ඝටීකාරසුත්තං
1. 5. 10.
1. 5. 10.
ඝටීකාරසුත්තං
ඝටීකාර සූත්‍රය
[ඝටීකාර දෙවතා:]
[ඝටීකාර දෙවි:]
50. අවිහං උපපන්නා සෙ විමුත්තා සත්ත භික්ඛවො, රාගදොසපරික්ඛීණා තිණ්ණා ලොකෙ විසත්තිකන්ති.
50. භික්ෂූහු සත්නමක් සත්නමක් අවිහබඹලොවට පැමිණියාහු මිදුනාහු රාගද්වේෂයන් ක්ෂය කළාහු (පඤ්චස්කන්ධ) ලෝකයෙහි තෘෂ්ණාව තරණය කළාහු ය.
කෙ ච තෙ අතරුං සඞ්ගං මච්චුධෙය්යං සුදුත්තරං, කෙ හිත්වා මානුසං දෙහං දිබ්බං යොගං උපච්චගුං.
තරණය කිරීමට ඉතා දුෂ්කර වූ මච්චුධෙය්ය නම් සංසාරයත් (චතුර්විධ) සඞ්ගයනුත් තරණය කළාහු කවුරු ද? කිනම් කෙනෙක් මනුෂ්‍යදේහ (සංඛ්‍යාත ඕරම්භාගිය සංයෝජන පස) දුරු කොට දිව්‍යයෝග (සඞ්ඛ්‍යාත උද්ධම්භාගිය සංයෝජන) පසත් ඉක්ම ගියාහු ද?
උපකො පලගණ්ඩො ච පුක්කුසාති ච තෙ තයො, භද්දියො භද්දදෙවො ච බාහුදන්තී ච පිඞ්ගියො. තෙ හිත්වා මානුසං දෙහං දිබ්බං යොගං උපච්චගුන්ති.
උපක පලගණ්ඬ පුක්කුසාති යන තිදෙන ද, භද්දිය භද්දදේව බාහුදන්ති පිඞ්ගිය යන (සිවුදෙන ද) යන ඔහු මනුෂ්‍යදේහය හැර දිව්‍යයොගය ඉක්ම ගියාහු ය.
[භගවා:]
[භගවත්හු:]
කුසලී භාසසි තෙසං මාරපාසප්පහායිනං, කස්ස තෙ ධම්මමඤ්ඤාය අච්ඡිදුං භවබන්ධනං.
මාරපාසයන් හැර සිටිය වූ ඔවුන්ට ‘අනවද්‍යයහ’යි බෙණෙහි (පසස්නෙහි). ඔහු කවරෙකුගේ ධර්මය දැන භවබන්ධනය සින්දාහු ද?
[ඝටීකාර:]
[ඝටීකාර:]
න අඤ්ඤත්ර භගවතා නාඤ්ඤත්ර තව සාසනා, යස්ස තෙ ධම්මමඤ්ඤාය අච්ඡිදුං භවබන්ධනං.
ඔහු යමකුගේ ධර්මය දැන භවබන්ධනය සින්දාහු ද, ඒ භාග්‍යවතුන් වහන්සේ නොහැර යි. මුඹ වහන්සේගේ සසුන ද නොහැර යි.
යත්ථ නාමඤ්ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣති, තං තෙ ධම්මං ඉධඤ්ඤාය අච්ඡිදුං භවබන්ධනන්ති.
යම් නිවණෙක්හි නාමයත් රූපයත් නිරවශේෂයෙන් නිරුද්ධ වෙද්ද, මේ සසුනෙහි ඔහු ඒ ධර්මය දැන භවබන්ධනය සින්දාහු ය.
[භගවා:]
[භගවත්හු:]
ගම්භීරං භාසසි වාචං දුබ්බිජානං සුදුබ්බුධං, කස්ස ත්වං ධම්මමඤ්ඤාය වාචං භාසසි ඊදිසන්ති.
ගැඹුරු වූ දැන ගැණීමට දුෂ්කර වූ අතිශයින් දුරවබෝධ වූ වචන කියහි. තෙපි කවරෙකුගේ ධර්මය දැන මෙබඳු වචන කියහු ද?
[ඝටීකාර:]
[ඝටීකාර:]
කුම්භකාරො පුරෙ ආසිං වෙහලිඞ්ගෙ ඝටීකරො, මාතාපෙත්තිභරො ආසිං කස්සපස්ස උපාසකො.
පෙර වේහලිඞ්ග ගම්හි ඝටීකාර නම් කුඹලෙකිම් වීමි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ උපාසකයකු වූයෙම් මවුපියන් පොෂණය කරන්නෙකිම් වීමි.
විරතො මෙථුනා ධම්මා බ්‍රහ්මචාරී නිරාමිසො, අහුවා තෙ සගාමෙය්යො අහුවා තෙ පුරෙ සඛා.
මෙවුන්දමින් වෙන් වූයෙම් නිරාමිස (=අනාගාමී) බ්‍රහ්මචාරියකු වූයෙමි. තොප හා එකගම වසන්නෙකිම් වීමි. පෙර තොපගේ යහළුවෙකිම් වීමි.
සො’හං එතෙ පජානාමි විමුත්තෙ සත්ත භික්ඛවො, රාගදොසපරික්ඛීණෙ තිණ්ණෙ ලොකෙ විසත්තිකන්ති.
ඒ මම රාගදේවේෂයන් ක්ෂය කළ ලොව තෘෂ්ණාව තරණය කළ මිදුනු මේ භික්ෂූන් සත්නම දනිමි.
[භගවා:]
[භගවත්හු:]
එවමෙතං තදා ආසි යථා භාසසි භග්ගව, කුම්භකාරො පුරෙ ආසි වෙහලිඞ්ගෙ ඝටීකරො, මාතාපෙත්තිභරො ආසි කස්සපස්ස උපාසකො.
භාර්ගවය, යම්සේ කියහි නම් එකල්හි මේ එසේ වී ය. පෙර වේහලිඞ්ග ගම්හි ඝටීකාර නම් කුඹලෙක් වූයේ ය. කාශ්‍යප බුදුරජානන් වහන්සේගේ උපාසක වූයේ මවුපියන් පෝෂණය කරන්නෙක් වූයේ ය.
විරතො මෙථුනා ධම්මා බ්‍රහ්මචාරී නිරාමිසො, අහුවා මෙ සගාමෙය්යො අහුවා මෙ පුරෙ සඛාති.
මෙවුන්දමින් වැළකුනු නිරාමිස බඹසර ඇත්තෙක් වූයේ ය. මා හා එක ගම වසන්නෙක් වූයේ ය. පෙර මාගේ යහළුවෙක් වී ය.
[ථෙරා:]
[තෙරහු:]
එවමෙතං පුරාණානං සහායානං අහු සඞ්ගමො, උභින්නං භාවිතත්තානං සරීරන්තිමධාරිනන්ති.
වඩන ලද සිත් ඇති අන්තිම සිරුර දරණ පැරණි යහළුවන් දෙදෙනකුගේ මේ එක්වීම මෙසේ විය.
ආදිත්තවග්ගො පඤ්චමො.
ආදිත්ත වර්ගය පස්වැනි යි.
තත්රුද්දානං:
එහි උද්දානය:
ආදිත්තං කිංදදං අන්නං එකමූලඅනොමියං, අච්ඡරාවනජෙතෙන මච්ඡරෙන ඝටීකරො’ති.
ආදිත්ත, කිංදද, අන්න, ඒකමූල, අනෝම, අච්ඡරා, වනරෝප, ජේතවන, මචේඡර, ඝටීකාර සූත්‍රයයි දශයෙකි.