යෙදුමෙන් කියවන්න

පඤ‍්චාලචණ‍්ඩසුත‍්තං

2. 1. 7.

2. 1. 7.

පඤ‍්චාලචණ‍්ඩසුත‍්තං

පඤ්චාලචණ්ඩ සූත්‍රය

88. සාවත්‍ථියං–

88. සැවැත් නුවර –

එකමන‍්තං ඨිතො ඛො පඤ‍්චාලචණ‍්ඩො දෙවපුත‍්තො භගවතො සන‍්තිකෙ ඉමං ගාථං අභාසි:

එකත්පසෙක සිටි පඤ්චාලචණ්ඩ දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

සම‍්බාධෙ වත ඔකාසං අවින්‍දි භූරිමෙධසො, යො ඣානමබුධා බුද‍්ධො පතිලීනනිසභො මුනීති.

මානය දුරු කළවුන්ට ශ්‍රේෂ්ඨ වූ යම් මුනිවරයෙක් ධ්‍යාන අවබෝධ කළේ ද, මහත් ප්‍රඥා ඇති ඒ බුදුරජ තෙමේ (නීවරණ) සම්බාධයෙහි ඒකාන්තයෙන් (ධ්‍යාන සඞ්ඛ්‍යාත) අවකාශය ලැබී ය.

සම‍්බාධෙ වාපි වින්‍දන‍්ති (පඤ‍්චාලචණ‍්ඩාති භගවා) ධම‍්මං නිබ‍්බාණපත‍්තියා, යෙ සතිං පච‍්චලත්‍ථුං සු සම‍්මා තෙ සුසමාහිතාති.

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: පඤ්චාලචණ්ඩය,) යම් කෙනෙක් නිවණට පැමිණීම පිණිස සිහිය ලැබුවාහු ද, ඔහු සම්බාධ ඇති කල්හි දු ධ්‍යාන ලබත්. ඔහු මනා කොට සමාහිත වූවෝ ය.