මච්ඡරිසුත්තං
1. 5. 9.
1. 5. 9.
මච්ඡරිසුත්තං
මච්ඡරි සූත්‍රය.
[දෙවතා:]
[දෙවි:]
49. යෙ’ධ මච්ඡරිනො ලොකෙ කදරියා පරිභාසකා, අඤ්ඤෙසං දදමානානං අන්තරායකරා නරා.
49. දැඩි මසුරුකම් ඇති, පරිභව කරණ, දන් දෙන අනුන්ට අන්තරාය කරණ, යම් මසුරු මිනිස් කෙනෙක් මෙලොව වෙද්ද,
කීදිසො තෙසං විපාකො සම්පරායො ච කීදිසො, භගවන්තං පුට්ඨුමාගම්ම කථං ජානෙමු තං මයන්ති.
ඔවුන්ගේ විපාකය කෙබඳු ද? පරලොව ගතියත් කෙබඳු ද? භාගවතුන් වහන්සේ විචාරන්නට අවුත් (සිටින) අපි එය කෙසේ දනිමු ද?
[භගවා:]
[භගවත්හු:]
යෙ’ධ මච්ඡරිනො ලොකෙ කදරියා පරිභාසකා, අඤ්ඤෙසං දදමානානං අන්තරායකරා නරා.
දැඩි මසුරුකම් ඇති, පරිභව කරණ, දන් දෙන අනුන්ට අන්තරාය කරණ, යම් මසුරු මිනිස් කෙනෙක් මෙලොව වෙද් ද,
නිරයං තිරච්ඡානයොනිං යමලොකඤ්චුපපජ්ජරෙ, සචෙ එන්ති මනුස්සත්තං දළිද්දෙ ජායරෙ කුලෙ, චොළං පිණ්ඩො රතී ඛිඩ්ඩා යත්ථ කිච්ඡෙන ලබ්භති.
(ඔහු) නරකයට ද, තිරිසන් යෝනියට ද, යමලෝකයට ද පැමිණෙත්. ඉදින් මිනිසත්බවට එත් නම්, යම් කුලයෙක වස්ත්‍ර ආහාර කාම සම්පත් හා ක්‍රීඩා දුක සේ ලැබෙද් ද, (එබඳු) දිළිඳු කුලයෙක උපදී.
පරතො ආසිංසරෙ බාලා තම්පි තෙසං නලබ්භති, දිට්ඨෙ ධම්මෙ සවිපාකො සම්පරායෙ ච දුග්ගතීති.
ඒ අඥානයෝ මෙරමාගෙන් (යමක්) බලාපොරොත්තු වෙත් නම්, එය ද ඔවුන්ට නො ලැබේ. මෙලොව ඒ විපාක යි. පරලොව ද දුගතිය වේ.
[දෙවතා:]
[දෙවි:]
ඉතිහෙතං විජානාම අඤ්ඤං පුච්ඡාම ගොතම, යෙ’ධ ලද්ධා මනුස්සත්තං වදඤ්ඤූ වීතමච්ඡරා. බුද්ධෙ පසන්නා ධම්මෙ ච සඞ්ඝෙ ච තිබ්බගාරවා.
ගෞතමය වහන්ස, මෙසේ මෙය දැනුම්හ. අනෙකක් විචාරමු. යම් කෙනෙක් මේ ලෝකයෙහි මිනිසත්බව ලැබ පහ වූ මසුරුමල ඇත්තාහු බුදුන් දහම් සඟුන් කෙරෙහිත් පැහැදුනාහු අතිශය ගෞරව ඇත්තාහු (වදාන්‍ය) දන්කලු වූහු ද,
කීදිසො තෙසං විපාකො සම්පරායො ච කීදිසො, භගවන්තං පුට්ඨුමාගම්ම කථං ජානෙමු තං මයන්ති.
ඔවුන්ගේ විපාකය කෙබඳු ද? පරලොව ගතියත් කෙබඳු ද? භාගවතුන් වහන්සේ විචාරන්නට අවුත් (සිටින) අපි එය කෙසේ දනිමු ද?
[භගවා:]
[භගවත්හු:]
යෙ’ධ ලද්ධා මනුස්සත්තං වදඤ්ඤූ වීතමච්ඡරා, බුද්ධෙ පසන්නා ධම්මෙ ච සඞ්ඝෙ ච තිබ්බගාරවා, එතෙ සග්ගෙ පකාසෙන්ති යත්ථ තෙ උපපජ්ජරෙ.
යම් කෙනෙක් මේ ලෝකයෙහි මිනිසත්බව ලැබ පහ වූ මසුරුමල ඇත්තාහු බුදුන් දහම් සඟුන් කෙරෙහිත් පැහැදුනාහු අත්‍යන්ත ගෞරව ඇත්තාහු (වදාන්‍ය) දන්සොඬ වෙද්ද, ඔහු යම් තැනක උපදිද් ද, ඒ ස්වර්ගයෙහි මොහු බබලත්.
සචෙ එන්ති මනුස්සත්තං අඩ්ඪෙ ආජායරෙ කුලෙ, චොළං පිණ්ඩො රතී ඛිඩ්ඩා යත්ථාකිච්ඡෙන ලබ්භති.
ඉදින් මිනිසත්බවට එත් නම්, යම් කුලයෙක වස්ත්‍ර ආහාර කාමවස්තු හා ක්‍රීඩා නිදුකින් ලැබෙද් ද (එබඳු) ආඪ්‍ය කුලයෙක උපදිත්.
පරසම්භතෙසු භොගෙසු වසවත්තීව මොදරෙ, දිට්ඨෙ ධම්මෙ සවිපාකො සම්පරායෙ ච සුග්ගතීති.
අනුන් විසින් රැස් කරණ ලද භෝගයන්හි එහි හිමියන් මෙන් සතුටු වෙත්. මෙලොව ඒ විපාක යි. පරලොවත් සුගතිය වේ.