යෙදුමෙන් කියවන්න

සකලිකසුත‍්තං

1. 4. 8.

1. 4. 8.

සකලිකසුත‍්තං.

සකලික සූත්‍රය.

38. එවං මෙ සුතං එකං සමයං භගවා රාජගහෙ විහරති මද‍්දකුච‍්ඡිස‍්මිං මිගදායෙ.

38. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි මද්දකුච්ඡි නම් මුවවෙනෙහි වැඩවසන සේක.

තෙන ඛො පන සමයෙන භගවතො පාදො සකලිකාය ඛතො හොති. භුසා සුදං භගවතො වෙදනා වත‍්තන‍්ති සාරීරිකා වෙදනා දුක‍්ඛා තිබ‍්බා ඛරා කටුකා අසාතා අමනාපා. තා සුදං භගවා සතො සම‍්පජානො අධිවාසෙති අවිහඤ‍්ඤමානො.

එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ පාදය ගල්පතුරෙකින් පහළේ වේ. භාග්‍යවතුන් වහන්සේට දුක් වූ දැඩි වූ රළු වූ තියුණු වූ නොමිහිරි වූ අමනාප වූ බලවත් ශාරීරික වේදනාවෝ පවතිත්. භාග්‍යවතුන් වහන්සේ සිහි ඇති ව මනා නුවණ ඇති ව නොපෙළෙමින් ඒ වේදනාවන් ඉවසන සේක.

අථ ඛො භගවා චතුග‍්ගුණං සඞ‍්ඝාටිං පඤ‍්ඤාපෙත්‍වා දක‍්ඛිණෙන පස‍්සෙන සීහසෙය්‍යං කප‍්පෙති පාදෙ පාදං අච‍්චාධාය සතො සම‍්පජානො.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ සඟල සිවුර සිවුගුණු කොට පණවා දකුණු පයෙහි වම් පය මඳක් මෑත් කොට තබා දකුණුපසින් සිංහශය්‍යාව කරණ සේක.

අථ ඛො සත‍්තසතා සතුල‍්ලපකායිකා දෙවතායො අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණා කෙවලකප‍්පං මද‍්දකුච‍්ඡිං ඔභාසෙත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨංසු. එකමන‍්තං ඨිතා ඛො එකා දෙවතා භගවතො සන‍්තිකෙ ඉමං උදානං උදානෙසි:

ඉක්බිති මනා ඡවිවර්‍ණ ඇති පන්සියක් සතුල්ලපකායික දේවතාවෝ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු මද්දකුච්ඡිය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහු ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළේ ය:

නාගො වත භො සමණො ගොතමො. නාගවතා ච පනුප‍්පන‍්නා සාරීරිකා වෙදනා දුක‍්ඛා තිබ‍්බා ඛරා කටුකා අසාතා අමනාපා සතො සම‍්පජානො අධිවාසෙති අවිහඤ‍්ඤමානොති.

භවත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ ඒකාන්තයෙන් නාගයෙකි. දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරිරක වේදනාවන් නාග බැවින් ම සිහි ඇති ව මනා නුවණ ඇති ව නොපෙළෙමින් ඉවසයි.

අථ ඛො අපරා දෙවතා භගවතො සන‍්තිකෙ ඉමං උදානං උදානෙසි:

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළේ ය:

සීහො වත භො සමණො ගොතමො. සීහවතා ච පනුප‍්පන‍්නා සාරීරිකා වෙදනා දුක‍්ඛා තිබ‍්බා ඛරා කටුකා අසාතා අමනාපා සතො සම‍්පජානො අධිවාසෙති අවිහඤ‍්ඤමානොති.

භවත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ ඒකාන්තයෙන් සිංහයෙකි. දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරීරික වේදනාවන් සිංහ බැවින් ම මනා නුවණ ඇති ව නොපෙළෙමින් ඉවසයි.

අථ ඛො අපරා දෙවතා භගවතො සන‍්තිකෙ ඉමං උදානං උදානෙසි:

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළේ ය:

ආජානීයො වත භො සමණො ගොතමො. ආජානීයවතා ච පනුප‍්පන‍්නා සාරීරිකා වෙදනා දුක‍්ඛා තිබ‍්බා ඛරා කටුකා අසාතා අමනාපා සතො සම‍්පජානො අධිවාසෙති අවිහඤ‍්ඤමානොති.

භවත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ ඒකාන්තයෙන් ආජානීයයෙකි. දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරීරික වේදනාවන් ආජානීය බැවින් ම සිහි ඇති ව මනා නුවණ ඇති ව නොපෙළෙමින් ඉවසයි.

අථ ඛො අපරා දෙවතා භගවතො සන‍්තිකෙ ඉමං උදානං උදානෙසි:

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළේ ය:

නිසභො වත භො සමණො ගොතමො. නිසභවතා ච පනුප‍්පන‍්නා සාරීරිකා වෙදනා දුක‍්ඛා තිබ‍්බා ඛරා කටුකා අසාතා අමනාපා සතො සම‍්පජානො අධිවාසෙති අවිහඤ‍්ඤමානොති.

භවත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ නිසභයෙකි. දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරීරික වේදනාවන් නිසභ බැවින් ම සිහි ඇති ව මනා නුවණැති ව නොපෙළෙමින් ඉවසයි.

අථ ඛො අපරා දෙවතා භගවතො සන‍්තිකෙ ඉමං උදානං උදානෙසි:

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළේ ය:

ධොරය‍්හො වත භො සමණො ගොතමො. ධොරය‍්හවතා ච පනුප‍්පන‍්නා සාරීරිකා වෙදනා දුක‍්ඛා තිබ‍්බා ඛරා කටුකා අසාතා අමනාපා සතො සම‍්පජානො අධිවාසෙති අවිහඤ‍්ඤමානොති.

භවත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ ඒකාන්තයෙන් ධොරය්හයෙකි (=ධුර ඉසිලීමෙහි සමර්‍ත්‍ථයෙකි). දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරීරික වේදනාවන් ධොරය්හ බැවින් ම සිහි ඇති ව මනා නුවණැති ව නොපෙළෙමින් ඉවසයි.

අථ ඛො අපරා දෙවතා භගවතො සන‍්තිකෙ ඉමං උදානං උදානෙසි:

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළේ ය:

දන‍්තො වත භො සමණො ගොතමො. දන‍්තවතා ච පනුප‍්පන‍්නා සාරීරිකා වෙදනා දුක‍්ඛා තිබ‍්බා ඛරා කටුකා අසාතා අමනාපා සතො සම‍්පජානො අධිවාසෙති අවිහඤ‍්ඤමානොති.

භවත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ ඒකාන්තයෙන් දාන්තයෙකි. දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරීරික වේදනාවන් දාන්ත බැවින් ම සිහි ඇති ව මනා නුවණැති ව නොපෙළෙමින් ඉවසයි.

අථ ඛො අපරා දෙවතා භගවතො සන‍්තිකෙ ඉමං උදානං උදානෙසි:

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළේ ය:

පස‍්ස සමාධිං සුභාවිතං චිත‍්තඤ‍්ච සුවිමුත‍්තං නචාභිනතං නචාපනතං න ච සසංඛාරනිග‍්ගය‍්හවාරිතවතං. යො එවරූපං පුරිසනාගං පුරිසසීහං පුරිසාජානීයං පුරිසනිසභං පුරිසධොරය‍්හං පුරිසදන‍්තං අතික‍්කමිතබ‍්බං මඤ‍්ඤෙය්‍ය, කිමඤ‍්ඤත්‍ර අදස‍්සනාති.

බල, සමාධි මොනවට වඩන ලදී. සිත ද සුවිමුක්ත ය. (රාගනුගත වශයෙන්) පෙරට නැමුනේ නො ද වෙයි. (දෝෂානුගතවශයෙන්) විමුඛ ව නැමුනේ නො ද වෙයි. (අල්පගුණසාස්‍රව සමාධිය සෙයින්) සප්‍රයෝගචිත්තයෙන් ප්‍රත්‍යනීකධර්‍මයන් නිගෙන කෙලෙස් වළහා සිටියේ ද නො වෙයි. යමෙක් මෙබඳු පුරුෂනාගයකු පුරුෂසිංහයෙකු පුරුෂාජානීයකු පුරුනිෂභයකු පුරුෂධෞරෙයකු, පුරුෂදාන්තයකු ඝැටියයුතු කොට ගඟනේ නම් නුනුවණ හැර අන් කිමෙක.

පඤ‍්චවෙදා සතං සමං තපස‍්සී බ්‍රාහ‍්මණා චරං, චිත‍්තඤ‍්ච නෙසං න සම‍්මා විමුත‍්තං හීනත‍්තරූපා න පාරඞ‍්ගමා තෙ.

වේද පස දරණ සියක් වසක් මුළුල්ලෙහි තපස් ඇති ව හැසිරෙන බ්‍රාහ්මණයෝ වෙත් ද, ඔවුන්ගේ සිත ද මැනවින් නො මිදුනේ ය. ලාමක ස්වභාව ඇති ඔහු පරතෙරට නො යන්නෝ ය.

තණ‍්හාධිපන‍්නා වත සීලබද‍්ධා ලූඛං තපං වස‍්සසතං චරන‍්තා, චිත‍්තඤ‍්ච නෙසං න සම‍්මා විමුත‍්තං හීනත‍්තරූපා න පාරඞ‍්ගමා තෙ.

තෘෂ්ණායෙන් මඩනා ලද වුත ශීල දෙකින් බැඳුනු සියක් වසක් මුළුල්ලෙහි රූක්‍ෂ තපස් කරණ (යම් බමුණෝ වෙත් ද,) ඔවුන්ගේ සිත ද මැනවින් නො මිදුනේ ය. හීනාත්මස්වභාවය ඇති ඔහු පරතෙරට නො යන්නෝ ය.

න මානකාමස‍්ස දමො ඉධත්‍ථි න මොනමත්‍ථි අසමාහිතස‍්ස, එකො අරඤ‍්ඤෙ විහරං පමත‍්තො න මච‍්චුධෙය්‍යස‍්ස තරෙය්‍ය පාරන‍්ති.

මෙහි මානය කැමැත්තහුට දමයෙක් නැත. සමාධියක් නැත්තහුට මෞනයෙක් නැත. වනයෙහි හුදෙකලා ව ප්‍රමත්ත ව වසන්නේ සසර පරතෙරට හෙවත් නිවණට නො පැමිණෙන්නේ ය.

[භගවා:]

[භගවත්හු:]

මානං පහාය සුසමාහිතත‍්තො සුචෙතසො සබ‍්බධි විප‍්පමුත‍්තො, එකො අරඤ‍්ඤෙ විහරං අප‍්පමත‍්තො ස මච‍්චුධෙය්‍යස‍්ස තරෙය්‍ය පාරන‍්ති.

මානය දූර ලා මැනවින් එකඟ වූ සිත් ඇති සියලු උපධීන්ගෙන් මිදුනු අප්‍රමත්ත ව හුදෙකලා ව වෙනෙහි වෙසෙන හෙ තෙමේ සසර පරතෙරට පැමිණෙන්නේ ය.