යෙදුමෙන් කියවන්න

තායනසුත‍්තං

2. 1. 8.

2. 1. 8.

තායනසුත‍්තං

තායන සූත්‍රය

89. සාවත්‍ථියං–

89. සැවැත්නුවර–

අථ ඛො තායනො දෙවපුත‍්තො පුරාණතිත්‍ථකරො අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණො කෙවලකප‍්පං ජෙතවනං ඔභාසෙත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතො ඛො තායනො දෙවපුත‍්තො භගවතො සන‍්තිකෙ ඉමා ගාථායො අභාසි:

එකල්හි පැරණි තීර්‍ත්‍ථකරයකු වූ මනා ඡවිවර්‍ණ ඇති තායන දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි තායන දේවපුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කී ය:

ඡින්‍ද සොතං පරක‍්කම‍්ම කාමෙ පනුද බ්‍රාහ‍්මණ, නප‍්පහාය මුනී කාමෙ නෙකත‍්තමුපපජ‍්ජති.

බමුණ, වීර්‍ය්‍යය කොට (තෘෂ්ණා) ශ්‍රෝතස සිඳුව, කාමයන් දුරු කරව. මුනි තෙමේ කාමයන් පුහුන් නො කොට ධ්‍යානයට නො පැමිණේ.

කයිරා චෙ කයිරාථෙනං දළ‍්හමෙනං පරක‍්කමෙ, සිථිලො හි පරිබ‍්බාජො භිය්‍යො ආකිරතෙ රජං.

ඉදින් කරන්නේ නම් මේ (වීර්‍ය්‍යය) කරන්නේ ය. මෙය දැඩි කොට කරන්නේ ය. ඒ එසේ මැයි, ලිහිල් ව ගත් පැවිද්ද බෙහෙවින් රජස් වගුරුවයි.

අකතං දුක‍්කතං සෙය්‍යො පච‍්ඡා තපති දුක‍්කතං, කතඤ‍්ච සුකතං සෙය්‍යො යං කත්‍වා නානුතප‍්පති.

දුෂ්කෘතය නොකරණ ලද්දේ උතුමි, දුෂ්කෘතය පසු ව (එය කළාහු) තවයි. යමක් කොට නො තැවේ ද, (එබඳු) සුකෘතය කරණ ලද්දේ උතුමි.

කුසො යථා දුග‍්ගහිතො හත්‍ථමෙවානුකන‍්තති, සාමඤ‍්ඤං දුප‍්පරාමට‍්ඨං නිරයායූපකඩ‍්ඪති.

යම්සේ කුසතණ පත වරදවා ගන්නා ලද්දේ අත ම කපා ද, (එසෙයින්ම) වරදවා ගන්න ලද මහණකම නිරයට අදියි.

යං කිඤ‍්චි සිථිලං කම‍්මං සංකිලිට‍්ඨඤ‍්ච යං වතං සංකස‍්සරං බ්‍රහ‍්මචරියං න තං හොති මහප‍්ඵලන‍්ති.

යම්සේ ලිහිල් කර්‍මයක් වේද, සකිලිටි වූ යම් ව්‍රතයෙකුත් වේද, සැක කටයුතු වූ බඹසරෙකුත් වේද, ඒ මහත්ඵල නො වේ.

ඉදමවොච තායනො දෙවපුත‍්තො. ඉදං වත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා තත්‍ථෙවන‍්තරධායීති.

තායන දෙව්පුත් තෙමේ මෙය කීය. මෙය කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් වූයේ ය.

අථ ඛො භගවා තස‍්සා රත‍්තියා අච‍්චයෙන භික‍්ඛූ ආමන‍්තෙසි: ඉමං භික‍්ඛවෙ රත‍්තිං තායනො නාම දෙවපුත‍්තො පුරාණතිත්‍ථකරො අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණො කෙවලකප‍්පං ජෙතවනං ඔභාසෙත්‍වා යෙනාහං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා මං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතො භික‍්ඛවෙ තායනො දෙවපුත‍්තො මම සන‍්තිකෙ ඉමා ගාථායො අභාසි:

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රැය අවෑමෙන් භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, මේ රැය පැරණි තීර්‍ත්‍ථකරයකු වූ මනා ඡවිවර්‍ණ ඇති තායන දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා මා වෙත එළඹියේය. එළඹ මට වැඳ එකත්පසෙක සිටියේ ය. මහණෙනි, එකත්පසෙක සිටි තායන දෙව්පුත් තෙමේ මා සමියයෙහි මේ ගාථා කී ය:

“ඡින්‍ද සොතං පරක‍්කම‍්ම කාමෙ පනුද බ්‍රාහ‍්මණ, නප‍්පහාය මුනී කාමෙ නෙකත‍්ත මුපපජ‍්ජති.

බමුණ, වීර්‍ය්‍යය කොට (තෘෂ්ණා) ශ්‍රෝතස සිඳුව, කාමයන් දුරු කරව. මුනි තෙමේ කාමයන් ප්‍රහීණ නො කොට ධ්‍යානයට නො පැමිණේ.

කයිරා චෙ කයිරාථෙනං දළ‍්හමෙනං පරක‍්කමෙ, සිථිලො හි පරිබ‍්බාජො භිය්‍යො ආකිරතෙ රජන‍්ති.

ඉදින් කරන්නේ නම් මේ (වීර්‍ය්‍යය) කරන්නේ ය. මෙය දැඩි කොට කරන්නේ ය. ඒ එසේ මැයි, ලිහිල් ව ගත් පැවිද්ද බෙහෙවින් රජස් වගුරුවයි.

අකතං දුක‍්කතං සෙය්‍යො පච‍්ඡා තපති දුක‍්කතං, කතඤ‍්ච සුකතං සෙය්‍යො යං කත්‍වා නානුතප‍්පති.

දුෂ්කෘතය නොකරණ ලද්දේ උතුමි, දුෂ්කෘතය පසු ව (එය කළහු) තවයි. යමක් කොට නො තැවේ ද, (එබඳු) සුකෘතය කරණ ලද්දේ උතුමි.

කුසො යථා දුග‍්ගහිතො හත්‍ථමෙවානුකන‍්තති, සාමඤ‍්ඤං දුප‍්පරාමට‍්ඨං නිරයායූපකඩ‍්ඪති.

යම්සේ කුසතණපත වරදවා ගන්නා ලද්දේ අත ම කපා ද, (එසෙයින් ම) වරදවා ගන්නා ලද මහණකම නිරයට අදියි.

යං කිඤ‍්චි සිථිලං කම‍්මං සංකිලිට‍්ඨඤ‍්ච යං වතං, සඞ‍්කස‍්සරං බ්‍රහ‍්මචරියං න තං හොති මහප‍්ඵලන‍්ති.”

යම්සේ කිසි ලිහිල් කර්‍මයක් වේද, සකිලිටි වූ යම් ව්‍රතයෙකුත් වේද, සැක කටයුතු වූ බඹසරෙකුත් වේද, ඒ මහත්ඵල නො වේ.

ඉදමවොච තායනො දෙවපුත‍්තො, ඉදං වත්‍වා මං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා තත්‍ථෙවන‍්තරධායි.

තායන දෙව්පුත් තෙමේ මෙය කීය. මෙය කියා මට වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් වීය.

උග‍්ගණ‍්හාථ භික‍්ඛවෙ, තායනගාථා. පරියාපුණාථ භික‍්ඛවෙ, තායනගාථා. ධාරෙථ භික‍්ඛවෙ, තායනගාථා. අත්‍ථසංහිතා භික‍්ඛවෙ, තායනගාථා. ආදිබ්‍රහ‍්මචරියිකාති.

මහණෙනි, තායන ගාථා උගණිවු, මහණෙනි, තායන ගාථා පිරිවහවු. මහණෙනි, තායන ගාථා දරවු. මහණෙනි, තායන ගාථා අර්‍ත්‍ථසහිතයහ. මගබඹසරට මුල්වූවෝ ය.