3. පටිපදාසුත්තවණ්ණනා අට්ඨකථා
3. පටිපදාසුත්තවණ්ණනා
3. පටිපදා සූත්‍ර වර්ණනාව
තතියෙ මිච්ඡාපටිපදන්ති අයං තාව අනිය්යානිකපටිපදා. නනු ච අවිජ්ජාපච්චයා පුඤ්ඤාභිසඞ්ඛාරොපි අත්ථි ආනෙඤ්ජාභිසඞ්ඛාරොපි, සො කථං මිච්ඡාපටිපදා හොතීති. වට්ටසීසත්තා. යඤ්හි කිඤ්චි භවත්තයසඞ්ඛාතං වට්ටං පත්ථෙත්වා පවත්තිතං, අන්තමසො පඤ්චාභිඤ්ඤා අට්ඨ වා පන සමාපත්තියො, සබ්බං තං වට්ටපක්ඛියං වට්ටසීසන්ති වට්ටසීසත්තා මිච්ඡාපටිපදාව හොති. යං පන කිඤ්චි විවට්ටං නිබ්බානං පත්ථෙත්වා පවත්තිතං, අන්තමසො උළුඞ්කයාගුමත්තදානම්පි පණ්ණමුට්ඨිදානමත්තම්පි, සබ්බං තං විවට්ටපක්ඛියං විවට්ටනිස්සිතං, විවට්ටපක්ඛිකත්තා සම්මාපටිපදාව හොති. අප්පමත්තකම්පි හි පණ්ණමුට්ඨිමත්තදානකුසලං වා හොතු මහන්තං වෙලාමදානාදිකුසලං වා, සචෙ වට්ටසම්පත්තිං පත්ථෙත්වා වට්ටනිස්සිතවසෙන මිච්ඡා ඨපිතං හොති, වට්ටමෙව ආහරිතුං සක්කොති, නො විවට්ටං. “ඉදං මෙ දානං ආසවක්ඛයාවහං හොතූ”ති එවං පන විවට්ටං පත්ථෙන්තෙන විවට්ටවසෙන සම්මා ඨපිතං අරහත්තම්පි පච්චෙකබොධිඤාණම්පි සබ්බඤ්ඤුතඤ්ඤාණම්පි දාතුං සක්කොතියෙව, න අරහත්තං අප්පත්වා පරියොසානං ගච්ඡති. ඉති අනුලොමවසෙන මිච්ඡාපටිපදා, පටිලොමවසෙන සම්මාපටිපදා දෙසිතාති වෙදිතබ්බා. නනු චෙත්ථ පටිපදා පුච්ඡිතා, නිබ්බානං භාජිතං, නිය්යාතනෙපි පටිපදාව නිය්යාතිතා. න ච නිබ්බානස්ස පටිපදාති නාමං, සවිපස්සනානං පන චතුන්නං මග්ගානමෙතං නාමං, තස්මා පුච්ඡානිය්යාතනෙහි පදභාජනං න සමෙතීති. නො න සමෙති, කස්මා? ඵලෙන පටිපදාය දස්සිතත්තා. ඵලෙන හෙත්ථ පටිපදා දස්සිතා. “අවිජ්ජාය ත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො”ති එතං නිරොධසඞ්ඛාතං නිබ්බානං යස්සා පටිපදාය ඵලං, අයං වුච්චති, භික්ඛවෙ, සම්මාපටිපදාති අයමෙත්ථ අත්ථො. ඉමස්මිඤ්ච අත්ථෙ අසෙසවිරාගනිරොධාති එත්ථ විරාගො නිරොධස්සෙව වෙවචනං, අසෙසවිරාගා අසෙසනිරොධාති අයඤ්හෙත්ථ අධිප්පායො. යෙන වා විරාගසඞ්ඛාතෙන මග්ගෙන අසෙසනිරොධො හොති, තං දස්සෙතුං එතං පදභාජනං වුත්තං. එවඤ්හි සති සානුභාවා පටිපදා විභත්තා හොති. ඉති ඉමස්මිම්පි සුත්තෙ වට්ටවිවට්ටමෙව කථිතන්ති.
තෙවැනි සූත්‍රයේ “මිච්ඡා පටිපදං” යනු මේ සසරින් මිදීම ගෙන දෙන ප්‍රතිපදාවක් නොවේ. නිර්වාණ ප්‍රතිපදාවක් නොවේ. අවිද්‍යා ප්‍රත්‍යයයෙහි පින් රැස්කිරීමක් ද (පුඤ්ඤාභි සංඛාරයක්ද) ආනෙඤ්ජාභි සංකාරයක් ද ඇත්තේ ය. එය කෙසේ නම් මිත්‍යා ප්‍රතිපදාවක් වේ ද? සසර පැවැත්මට ශීර්ෂයක් බැවිනි. යම්කිසිවක් භවත්‍රය සංඛ්‍යාත වූ සසර පැවැත්මට පැමිණ පවතිනුයේ, යටත් පිරිසෙයින් පඤ්චාභිඤ්ඤා සහ අෂ්ට සමාපත්තීහුද යන මේ සියල්ල සසර පැවැත්මට පක්ෂවේ. සසර පැවැත්මට ශීර්ෂයක් වේ. එනිසා ම මිත්‍යා පිළිවෙතක් ද වේ. යම් කිසිවෙක් සසර පැවැත්මට විරුද්ධ වූ නිවණ ප්‍රාර්ථනා කරගෙන, කැඳහැන්දක් පමණ හෝ කොළමිටක් පමණ හෝ දීම යන මේ සියල්ල සසර පැවැත්මට විරුද්ධ වූ බැවින් සම්‍යක් ප්‍රතිපදාවක් වේ. රහත්බවට නොපැමිණ එම කාර්යය කෙළවර නොවේ. මෙසේ අනුලෝම වශයෙන් මිත්‍යා පිළිවෙතත් ප්‍රතිලෝම වශයෙන් සම්‍යයක් ප්‍රතිපදාවත් දේශනා කරන ලදැයි දත යුතුයි. මේ ප්‍රතිපදාව විමසා නිවණට යොමු වූවහුට එය පවරා දීමෙන් ම ප්‍රතිපදාව ද පවරාදෙන ලද්දේ නොවේද? මෙයට ‘නිවන් ප්‍රතිපදාව’ යන නම පමණක් නොව ‘විදසුන් සහිත සතර මාර්ගයන්ට ම’ මේ නම යෙදේ. එනිසා ප්‍රශ්නයෙන් පැවරූ පද භාජනය නොගැලපේ. නොගැලපෙන්නේද නොවේ. කුමක් නිසාද? ඵලයෙන් ප්‍රතිපදාව දක්වන ලද බැවිනි. මෙහි ඵලයෙන් ම ප්‍රතිපදාව දක්වන ලදී. “අවිජ්ජායත්වෙව අසෙස විරාගනිරොධා සංඛාර නිරොධො” යනු මෙසේ නිරෝධ සංඛ්‍යාත වූ නිවණ, යම් ප්රතිපදාවක ඵලය වී ද, “අයං වුච්චති භික්ඛවෙ! සම්මා පටිපදා” යනු මෙහි මේ අර්ථයයි. මේ අර්ථයෙහි “අසෙසවිරාග නිරොධා” යන මෙහි “විරාගය” යනු නිරෝධයට ම සමාන වදනකි. “ඉතිරි නොවූ විරාගය”, “ඉතිරි නොවූ නිරෝධය” යනු මෙහි ඇති අදහසයි. යම් ඒ, විරාග සංඛ්‍යාත වූ මාර්ගයකින් අශේෂ වූ නිරෝධය වේ නම් එය දැක්වීමට මේ පද බෙදීම පවසන ලදී. මෙසේ ඇති කල්හි ආනුභාව සහිත ප්‍රතිපදාව බෙදා දැක්වූයේ වේ. මෙසේ මෙම සූත්‍රයෙහිද සසර පැවැත්මම කියන ලදී.
තතියං.
තෙවැනි සූත්‍රයයි.
4. විපස්සීසුත්තවණ්ණනා
4. විපස්සී සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ විපස්සිස්සාති තස්ස කිර බොධිසත්තස්ස යථා ලොකියමනුස්සානං කිඤ්චිදෙව පස්සන්තානං පරිත්තකම්මාභිනිබ්බත්තස්ස කම්මජපසාදස්ස දුබ්බලත්තා අක්ඛීනි විප්ඵන්දන්ති, න එවං විප්ඵන්දිංසු. බලවකම්මනිබ්බත්තස්ස පන කම්මජපසාදස්ස බලවත්තා අවිප්ඵන්දන්තෙහි අනිමිසෙහි එව අක්ඛීහි පස්සි සෙය්යථාපි දෙවා තාවතිංසා. තෙන වුත්තං – “අනිමිසන්තො කුමාරො පෙක්ඛතීති ඛො, භික්ඛවෙ, විපස්සිස්ස කුමාරස්ස ‘විපස්සී විපස්සී’ත්වෙව සමඤ්ඤා උදපාදී”ති (දී· නි· 2.40). අයඤ්හෙත්ථ අධිප්පායො – අන්තරන්තරා නිමිසජනිතන්ධකාරවිරහෙන විසුද්ධං පස්සති, විවටෙහි වා අක්ඛීහි පස්සතීති විපස්සී. එත්ථ ච කිඤ්චාපි පච්ඡිමභවිකානං සබ්බබොධිසත්තානං බලවකම්මනිබ්බත්තස්ස කම්මජපසාදස්ස බලවත්තා අක්ඛීනි න විප්ඵන්දන්ති, සො පන බොධිසත්තො එතෙනෙව නාමං ලභි.
සිවුවැනි සූත්‍රයෙහි “විපස්සිස්ස” යනු ඒ බෝධිසත්වයන්ගේ නේත්‍රයෝ, යම්සේ කිසියම් දෙයක් බලන ලෞකික මිනිසුන්ගේ අල්ප කර්මයකින් හටගත් ඇස්වල කර්මජ ප්‍රසාදයේ දුර්වල බැවින් අධිකව සැලෙත්ද එලෙසින් නොසැලෙති. ප්‍රබල කර්මයකින් හටගත් කර්මජ ප්‍රසාදයේ බලවත්කම නිසා තාවතිංස දෙවියන්ගේ මෙන් නොසැලෙන, ඇසිපිය හෙළීම් ඇති ඇස් ඇතිවිය. එනිසා කියන ලදී. “මහණෙනි! ඇසිපිය හෙලීම් නැතුව කුමරු බලා සිටී යි කියා විපස්සි මේ එහි අදහසයි. - ඇසිපිය හෙළීමක් අතර දී ඇතිවන අඳුරුවීමක් පවා නොමැතිව “ඉතා පිරිසිදුව දකියි”, “විවෘත වූ ඇස්වලින් බලයි” යන අර්ථයෙන් විපස්සී නම් වේ. ඒ කෙසේ වෙතත් ප්‍රබල කර්මයකින් උපන්, කර්මජ ප්‍රසාදයේ බලවත්කමින් පශ්චිම භවික වූ සියලු බෝධිසත්ත්වයන්ගේ ඇස් නොසැලේ. එනිසා ඒ බෝසත් හු “විපස්සී” නාමය ලැබූහ.
අපිච විචෙය්ය විචෙය්ය පස්සතීති විපස්සී, විචිනිත්වා විචිනිත්වා පස්සතීති අත්ථො. එකදිවසං කිර විනිච්ඡයට්ඨානෙ නිසීදිත්වා අත්ථෙ අනුසාසන්තස්ස රඤ්ඤො අලඞ්කතපටියත්තං මහාපුරිසං ආහරිත්වා අඞ්කෙ ඨපයිංසු. තස්ස තං අඞ්කෙ කත්වා පලාළයමානස්සෙව අමච්චා සාමිකං අස්සාමිකං අකංසු. බොධිසත්තො අනත්තමනසද්දං නිච්ඡාරෙසි. රාජා “කිමෙතං උපධාරෙථා”ති ආහ. උපධාරයමානා අඤ්ඤං අදිස්වා “අට්ටස්ස දුබ්බිනිච්ඡිතත්තා එවං කතං භවිස්සතී”ති පුන සාමිකමෙව සාමිකං කත්වා “ඤත්වා නු ඛො කුමාරො එවං කරොතී”ති? වීමංසන්තා පුන සාමිකං අස්සාමිකමකංසු. පුන බොධිසත්තො තථෙව සද්දං නිච්ඡාරෙසි. අථ රාජා “ජානාති මහාපුරිසො”ති තතො පට්ඨාය අප්පමත්තො අහොසි. තෙන වුත්තං “විචෙය්ය විචෙය්ය කුමාරො අත්ථෙ පනායති ඤායෙනාති ඛො, භික්ඛවෙ, විපස්සිස්ස කුමාරස්ස භිය්යොසොමත්තාය ‘විපස්සී විපස්සී’ත්වෙව සමඤ්ඤා උදපාදී”ති (දී· නි· 2.41).
තවද “විමසුම් සහගතව බලයි” යන අර්ථයෙන් විපස්සී නම් වේ. “විමසා බලයි” යන අර්ථයයි. එක් දිනක් විනිශ්චාසනයේ හිඳ නඩු විසඳන රජුගේ ඇකයේ අලංකාරව සැරසූ බෝධිසත්වයෝ වඩාගෙනවුත් තබන ලදී. රජු බෝසත් කුමරු ඇකයේ තබාගෙන නලවමින් සිටියදී ම ඇමතියෝ වස්තු හිමියාට වස්තු අහිමි කළහ. බෝසත් ළදරුවා කෙළවරක් නොමැතිව ශබ්ද නිකුත් කිරීම ඇරඹුවේය රජු “මේ කිමෙක්ද? සොයා බලවු” යි කීවේය. සොයා බලනුයේ ඊට හේතු කිසිවක් නොදැක, රිදීමක් ඇති වූ හෙයින් මෙසේ හඬන ලදැයි සිතා, වස්තු හිමියාට ම වස්තුව හිමිකර දෙන ලදී. “මේ කුමරු දැන දැන ම මෙසේ ශබ්ද පිට කරත් ද?” යි විමසනු පිණිස නැවතත් වස්තු හිමියාට වස්තු අහිමි කළහ. එවිට බෝසත් කුමරු පෙර සේම ශබ්ද නිකුත් කිරීමට පටන් ගත්තේය. ඉක්බිති රජතුමා “මේ මහා පුරුෂයෙකි” යි දැන එතැන් පටන් අප්රමාදී වූයේය. එනිසා කියන ලදී. “මහණෙනි! විමසමින් - පිරික්සමින් කුමරු නිවැරදි දේ දැනගනියි යන අරුතින් පමණට වැඩියෙන් එසේ කිරීම නිසා “විපස්සී”, “විපස්සී” යන නම ඇතිවිය.
භගවතොති භාග්යසම්පන්නස්ස. අරහතොති රාගාදිඅරීනං හතත්තා, සංසාරචක්කස්ස වා අරානං හතත්තා, පච්චයානං වා අරහත්තා අරහාති එවං ගුණතො උප්පන්නනාමධෙය්යස්ස. සම්මාසම්බුද්ධස්සාති සම්මා නයෙන හෙතුනා සාමං පච්චත්තපුරිසකාරෙන චත්තාරි සච්චානි බුද්ධස්ස. පුබ්බෙව සම්බොධාති සම්බොධො වුච්චති චතූසු මග්ගෙසු ඤාණං, තතො පුබ්බෙව. බොධිසත්තස්සෙව සතොති එත්ථ බොධීති ඤාණං, බොධිමා සත්තො බොධිසත්තො, ඤාණවා පඤ්ඤවා පණ්ඩිතොති අත්ථො. පුරිමබුද්ධානඤ්හි පාදමූලෙ අභිනීහාරතො පට්ඨාය පණ්ඩිතොව සො සත්තො, න අන්ධබාලොති බොධිසත්තො. යථා වා උදකතො උග්ගන්ත්වා ඨිතං පරිපාකගතං පදුමං සූරියරස්මිසම්ඵස්සෙන අවස්සං බුජ්ඣිස්සතීති බුජ්ඣනකපදුමන්ති වුච්චති, එවං බුද්ධානං සන්තිකෙ බ්යාකරණස්ස ලද්ධත්තා අවස්සං අනන්තරායෙන පාරමියො පූරෙත්වා බුජ්ඣිස්සතීති බුජ්ඣනකසත්තොතිපි බොධිසත්තො. යා ච එසා චතුමග්ගඤාණසඞ්ඛාතා බොධි, තං පත්ථයමානො පවත්තතීති බොධියං සත්තො ආසත්තොතිපි බොධිසත්තො. එවං ගුණතො උප්පන්නනාමවසෙන බොධිසත්තස්සෙව සතො. කිච්ඡන්ති දුක්ඛං. ආපන්නොති අනුප්පත්තො. ඉදං වුත්තං හොති – අහො අයං සත්තලොකො දුක්ඛං අනුප්පත්තොති. චවති ච උපපජ්ජති චාති ඉදං අපරාපරං චුතිපටිසන්ධිවසෙන වුත්තං. නිස්සරණන්ති නිබ්බානං. තඤ්හි ජරාමරණදුක්ඛතො නිස්සටත්තා තස්ස නිස්සරණන්ති වුච්චති. කුදාස්සු නාමාති කතරස්මිං නු ඛො කාලෙ.
“භගවතෝ” යනු භාග්‍ය සම්පන්න පුද්ගලයාට යනුයි. “අරහතො” යනු රාගාදී සතුරන් නැසූ බැවින් සංසාරය නම් චක්‍රයේ අරසිඳලූ බැවින්, සිව්පසය ලැබීමට සුදුසු වූ හෙයින් “අරහ” නම් ගුණයෙන් යුක්ත වූ බැවින්, හටගත් නම් ඇත්තහුට යනුයි “සම්මා සම්බුද්ධස්ස” යනු යහපත් නය හේතුවෙන්. තමන් වහන්සේ විසින්ම වෙන්වෙන්ව සිදුකළ පුරුෂ කාර්ය වශයෙන් සිව් සත්‍යය අවබෝධ කළ පුද්ගලයාට යනුයි “පුබ්බේව සම්බොධා” යන්නෙහි සම්බෝධ යනු සතර මාර්ගයේ පවතින ඥානයයි. ඒ “ඤාණය ලැබීමට පෙර” යන අර්ථයයි. “බෝධිසත්තස්සෙව සතො” යන මෙහි බෝධි යනු ඤාණයයි. ඒ බෝධියේ ඇලුණු පුද්ගලයා බෝධිසත්ත නම් වේ. නැණවතා, ප්‍රඥාවන්තයා, පණ්ඩිතයා, යන අර්ථ එහි ඇත. මුල්ම බුදුවරුගේ පාදමූලයේදී නියත විවරණ ලැබූ තැන් පටන්, ඒ මහා සත්ත්වයා පණ්ඩිතයෙක් වේ. අඳබාලයෙක් නොවේ. යම්සේ ජලයෙන් නැගී අවුත් දියමත සිටි මෝරාගිය පියුමක්, හිරු රැස් ගැටීමෙන් ඒකාන්තයෙන් “මැනවින් ප්‍රබෝධමත් වන්නේයැ” යි, ප්‍රබෝධමත් වූ පියුමකැ” යි කියනු ලැබේද; එලෙසින්ම බුදුවරුන්ගේ සමීපයේ දී විවරණ ලද බැවින් ඒකාන්තයෙන් නිරතුරුව පාරමී පුරා “අවබෝධ කරගන්නේයැ” යි, “අවබෝධ කරගත් සත්ත්වයෙකැයි” යන අරුතින් බෝධිසත්ත්ව නම් වේ. යම් ඒ සතර මාර්ග සංඛ්‍යාත වූ ‘බෝධිය’ ප්‍රාර්ථනා කරමින් පවතිනුයේ ද බෝධියෙහි ඇලුණු - එල්බුණු අරුතින්ද බෝධිසත්ත්ව නම් වේ. මෙසේ ගුණයන්ගෙන් උපන් - හටගත් නාමයක් වන බෝධිසත්ත්ව වූම. “කිච්ඡං” යනු දුකයි. “ආපන්නො” යනු පැමිණියේ ය යනුයි. මෙය කියන ලදී. “යම් හෙයකින් මේ සත්ව ලෝකයා දුකට පැමිණියේය” යනුවෙනි. “චවති ච උප්පජ්ජති ච” යන මෙය භවයෙන් භවයට නොසිඳී යන චුති-ප්රතිසන්ධි වශයෙන් කියන ලදී. “නිස්සරණං” යනු නිවණයි. නිවීමයි. එහි වනාහි ජරාමරණ දුකින් නික්මුණු බැවින් ඊට නිස්සරණ යැයි කියනු ලැබේ. “කුදාස්සු නාමා” යනු කවර නම් කාලයක යන අරුත් දේ.
යොනිසො මනසිකාරාති උපායමනසිකාරෙන පථමනසිකාරෙන. අහු පඤ්ඤාය අභිසමයොති පඤ්ඤාය සද්ධිං ජරාමරණකාරණස්ස අභිසමයො සමවායො සමායොගො අහොසි, “ජාතිපච්චයා ජරාමරණ”න්ති ඉදං තෙන දිට්ඨන්ති අත්ථො. අථ වා යොනිසො මනසිකාරා අහු පඤ්ඤායාති යොනිසො මනසිකාරෙන ච පඤ්ඤාය ච අභිසමයො අහු. “ජාතියා ඛො සති ජරාමරණ”න්ති, එවං ජරාමරණකාරණස්ස පටිවෙධො අහොසීති අත්ථො. එස නයො සබ්බත්ථ.
“යොනිසොමනසිකාරා” යන උපාය සිහිකිරීමෙන්, මාර්ගය නුවණින් මෙනෙහි කිරීමෙන්. “අහු පඤ්ඤාය අභිසමයො” යනු ප්‍රඥාව ඇති කල්හි ජරාමරණ කාරණයන්ට හේතුවන කරුණුවල අවබෝධය, රැස්වීම හා එක්වීම වේ. “ජාති” ප්‍රත්‍ය හේතුවෙන් ජරාමරණ දෙක ඇතිවේය යන මෙය, මෙතැනදී දැනගන්නා ලදී යන අර්ථයයි. නැතිනම් “යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය” යන නුවණින් මෙනෙහි කිරීමෙන්ද ප්‍රඥාවෙන්ද අවබෝධය ඇතිවේ. ඉපදීම ඇතිකල්හි “ජරාමරණ දෙක” ඇතිවේ යැයි මෙසේ ජරාමරණ දෙක පිළිබඳ සත්‍යාවබෝධ වේ යන අර්ථයි. මේ ක්‍රමය අනික් සියලු තැන්හිද මෙපරිදිම වේ.
ඉති හිදන්ති එවමිදං. සමුදයො සමුදයොති එකාදසසු ඨානෙසු සඞ්ඛාරාදීනං සමුදයං සම්පිණ්ඩෙත්වා නිද්දිසති. පුබ්බෙ අනනුස්සුතෙසූති “අවිජ්ජාපච්චයා සඞ්ඛාරානං සමුදයො හොතී”ති. එවං ඉතො පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු, චතූසු වා අරියසච්චධම්මෙසු. චක්ඛුන්තිආදීනි ඤාණවෙවචනානෙව. ඤාණමෙව හෙත්ථ දස්සනට්ඨෙන චක්ඛු, ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා, පටිවෙධනට්ඨෙන විජ්ජා, ඔභාසනට්ඨෙන ආලොකොති වුත්තං. තං පනෙතං චතූසු සච්චෙසු ලොකියලොකුත්තරමිස්සකං නිද්දිට්ඨන්ති වෙදිතබ්බං. නිරොධවාරෙපි ඉමිනාව නයෙන අත්ථො වෙදිතබ්බො.
“ඉතිහිදං” යනු මේ අයුරින් යනුයි. “සමුදයො” යනු එකොළොස් තැනෙක්හි ආ සංස්කාරාදීන්ගේ ඇතිවීම-හටගැනීම සම්පිණ්ඩනය කර දැක්වීමයි. “පුබ්බෙ අනනුස්සුතෙසු” යනු අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරාදියේ ඇතිවීම පිළිබඳව මීට පෙර නොඇසූ විරූ චතුරාර්ය සත්‍ය ධර්මයන් හිය. “චක්ඛුං” ආදිය ඤාණයට ම යෙදුණු සමාන වදන්ය. මෙහිදී ඤාණය දැක්වීම සඳහා ම “චක්ඛු” යන්න දක්වන ලදී. ඤාණය යන අර්ථයෙන් “ඤාණං” වේ. විශේෂ දැනීම අර්ථයෙන් “පඤ්ඤා” වේ. සත්‍යාවබෝධ කිරීම් අර්ථයෙන් “විජ්ජා” නම් වේ. ආලෝකය (ඤාණාලෝකය) යන අරුතින් “ආලොකො” යනුවෙන් කියන ලදී. මෙහිදී චතුරාර්ය සත්‍යයන්හි ලෞකික ලෝකෝත්තර මිශ්‍ර වූ ආකාරය විස්තර කරන ලදැයි දතයුතුය. නිරුද්ධ වන වාරයේ දී ද මෙලෙසින්ම අර්ථ දතයුතුය.
චතුත්ථං.
සිවුවන සූත්‍රයයි.
5-10. සිඛීසුත්තාදිවණ්ණනා
5-10. සිඛී ආදි සූත්‍ර වර්ණනා
පඤ්චමාදීසු සිඛිස්ස, භික්ඛවෙතිආදීනං පදානං “සිඛිස්සපි, භික්ඛවෙ”ති න එවං යොජෙත්වා අත්ථො වෙදිතබ්බො. කස්මා? එකාසනෙ අදෙසිතත්තා. නානාඨානෙසු හි එතානි දෙසිතානි, අත්ථො පන සබ්බත්ථ සදිසොයෙව. සබ්බබොධිසත්තානඤ්හි බොධිපල්ලඞ්කෙ නිසින්නානං න අඤ්ඤො සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා ආචික්ඛති – “අතීතෙ බොධිසත්තා පච්චයාකාරං සම්මසිත්වා බුද්ධා ජාතා”ති. යථා පන පඨමකප්පිකකාලෙ දෙවෙ වුට්ඨෙ උදකස්ස ගතමග්ගෙනෙව අපරාපරං වුට්ඨිඋදකං ගච්ඡති, එවං තෙහි තෙහි පුරිමබුද්ධෙහි ගතමග්ගෙනෙව පච්ඡිමා පච්ඡිමා ගච්ඡන්ති. සබ්බබොධිසත්තා හි ආනාපානචතුත්ථජ්ඣානතො වුට්ඨාය පච්චයාකාරෙ ඤාණං ඔතාරෙත්වා තං අනුලොමපටිලොමං සම්මසිත්වා බුද්ධා හොන්තීති පටිපාටියා සත්තසු සුත්තෙසු බුද්ධවිපස්සනා නාම කථිතාති.
පස්වන සූත්‍රාදියෙහි “සිඛිස්ස භික්ඛවෙ” යනාදී පදයෙන්ගේ “මහණෙනි! සිඛී බුදුරදුන් ද” යනුවෙන් යොදා අර්ථ නොගත යුතුයි. කුමක් නිසා ද? මේ සූත්‍ර සියල්ල එකම අසුනක හිඳ (එකම අවස්ථාවක) නොදෙසූ බැවිනි. නොයෙක් නොයෙක් තැන්වල හිඳ, බුදුපියාණන් වහන්සේ විසින් මේ සූත්‍ර දේශනා කළ සේක. නමුත් අර්ථය සෑම සූත්රයකම එක හා සමානය. බෝධිපල්ලංකයේ වැඩසිටියා වූ සියලුම බෝසත්වරුන්ට අන්‍ය වූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ “අතීතයේ වැඩසිටි බෝසත්වරු ප්‍රතීත්‍ය සමුප්පාදය විමසා බලා බුද්ධත්වයට පත්වූහ” යි නොපවසයි. යම්සේ ප්‍රථම කල්පික කාලයේ වැටුණු වැස්සේ දිය ගිය මාර්ගයෙන් ම, එම කල්පයේ ඊට පසුව වැටෙන වැසි දිය ද ගලායන්නාක් මෙන් ඒ ඒ පෙර බුදුවරු ගමන් කළ මාර්ගයේ ම පසුව පහළ වන බුදුවරු ගමන් කරති. “සියලු ම බෝසත්වරු ආනාපාන චතුර්ථ ධ්‍යානයෙන් නැගී සිට ප්‍රතීත්‍ය සමුත්පාදයෙහි ඤාණය පිහිටුවා, එය අනුලෝම-ප්‍රතිලෝම වශයෙන් විමසා බලා බුද්ධත්වයට පත්වෙති” යි යන පිළිවෙල මේ සූත්‍ර හතෙහිම “බුද්ධ විදර්ශනාව” නාමයෙන් දක්වන ලදී.
බුද්ධවග්ගො පඨමො.
පළමු බුද්ධ වර්ගයයි.