යෙදුමෙන් කියවන්න

පජ‍්ජුන‍්නධීතුසුත‍්තං

1. 4. 9.

1. 4. 9.

පජ‍්ජුන‍්නධීතුසුත‍්තං

පජඡුන්නධීතු සූත්‍රය.

39. එවං මෙ සුතං එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො කොකනදා පජ‍්ජුන‍්නස‍්ස ධීතා අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණා කෙවලකප‍්පං මහාවනං ඔභාසෙත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතා ඛො කොකනදා පජ‍්ජුන‍්නස‍්ස ධීතා භගවතො සන‍්තිකෙ ඉමා ගාථායො අභාසි.

39. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි වූ මහවෙනෙහි කූටාගාරශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි පර්ජන්‍ය (=වස්සවලාහක) දෙවිහුගේ දුව වූ මනා ඡවිවර්‍ණ ඇති කොකනදා තොමෝ මුළු මහවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියා ය. එකත්පසෙක සිටි පර්ජන්‍යයාගේ දුව වූ කොකනදා තොමෝ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කිවු ය:

වෙසාලියං වනෙ විහරන‍්තං අග‍්ගං සත‍්තස‍්ස සම‍්බුද‍්ධං, කොකනදාහමස‍්මි අභිවන්‍දෙ කොකනදා පජ‍්ජුන‍්නස‍්ස ධීතා.

මම කොකනදා වෙමි. පර්ජන්‍යයාගේ දුව වූ කොකනදා (නම් වූ මම) විසල්පුර මහවනෙහි වැඩ වසන සත්ත්‍වයාට අග්‍ර වූ සර්‍වඥයන් වහන්සේ සකසා වඳිමි.

සුතමෙව මෙ පුරෙ ආසි ධම‍්මො චක‍්ඛුමතානුබුද‍්ධො, සාහංදානි සක‍්ඛී ජානාමි මුනිනො දෙසයතො සුගතස‍්ස.

පසැස් ඇත්තා වූ බුදුරජාණන් වහන්සේ විසින් ධර්‍මය අවබෝධ කරණ ලද්දේ ය යි මාවිසින් පෙර අසන ලද පමණෙක් ම විය. ඒ මම දැන් දහම් දෙසන සුගත් මුනිහුගේ ධර්‍මය ප්‍රත්‍යක්‍ෂ ලෙස දනිමි.

යෙ කෙචි අරියධම‍්මං විගරහන‍්තා චරන‍්ති දුම‍්මෙධා, උපෙන‍්ති රොරුවං ඝොරං චිරරත‍්තං දුක‍්ඛමනුභවන‍්ති.

නුවණ නැත්තා වූ යම් කිසි කෙනෙක් ආර්‍ය්‍යධර්‍මය ගරහමින් හැසිරෙද්ද, ඔහු දරුණු වූ රෞරව නිරයට පැමිණෙත්. බොහෝ කලක් දුක් අනුභව කෙරෙත්.

යෙ ච ඛො අරියධම‍්මෙ ඛන‍්තියා උපසමෙන උපෙතා, පහාය මානුසං දෙහං දෙවකායං පරිපූරෙස‍්සන‍්තී’ති.

යම් කෙනෙක් ආර්‍ය්‍යධර්‍මයෙහි ක්‍ෂාන්තියෙන් හා ව්‍යුපශමයෙන් යුක්ත වූවාහු ද, (ඔහු) මිනිස්සිරුර හැර පියා දෙව්පිරිස පුරා ලන්නාහ.