යෙදුමෙන් කියවන්න

කාමදසුත‍්තං

2. 1. 6.

2. 1. 6.

කාමදසුත‍්තං

කාමද සූත්‍රය

87. සාවත්‍ථියං–

87. සැවැත්නුවර–

එකමන‍්තං ඨිතො ඛො කාමදො දෙවපුත‍්තො භගවන‍්තං එතදවොච: දුක‍්කරං භගවා සුදුක‍්කරං භගවාති.

එකත්පසෙක සිටි කාමද දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භාග්‍යවතුන් වහන්ස, (මහණදම් පිරීම) දුෂ්කර ය. භාග්‍යවතුන් වහන්ස, ඉතා දුෂ්කර ය.

දුක‍්කරං වාපි කරොන‍්ති (කාමදාති භගවා) සෙඛා සීලසමාහිතා, ඨිතත‍්තා අනගාරියුපෙතස‍්ස තුට‍්ඨි හොති සුඛාවහාති.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. කාමද, ශීලයෙන් යුත් ස්ථිරස්වභාව ඇති ශෛක්‍ෂයෝ දුෂ්කර වූත් (මහණකම) කෙරෙත්. ගිහිගෙන් වෙන්බවට පැමිණියහුට සුව එළවන සතුට වේ.

දුල‍්ලභා භගවා. යදිදං තුට‍්ඨීති.

භාග්‍යවතුන් වහන්ස, යම් ඒ සතුටෙක් වේ ද, (එය) දුලබ ය.

දුල‍්ලභං වාපි ලභන‍්ති (කාමදාති භගවා) චිත‍්තවූපසමෙ රතා, යෙසං දිවා ච රත‍්තො ච භාවනාය රතො මනොති.

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: කාමද,) යම් කෙනෙකුන්ගේ සිත දහවලුත් රෑත් භාවනායෙහි අලුනේ ද, සිත සංහිඳුවීමෙහි ඇලුනු (ඔහු) දුලබ වූත් සතුට ලබත්.

දුස‍්සමාදහං භගවා යදිදං චිත‍්තන‍්ති.

භාග්‍යවතුන් වහන්ස, යම් ඒ සිතෙක් වේ ද, එය එකඟ කිරීම දුෂ්කර ය.

දුස‍්සමාදහං වාපි සමාදහන‍්ති (කාමදාති භගවා) ඉන්‍ද්‍රියූපසමෙ රතා, තෙ ඡෙත්‍වා මච‍්චුනො ජාලං අරියා ගච‍්ඡන‍්ති කාමදාති.

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: කාමද,) ඉඳුරන් දමනය කිරීමෙහි ඇලුනෝ එකඟ කිරීම දුෂ්කර වූත් සිත එකඟ කෙරෙත්. කාමදය, ඒ ආර්‍ය්‍යයෝ මරහුගේ දැල සිඳ ගෙන යෙත්.

දුග‍්ගමො භගවා විසමො මග‍්ගොති.

භාග්‍යවතුන් වහන්ස, මාර්‍ගය විෂම ය, ගමන දුෂ්කර ය.

[භගවා:]

[භගවත්හු:]

දුග‍්ගමෙ විසමෙ වාපි අරියා ගච‍්ඡන‍්ති කාමද, අනරියා විසමෙ මග‍්ගෙ පපතන‍්ති අවංසිරා, අරියානං සමො මග‍්ගො අරියා හි විසමෙ සමාති.

කාමදය, ආර්‍ය්‍යයෝ දුගීම වූත් විෂම වූත් මාර්‍ගයෙහි යෙත්. අනාර්‍ය්‍යයෝ විෂම මාර්‍ගයෙහි යටිකුරු වූ (නුවණ) හිස් ඇත්තාහු වැටෙත්. ආර්‍ය්‍යයන්ට මාර්‍ගය සම ය. ආර්‍ය්‍යයෝ විෂම සත්‍වසමූහයා අතරෙහි සම වෙත් ම ය.