8. ඣත්වාවග්ගො අට්ඨකථා
8. ඣත්වා වර්ගය
1. ඣත්වාසුත්තවණ්ණනා
1. ඣත්වා සූත්‍ර වර්ණනාව
ඡෙත්වාවග්ගස්ස පඨමෙ ඡෙත්වාති වධිත්වා. සුඛං සෙතීති කොධපරිළාහෙන අපරිදය්හමානත්තා සුඛං සයති. න සොචතීති කොධවිනාසෙන විනට්ඨදොමනස්සත්තා න සොචති. විසමූලස්සාති දුක්ඛවිපාකස්ස. මධුරග්ගස්සාති කුද්ධස්ස පටිකුජ්ඣිත්වා, අක්කුට්ඨස්ස පච්චක්කොසිත්වා, පහටස්ස ච පටිපහරිත්වා සුඛං උප්පජ්ජති, තං සන්ධාය මධුරග්ගොති වුත්තො. ඉමස්මිං හි ඨානෙ පරියොසානං අග්ගන්ති වුත්තං. අරියාති බුද්ධාදයො.
ඣත්වා වග්ගයෙහි පළමු වැන්නේ - ඣත්වා නසා, සුඛං සෙති ක්‍රෝධ පරිළාහ (දැවිල්ල) මගින් නො දවන බැවින් සුවසේ නිදයි, න සොචති ක්‍රෝධය විනාශ කිරීම මගින් දොම්නස බව විනාශ කිරීමෙන් ශෝක නො කරයි. විසමූලස්ස දුක් විපාකයේ මධුරග්ගස්ස කිපුණු අයට කෝප කොට, ආක්‍රෝශ (පරිභව) කළ අය හට ප්රතිපරිභව කොට, පහර දුන් අයට ප්‍රතිප්‍රහාර දී සැපයක් උපදී. ඒ දැක්වීම පිණිස මේ ‘මධුරග්ගො’ යන්න පවසන ලදි. මෙතැන්හි අවසානය ‘අග’ යයි කියන ලදි. අරියා බුද්ධාදීහු.
පඨමං.
ප්‍රථම සූත්‍රය යි.
2. රථසුත්තවණ්ණනා
2. රථ සූත්‍ර වර්ණනාව
දුතියෙ පඤ්ඤායති එතෙනාති පඤ්ඤාණං. ධජො රථස්සාති මහන්තස්මිං හි සඞ්ගාමසීසෙ දූරතොව ධජං දිස්වා “අසුකරඤ්ඤො නාම අයං රථො”ති රථො පාකටො හොති. තෙන වුත්තං “ධජො රථස්ස පඤ්ඤාණ”න්ති. අග්ගිපි දූරතොව ධූමෙන පඤ්ඤායති. චොළරට්ඨං පණ්ඩුරට්ඨන්ති එවං රට්ඨම්පි රඤ්ඤා පඤ්ඤායති. චක්කවත්තිරඤ්ඤො ධීතාපි පන ඉත්ථී “අසුකස්ස නාම භරියා”ති භත්තාරං පත්වාව පඤ්ඤායති. තස්මා ධූමො පඤ්ඤාණමග්ගිනොතිආදි වුත්තං.
දෙවැන්නේ - මෙයින් පෙන්වති යි (හඳුන්වති යි) -පඤ්ඤාණං (සලකුණයි). ධජො රථස්ස මහත් යුද්ධයක ඉදිරියෙහි ඈතින් ම කොඩිය දැක මෙය අසුවල් රජුගේ රථය යි ප්‍රකට වෙයි. එහෙයින් ‘ධජො රථස්ස පඤ්ඤාණං’ කියන ලදි. ගින්න ද ඈත සිට ම දුමෙන් (සලකුණ සේ පෙන්වයි) සොළී රට පඬු රට යි මෙසේ රට ද රජු විසින් පෙන්වයි. සක්විති රජුගේ දියණිය වුව ද ස්ත්‍රිය අසුවලාගේ භාර්යාව යයි සැමියකු කරා පැමිණ ම හඳුන්වයි. එහෙයින් ධූමො පඤ්ඤාණමග්ගිනො (දුම ගින්නට සලකුණයි) ආදිය කියන ලදි.
දුතියං.
දෙවන සූත්‍රය යි.
3. විත්තසුත්තවණ්ණනා
3. විත්ත සූත්‍ර වර්ණනාව
තතියෙ සද්ධීධ විත්තන්ති යස්මා සද්ධො සද්ධාය මුත්තමණිආදීනිපි විත්තානි ලභති, තිස්සොපි කුලසම්පදා, ඡ කාමසග්ගානි, නව බ්රහ්මලොකෙ පත්වා පරියොසානෙ අමතමහානිබ්බානදස්සනම්පි ලභති, තස්මා මණිමුත්තාදීහි විත්තෙහි සද්ධාවිත්තමෙව සෙට්ඨං. ධම්මොති දසකුසලකම්මපථො. සුඛමාවහතීති සබ්බම්පි සාසවානාසවං අසංකිලිට්ඨසුඛං ආවහති. සාදුතරන්ති ලොකස්මිං ලොණම්බිලාදීනං සබ්බරසානං සච්චමෙව මධුරතරං. සච්චස්මිං හි ඨිතා සීඝවෙගං නදිම්පි නිවත්තෙන්ති, විසම්පි නිම්මද්දෙන්ති, අග්ගිම්පි පටිබාහන්ති, දෙවම්පි වස්සාපෙන්ති, තස්මා තං සබ්බරසානං මධුරතරන්ති වුත්තං. පඤ්ඤාජීවිං ජීවිතමාහු සෙට්ඨන්ති යො පඤ්ඤාජීවී ගහට්ඨො සමානො පඤ්චසු සීලෙසු පතිට්ඨාය සලාකභත්තාදීනි පට්ඨපෙත්වා පඤ්ඤාය ජීවති, පබ්බජිතො වා පන ධම්මෙන උප්පන්නෙ පච්චයෙ “ඉදමත්ථ”න්ති පච්චවෙක්ඛිත්වා පරිභුඤ්ජන්තො කම්මට්ඨානං ආදාය විපස්සනං පට්ඨපෙත්වා අරියඵලාධිගමවසෙන පඤ්ඤාය ජීවති, තං පඤ්ඤාජීවිං පුග්ගලං සෙට්ඨං ජීවිතං ජීවතීති ආහු.
තුන් වැන්නෙහි - සද්ධීධ විත්තං යම් හේතුවකින් ශ්‍රද්ධාවෙන් මුතු මැණික් ආදියත් ධනයත් ලබයි ද, කුලසම්ප්රදායන් තුන ද, කාමස්වර්ග හය ද, නව බ්‍රහ්ම ලෝකයට ද පැමිණ, අවසානයේ අමෘත මහා නිර්වාණ දර්ශනය ද ලබයි ද, එබැවින් මිණි මුතු ආදි ධනයෙන් ශ්‍රද්ධා ධනය ම ශ්‍රේෂ්ට වෙයි. ධම්මො දශකුශල කර්ම පථය යි. සුඛමාවහාති සාසව අනාසව (කිළිටි නො කිළිටි) සියලු ම සැප ගෙන එයි. සාදුතරං ලෝකයෙහි ලුණු ඇඹුල් ආදි සියලු රසවලින් සත්‍යය ම වඩා මිහිරි ය. සත්‍යයෙහි පිහිටියෝ ශීඝ්රවේගය ඇති ගඟ ද නවතා ලත්, විෂ ද යටපත් කරත්. ගිනි ද වළක්වත්, වැසි ද වස්වත්, එහෙයින් එය සියලු රසයන් අතර මධුරතර ය යි කියන ලදි. පඤ්ඤාජීවිං ජීවිතමාහු සෙට්ඨං යම් නුවණින් ජීවත් වන්නෙක් ගිහියෙකු ව සිටින්නේ පංච ශීලයෙහි පිහිටා, සලාක බත් (කුසපත් ඇදීමෙන් බෙදන ආහාර) ආදියෙහි පිහිටා ප්‍රඥාවෙන් ජීවත් වෙයි ද? පැවිදි වූයේ හෝ දැහැමින් ලත් ප්‍රත්‍යය මෙය අර්ථය (ධනය) යි මෙනෙහි කොට වළඳන්නේ කර්මස්ථානයක් ගෙන විදර්ශනාවෙහි පිහිටා ආර්ය ඵල ලැබීම් වශයෙන් ප්‍රඥාවෙන් ජීවත් වෙයි ද, ඒ ප්‍රඥාවෙන් ජීවත් වන පුද්ගලයා ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කරති යි කීහ.
තතියං.
තුන් වන සූත්‍රය යි.
4. වුට්ඨිසුත්තවණ්ණනා
4. වුට්ඨි සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ බීජන්ති උප්පතන්තානං සත්තවිධං ධඤ්ඤබීජං සෙට්ඨං. තස්මිඤ්හි උග්ගතෙ ජනපදො ඛෙමො හොති සුභික්ඛො. නිපතතන්ති නිපතන්තානං මෙඝවුට්ඨි සෙට්ඨා. මෙඝවුට්ඨියඤ්හි සති විවිධානි සස්සානි උප්පජ්ජන්ති, ජනපදා ඵීතා හොන්ති ඛෙමා සුභික්ඛා. පවජමානානන්ති ජඞ්ගමානං පදසා චරමානානං ගාවො සෙට්ඨා. තා නිස්සාය හි සත්තා පඤ්ච ගොරසෙ පරිභුඤ්ජමානා සුඛං විහරන්ති. පවදතන්ති රාජකුලමජ්ඣාදීසු වදන්තානං පුත්තො වරො. සො හි මාතාපිතූනං අනත්ථාවහං න වදති.
සතර වැන්නෙහි - බීජං (පොළවෙන්) ඉහළට මතුවන දෑ අතුරින් සප්තවිධ වූ ධාන්‍ය බීජ ශ්‍රේෂ්ඨ ය. එය මතු වූ කල්හි ජනපදය ක්ෂේම වෙයි. සුභික්ෂ වෙයි. නිපත්තං පහළට වැටෙන දෑ අතරින් වැස්ස ශ්‍රේෂ්ඨ ය. පවජමානානං ජංගම වූ පයින් ඇවිදින්නන් අතර ගාවො (ගවයෝ) ශ්‍රේෂ්ඨ ය. ඔවුන් හේතු කොට ගෙන මිනිස්සු පස්ගෝ රස පරිභෝජනය කරමින් සැපසේ ජීවත් වෙති. පවදතං රජ පවුල මධ්‍යයේ ආදි තැන්වල කථා කරන්නන් අතර පුත්තො පුත්‍රයා උතුම් ය. හේ මව්පියන්ට අනර්ථයක් ගෙන දෙන දෙයක් නො කියයි.
විජ්ජා උප්පතතං සෙට්ඨාති පුරිමපඤ්හෙ කිර සුත්වා සමීපෙ ඨිතා එකා දෙවතා “දෙවතෙ, කස්මා ත්වං එතං පඤ්හං දසබලං පුච්ඡසි? අහං තෙ කථෙස්සාමී”ති අත්තනො ඛන්තියා ලද්ධියා පඤ්හං කථෙසි. අථ නං ඉතරා දෙවතා ආහ – “යාව පධංසී වදෙසි දෙවතෙ යාව පගබ්භා මුඛරා, අහං බුද්ධං භගවන්තං පුච්ඡාමි. ත්වං මය්හං කස්මා කථෙසී”ති? නිවත්තෙත්වා තදෙව පඤ්හං දසබලං පුච්ඡි. අථස්සා සත්ථා විස්සජ්ජෙන්තො විජ්ජා උප්පතතන්තිආදිමාහ. තත්ථ විජ්ජාති චතුමග්ගවිජ්ජා. සා හි උප්පතමානා සබ්බාකුසලධම්මෙ සමුග්ඝාතෙති. තස්මා “උප්පතතං සෙට්ඨා”ති වුත්තා. අවිජ්ජාති වට්ටමූලකමහාඅවිජ්ජා. සා හි නිපතන්තානං ඔසීදන්තානං වරා. පවජමානානන්ති පදසා චරමානානං ජඞ්ගමානං අනොමපුඤ්ඤක්ඛෙත්තභූතො සඞ්ඝො වරො. තඤ්හි තත්ථ තත්ථ දිස්වා පසන්නචිත්තා සත්තා සොත්ථිං පාපුණන්ති. බුද්ධොති යාදිසො පුත්තො වා හොතු අඤ්ඤො වා, යෙසං කෙසඤ්චි වදමානානං බුද්ධො වරො. තස්ස හි ධම්මදෙසනං ආගම්ම අනෙකසතසහස්සානං පාණානං බන්ධනමොක්ඛො හොතීති.
විජ්ජා උප්පත්තං සෙට්ඨො මුලින් ආ ප්‍රශ්න අසා අසළ සිටි එක් දේවතාවෙක් “දේවතාවනි, ඔබ කුමක් නිසා මේ ප්රශ්නය බුදුන්ගෙන් විමසන්නෙහි ද? මම ඔබට කියා දෙන්නෙමි යි තමාගේ ලබ්ධියෙන් ප්රශ්නය විසඳී ය. ඉක්බිති අනික් දේවතාවා ඔහුට මෙසේ පැවසී ය. දේවතාවනි, නැසෙන්නක් කියහි, මුඛරිබවක් කුමට ද? මම ම භාග්‍යවත් බුදුන් වහන්සේගෙන් විමසමි. ඔබ කුමක් නිසා මා වෙනුවෙන් කථා කරන්නෙහි දැයි නවත්වා ඒ ප්රශ්නය ම බුදුන් වහන්සේගෙන් විමසුවේ ය. එය ඔහුට විසඳමින් ශාස්තෲන් වහන්සේ විජ්ජා උප්පත්තං යනාදිය පැවසූ සේක. එහි විජ්ජා යනු මාර්ග සතර පිළිබඳ විද්‍යාව යි. එය ඉහළ නැගෙන්නේ සියලු අකුසල ධර්මයන් මුලිනුපුටා දමයි. එහෙයින් උප්පත්තං සෙට්ඨා (නැග එන්නන් අතර ශ්‍රේෂ්ඨ ය) යි කියන ලදි. අවිජ්ජා සංසාර (වට්ට) මූලක වූ මහා අවිද්‍යාව, එය පහත වැටෙන්නන්, කිඳා බසින්නන් අතර වරා (උතුම් ය). පවජමානානං පයින් ඇවිදින්නන් අතර ජංගමවූවන් අතර පුණ්යක්ෂේත්රභූත වූ මහා සංඝයා උතුම් ය. උන්වහන්සේ ඒ ඒ තැන දැක පහන් සිත් (ඇති කර) ගත් සත්ත්වයෝ සැපයට පැමිණෙත්. බුද්ධො කවර ආකාරයේ පුතකු හෝ අන්‍යයෙකු හෝ වේවා කථා කරන අය අතුරින් බුදුන් වහන්සේ වරො (ශ්‍රේෂ්ඨ ය), උන්වහන්සේගේ ධර්ම දේශනාවට පැමිණ නොයෙක් දහස් ගණන් ප්‍රාණීන් හට බැඳුම්වලින් මිදීම (නිවන) වන්නේ ය.
චතුත්ථං.
සිවු වැනි සූත්‍රය යි.
5. භීතසුත්තවණ්ණනා
5. භීත සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ කිංසූධ භීතාති කිං භීතා? මග්ගො චනෙකායතනප්පවුත්තොති අට්ඨතිංසාරම්මණවසෙන අනෙකෙහි කාරණෙහි කථිතො. එවං සන්තෙ කිස්ස භීතා හුත්වා අයං ජනතා ද්වාසට්ඨි දිට්ඨියො අග්ගහෙසීති වදති. භූරිපඤ්ඤාති බහුපඤ්ඤ උස්සන්නපඤ්ඤ. පරලොකං න භායෙති ඉමස්මා ලොකා පරං ලොකං ගච්ඡන්තො න භායෙය්ය. පණිධායාති ඨපෙත්වා. බහ්වන්නපානං ඝරමාවසන්තොති අනාථපිණ්ඩිකාදයො විය බහ්වන්නපානෙ ඝරෙ වසන්තො. සංවිභාගීති අච්ඡරාය ගහිතම්පි නඛෙන ඵාලෙත්වා පරස්ස දත්වාව භුඤ්ජනසීලො. වදඤ්ඤූති වුත්තත්ථමෙව.
පස් වැන්නෙහි - කිංසුධ භීතා කුමට බිය වූවාහු ද? මග්ගො ච නෙකායතනං පවුත්තො අටතිස් අරමුණු වශයෙන් නොයෙක් කරුණුවලින් (මාර්ගය) ප්‍රකාශ කරන ලදි. එසේ තිබියදී කුමට බිය වී මේ ජනතාව දෙසැටක් දෘෂ්ටි ගත්තාහු දැයි පවසයි. භූරිපඤ්ඤ බහු පඤ්ඤ (බොහෝ ප්‍රඥා ඇත්තාණනි,) දස්සන පඤ්ඤ (දර්ශන ප්‍රඥා ඇත්තාණනි), උස්සන්නපඤ්ඤ (උත්සන්න වූ ප්‍රඥා ඇත්තාණනි), පරලොකං න භායෙ මේ ලොවින් පරලොව යාමට බිය නො විය යුත්තේ ය. පණිධාය පිහිටුවා බහ්වන්නපානං ඝරමාවසන්තො අනේපිඬු සිටු ආදීන් මෙන් බොහෝ ආහාර පාන ඇති ගෙවල වසන්නෝ, සංවිභාගී දෑඟිලි තුඩුවලින් ගත් දේ පවා නියෙන් පලා අනුන්ට දී අනුභව කරන. වදඤ්ඤු කියන ලද අර්ථය ම ය.
ඉදානි ගාථාය අඞ්ගානි උද්ධරිත්වා දස්සෙතබ්බානි – “වාච”න්ති හි ඉමිනා චත්තාරි වචීසුචරිතානි ගහිතානි, “මනෙනා”තිපදෙන තීණි මනොසුචරිතානි, “කායෙනා”ති පදෙන තීණි කායසුචරිතානි. ඉති ඉමෙ දස කුසලකම්මපථා පුබ්බසුද්ධිඅඞ්ගං නාම. බහ්වන්නපානං ඝරමාවසන්තොති ඉමිනා යඤ්ඤඋපක්ඛරො ගහිතො. සද්ධොති එකමඞ්ගං, මුදූති එකං, සංවිභාගීති එකං, වදඤ්ඤූති එකං. ඉති ඉමානි චත්තාරි අඞ්ගානි සන්ධාය “එතෙසු ධම්මෙසු ඨිතො චතූසූ”ති ආහ.
දැන් ගාථාවේ කොටස් උපුටා ගෙන දැක්විය යුත්තේ ය. වාචං මෙයින් වචී සුචරිත සතර ය. මනෙන යන පදයෙන් මනො සුචරිත තුන, කායෙන යන පදයෙන් කාය සුචරිත තුන යන මේ දශකුශල කර්ම පථ පූර්ව ශුද්ධි අංග නමි. බහ්වන්නපානං ඝරමාවසන්තො මෙයින් යාග උපස්කාර (අංග) ගන්නා ලදි. සද්ධො මුදු සංවිභාගී වදඤ්ඤූ ද (ශ්රද්ධාවත්, මෘදු ගුණ ඇති. බෙදා දී අනුභව කරන, දානයට කැමති) එක් අංගයකි.
අපරොපි පරියායො – වාචන්තිආදීනි තීණි අඞ්ගානි, බහ්වන්නපානන්ති ඉමිනා යඤ්ඤඋපක්ඛරොව ගහිතො, සද්ධො මුදූ සංවිභාගී වදඤ්ඤූති එකං අඞ්ගං. අපරො දුකනයො නාම හොති. “වාචං මනඤ්චා”ති ඉදමෙකං අඞ්ගං, “කායෙන පාපානි අකුබ්බමානො, බහ්වන්නපානං ඝරමාවසන්තො”ති එකං, “සද්ධො මුදූ”ති එකං, “සංවිභාගී වදඤ්ඤූ”ති එකං. එතෙසු චතූසු ධම්මෙසු ඨිතො ධම්මෙ ඨිතො නාම හොති. සො ඉතො පරලොකං ගච්ඡන්තො න භායති.
[missing trans] අනික ‘දුකනය’ නම් වේ. වාචං මනංච මෙය එක් අංගයකි. කායෙන පාපානි අකුබ්බමානො බහ්වන්නපානං ඝරමාවසන්තො එකකි. සද්ධො මුදු එකකි. සංවිභාගී වදඤ්ඤූ එකකි. මේ ධර්ම සතරෙහි සිටියේ ධර්මයෙහි සිටියේ නම් වේ. හේ මෙයින් පරලොව යන්නට බිය නො වේ.
පඤ්චමං.
පස් වැනි සූත්‍රය යි.
6. නජීරතිසුත්තවණ්ණනා
6. නජීරතී සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ නාමගොත්තං න ජීරතීති අතීතබුද්ධානං යාවජ්ජදිවසා නාමගොත්තං කථියති, තස්මා න ජීරතීති වුච්චති. පොරාණා පන “අද්ධානෙ ගච්ඡන්තෙ න පඤ්ඤායිස්සති, ජීරණසභාවො පන න හොතියෙවා”ති වදන්ති. ආලස්යන්ති ආලසියං, යෙන ඨිතට්ඨානෙ ඨිතොව, නිසින්නට්ඨානෙ නිසින්නොව හොති, තෙලෙපි උත්තරන්තෙ ඨිතිං න කරොති. පමාදොති නිද්දාය වා කිලෙසවසෙන වා පමාදො. අනුට්ඨානන්ති කම්මසමයෙ කම්මකරණවීරියාභාවො. අසංයමොති සීලසඤ්ඤමාභාවො විස්සට්ඨාචාරතා. නිද්දාති සොප්පබහුලතා. තාය ගච්ඡන්තොපි ඨිතොපි නිසින්නොපි නිද්දායති, පගෙව නිපන්නො. තන්දීති අතිච්ඡාතාදිවසෙන ආගන්තුකාලසියං. තෙ ඡිද්දෙති තානි ඡ ඡිද්දානි විවරානි. සබ්බසොති සබ්බාකාරෙන. තන්ති නිපාතමත්තං. විවජ්ජයෙති වජ්ජෙය්ය ජහෙය්ය.
සය වැන්නේ - නාම ගොත්තං න ජීරති අතීත බුදුවරුන්ගේ නාම ගෝත්‍ර අද දවස දක්වා පැවසේ. එහෙයින් නො දිරතියි කියනු ලැබේ. පුරාණ ආචාර්යවරයෝ කාලය ගතවත් ම නො දක්නා ලැබෙති. දිරන ස්වභාවය වේ ම යයි කියත්. ආලස්සං අලස බව, යම් තැනක සිටී ද සිටියේ ම ය, හිඳ ගෙන සිටි තැන හිඳගෙන ම ය. තෙලේ උතුරන විට පවා නො නැගිටියි. පමාදො නිද්‍රාවෙන් හෝ කෙලෙස් වශයෙන් හෝ ප්‍රමාදය, අනුට්ඨානං වැඩ කරන වේලාවෙහි වැඩ කිරීමේ වීර්යය නොමැති බව, අසඤ්ඤමො ශීල සංයම නොමැති බව, හරන ලද ආචාර ඇති බව, නිද්දා නින්ද බහුල ව ඇති බව යමිනුත් සිටගෙනත් හිඳගෙනත් නිදයි. වැතිර ගත් කල්හි කියනුම කවරේ ද? තන්දී බොහෝ කුසගිනි ය ආදී වශයෙන් ආගන්තුක වූ අලස බව තෙ ඡිද්දෙ ඒ සිදුරු - විවර - සය සබ්බසො සර්වාකාරයෙන් තං නිපාත මාත්‍රයකි. විවජ්ජයෙ වර්ජනය කරන්නේ ය, දුරුකරන්නේ ය.
ඡට්ඨං.
සය වැනි සූත්‍රය යි.
7. ඉස්සරසුත්තවණ්ණනා
7. ඉස්සර සූත්‍ර වර්ණනාව
සත්තමෙ සත්ථමලන්ති මලග්ගහිතසත්ථං. කිං සු හරන්තං වාරෙන්තීති කං හරන්තං නිසෙධෙන්ති. වසොති ආණාපවත්තනං. ඉත්ථීති අවිස්සජ්ජනීයභණ්ඩත්තා “ඉත්ථී භණ්ඩානමුත්තමං, වරභණ්ඩ”න්ති ආහ. අථ වා සබ්බෙපි බොධිසත්තා ච චක්කවත්තිනො ච මාතුකුච්ඡියංයෙව නිබ්බත්තන්තීති “ඉත්ථී භණ්ඩානමුත්තම”න්ති ආහ. කොධො සත්ථමලන්ති කොධො මලග්ගහිතසත්ථසදිසො, පඤ්ඤාසත්ථස්ස වා මලන්ති සත්‍ථමලං. අබ්බුදන්ති විනාසකාරණං, චොරා ලොකස්මිං විනාසකාති අත්ථො. හරන්තොති සලාකභත්තාදීනි ගහෙත්වා ගච්ඡන්තො. සලාකභත්තාදීනි හි පට්ඨපිතකාලෙයෙව මනුස්සෙහි පරිච්චත්තානි. තෙසං තානි හරන්තො සමණො පියො හොති, අනාහරන්තෙ පුඤ්ඤහානිං නිස්සාය විප්පටිසාරිනො හොන්ති.
සත් වැන්නේ - සත්‍ථමලං මල බැඳුණු ආයුධ ය. කිංසු හරන්තං වාරෙන්ති හැර ගෙන යන කවරෙකු වළක්වත් ද? වසො අණ පැවැත්වීම, ඉත්ථි දුරු කිරීමට (අත හැරීමට) නො හැකි භාණ්ඩයක් බැවින් ඉත්ථි භණ්ඩානමුත්තමං උතුම් භාණ්ඩයකැයි කී ය. නැතහොත් බෝධි සත්ත්වයෝත් චක්රවර්තිහුත් යන සියලු ම දෙනා මව් කුසෙහි ම උපදිත් යැයි ඉත්ථි භණ්ඩානමුත්තමං යි කී ය. කොධො සත්‍ථමලං ක්‍රෝධය මළ බැඳණු ආයුධය හා සමාන වෙයි. ප්‍රඥා ආයුධයට මළකඩයකි යි හෝ ‘සත්‍ථමලං’ අබ්බුදං විනාශයට හේතුව චොරා ලොකස්මිං සොරු ලෝකය විනාශ කරන්නෝ යන අර්ථ යි. හරන්තො සලාක බත ආදිය ගෙන යන්නාහු, සලාක බත් ආදිය තබන ලද වේලෙහි ම මිනිසුන් විසින් දමන ලද්දේ වුව ද, ඔවුන්ගේ ඒවා ගෙන යන ශ්‍රමණ තෙමේ ප්‍රිය වෙයි. නො ගෙන යන කල්හි පුණ්යහානිය නිසා විපිළිසර වූවෝ වෙත්.
සත්තමං.
සත් වැනි සූත්‍රය යි.
8. කාමසුත්තවණ්ණනා
8. කාම සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ අත්තානං න දදෙති පරස්ස දාසං කත්වා අත්තානං න දදෙය්ය ඨපෙත්වා සබ්බබොධිසත්තෙති වුත්තං. න පරිච්චජෙති සීහබ්යග්ඝාදීනං න පරිච්චජෙය්ය සබ්බබොධිසත්තෙ ඨපෙත්වායෙවාති වුත්තං. කල්යාණන්ති සණ්හං මුදුකං. පාපිකන්ති ඵරුසං වාචං.
අට වැන්නේ - අත්තානං න දදෙ අනුනට දාසයකු කොට තමා නො දෙන්නේ ය, සියලු බෝධිසත්ත්වයන් හැර ය යි කියන ලදි. න පරිච්චජෙ සිංහ, ව්‍යාඝ්‍රාදීන් හට පරිත්‍යාග නො කරන්නේ ය. සියලු බෝසතුන් හැර ය යි කියන ලදි. කල්‍යාණිං සියුමැලි මොළොක් පාපිකං පරුෂ වචන,
අට්ඨමං.
අට වැනි සූත්‍රය යි.
9. පාථෙය්යසුත්තවණ්ණනා
9. පාථෙය්‍ය සූත්‍ර වර්ණනාව
නවමෙ සද්ධා බන්ධති පාථෙය්යන්ති සද්ධං උප්පාදෙත්වා දානං දෙති, සීලං රක්ඛති, උපොසථකම්මං කරොති, තෙනෙතං වුත්තං. සිරීති ඉස්සරියං. ආසයොති වසනට්ඨානං. ඉස්සරියෙ හි අභිමුඛීභූතෙ ථලතොපි ජලතොපි භොගා ආගච්ඡන්තියෙව. තෙනෙතං වුත්තං. පරිකස්සතීති පරිකඩ්ඪති.
නව වැන්නේ - සද්ධා බන්ධති පාථෙය්‍යං ශ්‍රද්ධාව උපදවා දන් දී සිල් රකී. පෙහෙවස් රකී. එහෙයින් මෙය කියන ලදි. සිරි ඓශ්චර්යය (ඉසුරුමත් බව) ආසයො වසන ස්ථානය ඉසුරුමත් බව එළඹි කල්හි ගොඩබිමින් හෝ ජලයෙන් හෝ භෝගයන් සඳහා ම පැමිණෙන්නාහු මය, එහෙයින් (මෙය) කියන ලදි. පරිකස්සති ඇද ගනී.
නවමං.
නව වැනි සූත්‍රය යි.
10. පජ්ජොතසුත්තවණ්ණනා
10. පජ්ජොත සූත්‍ර වර්ණනාව
දසමෙ පජ්ජොතොති පදීපො විය හොති. ජාගරොති ජාගරබ්රාහ්මණො විය හොති. ගාවො කම්මෙ සජීවානන්ති කම්මෙන සහ ජීවන්තානං ගාවොව කම්මෙ කම්මසහායා කම්මදුතියකා නාම හොන්ති. ගොමණ්ඩලෙහි සද්ධිං කසිකම්මාදීනි නිප්ඵජ්ජන්ති. සීතස්ස ඉරියාපථොති සීතං අස්ස සත්තකායස්ස ඉරියාපථො ජීවිතවුත්ති. සීතන්ති නඞ්ගලං. යස්ස හි නඞ්ගලෙහි ඛෙත්තං අප්පමත්තකම්පි කට්ඨං න හොති, සො කථං ජීවිස්සතීති වදති.
දස වැන්නෙහි - පජ්ජොතො පහනක් මෙන් වේ. ජාගරො නිදි වරණ බ්‍රාහ්මණයෙකු මෙන් වේ. ගාවො කම්මෙ සජීවානං කර්මාන්ත සමග ජීවත් වන්නවුනට ගවයෝ ම කර්මාන්තයෙහි කර්මාන්ත සහායකයෝ කර්මාන්ත ද්විතීයිකයෝ නම් වෙත්. ගව රැළ සමගින් කෘෂ්කර්මාන්ත ආදිය බිහි වේ. සීතස්ස ඉරියාපථො නගුල ඒ මිනිස් කොට්ඨාශයේ ඉරියව්ව ජීවිකා වෘත්තිය යි. සීතං යනු නගුල ය. යමෙකුගේ නගුලෙන් කෙත අල්පමාත්රයකින් හෝ නො සාන ලද නම් හේ කෙසේ ජීවත්වන්නේ දැයි පවසන සේක.
දසමං.
දස වැනි සූත්‍රය යි.
11. අරණසුත්තවණ්ණනා
11. අරණ සූත්‍ර වර්ණනාව
එකාදසමෙ අරණාති නික්කිලෙසා. වුසිතන්ති වුසිතවාසො. භොජිස්සියන්ති අදාසභාවො. සමණාති ඛීණාසවසමණා. තෙ හි එකන්තෙන අරණා නාම. වුසිතං න නස්සතීති තෙසං අරියමග්ගවාසො න නස්සති. පරිජානන්තීති පුථුජ්ජනකල්යාණකතො පට්ඨාය සෙඛා ලොකියලොකුත්තරාය පරිඤ්ඤාය පරිජානන්ති. භොජිස්සියන්ති ඛීණාසවසමණානංයෙව නිච්චං භුජිස්සභාවො නාම. වන්දන්තීති පබ්බජිතදිවසතො පට්ඨාය වන්දන්ති. පතිට්ඨිතන්ති සීලෙ පතිට්ඨිතං. සමණීධාති සමණං ඉධ. ජාතිහීනන්ති අපි චණ්ඩාලකුලා පබ්බජිතං. ඛත්තියාති න කෙවලං ඛත්තියාව, දෙවාපි සීලසම්පන්නං සමණං වන්දන්තියෙවාති.
එකොළොස් වැන්නේ - අරණා නික්ලේශී වූවෝ, වුසිතං - වාසය කරන ලද (විසීම) භොජිස්සියං දාස නො වූ බව (නිදහස් බව) සමණා ක්ෂීණාශ්රව ශ්‍රමණයෝ; ඔවුහු ඒකාන්තයෙන් ම ‘අරණා’ (නික්ලේශී) නම්, වුසිතං න නස්සති ඔවුන්ගේ ආර්ය මාර්ග වාසය විනාශ නො වේ. පරිජානන්ති පෘථග්ජන කල්‍යාණ බව පටන් සේඛ වූ ලෞකික ලෝකෝත්තර ප්‍රඥාවෙන් පිරිසිඳ දනිත්, තව ද භොජිස්සියං ක්ෂීණාශ්රව ශ්‍රමණයන්ගේ ම නිත්‍ය නිදහස් බව වේ. වන්දති පැවිදි වූ දින සිට ම වැඳුම් ලබයි. පතිට්ඨිතං ශීලයෙහි පිහිටි. සමණීධ සමණං ඉධ (ශ්‍රමණයා හට මෙහි) ජාතිහීනං සැඩොල් කුලයෙන් පැවිදි වූවහට පවා ඛත්තියා ක්ෂත්රියයෝ පමණක් නොව දෙවියෝ ද ශීලසම්පන්න ශ්‍රමණයාට වඳින්නෝ ය.
එකාදසමං.
එකොළොස් වැනි සූත්‍රය යි.
ඡෙත්වාවග්ගො අට්ඨමො.
අට වැනි ඣත්වා වර්ගය යි.
ඉති සාරත්ථප්පකාසිනියා සංයුත්තනිකාය-අට්ඨකථාය දෙවතාසංයුත්තවණ්ණනා නිට්ඨිතා.
මෙසේ සාරත්ථපකාසීනි සංයුක්ත නිකාය අට්ඨකථාවේ දේවතා සංයුක්ත වර්ණනාව නිමියේ ය.