යෙදුමෙන් කියවන්න

7. අන්‍වවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

7. අන්ව වර්ගය

1. නාමඅන්‍වභවිසුත‍්තවණ‍්ණනා

1. නාම අන්වභවි සූත්‍ර වර්ණනාව

අද‍්ධවග‍්ගස‍්ස පඨමෙ නාමං සබ‍්බං අද‍්ධභවීති නාමං සබ‍්බං අභිභවති අනුපතති. ඔපපාතිකෙන වා හි කිත‍්තිමෙන වා නාමෙන මුත‍්තො සත‍්තො වා සඞ‍්ඛාරො වා නත්‍ථි. යස‍්සපි හි රුක‍්ඛස‍්ස වා පාසාණස‍්ස වා “ඉදං නාම නාම”න‍්ති න ජානන‍්ති, අනාමකොත්‍වෙව තස‍්ස නාමං හොති.

අන්‍ව වග්ගයෙහි පළමු වැන්නෙහි - නාමං සබ්බං අන්‍වභවි නාමය සියල්ල අභිභවනය කරයි, පහර දෙයි, කරයි. ඕපපාතික ලෙස හෝ කෘත්‍රිම නාමයෙන් මිදුණු සත්ත්වයකු හෝ සංස්කාරයක් හෝ නැත. යම් රුකක් හෝ ගලක් මේ නමැයි (මේ නම් වෙතැයි) නො දනිත් ද “නමක් නො මැති” යන්න ම එහි නම වේ.

පඨමං.

ප්‍රථම සූත්‍රය යි.

2. චිත‍්තසුත‍්තවණ‍්ණනා

2. චිත්ත සූත්‍ර වර්ණනාව

දුතියෙ සබ‍්බෙව වසමන්‍වගූති යෙ චිත‍්තස‍්ස වසං ගච‍්ඡන‍්ති, තෙසංයෙව අනවසෙසපරියාදානමෙතං.

දෙවැන්නෙහි - සබ්බෙව වසමන්‍වගු යම් කෙනේක සිතේ වසඟයට යත් ද එය ඒවායෙහි ම අනවශේෂයෙන් ග්‍රහණය කිරීම ය.

දුතියං.

දෙවැනි සූත්‍රය යි.

3. තණ‍්හාසුත‍්තවණ‍්ණනා

3. තණ්හා සූත්‍ර වර්ණනාව

තතියෙපි එසෙව නයො.

තුන් වැන්නෙහි ද මේ න්‍යාය ම ය.

තතියං.

තුන් වැනි සූත්‍රය යි.

4. සංයොජනසුත‍්තවණ‍්ණනා

4. සංයෝජන සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ කිං සු සංයොජනොති කිං සංයොජනො කිං බන්‍ධනො? විචාරණන‍්ති විචරණා පාදානි. බහුවචනෙ එකවචනං කතං. විතක‍්කස‍්ස විචාරණන‍්ති විතක‍්කො තස‍්ස පාදා.

සිවු වැන්නේ - කිංසු සංයොජනො කුමන සංයෝජන ද? කුමන බන්ධන ද? විචාරණං ‘චරණ’ පාද ය. බහු වචනයෙහි ලා ඒක වචනය කරන ලදි. විතක්කස්ස විචාරණං විතර්කය එහි පාද ය.

චතුත්‍ථං.

සිවු වැනි සූත්‍රය යි.

5. බන්‍ධනසුත‍්තවණ‍්ණනා

5. බන්ධන සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙපි එසෙව නයො.

පස් වැන්නෙහි ද මේ න්‍යාය ම ය.

පඤ‍්චමං.

පස් වැනි සූත්‍රය යි.

6. අබ‍්භාහතසුත‍්තවණ‍්ණනා

6. අබ්හාහත සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ කෙනස‍්සුබ‍්භාහතොති කෙන අබ‍්භාහතො. සු-කාරො නිපාතමත‍්තං. ඉච‍්ඡාධූපායිතොති ඉච‍්ඡාය ආදිත‍්තො.

සය වැන්නේ - කෙනස්සුබ්භාහතො ‘කෙන සු අබ්භාහතො’ (කුමකින් ලුහුබඳන ලද ද?) ‘සු’ නිපාත මාත්‍රයකි. ඉච්ඡාධූමායිතො තෘෂ්ණාවෙන් ගිනි ගෙන ඇත්තේ ය.

ඡට‍්ඨං.

සය වැනි සූත්‍රය යි.

7. උඩ‍්ඩිතසුත‍්තවණ‍්ණනා

7. උඩ්ඩිත සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ තණ‍්හාය උඩ‍්ඩිතොති තණ‍්හාය උල‍්ලඞ‍්ඝිතො. චක‍්ඛුඤ‍්හි තණ‍්හාරජ‍්ජුනා ආවුනිත්‍වා රූපනාගදන‍්තෙ උඩ‍්ඩිතං, සොතාදීනි සද‍්දාදීසූති තණ‍්හාය උඩ‍්ඩිතො ලොකො. මච‍්චුනා පිහිතොති අනන‍්තරෙ අත‍්තභාවෙ කතං කම‍්මං න දූරං එකචිත‍්තන‍්තරං, බලවතියා පන මාරණන‍්තිකවෙදනාය පබ‍්බතෙන විය ඔත්‍ථටත‍්තා සත‍්තා තං න බුජ‍්ඣන‍්තීති “මච‍්චුනා පිහිතො ලොකො”ති වුත‍්තං.

සත් වැන්නෙහි - තණ්හාය උඩ්ඩිතො තෘෂ්ණාවෙන් එල්ලා ඇත. (බැඳ දමා ඇත.) චක්ෂුව (ඇස) තෘෂ්ණා රැහැනින් ගොතා රූප නමැති නාගදත්තයෙහි (කොක්කෙහි) එල්ලා තබන ලදි. කණ ආදිය ශබ්දාදිය යන ආකාරයට ලෝකය තෘෂ්ණාවෙන් එල්ලන ලද්දේ ය. මච්චුනා පිහිතො සත්ත්වයෝ, අනන්තර (පූර්ව) ආත්ම භාවයෙහි කරන ලද කර්මය ආසන්න එක් චිත්තාන්තරයක් බලවත් මාරාන්තික වේදනාව නිසා පර්වතයකින් මෙන් වැසුණු බව නිසා අවබෝධ කර නො ගනිත් යි මච්චුනා පිහිතො ලොකො (ලෝකය මරහු විසින් වසන ලද්දේ ය) යයි කියන ලදි.

සත‍්තමං.

සත් වැනි සූත්‍රය යි.

8. පිහිතසුත‍්තවණ‍්ණනා

8. පිහිත සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ ස‍්වෙව පඤ‍්හො දෙවතාය හෙට‍්ඨුපරියායවසෙන පුච‍්ඡිතො.

අට වැන්නේ - එම ප්‍රශ්නය පහළ ඉහළ (පෙර පසු) වශයෙන් ප්‍රශ්න කරන ලදි.

අට‍්ඨමං.

අට වැනි සූත්‍රය යි.

9. ඉච‍්ඡාසුත‍්තවණ‍්ණනා

9. ඉච්ඡා සූත්‍ර වර්ණනාව

නවමෙ සබ‍්බං උත‍්තානමෙව.

නව වැන්නේ - සියල්ල කී පරිදි ය.

නවමං.

නව වැනි සූත්‍රය යි.

10. ලොකසුත‍්තවණ‍්ණනා

10. ලෝක සූත්‍ර වර්ණනාව

දසමෙ කිස‍්මිං ලොකො සමුප‍්පන‍්නොති කිස‍්මිං උප‍්පන‍්නෙ ලොකො උප‍්පන‍්නොති පුච‍්ඡති. ඡසූති ඡසු අජ‍්ඣත‍්තිකෙසු ආයතනෙසු උප‍්පන‍්නෙසු උප‍්පන‍්නොති වුච‍්චති. ඡසු කුබ‍්බතීති තෙසුයෙව ඡසු සන්‍ථවං කරොති. උපාදායාති තානියෙව ච උපාදාය ආගම‍්ම පටිච‍්ච පවත‍්තති. විහඤ‍්ඤතීති තෙසුයෙව ඡසු විහඤ‍්ඤති පීළියති. ඉති අජ‍්ඣත‍්තිකායතනවසෙන අයං පඤ‍්හො ආගතො, අජ‍්ඣත‍්තිකබාහිරානං පන වසෙන ආහරිතුං වට‍්ටති. ඡසු හි අජ‍්ඣත‍්තිකායතනෙසු උප‍්පන‍්නෙසු අයං උප‍්පන‍්නො නාම හොති, ඡසු බාහිරෙසු සන්‍ථවං කරොති, ඡන‍්නං අජ‍්ඣත‍්තිකානං උපාදාය ඡසු බාහිරෙසු විහඤ‍්ඤතීති.

දස වැන්නේ - කිස්මිං ලොකො සමුප්පන්නො කුමක් හටගත් කල්හි ලෝකය උපන්නේ දැයි කියයි. ඡස්සු ආධ්‍යාත්මික ආයතන සය උපන් කල්හි ‘උපන්නේ ය’ යි කියනු ලැබේ. ඡස්සු කුබ්බති ඒ හයේ ම සන්‍ථවං (එක් ව වාසය කිරීම) (කුබ්බති =) කරයි. උපාදාය ඒ හය ම දැඩි ව අල්ලා ගෙන පැමිණ ප්‍රතීත්‍ය ව පවතී. විහඤ්ඤති ඒ සයෙහි ම නැසෙයි. පෙළෙයි. මෙසේ ආධ්‍යාත්මික ආයතන වශයෙන් මේ ප්‍රශ්නය පැමිණියේ ය. ආධ්‍යාත්මික බාහිර වශයෙන් ගැනීම වටී. ආධ්‍යාත්මික ආයතන සයෙහි උපන් කල්හි මෙය ‘උප්පන්න’ නම් වේ. බාහිර ආයතනවල සන්‍ථවය (එක් ව සිටීම) කරයි. ආධ්‍යාත්මික ආයතන හය පාදක කොට ගෙන බාහිර ආයතන සයේ පෙළයි යනුයි.

දසමං.

දස වැනි සූත්‍රය යි.

අද‍්ධවග‍්ගො සත‍්තමො.

සත් වැනි වර්ගය යි.