර හොවා, ඉදිරිපා, පිටුපස පා, නගුට ඇති තන්හි වූ ඉඩ බලා ඉදිරි දෙපා මත හිස තබා නිදයි. දවල් කල්හි ද නිදා අවදි වන්නේ තැති ගැනී නො නැගිටියි. හිස ඔසවා පෙර පාදාදියෙහි ඇති ඉඩ සිතා බලයි. ඉදින් කිසියම් තැනක් හැර දමා තිබුනේ (වෙනස් වූයේ) වේ ද මෙය ඔබට ජාතියෙන් වත් ශූරභාවයට වත් අනුරූප නො වෙතැයි අසතුටට පත් ව එලෙස ම නිදයි. ගොදුරු සොයා නො යයි. (තැන) නො හැර සිටියේ, මෙය ඔබගේ ජාතියටත් ශූර භාවයටත් අනුරූප යයි තුටුපහටු ව නැගිට සිංහ විජෘම්භනය (ඇනුම් ඇරීම) කර කෙසරු සොළවා තෙවරක් සිංහනාද පවත්වා ගොදුරු සොයා යයි. චතුර්ථ ධ්‍යාන සෙය්යාව තථාගත සෙය්යාව යයි කියනු ලැබේ. ඒ සෙය්යා අතරින් මෙහි සිංහසෙය්‍යාව පැමිණ ඇත. මෙය තේජස ඉහළ ගිය ඉරියව් ඇති බැවින් උත්තම සෙය්යාව නමි.
පාදෙ පාදන්ති දක්ඛිණපාදෙ වාමපාදං. අච්චාධායාති අතිආධාය, ඊසකං අතික්කම්ම ඨපෙත්වා. ගොප්ඵකෙන හි ගොප්ඵකෙ ජාණුනා වා ජාණුම්හි සඞ්ඝට්ටියමානෙ අභිණ්හං වෙදනා උප්පජ්ජති, චිත්තං එකග්ගං න හොති, සෙය්යා අඵාසුකා හොති. යථා න සඞ්ඝට්ටෙති, එවං අතික්කම්ම ඨපිතෙ වෙදනා නුප්පජ්ජති, චිත්තං එකග්ගං හොති, සෙය්යා ඵාසු හොති. තස්මා එවං නිපජ්ජි. සතො සම්පජානොති සයනපරිග්ගාහකසතිසම්පජඤ්ඤෙන සමන්නාගතො. “උට්ඨානසඤ්ඤ”න්ති පනෙත්ථ න වුත්තං, ගිලානසෙය්යා හෙසා තථාගතස්ස.
පාදෙ පාදං දකුණු පාදයේ වම් පාදය, අච්චාධාය අති ආධාය මඳක් ඉක්මවා තබා, ගොප් ඇටයෙන් ගොප් ඇටයෙහි හෝ දණ හිසෙන් දණහිසෙහි හෝ ගැටෙන කල්හි නිතර වේදනා උපදී, සිතේ එකඟ බවක් නො වේ. නිදා ගැන්ම අපහසු වේ. යම් සේ නො ගැටේ ද එසේ ඉක්මවා ලැබූ කල්හි වේදනා නූපදියි. සිත එකඟ වෙයි. නිදා ගැනීම පහසු වෙයි. එහෙයින් එසේ සැතපුණු සේක. සතො සම්පජානො යහන් පරිහරණය කිරීමේ සති සම්පජඤ්ඤයෙන් යුක්ත වූයේ, උට්ඨාන සංඥාව යයි මෙහි දී නො කියන ලදි. මෙය බුදුන් වහන්සේගේ ගිලාන සෙය්යාව (ගිලන් ව සැතපීම) ය.
සත්තසතාති ඉමස්මිං සුත්තෙ සබ්බාපි තා දෙවතා ගිලානසෙය්යට්ඨානං ආගතා.
සත්ත සතා මේ සූත්‍රයේ ඒ සියලු ම දේවතාවෝ ගිලන් ව සැතපෙන ස්ථානයට ම පැමිණියහ.
උදානං උදානෙසීති ගිලානසෙය්යං ආගතානං දොමනස්සෙන භවිතබ්බං සියා. ඉමාසං පන තථාගතස්ස වෙදනාධිවාසනං දිස්වා, “අහො බුද්ධානං මහානුභාවතා! එවරූපාසු නාම වෙදනාසු වත්තමානාසු විකාරමත්තම්පි නත්ථි, සිරීසයනෙ අලඞ්කරිත්වා ඨපිතසුවණ්ණරූපකං විය අනිඤ්ජමානෙන කායෙන නිපන්නො, ඉදානිස්ස අධිකතරං මුඛවණ්ණො විරොචති, ආභාසම්පන්නො පුණ්ණචන්දො විය සම්පති විකසිතං විය ච අරවින්දං අස්ස මුඛං සොභති, කායෙපි වණ්ණායතනං ඉදානි සුසම්මට්ඨකඤ්චනං විය විප්පසීදතී”ති උදානං උදපාදි.
උදානං උදානෙසි ගිලාන සෙය්යාවට පැමිණියවුන්ට දොම්නස් විය යුතු වන්නේ ද? මොවුන්ට, තථාගතයන් වහන්සේගේ වේදනා ඉවසීම දැක, අහා! බුදුවරුන්ගේ මහානුභාවය, මෙබඳු වේදනාවක් පවත්නා කල්හි ද විකාර මාත්‍රයක් වත් නැත. සිරි යහනේ අලංකාර කොට තැබූ ස්වර්ණ පිළිමයක් මෙන් නො සෙල්වෙන සිරුරින් හොවී දැන් පූර්ණ චන්ද්‍රයා මෙන් රශ්මි සම්පන්න ලෙස මුහුණේ පැහැය අධිකතර ව බබළයි. දැන් විකසිත වූ පද්මයක් මෙන් මුන් වහන්සේගේ මුහුණ බබළයි. ශරීරයේ පැහැය ද දැන් මැනවින් ඔප කළ රනක් මෙන් මනා සේ පැහැපත් වේ යි උදානයක් හටගති.
නාගො වත භොති, එත්ථ භොති ධම්මාලපනං. බලවන්තට්ඨෙන නාගො. නාගවතාති නාගභාවෙන. සීහො වතාතිආදීසු අසන්තාසනට්ඨෙන සීහො. බ්යත්තපරිචයට්ඨෙන කාරණාකාරණජානනෙන වා ආජානීයො. අප්පටිසමට්ඨෙන නිසභො. ගවසතජෙට්ඨකො හි උසභො, ගවසහස්සජෙට්ඨකො වසභො, ගවසතසහස්සජෙට්ඨකො නිසභොති වුච්චති. භගවා පන අප්පටිසමට්ඨෙන ආසභං ඨානං පටිජානාති. තෙනෙවත්ථෙන ඉධ “නිසභො”ති වුත්තො. ධුරවාහට්ඨෙන ධොරය්හො. නිබ්බිසෙවනට්ඨෙන දන්තො.
නාගො වත භො මෙහි භො යනු ධර්ම ඇමතීම් සම්මුතියකි. බලවත් අර්ථයෙන් ‘නාගො’, නාගවතාය නාග වූ බැවින්, සීහො වත ආදී තැන්වල අසන්ත්රාස අර්ථයෙන් සීහො, ස්වාමියාගේ සිත් සතුටු කිරීම් අර්ථයෙන්, කාරණ අකාරණ දැන ගැන්මෙන් හෝ ආජානෙය්යො සමාන අයෙකු නැතිවීම් අර්ථයෙන් නිසභො, ගවයින් සියයකට ජ්‍යෙෂ්ඨ වූයේ උසභ ය. ගවයින් දහසකට ජ්‍යෙෂ්ඨ වූයේ වසභ ය, ගවයින් ශත සහස්‍රයකට (ලක්ෂයකට) ජ්‍යෙෂ්ඨ වූයේ නිසභ යයි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ වූ කලී ප්‍රතිසම නො වූ අර්ථයෙන් ආසභ ස්ථානය පිළිගනී. ඒ අර්ථයෙන් ම මෙහි ද ‘නිසභ’ යයි කියන ලදි. ධුරය (විය දණ්ඩ) උසුළාගෙන යෑම් අර්ථයෙන් ධොරය්හො; ශාන්ත අර්ථයෙන් දන්තො;
පස්සාති අනියමිතාණත්ති. සමාධින්ති අරහත්තඵලසමාධිං. සුවිමුත්තන්ති ඵලවිමුත්තියා සුවිමුත්තං. රාගානුගතං පන චිත්තං අභිනතං නාම හොති, දොසානුගතං අපනතං. තදුභයපටික්ඛෙපෙන න චාභිනතං න චාපනතන්ති ආහ. න ච සසඞ්ඛාරනිග්ගය්හවාරිතගතන්ති න සසඞ්ඛාරෙන සප්පයොගෙන කිලෙසෙ නිග්ගහෙත්වා වාරිතවතං, කිලෙසානං පන ඡින්නත්තා වතං ඵලසමාධිනා සමාහිතන්ති අත්ථො. අතික්කමිතබ්බන්ති විහෙඨෙතබ්බං ඝට්ටෙතබ්බං. අදස්සනාති අඤ්ඤාණා. අඤ්ඤාණී හි අන්ධබාලොව එවරූපෙ සත්ථරි අපරජ්ඣෙය්යාති දෙවදත්තං ඝට්ටයමානා වදන්ති.
පස්ස නියම නො කළ අණ කිරීම ය, සමාධිං අරහත් ඵල සමාධිය යි. සුවිමුත්තං ඵල විමුක්තියෙන් මනා ලෙස විමුක්ත වූ, රාගානුගත වූ චිත්තය අභිනතං නම් වේ. ද්වේෂානුගත වූයේ අපනතං, ඒ දෙක ම ප්‍රතික්ෂේප වූයෙන් න චාභිනතං න චාපනතං යයි කී ය. න ච සසංඛාර නිග්ගය්හවාරිතවතං සසංඛාර වූ සප්‍රයෝගචිත්තයෙන් කෙළෙස් නිග්‍රහ කොට වළක්වා ලන ලද්දේ නො වෙයි. ක්ලේශයන්ගේ සිඳලීමේ හේතුවෙන් ව්‍රත වේ. ඵල සමාධියෙන් සමාධිගත වූ යනු අර්ථ යි. අතික්කමිතබ්බං වෙහෙස විය යුතු ය, ගැටිය යුතු ය. අදස්සනං - අඥානය යි. අඥානයා වනාහි අන්ධබාලයෙකු මෙන් මේ ආකාරයේ ශාස්තෲන් වහන්සේ කෙනෙකු හට අපරාධයක් කරන්නේ යයි දෙව්පුතුන් ගටමින් කියත්.
පඤ්චවෙදාති ඉතිහාසපඤ්චමානං වෙදානං ධාරකා. සතං සමන්ති වස්සසතං. තපස්සීති තපනිස්සිතකා හුත්වා. චරන්ති චරන්තා. න සම්මාවිමුත්තන්ති සචෙපි එවරූපා බ්රාහ්මණා වස්සසතං චරන්ති, චිත්තඤ්ච නෙසං සම්මා විමුත්තං න හොති. හීනත්තරූපා න පාරං ගමා තෙති හීනත්තසභාවා තෙ නිබ්බානඞ්ගමා න හොන්ති. “හීනත්ථරූපා”තිපි පාඨො, හීනත්ථජාතිකා පරිහීනත්ථාති අත්ථො. තණ්හාධිපන්නාති තණ්හාය අජ්ඣොත්ථටා. වතසීලබද්ධාති අජවතකුක්කුරවතාදීහි ච වතෙහි තාදිසෙහෙව ච සීලෙහි බද්ධා. ලූඛං තපන්ති පඤ්චාතපතාපනං කණ්ටකසෙය්යාදිකං තපං. ඉදානි සා දෙවතා සාසනස්ස නිය්යානිකභාවං කථෙන්තී න මානකාමස්සාතිආදිමාහ. තං වුත්තත්ථමෙවාති.
පඤ්චවෙදා ඉතිහාසය පස්වැනි වේදය කොට සළකන වේදය දරන්නේ, සතං සමං වර්ෂ සියයක්, තපස්සී තපස ඇසුරු කොට සිටින්නවුන් වී, චරං හැසිරෙන්නාහු, න සම්මා විමුත්තං ඉදින් මේ ආකාරයේ බ්‍රාහ්මණයෝ සිය වසක් හැසිරුන ද ඔවුන්ගේ සිත මැනවින් විමුක්තියට පත්වූයේ නො වේ. හීනත්තරූපා න පාරංගමා තෙ හීන ආත්ම ස්වභාව ඇති ඔවුහු නිර්වාණගාමී වූවෝ නො වෙත්. “හීනත්ථරූපා” යි ද පාඨයකි. හීන වූ අර්ථ වර්ගයට අයත්, පිරිහුණු අර්ථ ඇති යන අරුත යි. තණ්හාධිපන්නා තණ්හාවෙන් වැසූ නොහොත් යටපත් කළ වතසීලබද්ධා එළු ව්‍රතය සුනඛ ව්‍රත ආදී ව්රතවලින් හා ඒ හා සමාන වූ ම සීලයෙන් ද බැඳුණු ලූඛං තපං පඤ්චතාපයෙන් තැවීම, කටු මත නිදා ගැනීම ආදී තපස්කම්; දැන් ඒ දේවතාවා ශාසනයෙහි නීය්යානිකභාවය පවසන්නේ න මානකාමස්ස ආදිය පැවසී ය. එය මුලින් කියන ලද අර්ථ පරිදි ම ය.
අට්ඨමං.
අට වැනි සූත්‍රය යි.
9. පජ්ජුන්නධීතුසුත්තවණ්ණනා
9. පජඡුන්නධීතු සූත්‍ර වර්ණනාව
නවමෙ පජ්ජුන්නස්ස ධීතාති පජ්ජුන්නස්ස නාම වස්සවලාහකදෙවරඤ්ඤො චාතුමහාරාජිකස්ස ධීතා. අභිවන්දෙති භගවා තුම්හාකං පාදෙ වන්දාමි. චක්ඛුමතාති පඤ්චහි චක්ඛූහි චක්ඛුමන්තෙන තථාගතෙන. ධම්මො අනුබුද්ධොති, “ඉදං මයා පුබ්බෙ පරෙසං සන්තිකෙ කෙවලං සුතංයෙව ආසී”ති වදති. සාහං දානීති, සා අහං ඉදානි. සක්ඛි ජානාමීති, පටිවෙධවසෙන පච්චක්ඛමෙව ජානාමි. විගරහන්තාති, “හීනක්ඛරපදබ්යඤ්ජනො”ති වා “අනිය්යානිකො”ති වා එවං ගරහන්තා. රොරුවන්ති, ද්වෙ රොරුවා – ධූමරොරුවො ච ජාලරොරුවො ච. තත්ථ ධූමරොරුවො විසුං හොති, ජාලරොරුවොති පන අවීචිමහානිරයස්සෙවෙතං නාමං. තත්ථ හි සත්තා අග්ගිම්හි ජලන්තෙ ජලන්තෙ පුනප්පුනං රවං රවන්ති, තස්මා සො “රොරුවො”ති වුච්චති. ඝොරන්ති දාරුණං. ඛන්තියා උපසමෙන උපෙතාති රුච්චිත්වා ඛමාපෙත්වා ගහණඛන්තියා ච රාගාදිඋපසමෙන ච උපෙතාති.
නව වැන්නෙහි - පජ්ජුන්නස්ස ධීතා චාතුර් මහාරාජික වූ පර්ජුන්ය නම් වැස්සවළාහක දෙව් රජුගේ දූ, අභිවන්දෙ භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ පා නමදිමි. චක්ඛුමතා ඇස් පහකින් සමන්විත වූ තථාගතයන් වහන්සේ විසින්, ධම්මො අනුබද්ධො මෙය මා විසින් පෙර අනුන්ගෙන් හුදෙක් අසන ලද්දක් ම වීය යි කියයි. සාහං දානි ‘සා අහං ඉදානි’ (ඒ මම දැන්), සක්ඛී ජානාමි ප්‍රතිවේධ වහයෙන් ප්රත්යක්ෂයෙන් ම දනිමි. විගරහන්තා හීනාක්ෂර පදව්‍යංජන යි කියා හෝ අනය්යානික යි කියා හෝ මෙසේ ගරහන්නාහු රොරුවන්ති ‘රොරුව’ (රෞරව නිරය) දෙකකි. ධූම (දුම්) රෞරවය හා ජාල (ගිනි) රෞරව යනුවෙනි. ධූම රෞරවය වෙනස් එකකි, ජාල රෞරවය වූ කලී අවීචි මහා නරකයට ම නමකි. එහි සත්ත්වයෝ ගින්නෙහි දැවෙමින් දැවෙමින් යළි යළිත් ‘රවන්නි’ හඬ තලති. එහෙයින් එය ‘රෞරව’ යි කියනු ලැබේ. ඝොරං දරුණු ඛන්තියා උපසමෙන උපෙතා කැමති වී ක්ෂමා කරවා ග්‍රහණ ක්ෂාන්තියෙන් රාගාදියේ උපසමනයෙන් ද යුක්ත වූ යනු යි.
නවමං.
නව වැනි සූත්‍රය යි.
10. චුල්ලපජ්ජුන්නධීතුසුත්තවණ්ණනා
10. චුල්ලපජජුන්තධිතු සූත්‍ර වර්ණනාව
දසමෙ ධම්මඤ්චාති ච සද්දෙන සඞ්ඝඤ්ච, ඉති තීණි රතනානි නමස්සමානා ඉධාගතාති වදති. අත්ථවතීති, අත්ථවතියො. බහුනාපි ඛො තන්ති යං ධම්මං සා අභාසි, තං ධම්මං බහුනාපි පරියායෙන අහං විභජෙය්යං. තාදිසො ධම්මොති, තාදිසො හි අයං භගවා ධම්මො, තංසණ්ඨිතො තප්පටිභාගො බහූහි පරියායෙහි විභජිතබ්බයුත්තකොති දස්සෙති. ලපයිස්සාමීති, කථයිස්සාමි. යාවතා මෙ මනසා පරියත්තන්ති යත්තකං මයා මනසා පරියාපුටං, තස්සත්ථං දිවසං අවත්වා මධුපටලං පීළෙන්තී විය මුහුත්තෙනෙව සංඛිත්තෙන කථෙස්සාමි. සෙසං උත්තානමෙවාති.
දස වැන්නෙහි - ධම්මඤ්ච ‘ච’ ශබ්දයෙන් සංඝයා ද යි මෙසේ රතන ත්‍රය නමදිමින් මෙහි පැමිණි’ යි කියයි. අත්ථවතී අර්ථවත් වූ බහුනාපි ඛො නං යම් දහමක් පැවසී ද ඒ ධර්මය බොහෝ ක්‍රමවලින් මම විභාග කොට දක්වන්නෙමි. තාදිසො ධම්මො මේ භාග්‍යවතුන් වහන්සේ එබඳු ය. ධර්මය (එබඳු) යයි පිහිටියේ, ප්‍රතිභාග සහිත වූයේ නොයෙක් ආකාරයෙන් දත යුතු වූවකැයි පෙන්වයි. ලපයිස්සාමි පවසන්නෙමි. යාවතා මෙ මනසා පරියත්තං යම් පමණකට මා විසින් මනසින් පර්යාප්ත (පුහුණු) කරන ලද ද එපමණකට එම දිනය නො කියා මී වදයක් මිරිකන්නී මෙන් මොහොතකින් ම ලුහුඬින් පවසන්නෙමි. ඉතිරිය පෙර කියන ලද පරිදි ම ය.
දසමං.
දස වැනි සූත්‍රය යි.
සතුල්ලපකායිකවග්ගො චතුත්ථො.
සිවු වැනි සතුල්ලපකායික වර්ගය යි.