යෙදුමෙන් කියවන්න

කිංදදසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

1. 5. 2.

1. 5. 2.

කිංදදසුත‍්තං.

කිංදද සූත්‍රය

[දෙවතා:]

[දෙවි:]

42. කිංදදො බලදො හොති කිංදදො හොති වණ‍්ණදො. කිංදදො සුඛදො හොති කිංදදො හොති චක‍්ඛුදො. යො ච සබ‍්බදදො හොති තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතොති.

42. කුමක් දෙන්නේ බලය දෙන්නේ වේ ද? කුමක් දෙන්නේ වර්‍ණය දෙන්නේ වේ ද? කුමක් දෙන්නේ සැපය දෙන්නේ වේ ද? කුමක් දෙන්නේ ඇස් දෙන්නේ වේ ද? යමෙක් සියල්ල දෙන්නෙත් වේ ද, මා විසින් විචාරණ ලද්දෙහි එය වදාළ මැනවි.

[භගවා:]

[භගවත්හු:]

අන‍්නදො බලදො හොති වත්‍ථදො හොති වණ‍්ණදො, යානදො සුඛදො හොති දීපදො හොති චක‍්ඛුදො. සො ච සබ‍්බදදො හොති යො දදාති උපස‍්සයං, අමතංදදො ච සො හොති යො ධම‍්මමනුසාසතීති.

ආහාර දෙන්නේ බලය දෙන්නේ වේ. වස්ත්‍ර දෙන්නේ වර්‍ණය දෙන්නේ වේ. යාන දෙන්නේ සැප දෙන්නේ වේ. පහන් දෙන්නේ ඇස් දෙන්නේ වේ. යමෙක් අවාස දේ ද, හෙතෙමේ සියල්ල දෙන්නේත් වේ. යමෙක් ධර්‍මානුශාසන කෙරේ ද, හෙතෙමේ අමෘතය දෙන්නේත් වෙයි.

1. 5. 3.

1. 5. 3.

අන‍්නසුත‍්තං

අන්න සූත්‍රය

[දෙවතා:]

[දෙවි:]

43. අන‍්නමෙවාභිනන්‍දන‍්ති උභයෙ දෙවමානුසා, අථ කො නාම සො යක‍්ඛො යං අන‍්නං නාභිනන්‍දතීති.

43. දෙව්මිනිස් දෙකොටස වූවෝ ආහාරය ම පතත්. යම් හෙයෙකින් යමෙක් ආහාරය නො පතා නම්, හේ කවර නම් යකෙක් ද?

[භගවා:]

[භගවත්හු:]

යෙ නං දදන‍්ති සද‍්ධාය විප‍්පසන‍්නෙන චෙතසා තමෙව අන‍්නං භජති අස‍්මිං ලොකෙ පරම‍්හි ච.

යම් කෙනෙක් පහන් සිතින් සැදැහැයෙන් ඒ ආහාරය දෙද්ද, මෙලෙව්හි ද පරලෙව්හි ද ආහාරය ඔහු ම සෙවුනේ ය.

තස‍්මා විනෙය්‍ය මච‍්ඡෙරං දජ‍්ජා දානං මලාභිභූ, පුඤ‍්ඤානි පරලොකස‍්මිං පතිට‍්ඨා හොන‍්ති පාණිනන‍්ති.

එහෙයින් මසුරුමල මැඩලන සුලු වූයේ මසුරුකම දුරු කොට දන් දෙන්නේ ය. පින් සත්ත්‍වයන්ට පරලොව පිහිට වේ.

1. 5. 4.

1. 5. 4.

එකමූලසුත‍්තං

ඒකමූල සූත්‍රය.

[දෙවතා:]

[දෙවි:]

44. එකමූලං ද‍්විරාවට‍්ටං තිමලං පඤ‍්චපත්‍ථරං, සමුද‍්දං ද‍්වාදසාවට‍්ටං පාතාලං අතරී ඉසීති.

44. එක්මුලක් ඇති සළාවැටුම් දෙකක් ඇති මල තුණක් ඇති ප්‍රස්තර පසක් ඇති ආවර්‍ත දොළසක් ඇති අගාධ වූ සමුද්‍රය මහර්ෂි තෙමේ තරණය කළේ ය.

1. 5. 5.

1. 5. 5.

අනොමසුත‍්තං

අනෝම සූත්‍රය

[දෙවතා:]

[දෙවි:]

45. අනොමනාමං නිපුණත්‍ථදස‍්සිං පඤ‍්ඤාදදං කාමාලයෙ අසත‍්තං තං පස‍්සථ සබ‍්බවිදුං සුමෙධං අරියෙ පථෙ කමමානං මහෙසින‍්ති.

45. පිරිපුන් නම් ඇති සියුම් අරුත් දක්නාසුලු නුවණ දෙන කාමවස්තුන්හි නොඇලුනු සියල්ල දන්නා මනා නුවණ ඇති ආර්‍ය්‍යමාර්‍ගයෙහි ගියා වූ ඒ මහර්ෂිහු බලව.

1. 5. 6.

1. 5. 6.

අච‍්ඡරාසුත‍්තං.

අච්ඡරා සූත්‍රය.

[දෙවතා:]

[දෙවි:]

46. අච‍්ඡරාගණසඞ‍්ඝුට‍්ඨං පිසාචගණසෙවිතං, වනන‍්තං මොහනං නාම කථං යාත්‍රා භවිස‍්සතීති.

46. අප්සරස් සමූහයා විසින් සුඝෝෂිත වූ පිශාචයන් වැනි ඒ අප්සරස් සමූහයා විසින් සෙවුනාලද මේ වනය මෝහන නමි. (එයින්) නික්ම යෑම කෙසේ වන්නේ ද?

[භගවා:]

[භගවත්හු:]

උජුකො නාම සො මග‍්ගො අභයා නාම සා දිසා, රථො අකූජනො නාම ධම‍්මචක‍්කෙහි සංයුතො.

ඒ මාර්‍ගය උජුක නම් වේ. දිශාව අභයා නම් වේ. ධර්‍මචක්‍රයන් ගෙන් යුක්ත වූ ඒ රථය අකූජන නම් වේ.

හිරි තස‍්ස අපාලම‍්බො සතස‍්ස පරිවාරණං, ධම‍්මාහං සාරථිං බ්‍රූමි සම‍්මාදිට‍්ඨිපුරෙජවං.

හිරිඔතප් දෙක ඒ රථයේ වැතිර ගන්නා පුවරු (ඇඳි) යි. සිහිය ඒ රථයේ පිරිකරයි (සැරැසිල්ලයි.) විදර්‍ශනා සම්‍යග්දෘෂ්ටිය පෙරටු කොට යන ලෝකෝත්තර මාර්‍ග ධර්‍මය (එහි) රියැදුරා ය යි මම කියමි.

යස‍්ස එතාදිසං යානං ඉත්‍ථියා පුරිසස‍්ස වා, ස වෙ එතෙන යානෙන නිබ‍්බාණස‍්සෙව සන‍්තිකෙති.

යම් ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ මෙබඳු යානයෙක් වේ නම් හෙතෙමේ ඒකාන්තයෙන් මේ යානයෙන් නිවණ සමීපයෙහි ම වේ.

1. 5. 7.

1. 5. 7.

වනරොපසුත‍්තං

වනරෝප සූත්‍රය

[දෙවතා:]

[දෙවි:]

47. කෙසං දිවා ච රත‍්තො ච සදා පුඤ‍්ඤං පවඩ‍්ඪති, ධම‍්මට‍්ඨා සීලසම‍්පන‍්නා කෙ ජනා සග‍්ගගාමිනොති.

47. කිනම් කෙනකුන්ට හැමකල්හි දහවලුත් රෑත් පින් වැඩේ ද? දහම්හි පිහිටි ශීලසම්පන්න වූ කිනම් ජනයෝ ස්වර්‍ගයට යෙත් ද?

[භගවා:]

[භගවත්හු:]

ආරාමරොපා වනරොපා යෙ ජනා සෙතුකාරකා, පපඤ‍්ච උදපානඤ‍්ච යෙ දදන‍්ති උපස‍්සයං.

යම් ජන කෙනෙක් මල්පල උයන් වවන්නෝ වෙත් ද, පියවි වන වගා කොට දෙන්නෝ වෙත් ද, ඒ දඬු පාලම් කරවන්නෝ වෙත් ද, යම් කෙනෙක් පැන්හලුත් පැන් පොකුණුත් ආවාසත් දෙ ද් ද,

තෙසං දිවා ච රත‍්තො ච සදා පුඤ‍්ඤං පවඩ‍්ඪති, ධම‍්මට‍්ඨා සීලසම‍්පන‍්නා තෙ ජනා සග‍්ගගාමිනොති.

ඔවුන්ට හැමකල්හි දහවලුත් රෑත් පින් වැඩේ. දහම්හි පිහිටි ශීල සම්පන්න වූ ඒ ජනයෝ ස්වර්‍ගයට යෙත්.

1. 5. 8.

1. 5. 8.

ජෙතවනසුත‍්තං

ජේතවන සූත්‍රය

[දෙවතා:]

[අනාථපිණ්ඩික දෙවි:]

48. ඉදඤ‍්හි තං ජෙතවනං ඉසිසඞ‍්ඝනිසෙවිතං, ආවුත්‍ථං ධම‍්මරාජෙන පීතිසඤ‍්ජනනං මම.

48. භික්‍ෂු සමූහයා විසින් නිතර සෙවුනා ලද ධර්‍මරාජ වූ බුදුරජානන් වහන්සේ විසින් විසුම් ගන්නා ලද මේ ඒ ජේතවනය මට ප්‍රීති උපදවන්නේ ය.

[භගවා:]

[භගවත්හු:]

කම‍්මං විජ‍්ජා ච ධම‍්මො ච සීලං ජීවිතමුත‍්තමං, එතෙන මච‍්චා සුජ‍්ඣන‍්ති න ගොත‍්තෙන ධනෙන වා.

කර්‍මය ද, විද්‍යාව ද, සමාධි ධර්‍මය ද, උතුම් ජීවිතය වූ ශීලය ද යන මෙයින් සත්ත්‍වයෝ පිරිසිදු වෙත්. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් හෝ පිරිසිදු නො වෙත්.

තස‍්මා හි පණ‍්ඩිතො පොසො සම‍්පස‍්සං අත්‍ථමත‍්තනො, යොනිසො විචිනෙ ධම‍්මං එවං තත්‍ථ විසුජ‍්ඣති.

එහෙයින් ම නුවණැති පුරුෂ තෙමේ තමාගේ අභිවෘද්ධිය දක්නේ නුවණින් දහම් රැස් කරන්නේ ය. මෙසේ ඒ ආර්‍ය්‍යමාර්‍ගයෙහි පිරිසිදු වෙයි.

සාරිපුත‍්තොව පඤ‍්ඤාය සීලෙන උපසමෙන ච, යොපි පාරගතො භික‍්ඛු එතාව පරමො සියා’ති.

ප්‍රඥාවෙන් ද, ශීලයෙන් ද, ව්‍යුපශමයෙන් ද, ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ ම (උතුම්හ) පරතෙරට (නිවණට) පැමිණි යම් මහණෙක් වේ නම්, මේ ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ ම උතුම් කොට ඇත්තේ වන්නේ ය යි.