යෙදුමෙන් කියවන්න

8. ඣත්‍වාවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

8. ඣත්‍වාවග‍්ගො

8. ඣත්‍වා වර්‍ගය

1. 8. 1.

1. 8. 1.

ඣත්‍වාසුත‍්තං

ඣත්‍වා සූත්‍රය

71. සාවත්‍ථියං–

71. සැවැත්නුවර–

එකමන‍්තං ඨිතා ඛො සා දෙවතා භගවන‍්තං ගාථාය අජ‍්ඣභාසි.

එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය.

කිං සු ඣත්‍වා සුඛං සෙති කිංසු ඣත්‍වා න සොචති, කිස‍්සස‍්ස එකධම‍්මස‍්ස වධං රොචෙසි ගොතමාති.

කුමක් නසා සුව සේ හොවී ද? කුමක් නසා ශෝක නො කෙරේ ද? ගෞතමයන් වහන්ස, කිනම් එක්දහමක්හුගේ නැසීම රුස්නෙහි ද?

[භගවා:]

[භගවත්හු:]

කොධං ඣත්‍වා සුඛං සෙති කොධං ඣත්‍වා න සොචති, කොධස‍්ස විසමූලස‍්ස මධුරග‍්ගස‍්ස දෙවතෙ, වධං අරියා පසංසන‍්ති තං හි ඣත්‍වා න සොචතීති.

ක්‍රෝධය නසා සුවසේ හොවී. ක්‍රෝධය නසා ශෝක නො කෙරේ. දෙවිය, විෂ වූ මුල ඇති මිහිරි අග ඇති ක්‍රෝධය නැසීම ආර්‍ය්‍යයෝ පසසත්. එය නසා ම ශෝක නො කෙරේ.

1. 8. 2.

1. 8. 2.

රථසුත‍්තං

රථ සූත්‍රය.

[දෙවතා:]

[දෙවි:]

72. කිං සු රථස‍්ස පඤ‍්ඤාණං කිං සු පඤ‍්ඤාණමග‍්ගිනො, කිං සු රට‍්ඨස‍්ස පඤ‍්ඤාණං කිං සු පඤ‍්ඤාණමිත්‍ථියාති.

72. රියට සලකුණ කිමෙක් ද? ගින්නට සලකුණ කිමෙක් ද? රටට සලකුණ කිමෙක් ද? ස්ත්‍රියට සලකුණ කිමෙක් ද?

[භගවා:]

[භගවත්හු:]

ධජො රථස‍්ස පඤ‍්ඤාණං ධූමො පඤ‍්ඤාණමග‍්ගිනො, රාජා රට‍්ඨස‍්ස පඤ‍්ඤාණං භත‍්තා පඤ‍්ඤාණමිත්‍ථියාති.

ධ්වජය රියට සලකුණ යි. දුම ගින්නට සලකුණ යි. රජ රටට සලකුණ යි. සැමියා ස්ත්‍රියට සලකුණ යි.

1. 8. 3.

1. 8. 3.

විත‍්තසුත‍්තං.

විත්ත සූත්‍රය.

[දෙවතා:]

[දෙවි:]

73. කිං සූධ විත‍්තං පුරිසස‍්ස සෙට‍්ඨං කිං සු සුචිණ‍්ණො සුඛමාවහාති, කිං සු හවෙ සාදුතරං රසානං කථංජීවිං ජීවිතමාහු සෙට‍්ඨන‍්ති.

73. මෙලොව සත්ත්‍වයාට කිමෙක් ශ්‍රේෂ්ඨ ධනය වේ ද? කුමක් මැනවින් පුරුදු කරණ ලද්දේ සුව එළවා ද? රසයන් අතුරෙන් කිමෙක් ඉතා මිහිරි ද? කෙසේ ජීවත් වන්නහු ශ්‍රේෂ්ඨ ජීවිත ඇතියහ යි කියද් ද?

[භගවා:]

[භගවත්හු:]

සද‍්ධීධ විත‍්තං පුරිසස‍්ස සෙට‍්ඨං ධම‍්මො සුචිණ‍්ණො සුඛමාවහාති, සච‍්චං හවෙ සාදුතරං රසානං පඤ‍්ඤාජීවිං ජීවිතමාහු සෙට‍්ඨන‍්ති.

මෙලොව සත්ත්‍වයාට ශ්‍රද්ධාව ශ්‍රේෂ්ඨ ධනය වේ. දහම මැනවින් පුරුදු කරණ ලද්දේ සුව එළවයි. රසයන් අතුරෙන් සත්‍යය ඒකාන්තයෙන් ඉතා මිහිරිය. නුවණින් ජීවත් වන්නහු ශ්‍රේෂ්ඨ ජීවිත ඇතිහය යි කියත්.

1. 8. 4.

1. 8. 4.

වුට‍්ඨිසුත‍්තං.

වුට්ඨි සූත්‍රය.

[දෙවතා:]

[දෙවි:]

74. කිං සු උප‍්පතතං සෙට‍්ඨං කිං සු නිපතතං වරං, කිං සු පවජමානානං කිං සු පවදතං වරන‍්ති.

74. නැඟගනුවන් අතුරෙන් කිමෙක් ශ්‍රේෂ්ඨ ද? හෙනුවන් අතුරෙන් කිමෙක් උතුම් ද? පයින් ගමන් කරන්නවුන් අතුරෙන් කවරෙක් උතුම් ද? කථා කරන්නවුන් අතුරෙන් කවරෙක් උතුම් ද? යි

[අපරා දෙවතා:]

[අනෙක් දෙවියෙක්:]

බීජං උප‍්පතතං සෙට‍්ඨං වුට‍්ඨි නිපතතං වරා, ගාවො පවජමානානං පුත‍්තො පවදතං වරොති.

නැඟගනුවන් අතුරෙන් බිජුවට ශ්‍රේෂ්ඨ යි. හෙනුවන් අතුරෙන් වැස්ස උතුම් ය. පයින් යන්නවුන් අතුරෙන් ගවයෝ උතුම්හ. කථා කරන්නවුන් අතුරෙන් පුත්‍රයා උතුම්ය යි.

[භගවා:]

[භගවත්හු:]

විජ‍්ජා උප‍්පතතං සෙට‍්ඨා අවිජ‍්ජා නිපතතං වරා, සඞ‍්ඝො පවජමානානං බුද‍්ධො පවදතං වරොති.

නැඟගනුවන් අතුරෙන් විද්‍යාව ශ්‍රේෂ්ඨ ය. හෙනුවන් අතුරෙන් අවිද්‍යාව උතුම් ය. පයින් යන්නවුන් අතුරෙන් සඞ්ඝයා උතුම් ය. කථා කරන්නවුන් අතුරෙන් බුදුරජ උතුම් ය යි.

1. 8. 5.

1. 8. 5.

භීතසුත‍්තං.

භීත සූත්‍රය.

[දෙවතා:]

[දෙවි:]

75. කිං සූ’ධ භීතා ජනතා අනෙකා මග‍්ගො ච නෙකායතනං පවුත‍්තො, පුච‍්ඡාමි තං ගොතම භූරිපඤ‍්ඤ කිස‍්මිං ඨිතො පරලොකං න භායෙති.

75. මහාප්‍රාඥ වූ ගෞතමයන් වහන්ස, මුඹවහන්සේ විචාරමි. මාර්‍ගය ද (අටතිස් අරමුණු විසින්) නොයෙක් කරුණු ඇත්තක් කොට ප්‍රකාශ කරණ ලද්දේ ය. මේ ලෝකයෙහි නොයෙක් ජන සමූහයෝ කුමට බිය වූවාහු ද? කිමෙක සිටියේ පරලොවට බිය නොවන්නේ ද?

[භගවා:]

[භගවත්හු:]

වාචං මනඤ‍්ච පණිධාය සම‍්මා කායෙන පාපානි අකුබ‍්බමානො, බව‍්හන‍්නපානං ඝරමාවසන‍්තො සද‍්ධො මුදූ සංවිභාගී වදඤ‍්ඤූ, එතෙසු ධම‍්මෙසු ඨිතො චතූසු ධම‍්මෙ ඨිතො පරලොකං න භායෙති.

වචනය ද සිත ද මනා කොට පිහිටුවා, කයින් පව් නොකරණ, බොහෝ ආහාරපාන ඇති ගෙහි වසන, ශ්‍රද්ධාවත්, මෘදුගුණ ඇති, බෙදා දී වළඳන සුලු, දන්කලු, සිවු දහම්හි සිටි පුද්ගල තෙමේ දහම්හි සිටියේ පරලොවට බිය නො වන්නේ ය.

1. 8. 6.

1. 8. 6.

නජීරතිසුත‍්තං

නජීරතී සූත්‍රය

[දෙවතා:]

[දෙවි:]

76. කිං සු ජීරති කිං න ජීරති කිං සු උප‍්පථොති වුච‍්චති, කිං සු ධම‍්මානං පරිපන්‍ථො කිං සු රත‍්තින්‍දිවක‍්ඛයො, කිං මලං බ්‍රහ‍්මචරියස‍්ස කිං සිනානමනොදකං.

76. කිමෙක් දිරා ද? කිමෙක් නො දිරා ද? කිමෙක් නොමග ය යි කියනු ලැබේ ද? දහමුන්ට උවදුරු කිමෙක් ද? කිමෙක් රෑදෙවෙහි ගෙවේ ද? බඹසරට කිලුට කිමෙක් ද? දියරහිත නෑම කිමෙක්ද?

කති ලොකස‍්මිං ඡිද‍්දානි යත්‍ථ චිත‍්තං න තිට‍්ඨති, භගවන‍්තං පුට‍්ඨුමාගම‍්ම කථං ජානෙමු තං මයන‍්ති.

යම් තැනක සිත නො සිටී නම් ලොව (එබඳු) සිදුරු කෙතෙක් ද? භාගවතුන් වහන්සේ විචාරන්නට අවුත් (සිටින) අපි ඒ කෙසේ දනිමු ද?

[භගවා:]

[භගවත්හු:]

රූපං ජීරති මච‍්චානං නාමගොත‍්තං න ජීරති, රාගො උප‍්පථොති වුච‍්චති ලොභො ධම‍්මානං පරිපන්‍ථො වයො රත‍්තින්‍දිවක‍්ඛයො ඉත්‍ථිමලං බ්‍රහ‍්මචරියස‍්ස එත්‍ථායං සජ‍්ජතෙ පජා, තපො ච බ්‍රහ‍්මචරියඤ‍්ච තං සිනානමනොදකං.

සත්ත්‍වයන්ගේ රූපය දිරයි. නාමගෝත්‍රය නො දිරයි. රාගය නොමග ය යි කියනු ලැබේ. ලෝභය දහමුන්ට උවදුරු ය. වයස රෑදෙවෙහි ගෙවේ. ස්ත්‍රිය බඹසරට කිලුට ය. මේ සත්ත්‍වසමූහයා මෙහි ඇලේ, තපස ද බඹසර ද (යන) එය දිය රහිත නමැයි.

ඡ ලොකස‍්මිං ඡිද‍්දානි යත්‍ථ විත‍්තං න තිට‍්ඨති, ආලස‍්සං ච පමාදො ච අනුට‍්ඨානං අසංයමො, නිද‍්දා තන්‍දි ච තෙ ඡිද‍්දෙ සබ‍්බසො තං විවජ‍්ජයෙති.

යම් තැනෙක සිත නො සිටී නම් ලොව එබඳු සිදුරු සයෙකි. අලසබව ද පමාව ද නැගී නො සිටීම ද අසංවරය ද නින්ද ද තෙමරිය ද ඒ සිදුරු යි. එය සර්‍වප්‍රකාරයෙන් දුරු කරන්නේ ය.

1. 8. 7.

1. 8. 7.

ඉස‍්සරසුත‍්තං.

ඉස්සර සූත්‍රය.

[දෙවතා:]

[දෙවි:]

77. කිං සු ඉස‍්සරියං ලොකෙ කිං සු භණ‍්ඩානමුත‍්තමං, කිං සු සත්‍ථමලං ලොකෙ කිං සු ලොකස‍්මිං අබ‍්බුදං.

77. ලොව අධිපති බව කිමෙක් ද? බඩු අතුරෙන් කිමෙක් උතුම් ද? ලොව මලබැඳි සැත කිමෙක් ද? ලොව උවදුරු කිමෙක් ද?

කිං සු හරන‍්තං වාරෙන‍්ති හරන‍්තො පන කො පියො, කිං සු පුනප‍්පුනායන‍්තං අභිනන්‍දන‍්ති පණ‍්ඩිතාති.

හැර ගෙණ යන කවරකු වළකත් ද? හැර ගෙණ යන කවරෙක් ප්‍රිය වේ ද? පුනපුනා එන කවරකු පණ්ඩිතයෝ පිළිගණිද් ද?

[භගවා:]

[භගවත්හු:]

වසො ඉස‍්සරියං ලොකෙ ඉත්‍ථි භණ‍්ඩානමුත‍්තමං, කොධො සත්‍ථමලං ලොකෙ චොරා ලොකස‍්මිං අබ‍්බුදං

ලොව වශය (අණ පැවැත්වීම) අධිපති බව යි. බඩු අතුරෙන් ස්ත්‍රිය උතුම් ය. ලොව ක්‍රෝධය මලබැඳි සැතයි. සොරු ලොව උවදුරුහ.

චොරං හරන‍්තං වාරෙන‍්ති හරන‍්තො සමණො පියො, සමණං පුනප‍්පුනායන‍්තං අභිනන්‍දන‍්ති පණ‍්ඩිතාති.

හැර ගෙණ යන සොරහු වළකත්. හැර ගෙණ යන මහණ තෙමේ ප්‍රිය වේ. පුනපුනා එන මහණහු පණ්ඩිතයෝ පිළිගණිත්.

1. 8. 8.

1. 8. 8.

කාමසුත‍්තං

කාම සූත්‍රය.

[දෙවතා]

[දෙවි:]

78. කිමත්‍ථකාමො න දදෙ කිං මච‍්චො න පරිච‍්චජෙ, කිං සු මුඤ‍්චෙය්‍ය කල්‍යාණං පාපිකඤ‍්ච න මොචයෙති.

78. වැඩ කැමති සත්ත්‍ව තෙමේ කුමක් නො දෙන්නේ ද? කුමක් නො හරනේ ද? යහපත් වූ කුමක් මුදන්නේ ද? ලාමක වූ කුමක් නො මුදන්නේ ද?

[භගවා:]

[භගවත්හු:]

අත‍්තානං න දදෙ පොසො අත‍්තානං න පරිච‍්චජෙ, වාචං මුඤ‍්චෙය්‍ය කල්‍යාණං පාපිකඤ‍්ච න මොචයෙති.

සත්ත්‍ව තෙමේ තමා නො දෙන්නේ ය. තමා නො හරනේ ය. යහපත් වචන මුදන්නේ ය. ලාමක වචන නො මුදන්නේ ය යි.

1. 8. 9.

1. 8. 9.

පාථෙය්‍යසුත‍්තං

පාථෙය්‍ය සූත්‍රය.

[දෙවතා:]

[දෙවි:]

79. කිං සු බන්‍ධති පාථෙය්‍යං කිං සු භොගානමාසයො, කිං සු නරං පරිකස‍්සති කිං සු ලොකස‍්මිං දුජ‍්ජහං, කිස‍්මිං බද‍්ධා පුථු සත‍්තා පාසෙන සකුණී යථාති.

79. කිමෙක මගඋවරණ බඳී ද? කිමෙක භෝගයන්ට පිහිට වේ ද? කිමෙක් මිනිසා අදනේ ද? ලොව කිමෙක දුර ලීමට දුෂ්කර ද? මළපුඩුවෙන් බැඳුනු ලිහිණියක මෙන් බොහෝ සත්ත්‍වයෝ කිමෙක බැඳුනාහු ද?

[භගවා:]

[භගවත්හු:]

සද‍්ධා බන්‍ධති පාථෙය්‍යං සිරී භොගානමාසයො, ඉච‍්ඡා නරං පරිකස‍්සති ඉච‍්ඡා ලොකස‍්මිං දුජ‍්ජහා, ඉච‍්ඡාබද‍්ධා පුථුසත‍්තා පාසෙන සකුණී යථාති.

ශ්‍රද්ධාව මගඋවරණ බඳී. ඓශ්වර්‍ය්‍යය භෝගයන්ට ප්‍රතිෂ්ඨාස්ථාන ය යි. තෘෂ්ණාව සත්ත්‍වයා අදනේ ය. ලොව තෘෂ්ණාව දුරලීමට දුෂ්කර ය. මළපුඩුවෙන් බැඳුනු ලිහිණියක මෙන් බොහෝ සත්ත්‍වයෝ තෘෂ්ණායෙන් බැඳුනෝ ය.

1. 8. 10.

1. 8. 10.

පජ‍්ජොතසුත‍්තං

පජ්ජෝත සූත්‍රය.

[දෙවතා:]

[දෙවි:]

80. කිං සු ලොකස‍්මිං පජ‍්ජොතො කිං සු ලොකස‍්මිං ජාගරො, කිං සු කම‍්මෙ සජීවානං කිමස‍්ස ඉරියාපථො.

80. ලොව පහන කිමෙක් ද? ලොව නිදිවරන්නා කවරෙක් ද? සමග ජීවත්වන්නවුන්ට කවරෙක් කර්‍මාන්තයෙහි (සහාය) වේ ද? කිමෙක් ඔහුගේ ඉරියව්ව (දිවිපැවැත්ම) වේ ද?

කිං සු අලසං අනලසඤ‍්ච මාතා පුත‍්තංව පොසති, කිං සු භූතූපජීවන‍්ති යෙ පාණා පඨවිංසිතාති.

කිමෙක් අලසයාත් අනලසයාත් මව පුතකු පුස්නාක් සෙයින් පුස්නේ ද? පොළොව ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙත් නම් (ඒ) සත්ත්‍වයෝ කුමක් ඇසුරු කොට ජීවත් වෙද් ද?

[භගවා:]

[භගවත්හු:]

පඤ‍්ඤා ලොකස‍්මිං පජ‍්ජොතො සති ලොකස‍්මිං ජාගරො, ගාවො කම‍්මෙ සජීවානං සීතස‍්ස ඉරියාපථො.

නුවණ ලොව පහන ය. සිහිය ලොව නිදිවරන්නා ය. එක්ව ජීවත් වන්නවුන්ට කර්‍මාන්තයෙහි ගෙරිහු (සහාය) වෙති. හීවට ඔහුගේ ඉරියව්ව (දිවිපැවැත්ම) යි.

වුට‍්ඨි අලසං අනලසඤ‍්ච මාතා පුත‍්තංව පොසති, වුට‍්ඨිං භූතූපජීවන‍්ති යෙ පාණා පඨවිංසිතාති.

වැස්ස අලසයාත් අනලසයාත් මව පුතකු පුස්නාක් සෙයින් පුස්නේ ය, පොළොව ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙත් නම් ඒ සත්ත්‍වයෝ වැස්ස නිසා ජීවත් වෙත්.

1. 8. 11.

1. 8. 11.

අරණසුත‍්තං

අරණ සූත්‍රය.

[දෙවතා:]

[දෙවි:]

81. කෙ සූධ අරණා ලොකෙ කෙසං වුසිතං න නස‍්සති, කෙධ ඉච‍්ඡං පරිජානන‍්ති කෙසං භොජිස‍්සියං සදා.

81. මේ ලෙව්හි කවුරු කෙලෙස් නැත්තෝ ද? කවුරුන්ගේ විසීම නො නැසේ ද? මෙහි කවුරු තෘෂ්ණාව පිරිසිඳ දනිද් ද? කවුරුන්ට හැමකල්හි නිදහස්බව වේ ද?

කිං සු මාතා පිතා භාතා වන්‍දන‍්තී නං පතිට‍්ඨිතං, කිං සු ඉධ ජාතිහීනං අභිවාදෙන‍්ති ඛත‍්තියාති.

(ශීලයෙහි) පිහිටි ඒ කවරකුට මවත් පියාත් බෑයාත් වැඳිද් ද? මෙලොව්හි පහත් ජාති ඇති කවරකුට ක්‍ෂත්‍රියයෝ වැඳිද් ද?

[භගවා:]

[භගවත්හු:]

සමණීධ අරණා ලොකෙ සමණානං වුසිතං න නස‍්සති, සමණා ඉච‍්ඡං පරිජානන‍්ති සමණානං භොජිස‍්සියං සදා.

මෙලොව්හි ශ්‍රමණයෝ කෙලෙස් නැත්තෝ ය. ශ්‍රමණයන්ගේ විසීම නො නැසේ. ශ්‍රමණයෝ තෘෂ්ණාව පිරිසිඳ දනිත්. ශ්‍රමණයන්ට හැමකල්හි නිදහස් බව වේ.

සමණං මාතා පිතා භාතා වන්‍දන‍්ති නං පතිට‍්ඨිතං, සමණීධ ජාතිහීනං අභිවාදෙන‍්ති ඛත‍්තියාති.

ශීලයෙහි පිහිටි ඒ ශ්‍රමණයාට මවත් පියාත් බෑයාත් වඳිත්. මෙහි පහත් ජාති ඇති ශ්‍රමණයාට ක්‍ෂත්‍රියයෝ වඳිත්.

ඣත්‍වාවග‍්ගො අට‍්ඨමො.

ඣත්‍වා වර්‍ගය අට වැනියී.

තත්‍රුද‍්දානං:

එහි උද්දානය:

ඣත්‍වා රථඤ‍්ච චිත‍්තඤ‍්ච වුට‍්ඨි භීතා න ජීරති, ඉස‍්සරං කාමං පාථෙය්‍යං පජ‍්ජොතො අරණෙනචාති.

ඣත්‍වා, රථ, චිත්ත, වුට්ඪි, භීත, නජීරති, ඉස්සර, කාම, පාථෙය්‍ය, පජේජාත, අරණ ය යි සූත්‍ර එකොළොසෙකි.

දෙවතාසංයුත‍්තං සමත‍්තං.

දේවතා සංයුත්තය නිමියේ ය.