නසන්තිසුත්තං
1. 4. 4.
1. 4. 4.
නසන්තිසුත්තං.
නසාන්ති සූත්‍රය
34. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
34. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක.
අථ ඛො සම්බහුලා සතුල්ලපකායිකා දෙවතායො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො එකා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථායො අභාසි:
එකල්හි මනා ඡවිවර්ණ ඇති බොහෝ වූ සතුල්ලපකායික දේවතාවෝ පෙරයම ඉක්ම ගිය කල මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාකී ය:
න සන්ති කාමා මනුජෙසු නිච්චා සන්තීධ කමනීයානි යෙසු බද්ධො, යෙසු පමත්තො අපුනාගමනං අනාගන්තා පුරිසො මච්චුධෙය්යාති. ඡන්දජං අඝං ඡන්දජං දුක්ඛං ඡන්දවිනයා අඝවිනයො අඝවිනයා දුක්ඛවිනයොති.
මිනිසුන් කෙරෙහි නිත්‍ය වූ කාමයෝ නැත. යම් කාම වස්තූන් කෙරෙහි බැඳුනු යම් කාමවස්තුන්හි ප්‍රමත්ත වූ පුරුෂ තෙමේ මෘත්‍යුධෙය සඞ්ඛ්‍යාත සසරින් අපුනරාගමන සඞ්ඛ්‍යාත නිවණට නොපැමිණෙන්නේ වේ ද, (එබඳු වූ) ඉෂ්ටාලම්බනයෝ මේ ලෝකයෙහි ඇත. (පඤ්චස්කන්ධ) දුඃඛය තෘෂ්ණාච්ඡන්‍දයෙන් හටගත්තේ ය. (පඤ්චෝපාදානස්කන්ධ) දුඃඛය තෘෂ්ණාච්ඡන්‍දයෙන් හටගත්තේ ය. තෘෂ්ණාව දුරු කිරීමෙන් (පඤ්චස්කන්ධ) දුඃඛය දුරු කිරීම වේ. (පඤ්චස්කන්ධ) දුඃඛය දුරු කිරීමෙන් සියලු සංසාරදුඃඛය දුරු කිරීම වේ.
න තෙ කාමා යානි චිත්‍රානි ලොකෙ සඞ්කප්පරාගො පුරිසස්ස කාමො, තිට්ඨන්ති චිත්‍රානි තථෙව ලොකෙ අථෙත්ථ ධීරා විනයන්ති ඡන්දං.
ලෝකයේ විචිත්‍ර වූ යම් (රූපාදි) අරමුණු ඇත් ද, ඔහු කාමයෝ නො වෙත්. පුරුෂයාගේ (ශුභාදිවශයෙන්) සංකල්පිත රාගය තෙමේ කාමය යි. ලෝකයෙහි විසිතුරු වූ (රූපාදි) අරමුණු එසේ ම සිටී. වැලිත් පණ්ඩිතයෝ මේ ආරම්මණයන්හි ඡන්දරාගය දුරු කෙරෙත්.
කොධං ජහෙ විප්පජහෙය්‍ය මානං සංයොජනං සබ්බමතික්කමෙය්ය, තං නාමරූපස්මිමසජ්ජමානං අකිඤ්චනං නානුපතන්ති දුක්ඛා.
ක්‍රෝධය දුරු කරන්නේ ය. මානය වෙසෙසින් බැහැර කරන්නේ ය. සියලු සංයෝජන ඉක්මවන්නේ ය. නාමරූප දෙකෙහි නොඇලෙන රූපාදි පළිබෝධ රහිත වූ ඒ ක්ෂීණාස්රවයා මතුයෙහි (සංසාර) දුඃඛයෝ නො වැටෙත්.
පහාසි සඞ්ඛං න ච මානමජ්ඣගා අච්ඡෙච්ඡි තණ්හං ඉධ නාමරූපෙ, තං ඡින්නගන්ථං අනිඝං නිරාසං පරියෙසමානා නාජ්ඣගමුං දෙවා මනුස්සා ඉධ වා හුරං වා සග්ගෙසු වා සබ්බනිවෙසනෙසූති.
(යමෙක්) සත්ත්‍වප්‍රඥප්තිය දුරු කෙළේ ද, මානයට නො පැමිණියේ ද, මේ නාමරූප දෙක්හි තෘෂ්ණාව සිඳ ලූයේ ද, සුන් කළ තෘෂ්ණාග්‍රන්‍ථි ඇති නිදුක් වූ ආශාරහිත වූ ඒ ක්ෂීණාස්රවයන් වහන්සේ දෙවියෝත් මනුෂ්‍යයෝත් මෙලොව ද පරලොව ද ස්වර්ගයන්හි ද සියලු සත්ත්‍වනිවේසනයන්හි ද සොයන්නාහු නමුත් නො ලබත්.
තඤ්චෙ හි නාද්දක්ඛුං තථා විමුත්තං (ඉච්චායස්මා මොඝරාජා:) දෙවා මනුස්සා ඉධ වා හුරං වා, නරුත්තමං අත්ථචරං නරානං යෙ තං නමස්සන්ති පසංසියා තෙති?
(මෝඝරාජ ස්ථවිර තෙමේ මෙසේ කී ය:) ඉදින් දෙවියෝත් මනුෂ්‍යයෝත් එසේ මිදුනු ඒ සර්වඥයන් වහන්සේ මෙලොවත් පරලොවත් නො දක්නාහු ද, මිනිසුනට හිතවැඩ සලසන නරශ්‍රේෂ්ඨ වූ ඒ සර්වඥයන් වහන්සේට යම් කෙනෙක් නමස්කාර කෙරෙත් නම්, ඔහු පැසසිය යුත්තෝ ද?
පසංසියා තෙපි භවන්ති භික්ඛූ (මොඝරාජා’ති භගවා:) යෙ තං නමස්සන්ති තථා විමුත්තං, අඤ්ඤාය ධම්මං විචිකිච්ඡං පහාය සඞ්ගාතිගා තෙපි භවන්ති භික්ඛූති.
(භාග්‍යවතුන් වහන්සේ: මෝඝරාජය.) යම් කෙනෙක් එසේ මිදුනු ඒ සර්වඥයන් වහන්සේට නමස්කාර කෙරෙද්ද, ඒ භික්ෂූහු පැසසිය යුත්තෝත් වෙති. ඒ භික්ෂූහු ධර්මය දැන විචිකිච්ඡාව දුරු කොට (රාගාදි) සඞ්ගයන් ඉක්ම ගියාහු ද වෙති.