සමයසුත්තං
1. 4. 7.
1. 4. 7.
සමයසුත්තං.
සමය සූත්‍රය.
37. එවං මෙ සුතං: එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං මහාවනෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සබ්බෙහෙව අරහන්තෙහි. දසහි ච ලොකධාතූහි දෙවතා යෙභුය්යෙන සන්නිපතිතා හොන්ති භගවන්තං දස්සනාය භික්ඛුසඞ්ඝඤ්ච.
37. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වෙහි කිඹුල්වත්පුර සමීපයෙහි වූ මහාවනයෙහි හැමම රහත් වූ භික්ෂූන් පන්සියක් පමණ වූ මහාබික්සඟන සමග වැඩ වසන සේක. දසදහසක් සක්වළින් දේවතාවෝ භාග්‍යවතුන් වහන්සේත් භික්ෂු සඞ්ඝයාත් දකිනු පිණිස බෙහෙවින් රැස් වූවාහු ද වෙත්.
අථ ඛො චතුන්නං සුද්ධාවාසකායිකානං දෙවානං එතදහොසි. අයං ඛො භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං මහාවනෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සබ්බෙහෙව අරහන්තෙහි. දසහි ච ලොක ධාතූහි දෙවතා යෙභුය්යෙන සන්නිපතිතා හොන්ති භගවන්තං දස්සනාය භික්ඛුසඞ්ඝඤ්ච. යන්නූන මයම්පි යෙන භගවා තෙනුපසඞ්කමෙය්යාම. උපසඞ්කමිත්වා භගවතො සන්තිකෙ පච්චෙකගාථං භාසෙය්යාමාති.
එකල්හි සුදවස්වැසි සිවුදෙවිකෙනෙකුන්ට මේ අදහස පහළ විය: “මේ භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වෙහි කිඹුල්වත්පුර සමීපයෙහි මහාවෙනෙහි හැම ම රහත් වූ භික්ෂූන් පන්සියයක් පමණ වූ මහාබික්සඟන සමග වැඩ වසන සේක. දසසහසක් සක්වළින් දේවතාවෝ භාග්‍යවතුන් වහන්සේත් භික්‍ෂුසඞ්ඝයාත් දකිනු පිණිස බෙහෙවින් රැස් වූවාහු ද වෙති. අපි දු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹෙන්නමෝ නම්, එළඹ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි වෙන වෙන ම ගාථාවක් කියන්නමෝ නම්, ඉතා මැනවැ”යි.
අථ ඛො තා දෙවතා සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙවං සුද්ධාවාසෙසු දෙවෙසු අන්තරහිතා භගවතො පුරතො පාතුරහංසු.
ඉක්බිති ඒ දේවතාවෝ, බලවත් පුරුෂයෙක් හැකිළූ අතක් දිගු කරන්නේ යම් සේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ යම් සේ ද, එසේ සුදවස් දෙවියන් කෙරෙහි අතුරුදහන් වූවාහු භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළ වූහ.
අථ ඛො තා දෙවතා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො එකා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
එකල්හි ඒ දේවතාවෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියහ. එකත් පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කී ය:
මහාසමයො පවනස්මිං දෙවකායා සමාගතා, ආගතම්හ ඉමං ධම්මසමයං දක්ඛිතායෙ අපරාජිතසඞ්ඝන්ති.
මහවන ලැහැබෙහි මහාසමූහයෙකි. දේවසමූහයෝ රැස් වුහ. අපරාජිත සඞ්ඝයා දකිනු පිණිස මේ ධර්මසභාවට පැමිණියම්හ.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කි ය:
තත්ර භික්ඛවො සමාදහංසු චිත්තං අත්තනො උජුකමකංසු, සාරථීව නෙත්තානි ගහෙත්වා ඉන්ද්රියානි රක්ඛන්ති පණ්ඩිතාති.
එහි භික්ෂූහු තමන්ගේ සිත සමාධිගත කළහ. ඍජු කළහ. පණ්ඩිතයෝ රැහැන් ගෙණ (අසුන් හික්මවන) රියැදුරන් මෙන් ඉඳුරන් රකිත්.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
ඡෙත්වා ඛීලං ඡෙත්වා පලිඝං ඉන්දඛීලං ඌහච්ච මනෙජා, තෙ චරන්ති සුද්ධා විමලා චක්ඛුමතා සුදන්තා සුසුනාගාති.
පසැස් ඇති බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් හික්මවන ලද පවිත්‍ර නිර්මල තරුණ නාගයන් වූ උන්වහන්සේ (රාගද්වේෂමෝහ නැමැති) කණුව සිඳ (අවිද්‍යා) කනයම සිඳ (කෙලෙස් නැමැති) ඉන්ද්රකීලය උදුරා පියා තෘෂ්ණාකම්පනරහිත වූවාහු හැසිරෙත්.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කි ය:
යෙ කෙචි බුද්ධං සරණං ගතා සෙ න තෙ ගමිස්සන්ති අපායං, පහාය මානුසං දෙහං දෙවකායං පරිපූරෙස්සන්තීති.
යම් කිසි කෙනෙක් බුදුන් සරණ ගියාහු ද, ඔහු අපායට නොයන්නාහු මිනිස්සිරුර හැර පියා දෙව්පිරිස පුරා ලන්නාහ.