5. ආදිත්තවග්ගො අට්ඨකථා
5. ආදිත්ත වර්ගය
1. ආදිත්තසුත්තවණ්ණනා
1. ආදිත්ත සූත්‍ර වර්ණනාව
ආදිත්තවග්ගස්ස පඨමෙ ජරාය මරණෙන චාති දෙසනාසීසමෙතං, රාගාදීහි පන එකාදසහි අග්ගීහි ලොකො ආදිත්තොව. දානෙනාති දානචෙතනාය. දින්නං හොති සුනීහතන්ති දානපුඤ්ඤචෙතනාහි දායකස්සෙව හොති ඝරසාමිකස්ස විය නීහතභණ්ඩකං, තෙනෙතං වුත්තං. චොරා හරන්තීති අදින්නෙ භොගෙ චොරාපි හරන්ති රාජානොපි, අග්ගිපි ඩහති, ඨපිතට්ඨානෙපි නස්සන්ති. අන්තෙනාති මරණෙන. සරීරං සපරිග්ගහන්ති සරීරඤ්චෙව චොරාදීනං වසෙන අවිනට්ඨභොගෙ ච. සග්ගමුපෙතීති වෙස්සන්තරමහාරාජාදයො විය සග්ගෙ නිබ්බත්තතීති.
ආදිත්‍ය වර්ගයේ පළමු වැන්නෙහි ජරාය මරණෙන ච මෙය දේශනා ශීර්ෂය යි. රාගාදි එකොළොස් ගිනිවලින් ලෝකය ගිනිගෙන ඇත්තේ ම ය. දානෙන දාන චේතනාවෙන්, දින්නං හොති සුනීහතං දාන පුණ්‍ය චේතනා වනාහි දායකයාට ම වේ. ගෙහිමියාගේ බැහැර කළ භාණ්ඩ මෙනි. එහෙයින් මෙය කියන ලදි. චොරා හරන්ති නො දෙන ලද භෝග සොරුත් ගෙන යති. රාජනොපි, අග්ගීපි ඩහති; තිබූ තැන ද නස්සති. අන්තෙන මරණයෙන් සරීරං සපරිග්ගහං ශරීරය ද සොරුන් ආදීන්ගෙන් නො නැසුණු භෝග ද, සග්ගමුපෙති වෙස්සන්තර මහරජු ආදීන් මෙන් ස්වර්ගයෙහි පහළ වන්නේ ය.
පඨමං.
ප්‍රථම සූත්‍රය යි.
2. කිංදදසුත්තවණ්ණනා
2. කිංදද සූත්‍ර වර්ණනාව
දුතියෙ අන්නදොති යස්මා අතිබලවාපි ද්වෙ තීණි භත්තානි අභුත්වා උට්ඨාතුං න සක්කොති, භුත්වා පන දුබ්බලොපි හුත්වා බලසම්පන්නො හොති, තස්මා “අන්නදො බලදො”ති ආහ. වත්ථදොති යස්මා සුරූපොපි දුච්චොළො වා අචොළො වා විරූපො හොති ඔහීළිතො දුද්දසිකො, වත්ථච්ඡන්නො දෙවපුත්තො විය සොභති, තස්මා “වත්ථදො හොති වණ්ණදො”ති ආහ. යානදොති හත්ථියානාදීනං දායකො. තෙසු පන –
දෙවැන්නෙහි අන්නදො යම් සේ බොහෝ ශක්තිමත් පුද්ගලයකු වුව ද දෙතුන් වේලක් අහර නො ගෙන නැඟිට සිටීමට නො හැකි වන්නේ ද, එසේ ම දුර්වලයකු වී වුව ද, අනුභව කොට බලසම්පන්නයෙකු වන්නේ ද එහෙයින් අන්නදො බලදො යි කී ය. වත්ථදො යම් සේ සුරූපි කෙනකු වුව ද නො සරුප් ලෙස හැඳ ගත්තේ හෝ වස්ත්‍ර නැති ව සිටියේ හෝ විරූපි වෙයි ද, ගරහන ලද්දේ වෙයි ද, බැලීමට අපහසු වූයේ වෙයි ද, වස්ත්‍රයෙන් (සිරුර) වසන ලද්දේ දේව පුත්‍රයකු මෙන් බබළයි. එහෙයින් වත්ථදො හොති වණ්ණදො ය කී ය. යානදො හස්තියාන ආදිය දෙන්නා. ඒවා අතර,
“න හත්ථියානං සමණස්ස කප්පති, න අස්සයානං, න රථෙන යාතුං; ඉදඤ්ච යානං සමණස්ස කප්පති, උපාහනා රක්ඛතො සීලඛන්ධ”න්ති.
න හත්ථියානං සමණස්ස කප්පති න අස්සයානං න රථෙන යාතුං ඉදඤ්ච යානං සමණස්ස කප්පති උපාහනා රක්ඛතො සීලක්ඛන්ධං
(ශ්‍රමණයා හට හස්තියානය කැප නො වේ. අශ්ව යානය (ද කැප නො වේ.) රියෙන් යෑම (කැප නො වේ) ශීලස්කන්ධය රකින ශ්‍රමණයාට පාවහනින් යාම කැප ය.)
තස්මා ඡත්තුපාහනකත්තරයට්ඨිමඤ්චපීඨානං දායකො, යො ච මග්ගං සොධෙති, නිස්සෙණිං කරොති, සෙතුං කරොති, නාවං පටියාදෙති, සබ්බොපි යානදොව හොති. සුඛදො හොතීති යානස්ස සුඛාවහනතො සුඛදො නාම හොති. චක්ඛුදොති අන්ධකාරෙ චක්ඛුමන්තානම්පි රූපදස්සනාභාවතො දීපදො චක්ඛුදො නාම හොති, අනුරුද්ධත්ථෙරො විය දිබ්බචක්ඛු සම්පදම්පි ලභති.
එහෙයින් කුඩ, පාවහන්, සැරයටිය ආදිය දෙන්නා; යමෙක් මාවත් පිරිසිදු කරයි ද, ඉණිමං සාදයි ද, පාළම් සාදයි ද, නැව් සකස් කරයි ද යන මේ සියල්ලෝ ‘යානදො’ නම් වෙත්. සුඛදො හොති යානයෙන් සුවය (පහසුව) ගෙන දෙන හෙයින් “සුඛදො” නම් වේ. චක්ඛුදො හොති අඳුරෙහි ඇස් ඇතියවුනට පවා රූප දැකීමක් නො වන හෙයින් දීපදො (පහන් පුදන්නා) චක්ඛුදො නම් වේ. අනුරුද්ධ තෙරුන් වහන්සේ මෙන් දිවැස් සම්පත් ද ලබයි.
සබ්බදදො හොතීති සබ්බෙසංයෙව බලාදීනං දායකො හොති. ද්වෙ තයො ගාමෙ පිණ්ඩාය චරිත්වා කිඤ්චි අලද්ධා ආගතස්සාපි සීතලාය පොක්ඛරණියා න්හායිත්වා පතිස්සයං පවිසිත්වා මුහුත්තං මඤ්චෙ නිපජ්ජිත්වා උට්ඨාය නිසින්නස්ස හි කායෙ බලං ආහරිත්වා පක්ඛිත්තං විය හොති. බහි විචරන්තස්ස ච කායෙ වණ්ණායතනං වාතාතපෙහි ඣායති, පතිස්සයං පවිසිත්වා ද්වාරං පිධාය මුහුත්තං නිපන්නස්ස ච විසභාගසන්තති වූපසම්මති, සභාගසන්තති ඔක්කමති, වණ්ණායතනං ආහරිත්වා පක්ඛිත්තං විය හොති. බහි විචරන්තස්ස පාදෙ කණ්ටකො විජ්ඣති, ඛාණු පහරති, සරීසපාදිපරිස්සයො චෙව චොරභයඤ්ච උප්පජ්ජති, පතිස්සයං පවිසිත්වා ද්වාරං පිධාය නිපන්නස්ස සබ්බෙතෙ පරිස්සයා න හොන්ති, ධම්මං සජ්ඣායන්තස්ස ධම්මපීතිසුඛං, කම්මට්ඨානං මනසිකරොන්තස්ස උපසමසුඛං උප්පජ්ජති. තථා බහි විචරන්තස්ස ච සෙදා මුච්චන්ති, අක්ඛීනි ඵන්දන්ති, සෙනාසනං පවිසනක්ඛණෙ කූපෙ ඔතිණ්ණො විය හොති, මඤ්චපීඨාදීනි න පඤ්ඤායන්ති. මුහුත්තං නිසින්නස්ස පන අක්ඛිපසාදො ආහරිත්වා පක්ඛිත්තො විය හොති, ද්වාරකවාටවාතපානමඤ්චපීඨාදීනි පඤ්ඤායන්ති. තෙන වුත්තං – “සො ච සබ්බදදො හොති, යො දදාති උපස්සය”න්ති.
සබ්බදදො හොති සියලු ම බල (ශක්තිය) ආදිය දෙන්නෙක් වේ. ගම් දෙක තුනක පිඬු පිණිස හැසිර කිසිවක් නො ලැබ ආපසු පැමිණියහුට වුව ද සිසිල් දිය පිරි විලක නා, සිටිනා තැනට පැමිණ මොහොතක් ඇඳෙහි සැතපී නැගී සිටින්නෙකුට සිරුරෙහි ශක්තිය ගෙන දෙන්නාක් මෙන් වෙයි. එළියේ හැසිරෙන්නෙකු සේ ශරීරයේ වර්ණය (පැහැය) සුළඟ අව්ව ආදියෙන් දැවෙයි. ගෙට පිවිස දොර වසා මොහොතක් සැතපුනේ විසභාගසන්තති (විවිධ අසම කොටස්) සංසිඳෙයි. සභාගසන්තති (සමාන කොටස්) ඇතුළු වෙයි. වර්ණය ගෙන හැර දෙන්නාක් මෙන් වෙයි. එළියෙහි ඇවිදින්නෙකුගේ පාදයෙහි කටුවක් ඇණෙයි. කණුවක හැපෙයි. සර්ප ආදි අනතුරු භය ද උපදී. ගෙට පිවිස දොර වසා සිටියහුට ඒ සියලු අනතුරු නො වන්නේ ය. සජ්ඣායනය කරන්නා (ඉගෙන ගන්නා) හට - ධර්ම ප්‍රීති සුඛ කර්මස්ථානය සිත්හි තබන්නා හට - සංසිඳීමේ සැපය ඇති වේ. එසේ ම බැහැර ඇවිදින්නාගේ දහඩිය ගලයි; ඇස් සෙලවෙයි. ශයනාසනයට පිවිසෙන මොහොතේ ළිඳට වැටුනා සේ වෙයි. ඇඳ පුටු ආදිය නො පෙනේ. මොහොතක් සිටියහුට චක්ෂු ප්‍රසාදය ගෙනැවිත් දැම්මා සේ වෙයි. දොර ජනෙල් ඇඳ පුටු ආදිය පෙනේ. එහෙයින් කියන ලදි. සොව සබ්බදදො හොති යො දදාති (යමෙක් ආවාස දෙයිද, හේ සියල්ල දෙන්නේ වෙයි) - උපස්සයං - ආවාස
අමතංදදො ච සො හොතීති පණීතභොජනස්ස පත්තං පූරෙන්තො විය අමරණදානං නාම දෙති. යො ධම්මමනුසාසතීති යො ධම්මං අනුසාසති, අට්ඨකථං කථෙති, පාළිං වාචෙති, පුච්ඡිතපඤ්හං විස්සජ්ජෙති, කම්මට්ඨානං ආචික්ඛති, ධම්මස්සවනං කරොති, සබ්බොපෙස ධම්මං අනුසාසති නාම. සබ්බදානානඤ්ච ඉදං ධම්මදානමෙව අග්ගන්ති වෙදිතබ්බං. වුත්තම්පි චෙතං –
අමතං දදො ච සො හොති - ප්‍රණීත භෝජනයෙන් පාත්‍රය පුරවන්නාක් මෙන් අමෘත දානය නම් (දානය) දෙයි. යො ධම්මමනුසාසති යමෙක් ධර්මය අනුශාසනා කරයි ද, අර්ථකථා පවත්වයි ද, පාළි කියවයි ද, අසන ලද ප්රශ්නය විසඳයි ද, කර්මස්ථාන ප්‍රකාශ කරයි ද, ධර්මය දෙසයි ද, ධර්මශ්රවණය කරවයි ද, මේ සියල්ල ම ‘ධර්ම අනුශාසනය කරයි’ නම් වේ. සියලු දානයන් අතර මේ ධර්ම දානය ම අග්‍ර ය යි ශ්‍රේෂ්ඨ ය යි දත යුතු ය. එය (මෙසේ) කියන ලදි.
“සබ්බදානං ධම්මදානං ජිනාති, සබ්බරසං ධම්මරසො ජිනාති; සබ්බරතිං ධම්මරති ජිනාති, තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාතී”ති. (ධ· ප· 354);
සබ්බදානං ධම්මදානං ජිනාති සබ්බරසං ධම්මරසො ජිනාති සබ්බං රතිං ධම්මරතී ජිනාති තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති
(ධර්ම දානය සියලු දානයන් දිනයි (අභිභවා යයි) ධර්ම රසය සියලු රසයන් දිනයි. ධර්ම රතිය (කැමැත්ත) සියලු රතීන් දිනයි. තණ්හාව ක්ෂය කිරීම සියලු දුක් දිනයි.)
දුතියං;
දෙවැනි සූත්‍රය යි.
3. අන්නසුත්තවණ්ණනා
3. අන්න සූත්‍ර වර්ණනාව
තතියෙ අභිනන්දන්තීති පත්ථෙන්ති. භජතීති උපගච්ඡති, චිත්තගහපතිසීවලිත්ථෙරාදිකෙ විය පච්ඡතො අනුබන්ධති. තස්මාති යස්මා ඉධලොකෙ පරලොකෙ ච අන්නදායකමෙව අනුගච්ඡති, තස්මා. සෙසං උත්තානමෙවාති.
තෙැවන්නෙහි - අභිනන්දන්ති ප්‍රාර්ථනා කරත්. භජති පැමිණෙයි (සොයා යයි), චිත්තගෘහපති, සීවලී මහතෙරුන් ආදීන් මෙන් පසුපස ලුහුබැඳ යයි. තස්මා යම් හේතුවකින් මෙලොවත් පරලොවත් අන්න දායකයා (ආහාර දෙන තැනැත්තා) ලුහුබඳී ද එහෙයින්; ඉතිරිය කියන ලද පරිදි ම ය.
තතියං.
තෙවැනි සූත්‍රය යි.
4. එකමූලසුත්තවණ්ණනා
4. එකමූල සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ එකමූලන්ති අවිජ්ජා තණ්හාය මූලං, තණ්හා අවිජ්ජාය. ඉධ පන තණ්හා අධිප්පෙතා. ද්වීහි සස්සතුච්ඡෙදදිට්ඨීහි ආවට්ටතීති ද්විරාවට්ටා. සා ච රාගාදීහි තීහි මලෙහි තිමලා. තත්රාස්සා මොහො සහජාතකොටියා මලං හොති, රාගදොසා උපනිස්සයකොටියා. පඤ්ච පන කාමගුණා අස්සා පත්ථරණට්ඨානා, තෙසු සා පත්ථරතීති පඤ්චපත්ථරා. සා ච අපූරණීයට්ඨෙන සමුද්දො. අජ්ඣත්තිකබාහිරෙසු පනෙසා ද්වාදසායතනෙසු ආවට්ටති පරිවට්ටතීති ද්වාදසාවට්ටා. අපතිට්ඨට්ඨෙන පන පාතාලොති වුච්චතීති. එකමූලං…පෙ… පාතාලං, අතරි ඉසි, උත්තරි සමතික්කමීති අත්ථො.
සිව් වැන්නෙහි - එකමූලං අවිද්‍යාව තණ්හාවට මුල ය. තණ්හාව අවිද්‍යාවට (මුල ය.) මෙහි තණ්හාව අදහස් කරන ලදි. එය ද ශාස්වත උච්ඡෙද දෘෂ්ටිවලින් කැරකෙතියි ආවර්ත දෙකකි. එය ද රාග ආදී මළ තුනකින් යුක්ත වූයේ තිමලා. එහි මෝහය එක් ව උපත කෙළවර කොට ඇති (මළ වේ). රාග, ද්වේෂ උපනිශ්‍රය කෙළවර කොට ඇති (මළ වේ.) පඤ්චකාම ගුණය එහි ප්‍රාර්ථනාව යි. එහි එය පැතිරෙති යි පඤ්චපත්ථරා; එය ද නො පිරෙන අර්ථයෙන් සමුද්දො ආධ්‍යාත්මික බාහිර ආයතන දොළසෙහි එය කැරකෙති යි පරිවර්තනය වෙති යි ද්වාදසාවට්ටා ප්රතිෂ්ටාවක් නැති යන අර්ථයෙන් පාතාලො (ආගාධය) යි කියනු ලැබේ. එය ඒකමූල...... පාතාලය (අගාධය) අතරි එය තරණය කළේ ය. එතෙර වූයේ ය යන අර්ථ යි.
චතුත්ථං.
සිවු වැනි සූත්‍රය යි.
5. අනොමසුත්තවණ්ණනා
5. අනොම සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ අනොමනාමන්ති සබ්බගුණසමන්නාගතත්තා අවෙකල්ලනාමං, පරිපූරනාමන්ති අත්ථො. නිපුණත්ථදස්සින්ති භගවා සණ්හසුඛුමෙ ඛන්ධන්තරාදයො අත්ථෙ පස්සතීති නිපුණත්ථදස්සී. පඤ්ඤාදදන්ති අන්වයපඤ්ඤාධිගමාය පටිපදං කථනවසෙන පඤ්ඤාය දායකං. කාමාලයෙ අසත්තන්ති පඤ්චකාමගුණාලයෙ අලග්ගං. කමමානන්ති භගවා මහාබොධිමණ්ඩෙයෙව අරියමග්ගෙන ගතො, න ඉදානි ගච්ඡති, අතීතං පන උපාදාය ඉදං වුත්තං. මහෙසින්ති මහන්තානං සීලක්ඛන්ධාදීනං එසිතාරං පරියෙසිතාරන්ති.
පස් වැන්නෙහි අනොමනාමං සියලු ගුණයන්ගෙන් සමන්නාගත වූ බැවින් අවෙකල්ල (අවිකල) නම් ඇති, පිරිපුන් නම් ඇති යන අර්ථ යි. නිපුණත්ථදස්සිං භාග්‍යවතුන් වහන්සේ ඉතා සියුම් වූ ස්කන්ධ ආදිය දකිති යි ‘නිපුණත්ථදස්සිං’ (සියුම් අරුත් දන්නා) පඤ්ඤාදදං ප්‍රඥාව ලබා ගැනීම් වස් ප්‍රතිපදාව පැවසීම් වශයෙන් ප්‍රඥාව දෙන කාමාලයෙ අසත්තං පඤ්චකාම ගුණ තෘෂ්ණාවෙහි නො ඇළුණු කම්මානං භාග්‍යවතුන් වහන්සේ මහ බෝ මැඩ දී ම ආර්යමාර්ගයෙන් වැඩි සේක. දැන් නො යන සේක, අතීතය ගෙන මෙහි කියන ලදි. මහෙසිං මහත් වූ ශීලස්කන්ධ ආදීන් සොයා බලන්නා වූ පර්යේෂණ කරන්නාවූ යි.
පඤ්චමං.
පස් වැනි සූත්‍රය යි.
6. අච්ඡරාසුත්තවණ්ණනා
6. අච්ඡරා සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ අච්ඡරාගණසඞ්ඝුට්ඨන්ති අයං කිර දෙවපුත්තො සත්ථුසාසනෙ පබ්බජිත්වා වත්තපටිපත්තිං පූරයමානො පඤ්චවස්සකාලෙ පවාරෙත්වා ද්වෙමාතිකං පගුණං කත්වා කම්මාකම්මං උග්ගහෙත්වා චිත්තරුචිතං කම්මට්ඨානං උග්ගණ්හිත්වා සල්ලහුකවුත්තිකො අරඤ්ඤං පවිසිත්වා යො භගවතා මජ්ඣිමයාමො සයනස්ස කොට්ඨාසොති අනුඤ්ඤාතො. තස්මිම්පි සම්පත්තෙ “පමාදස්ස භායාමී”ති මඤ්චකං උක්ඛිපිත්වා රත්තිඤ්ච දිවා ච නිරාහාරො කම්මට්ඨානමෙව මනසාකාසි.
සය වැන්නෙහි අච්ඡරාගණසංඝුට්ඨං මේ දේව පුත්‍රයා බුදුන් වහන්සේගේ ශාසනයෙහි පැවිදි ව වත් පිළිවෙත් පුරන්නේ පස් වස් කාලයෙහි පවාරණය කොට මාතෘකා දෙකක් ප්‍රගුණ කොට ලොකු කුඩා කටයුතු හදාරා සිත් කැමති කර්මස්ථානයක් උගෙන, සරළ දිවිපෙවෙතක් ගත කරන්නේ අරණට පිවිස භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මධ්‍යම යාමයක් නිදා ගැනීම පිණිස වූ කොටසැයි අනුදන්නා ලද ද එය පැමිණි කල්හි ද, “මම ප්‍රමාදයට බිය වෙමි” යි ඇඳ ඉවත් කොට රාත්‍රියෙහිත් දවාලෙහිත් නිරාහාර ව කර්මස්ථානය ම සිත්හි යොමු කළේ ය.
අථස්ස අබ්භන්තරෙ සත්ථකවාතා උප්පජ්ජිත්වා ජීවිතං පරියාදියිංසු. සො ධුරස්මිංයෙව කාලමකාසි. යො හි කොචි භික්ඛු චඞ්කමෙ චඞ්කමමානො වා ආලම්බනත්ථම්භං නිස්සාය ඨිතො වා චඞ්කමකොටියං චීවරං සීසෙ ඨපෙත්වා නිසින්නො වා නිපන්නො වා පරිසමජ්ඣෙ අලඞ්කතධම්මාසනෙ ධම්මං දෙසෙන්තො වා කාලං කරොති, සබ්බො සො ධුරස්මිං කාලං කරොති නාම.
ඉක්බිති ඔහුගේ අභ්‍යන්තරයේ කැපුම් වේදනාවෝ ජීවිතය අවසන් කළෝ ය. හෙතෙමේ ධුරය දරමින් සිටියදී ම කාල ක්‍රියා කළේ ය. කිසියම් භික්ෂුවක් සක්මන් මළුවෙහි සක්මන් කරමින් හෝ හේත්තු වීමට ඇති ස්ථම්භයක් ඇසුරෙහි සිටිමින් හෝ සක්මන් මළුවෙහි කෙළවර සිවුර හිසට තබා ගෙන සිටිමින් හෝ සැතපෙමින් හෝ පිරිස මැද අලංකාර කරන ලද ධර්මාසනයෙහි සිට දහම් දෙසමින් හෝ කාලක්‍රියා කරයි ද, ඒ සියල්ල ධුරය දරමින් කාලක්‍රියා කරයි නම් වේ.
ඉති අයං චඞ්කමනෙ කාලං කත්වා උපනිස්සයමන්දතාය ආසවක්ඛයං අප්පත්තො තාවතිංසභවනෙ මහාවිමානද්වාරෙ නිද්දායිත්වා පබුජ්ඣන්තො විය පටිසන්ධිං අග්ගහෙසි. තාවදෙවස්ස සුවණ්ණතොරණං විය තිගාවුතො අත්තභාවො නිබ්බත්ති.
මෙසේ මොහු සක්මනෙහි (යෙදෙමින් සිටියදී) කාල ක්‍රියා කොට උපනිශ්‍රය අඩු බව නිසා ආශ්‍රව ක්ෂයට නො පැමිණ තව්තිසා භවනයෙහි මහා විමානයක නිදා සිට පිබිදෙන්නාක් මෙන් ප්රතිසන්ධිය ලැබී ය. එකෙණෙහි ම ඔහුට රුවන් තොරණක් බඳු ගව් තුනක් උසැති ආත්ම භාවය (ශරීරය) ඇති විය.
අන්තොවිමානෙ සහස්සමත්තා අච්ඡරා තං දිස්වා, “විමානසාමිකො දෙවපුත්තො ආගතො, රමයිස්සාම න”න්ති තූරියානි ගහෙත්වා පරිවාරයිංසු.
විමානය ඇතුළත දහසක් පමණ වූ අප්සරාවෝ ඔහු දැක “විමාන අධිපති දේවපුත්‍රයා පැමිණියේ ය. ඔහු සතුටු කරවන්නෙමු.” තූර්ය භාණ්ඩ ගෙන ඔහු වටා සිට ගත්හ.
දෙවපුත්තො න තාව චුතභාවං ජානාති, පබ්බජිතසඤ්ඤීයෙව අච්ඡරා ඔලොකෙත්වා විහාරචාරිකං ආගතං මාතුගාමං දිස්වා ලජ්ජී. පංසුකූලිකො විය උපරි ඨිතං ඝනදුකූලං එකංසං කරොන්තො අංසකූටං පටිච්ඡාදෙත්වා ඉන්ද්රියානි ඔක්ඛිපිත්වා අධොමුඛො අට්ඨාසි. තස්ස කායවිකාරෙනෙව තා දෙවතා “සමණදෙවපුත්තො අය”න්ති ඤත්වා එවමාහංසු – “අය්ය, දෙවපුත්ත, දෙවලොකො නාමායං, න සමණධම්මස්ස කරණොකාසො, සම්පත්තිං අනුභවනොකාසො”ති. සො තථෙව අට්ඨාසි. දෙවතා “න තාවායං සල්ලක්ඛෙතී”ති තූරියානි පග්ගණ්හිංසු. සො තථාපි අනොලොකෙන්තොව අට්ඨාසි.
දේව පුත්‍රයා තවමත් චුත වූ බැව් නො දනියි. පැවිදි සංඥා ඇත්තේ ම අප්සරාවන් දෙස බලා විහාර චාරිකාවකට පැමිණි කතක දැක ලජ්ජාවට පත් පංශුකුලියකු මෙන් ඉහළ තිබූ ඝන වස්ත්‍රය ඒකාංශ කරමින් අංශ කුටය (දසරුව) වසා ගෙන ඉන්ද්රියයන් බිමට හරවා බිම බලාගෙන ම සිටියේ ය. ඔහුගේ ශරීරයේ වෙනස් ස්වරූපය හේතුවෙන් ම ඔවුහු (ඒ අප්සරාවෝ) මේ ශ්‍රමණ දේවපුත්රයෙකි’යි දැන මෙසේ පැවසූහ: “ආර්යයෙනි, දේවපුත්රයනි, මෙය දෙව්ලොව යි. ශ්‍රමණ දහම් කරන අවස්ථාවක් මෙහි නො වේ. සම්පත් විඳින අවස්ථාවකි, මෙය” යි. හේ එසේ ම සිටියේ ය. දේවතාවියෝ තවමත් මොහු කල්පනා නො කරයි. (නො දකියි) යි තූර්ය භාණ්ඩ අතට ගත්හ. හේ එලෙසින් ම නො බලමින් සිටියේ ය.
අථස්ස සබ්බකායිකං ආදාසං පුරතො ඨපයිංසු. සො ඡායං දිස්වා චුතභාවං ඤත්වා, “න මයා ඉමං ඨානං පත්ථෙත්වා සමණධම්මො කතො, උත්තමත්ථං අරහත්තං පත්ථෙත්වා කතො”ති සම්පත්තියා විප්පටිසාරී අහොසි, “සුවණ්ණපටං පටිලභිස්සාමී”ති තක්කයිත්වා යුද්ධට්ඨානං ඔතිණ්ණමල්ලො මූලකමුට්ඨිං ලභිත්වා විය. සො – “අයං සග්ගසම්පත්ති නාම සුලභා, බුද්ධානං පාතුභාවො දුල්ලභො”ති චින්තෙත්වා විමානං අපවිසිත්වාව අසම්භින්නෙනෙව සීලෙන අච්ඡරාසඞ්ඝපරිවුතො දසබලස්ස සන්තිකං ආගම්ම අභිවාදෙත්වා එකමන්තං ඨිතො ඉමං ගාථං අභාසි.
එවිට මුළු සිරුර පෙනෙන කැඩපතක් ඉදිරියෙන් තැබූහ. හේ ඡායාව දැක චුත වූ බැව් දැන මා විසින් මේ ස්ථානය පතා ශ්‍රමණ දහම් නොකරන ලදි. උසස්ම අරමුණ වූ අර්හත් භාවය පතා කරන ලද්දේ යයි සම්පත්ති පිළිබඳ විපිළිසර විය (පසුතැවිලි විය). රන් පටක් ඔට්ටු අල්ලා යුද පිටියට බට මල්ලව පොර කාරයකු මුෂ්ටියක් ලැබ මෙන්, මේ ස්වර්ග සම්පත්තිය නම් සුලභ එකකි, බුදුන් වහන්සේලා පහළ වීම දුර්ලභ යයි සිතා විමානයට නො පිවිස, නො බිඳුණු ශීලයෙන් යුතු ව අප්සරා ගණයා විසින් පිරිවරන ලදු ව බුදුන් වහන්සේ අසළට පැමිණ වැඳ එකත්පස් ව සිටියේ මේ ගාථාව ප්‍රකාශ කළේ ය.
තත්ථ අච්ඡරාගණසඞ්ඝුට්ඨන්ති අච්ඡරාගණෙන ගීතවාදිතසද්දෙහි සඞ්ඝොසිතං. පිසාචගණසෙවිතන්ති තමෙව අච්ඡරාගණං පිසාචගණං කත්වා වදති. වනන්ති නන්දනවනං සන්ධාය වදති. අයඤ්හි නියාමචිත්තතාය අත්තනො ගරුභාවෙන දෙවගණං “දෙවගණො”ති වත්තුං න රොචෙති. “පිසාචගණො”ති වදති. නන්දනවනඤ්ච “නන්දන”න්ති අවත්වා “මොහන”න්ති වදති. කථං යාත්‍රා භවිස්සතීති කථං නිග්ගමනං භවිස්සති, කථං අතික්කමො භවිස්සති, අරහත්තස්ස මෙ පදට්ඨානභූතං විපස්සනං ආචික්ඛථ භගවාති වදති.
එහි අච්ඡරාගණසංඝුට්ඨං අප්සරා සමූහය විසින් ගීත වාදිත ශබ්දවලින් මැනවින් ඝෝෂා කරන ලද, පිසාචගණසෙවිතං ඒ අප්සරා සමූහයා ම පිසාච සමූහයක් කොට පවසයි. වනං නන්දන වනය ගැන කියයි. මෙතෙමේ නිෂ්කාම චිත්තය හේතු කොට ගෙන, තමාගේ ගෞරව භාවය නිසා දේව සමූහයා ‘දේවගණයා’ යි පැවසීමට නො කැමති වෙයි. ‘පිශාචගණයා’ යි පවසයි. නන්දන වනය ද “නන්දන” යි නො කියා ‘මොහනං’ යි පවසයි. කථං යාත්‍රා භවිස්සති කෙසේ නික්මීමක් වන්නේ ද? කෙසේ නම් එතෙර වීමක් වන්නේ ද? භාග්‍යවතුනි, මා හට අර්හත් බවට පත්වීමට හේතුවන විපස්සනාව වදාරනු මැනවි” යි කියයි.
අථ භගවා “අතිසල්ලිඛතෙව අයං දෙවපුත්තො, කිං නු ඛො ඉද”න්ති? ආවජ්ජෙන්තො අත්තනො සාසනෙ පබ්බජිතභාවං ඤත්වා – “අයං අච්චාරද්ධවීරියතාය කාලං කත්වා දෙවලොකෙ නිබ්බත්තො, අජ්ජාපිස්ස චඞ්කමනස්මිංයෙව අත්තභාවො අසම්භින්නෙන සීලෙන ආගතො”ති චින්තෙසි. බුද්ධා ච අකතාභිනිවෙසස්ස ආදිකම්මිකස්ස අකතපරිකම්මස්ස අන්තෙවාසිනො චිත්තකාරො භිත්තිපරිකම්මං විය – “සීලං තාව සොධෙහි, සමාධිං භාවෙහි, කම්මස්සකතපඤ්ඤං උජුං කරොහී”ති පඨමං පුබ්බභාගප්පටිපදං ආචික්ඛන්ති, කාරකස්ස පන යුත්තපයුත්තස්ස අරහත්තමග්ගපදට්ඨානභූතං සණ්හසුඛුමං සුඤ්ඤතාවිපස්සනංයෙව ආචික්ඛන්ති, අයඤ්ච දෙවපුත්තො කාරකො අභින්නසීලො, එකො මග්ගො අස්ස අනාගතොති සුඤ්ඤතාවිපස්සනං ආචික්ඛන්තො උජුකො නාමාතිආදිමාහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ දේවපුත්‍රයා බෙහෙවින් විමසන්නේ ම ය. මේ කිමදැයි ආවර්ජනය කරන සේක් තම සසුනේ පැවිදි වූ බව දැන්, “මොහු බෙහෙවින් හටගත් වීර්යය ඇති බැවින් කාලක්‍රියා කොට දෙව් ලොව ඉපිදුනේ අද ද ඔහුගේ සක්මනෙහි ම ආත්ම භාවය නො බිඳුණු ශීලයෙන් යුක්ත ව පැමිණියේ” යි සිතූ සේක. සිත්තරෙකු ප්‍රවේශයක් නො ලත් - පළපුරුද්ද නැති ආරම්භක අන්තේවාසිකයාට බිත්ති පිරියම් කිරීම (උගන්වන්නා) සේ, බුදුවරු ද ප්‍රවේශයක් නො ලත් (පුහුණුවක් නො ලත්) ආදිකර්මිකයාට ශීලය පිරිසිදු කරව, සමාධිය වඩව, කාර්යය අවසන් කිරීමෙන් ලත් ප්‍රඥාව සෘජු කරව යි පළමු ව පූර්වභාග ප්‍රතිපදාව පවසත්. (එය) කරන්නා හට, යෙදුණු - නො කඩවා යෙදුණු - අයට අර්හත් මගට පාදක වන ඉතා සියුම් ශූන්‍යතා විපස්සනාව ම වදාරත්. මේ දේවපුත්‍රයා ද (විදර්ශනාව) කරන්නේ, නො කැඩුණු ශීලය ඇත්තේ ඔහුට එක් මගක් නොපැමිණියේ යි ශූන්‍යතා විදර්ශනාව වදාරන සේක්, ‘උජුකො නාම’ ආදිය පැවසූ සේක.
තත්ථ උජුකොති කායවඞ්කාදීනං අභාවතො අට්ඨඞ්ගිකො මග්ගො උජුකො නාම. අභයා නාම සා දිසාති නිබ්බානං සන්ධායාහ. තස්මිං හි කිඤ්චි භයං නත්ථි, තං වා පත්තස්ස භයං නත්ථීති “අභයා නාම සා දිසා”ති වුත්තං. රථො අකූජනොති අට්ඨඞ්ගිකො මග්ගොව අධිප්පෙතො. යථා හි පාකතිකරථො අක්ඛෙ වා අනබ්භඤ්ජිතෙ අතිරෙකෙසු වා මනුස්සෙසු අභිරුළ්හෙසු කූජති විරවති, න එවං අරියමග්ගො. සො හි එකප්පහාරෙන චතුරාසීතියාපි පාණසහස්සෙසු අභිරුහන්තෙසු න කූජති න විරවති. තස්මා “අකූජනො”ති වුත්තො. ධම්මචක්කෙහි සංයුතොති කායිකචෙතසිකවීරියසඞ්ඛාතෙහි ධම්මචක්කෙහි සංයුත්තො.
එහි උජුකො කායවංක ආදිය නො පවත්නා බව හේතු කොට ගෙන අෂ්ටාංගික මාර්ගය ‘උජුකො’ නමි. අභයා නාම සා දිසා නිර්වාණය පිළිබඳ ව (අදහස් කරමින්) පැවසූහ. එහි කිසිදු බියක් නැත. ඊට පැමිණි තැනැත්තාට බියක් නැතැයි “අභයා නාම සා දිසා” යි කියන ලදි. “රථො අකූජනො” අෂ්ටාංගික මාර්ගය ම අදහස් කරන ලදි. යථා තත්ත්වයට පත් කරන ලද රථයක් අක්ෂයෙහි (අලවංගුවෙහි) තෙල් නො දැමූ කල්හි හෝ බොහෝ මිනිසුන් නැග ගත් විට හෝ (කිරි කිරි ගා) හඬ නගයි. ශබ්ද නගයි. ආර්ය මාර්ගය එසේ නො වේ. එය එකවර ප්‍රාණීන් අසූහාර දහසක් නැගුනේ වුව ද හඬ නො නගයි. ශබ්ද නො කරයි. එහෙයින් “අකූජන” යි කියන ලදි. ධම්මචක්කෙහි සංයුතො කායික චෛතසික වීර්යසංඛ්යාත වූ ධර්මචක්රවලින් යුක්ත වූයේ.
හිරීති එත්ථ හිරිග්ගහණෙන ඔත්තප්පම්පි ගහිතමෙව හොති. තස්ස අපාලම්බොති යථා බාහිරකරථස්ස රථෙ ඨිතානං යොධානං අපතනත්ථාය දාරුමයං අපාලම්බනං හොති, එවං ඉමස්ස මග්ගරථස්ස අජ්ඣත්තබහිද්ධාසමුට්ඨානං හිරොත්තප්පං අපාලම්බනං. සත්‍යස්ස පරිවාරණන්ති රථස්ස සීහචම්මාදිපරිවාරො විය ඉමස්සාපි මග්ගරථස්ස සම්පයුත්තා සති පරිවාරණං. ධම්මන්ති ලොකුත්තරමග්ගං. සම්මාදිට්ඨිපුරෙජවන්ති විපස්සනාසම්මාදිට්ඨිපුරෙජවා අස්ස පුබ්බයායිකාති සම්මාදිට්ඨිපුරෙජවො, තං සම්මාදිට්ඨිපුරෙජවං. යථා හි පඨමතරං රාජපුරිසෙහි කාණකුණිආදීනංනීහරණෙන මග්ගෙ සොධිතෙ පච්ඡා රාජා නික්ඛමති, එවමෙවං විපස්සනා සම්මාදිට්ඨියා අනිච්චාදිවසෙන ඛන්ධාදීසු සොධිතෙසු පච්ඡා භූමිලද්ධවට්ටං පරිජානමානා මග්ගසම්මාදිට්ඨි උප්පජ්ජති. තෙන වුත්තං “ධම්මාහං සාරථිං බ්රූමි, සම්මාදිට්ඨිපුරෙජව”න්ති.
හිරි මෙහි “හිරි” (ලජ්ජාව) ගැනීමෙන් ඔත්තප්පය (භය) ද ගන්නා ලද්දේ ම ය. තස්ස අපාලම්බො යම් සේ පිටත ඇති රථයෙහි එහි සිටින යෝධයන් නො වැටීම පිණිස ලීවලින් තැනූ ආලම්බනයක් (ඇන්දක් - හේත්තු වන දණ්ඩක්) වේ ද, එසේ මේ මාර්ග රථයට ද ආධ්‍යාත්මික බාහිර වශයෙන් හට ගත් හිරිඔතප් දෙක ආලම්බන - හේත්තු වන දණ්ඩ ය. සකස්ස පරිවාරණං රථයට සිංහ හම් ආදිය පරිවාර (සැරසිල්ලක්) මෙන් මේ මාර්ග රථයට ද සම්ප්‍රයුක්ත සතිය පරිවාරණය (ආවරණය) වේ. ධම්මං ලෝකෝත්තර මාර්ගය සම්මාදිට්ඨිපුරෙජවං විපස්සනා සම්මාදිට්ඨිය ‘පුරෙ ජවා අස්ස’ (පෙරටුව යයි) මුලින් යන්නා වෙති යි = සම්මාදිට්ඨි පුරෙජවං (සම්‍යක් දෘෂ්ටිය පෙරටු කොට යන) වේ. එය (කර්ම විභක්තිය) ‘සම්මාදිට්ඨිපුරෙජව’ වේ. යම් සේ රාජ පුරුෂයන් විසින් පළමු කොට ම කණ, කුදු ආදීන් ඉවත් කිරීමෙන් මාර්ගය පිරිසිදු කළ කල්හි පසු ව රජතුමා යයි ද සේ ම සම්මාදිට්ඨියෙන් අනිත්‍යාදි වශයෙන් ස්කන්ධ ආදිය පිරිසිදු කළ කල්හි පසුව සුදුසු පදනම ලත් සංසාර වට්ටය දකිමින් මාර්ග සම්‍යක් දෘෂ්ටිය උපදී. එහෙයින් කියන ලදි. ධම්මාහං සාරථිං බ්රෑමි සම්මාදිට්ඨි පුරෙජවං (සම්‍යක් දෘෂ්ටිය පෙරටු කොට යන (ලෝකෝත්තර) ධර්මය (එහි) රියැදුරා ය යි මම කියමි) යි.
ඉති භගවා දෙසනං නිට්ඨාපෙත්වා අවසානෙ චත්තාරි සච්චානි දීපෙසි. දෙසනාපරියොසානෙ දෙවපුත්තො සොතාපත්තිඵලෙ පතිට්ඨාසි. යථා හි රඤ්ඤො භොජනකාලෙ අත්තනො මුඛප්පමාණෙ කබළෙ උක්ඛිත්තෙ අඞ්කෙ නිසින්නො පුත්තො අත්තනො මුඛප්පමාණෙනෙව තතො කබළං කරොති, එවමෙවං භගවති අරහත්තනිකූටෙන දෙසනං දෙසෙන්තෙපි සත්තා අත්තනො උපනිස්සයානුරූපෙන සොතාපත්තිඵලාදීනි පාපුණන්ති. අයම්පි දෙවපුත්තො සොතාපත්තිඵලං පත්වා භගවන්තං ගන්ධාදීහි පූජෙත්වා පක්කාමීති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ දේශනාව නිමවා අවසානයෙහි සතර සත්‍යය දැල්වූහ. දේශනාව අවසානයෙහි දේවපුත්‍රයා සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. යම් සේ බොජුන් අනුභව කරන අවස්ථාවෙහි රජතුමා තමාට අවශ්‍ය ප්‍රමාණයෙන් පිඬු ගත් කල්හි ඇකයේ සිටින පුත්‍රයා තමාගේ මුඛයට සරිලන සේ ඉන් පිඬු ගනී ද, එසේ ම භාග්‍යවතුන් වහන්සේ අර්හත් බව කුටය (මුදුන) කොට ඇති දේශනාවක් දෙසද්දී වුව ද සත්ත්වයෝ තමාගේ උපනිශ්රයට ගැළපෙන පරිදි සෝවාන් ඵල ආදියට පැමිණෙත්. මේ දේවතාවා ද සෝවාන් ඵලයට පත් ව භාග්‍යවතුන් වහන්සේට සුගන්ධ ආදියෙන් පූජා කොට ගියේ ය.
ඡට්ඨං.
සය වැනි සූත්‍රය යි.
7. වනරොපසුත්තවණ්ණනා
7. වනරොප සූත්‍ර වර්ණනාව
සත්තමෙ ධම්මට්ඨා සීලසම්පන්නාති කෙ ධම්මට්ඨා, කෙ සීලසම්පන්නාති පුච්ඡති. භගවා ඉමං පඤ්හං ථාවරවත්ථුනා දීපෙන්තො ආරාමරොපාතිආදිමාහ. තත්ථ ආරාමරොපාති පුප්ඵාරාමඵලාරාමරොපකා. වනරොපාති සයංජාතෙ අරොපිමවනෙ සීමං පරික්ඛිපිත්වා චෙතියබොධිචඞ්කමනමණ්ඩපකුටිලෙණරත්තිට්ඨානදිවාට්ඨානානං කාරකා ඡායූපගෙ රුක්ඛෙ රොපෙත්වා දදමානාපි වනරොපායෙව නාම. සෙතුකාරකාති විසමෙ සෙතුං කරොන්ති, උදකෙ නාවං පටියාදෙන්ති. පපන්ති පානීයදානසාලං. උදපානන්ති යංකිඤ්චි පොක්ඛරණීතළාකාදිං. උපස්සයන්ති වාසාගාරං. “උපාසය”න්තිපි පාඨො.
සත් වැන්නෙහි - ධම්මට්ඨා සීලසම්පන්නා (දහම්හි පිහිටි ශීලසම්පන්න වූ) කවරහු ‘ධම්මට්ඨ’ ද, කවරහු ‘ශීල සම්පන්න’ දැයි විමසති. භාග්‍යවතුන් වහන්සේ මේ ප්රශ්නය ස්ථාවර වස්තු මගින් පැහැදිලි කරන සේක් ‘ආරාමරොපා’ ආදිය වදාළ සේක. එහි ආරාමරොපා පුෂ්පාරාම (මල් උයන්) ඵලාරාම (පලතුරු උයන්) රෝපණය කරන්නෝ වනරොපා ඉබේ හැදුණු, රෝපණය නො කළ වනයෙහි සීමාවක් දමා චෛත්‍ය, බෝධි, සක්මන් මළු, කුටි, ලෙන්, රාත්‍රි ස්ථාන, දිවාස්ථාන කරන්නෝ සෙවන සපයන රුක් රෝපණය කර දෙන්නෝ ද ‘වනරොපා’ ම නමි. සෙතුකාරකා විෂම ස්ථානයෙහි පාලම් තනන්නෝ, ජලයෙහි නැව් පිළියෙල කර දෙන්නෝ පපං පැන් දන්සල උදපානං යම් කිසි පොකුණු, තටාක ආදියක් (වේ ද ඒවා) උපස්සයං විසීමට නිවහනක්, “උපාසයං” යනු ද පාඨයකි.
සදා පුඤ්ඤං පවඩ්ඪතීති න අකුසලවිතක්කං වා විතක්කෙන්තස්ස නිද්දායන්තස්ස වා පවඩ්ඪති. යදා යදා පන අනුස්සරති, තදා තදා තස්ස වඩ්ඪති. ඉමමත්ථං සන්ධාය “සදා පුඤ්ඤං පවඩ්ඪතී”ති වුත්තං. ධම්මට්ඨා සීලසම්පන්නාති තස්මිං ධම්මෙ ඨිතත්තා තෙනපි සීලෙන සම්පන්නත්තා ධම්මට්ඨා සීලසම්පන්නා. අථ වා එවරූපානි පුඤ්ඤානි කරොන්තානං දස කුසලා ධම්මා පූරෙන්ති, තෙසු ඨිතත්තා ධම්මට්ඨා. තෙනෙව ච සීලෙන සම්පන්නත්තා සීලසම්පන්නාති.
සදා පුඤ්ඤං පවඩ්ඪති අකුසල විතර්ක මෙනෙහි කරන්නහුට හෝ නිදා සිටින කෙනෙකුට හෝ නො වැඩේ. යම් යම් විටක අනුස්මරණය කරයි ද ඒ ඒ අවස්ථාවේ දී වර්ධනය වේ. මේ අර්ථය පිණිස “සදා පුඤ්ඤං පවඩ්ඪති’ යි කියන ලදි. ධම්මට්ඨා සීලසම්පන්නා ඒ ධර්මයෙහි සිටි බැවින් ඒ ශීලයෙන් ම යුක්ත වූ බැවින් ‘ධම්මට්ඨා’ “සීලසම්පන්නා,” නැතහොත් ඒ ආකාරයේ පින් කරන්නවුන්ගේ දශ කුසල ධර්ම පිරෙයි. ඒවාහි සිටි (පිහිටි) බැවින් ‘ධම්මට්ඨා,’ ඒ ශීලයෙන් ම යුක්ත වූ බැවින් ‘සීලසම්පන්නා’ යි
සත්තමං.
සත් වැනි සූත්‍රය යි.
8. තවනසුත්තවණ්ණනා
8. ජේතවන සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ ඉදං හි තං ජෙතවනන්ති අනාථපිණ්ඩිකො දෙවපුත්තො ජෙතවනස්ස චෙව බුද්ධාදීනඤ්ච වණ්ණභණනත්ථං ආගතො එවමාහ. ඉසිසඞ්ඝනිසෙවිතන්ති භික්ඛුසඞ්ඝනිසෙවිතං.
අට වැන්නෙහි ඉදඤ්හි තං ජෙතවනං අනාථපිණ්ඩික දේවපුත්‍රයා ජේතවනයෙහි බුද්ධාදීන්ගේත් වර්ණනාව පවසන අටියෙන් පැමිණියේ මෙසේ කී ය. ඉසිසඞ්ඝනිසෙවිතං භික්ෂූ සංඝයා විසින් සෙවුනා ලද;
එවං පඨමගාථාය ජෙතවනස්ස වණ්ණං කථෙත්වා ඉදානි අරියමග්ගස්ස කථෙන්තො කම්මං විජ්ජාතිආදිමාහ. තත්ථ කම්මන්ති මග්ගචෙතනා. විජ්ජාති මග්ගපඤ්ඤා. ධම්මොති සමාධිපක්ඛිකා ධම්මා. සීලං ජීවිතමුත්තමන්ති සීලෙ පතිට්ඨිතස්ස ජීවිතං උත්තමන්ති දස්සෙති. අථ වා විජ්ජාති දිට්ඨිසඞ්කප්පා. ධම්මොති වායාමසතිසමාධයො. සීලන්ති වාචාකම්මන්තාජීවා. ජීවිතමුත්තමන්ති එතස්මිං සීලෙ ඨිතස්ස ජීවිතං නාම උත්තමං. එතෙන මච්චා සුජ්ඣන්තීති එතෙන අට්ඨඞ්ගිකමග්ගෙන සත්තා විසුජ්ඣන්ති.
මෙසේ ප්‍රථම ගාථාවෙන් ජේතවනය පිළිබඳ වර්ණනාව කොට දැන් ආර්ය මාර්ගය පිළිබඳ (වර්ණනාව) කරනුයේ “කම්මං විජ්ජා” ආදිය පැවසීය. එහි කම්මං මාර්ග චේතනාව, විජ්ජා මාර්ග ප්‍රඥාව, ධම්මො සමාධි පාක්ෂිත ධර්මය, සීලං ජීවිතමුත්තමං ශීලයෙහි පිහිටියහුගේ ජීවිතය උත්තම ය යි දක්වයි. නැතහොත් විජ්ජා දිට්ඨි සංකප්ප, ධම්මො වායාම, සති, සමාධි, සීලං වාචා කම්මන්ත ආජීව, ජීවිතමුත්තමං ඒ ශීලයෙහි පිහිටි ඔහුගේ ජීවිතය නම් උත්තම ය. එතෙන මච්චා සුජ්ඣන්ති මේ අෂ්ටාංගික මාර්ගයෙන් සත්ත්වයෝ විශුද්ධ වෙත්,
තස්මාති යස්මා මග්ගෙන සුජ්ඣන්ති, න ගොත්තධනෙහි, තස්මා. යොනිසො විචිනෙ ධම්මන්ති උපායෙන සමාධිපක්ඛියධම්මං විචිනෙය්ය. එවං තත්ථ විසුජ්ඣතීති එවං තස්මිං අරියමග්ගෙ විසුජ්ඣති. අථ වා යොනිසො විචිනෙ ධම්මන්ති උපායෙන පඤ්චක්ඛන්ධධම්මං විචිනෙය්ය. එවං තත්ථ විසුජ්ඣතීති එවං තෙසු චතූසු සච්චෙසු විසුජ්ඣති.
තස්මා යම් ලෙසකින් මාර්ගයෙන් විශුද්ධියට පත්වෙත් ද - ගෝත්‍රයෙන් ධනයෙන් නො වේ. යොනිසො විචිනෙ ධම්මං උපායෙන් සමාධි පාක්ෂික ධර්මය පරීක්ෂා කරයි; නැතහොත් රැස් කරයි එවං තත්ථ විසුජ්ඣති මෙසේ ඒ ආර්ය මාර්ගයෙහි පිරිසිදු වෙයි. එසේ නැතහොත් යොනිසො විචිනෙ ධම්මං උපායයෙන් පඤ්චස්කන්ධ ධර්මය පරීක්ෂා කරයි. එවං තත්ථ විසුජ්ඣති මෙසේ ඒ සත්‍ය සතරෙහි පිරිසිදු බව වේ.
ඉදානි සාරිපුත්තත්ථෙරස්ස වණ්ණං කථෙන්තො සාරිපුත්තොවාතිආදිමාහ. තත්ථ සාරිපුත්තොවාති අවධාරණවචනං, එතෙහි පඤ්ඤාදීහි සාරිපුත්තොව සෙය්යොති වදති. උපසමෙනාති කිලෙසඋපසමෙන. පාරං ගතොති නිබ්බානං ගතො. යො කොචි නිබ්බානං පත්තො භික්ඛු, සො එතාවපරමො සියා, න ථෙරෙන උත්තරිතරො නාම අත්ථීති වදති. සෙසං උත්තානමෙවාති.
දැන් සැරියුත් තෙරුන්ගේ ගුණ වර්ණනා කරන්නේ ‘සාරිපුත්තොව’ ආදිය වදාළ සේක. එහි සාරිපුත්තොව අවධාරණය කිරීමේ වචන යි, මේ ප්‍රඥාදියෙන් සැරියුත් හිමියෝ ම ශ්‍රේෂ්ඨය යි කියන සේක. උපසමෙන ක්ලේශයන් සංසිඳීමෙන් පාරගතො නිර්වාණයට ගිය, යමෙක් නිවනට පත්වූයේ නම් ඒ භික්ඛු (භික්ෂුව), එතාව පරමො සියා තෙරුන් වහන්සේට වඩා උත්තරීතර වූවෙකු නම් නැත්තේ ය යි කියන සේක. ඉතිරිය කී පරිදි ම ය.
අට්ඨමං.
අටවැනි සූත්‍රය යි.
9. මච්ඡරිසුත්තවණ්ණනා
9. මච්ඡරි සූත්‍ර වර්ණනාව
නවමෙ මච්ඡරිනොති මච්ඡෙරෙන සමන්නාගතා. එකච්චො හි අත්තනො වසනට්ඨානෙ භික්ඛුං හත්ථං පසාරෙත්වාපි න වන්දති, අඤ්ඤත්ථ ගතො විහාරං පවිසිත්වා සක්කච්චං වන්දිත්වා මධුරපටිසන්ථාරං කරොති – “භන්තෙ, අම්හාකං වසනට්ඨානං නාගච්ඡථ, සම්පන්නො පදෙසො, පටිබලා මයං අය්යානං යාගුභත්තාදීහි උපට්ඨානං කාතු”න්ති. භික්ඛූ “සද්ධො අයං උපාසකො”ති යාගුභත්තාදීහි සඞ්ගණ්හන්ති. අථෙකො ථෙරො තස්ස ගාමං ගන්ත්වා පිණ්ඩාය චරති. සො තං දිස්වා අඤ්ඤෙන වා ගච්ඡති, ඝරං වා පවිසති. සචෙපි සම්මුඛීභාවං ආගච්ඡති, හත්ථෙන වන්දිත්වා – “අය්යස්ස භික්ඛං දෙථ, අහං එකෙන කම්මෙන ගච්ඡාමී”ති පක්කමති. ථෙරො සකලගාමං චරිත්වා තුච්ඡපත්තොව නික්ඛමති. ඉදං තාව මුදුමච්ඡරියං නාම, යෙන සමන්නාගතො අදායකොපි දායකො විය පඤ්ඤායති. ඉධ පන ථද්ධමච්ඡරියං අධිප්පෙතං, යෙන සමන්නාගතො භික්ඛූසු පිණ්ඩාය පවිට්ඨෙසු, “ථෙරා ඨිතා”ති වුත්තෙ, “කිං මය්හං පාදා රුජ්ජන්තී”තිආදීනි වත්වා සිලාථම්භො විය ඛාණුකො විය ච ථද්ධො හුත්වා තිට්ඨති, සාමීචිම්පි න කරොති. කදරියාති ඉදං මච්ඡරිනොති පදස්සෙව වෙවචනං. මුදුකම්පි හි මච්ඡරියං “මච්ඡරිය”න්තෙව වුච්චති, ථද්ධං පන කදරියං නාම. පරිභාසකාති භික්ඛූ ඝරද්වාරෙ ඨිතෙ දිස්වා, “කිං තුම්හෙ කසිත්වා ආගතා, වපිත්වා, ලායිත්වා? මයං අත්තනොපි න ලභාම, කුතො තුම්හාකං, සීඝං නික්ඛමථා”තිආදීහි සංතජ්ජකා. අන්තරායකරාති දායකස්ස සග්ගන්තරායො, පටිග්ගාහකානං ලාභන්තරායො, අත්තනො උපඝාතොති ඉමෙසං අන්තරායානං කාරකා.
නව වැන්නෙහි මච්ඡරිනො මසුරු බවින් යුක්ත වූ; සමහරෙක් තමා වසන තැන (සිට) භික්ෂුවකට අත දිගු කොට නො වඳිති. වෙනත් අදහසකින් ගියේ විහාරයට ඇතුළු ව සකසා වැඳ මිහිරි පිළිසඳර කථා කරති. “ස්වාමීනි, අප වසන තැනට නො එනු මැනවි. ප්‍රදේශය සමෘද්ධිමත්. ආර්යයන් වහ්නසේලාට කැඳ බත් ආදියෙන් උපස්ථාන කිරීමට හැකි වෙමු” යි (කියති) භික්ෂුව “මේ උපාසක තෙමේ ශ්‍රද්ධා සම්පන්න ය, කැඳ බත් ආදියෙන් සංග්‍රහ කරන්නේ යයි” (සිතයි.) ඉක්බිති එක්තරා භික්ෂුවක් ඔහුගේ ගමට ගොස් පිඬු පිණිස හැසිරෙයි. ඔහු භික්ෂුව දැක අන් මගකින් හෝ යයි. ගෙට හෝ යයි. ඉදින් මුහුණට මුණ ගැසිණි නම් අතින් වැඳ ආර්යයන් වහන්සේට භික්ෂාව දෙන්න. මම වැඩකට යමි යි පිටත් ව යයි. තෙරුන් වහන්සේ මුළු ගම ම ඇවිද හිස් පාත්‍රය ඇති ව පිටත් ව යයි. මෙය දායකයෙකු නො වී දායකයකු මෙන් පෙන්වන තෙක් වූ මෘදු (බරපතළ නො වූ) මසුරු බව නමි. මෙහි වනාහි දළ මසුරු බව අදහස් කෙරේ. ඉන් යුක්ත වූ පුද්ගලයා පිඬු පිණිස භික්ෂූන් වහන්සේලා පැමිණි කල්හි “භික්ෂූන් වහන්සේලා සිටිති (ඉන්නවා)” යි කී කල, “කිම? මගේ පා රිදවනවා’ යි ආදිය පවසා ගල් කණුවක් ලෙස කී කොටයක් ලෙස ස්තබ්ධ ව (තද ලෙස) සිටියි. සාමීචි මාත්‍රයක් හෝ නො කරයි. කදරියා මෙය “මච්ඡරිනො” යන පදයට සමානාර්ථවාචී ය. මෘදු මසුරු කමක් ‘මසුරුකමක්’ ම යයි කියනු ලැබේ. තද (මසුරු කම) ‘කදරිය’ නමි. පරිභාසකා ගෙයි දොරකඩ භික්ෂූන් සිටිනු දැක “කිම ඔබ වහන්සේලා වපුරලා ද ආවේ? වපුරා කපා අපි වත් නො ලබමු. ඔබ වහන්සේලාට කොයින්ද? වහා පිටවන්න” ආදි වශයෙන් තර්ජනය කරන්නෝ ය. අන්තරායකරා දායකයාට ස්වර්ග (ලාභයට) අන්තරාය, පිළිගන්නා අය හට ලැබීම (නොමැති වීමේ) අන්තරාය, තමාට උපද්‍රව යි මේ අන්තරාය කරන්නෝ;
සම්පරායොති පරලොකො. රතීති පඤ්චකාමගුණරති. ඛිඩ්ඩාති කායිකඛිඩ්ඩාදිකා තිවිධා ඛිඩ්ඩා. දිට්ඨෙ ධම්මෙස විපාකොති තස්මිං නිබ්බත්තභවනෙ දිට්ඨෙ ධම්මෙ එස විපාකො. සම්පරායෙ ච දුග්ගතීති “යමලොකං උපපජ්ජරෙ”ති වුත්තෙ සම්පරායෙ ච දුග්ගති.
සම්පරායො පරලොව රතී පඤ්චකාම ගුණයෙහි ඇලීම, ඛිඩ්ඩා කායික ක්‍රීඩා ආදී ක්‍රීඩා; දිට්ඨෙව ධම්මෙ ස විපාකො ඒ උපන් ස්ථානයෙහි ඇස් ඉදිරිපිට දී ම මේ විපාක වේ. සම්පරායෙ ච දුග්ගති යනු “යමලොකං ච උප්පජ්ජරෙ යි කී කල පරලොව ද දුගතිය යි.
වදඤ්ඤූති භික්ඛූ ඝරද්වාරෙ ඨිතා කිඤ්චාපි තුණ්හීව හොන්ති, අත්ථතො පන – “භික්ඛං දෙථා”ති වදන්ති නාම. තත්ර යෙ “මයං පචාම, ඉමෙ පන න පචන්ති, පචමානෙ පත්වා අලභන්තා කුහිං ලභිස්සන්තී”ති? දෙය්යධම්මං සංවිභජන්ති, තෙ වදඤ්ඤූ නාම. පකාසන්තීති විමානප්පභාය ජොතන්ති. පරසම්භතෙසූති පරෙහි සම්පිණ්ඩිතෙසු. සම්පරායෙ ච සුග්ගතීති, “එතෙ සග්ගා”ති එවං වුත්තසම්පරායෙ සුගති. උභින්නම්පි වා එතෙසං තතො චවිත්වා පුන සම්පරායෙපි දුග්ගතිසුගතියෙව හොතීති.
වදඤ්ඤූ භික්ෂූහුගේ දොරකඩ සිටියාහු කිසියම් තුෂ්ණීම් භාවයකින් (කථා නො කර) සිටිති. (එහි) තේරුම නම්, “භික්ෂාව දෙනු මැනවි’යි කියත්. එහි යම් කෙනෙක් “අපි උයමු. මේ අය නො උයති. උයමින් සිටින කල්හි ළඟට පැමිණ නො ලබන්නාහු කොහෙන් ලබත් දැයි දිය යුතු දේ බෙදා දෙති. ඒ අය ‘වදඤ්ඤූ’ (දන් දෙන සුලු) නමි. පකාසෙන්ති විමාන ප්‍රභාවෙන් බබළත්. පරසම්භතෙසු අනුන් විසින් රැස් කරන ලද, සම්පරායො ච සුග්ගති මේ ස්වර්ගය යි මෙසේ කියන ලද පරලොව ද සුගතිය යි, ඒ දෙක්හිම හෝ, ඉන් චුතව යළි පරලොව ද දුගති සුගති ම වන්නේ ය.
නවමං.
නව වැනි සූත්‍රය යි.
10. ඝටීකාරසුත්තවණ්ණනා
10. ඝටීකාර සූත්‍ර වර්ණනාව
දසමෙ උපපන්නාසෙති නිබ්බත්තිවසෙන උපගතා. විමුත්තාති අවිහාබ්රහ්මලොකස්මිං උපපත්තිසමනන්තරමෙව අරහත්තඵලවිමුත්තියා විමුත්තා. මානුසං දෙහන්ති ඉධ පඤ්චොරම්භාගියසංයොජනානි එව වුත්තානි. දිබ්බයොගන්ති පඤ්ච උද්ධම්භාගියසංයොජනානි. උපච්චගුන්ති අතික්කමිංසු. උපකොතිආදීනි තෙසං ථෙරානං නාමානි. කුසලී භාසසී තෙසන්ති, “කුසල”න්ති ඉදං වචනං ඉමස්ස අත්ථීති කුසලී, තෙසං ථෙරානං ත්වං කුසලං අනවජ්ජං භාසසි, ථොමෙසි පසංසසි, පණ්ඩිතොසි දෙවපුත්තාති වදති. තං තෙ ධම්මං ඉධඤ්ඤායාති තෙ ථෙරා තං ධම්මං ඉධ තුම්හාකං සාසනෙ ජානිත්වා. ගම්භීරන්ති ගම්භීරත්ථං. බ්‍රහ්මචාරී නිරාමිසොති නිරාමිසබ්රහ්මචාරී නාම අනාගාමී, අනාගාමී අහොසින්ති අත්ථො. අහුවාති අහොසි. සගාමෙය්යොති එකගාමවාසී. පරියොසානගාථා සඞ්ගීතිකාරෙහි ඨපිතාති.
දස වැන්නෙහි උපපන්නා සෙ උත්පත්ති වශයෙන් පැමිණි, විමුත්තා අවිහ ආදි බ්‍රහ්ම ලෝකයෙහි උත්පත්තියට අනතුරු ව ම අර්හත් ඵල විමුක්තියෙන් විමුක්තියට පත්, මානුසං දෙහං මෙහි පඤ්ච ඕරම්භාගිය සංයෝජන ම කියන ලදි. දිබ්බං යොගං පඤ්ච උද්ධම්භාගිය සංයොජන, උපච්චගුං ඉක්මවා ගියහ (තරණය කළහ), උපකො ආදිය ඒ තෙරවරුන්ගේ නම් ය. කුසලී භාසසි තෙසං කුසලය යන මෙය මොහුට ඇතැයි ‘කුසලී’ ඒ තෙරවරුන්ට ඔබ කුසලයක් නිවැරදි දෙයක් පවසහි. ගුණ වර්ණනා කරහි, ප්‍රශංසා කරන්නෙහි, දේව පුත්‍රයා පණ්ඩිතයෙකි යි කියයි. තං තෙ ධම්මං ඉධඤ්ඤාය ඒ තෙරවරු ඒ දහම මෙහි - ඔබ වහන්සේලාගේ සසුනෙහි - දැන, ගම්භීරං ගැඹුරු අර්ථ බ්‍රහ්මචාරී නිරාමිසො නිරාමිස බ්‍රහ්මචාරී නම් වූ; අනාගාමි විය යනු අරුත යි. අහුවා විය. සගාමෙය්ය එක් ගමක වසන. අවසාන ගාථාව සංගීති කාරකයන් විසින් යොදන ලදි.
දසමං.
දස වැනි සූත්‍රය යි.
ආදිත්තවග්ගො පඤ්චමො.
පස්වැනි ආදිත්ත වර්ගය යි.