යෙදුමෙන් කියවන්න

1. ආහාරසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

1. ආහාරසුත‍්තවණ‍්ණනා

1. ආහාර සූත්‍ර වර්ණනාව

ආහාරවග‍්ගස‍්ස පඨමෙ ආහාරාති පච‍්චයා. පච‍්චයා හි ආහරන‍්ති අත‍්තනො ඵලං, තස‍්මා ආහාරාති වුච‍්චන‍්ති. භූතානං වා සත‍්තානන‍්තිආදීසු භූතාති ජාතා නිබ‍්බත‍්තා. සම‍්භවෙසිනොති යෙ සම‍්භවං ජාතිං නිබ‍්බත‍්තිං එසන‍්ති ගවෙසන‍්ති. තත්‍ථ චතූසු යොනීසු අණ‍්ඩජජලාබුජා සත‍්තා යාව අණ‍්ඩකොසං වත්‍ථිකොසඤ‍්ච න භින්‍දන‍්ති, තාව සම‍්භවෙසිනො නාම, අණ‍්ඩකොසං වත්‍ථිකොසඤ‍්ච භින්‍දිත්‍වා බහි නික‍්ඛන‍්තා භූතා නාම. සංසෙදජා ඔපපාතිකා ච පඨමචිත‍්තක‍්ඛණෙ සම‍්භවෙසිනො නාම, දුතියචිත‍්තක‍්ඛණතො පභුති භූතා නාම. යෙන වා ඉරියාපථෙන ජායන‍්ති, යාව තතො අඤ‍්ඤං න පාපුණන‍්ති, තාව සම‍්භවෙසිනො නාම, තතො පරං භූතා නාම. අථ වා භූතාති ජාතා අභිනිබ‍්බත‍්තා, යෙ භූතා අභිනිබ‍්බත‍්තායෙව, න පුන භවිස‍්සන‍්තීති සඞ‍්ඛං ගච‍්ඡන‍්ති, තෙසං ඛීණාසවානං එතං අධිවචනං. සම‍්භවමෙසන‍්තීති සම‍්භවෙසිනො. අප‍්පහීනභවසංයොජනත‍්තා ආයතිම‍්පි සම‍්භවං එසන‍්තානං සෙක‍්ඛපුථුජ‍්ජනානමෙතං අධිවචනං. එවං සබ‍්බථාපි ඉමෙහි ද‍්වීහි පදෙහි සබ‍්බසත‍්තෙ පරියාදියති. වාසද‍්දො චෙත්‍ථ සම‍්පිණ‍්ඩනත්‍ථො, තස‍්මා භූතානඤ‍්ච සම‍්භවෙසීනඤ‍්චාති අයමත්‍ථො වෙදිතබ‍්බො.

ආහාර වර්ගයේ පළමු සූත්‍රයේ “ආහාරා” යනු ප්‍රත්‍යයයි. හේතුප්‍රත්‍යයෙන් තමඵලය ගෙනයන්නේ යන අරුතින් (ආහාරන්තීති) “ආහාරා” නම් වේ. “භූතානං වා සත්තානං” යනාදියෙහි “භූතා” යනු උපන්නා වූ, ඉපදුනා වූ යන අර්ථයයි. “සම්භවෙසිනො” යනු යමෙක් උපතක්, ජාතියක්, ඉපදීමක් සොයත් ද ගවේෂණය කරත් ද ඔවුහුය. එහි සතර යෝනිවල අණ්ඩජ හා ජලාබුජ සත්ත්වයෝ යම්තාක් කල් බිත්තර කටුව හෝ ගර්භාෂය නොබිඳිත්ද ඒ තාක් ‘සම්භවේසී’ නම් වෙති. බිත්තරයත් ගර්භාෂයත් බිඳ පිටත නික්මෙත් ද එවිට ඔවුහු “භූත” නම් වේ. සංසේදජයෝ ද ඕපපාතිකයෝ ද පළමු චිත්තක්ෂණයෙහි “සම්භවේසී” නම් වෙති. දෙවන චිත්තක්ෂණයේ සිට ඔවුහු ද භූත නම් වෙති. යම් ඉරියව්වකින් පහල වී, එම ඉරියව්ව වෙනස් නොකරන තාක් කල් ඔවුහු සම්භවේසී නම් වෙති. ඉරියවු වෙනස් කළ පසුව ‘භූත’ නම් වෙති. නැතිනම් භූත යනු උපන්-හටගත් සත්ත්වයෝය. එබඳු භූත වූ සත්ත්වයෙක් නැවත නූපදින සංඛ්‍යාවට පැමිණියේ එනම් ක්ෂීණාස්‍රවයන් වහන්සේලාට භාවිත මේ තවත් නමකි. නැවත උපතක් සොයන්නෝ සම්භවේසී නම් වෙති. ප්‍රහීණ නොකල භව සංයෝජන ඇති බැවින් අනාගතයෙහි ද උපතක් සොයන - සේචයන්ට හා පුහුදුන් පුද්ගලයන්ට භාවිත වේ තවත් නාමයකි. මෙසේ සියලුම ආකාරයෙන් මේ පද දෙකින් සෑම සත්ත්වයෙක්ම අදහස් කරනු ලැබේ. (හාත්පසින් ගනු ලැබේ.) “වා” ශබ්දය මෙහිදී සම්පිණ්ඩනය කිරීම් අර්ථයෙන් යෙදී ඇත. එනිසා භූතයෝ ද සම්භවේසියෝ ද යනුවෙන් මෙහි අර්ථ දතයුතුයි.

ඨිතියාති ඨිතත්‍ථං. අනුග‍්ගහායාති අනුග‍්ගහත්‍ථං. වචනභෙදොයෙව චෙස, අත්‍ථො පන ද‍්වින‍්නම‍්පි පදානං එකොයෙව. අථ වා ඨිතියාති තස‍්ස තස‍්ස සත‍්තස‍්ස උප‍්පන‍්නධම‍්මානං අනුප‍්පබන්‍ධවසෙන අවිච‍්ඡෙදාය. අනුග‍්ගහායාති අනුප‍්පන‍්නානං උප‍්පාදාය. උභොපි චෙතානි “භූතානං වා ඨිතියා චෙව අනුග‍්ගහාය ච, සම‍්භවෙසීනං වා ඨිතියා චෙව අනුග‍්ගහාය චා”ති එවං උභයත්‍ථ දට‍්ඨබ‍්බානීති.

“ඨිතියා” යනු සසර සිටි බවයි. “අනුග්ගහායා” - ‘අනුග්‍රහ කිරීම පිණිස’ යනුයි. මේ වචන භේදයක්මය. පද දෙකෙහිම අර්ථය එක සමානය. නැතහොත් “ඨිතියා” යනු ඒ ඒ සත්ත්වයන් තුළ උපන් ධර්මයන්ගේ අනුප්‍රබන්ධ වශයෙන් නොසිඳී පැවැත්වීම පිණිස යනුයි. “අනුග්ගහායා” යනු “නූපන් ධර්මයන්ගේ ඉපදීම පිණිස උපකාර කිරීමයි.” මේ දෙපදයේදී භූතයන්ගේ පැවැත්ම මෙන්ම අනුග්‍රහ පිණිස ද සම්භවේසීන්ගේ පැවැත්ම මෙන් ම අනුග්‍රහ පිණිසද යනුවෙන් උභය අර්ථ දතයුතුය.

කබළීකාරො ආහාරොති කබළං කත්‍වා අජ‍්ඣොහරිතබ‍්බකො ආහාරො, ඔදනකුම‍්මාසාදිවත්‍ථුකාය ඔජායෙතං අධිවචනං. ඔළාරිකො වා සුඛුමො වාති වත්‍ථුඔළාරිකතාය ඔළාරිකො, සුඛුමතාය සුඛුමො. සභාවෙන පන සුඛුමරූපපරියාපන‍්නත‍්තා කබළීකාරො ආහාරො සුඛුමොව හොති. සාපි චස‍්ස වත්‍ථුතො ඔළාරිකතා සුඛුමතා ච උපාදායුපාදාය වෙදිතබ‍්බා.

“කබළිංකාරො ආහාරො” පිඬුකර ගිලදැමිය යුතු ආහාරය. බත්, පිට්ටු ආදී ආහාර ද්‍රව්‍යයන්ගේ ඕජාවට භාවිත මේ තවත් වදනකි. “ඕළාරිකො වා සුඛුමො වා” ආහාර ද්‍රව්‍යයන්ගේ දැඩි වූ බැවින් ඕළාරික වූ, සියුම් වූ, සූක්ෂම රූප ඇතුලත් බැවින් කබලිංකාර ආහාරය සූක්ෂම වේ. එයද ඒ වස්තූන්ගේ ඕළාරික බව හා සූක්ෂම බව උපමාකොට හෝ සමානකොට දතයුතුය.

කුම‍්භීලානඤ‍්හි ආහාරං උපාදාය මොරානං ආහාරො සුඛුමො. කුම‍්භීලා කිර පාසාණෙ ගිලන‍්ති, තෙ ච නෙසං කුච‍්ඡිප‍්පත‍්තා විලීයන‍්ති. මොරා සප‍්පවිච‍්ඡිකාදිපාණෙ ඛාදන‍්ති. මොරානං පන ආහාරං උපාදාය තරච‍්ඡානං ආහාරො සුඛුමො. තෙ කිර තිවස‍්සඡඩ‍්ඩිතානි විසාණානි චෙව අට‍්ඨීනි ච ඛාදන‍්ති, තානි ච නෙසං ඛෙළෙන තෙමිතමත‍්තානෙව කන්‍දමූලං විය මුදුකානි හොන‍්ති. තරච‍්ඡානං ආහාරං උපාදාය හත්‍ථීනං ආහාරො සුඛුමො. තෙ හි නානාරුක‍්ඛසාඛාදයො ඛාදන‍්ති. හත්‍ථීනං ආහාරතො ගවයගොකණ‍්ණමිගාදීනං ආහාරො සුඛුමො. තෙ කිර නිස‍්සාරානි නානාරුක‍්ඛපණ‍්ණාදීනි ඛාදන‍්ති. තෙසම‍්පි ආහාරතො ගුන‍්නං ආහාරො සුඛුමො. තෙ අල‍්ලසුක‍්ඛතිණානි ඛාදන‍්ති. තෙසං ආහාරතො සසානං ආහාරො සුඛුමො. සසානං ආහාරතො සකුණානං ආහාරො සුඛුමො. සකුණානං ආහාරතො පච‍්චන‍්තවාසීනං ආහාරො සුඛුමො. පච‍්චන‍්තවාසීනං ආහාරතො ගාමභොජකානං ආහාරො සුඛුමො. ගාමභොජකානං ආහාරතො රාජරාජමහාමත‍්තානං ආහාරො සුඛුමො. තෙසම‍්පි ආහාරතො චක‍්කවත‍්තිනො ආහාරො සුඛුමො. චක‍්කවත‍්තිනො ආහාරතො භුම‍්මානං දෙවානං ආහාරො සුඛුමො. භුම‍්මානං දෙවානං ආහාරතො චාතුමහාරාජිකානං. එවං යාව පරනිම‍්මිතවසවත‍්තීනං ආහාරා විත්‍ථාරෙතබ‍්බා. තෙසං පනාහාරො සුඛුමොත්‍වෙව නිට‍්ඨං පත‍්තො.

කිඹුලන්ගේ ආහාරයට වඩා මොණරුන්ගේ ආහාරය සියුම් වේ. කිඹුල්ලු වනාහී ගල් ගිලති. එම ගල් ඔවුන්ගේ කුසට පැමිණ දියවේ. මොණරු සර්ප, ගෝනුසු ආදී ප්‍රාණීන් ආහාරයට ගනිති. මොණරුන්ගේ ආහාරයට වඩා කළු වලසුන්ගේ ආහාරය සියුම් වේ. කළු වලස්සු වසර තුනක් අත්හැරදැමූ “අං” හා “ඇට” ආහාරයට ගනිති. ඒවා එම වළසුන්ගේ කෙළවලින් තෙමුණු පමණින් ම කදමුල් මෙන් ඉතා සියුම් වේ. කළු වලසුන්ගේ ආහාරයට වඩා ඇතුන්ගේ ආහාරය සියුම් වේ. ඇත්තු වනාහී නොයෙක් ගස්-අතු ආදිය ආහාරයට ගනිති. ඇතුන්ගේ ආහාරයට වඩා ගවර-ගෝණ-මුව ආදීන්ගේ ආහාරය ඉතා සියුම් වේ. ඔවුහු නිස්සාර වූ නොයෙක් ගස්-කොළ-දළු ආදිය ආහාරයට ගනිති. මොවුන්ගේ ආහාරයට වඩා ගවයන්ගේ ආහාරය සියුම් වේ. ගොනුන් අමු හා වේලුණු තණ ම ආහාරයට ගනිති. ගවාහාරයට වඩා හාවුන්ගේ ආහාරය සියුම් වේ. හාවුන්ගේ ආහාරය වඩා පක්ෂීන්ගේ ආහාරය සියුම් වේ. කුරුල්ලන්ගේ ආහාරයට වඩා පිටිසර වැසි මිනිසුන්ගේ ආහාරය සියුම්වේ. පිටිසර වැසියන්ගේ ආහාරයට වඩා ග්‍රාමභෝජකයන්ගේ ආහාරය සියුම් වේ. ග්‍රාමභෝජකයන්ගේ ආහාරයට වඩා රාජරාජ මහාමාත්‍යාදීන්ගේ භෝජනය සියුම් වේ. ඔවුන්ගේ ආහාරයට වඩා සක්විති රජුන්ගේ ආහාරය සියුම් වේ. සක්විති රජුගේ ආහාරයට වඩා භූමි වැසි දෙවියන්ගේ ආහාරය සියුම් වේ. භූමි වැසි දෙවියන්ගේ ආහාරයට වඩා චාතුම්මහාරාජික දෙවියන්ගේ ආහාරය සියුම් වේ. මෙසේ පරනිම්මිත වසවත් දෙවියන් දක්වා විස්තර කළ යුතුයි. පරනිම්මිත වසවත් දෙවියන්ගේ ආහාරය ම ඉතා සියුම් වේ. එතැනින් කබලිංකාර ආහාර විස්තරය නිමා වේ.

එත්‍ථ ච ඔළාරිකෙ වත්‍ථුස‍්මිං ඔජා පරිත‍්තා හොති දුබ‍්බලා, සුඛුමෙ බලවතී. තථා හි එකපත‍්තපූරම‍්පි යාගුං පීතො මුහුත‍්තෙනෙව ජිඝච‍්ඡිතො හොති යංකිඤ‍්චිදෙව ඛාදිතුකාමො, සප‍්පිං පන පසතමත‍්තං පිවිත්‍වා දිවසං අභොත‍්තුකාමො හොති. තත්‍ථ වත්‍ථු කම‍්මජතෙජසඞ‍්ඛාතං පරිස‍්සයං විනොදෙති, න පන සක‍්කොති පාලෙතුං. ඔජා පන පාලෙති, න සක‍්කොති පරිස‍්සයං විනොදෙතුං. ද‍්වෙ පන එකතො හුත්‍වා පරිස‍්සයඤ‍්චෙව විනොදෙන‍්ති පාලෙන‍්ති චාති.

මෙහිද දළ ආහාරයේ පෝෂ්‍ය ගුණය ඉතා අල්පය. ඉතා දුබලය. සූක්ෂම ආහාරයේ පෝෂ්‍ය ගුණය ඉතා බහුලය. ප්‍රබලය. ඒ එසේමැයි. එක පාත්‍රයක් පුරවා කැඳ බිවූ විට මොහොතකින්ම කුසගිනි ඇතිවේ. යම් කිසිවක් කනු කැමති වේ. ගිතෙල් වනාහි අල්ලක් පමණ ප්‍රමාණයක් වුව පානය කර, දවසක්ම ආහාර නොගෙන සිටිය හැකිය. ඒ ආහාර වස්තුවේ කර්මජ, තෙජස් සංඛ්‍යාත වූ සූක්ෂමතාවය අනතුරු දුරු කරයි. නමුත් එය ශරීර පාලනයට සමත් නොවේ. පෝෂ්‍යගුණය වනාහී ශරීර පාලනයට සමත් වේ. එනමුත් අතුරු ආබාධ දුරු කිරීමට එය සමත් නොවේ. මෙනිසා ආහාරයේ ඇති ඕළාරික බවත් සූක්ෂම බවත් එක්වීමෙන් ශරීරයේ ඇති අතුරු ආබාධාදී උවදුරු ද දුරු කරයි. ශරීරය මැනවින් පාලනය කරයි.

ඵස‍්සො දුතියොති චක‍්ඛුසම‍්ඵස‍්සාදි ඡබ‍්බිධොපි ඵස‍්සො එතෙසු චතූසු ආහාරෙසු දුතියො ආහාරොති වෙදිතබ‍්බො. දෙසනානයො එව චෙස, තස‍්මා ඉමිනා නාම කාරණෙන දුතියො තතියො චාති ඉදමෙත්‍ථ න ගවෙසිතබ‍්බං. මනොසඤ‍්චෙතනාති චෙතනාව වුච‍්චති. විඤ‍්ඤාණන‍්ති චිත‍්තං. ඉති භගවා ඉමස‍්මිං ඨානෙ උපාදිණ‍්ණකඅනුපාදිණ‍්ණකවසෙන එකරාසිං කත්‍වා චත‍්තාරො ආහාරෙ දස‍්සෙසි. කබළීකාරාහාරො හි උපාදිණ‍්ණකොපි අත්‍ථි අනුපාදිණ‍්ණකොපි, තථා ඵස‍්සාදයො. තත්‍ථ සප‍්පාදීහි ගිලිතානං මණ‍්ඩූකාදීනං වසෙන උපාදිණ‍්ණකකබළීකාරාහාරො දට‍්ඨබ‍්බො. මණ‍්ඩූකාදයො හි සප‍්පාදීහි ගිලිතා අන‍්තොකුච‍්ඡිගතාපි කිඤ‍්චි කාලං ජීවන‍්තියෙව. තෙ යාව උපාදිණ‍්ණකපක‍්ඛෙ තිට‍්ඨන‍්ති, තාව ආහාරත්‍ථං න සාධෙන‍්ති. භිජ‍්ජිත්‍වා පන අනුපාදිණ‍්ණකපක‍්ඛෙ ඨිතා සාධෙන‍්ති. තදාපි උපාදිණ‍්ණකාහාරොති වුච‍්චන‍්තීති. ඉදං පන ආචරියානං න රුච‍්චතීති අට‍්ඨකථායමෙව පටික‍්ඛිපිත්‍වා ඉදං වුත‍්තං – ඉමෙසං සත‍්තානං ඛාදන‍්තානම‍්පි අඛාදන‍්තානම‍්පි භුඤ‍්ජන‍්තානම‍්පි අභුඤ‍්ජන‍්තානම‍්පි පටිසන්‍ධිචිත‍්තෙනෙව සහජාතා කම‍්මජා ඔජා නාම අත්‍ථි, සා යාවපි සත‍්තමා දිවසා පාලෙති, අයමෙව උපාදිණ‍්ණකකබළීකාරාහාරොති වෙදිතබ‍්බො. තෙභූමකවිපාකවසෙන පන උපාදිණ‍්ණකඵස‍්සාදයො වෙදිතබ‍්බා, තෙභූමකකුසලාකුසලකිරියවසෙන අනුපාදිණ‍්ණකා. ලොකුත‍්තරා පන රුළ‍්හීවසෙන කථිතාති.

“ඵස්සො දුතියො” යනු චක්ෂු ස්පර්ශාදී වශයෙන් ඵස්සාහාරය සය වැදෑරුම් වේ. මේ සිවු ආහාර අතුරින් දෙවන ආහාරය ස්පර්ශයයි. මේ දේශනා නය ක්‍රමයයි. එනිසා මේ නම් කිරීමේ හේතුවෙන් දෙවන - තෙවන ආදී වශයෙන් මෙහි අර්ථ නොසෙවිය යුතුය. “මනොසඤ්චෙත්තා” යනුවෙන් වේදනාවම කියන ලදී. “විඤ්ඤාණං” යනු සිතයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ මෙතැනදී “තණ්හාවෙන් ගන්නා ලද” සහ “තණ්හාවෙන් නොගන්නා ලද” වශයෙන් ඒකරාශී කර - සතර ආහාරයන් දක්වන ලදී. කබලිංකාර ආහාරය උපාදිණ්ණක (තෘෂ්ණාවෙන් ගත්) හා අනුපාදිණ්ණක (තෘෂ්ණාවෙන් නොගත්) යනුවෙන් දෙකොටසකි. ඵස්සාදී ආහාරවල ද එසේමය. එහි සර්පාදීන් විසින් ගිලින ලද මැඩියන්ගේ වශයෙන් උපාදිණ්ණක කබලිංකාර ආහාරය දත යුතුයි. මැඩි ආදී සත්තු, සර්පයන් විසින් ගිලින ලදුව - කුස තුලට ගියත් සුළු කාලයක් ජීවත් වන්නේ ම ය. ඒ මැඩි ආදීහු, “උපාදිණ්ණක” කොටසට අයත්ව පවතින තාක් ආහාරය පිණිස හේතු නොවෙති. ඔවුහු ඉන් බිඳී - මරණයට පත්ව-“අනුපාදිණ්ණක” කොටසට අයත් වේ ද එවිට ආහාරය පිණිස හේතුවෙනි. “ඇතැම්හු මෙයටද උපාදිණ්ණක ආහාරය ම යැයි කියති.” යන මේ කාරණය - පුරාණ ආචාරීන්ට රුචි නොවන බව පවසා අටුවාවේදී (හෙළටුවා) මේ අදහස ප්‍රතික්ෂේප කර මෙසේ කියන ලදී. “මේ සත්වයන්ගේ ආහාර ගැනීම සිදු වුවත් - නැතත්, අනුභව කළත් නොකළත් ප්‍රතිසන්ධි සිතින් ම එක්ව උපන් (සහජාත වූ) කර්මජ ධාතුව “ඕජා” නම් වේ. එය සත්වන දිනය දක්වා (සතියක්ම) සිරුර පාලනය කරයි. මෙයම “උපාදිණ්ණක කබලිංකාර ආහාරය” යැයි දතයුතුයි. ත්‍රෛභූමික විපාක වශයෙන් උපාදිණ්ණක ඵස්සාදී ආහාර දත යුතුයි. ත්‍රෛභූමික කුසලාකුසල ක්‍රියා වශයෙන් අනුපාදිණ්ණක ලෝකෝත්තර සිත් වැඩීම් වශයෙන් කියන ලදී.

එත්‍ථාහ – “යදි පච‍්චයට‍්ඨො ආහාරට‍්ඨො, අථ කස‍්මා අඤ‍්ඤෙසුපි සත‍්තානං පච‍්චයෙසු විජ‍්ජමානෙසු ඉමෙයෙව චත‍්තාරො වුත‍්තා”ති? වුච‍්චතෙ – අජ‍්ඣත‍්තිකසන‍්තතියා විසෙසපච‍්චයත‍්තා. විසෙසපච‍්චයො හි කබළීකාරාහාරභක‍්ඛානං සත‍්තානං රූපකායස‍්ස කබළීකාරො ආහාරො, නාමකායෙ වෙදනාය ඵස‍්සො, විඤ‍්ඤාණස‍්ස මනොසඤ‍්චෙතනා, නාමරූපස‍්ස විඤ‍්ඤාණං. යථාහ – “සෙය්‍යථාපි, භික‍්ඛවෙ, අයං කායො ආහාරට‍්ඨිතිකො ආහාරං පටිච‍්ච තිට‍්ඨති, අනාහාරො නො තිට‍්ඨති (සං· නි· 5.183), තථා ඵස‍්සපච‍්චයා වෙදනා, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමරූප”න‍්ති (සං· නි· 2.1; විභ· 225).

මෙසේ පැවසේ. - “ඉදින් දිවිපැවැත්මට හේතුවන ප්‍රත්‍යාර්ථයේ ‘ආහාර’ අර්ථය වේනම් කුමක් නිසා අන්‍ය සත්වයන් අතර දිවි පැවැත්මට හේතුවන ප්‍රත්‍යයන් විද්‍යාමාන වන කල්හි මේ සතර ආහාර පිළිබඳව කියන ලද්දේ ද? අධ්‍යාත්මික සන්තතියේ පැවැත්මට උපකාර වන බැවින් මේ සතර දක්වන ලදී. විශේෂ ප්‍රත්‍ය වශයෙන් - කබලිංකාහාර අනුභව කරන සත්වයන් ගේ රූපකායේ පැවැත්මට කබළිංකාහාරය උපකාර වේ. නාම කායේ පැවැත්මට, වේදනාව නම් වූ වින්දනය සඳහා ඵස්සාහාරය ද විඤ්ඤාණයට මනෝසඤ්චේතනා ආහාරය ද නාම-රූප දෙක සඳහාම විඤ්ඤාණහාරය ද උපකාර වේ. එනිසා කියන ලදී. “මහණෙනි! යම්සේ ආහාරය නිසා පවතින මේ කය ආහාරය නිසාම පවතියි. ආහාර නොමැතිව නොසිටියි ද එසේම ඵස්ස ප්‍රත්‍යයෙන් වේදනාවද සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය ද විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප දෙක ද පවතී.

කො පනෙත්‍ථ ආහාරො කිං ආහරතීති? කබළීකාරාහාරො ඔජට‍්ඨමකරූපානි ආහරති ඵස‍්සාහාරො තිස‍්සො වෙදනා, මනොසඤ‍්චෙතනාහාරො තයො භවෙ, විඤ‍්ඤාණාහාරො පටිසන්‍ධිනාමරූපන‍්ති.

මෙහි ආහාරය යනු කුමක්ද? කුමක් ගෙනෙයි ද? කබළිංකාර ආහාරය ඕජාෂ්ඨමක රූප උපදවයි. ඵස්සාහාරය ත්‍රිවිධ වේදනා උපදවයි. මනෝසඤ්චේතනාහාරය ත්‍රිවිධ භවයන් උපදවයි. විඤ්ඤාණාහාරය ප්‍රතිසන්ධි නාමරූප උපදවයි.

කථං? කබළීකාරාහාරො තාව මුඛෙ ඨපිතමත‍්තෙයෙව අට‍්ඨ රූපානි සමුට‍්ඨාපෙති, දන‍්තවිචුණ‍්ණිතං පන අජ‍්ඣොහරියමානං එකෙකං සිත්‍ථං අට‍්ඨට‍්ඨරූපානි සමුට‍්ඨාපෙතියෙව. එවං කබළීකාරාහාරො ඔජට‍්ඨමකරූපානි ආහරති. ඵස‍්සාහාරො පන සුඛවෙදනීයො ඵස‍්සො උප‍්පජ‍්ජමානොයෙව සුඛං වෙදනං ආහරති, දුක‍්ඛවෙදනීයො දුක‍්ඛං, අදුක‍්ඛමසුඛවෙදනීයො අදුක‍්ඛමසුඛන‍්ති එවං සබ‍්බථාපි ඵස‍්සාහාරො තිස‍්සො වෙදනා ආහරති.

ඒ කෙසේද? කබළිංකාර ආහාරය මුවෙහි තැබූ පමණින් ම රූප අටක් උපදියි. දත්වලින් කුඩු කරමින් ගෙනයනු ලබන්නේ එක් එක් බත් ඇටයක් පාසා රූප අට බැගින් උපදින්නේය. මෙසේ කබළිංකාර ආහාරය ඕජාෂ්ඨමක රූප උපදවයි. ඵස්සාහාරය වනාහී සැප වේදනාවක් ගෙනදෙන ස්පර්ශයක් හා ගැටුණු විට සැප වේදනාවක්ද, දුක් වේදනාවක් ගෙන දෙන ස්පර්ශයෙන් දුක් වේදනාවක්ද, මැදහත් වේදනාවක් ගෙන දෙන උපර්ශයෙන් සැප-දුක් අතර වූ මැදහත් වේදනාවක් ද යනුවෙන් මෙලෙස සෑම අයුරකින්ම ඵස්සාහාරයෙන් ත්‍රිවිධ වේදනාවක් උපදියි.

මනොසඤ‍්චෙතනාහාරො කාමභවූපගං කම‍්මං කාමභවං ආහරති, රූපාරූපභවූපගානි තං තං භවං. එවං සබ‍්බථාපි මනොසඤ‍්චෙතනාහාරො තයො භවෙ ආහරති. විඤ‍්ඤාණාහාරො පන යෙ ච පටිසන්‍ධික‍්ඛණෙ තංසම‍්පයුත‍්තකා තයො ඛන්‍ධා, යානි ච තිසන‍්තතිවසෙන තිංස රූපානි උප‍්පජ‍්ජන‍්ති, සහජාතාදිපච‍්චයනයෙන තානි ආහරතීති වුච‍්චති. එවං විඤ‍්ඤාණාහාරො පටිසන්‍ධිනාමරූපං ආහරතීති. එත්‍ථ ච “මනොසඤ‍්චෙතනා තයො භවෙ ආහරතී”ති සාසවකුසලාකුසලචෙතනාව වුත‍්තා. “විඤ‍්ඤාණං පටිසන්‍ධිනාමරූපං ආහරතී”ති පටිසන්‍ධිවිඤ‍්ඤාණමෙව වුත‍්තං. අවිසෙසෙන පන තංසම‍්පයුත‍්තතංසමුට‍්ඨානධම‍්මානං ආහරණතොපෙතෙ “ආහාරා”ති වෙදිතබ‍්බා.

මනෝසඤ්චේතනාහාරය වනාහී කාමභවයට එළඹි කර්මය අනුව කාමභවය උපදවයි. රූප-අරූප භවයන්ට එළඹි කර්ම ඒ ඒ භවයන් උපදවයි. මෙසේ සියලු ආකාරයෙන් මනෝසඤ්චේතනා ආහාරය ත්‍රිවිධ භවයන් උපදවයි. විඤ්ඤාණාහාරය වනාහී ප්‍රතිසන්ධි ක්ෂණයෙහි එය හා සම්ප්‍රයුක්ත වූ ත්‍රිවිධ ස්කන්ධයො ද ත්‍රිවිධ භවයේ පැවතීම් වශයෙන් තිසක් වූ රූපයෝ ද උපදිති. සහජාතාදී ප්‍රත්‍ය න්‍යායට අනුව මේ ස්කන්ධ - රූපාදිය උපදවන්නේ යැයි කියනු ලැබේ. මෙසේ විඤ්ඤාණාහාරය ප්‍රතිසන්ධි නාම-රූප උපදවයි. මෙහිද “මනෝ සඤ්චේතනාව කියන ලදී. “විඤ්ඤාණය ප්‍රතිසන්ධි නාමරූප උපදවයි.” යන්නෙන් ප්‍රතිසන්ධි විඤ්ඤාණය ම කියන ලදී. අවිශේෂයෙන් වනාහී ඒ ඒ සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ ඒ ඒ හටගන්නා වූ ධර්මයන්ගේ ගෙන ඒමෙන් එම ධර්මයෝ “ආහාර” යැයි පවසති.

එතෙසු චතූසු ආහාරෙසු කබළීකාරාහාරො උපත්‍ථම‍්භෙන‍්තො ආහාරකිච‍්චං සාධෙති, ඵස‍්සො ඵුසන‍්තොයෙව මනොසඤ‍්චෙතනා ආයූහමානාව, විඤ‍්ඤාණං විජානන‍්තමෙව. කථං? කබළීකාරාහාරො හි උපත්‍ථම‍්භෙන‍්තොයෙව කායට‍්ඨපනෙන සත‍්තානං ඨිතියා හොති. කම‍්මජනිතොපි හි අයං කායො කබළීකාරාහාරෙන උපත්‍ථද‍්ධො දසපි වස‍්සානි වස‍්සසතම‍්පි යාව ආයුපරිමාණා තිට‍්ඨති. යථා කිං ? යථා මාතුයා ජනිතොපි දාරකො ධාතියා ථඤ‍්ඤාදීනි පායෙත්‍වා පොසියමානො චිරං තිට‍්ඨති, යථා ච උපත්‍ථම‍්භෙන උපත්‍ථම‍්භිතං ගෙහං. වුත‍්තම‍්පි චෙතං –

මේ සතර ආහාරයන් අතර කබලිංකාර ආහාරය උපස්ථම්භනයෙන් අහර කිස සිදුකරයි. ඵස්සාහාරය ස්පර්ශ කිරීමෙන් ද මනෝසඤ්චෙතනාහාරය රැස්කරමින් ද? විඤ්ඤාණාහාරය දැනගැනීමෙන් ද අහර කිස සිදුකරයි. ඒ කෙසේද? කබළිංකාර ආහාරය උපකාර කිරීමෙන් ම කය පැවැත්වීමෙන් සත්වයන්ගේ පැවැත්ම වේ. කර්මයෙන් ජනිත වූවත් මේ කය, කබලිංකාරාහාරයෙන් උපස්ථම්භනය ලබා වර්ෂ දහයක්, වර්ෂ සීයක් පමණක් නොව ආයු අවසානය දක්වාම පවතියි. යම්සේ මෑණීයන්ට බිහිවූ දරුවා කිරිමවගේ තනයෙන් කිරිබී පෝෂණය වනුයේ බොහෝ කලක් සිටී ද එසේමය. යම්සේ කණු ආදියෙන් පිහිටාධාර හා උපස්ථම්භක ලැබූ ගෙය මෙනි. මෙය කියන ලදී.

“යථා, මහාරාජ, ගෙහෙ පපතන‍්තෙ අඤ‍්ඤෙන දාරුනා උපත්‍ථම‍්භිතං සන‍්තං එව තං ගෙහං න පතති. එවමෙව ඛො, මහාරාජ, අයං කායො ආහාරට‍්ඨිතිකො ආහාරං පටිච‍්ච තිට‍්ඨතී”ති.

“මහරජතුමනි! යම්සේ ගෙයක් වැටෙන කල්හි අන්‍ය වූ දැව ආදියෙන් උපස්ථම්භනයක සපයන ලද විට, එම ගෙය නොවැටෙන්නාක් මෙන් ආහාරයෙන් පවතින මේ කය ආහාර නිසා නොවැටී පවතින්නේයැ” යි නාගසේන හිමියෝ වදාළහ.

එවං කබළීකාරො ආහාරො උපත්‍ථම‍්භෙන‍්තො ආහාරකිච‍්චං සාධෙති.

මෙසේ කබළිංකාර ආහාරය උපස්ථම්භනය ලැබ, අහර කිස සිදු කරයි.

එවං සාධෙන‍්තොපි ච කබළීකාරො ආහාරො ද‍්වින‍්නං රූපසන‍්තතීනං පච‍්චයො හොති ආහාරසමුට‍්ඨානස‍්ස ච උපාදිණ‍්ණකස‍්ස ච. කම‍්මජානං අනුපාලකො හුත්‍වා පච‍්චයො හොති, ආහාරසමුට‍්ඨානානං ජනකො හුත්‍වාති. ඵස‍්සො පන සුඛාදිවත්‍ථුභූතං ආරම‍්මණං ඵුසන‍්තොයෙව සුඛාදිවෙදනාපවත‍්තනෙන සත‍්තානං ඨිතියා හොති. මනොසඤ‍්චෙතනා කුසලාකුසලකම‍්මවසෙන ආයූහමානායෙව භවමූලනිප‍්ඵාදනතො සත‍්තානං ඨිතියා හොති. විඤ‍්ඤාණං විජානන‍්තමෙව නාමරූපප‍්පවත‍්තනෙන සත‍්තානං ඨිතියා හොතීති.

එලෙස අහර කිස සිදුකරමින් ම කබලිංකාර ආහාරය, ආහාරයේ ම හටගැනීම ද තෘෂ්ණාවෙන් තදින් ගැනීම ද යන ද්විධ රූප සන්තනීන්ගේ පැවැත්මට ප්‍රත්‍ය වේ. කර්මජයන්ගේ පාලකයෙක් වී ඊට හේතු වන්නේය. ආහාරය හටගැනීම්වල උපදවන්නා වී. ඵස්සාහාරය වනාහී සැප ආදියට හේතුවූ අරමුණක් ස්පර්ශ කරමින් ම සැප ආදී වේදනාවන් පැවතීම් වශයෙන් සත්ත්වයන්ගේ පැවැත්ම සිදුකරයි. මනෝසඤ්චේතනාහාරය, කුශලාකුශල කර්ම වශයෙන් රැස්කරමින් ම භව මූලය නිපදවීම් වශයෙන් සත්වයන්ගේ පැවැත්ම සිදුකරයි.

එවං උපත්‍ථම‍්භනාදිවසෙන ආහාරකිච‍්චං සාධයමානෙසු පනෙතෙසු චත‍්තාරි භයානි දට‍්ඨබ‍්බානි. සෙය්‍යථිදං – කබළීකාරාහාරෙ නිකන‍්තියෙව භයං, ඵස‍්සෙ උපගමනමෙව, මනොසඤ‍්චෙතනාය ආයූහනමෙව, විඤ‍්ඤාණෙ අභිනිපාතොයෙව භයන‍්ති. කිං කාරණා? කබළීකාරාහාරෙ හි නිකන‍්තිං කත්‍වා සීතාදීනං පුරක‍්ඛතා සත‍්තා ආහාරත්‍ථාය මුද‍්දාගණනාදිකම‍්මානි කරොන‍්තා අනප‍්පකං දුක‍්ඛං නිගච‍්ඡන‍්ති. එකච‍්චෙ ච ඉමස‍්මිං සාසනෙ පබ‍්බජිත්‍වාපි වෙජ‍්ජකම‍්මාදිකාය අනෙසනාය ආහාරං පරියෙසන‍්තා දිට‍්ඨෙව ධම‍්මෙ ගාරය‍්හා හොන‍්ති, සම‍්පරායෙපි, “තස‍්ස සඞ‍්ඝාටිපි ආදිත‍්තා සම‍්පජ‍්ජලිතා”තිආදිනා ලක‍්ඛණසංයුත‍්තෙ (සං· නි· 2.218) වුත‍්තනයෙන සමණපෙතා හොන‍්ති. ඉමිනා තාව කාරණෙන කබළීකාරෙ ආහාරෙ නිකන‍්ති එව භයන‍්ති වෙදිතබ‍්බා.

මෙසේ උපස්ථම්භනය වීම් වශයෙන් අහර කිස සිදුකරන කල්හි ඒ ආහාර සතරෙහි, සතර භයක් දැකිය යුතුයි. ඒ කෙසේද? කබළිංකාර ආහාරයේ තෘෂ්ණා භය ඇත. ඵස්සාහාරයේ පැමිණීම් භය ඇත. මනෝ සඤ්චේතනාහාරයේ රැස්කිරීම් භය ඇත. විඤ්ඤාණාහාරයේ අභිමුඛ වැටීම් භය ඇත. කවර කරුණකින්ද? කබළිංකාර ආහාරයේ ආශාව කොට, සීතාදියේ පෙරටුවීම් වශයෙන් සත්වයෝ ආහාර පිණිස මුද්‍රා, ගණන් කිරීම් ආදී ක්‍රියා කරමින් අනල්ප වූ දුක් විඳිති. ඇතැම්හු මේ සසුනේ පැවිදි වීත් වෙදකම් ආදී වූ අයෝග්‍ය වෘත්තීන්ගෙන් ආහාර සොයමින් මෙලොවදීම ගැරහුමට බඳුන් වෙති. පරලොව දී ද “ඔහුගේ දෙපට සිවුර ගිනිදැල්වලින් ඇවිලගන්නේය.” ආදී වශයෙන් ලක්ඛණ සූත්‍රයේ පැවසූ අයුරින්ම ශ්‍රමණ ප්‍රේතයෝ වෙති. මේ කාරණාවලින් කබළිංකාර ආහාරයේ ආශාවීම ම බියෙකැයි දතයුතුයි.

ඵස‍්සං උපගච‍්ඡන‍්තාපි ඵස‍්සස‍්සාදිනො පරෙසං රක‍්ඛිතගොපිතෙසු දාරාදීසු භණ‍්ඩෙසු අපරජ‍්ඣන‍්ති, තෙ සහ භණ‍්ඩෙන භණ‍්ඩසාමිකා ගහෙත්‍වා ඛණ‍්ඩාඛණ‍්ඩිකං වා ඡින්‍දිත්‍වා සඞ‍්කාරකූටෙ ඡඩ‍්ඩෙන‍්ති, රඤ‍්ඤො වා නිය්‍යාදෙන‍්ති. තතො තෙ රාජා විවිධා කම‍්මකාරණා කාරාපෙති. කායස‍්ස ච භෙදා දුග‍්ගති තෙසං පාටිකඞ‍්ඛා හොති. ඉති ඵස‍්සස‍්සාදමූලකං දිට‍්ඨධම‍්මිකම‍්පි සම‍්පරායිකම‍්පි භයං සබ‍්බමාගතමෙව හොති. ඉමිනා කාරණෙන ඵස‍්සාහාරෙ උපගමනමෙව භයන‍්ති වෙදිතබ‍්බං.

පහස හෙවත් ස්පර්ශ හේතුවෙන් ලගට (සමීපයට) එයි. පහස නිසා අන්‍යයන් විසින් ආරක්ෂා කරන ලද අඹුවන් ආදී වස්තු කෙරෙහි අපරාධ කරති. බඩු අයිති කරුවෝ ඒ සොරාගත් බඩු සහිතවම සොරු අල්ලාගෙන කඩ කඩ කරමින් සිඳ දමති. කුණුගොඩට ඇද දමති. රජුට හෝ පවරා දෙති. රජතුමා, ඔවුන්ට විවිධාකාර දඬුවම් කරවයි. මරණීන් පසු ඔවුන් විසින් දුගතිය කැමති විය යුතුයි. මෙසේ ස්පර්ශය මූලිකව මෙලොවදීත්-පරලොවදීත් සියලු භය පැමිණෙන්නේමය. මෙකරුණින් ඵස්සාහාරයෙහි සමීපවීමට භයකැයි දතයුතුයි.

කුසලාකුසලකම‍්මායූහනෙ පන තම‍්මූලකං තීසු භවෙසු භයං සබ‍්බං ආගතමෙව හොති. ඉමිනා කාරණෙන මනොසඤ‍්චෙතනාහාරෙ ආයූහනමෙව භයන‍්ති වෙදිතබ‍්බං.

කුශලාකුශල කර්ම රැස්කිරීමේදී ද ඒවාට මුල් වූ ත්‍රිවිධ භවයෙහි සියලුම භය පැමිණියේ වේ. මෙකරුණින් මනෝසඤ්චේතනාහාරයෙහි රැස්කිරීමට භයකැයි දතයුතුයි.

පටිසන්‍ධිවිඤ‍්ඤාණඤ‍්ච යස‍්මිං යස‍්මිං ඨානෙ අභිනිපතති, තස‍්මිං තස‍්මිං ඨානෙ පටිසන්‍ධිනාමරූපං ගහෙත්‍වාව නිබ‍්බත‍්තති. තස‍්මිඤ‍්ච නිබ‍්බත‍්තෙ සබ‍්බභයානි නිබ‍්බත‍්තානියෙව හොන‍්ති තම‍්මූලකත‍්තාති ඉමිනා කාරණෙන විඤ‍්ඤාණාහාරෙ අභිනිපාතොයෙව භයන‍්ති වෙදිතබ‍්බොති.

ප්‍රතිසන්ධි විඤ්ඤාණය යම් යම් තැනෙක් හි වැටේද ඒ ඒ තැන්හිම ප්‍රතිසන්ධිය නාමරූප රැගෙනම උපදියි. එහි උපන් කල්හි සියලු භය හටගත්තා වේ. ඊට මූලික වූ බැවින් මේ කාරණයෙන් විඤ්ඤාණහාරයේ ඉදිරියේ වැටීමට භයකැයි දතයුතුයි.

කිංනිදානාතිආදීසු නිදානාදීනි සබ‍්බානෙව කාරණවෙවචනානි. කාරණඤ‍්හි යස‍්මා ඵලං නිදෙති, “හන්‍ද නං ගණ‍්හථා”ති අප‍්පෙති විය, තස‍්මා නිදානන‍්ති වුච‍්චති. යස‍්මා තං තතො සමුදෙති ජායති පභවති, තස‍්මා සමුදයො ජාති පභවොති වුච‍්චති. අයං පනෙත්‍ථ පදත්‍ථො – කිංනිදානං එතෙසන‍්ති කිංනිදානා. කො සමුදයො එතෙසන‍්ති කිංසමුදයා. කා ජාති එතෙසන‍්ති කිංජාතිකා. කො පභවො එතෙසන‍්ති කිංපභවා. යස‍්මා පන තෙසං තණ‍්හා යථාවුත‍්තෙන අත්‍ථෙන නිදානඤ‍්චෙව සමුදයො ච ජාති ච පභවො ච, තස‍්මා “තණ‍්හානිදානා”තිආදිමාහ. එවං සබ‍්බපදෙසු අත්‍ථො වෙදිතබ‍්බො.

“කිං නිදානා” යනාදියෙහි නිදානාදිය සියලුම හේතූන්ට සමාන වදනකි. කරුණ-හේතුව යනු යමකින් විපාකයක් නිධන් කරයි. ඒකාන්තයෙන් එය ගනිවු යි පමුණුවන්නාක් මෙනි. එනිසා ඊට ‘නිදානය’ යැයි කියනු ලැබේ. යම් හෙයකින් ඉන් හටගනියි. උපදියි, ප්‍රභවයට පත් වේද එහෙයින් “හටගැනුණි, ඉපදුණි, ප්‍රභවවිය” යනුවෙන් කියයි. මෙහි වනාහී මේ පදවල අර්ථයයි. “මේවායේ නිදානය කුමක්ද? යනු “කිං නිදානා” නමි. මේවායේ හටගැනීම කවරේද? යනු “කිං සමුදයා” නමි. මේවායේ උපත කෙසේ වේද? යනු “කිඤ්ජාතිකා” නමි. මේවායේ ප්‍රභවය කෙසේවේද? යනු “කිං පභවා” නමි. යම් හෙයකින් ඉහත කියන ලද ක්‍රමයෙන් තන්හාවම එම ආහාරයන්ගේ නිදානයද හටගැනීම් හේතුවද උප්පත්ති හේතුවද ප්‍රභව හේතුවද වනු බැවින් “තණ්හා නිදානා” යනාදිය කියන ලදී. මෙසේ සියලුම පදයන්හි අර්ථ දත යුතුයි. මෙහිද “ඉමෙ චත්තාරො ආහාරා තණ්හා නිදානා” යි

එත්‍ථ ච ඉමෙ චත‍්තාරො ආහාරා තණ‍්හානිදානාති පටිසන්‍ධිං ආදිං කත්‍වා අත‍්තභාවසඞ‍්ඛාතානං ආහාරානං පුරිමතණ‍්හානං වසෙන නිදානං වෙදිතබ‍්බං. කථං? පටිසන්‍ධික‍්ඛණෙ තාව පරිපුණ‍්ණායතනානං සත‍්තානං සත‍්තසන‍්තතිවසෙන, සෙසානං තතො ඌනඌනසන‍්තතිවසෙන උප‍්පන‍්නරූපබ‍්භන‍්තරං ජාතා ඔජා අත්‍ථි, අයං තණ‍්හානිදානො උපාදිණ‍්ණකකබළීකාරාහාරො. පටිසන්‍ධිචිත‍්තසම‍්පයුත‍්තා පන ඵස‍්සචෙතනා සයඤ‍්ච චිත‍්තං විඤ‍්ඤාණන‍්ති ඉමෙ තණ‍්හානිදානා උපාදිණ‍්ණක-ඵස‍්සමනොසඤ‍්චෙතනා-විඤ‍්ඤාණාහාරාති එවං තාව පුරිමතණ‍්හානිදානා පටිසන්‍ධිකා ආහාරා. යථා ච පටිසන්‍ධිකා, එවං තතො පරං පඨමභවඞ‍්ගචිත‍්තක‍්ඛණාදිනිබ‍්බත‍්තාපි වෙදිතබ‍්බා.

“මේ සතර ආහාරයෝම තණ්හාව නිදාන කරගෙන ඇත.” යනුවෙන් ප්‍රතිසන්ධිය ආදී කොට ඇති ආත්මභාව සංඛ්‍යාත වූ ආහාරයන් ම පෙරටු වන තණ්හා වශයෙන් නිදානය දතයුතුයි. කෙසේද? ප්‍රතිසන්ධික්ෂණයෙහි පළමුකොට පරිපූර්ණ වූ ආයතන සහිත සත්වයන්ට සත්ව සන්තතික වශයෙන්ද, අනතුරුව සෙසු අඩු වූ ආයතන සහිත සත්වයන්ට සත්ව සන්තති වශයෙන් ද උපන් අභ්‍යන්තර රූපයේ පහළ වූ ඕජාවක් ඇත. මෙය තණ්හාවේ නිදානයයි. උපාදිණ්ණක කබලිංකාර ආහාරයයි. ප්‍රතිසන්ධි සිත හා සම්ප්‍රයුක්ත වූ ඵස්ස චේතනාව වනාහී තමාට “සිත දැනගනියි” - මෙය තණ්හාවේ නිදානයයි. උපාදිණ්ණක ඵස්ස, මනෝසඤ්චේතනා, විඤ්ඤාණ යන ආහාරයන්‍ ය. මෙසේ පළමුකොට මුල්ම ප්‍රතිසන්ධියට අයත් තණ්හාවේ නිදාන වන ආහාරයෝ යම් සේ “ප්‍රතිසන්ධිකයෝ” වෙත් ද, එලෙස ඉන්පසුව ප්‍රථම භවාංග චිත්තක්ෂණාදියට පැමිණියේයැයි දතයුතුයි.

යස‍්මා පන භගවා න කෙවලං ආහාරානමෙව නිදානං ජානාති, ආහාරනිදානභූතාය තණ‍්හායපි, තණ‍්හාය නිදානානං වෙදනාදීනම‍්පි නිදානං ජානාතියෙව, තස‍්මා තණ‍්හා චායං, භික‍්ඛවෙ, කිංනිදානාතිආදිනා නයෙන වට‍්ටං දස‍්සෙත්‍වා විවට‍්ටං දස‍්සෙසි. ඉමස‍්මිඤ‍්ච පන ඨානෙ භගවා අතීතාභිමුඛං දෙසනං කත්‍වා අතීතෙන වට‍්ටං දස‍්සෙති. කථං? ආහාරවසෙන හි අයං අත‍්තභාවො ගහිතො.

යම්හෙයකින් භාග්‍යවතුන් වහන්සේ හුදෙක් ආහාරයන්ගේ නිදානය පමණක් ම දන්නාහු නොවෙති. ආහාරයන්ගේ නිදානය වූ තණ්හාවේද නිදාන වූ වේදනාදිය ද දන්නාහුමය. එහෙයින් “මහණෙනි! මේ තණ්හාවේ නිදානය කුමක්ද?” ආදී වශයෙන් තණ්හාව ඇතිවන ආකාරයද දක්වා නැවත එය නැතිවන අයුරු (වට්ට විවට්ට) දැක්වූ සේක. මෙහිදී භාග්‍යවතුන් වහණ්සේ අතීතාභිමුඛ වූ දේශනාවක් පවත්වා, අතීතයෙන් ම තණ්හාවේ ඇතිවීම දැක්වූහ. ඒ කෙසේද? මේ ආත්මභාවය ආහාර වශයෙන් තණ්හාව ගන්නා ලදී.

තණ‍්හාති ඉමස‍්සත‍්තභාවස‍්ස ජනකං කම‍්මං, වෙදනාඵස‍්සසළායතනනාමරූපවිඤ‍්ඤාණානි යස‍්මිං අත‍්තභාවෙ ඨත්‍වා කම‍්මං ආයූහිතං, තං දස‍්සෙතුං වුත‍්තානි, අවිජ‍්ජාසඞ‍්ඛාරා තස‍්සත‍්තභාවස‍්ස ජනකං කම‍්මං. ඉති ද‍්වීසු ඨානෙසු අත‍්තභාවො, ද‍්වීසු තස‍්ස ජනකං කම‍්මන‍්ති සඞ‍්ඛෙපෙන කම‍්මඤ‍්චෙව කම‍්මවිපාකඤ‍්චාති, ද‍්වෙපි ධම‍්මෙ දස‍්සෙන‍්තෙන අතීතාභිමුඛං දෙසනං කත්‍වා අතීතෙන වට‍්ටං දස‍්සිතං.

මේ ආත්මභවයේ ජනක කර්ම වූ වේදනාව, ස්පර්ශය, ෂඩායතයනය, නාමරූප හා විඤ්ඤාණයෝ යම් ආත්මභාවයකට ඇතුළුව කර්ම රැස් කරනුයේ ද එය දැක්වීමට “අවිද්‍යා සංස්කාර දෙක ඒ ආත්මභවයාගේ ජනක කර්මය යැයිද දෙතැනක ආත්මභාව දෙකක විපාක කර්මය යැයි ද සංක්ෂිප්ත වශයෙන් “කර්මය” ද “කර්මවිපාක” ද යන ධර්ම දෙක දැක්වීම් වශයෙන් අතීතය අභිමුඛ වූ දේශනාවක් කර, අතීත කාලයෙන් දැක්වූ සේක.

තත්‍රායං දෙසනා අනාගතස‍්ස අදස‍්සිතත‍්තා අපරිපුණ‍්ණාති න දට‍්ඨබ‍්බා. නයතො පන පරිපුණ‍්ණාත්‍වෙව දට‍්ඨබ‍්බා. යථා හි චක‍්ඛුමා පුරිසො උදකපිට‍්ඨෙ නිපන‍්නං සුංසුමාරං දිස‍්වා තස‍්ස පරභාගං ඔලොකෙන‍්තො ගීවං පස‍්සෙය්‍ය, ඔරතො පිට‍්ඨිං, පරියොසානෙ නඞ‍්ගුට‍්ඨමූලං, හෙට‍්ඨා කුච‍්ඡිං ඔලොකෙන‍්තො පන උදකගතං අග‍්ගනඞ‍්ගුට‍්ඨඤ‍්චෙව චත‍්තාරො ච හත්‍ථපාදෙ න පස‍්සෙය්‍ය, සො න එත‍්තාවතා “අපරිපුණ‍්ණො සුංසුමාරො”ති ගණ‍්හාති, නයතො පන පරිපුණ‍්ණොත්‍වෙව ගණ‍්හාති, එවංසම‍්පදමිදං වෙදිතබ‍්බං.

එහිදී මේ දේශනාව අනාගත කාලයේ නොදක්වන ලද බැවින් අපරිපූර්ණයැයි නොසිතිය යුතුයි. න්‍යාය වශයෙන් පරිපූර්ණ යැයි දතයුතුයි. යම්සේ ඇස් ඇති පුරුෂයෙකු ජලය මතුයෙහි හොත්තා වූ කිඹුලෙකු දැක -උගේ පසුකොට බලන්නේ බෙල්ල දකින්නේය. පිට උඩින්, අවසන ඇති නගුටේ මුල, යටිබඩ ආදිය බලනුයේ දියයට ඇති නගුටේ අග මෙන්ම සිවු පාදයයෙන්ද නො දක්නේය. ඔහු මෙපමණකින් “සම්පූර්ණවම කිඹුලා නොදුටුවෙමි” යි නොසිතයි. න්‍යාය වශයෙන් ගත් කල, සම්පූර්ණවම කිඹුලා දැක ඇත. මෙසේ ඉහත කී සියලු පදයන්ගේ අර්ථ දතයුතුයි.

උදකපිට‍්ඨෙ නිපන‍්නසුංසුමාරො විය හි තෙභූමකවට‍්ටං. තීරෙ ඨිතො චක‍්ඛුමා පුරිසො විය යොගාවචරො. තෙන පුරිසෙන උදකපිට‍්ඨෙ සුංසුමාරස‍්ස දිට‍්ඨකාලො විය යොගිනා ආහාරවසෙන ඉමස‍්සත‍්තභාවස‍්ස දිට‍්ඨකාලො. පරතො ගීවාය දිට‍්ඨකාලො විය ඉමස‍්සත‍්තභාවස‍්ස ජනිකාය තණ‍්හාය දිට‍්ඨකාලො. පිට‍්ඨියා දිට‍්ඨකාලො විය යස‍්මිං අත‍්තභාවෙ තණ‍්හාසඞ‍්ඛාතං කම‍්මං කතං, වෙදනාදිවසෙන තස‍්ස දිට‍්ඨකාලො. නඞ‍්ගුට‍්ඨමූලස‍්ස දිට‍්ඨකාලො විය තස‍්සත‍්තභාවස‍්ස ජනකානං අවිජ‍්ජාසඞ‍්ඛාරානං දිට‍්ඨකාලො. හෙට‍්ඨා කුච‍්ඡිං ඔලොකෙන‍්තස‍්ස පන අග‍්ගනඞ‍්ගුට‍්ඨඤ‍්චෙව චත‍්තාරො ච හත්‍ථපාදෙ අදිස‍්වාපි “අපරිපුණ‍්ණො සුංසුමාරො”ති අගහෙත්‍වා නයතො පරිපුණ‍්ණොත්‍වෙව ගහණං විය යත්‍ථ යත්‍ථ පච‍්චයවට‍්ටං පාළියං න ආගතං, තත්‍ථ තත්‍ථ “දෙසනා අපරිපුණ‍්ණා”ති අගහෙත්‍වා නයතො පරිපුණ‍්ණාත්‍වෙව ගහණං වෙදිතබ‍්බං. තත්‍ථ ච ආහාරතණ‍්හානං අන‍්තරෙ එකො සන්‍ධි, තණ‍්හාවෙදනානං අන‍්තරෙ එකො, විඤ‍්ඤාණසඞ‍්ඛාරානං අන‍්තරෙ එකොති එවං තිසන්‍ධිචතුසඞ‍්ඛෙපමෙව වට‍්ටං දස‍්සිතන‍්ති.

තීරයේ සිටි පුරුෂයා මෙන් යෝගාවචර භික්ෂුව සැලකිය යුතුයි. ඇස් ඇති පුරුෂයා ගං ඉවුරේ සිට දියමත සිටි කිඹුලා දුටුවාක් මෙන් ඒ යෝගියා විසින් ආහාර හේතුවෙන් පවතින මේ ආත්මභාවය දක්නා ලදී. එම පුරුෂයා කිඹුලාගේ බෙල්ල දුටුවාක් මෙන් මේ ආත්මභාවයේ ප්‍රභවයට හේතු වූ තණ්හාව දකින්නේය. පිට දුටුවාක් මෙන් යම් ආත්මභාවයක තණ්හා සංඛ්‍යාත වූ කර්මය කරන ලද වේදනාදී හේතූන් දකින්නේය. නගුටේ මුල දුටුවාක් මෙන් ඒ ආත්මභාවයේ උපතට හේතු වූ අවිද්‍යා - සංස්කාරාදී හේතූන් දකින්නේය. යටිබඩ බලන විට නගුටේ අග ද සතර පාදයන් ද නොදැක, එනමුත් කිඹුලා අසම්පූර්ණව දකින ලදැයි නොගන්නාක් මෙන් ද න්‍යාය වශයෙන් සම්පූර්ණයෙන් ම දුටු සේ ගන්නාක් මෙන් ද - යම් තැනෙක ප්‍රත්‍යයන්ගේ පිළිවෙල - වෘත්තය ත්‍රිපිටකයේ නොපැමිණියත්, ඒ ඒ සූත්‍ර දේශණාවෝ - අසම්පූර්ණ යැයි නොගෙන න්‍යාය වශයෙන් පරිපූර්ණ වූ දේශනාවන් ලෙසට ගතයුතුයි. එහිද ආහාර - තණ්හා දෙක අතරෙහි එක් සන්ධියකි. තණ්හා-වේදනා දෙක අතරෙහි එක් සන්ධියකි. විඤ්ඤාණ- සංස්කාර දෙක අතරේ එක් සන්ධියකි. මෙසේ සන්ධි තුනකින් හා සතර සංක්ෂේපයන්ගෙන්; සසර පැවැත්ම දක්වන ලදී.

පඨමං.

පළමු සූත්‍රයයි