7. අන්‍වවග‍්ගො
7. අන්‍ව වර්‍ගය
1. 7. 1.
1. 7. 1.
නාම[අන්‍වභවි]සුත‍්තං
නාම [අන්‍වභවි] සූත්‍රය.
61. සාවත්‍ථියං–
61. සැවැත් නුවර –
[දෙවතා:]
[දෙවි:]
කිංසු සබ‍්බං අන්‍වභවි කිස‍්මා භිය්‍යො න විජ‍්ජති, කිස‍්සස‍්ස එකධම‍්මස‍්ස සබ‍්බෙව වසමන්‍වගූති.
කිමෙක් සියල්ල යටපත් කොට සිටියේ ද? කිමෙකින් වැඩියෙක්නැද්ද? සියල්ලෝ ම කිනම් එකදහමක්හුගේ වසයට ගියාහු ද?
[භගවා:]
[භගවත්හු:]
නාමං සබ‍්බං අන්‍වභවි නාමා භිය්‍යො න විජ‍්ජති, නාමස‍්ස එකධම‍්මස‍්ස සබ‍්බෙව වසමන්‍වගූති.
නාමය සියල්ල යටපත් කොට සිටියේ ය. නාමයෙන් වැඩියෙක් නැත. සියල්ලෝ ම නාමසඞ්ඛාත එක ම දහම්හුගේ වසයට ගියාහු ය.
1. 7. 2.
1. 7. 2.
චිත‍්තසුත‍්තං
චිත්ත සූත්‍රය
[දෙවතා:]
[දෙවි:]
62. කෙනස‍්සු නීයති ලොකො කෙනස‍්සු පරිකස‍්සති, කිස‍්සස‍්ස එකධම‍්මස‍්ස සබ‍්බෙව වසමන්‍වගූති.
62. ලොව කිමෙකින් පමුණුවනු ලැබේ ද? කිමෙකින් අදනා ලැබේ ද? සියල්ලෝ ම කිනම් එක් දහමක්හුගේ වසයට ගියාහු ද?
[භගවා:]
[භගවත්හු:]
චිත‍්තෙන නීයති ලොකො චිත‍්තෙන පරිකස‍්සති, චිත‍්තස‍්ස එකධම‍්මස‍්ස සබ‍්බෙව වසමන්‍වගූති.
සිතින් ලොව පමුණුවනු ලැබේ. සිතින් අදනා ලැබේ. සියල්ලෝ ම සිත් නමැති මේ එක ම දහම්හුගේ වසයට ගියාහු ය.
1. 7. 3.
1. 7. 3.
තණ‍්හාසුත‍්තං
තණ්හා සූත්‍රය
[දෙවතා:]
[දෙවි:]
63. කෙනස‍්සු නීයති ලොකො කෙනස‍්සු පරිකස‍්සති, කිස‍්සස‍්ස එකධම‍්මස‍්ස සබ‍්බෙව වසමන්‍වගූති.
63. ලොව කිමෙකින් පමුණුවනු ලැබේ ද? කිමෙකින් අදනා ලැබේ ද? සියල්ලෝ ම කිනම් එක් දහමක්හුගේ වසයට ගියාහු ද?
[භගවා:]
[භගවත්හු:]
තණ‍්හාය නීයති ලොකො තණ‍්හාය පරිකස‍්සති, තණ‍්හාය එකධම‍්මස‍්ස සබ‍්බෙව වසමන්‍වගූති.
ලොව තෘෂ්ණායෙන් පමුණුවනු ලැබේ. තෘෂ්ණායෙන් අදනා ලැබේ. සියල්ලෝ ම තෘෂ්ණා නමැති මේ එක් දහම්හුගේ වසයට ගියාහු ය.
1. 7. 4.
1. 7. 4.
සංයොජනසුත‍්තං
සංයෝජන සූත්‍රය
[දෙවතා:]
[දෙවි:]
64. කිංසු සංයොජනො ලොකො කිංසු තස‍්ස විචාරණං, කිස‍්සස‍්ස විප‍්පහාණෙන නිබ‍්බණෙමිති වුච‍්චතීති.
64. ලොව කුමක් බැඳුම් කොට ඇත්තේ ද? එහි පාද කිමෙක් ද? කුමක් ප්‍රහාණි කිරීමෙන් නිවණ යයි කියනු ලැබේ ද?
[භගවා:]
[භගවත්හු:]
නන්‍දි සංයොජනො ලොකො විතක‍්කස‍්ස විචාරණං, තණ‍්හාය විප‍්පහාණෙන නිබ‍්බාණමිති වුච‍්චතීති.
ලොව රාගය බැඳුම් කොට ඇත්තේ ය. එහි පාද විතර්‍කයෝ යි. තෘෂ්ණාව ප්‍රහාණි කිරීමෙන් නිවණ ය යි කියනු ලැබේ.
1. 7. 5.
1. 7. 5.
බන්‍ධනසුත‍්තං
බන්‍ධන සූත්‍රය
[දෙවතා:]
[දෙවි:]
65. කිංසු සම‍්බන්‍ධනො ලොකො කිංසු තස‍්ස විචාරණං, කිස‍්සස‍්ස විප‍්පහානෙන සබ‍්බං ඡින්‍දති බන්‍ධනන‍්ති.
65. ලොව කුමක් බැඳුම් කොට ඇත්තේ ද? එහි පාද කිමෙක් ද? කුමක් ප්‍රහාණි කිරීමෙන් සියලු බැඳුම් සිඳී ද?
[භගවා:]
[භගවත්හු:]
නන්‍දි සම‍්බන්‍ධනො ලොකො විතක‍්කස‍්ස විචාරණං, තණ‍්හාය විප‍්පහානෙන සබ‍්බං ඡින්‍දති බන්‍ධනන‍්ති.
ලොව රාගය බැඳුම් කොට ඇත්තේ ය. එහි පාද විතර්‍කයෝ යි. තෘෂ්ණාව ප්‍රහාණි කිරීමෙන් සියලු බැඳුම් සිඳී.
1. 7. 6.
1. 7. 6.
අබ‍්භාහතසුත‍්තං
අබ්හාහත සූත්‍රය
[දෙවතා:]
[දෙවි:]
66. කෙනස‍්සුබ‍්භාහතො ලොකො කෙනස‍්සු පරිවාරිතො, කෙන සල‍්ලෙන ඔතිණ‍්ණො කිස‍්ස ධූමායිතො සදාති.
66. ලොව කිමෙකින් ලුහුබඳනා ලද ද? කිමෙකින් පිරිවරණ ලද ද? කුමන හුලෙකින් බැස ගන්නා ලද ද? කිමෙකින් හැමකල්හි දුමන ලද ද?
[භගවා:]
[භගවත්හු:]
මච‍්චුනා’බ‍්භාහතො ලොකො ජරාය පරිවාරිතො, තණ‍්හාසල‍්ලෙන ඔතිණ‍්ණො ඉච‍්ඡාධූමායිතො සදාති.
ලොව මරහු විසින් ලුහුබඳනා ලදී. ජරායෙන් පිරිවරණ ලදී. තෘෂ්ණාහුලෙන් බැස ගන්න ලදී. තෘෂ්ණායෙන් හැමකල්හි දුමන ලදී.
1. 7. 7.
1. 7. 7.
උඩ‍්ඩිතසුත‍්තං
උඩ්ඩිත සූත්‍රය.
[දෙවතා:]
[දෙවි:]
67. කෙනස‍්සු උඩ‍්ඩිතො ලොකො කෙනස‍්සු පරිවාරිතො, කෙනස‍්සු පිහිතො ලොකො කිස‍්මිං ලොකො පතිට‍්ඨිතොති.
67. ලොව කිමෙකින් නඟන ලද්දේ ද? කිමෙකින් පිරිවරණ ලද්දේ ද? කිමෙකින් වසන ලද්දේ ද? ලොව කිමෙක පිහිටියේ ද?
[භගවා:]
[භගවත්හු:]
තණ‍්හාය උඩ‍්ඩිතො ලොකො ජරාය පරිවාරිතො, මච‍්චුනා පිහිතො ලොකො දුක‍්ඛෙ ලොකො පතිට‍්ඨිතොති.
ලොව තෘෂ්ණායෙන් නඟන ලද්දේ ය. ජරායෙන් පිරිවරණ ලද්දේ ය. ලොව මරහු විසින් වසන ලද්දේ ය. ලොව දුකෙහි පිහිටියේ ය.
1. 7. 8.
1. 7. 8.
පිහිතසුත‍්තං
පිහිත සූත්‍රය.
[දෙවතා:]
[දෙවි:]
68. කෙනස‍්සු පිහිතො ලොකො කිස‍්මිං ලොකො පතිට‍්ඨිතො, කෙනස‍්සු උඩ‍්ඩිතො ලොකො කෙනස‍්සු පරිවාරිතොති.
68. ලොව කිමෙකින් වසන ලද්දේ ද? ලොව කිමෙක පිහිටියේ ද? ලොව කිමෙකින් එල්බුම් ලද්දේ ද? කිමෙකින් පිරිවරණ ලද්දේ ද?
[භගවා:]
[භගවත්හු:]
මච‍්චුනා පිහිතො ලොකො දුක‍්ඛෙ ලොකො පතිට‍්ඨිතො, තණ‍්හාය උඩ‍්ඩිතො ලොකො ජරාය පරිවාරිතො.
ලොව මරහු විසින් වසන ලද්දේ ය. ලොව දුකෙහි පිහිටියේ ය. ලොව තෘෂ්ණායෙන් එල්බුම් ලද්දේ ය. ජරායෙන් පිරිවරණ ලදේදේ ය.
1. 7. 9.
1. 7. 9.
ඉච‍්ඡාසුත‍්තං
ඉච්ඡා සූත්‍රය
[දෙවතා:]
[දෙවි:]
69. කෙනස‍්සු බජ‍්ඣති ලොකො කිස‍්ස විනයාය මුච‍්චති, කිස‍්සස‍්ස විප‍්පහානෙන සබ‍්බං ඡින්‍දති බන්‍ධනන‍්ති.
69. ලොව කිමෙකින් බැඳේ ද? කුමක් දුරු කිරීමෙන් මිදේ ද? කුමක් ප්‍රහාණි කිරීමෙන් සියලු බැඳුම් සිඳී ද?
[භගවා:]
[භගවත්හු:]
ඉච‍්ඡාය බජ‍්ඣති ලොකො ඉච‍්ඡාවිනයාය මුච‍්චති, ඉච‍්ඡාය විප‍්පහානෙන සබ‍්බං ඡින්‍දති බන්‍ධනන‍්ති.
ලොව තෘෂ්ණායෙන් බැඳේ. තෘෂ්ණාව දුර ලීමෙන් මිදේ. තෘෂ්ණාව ප්‍රහාණි කිරීමෙන් සියලු බැඳුම් සිඳී.
1. 7. 10.
1. 7. 10.
ලොකසුත‍්තං
ලෝක සූත්‍රය
[දෙවතා:]
[දෙවි:]
70. කිස‍්මිං ලොකො සමුප‍්පන‍්නො කිස‍්මිං කුබ‍්බති සන්‍ථවං, කිස‍්ස ලොකො උපාදාය කිස‍්මිං ලොකො විහඤ‍්ඤතීති.
70. කුමක් හටගත් කල්හි ලොව හටගත්තේ වේ ද? කිමෙක සන්‍ථවය කෙරේ ද? ලොව කුමක් නිසා කිමෙක පෙළේ ද?
[භගවා:]
[භගවත්හු:]
ඡස‍්සු ලොකො සමුප‍්පන‍්නො ඡස‍්සු කුබ‍්බති සන්‍ථවං, ඡන‍්නමෙව උපාදාය ඡස‍්සු ලොකො විහඤ‍්ඤතීති.
ෂඩායතන හටගත් කල්හි ලොව හටගත්තේ වේ. ෂඩායතනයෙහි සන්‍ථවය කෙරේ. ෂඩායතන ම නිසා ෂඩායතනයෙහි ලොව පෙළේ.
අන්‍වවග‍්ගො සත‍්තමො.
අන්‍ව වර්‍ගය සත්වැනියි.
තත්‍රුද‍්දානං:
එහි උද්දානය:
නාමං චිත‍්තඤ‍්ච තණ‍්හා ච සංයොජනඤ‍්ච බන්‍ධනා, අබ‍්භාහතුඩ‍්ඩිතො පිහිතො ඉච‍්ඡා ලොකෙන තෙ දසාති.
නාම, චිත්ත, තණ්හා, සංයෝජන, බන්‍ධන, අබ්භාහත, උඩ්ඩිත, පිහිත, ඉච්ඡා, ලෝක ය යි ඒ සූත්‍ර දශයෙකි