පඨමකස්සපසුත්තං
2. 1. 1.
2. 1. 1.
පඨමකස්සපසුත්තං
පඨමකස්සප සූත්‍රය
82. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො කස්සපො දෙවපුත්තො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි.
82. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි මනා ඡවිවර්ණ ඇති කසුප් දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය.
එකමන්තං ඨිතො ඛො කස්සපො දෙවපුත්තො භගවන්තං එතදවොච: “භික්ඛුං භගවා පකාසෙසි. නො ච භික්ඛුනො අනුසාසනින්ති.”
එකත් පසෙක සිටි කසුප් දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. “භාග්‍යවතුන් වහන්සේ මහණහු පැවසූ සේක. මහණහට අනුශාසනාව නො ද (පැවසූ සේක) යි.”
[භගවා:]
[භගවත්හු:]
තෙන හි කස්සප තඤ්ඤෙවෙත්ථ පටිභාතූති.
කාශ්‍යපය, එසේ වී නම් මෙහි ලා තොපට ම වැටහේවා.
[කස්සපදෙවපුත්තො:]
“සුභාසිතස්ස සික්ඛෙථ සමණූපාසනස්ස ච, එකාසනස්ස ච රහො චිත්තවූපසමස්ස චාති.”
“වාක්සුචරිතය වඩන්නේ ය. ශ්රමණයන් විසින් එළඹිය යුතු අටතිස් අරමුණු ද කායවිවේකය ද (අෂ්ටසමාපත්ති වශයෙන්) සිත සංහිඳුවීම ද එකලාව වඩන්නේ” යි.
ඉදමවොච කස්සපො දෙවපුත්තො සමනුඤ්ඤො සත්ථා අහොසි.
කසුප් දෙව්පුත් තෙමේ මෙය කී ය. ශාස්තෲන් වහන්සේ සමාන අදහස් ඇති වූ සේක.
අථ ඛො කස්සපො දෙවපුත්තො සමනුඤ්ඤො මෙ සත්ථාති භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායීති.
ඉක්බිති කසුප් දෙව්පුත් තෙමේ ශාස්තෲන්වහන්සේ මාගේ (වචන) අනුමත කළ සේකැ යි භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් විය.
2. 1. 2.
2. 1. 2.
දුතියකස්සපසුත්තං
දුතියකස්සප සූත්‍රය
83. සාවත්ථියං–
83. සැවැත්නුවර–
එකමන්තං ඨිතො ඛො කස්සපො දෙවපුත්තො භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
එකත්පසෙක සිටි කසුප් දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
භික්ඛු සියා ඣායී විමුත්තචිත්තො ආකඞ්ඛෙ චෙ හදයස්සානුපත්තිං,ලොකස්ස ඤත්වා උදයබ්බයඤ්ච සුචෙතසො අනිස්සිතො තදානිසංසොති.
මහණ තෙමේ ඉදින් හෘදයානුප්‍රාප්තිසඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වය කැමතිවන්නේ නම් ලොව පිළිබඳ උදයව්‍යය දැන ධ්‍යාන වඩන්නෙක් මිදුනු සිත් ඇත්තෙක් (එහෙයින් ම) මනා සිත් ඇත්තෙක් (තෘෂ්ණාදෘෂ්ටින්) අනිඃශ්‍රිතයෙක් ඒ අර්‍හත්ත්‍වය අනුසස් කොට ඇත්තෙක් වන්න්නේ යි.
2. 1. 3.
2. 1. 3.
මාඝසුත්තං
මාඝ සූත්‍රය
84. සාවත්ථියං–
84. සැවැත්නුවර–
අථ ඛො මාඝො දෙවපුත්තො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි . එකමන්තං ඨිතො ඛො මාඝො දෙවපුත්තො භගවන්තං ගාථාය අජ්ඣභාසි:
එකල්හි මනා ඡවිවර්ණ ඇති මාඝ දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි මාඝදෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
කිං සු ඣත්වා සුඛං සෙති කිං සු ඣත්වා න සොචති, කිස්සස්ස එකධම්මස්ස වධං රොචෙසි ගොතමාති.
කුමක් නසා සුවසේ හොවී ද? කුමක් නසා ශෝක නො කෙරේ ද? ගෞතමයන් වහන්ස, කිනම් එක් දහමක්හුගේ නැසීම රුස්නෙහි ද?
[භගවා:]
[භගවත්හු:]
කොධං ඣත්වා සුඛං සෙති කොධං ඣත්වා න සොචති, කොධස්ස විසමූලස්ස මධුරග්ගස්ස වත්රභූ, වධං අරියා පසංසන්ති තං හි ඣත්වා න සොචතීති.
ක්‍රෝධය නසා සුවසේ හොවී. ක්‍රෝධය නසා ශෝක නො කෙරේ. ශක්‍රය, විෂ වූ මුල ඇති මිහිරි වූ අග ඇති ක්‍රෝධය නැසීම ආර්‍ය්‍යයෝ පසසත්. එය නසා ම ශෝක නො කෙරේ.
2. 1. 4.
2. 1. 4.
මාගධසුත්තං
මාගධ සූත්‍රය
85. සාවත්ථියං–
85. සැවැත්නුවර–
එකමන්තං ඨිතො ඛො මාගධො දෙවපුත්තො භගවන්තං ගාථාය අජ්ඣභාසි:
එකත්පසෙක සිටි මාගධ දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
කති ලොකස්මිං පජ්ජොතා යෙහි ලොකො පකාසති, භවන්තං පුට්ඨුමාගම්ම කථං ජානෙමු තං මයන්ති.
යමෙකින් ලොව බබාලා නම් එබඳු එළි ලොව කෙතෙක් ද? භාග්‍යවතුන් වහන්සේ විචාරන්නට අවුත් (සිටින) අපි එය කෙසේ දනිමු ද?
[භගවා:]
[භගවත්හු:]
චත්තාරො ලොකෙ පජ්ජොතා පඤ්චමෙත්ථ න විජ්ජති, දිවා තපති ආදිච්චො රත්තිං ආභාති චන්දිමා.
ලොව එළි සතරෙකි. මෙහි පස්වැන්නෙක නැත. දවල් හිරු බබලයි. සඳු රෑ බබලයි.
අථ අග්ගි දිවාරත්තිං තත්ථ තත්ථ පකාසති, සම්බුද්ධො තපතං සෙට්ඨො එසා ආභා අනුත්තරාති.
තව ද ගින්න රෑදෙවෙහි ඒ ඒ තැන බබලයි. සර්වඥයන් වහන්සේ බබලන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨයහ. මේ ආලෝකය නිරුත්තර ය.
2. 1. 5.
2. 1. 5.
දාමලිසුත්තං
දාමලි සූත්‍රය
86. සාවත්ථියං–
86. සැවැත්නුවර–
අථ ඛො දාමලි දෙවපුත්තො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො දාමලි දෙවපුත්තො භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
එකල්හි මනා ඡවිවර්ණ ඇති දාමලි දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේ ය. එකත් පසෙක සිටි දාමලිදෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ ගාථාව කී ය:
කරණීය මෙතං බ්රාහ්මණෙන පධානමකිලාසුනා, කාමානං විප්පහාණෙන න තෙනාසිංසතෙ භවන්ති.
නොමැලි වූ ක්ෂීණාස්රව බ්‍රාහ්මණයා විසින් මේ වීර්‍ය්‍යය කටයුතු ය. වස්තුකාම ක්ලේශකාමයන් පිළිබඳ ඒ විශේෂ ප්‍රහාණිය හේතු කොට ගෙණ කිසි භවයක් නො පතයි.
නත්ථි කිච්චං බ්රාහ්මණස්ස (දාමලීති භගවා) කතකිච්චො හි බ්රාහ්මණො, යාව න ගාධං ලභති නදීසු ආයූහති සබ්බගත්තෙභි ජන්තු ගාධඤ්ච ලද්ධාන ථලෙ ඨිතො සො නායූහති පාරගතො හි සොති.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. දාමලි දේවපුත්‍රය, (බාහිත පාපී) බ්‍රාහ්මණයාට කිසෙක් නැත. ඒ බමුණු තෙමේ කළ කිස ඇත්තේ ම ය. සත්ත්ව තෙමේ ගඞ්ගාවන්හි යම්තාක් පිහිටක් නො ලබා ද? (ඒතාක්) සියලු අවයවවලින් වෑයම් කෙරෙයි. හෙ තෙමේ පිහිටක් ලැබ ගොඩ සිටියේ යම් හෙයකින් පරතෙරට ගියේ ද, (එහෙයින්) හෙ තෙමේ වෑයම් නො කෙරෙයි.
එසූපමා දාමලි බ්රාහ්මණස්ස ඛීණාසවස්ස නිපකස්ස ඣායිනො, පප්පුය්ය ජාතිමරණස්ස අන්තං නායූහති පාරගතො හි සොති.
දාමලි, ධ්‍යාන කරණසුලු ප්‍රඥා ඇති ක්ෂීණාස්රව බ්‍රාහ්මණයාට මේ උපමායෙකි. හෙ තෙමේ ජාතිමරණ දෙක්හි කෙළවරට පැමිණ පරතෙරට ගියේ ම වෑයම් නො කෙරෙයි.