යෙදුමෙන් කියවන්න

සමිද‍්ධිසුත‍්තං

1. 2. 10.

1. 2. 10.

සමිද‍්ධිසුත‍්තං

සමිද්ධි සූත්‍රය

20. එවම‍්මෙ සුතං එකං සමයං භගවා රාජගහෙ විහරති තපොදාරාමෙ.

20. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර තපෝදාරාමයෙහි වැඩ වසන සේක.

අථ ඛො ආයස‍්මා සමිද‍්ධි රත‍්තියා පච‍්චූසසමයං පච‍්චුට‍්ඨාය යෙන තපොදා තෙනුපසඞ‍්කමි ගත‍්තානි පරිසිඤ‍්චිතුං. තපොදෙ ගත‍්තානි පරිසිඤ‍්චිත්‍වා පච‍්චුත‍්තරිත්‍වා එකචීවරො අට‍්ඨාසි ගත‍්තානි පුබ‍්බාපයමානො.

එකල්හි ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ රෑ අලුයම නැගිට ගාත්‍රයන් දෝනා පිණිස තපොදා නදිය වෙත එළඹියහ. තපෝදානදියෙහි ගාත්‍රයන් දොවා ගොඩ නැඟී ඇඟ තෙත සිඳුවමින් එක් සිවුරක් ඇති ව සිටියහ.

අථ ඛො අඤ‍්ඤතරා දෙවතා අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණා කෙවලකප‍්පං තපොදං ඔභාසෙත්‍වා යෙනායස‍්මා සමිද‍්ධි තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා වෙහාසං ඨිතා ආයස‍්මන‍්තං සමිද‍්ධිං ගාථාය අජ‍්ඣභාසි:

එකල්හි මනා පැහැ ඇති එක්තරා දෙව්දුවක් රාත්‍රිය ඉක්ම ගිය කල්හි මුළු තපෝදාව බබුළුවා ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන් වෙත එළඹියා ය. එළඹ අහස්හි සිටිය ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන්ට ගාථායෙන් කීවා ය:

අභුත්‍වා භික‍්ඛසි භික‍්ඛු න හි භුත්‍වාන භික‍්ඛසි, භුත්‍වාන භික‍්ඛු භික‍්ඛස‍්සු මා තං කාලො උපච‍්චගාති.

මහණ, නො වළඳා සිඟයි. වළඳා නො ම සිඟයි. මහණ, වළඳා සිඟව. කාලය තා නහමක් ඉක්ම යේවා.

[සමිද‍්ධි:]

[සමිද්ධි:]

කාලං වො’හං න ජානාමි ඡන‍්නො කාලො න දිස‍්සති, තස‍්මා අභුත්‍වා භික‍්ඛාමි මා මං කාලො උපච‍්චගාති.

මම කාලය නො දනිමි. කාලය වැසුනේ නො පෙණෙයි. එහෙයින් ‘කාලය මා නහමක් ඉක්ම යේවා’යි නො වළඳා සිඟමි.

අථ ඛො සා දෙවතා පඨවියං පතිට‍්ඨහිත්‍වා ආයස‍්මන‍්තං සමිද‍්ධිං එතදවොච:

ඉක්බිති ඒ දෙව්දුව පොළොවෙහි පිහිටා ආයුෂ්මත් සමිද්ධි තෙරුන්ට මෙය කීවා ය:

දහරො ත්‍වං භික‍්ඛු පබ‍්බජිතො සුසුකාලකෙසො භද්‍රෙන යොබ‍්බනෙන සමන‍්නාගතො පඨමෙන වයසා අනිකීළිතාවී කාමෙසු. භුඤ‍්ජ භික‍්ඛු මානුසකෙ කාමෙ. මා සන්‍දිට‍්ඨිකං හිත්‍වා කාලිකං අනුධාවීති.

මහණ, තෝ තරුණ පැවිද්දෙහි මනා කලුකෙහෙ ඇතියෙහි, සොඳුරු යොවුනෙන් හා පළමු වයසින් යුක්තයෙහි, කාමක්‍රීඩා නො කළ සුලුයෙහි, මහණ, මානුසික කාමයන් අනුභව කරණු මැනව. මෙලොව පස්කම් සැප හැර පියා පරලොව (කලෙකින් ලැබෙන) සැප නහමක් ලුහුබඳුව.

[සමිද‍්ධි:]

[සමිද්ධි:]

න ඛ‍්වාහං ආවුසො සන්‍දිට‍්ඨිකං හිත්‍වා කාලිකං අනුධාවාමි. කාලිකඤ‍්ච ඛ‍්වාහං ආවුසො හිත්‍වා සන්‍දිට‍්ඨිකං අනුධාවාමි. කාලිකාහි ආවුසො කාමා වුත‍්තා භගවතා බහුදුක‍්ඛා බහුපායාසා ආදීනවො එත්‍ථ භිය්‍යො. සන්‍දිට‍්ඨිකො අයං ධම‍්මො අකාලිකො එහිපස‍්සිකො ඔපනයිකො පච‍්චත‍්තං වෙදිතබ‍්බො විඤ‍්ඤූහීති.

ඇවැත්නි, මට මෙලොව සැප හැර පිය කලෙකින් ලැබෙන සැප නො ම ලුහුබඳිමි. ඇවැත්නි, මම කලෙකින් ලැබෙන සැප හැර පියා මෙලොව සැප ලුහුබඳිමි. ඇවැත්නි, කාමයෝ කාලිකයහ. බොහෝ දුක් ඇත්තෝ ය. බොහෝ වෙහෙස ගෙණ දෙන්නෝ ය. මෙහි දෝෂයෝ බොහෝහ. මේ ධර්‍මය තමා විසින් දැක්ක යුත්තේ ය. කල් නො යවා විපාක දෙන්නේ ය. එව, බලවයි’ කීමට සුදුසු ය. තම සිත්හි එළවා තැබීමට සුදුසු ය. නුවණැත්තන් විසින් තම තමා කෙරෙහි ලා දත යුත්තේ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදහ.

[දෙවතා:]

[දෙව්දූ:]

කථඤ‍්ච භික‍්ඛු කාලිකා කාමා වුත‍්තා භගවතා බහුදුක‍්ඛා බහුපායාසා ආදීනවො එත්‍ථ භිය්‍යො. කථං සන්‍දිට‍්ඨිකො අයං ධම‍්මො අකාලිකො එහිපස‍්සිකො ඔපනයිකො පච‍්චත‍්තං වෙදිතබ‍්බො විඤ‍්ඤූහීති.

මහණ, කෙසේ නම් ‘කාමයෝ කාලිකයහ. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාසය ඇත්තෝ ය. මෙහි දෝෂයෝ බොහෝ ය.’ (කියාත්) ‘කෙසේ නම්’ මේ ධර්‍මය සන්‍දිට්ඨික ය. අකාලික ය. ඒහිපස්සික ය. ඕපනයික ය. නුවණැත්තන් විසින් තමතමන් කෙරෙහි ලා දතයුතු ය. (කියාත්) භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද්දාහු ද?

[සමිද‍්ධි:]

[සමිද්ධි:]

අහං ඛො ආවුසො නවො අචිරපබ‍්බජිතො අධුනාගතො ඉමං ධම‍්මවිනයං. න ඛ‍්වාහං සක‍්කොමි විත්‍ථාරෙන ආචික‍්ඛිතුං. අයං සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො රාජගහෙ විහරති තපොදාරාමෙ. තං භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා එතමත්‍ථං පුච‍්ඡෙය්‍යාසි. යථා තෙ භගවා ව්‍යාකරොති, තථා නං ධාරෙය්‍යාසී”ති.

ඇවැත්නි, මම නවකයෙමි. පැවිදි වූ නොබෝ කල් ඇත්තෙමි. මෙසස්නට අලුත පැමිණියෙමි. මම විස්තර වශයෙන් කියන්නට නො පොහොසත්මි. අර්‍හත් වූ සම්මා සම්බුදු වූ මේ භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර තපෝදාරාමයෙහි වැඩවසන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ මේ අරුත විචාරව. භාග්‍යවතුන් වහන්සේ යම් පරිද්දෙකින් තිට ප්‍රකාශ කරණ සේක් ද? එපරිද්දෙන් එය දරවයි.

[දෙවතා:]

[දෙව්දූ:]

න ඛො භික‍්ඛු සුකරො සො භගවා අම‍්හෙහි උපසඞ‍්කමිතුං. අඤ‍්ඤාහි මහෙසක‍්ඛාහි දෙවතාහි පරිවුතො. සචෙ ඛො ත්‍වං භික‍්ඛු තං භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා එතමත්‍ථං පුච‍්ඡෙය්‍යාසි. මයම‍්පි ආගච‍්ඡෙය්‍යාම ධම‍්මසවණායාති.

මහණ, ඒ භාග්‍යවතුන් වහන්සේ එළඹෙන්නට සුකර නො වෙත්. අනෙක් මහේශාඛ්‍ය දේවතාවන් විසින් පිරිවරණ ලදහ. මහණ, ඉදින් නුඹ වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ මේ අරුත විචාරන්නහු නම් අපි දු බණ අසන්නට එන්නෙමු.

එවමාවුසොති ඛො ආයස‍්මා සමිද‍්ධි තස‍්සා දෙවතාය පටිස‍්සුත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා සමිද‍්ධි භගවන‍්තං එතදවොච:

ඇවැත්නි, එසේ ය යි ආයුෂ්මත් සමිද්ධි ස්ථවිර තෙමේ ඒ දෙව්දුවට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් සමිද්ධිස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය:

ඉදාහං භන‍්තෙ රත‍්තියා පච‍්චූසසමයං පච‍්චුට‍්ඨාය යෙන තපොදා තෙනුපසඞ‍්කමිං ගත‍්තානි පරිසිඤ‍්චිතුං. තපොදෙ ගත‍්තානි පරිසිඤ‍්චිත්‍වා පච‍්චුත‍්තරිත්‍වා එකචීවරො අට‍්ඨාසිං ගත‍්තානි පුබ‍්බාපයමානො. අථ ඛො භන‍්තෙ අඤ‍්ඤතරා දෙවතා අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණා කෙවලකප‍්පං තපොදං ඔභාසෙත්‍වා යෙනාහං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා වෙහාසං ඨිතා ඉමාය ගාථාය අජ‍්ඣභාසි:

වහන්ස, මෙහි මම රෑ අලුයම නැගිට ගාත්‍රයන් දෝනට තපෝදාව වෙත එළඹියෙමි. තපෝදාවෙහි ගාත්‍රයන් දොවා ගෙණ ගොඩ නැගී සිරුර තෙත සිඳුවමින් එක සිවුරක් ඇති ව සිටියෙමි. වහන්ස, එකල්හි මනා ඡවිවර්‍ණ ඇති එක්තරා දෙව්දුවක් රැය ඉක්ම ගිය කල්හි මුළු තපෝදාව බබුළුවා මා වෙත එළඹියා ය. එළඹ අහස්හි සිටියා මේ ගාථාවෙන් කිවු ය:

අභුත්‍වා භික‍්ඛසි භික‍්ඛු න හි භුත්‍වාන භික‍්ඛසි, භුත්‍වාන භික‍්ඛු භික‍්ඛස‍්සු මා තං කාලො උපච‍්චගා”ති.

“මහණ, නො වළඳා සිඟයි. වළඳා නො ම සිඟහි, මහණ වළඳා සිඟව. කාලය තා නහමක් ඉක්ම යේවා” යි.

එවං වුත‍්තෙ අහං භන‍්තෙ තං දෙවතං ගාථාය පච‍්චභාසිං.

වහන්ස, එසේ කී කල්හි මම ඒ දෙව්දුවට ගාථායෙන් පිළිතුරු දිනිමි.

කාලං වො’හං න ජානාමි ඡන‍්නො කාලො න දිස‍්සති, තස‍්මා අභුත්‍වා භික‍්ඛාමි මා මං කාලො උපච‍්චගා”ති.

“මම කාලය නො දනිමි. කාලය වැසුනේ නො පෙණේ. එහෙයින් කාලය මා නහමක් ඉක්ම යේවා යි නො වළඳා සිඟමි.” යි.

අථ ඛො භන‍්තෙ සා දෙවතා පඨවියං පතිට‍්ඨහිත්‍වා මං එතදවොච: දහරො ත්‍වං භික‍්ඛු පබ‍්බජිතො සුසු කාළකෙසො භද්‍රෙන යොබ‍්බනෙන සමන‍්නාගතො පඨමෙන වයසා, අනිකීළිතාවී කාමෙසු. භුඤ‍්ජ භික‍්ඛු මානුසකෙ කාමෙ. මා සන්‍දිට‍්ඨිකං හිත්‍වා කාලිකං අනුධාවීති.

වහන්ස, එකල්හි ඒ දෙව්දූ තොමෝ පොළොවෙහි පිහිටා මට මෙය කිවු ය: “මහණ, නුඹ වහන්සේ තරුණ පැවිදි කෙනෙකි. මනා කළුකෙහෙ ඇති කෙනෙකි, සොඳුරු යොවුනින් හා පළමු වයසින් සමන්‍වාගතයහ. කාමක්‍රීඩා නො කළ කෙනෙකි. මහණ, මානුසිකකාමයන් අනුභව කරව. මෙලොව සැප හැර පියා කලෙකින් ලැබෙන සැප නහමක් ලුහුබඳුව” යි.

එවං වුත‍්තෙ හං භන‍්තෙ තං දෙවතං එතදවොචං: “න ඛ‍්වාහං ආවුසො සන්‍දිට‍්ඨිකං හිත්‍වා කාලිකං අනුධාවාමි. කාලිකඤ‍්ච ඛ‍්වාහං ආවුසො හිත්‍වා සන්‍දිට‍්ඨිකං අනුධාවාමි. ‘කාලිකා හි ආවුසො කාමා වුත‍්තා භගවතා බහුදුක‍්ඛා බහුපායාසා ආදීනවො එත්‍ථ භිය්‍යො.’ සන්‍දිට‍්ඨිකො අයං ධම‍්මො අකාලිකො එහිපස‍්සිකො ඔපනයිකො පච‍්චත‍්තං වෙදිතබ‍්බො විඤ‍්ඤූහීති.”

වහන්ස, එසේ කී කල්හි මම ඒ දෙව්දුවට මෙය කීයෙමි: “ඇවැත්නි, මට මෙලොව සැප හැර පියා කලෙකින් ලැබෙන සැප නො ම ලුහුබඳිමි. ඇවැත්නි, මම කලෙකින් ලැබෙන සැප හැර දමා මෙලොව සැප ලුහුබඳිමි. ඇවැත්නි, ‘කාමයෝ කාලිකයහ. බොහෝ දුක් ඇත්තෝ ය. බොහෝ වෙහෙස ගෙණ දෙන්නෝ ය. මෙහි දෝෂයෝ බොහෝහ.’ ‘මේ ධර්‍මය සන්‍දිට්ඨික ය. අකාලික ය. ඒහිපස්සික ය. ඕපනයික ය. නුවණැත්තවුන් විසින් තම තමා කෙරෙහි ලා දත යුතු’ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.”

එවං වුත‍්තෙ භන‍්තෙ සා දෙවතා මං එතදවොච: කථඤ‍්ච භික‍්ඛු කාලිකා කාමා වුත‍්තා භගවතා බහුදුක‍්ඛා බහුපායාසා ආදීනවො එත්‍ථ භිය්‍යො. කථං සන්‍දිට‍්ඨිකො අයං ධම‍්මො අකාලිකො එහිපස‍්සිකො ඔපනයිකො පච‍්චත‍්තං වෙදිතබ‍්බො විඤ‍්ඤූහීති.

වහන්ස, එසේ කී කල්හි ඒ දෙව්දූ මට මෙය කිවු ය: “මහණ, කෙසේ නම් ‘කාමයෝ කාලිකයහ. බොහෝ දුක් ඇත්තෝ ය. බොහෝ වෙහෙස ගෙණ දෙන්නෝ ය. මෙහි දෝෂයෝ බොහෝහ. (කියාත්), කෙසේ නම් මේ ධර්‍මය සන්‍දිට්ඨික ය. අකාලික ය. ඒහිපස්සික ය. ඕපනයික ය. නුවණැත්තවුන් විසින් තමතමන් කෙරෙහි ලා දත යුතු ය’. (කියාත්) භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දාහු දැ?” යි.

එවං වුත‍්තෙ’හං භන‍්තෙ තං දෙවතං එතදවොචං: අහං ඛො ආවුසො නවො අචිරපබ‍්බජිතො අධුනාගතො ඉමං ධම‍්මවිනයං. න ඛ‍්වාහං සක‍්කොමි විත්‍ථාරෙන ආචික‍්ඛිතුං. අයං සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො රාජගහෙ විහරති තපොදාරාමෙ. තං භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා එතමත්‍ථං පුච‍්ඡෙය්‍යාසි. යථා තෙ භගවා ව්‍යාකරොති තථා නං ධාරෙය්‍යාසීති.

වහන්ස, එසේ කී කල්හි මම ඒ දෙව්දුවට මෙය කීයෙමි: “ඇවැත්නි, මම නවකයෙමි. පැවිදි වූ නොබෝ කල් ඇත්තෙමි. මෙ සසුනට අලුත පැමිණියෙක්මි. මම විස්තර වශයෙන් කියන්නට නො හැක්කෙමි. අර්‍හත් වූ සම්මාසම්බුදු වූ මේ ඒ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර තපෝදාරාමයෙහි වැඩ වසන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ විචාරව. භාග්‍යවතුන් වහන්සේ යම් පරිද්දෙකින් තට ප්‍රකාශ කරණ සේක් නම් එපරිද්දෙන් එය දරව” යි.

එවං වුත‍්තෙ භන‍්තෙ සා දෙවතා මං එතදවොච: “න ඛො භික‍්ඛු සුකරො සො භගවා අම‍්හෙහි උපසඞ‍්කමිතුං, අඤ‍්ඤාහි මහෙසක‍්ඛාහි දෙවතාහි පරිවුතො. සචෙ ඛො ත්‍වං භික‍්ඛු තං භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා එතමත්‍ථං පුච‍්ඡෙය්‍යාසි. මයම‍්පි ආගච‍්ඡෙය්‍යාම ධම‍්මස‍්සවනායා”ති. සචෙ භන‍්තෙ තස‍්සා දෙවතාය සච‍්චං වචනං, ඉධෙව සා දෙවතා අවිදූරෙති.

වහන්ස, මෙසේ කී කල්හි ඒ දෙව්දූ මට මෙය කීවුය: “මහණ, ඒ භාග්‍යවතුන් වහන්සේ අප විසින් එළඹෙන්නට සුකර නො වෙති. අනෙක් මහේශාඛ්‍ය දේවතාවන් විසින් පිරිවරණ ලදහ. මහණ, ඉදින් නුඹ වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ මේ අරුත විචාරන්නහු නම් අපි දු දහම් ඇසීමට එන්නෙමු” යි. වහන්ස, ඉදින් ඒ දෙව්දුවගේ වචනය ඇත්ත වේ නම් ඒ දෙව්දූ මෙහි ම නුදුරෙහි ය” යි.

එවං වුත‍්තෙ සා දෙවතා ආයස‍්මන‍්තං සමිද‍්ධිං එතදවොච: පුච‍්ඡ භික‍්ඛු, පුච‍්ඡ භික‍්ඛු, අයමහං අනුප‍්පත‍්තාති.

එසේ කී කල්හි ඒ දෙව්දූ ආයුෂ්මත් සමිද්ධිතෙරුන්ට “මහණ, විචාරණු මැනව. මහණ, විචාරණු මැනව. මේ මම පැමිණියෙමි” යි මෙය කිවු ය.

අථ ඛො භගවා තං දෙවතං ගාථාය අජ‍්ඣභාසි:

එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ දෙව්දුවට ගාථායෙන් වදාළ සේක:

අක‍්ඛෙය්‍ය සඤ‍්ඤිනො සත‍්තා අක‍්ඛෙය්‍යස‍්මිං පතිට‍්ඨිතා, අක‍්ඛෙය්‍යෙ අපරිඤ‍්ඤාය යොගමායන‍්ති මච‍්චුනො.

සත්‍වයෝ පංඤ්චස්කන්‍ධයෙහි සත්ත්‍වපුද්ගලාදි සංඥා ඇත්තෝ ය. පඤ්චස්කන්‍ධයෙහි (තෘෂ්ණා දෘෂ්ටිග්‍රාහ වශයෙන්) පිහිටියාහු ය. පඤ්චස්කන්‍ධයන් පිරිසිඳ නො දැන මාරයාගේ වසයට යෙත්.

අක‍්ඛෙය්‍යෙ ච පරිඤ‍්ඤාය අක‍්ඛාතාරං න මඤ‍්ඤති, තඤ‍්හි තස‍්ස න හොතීති යෙන නං වජ‍්ජා න තස‍්ස අත්‍ථි, සචෙ විජානාසි වදෙහි යක‍්ඛාති.

පඤ්චස්කන්‍ධයන් පිරිසිඳ දැන සත්ත්‍වපුද්ගලාදි වශයෙන් කිසිවකු නො හඟී. යම් හෙයකින් ඔහුට ඒ මඤ්ඤනා නො වේ ද (එහෙයිනි). යම් කරුණෙකින් ඔහුට රාගරත්තාදී වශයෙන් කියන්නේ නම් ඒ කරුණ ද ඔහුට නැත: එම්බා දෙව්දුව, ඉදින් (එබඳු රහතකු) දනිහි නම් කියවයි.

[දෙවතා:]

[දෙව්දූ:]

න ඛ‍්වාහං භන‍්තෙ ඉමස‍්ස භගවතා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං ආජානාමි. සාධු මෙ භන‍්තෙ භගවා තථා භාසතු. යථාහං ඉමස‍්ස භගවතා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං ආජානෙය්‍යන‍්ති.

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරණ ලද මේ දේශනාවෙහි අරුත විතර විසින් මම නො ම දනිමි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරණ ලද මේ දේශනාවෙහි අරුත විතර විසින් යම්සේ මම දැන ගන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එපරිද්දෙන් මට වදාරණු මැනවි යි.

[භගවා:]

[භගවත්හු:]

සමො විසෙසී උදවා නිහීනො යො මඤ‍්ඤතී සො විවදෙථ තෙන, තීසු විධාසු අවිකම‍්පමානො සමො විසෙසීති න තස‍්ස හොති, සචෙ විජානාසි වදෙහි යක‍්ඛ.

යමෙක් “(මම අන්‍යයන් හා) සම වෙමි”යි හෝ “විශිෂ්ටයෙමි” යි හෝ නොහොත් “හීනයෙමි”යි හෝ හඟී ද එයින් හේ (අන්‍යයන් හා) විවාද කරන්නේ ය. (යමෙක්)’ ත්‍රිවිධ මානයන්හි නො සැලෙන්නේ ද ඔහුට ‘සම ය, විශිෂ්ට ය, (හීන ය) යන හැඟීමෙක් නො වේ. එම්බා දෙව්දුව, ඉදින් (එබන්දකු) දනිහි නම් කියව.

[දෙවතා:]

[දෙව්දූ:]

ඉමස‍්සපි ඛ‍්වාහං භන‍්තෙ භගවතා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස න විත්‍ථාරෙන අත්‍ථං ආජානාමි. සාධු මෙ භන‍්තෙ භගවා තථා භාසතු, යථාහං ඉමස‍්ස භගවතා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං ආජානෙය්‍යන‍්ති.

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරණ ලද මේ දේශනාවෙහි ද අරුත විතර විසින් මම නො දනිමි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරණ ලද මේ දේශනාවෙහි අරුත මම යම් සේ විතර විසින් දැන ගන්නෙම් ද භාග්‍යවතුන් වහන්සේ එසේ මට වදාරණු මැනවි යි.

[භගවා:]

[භගවත්හු:]

පහාසි සඞ‍්ඛං න විමාන මජ‍්ඣගා අච‍්ඡෙච‍්ඡි තණ‍්හං ඉධ නාම රූපෙ, තං ඡින‍්නගන්‍ථං අනීඝං නිරාසං පරියෙසමානා නාජ‍්ඣගමුං දෙවා මනුස‍්සා ඉධ වා හුරං වා සග‍්ගෙසු වා සබ‍්බනිවෙසනෙසු; සචෙ විජානාසි වදෙහි යක‍්ඛාති.

ප්‍රඥප්තිය හළේ ය. විවිධ මානයට (=නවවිධි හෝ ත්‍රිවිධ මානයට) නො ගියේ ය. නොහොත් මවුකුසට නො යන්නේ ය. මේ නාමරූප සඞ්ඛ්‍යාත පඤ්චස්කන්‍ධයෙහි තෘෂ්ණාව මුලසුන් කළේය. සුන් කළ කෙලෙස් ගැට ඇති නිදුක් වු තෘෂ්ණා රහිත වූ ඒ ක්‍ෂීණාස්‍රවයා සොයන්නා වූ දෙවියෝ ද මනුෂ්‍යයෝ ද මෙලොව හෝ පරලොව හෝ ස්වර්‍ගයන්හි හෝ සියලු සත්ත්‍ව නිවේසනයන්හි හෝ නො දකිත්. එම්බා දෙව්දුව ඉදින් දනිහි නම් කියව.

[දෙවතා:]

[දෙව්දූ:]

ඉමස‍්සපි ඛ‍්වාහං භන‍්තෙ භගවතා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානාමි.

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරණ ලද මේ දේශනාවෙහි අරුත විතර විසින් මම මෙසේ දනිමි.

[භගවා:]

[භගවත්හු:]

පාපං න කයිරා වචසා මනසා කායෙන වා කිඤ‍්චන සබ‍්බලොකෙ, කාමෙ පහාය සතිමා සම‍්පජානො දුක‍්ඛං න සෙවෙථ අනත්‍ථසංහිතන‍්ති.

වචනයෙන් ද සිතින් ද කයින් ද කිසි පවක් නො කරන්නේ ය. මුළු ලෙව්හි සියලු කාමයන් හැර සිහි ඇත්තේ මනා නුවණ ඇත්තේ අනර්‍ත්‍ථව සහිත වූ දුක නො සෙවුනේ ය.

නන්‍දනවග‍්ගො දුතියො.

නන්‍දන වර්‍ගය දෙවෙනි යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

නන්‍දනා නන්‍දති චෙව නත්‍ථිපුත‍්තසමෙන ච, ඛත‍්තියො සනමානො ච නිද‍්දා තන්‍දී ච දුක‍්කරං, හිරි කුටිකා නවමො දසමො වුත‍්තො සමිද‍්ධිනා’ති.

නන්‍දන, නන්‍දති, නත්‍ථිපුත්තසම, ඛත්තිය, සනමාන, නිද්දාතන්‍දි, දුක්කර, හිරි, නව වන කුටිකා, දසවන සමිද්ධි සූත්‍රය ද වේ.