යෙදුමෙන් කියවන්න

6. ජරාවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

6. ජරා වර්‍ගය

1. 6. 1.

1. 6. 1.

ජරාසුත‍්තං.

ජරා සූත්‍රය

51. සාවත්‍ථියං–

51. සැවැත් නුවර –

[දෙවතා:]

[දෙවි:]

කිංසු යාව ජරා සාධු කිංසු සාධු පතිට‍්ඨිතං, කිංසු නරානං රතනං කිංසු චොරෙහි දූහරන‍්ති.

ජරාව තෙක් කුමක් මැනවි ද? කිමෙක් පිහිටියේ මැනවි ද? මිනිසුන්ට කුමක් රුවන වේ ද? සොරුන් විසින් කුමක් පැහැර නොගතහැකි වේ ද?

[භගවා:]

[භගවත්හු:]

සීලං යාව ජරා සාධු සද‍්ධා සාධු පතිට‍්ඨිතා, පඤ‍්ඤා නරානං රතනං පුඤ‍්ඤං චොරෙහි දූහරන‍්ති.

ජරාව තෙක් ශීලය මැනවි. ශ්‍රද්ධාව පිහිටියා මැනවි. මිනිසුන්ට ප්‍රඥාව රුවන වේ. පින සොරුන් විසින් පැහැර නොගතහැකි වේ.

1. 6. 2.

1. 6. 2.

අජරසාසුත‍්තං

අජරසා සූත්‍රය

[දෙවතා:]

[දෙවි:]

52. කිංසු අජරසා සාධු කිංසු සාධු අධිට‍්ඨිතං, කිංසු නරානං රතනං කිංසු චොරෙහි’හාරියන‍්ති.

52. නොදිරීමෙන් කුමක් මැනවි ද? කිමෙක් (ස්වසන්තානයෙහි) පිහිටියේ මැනවි ද? මිනිසුන්ට කුමක් රුවන වේ ද? කිමෙක් සොරුන් විසින් පැහැර නොගතහැකි වේ ද?

[භගවා:]

[භගවත්හු:]

සීලං අජරසා සාධු සද‍්ධා සාධු අධිට‍්ඨිතා, පඤ‍්ඤා නරානං රතනං පුඤ‍්ඤං චොරෙහි’හාරියන‍්ති.

නොදිරීමෙන් ශීලය මැනවි. ශ්‍රද්ධාව පිහිටියා මැනවි. ප්‍රඥාව මිනිසුන්ට රුවන වේ. පින සොරුන් විසින් පැහැර නොගතහැකි වේ.

1. 6. 3.

1. 6. 3.

මිත‍්තසුත‍්තං.

මිත්ත සූත්‍රය.

[දෙවතා:]

[දෙවි:]

53. කිංසු පවසතො මිත‍්තං කිංසු මිත‍්තං සකෙ ඝරෙ, කිං මිත‍්තං අත්‍ථජාතස‍්ස කිං මිත‍්තං සම‍්පරායිකන‍්ති.

53. බැහැර වසන්නහුට මිත්‍රයා කවරෙක් ද? සිය ගෙහි මිත්‍රයා කවරෙක් ද? කටයුතු ඇත්තහුට මිත්‍රයා කවරෙක් ද? පරලොව මිත්‍රයා කවරෙක් ද?

[භගවා:]

[භගවත්හු:]

සත්‍ථො පවසතො මිත‍්තං මාතා මිත‍්තං සකෙ ඝරෙ, සහායො අත්‍ථජාතස‍්ස හොති මිත‍්තං පුනප‍්පුනං, සයං කතානි පුඤ‍්ඤානි තං මිත‍්තං සම‍්පරායිකන‍්ති.

බැහැර වසන්නහුට සාත්තුව (තවලම) මිතුරා ය. සියගෙහි මිතුරා මව ය. කටයුතු ඇත්තහුට යහළුවා නැවත නැවත මිතුරා වෙයි. තමා විසින් කරණ ලද පින් ඒ පරලොව මිතුරා වෙයි.

1. 6. 4.

1. 6. 4.

වත්‍ථුසුත‍්තං.

වත්‍ථු සූත්‍රය

[දෙවතා:]

[දෙවි:]

54. කිංසු වත්‍ථු මනුස‍්සානං කිං සූධ පරමො සඛා, කිංසු භූතූපජීවන‍්ති යෙ පාණා පඨවිංසිතාති.

54. මිනිසුන්ට කුමක් පිහිට වේ ද? මෙහි උතුම් යහළුවා කවරෙක් ද? පොළොව ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙත් නම් (ඒ) සත්ත්‍වයෝ කුමක් ඇසුරු කොට ජීවත් වෙද්ද?

[භගවා:]

[භගවත්හු:]

54. පුත‍්තා වත්‍ථු මනුස‍්සානං භරියාව පරමො සඛා, වුට‍්ඨිං භූතූපජීවන‍්ති යෙ පාණා පඨවිංසිතාති.

54. පුත්‍රයෝ මිනිසුන්ට පිහිට වෙත්. බිරිය ම උතුම් යහළු ය. පොළොව ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙත් නම් ඒ සත්ත්‍වයෝ වැස්ස ඇසුරු කොට ජීවත් වෙත්.

1. 6. 5.

1. 6. 5.

පඨමජනෙතිසුත‍්තං

පඨමජනෙති සූත්‍රය

[දෙවතා:]

[දෙවි:]

55. කිංසු ජනෙති පුරිසං කිංසු තස‍්ස විධාවති, කිංසු සංසාරමාපාදි කිංසු තස‍්ස මහබ‍්භයන‍්ති.

55. කවරෙක් සත්ත්‍වයා උපදවා ද? ඔහුගේ කිමෙක් ඔබ මොබ දිවේ ද? කවරෙක් සසරට පැමිණියේ ද? කිමෙක් ඔහුට මහත් බිය වේ ද?

[භගවා:]

[භගවත්හු:]

තණ‍්හා ජනෙති පුරිසං චිත‍්තමස‍්ස විධාවති, සත‍්තො සංසාරමාපාදි දුක‍්ඛමස‍්ස මහබ‍්භයන‍්ති.

තෘෂ්ණාව සත්ත්‍වයා උපදවයි. ඔහුගේ සිත ඔබ මොබ දිවේ. සත්ත්‍වයා සසරට පැමිණියේ ය. දුක ඔහුට මහත් බිය ය.

1. 6. 6.

1. 6. 6.

දුතියජනෙතිසුත‍්තං

දුතියජනෙති සූත්‍රය

[දෙවතා:]

[දෙවි:]

56. කිංසු ජනෙති පුරිසං කිංසු තස‍්ස විධාවති, කිංසු සංසාරමාපාදි කිස‍්මා න පරිමුච‍්චතීති.

56. කවරෙක් සත්ත්‍වයා උපදවා ද? ඔහුගේ කිමෙක් ඔබ මොබ දිවේ ද? කවරෙක් සසරට පැමිණියේ ද? කුමකින් නො මිදේ ද?

[භගවා:]

[භගවත්හු:]

තණ‍්හා ජනෙති පුරිසං චිත‍්තමස‍්ස විධාවති, සත‍්තො සංසාරමාපාදි දුක‍්ඛා න පරිමුච‍්චතීති.

තෘෂ්ණාව සත්ත්‍වයා උපදවයි. ඔහුගේ සිත ඔබ මොබ දිවේ. සත්ත්‍වයා සසරට පැමිණියේ ය. දුකින් නො මිදේ.

1. 6. 7.

1. 6. 7.

තතියජනෙතිසුත‍්තං

තතිය ජනෙති සූත්‍රය.

[දෙවතා:]

[දෙවි:]

57. කිංසු ජනෙති පුරිසං කිංසු තස‍්ස විධාවති, කිංසු සංසාරමාපාදි කිංසු තස‍්ස පරායණන‍්ති.

57. කවරෙක් සත්ත්‍වයා උපදවා ද? ඔහුගේ කිමෙක් ඔබ මොබ දිවේ ද? කවරෙක් සසරට පැමිණියේ ද? කිමෙක් ඔහුට පිහිට වේ ද?

[භගවා:]

[භගවත්හු:]

තණ‍්හා ජනෙති පුරිසං චිත‍්තමස‍්ස විධාවති, සත‍්තො සංසාරමාපාදි කම‍්මං තස‍්ස පරායණන‍්ති.

තෘෂ්ණාව සත්ත්‍වයා උපදවයි. ඔහුගේ සිත ඔබ මොබ දිවේ. සත්ත්‍වයා සසරට පැමිණියේ ය. කර්‍මය ඔහුට පිහිට වෙයි.

1. 6. 8.

1. 6. 8.

උප‍්පථසුත‍්තං

උප්පථ සූත්‍රය.

[දෙවතා:]

[දෙවි:]

58. කිංසු උප‍්පථො අක‍්ඛාතො කිංසු රත‍්තින්‍දිවක‍්ඛයො, කිං මලං බ්‍රහ‍්මචරියස‍්ස කිං සිනානමනොදකන‍්ති.

58. කිමෙක් නොමග ය යි කියන ලද්දේ ද? කිමෙක් රෑ දාවල්හි ගෙවේ ද? බඹසරට කිලුට කිමෙක් ද? දිය නැති නෑම කිමෙක් ද?

[භගවා:]

[භගවත්හු:]

රාගො උප‍්පථො අක‍්ඛාතො වයො රත‍්තින්‍දිවක‍්ඛයො, ඉත්‍ථි මලං බ්‍රහ‍්මචරියස‍්ස එත්‍ථායං සජ‍්ජතෙ පජා, තපො ච බ්‍රහ‍්මචරියඤ‍්ච තං සිනානමනොදකන‍්ති.

රාගය නොමග ය යි කියන ලද්දේ ය. වයස රෑ දාවල්හි ගෙවේ. ස්ත්‍රිය බඹසරට කිලුට ය. මේ සත්ත්‍වසමූහයා මෙහි ඇලේ. තපස ද බඹසර ද (යන) එය දිය නැති නෑමයි.

1. 6. 9.

1. 6. 9.

දුතියාසුත‍්තං

දුතියා සූත්‍රය

[දෙවතා:]

[දෙවි:]

59. කිංසු දුතියා පුරිසස‍්ස හොති කිංසු චෙනං පසංසති, කිස‍්ස චාභිරතො මච‍්චො සබ‍්බදුක‍්ඛා පමුච‍්චතීති.

59. පුරුෂයාට කවරක් දෙවැන්නී වේ ද? කවරෙක් ඔහුට අනුශාසනා කෙරේ ද? කිමෙක මැනවින් ඇලුනු සත්ත්‍ව තෙමේ සියලු දුකින් මිදේ ද?

[භගවා:]

[භගවත්හු:]

සද‍්ධා දුතියා පුරිසස‍්ස හොති පඤ‍්ඤා චෙනං පසංසති, නිබ‍්බාණාභිරතො මච‍්චො සබ‍්බදුක‍්ඛා පමුච‍්චතීති.

ශ්‍රද්ධාව පුරුෂයාට දෙවැන්නී වේ. ප්‍රඥාව ඔහුට අනුශාසනා කෙරෙයි. නිවණෙහි මැනවින් ඇලුනු සත්ත්‍ව තෙමේ සියලු දුකින් මිදේ.

1. 6. 10.

1. 6. 10.

කවිසුත‍්තං

කවි සූත්‍රය

[දෙවතා:]

[දෙවි:]

60. කිංසු නිදානං ගාථානං කිංසු තාසං වියඤ‍්ජනං, කිංසු සන‍්නිස‍්සිතා ගාථා කිංසු ගාථානමාසයො.

60. ගාථාවන්ට කිමෙක් මූලකාරණය වේ ද? කිමෙක් ඔවුන්ගේ අරුත් පවසා ද? ගාථාවෝ කුමක් ඇසුරු කොට පවතිද්? ද කවරෙක් ගාථාවන්ට පිහිට වේ ද?

[භගවා:]

[භගවත්හු:]

ඡන්‍දො නිදානං ගාථානං අක‍්ඛරා තාසං වියඤ‍්ජනං, නාමසන‍්නිස‍්සිතා ගාථා කවි ගාථානමාසයො.

ඡන්‍දය ගාථාවන්ට නිදාන වේ. අකුරු ඔවුන්ගේ අරුත් පවසයි. ගාථාවෝ සංඥාවන් ඇසුරු කොට පවතිත්. කවි තෙමේ ගාථාවන්ට පිහිට වේ.

ජරාවග‍්ගො ඡට‍්ඨො.

ජරා වර්‍ගය සවැනියි.

තත්‍රුද‍්දානං:

එහි උද්දානය:

ජරා අජරසා මිත‍්තං වත්‍ථු තීණි ජනෙති ච, උප‍්පථො ච දුතියො ච කවිනා පූරිතො වග‍්ගොති.

ජරා, අජරසා, මිත්ත, වත්‍ථු සූත්‍රය, ජනෙති සූත්‍ර තුනය, උප්පථ සූත්‍රය, දුතියාසූත්‍රය, කවි සූත්‍රය යන මෙයින් වර්‍ගය පිරුණේ වේ.