යෙදුමෙන් කියවන්න

චුල‍්ලපජ‍්ජුන‍්නධීතුසුත‍්තං

1. 4. 10.

1. 4. 10.

චුල‍්ලපජ‍්ජුන‍්නධීතුසුත‍්තං

චුල්ලපජජුන්තධිතු සූත්‍රය.

40. එවං මෙ සුතං: එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො චුල‍්ලකොකනදා පජ‍්ජුන‍්නස‍්ස ධීතා අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණා කෙවලකප‍්පං මහාවනං ඔභාසෙත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතා ඛො චුල‍්ලකොකනදා පජ‍්ජුන‍්නස‍්ස ධීතා භගවතො සන‍්තිකෙ ඉමා ගාථායො අභාසි:

40. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි වූ මහවෙනෙහි කූටාගාරශාලාවෙහි වැඩ වසන සේක. එකල පර්ජන්‍යයාගේ දුව වූ මනා ඡවිවර්‍ණ ඇති චුල්ලකොකනදා තොමෝ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු මහවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියා ය. එකත්පසෙක සිටි පර්ජන්‍යයාගේ දුව වූ චුල්ලකොකනදා තොමෝ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කිවු ය:

ඉධාගමා විජ‍්ජුපභාසවණ‍්ණා කොකනදා පජ‍්ජුන‍්නස‍්ස ධීතා, බුද‍්ධඤ‍්ච ධම‍්මඤ‍්ච නමස‍්සමානා ගාථා චිමා අත්‍ථවතී අභාසි.

පර්ජන්‍ය ගේ දුව වූ විදුලිය එළිය වැනි පැහැ ඇති කොකනදා තොමෝ මෙහි අවු ය. බුදුන් ද දහම් ද වඳිමින් අර්‍ත්‍ථවත් වූ මේ ගාථා ද කිවු ය.

බහුනාපි ඛො තං විභජෙය්‍යං පරියායෙන තාදිසො ධම‍්මො, සංඛිත‍්තමත‍්තං ලපයිස‍්සාමි යාවතා මෙ මනසා පරියත‍්තං.

ඒ (ස්වල්පවූ ද) ධර්‍මය බොහෝ ක්‍රමයෙනුදු බෙදන්නෙමි. ඒ ධර්‍මය එබඳු ය. මවිසින් සිතින් යම් තාක් පුහුණු කරණ ලද්ද්දේ ද, (ඒ හැම නො කියා) සංක්‍ෂේපමාත්‍රයක් කියන්නෙමි.

පාපං න කයිරා වචසා මනසා කායෙන වා කිඤ‍්චන සබ‍්බලොකෙ, කාමෙ පහාය සතිමා සම‍්පජානො දුක‍්ඛං න සෙවෙථ අනත්‍ථසංහිතන‍්ති.

වචනයෙන් හෝ සිතින් හෝ කයින් හෝ මුළුලොව කිසි පවක් නො කරන්නේ ය. සිහි ඇත්තේ මනානුවණින් දන්නේ කාමයන් හැරපියා අනර්‍ත්‍ථයෙන් යුක්ත වූ දුක නො සෙවුනේ යි.

සතුල‍්ලපකායිකවග‍්ගො චතුත්‍ථො.

සතුල්ලපකායිකවර්‍ගය සිවුවැනි යි.

තත්‍රුද‍්දානං:

එහි උදානය මෙසේ යි:

සබ‍්භි මච‍්ඡරිනා සාධු නසන‍්තුජ‍්ඣානසඤ‍්ඤිනො, සද‍්ධා සමයො සකලිකං උභො පජ‍්ජුන‍්නධීතරො’ති.

සබ්හි, මච්ඡරී, සාධු, නසන්ති, උජ්ඣානසඤ්ඤී, සද්ධා, සමය, සකලික, පජ්ජන්නධීතු සූත්‍ර දෙක යයි සූත්‍ර දශයෙකි.