උජ්ඣානසඤ්ඤිසුත්තං
1. 4. 5.
1. 4. 5.
උජ්ඣානසඤ්ඤිසුත්තං.
උජ්ඣානසඤඤී සූත්‍රය.
35. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො සම්බහුලා උජ්ඣානසඤ්ඤිකා දෙවතායො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා වෙහාසං අට්ඨංසු. වෙහාසං ඨිතා ඛො එකා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
35. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි මනා ඡවිවර්ණ ඇති බොහෝ වූ උජ්ඣානසඤඤික දේවතාවෝ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ අහසෙහි සිටියහ. අහසෙහි සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
අඤ්ඤථා සන්තමත්තානං අඤ්ඤථා යො පවෙදයෙ, නිකච්ච කිතවස්සෙ’ව භුත්තං ථෙය්යෙන තස්ස තං
යම් මහණෙක් අන් අයුරෙකින් පවත්නා තමා අන් අයුරෙකින් (ඇතිසැටි වළහා) ප්‍රකාශ කරන්නේ ද, ලිහිණි වැද්දාගේ (ලිහිණිමස් කෑම) මෙන් ඔහු විසින් ඒ සිවුපසය වඤ්චායෙන් රවටා හොරකමින් අනුභව කරණ ලද්දේ ය.
[භගවා:]
[භගවත්හු:]
යං හි කයිරා තං හි වදෙ යං න කයිරා න තං වදෙ, අකරොන්තං භාසමානානං පටිජානන්ති පණ්ඩිතාති.
යමක් කරන්නේ නම්, එය ම කියන්නේ ය. යමක් නොකරන්නේ නම්, එය නොකියන්නේ ය. කියන්නවුන් අතුරෙන් නොකරන්නහු පණ්ඩිතයෝ දැන ගණිත්.
නයිදං භාසිතමත්තෙන එකන්තසවණෙන වා, අනුක්කමිතවෙ සක්කා යායං පටිපදා දළ්හා, යාය ධීරා පමුච්චන්ති ඣායිනො මාරබන්ධනා.
යම් මේ ප්‍රතිපදායෙක් දැඩි ද, ධ්‍යාන කරණසුලු පණ්ඩිතයෝ යම් ප්‍රතිපදායෙකින් මාරබන්ධනයෙන් මිදෙද් ද, මේ ප්‍රතිපත්තිය කථිතමාත්‍රයෙකින් හෝ ශ්‍රවණමාත්‍රයෙකින් හෝ පිළිපදින්නට නො හැකි ය.
න වෙ ධීරා පකුබ්බන්ති විදිත්වා ලොකපරියායං, අඤ්ඤාය නිබ්බුතා ධීරා තිණ්ණා ලොකෙ විසත්තිකන්ති.
සංස්කාර ලෝකයාගේ උදයව්‍යයස්වාභාවය දැන (චතුස්සත්‍යය) අවබෝධ කොට ලෝකයෙහි විසත්තිකා නම් වූ තෘෂ්ණාව තරණය කළා වූ (ක්ලේශ පරිනිර්වාණයෙන්) පිරිනිවියා වූ පණ්ඩිතයෝ ඒකාන්තයෙන් (මෙසේ) නො කෙරෙත්.
අථ ඛො තා දෙවතායො පඨවියං පතිට්ඨහිත්වා භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවන්තං එතදවොචුං. අච්චයො නො භන්තෙ, අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං, යා මයං භගවන්තං ආසාදෙතබ්බං අමඤ්ඤිම්හා. තාසං නො භන්තෙ භගවා අච්චයං අච්චයතො පතිගණ්හාතු ආයතිං සංවරායා’ති.
ඉක්බිති ඒ දේවතාවෝ පොළොවෙහි පිහිටා භාග්‍යවතුන් වහන්සේගේ පා ලඟ හිසින් වැඳ වැටී භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, යම්බඳු අපි බාල බවට අනුරූප සේ මූඪබවට අනුරූපසේ අදක්‍ෂබවට අනුරූප සේ භාග්‍යවතුන් වහන්සේ වචනයෙන් ගැටිය යුත්තකු කොට සිතුමු ද, ඒ වරද අප ඉක්ම ගියේ ය. වහන්ස, ඒ අපගේ වරද ආයතිසංවරය පිණිස වරද වශයෙන් භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නා සේක්වා” යි මෙය සැළ කළහ.
අථ ඛො භගවා සිතං පාත්වාකාසි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සිනා පහළ කළ සේක.
අථ ඛො තා දෙවතායො භීයොසොමත්තාය උජ්ඣායන්තියො වෙහාසං අබ්භුග්ගඤ්ඡුං.
එකල්හි ඒ දේවතාවෝ බොහෝ සෙයින් දොස් පහළ කෙරෙමින් අහසට නැංගහ.
එකා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කි ය:
අච්චයං දෙසයන්තීනං යො චෙ න පටිගණ්හති, කොපන්තරො දොසගරු ස වෙරං පටිමුච්චති.
යමෙක් දෙසන්නවුන්ගේ වරද නො පිළිගණීද, ඇතුළත කෝප ඇති ද්වේෂය ගුරු කොට ගෙණ වසන හෙතෙමේ ඒකාන්තයෙන් වෛරය (තමා කෙරෙහි) බැඳ තබයි.
[භගවා:]
[භගවත්හු:]
අච්චයො චෙ න විජ්ජෙථ නො චිධාපගතං සියා, වෙරානි ච සම්මෙය්යුං තෙනීධ කුසලො සියා.
ඉදින් මෙහි වරදෙක් නැත් නම්, ඉදින් අපරාධයෙකුත් නො වන්නේ නම්, වෛරයෝත් සංසිඳෙන්නාහු නම්, එයින් මෙහි (නිරවද්‍යචර්‍ය්‍යායෙහි) දක්ෂයෙක් වන්නේය.
[දෙවතා:]
[දෙවි:]
කස්සච්චයා න විජ්ජන්ති කස්ස නත්ථි අපාගතං කො සම්මොහමාපාදි කො වා ධීරො සදා සතොති.
කවරෙකුගේ වැරදි නැද්ද? කවරෙකුගේ අපරාධ නැද්ද? කවරෙක් මුළාවට නො පැමිණේ ද? කවරෙක් හැම කල්හි සිහි ඇත්තේ ද? පණ්ඩිත ද?
[භගවා:]
[භගවත්හු:]
තථාගතස්ස බුද්ධස්ස සබ්බභූතානුකම්පිනො, තස්සච්චයා න විජ්ජන්ති තස්ස නත්ථි අපාගතං, සො න සම්මොහමාපාදි සොව ධීරො සදා සතො.
චතුස්සත්‍යය අවබෝධ කළා වූ හැම සතුන් කෙරෙහි අනුකම්පා ඇති ඒ තථාගතයන් වහන්සේගේ වැරදි නැත. උන්වහන්සේගේ අපරාධ නැත. උන්වන්හසේ මුළාවට නො පැමිණෙත්. මේ ලෝකයෙහි උන්වහන්සේ ම හැම කල්හි සිහි ඇති සේක. පණ්ඩිත සේක.
අච්චයං දෙසයන්තීනං යො චෙ න පටිගණ්හති, කොපන්තරො දොසගරු ස වෙරං පටිමුච්චති, තං වෙරං නාභිනන්දාමි පතිගණ්හාමි වොච්චයන්ති.
ඉදින් යමෙක් දෙසන්නවුන්ගේ වරද නො පිළිගණී ද, ඇතුළත කෝප ඇති ද්වේෂය ගුරු කොට ගෙණ වසන හෙතෙමේ වෛරය (තමා කෙරෙහි) බැඳ තබයි. ඒ වෛරය නො පිළිගණිමි. තොපගේ වරද පිළිගණිමි යි.