6. ජරාවග්ගො අට්ඨකථා
6. ජරා වර්ගය
1. ජරාසුත්තවණ්ණනා
1. ජරා සූත්‍ර වර්ණනාව
ජරාවග්ගස්ස පඨමෙ සාධූති ලද්ධකං භද්දකං. සීලං යාව ජරාති ඉමිනා ඉදං දස්සෙති – යථා මුත්තාමණිරත්තවත්ථාදීනි ආභරණානි තරුණකාලෙයෙව සොභන්ති, ජරාජිණ්ණකාලෙ තානි ධාරෙන්තො “අයං අජ්ජාපි බාලභාවං පත්ථෙති, උම්මත්තකො මඤ්ඤෙ”ති වත්තබ්බතං ආපජ්ජති, න එවං සීලං. සීලඤ්හි නිච්චකාලං සොභති. බාලකාලෙපි හි සීලං රක්ඛන්තං “කිං ඉමස්ස සීලෙනා”ති? වත්තාරො නත්ථි. මජ්ඣිමකාලෙපි මහල්ලකකාලෙපීති.
ජරා වග්ගයෙහි පළමු වැන්නේ සාධු සිත් ගන්නා දෙය, භද්‍රක (යහපත් දෙය) සීලං යාව ජරා - මෙයින් මෙය පෙන්වා ලයි: යම් සේ මුතු මැණික් රන් වස්ත්‍ර ආදි ආභරණ තරුණ කාලයේ පමණක් ශෝභන වේ. ජරා ජීර්ණ (මහලු) කාලයෙහි ඒවා දරන්නේ මොහු අදත් තරුණ බව පතයි, උන්මත්තකයෙකැයි සිතමි යි කිව යුතු තත්ත්වයට පත් වේ. ශීලය එසේ නො වේ. ශීලය සදා කල්හි බබළයි. බාලකාලයෙහිත් ශීලය රකින්නා ‘මොහුට ශීලයෙන් කිම’ යි කියන්නකු නැත. මධ්‍යම කාලයෙහිත් මහලු කාලයෙහිත් නැත.
සද්ධා සාධු පතිට්ඨිතාති හත්ථාළවකචිත්තගහපතිආදීනං විය මග්ගෙන ආගතා පතිට්ඨිතසද්ධා නාම සාධු. පඤ්ඤා නරානං රතනන්ති එත්ථ චිත්තීකතට්ඨාදීහි රතනං වෙදිතබ්බං. වුත්තඤ්හෙතං –
සද්ධා සාධු පතිට්ඨිතා හත්ථාලවක, චිත්තගහපති ආදීන්ගේ මෙන් මාර්ගයන් ආ, පිහිටුවන ලද ශ්‍රද්ධාව නම් යහපත් ය. පඤ්ඤා නරානං රතනං මෙහි අලංකාර කරන ලද අට රුවන බව දත යුතු ය. එය කියන ලද්දේ ම ය:
“යදි චිත්තීකතන්ති රතනං, නනු භගවා චිත්තීකතො පුරිසසීහො, යෙ ච ලොකෙ චිත්තීකතා, තෙසං චිත්තීකතො භගවා. යදි රතිකරන්ති රතනං, නනු භගවා රතිකරො පුරිසසීහො, තස්ස වචනෙන චරන්තා ඣානරතිසුඛෙන අභිරමන්ති. යදි අතුල්යන්ති රතනං, නනු භගවා අතුලො පුරිසසීහො. න හි සක්කා තුලෙතුං ගුණෙහි ගුණපාරමිං ගතො. යදි දුල්ලභන්ති රතනං, නනු භගවා දුල්ලභො පුරිසසීහො. යදි අනොමසත්තපරිභොගන්ති රතනං, නනු භගවා අනොමො සීලෙන සමාධිනා පඤ්ඤාය විමුත්තියා විමුත්තිඤාණදස්සනෙනා”ති.
ඉදින් රත්නය අලංකාර කරන ලද්දේ නම් භාග්‍යවතුන් වහන්සේ චිත්‍රීකෘත (අලංකාර කරන ලද) පුරුෂ සිංහයෙක් නො වේ ද? ලොවෙහි චිත්‍රීකෘත කෙනෙක් වෙත් ද ඔවුන් අතර භාග්‍යවතුන් වහන්සේ චිත්‍රීකෘත ය. ඉදින් රත්නය රතිකෘත (ආහ්ලාදකර) ද, භාග්‍යවතුන් වහන්සේ රතිකෘත පුරුෂ සිංහයෙක් නො වන සේක් ද? උන්වහන්සේගේ වචනය අනුව හැසිරෙන්නාහු ධ්යානරතිසුවයෙන්-අතිසුඛයෙන්-ප්‍රීති වෙත්, ඉදින් රත්නය අතුල (අසම) නම්, භාග්‍යවතුන් වහන්සේ අතුල පුරුෂ සිංහයෙක් නො වන සේක් ද? ගුණ පාරමීයට ගිය සේක් ගුණයෙන් සමාන කිරීමට නො හැකි ය. ඉදින් රත්නය දුර්ලභ ය. භාග්‍යවතුන් වහන්සේ දුර්ලභ පුරුෂ සිංහයෙක් නො වන සේක් ද? ඉදින් රත්නය උතුම් මිනිසුන්ගේ පරිභෝග වස්තුවක් නම්, භාග්‍යවතුන් වහන්සේ ශීලයෙන් සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන් විමුක්ති දර්ශනයෙන් උතුම් නො වේ ද?
ඉධ පන දුල්ලභපාතුභාවට්ඨෙන පඤ්ඤා “රතන”න්ති වුත්තං. පුඤ්ඤන්ති පුඤ්ඤචෙතනා, සා හි අරූපත්තා පරිහරිතුං න සක්කාති.
මෙහි දුර්ලභ ලෙස පහළ වීමේ අර්ථයෙන් ප්රඥාරතනය යි කියන ලදි. පුඤ්ඤං පුණ්‍ය චේතනා ය. එය රූප (ශරීර) නො වන බැවින් පැහැර ගෙන යාමට නො හැක්කේ යි.
පඨමං.
ප්‍රථම සූත්‍රය යි.
2. අජරසාසුත්තවණ්ණනා
2. අජරසා සූත්‍ර වර්ණනාව
දුතියෙ අජරසාති අජීරණෙන, අවිපත්තියාති අත්ථො. සීලඤ්හි අවිපන්නමෙව සාධු හොති, විපන්නසීලං ආචරියුපජ්ඣායාදයොපි න සඞ්ගණ්හන්ති, ගතගතට්ඨානෙ නිද්ධමිතබ්බොව හොතීති.
දෙවැන්නෙහි අජරසා සාධු නො දිරීමෙන් විනාශ නො වීමෙන් යන අර්ථ යි, ශීලය විනාශ නො වූයේ ම යහපත් වේ. විපතට පත් ශීලය ආචාර්ය උපාධ්‍යාය ආදීහු පවා ගණන් නො ගනිත්. ගිය ගිය තැන ඉවත් කළ යුත්තේ වෙයි.
දුතියං.
දෙවැනි සූත්‍රය යි.
3. මිත්තසුත්තවණ්ණනා
3. මිත්ත සූත්‍ර වර්ණනාව
තතියෙ සත්ථොති සද්ධිංචරො, ජඞ්ඝසත්ථො වා සකටසත්ථො වා. මිත්තන්ති රොගෙ උප්පන්නෙ පාටඞ්කියා වා අඤ්ඤෙන වා යානෙන හරිත්වා ඛෙමන්තසම්පාපනෙන මිත්තං. සකෙ ඝරෙති අත්තනො ගෙහෙ. තථාරූපෙ රොගෙ ජාතෙ පුත්තභරියාදයො ජිගුච්ඡන්ති, මාතා පන අසුචිම්පි චන්දනං විය මඤ්ඤති. තස්මා සා සකෙ ඝරෙ මිත්තං. සහායො අත්ථජාතස්සාති උප්පන්නකිච්චස්ස යො තං කිච්චං වහති නිත්ථරති, සො කිච්චෙසු සහ අයනභාවෙන සහායො මිත්තං, සුරාපානාදිසහායා පන න මිත්තා. සම්පරායිකන්ති සම්පරායහිතං.
තෙවැන්නෙහි සත්ථො එකට යන-පයින් වෙළඳාමට යන-සමූහය (තවලම) හෝ ගැල් සමූහය හෝ: මිත්තං රෝගයක් හට ගත් කල්හි පල්ලැක්කියකින් හෝ වෙනත් යානයකින් හෝ ගෙන ගොස් ආරක්ෂිත ස්ථානයකට පමුණුවන බැවින් මිත්‍ර වූ, සකෙ ඝරෙ තමාගේ ගෙහි, ඒ ආකාරයේ රෝගයක් හටගත් කල්හි පුතුන් බිරින්දන් ආදින් පිළිකුල් කරති. මව වූ කලී අශුචි පවා සඳුන් මෙන් සලකයි. එහෙයින් ඇය තම ගෙහි මිතුරා ය. සහායො අත්ථජාතස්ස කළ යුතු කටයුතු ඇත්තෙකුගේ ඒ කාර්යය යමෙක් උසුළයි ද, (නිමවා) එතෙර කරයි ද ඔහු කාර්යයන්හි දී එකට යන බැවින් ‘සහායයා’ මිත්‍රයා; සුරාපාන සහායයෝ මිත්‍රයෝ නො වෙත්. සම්පරායිකං පරලොව හිත කැමති වෙත්.
තතියං.
තුන්වන සූත්‍රය යි.
4. වත්ථුසුත්තවණ්ණනා
4. වත්ථු සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ පුත්තා වත්ථූති මහල්ලකකාලෙ පටිජග්ගනට්ඨෙන පුත්තා පතිට්ඨා. පරමොති අඤ්ඤෙසං අකථෙතබ්බස්සපි ගුය්හස්ස කථෙතබ්බයුත්තතාය භරියා පරමො සඛා නාම.
සිවු වැන්නේ පුත්තා වත්ථු මහලු කාලයෙහි පෝෂණය කිරීමේ අර්ථයෙන් පුත්‍රයෝ ප්‍රතිෂ්ඨාව වෙත්. පරමො අන්‍යයනට නො කිව යුතු රහත් වුව ද කිවයුතු බැවින් භාර්යාව පරම යහළුවා නමි.
චතුත්ථං.
සිවු වැනි සූත්‍රය යි.
5. පඨමජනෙතිසුත්තවණ්ණනා
5. පඨමජනෙති සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ විධාවතීති පරසමුද්දාදිගමනවසෙන ඉතො චිතො ච විධාවති.
පස් වැන්නෙහි - විධාවති අන් සමුදුර ආදි ගමන් වශයෙන් එහෙ මෙහෙ දුවයි.
පඤ්චමං.
පස් වැනි සූත්‍රය යි.
6. දුතියජනෙතිසුත්තවණ්ණනා
6. දුතියජනෙති සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ දුක්ඛාති වට්ටදුක්ඛතො.
සය වැන්නේ - දුක්ඛා සසර දුකින්.
ඡට්ඨං.
සය වැනි සූත්‍රය යි.
7. තතියජනෙතිසුත්තවණ්ණනා
7. තතිය ජනෙති සූත්‍ර වර්ණනාව
සත්තමෙ පරායණන්ති නිප්ඵත්ති අවස්සයො.
සත් වැන්නේ - පරායනං නිෂ්පත්තියට (ඵලයට) උපකාර වන (පිහිට වන).
සත්තමං.
සත් වැනි සූත්‍රය යි.
8. උප්පථසුත්තවණ්ණනා
8. උප්පථ සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ රාගො උප්පථොති සුගතිඤ්ච නිබ්බානඤ්ච ගච්ඡන්තස්ස අමග්ගො. රත්තින්දිවක්ඛයොති රත්තිදිවෙහි, රත්තිදිවෙසු වා ඛීයති. ඉත්ථී මලන්ති සෙසං බාහිරමලං භස්මඛාරාදීහි ධොවිත්වා සක්කා සොධෙතුං, මාතුගාමමලෙන දුට්ඨො පන න සක්කා සුද්ධො නාම කාතුන්ති ඉත්ථී “මල”න්ති වුත්තා. එත්ථාති එත්ථ ඉත්ථියං පජා සජ්ජති. තපොති ඉන්ද්රියසංවරධුතඞ්ගගුණවීරියදුක්කරකාරිකානං නාමං, ඉධ පන ඨපෙත්වා දුක්කරකාරිකං සබ්බාපි කිලෙසසන්තාපිකා පටිපදා වට්ටති. බ්රහ්මචරියන්ති මෙථුනවිරති.
අට වැන්නේ - රාගෙන උප්පථො සුගතියටත් නිවනටත් යන්නෙකුට නො මග. රත්තින්දිවක්ඛයො රෑ දවල්වලින් හෝ රෑ දවල්වල දී හෝ ගෙවී යයි. ඉත්ථි මලං අනෙකුත් බාහිර මළ, අළු - ක්ෂාර ආදියෙන් සෝදා හැරීමට පුළුවන. ස්ත්‍රී මළෙන් දූෂණය වූයේ පවිත්‍ර කිරීමට නම් නො හැක්කේ ම යයි ‘ඉත්ථි මලං’ යි කියන ලදි. එත්ථ මෙහි ස්ත්‍රිය කෙරෙහි. පජා සජ්ජති (සත්ත්වයා ඇලේ); තපො ඉන්ද්රිය සංවර ධුත ගුණ වීර්ය දුෂ්කර ක්‍රියා කරන්නන්ගේ නමකි. මෙහි දුෂ්කර ක්‍රියාව හැර කෙළෙස් තවන සියලු ම ප්රතිපදාවන් සුදුසු ය. බ්රහ්මචරියං මෙවුන්දමෙන් තොර වීම.
අට්ඨමං.
අට වැනි සූත්‍රය යි.
9. දුතියාසුත්තවණ්ණනා
9. දුතියා සූත්‍ර වර්ණනාව
නවමෙ කිස්ස චාභිරතොති කිස්මිං අභිරතො. දුතියාති සුගතිඤ්චෙව නිබ්බානඤ්ච ගච්ඡන්තස්ස දුතියිකා. පඤ්ඤා චෙනං පසාසතීති පඤ්ඤා එතං පුරිසං “ඉදං කරොහි, ඉදං මාකරී”ති අනුසාසති.
නව වැන්නේ - කිස්ස චාභිරතො කුමක්හි ඇළුනේ ද, දුතියා සුගතියටත් නිවනටත් යන්නෙකුට දෙවැන්නී, පඤ්ඤා චෙනං පසාසති ප්‍රඥාව ඒ පුරුෂයාට මෙය කරව, මෙය නො කරව යි අනුශාසනා කරයි.
නවමං.
නව වැනි සූත්‍රය යි.
10. කවිසුත්තවණ්ණනා
10. කවි සූත්‍ර වර්ණනාව
දසමෙ ඡන්දො නිදානන්ති ගායත්තිආදිකො ඡන්දො ගාථානං නිදානං. පුබ්බපට්ඨාපනගාථා ආරභන්තො හි “කතරච්ඡන්දෙන හොතූ”ති ආරභති. වියඤ්ජනන්ති ජනනං. අක්ඛරං හි පදං ජනෙති, පදං ගාථං ජනෙති, ගාථා අත්ථං පකාසෙතීති. නාමසන්නිස්සිතාති සමුද්දාදිපණ්ණත්තිනිස්සිතා. ගාථා ආරභන්තො හි සමුද්දං වා පථවිං වා යං කිඤ්චි නාමං නිස්සයිත්වාව ආරභති. ආසයොති පතිට්ඨා. කවිතො හි ගාථා පවත්තන්ති. සො තාසං පතිට්ඨා හොතීති.
දස වැන්නේ - ඡන්දො නිදානං ගායත්‍රී ආදි ඡන්දස් ගාථානං (ගාථාවන්ගේ) නිදානය, මුලින් පිහිටුවන ගාථා අරඹන්නේ කවර ඡන්දසකින් වන්නේ දැයි අරඹයි. වියඤ්ජනං ජනනය යි. අක්ෂරය පද උපදවයි. පද ගාථා උපදවයි. ගාථා අර්ථයක් ප්‍රකාශ කරයි. නාම සන්නිස්සිතා සමුද්‍ර ආදි ප්රඥප්ති ආශ්රිත, ගාථා අරඹන්නේ සමුද්‍රය හෝ පෘථිවිය හෝ යම් කිසි නමක් ආශ්‍රය කොට ගෙන ම අරඹයි. ආසයො ප්‍රතිෂ්ඨාව, කවීහු ගාථා පවත්වත්, ඔහු (කවියා) ඒවාහි ප්‍රතිෂ්ඨාව වන්නේ ය යි.
දසමං.
දස වැනි සූත්‍රය යි.
ජරාවග්ගො ඡට්ඨො.
සය වැනි ජරා වර්ගය යි.