2. විභඞ්ගසුත්තවණ්ණනා අට්ඨකථා
2. විභඞ්ගසුත්තවණ්ණනා
2. විභඞ්ග සූත්‍ර වර්ණනාව
දුතියෙපි වුත්තනයෙනෙව සුත්තනික්ඛෙපො වෙදිතබ්බො. අයං පන විසෙසො – පඨමං උග්ඝටිතඤ්ඤූපුග්ගලානං වසෙන සඞ්ඛෙපතො දස්සිතං, ඉදං විපඤ්චිතඤ්ඤූනං වසෙන විත්ථාරතොති. ඉමස්මිඤ්ච පන සුත්තෙ චතස්සො වල්ලිහාරකපුරිසූපමා වත්තබ්බා, තා විසුද්ධිමග්ගෙ වුත්තා එව. යථා හි වල්ලිහාරකො පුරිසො වල්ලියා අග්ගං දිස්වා තදනුසාරෙන මූලං පරියෙසන්තො තං දිස්වා වල්ලිං මූලෙ ඡෙත්වා ආදාය කම්මෙ උපනෙය්‍ය, එවං භගවා විත්ථාරදෙසනං දෙසෙන්තො පටිච්චසමුප්පාදස්ස අග්ගභූතා ජරාමරණා පට්ඨාය යාව මූලභූතං අවිජ්ජාපදං, තාව දෙසනං ආහරිත්වා පුන වට්ටවිවට්ටං දෙසෙන්තො නිට්ඨපෙසි.
දෙවැනි සූත්‍රයෙහිද ඉහත කියන ලද පරිදි සූත්‍ර නික්ෂේපය දතයුතුය. මෙම සූත්‍රයේ ඇති විශේෂත්වය මෙයයි. - පළමු සූත්‍රය උග්ඝටිතඤ්ඤූ පුද්ගලයන්ගේ අදහස් වශයෙන් සංක්ෂිප්තව දක්වන ලදී. මෙම සූත්‍රය විපචිතඤ්ඤූ පුද්ගල අදහස් වශයෙන් සවිස්තරව දක්වන ලදී. මේ සූත්‍රයේ දී වනාහී වැල් රැගෙන යන පුද්ගලයින් සතර දෙනාගේ උපමාව කිව යුතුයි. එය විසුද්ධිමාර්ගයේ කියන ලද්දේම ය. යම්සේ වැල් රැගෙන යන පුරුෂයෙකු වැලේ අග දැක, ඒ අනුසාරයෙන් වැලේ මුල සොයා ගොස්, එය දැක මුලින් ම වැල සිඳගෙන කටයුත්තෙහි යොදන්නාක් මෙන් භාග්‍යවතුන් වහන්සේ ද විස්තරාත්මකව සූත්‍ර දේශනාව පවත්වන සේක්, ප්‍රතීත්‍ය සමුප්පාදයේ කෙළවර වූ ජරා-මරණ දෙකේ පටන් මුලින් ම ඇති අවිද්‍යාව දක්වා දේශනාව ගෙනහැර දක්වමින් නැවත සසර පැවැත්ම හා නැවැත්ම දැක්වීම් වශයෙන් දෙසුම පවත්වා නිමාකළ සේක.
තත්රායං ජරාමරණාදීනං විත්ථාරදෙසනාය අත්ථනිච්ඡයො – ජරාමරණනිද්දෙසෙ තාව තෙසං තෙසන්ති අයං සඞ්ඛෙපතො අනෙකෙසං සත්තානං සාධාරණනිද්දෙසොති විඤ්ඤාතබ්බො. යා දෙවදත්තස්ස ජරා, යා සොමදත්තස්සාති එවඤ්හි දිවසම්පි කථෙන්තස්ස නෙව සත්තා පරියාදානං ගච්ඡන්ති. ඉමෙහි පන ද්වීහි පදෙහි න කොචි සත්තො අපරියාදින්නො හොති. තස්මා වුත්තං, “අයං සඞ්ඛෙපතො අනෙකෙසං සත්තානං සාධාරණනිද්දෙසො”ති. තම්හි තම්හීති අයං ගතිජාතිවසෙන අනෙකෙසං සත්තනිකායානං සාධාරණනිද්දෙසො. සත්තනිකායෙති සාධාරණනිද්දෙසෙන නිද්දිට්ඨස්ස සරූපනිදස්සනං. ජරා ජීරණතාතිආදීසු පන ජරාති සභාවනිද්දෙසො. ජීරණතාති ආකාරනිද්දෙසො. ඛණ්ඩිච්චන්තිආදයො තයො කාලාතික්කමෙ කිච්චනිද්දෙසා, පච්ඡිමා ද්වෙ පකතිනිද්දෙසා. අයඤ්හි ජරාති ඉමිනා පදෙන සභාවතො දීපිතා, තෙනස්සායං සභාවනිද්දෙසො. ජීරණතාති ඉමිනා ආකාරතො, තෙනස්සායං ආකාරනිද්දෙසො. ඛණ්ඩිච්චන්ති ඉමිනා කාලාතික්කමෙ දන්තනඛානං ඛණ්ඩිතභාවකරණකිච්චතො. පාලිච්චන්ති ඉමිනා කෙසලොමානං පලිතභාවකරණකිච්චතො. වලිත්තචතාති ඉමිනා මංසං මිලාපෙත්වා තචවලිභාවකරණකිච්චතො දීපිතා. තෙනස්සා ඉමෙ ඛණ්ඩිච්චන්තිආදයො තයො කාලාතික්කමෙ කිච්චනිද්දෙසා. තෙහි ඉමෙසං විකාරානං දස්සනවසෙන පාකටීභූතා පාකටජරා දස්සිතා. යථෙව හි උදකස්ස වා වාතස්ස වා අග්ගිනො වා තිණරුක්ඛාදීනං සංභග්ගපලිභග්ගතාය වා ඣාමතාය වා ගතමග්ගො පාකටො හොති, න ච සො ගතමග්ගො තානෙව උදකාදීනි, එවමෙව ජරාය දන්තාදීසු ඛණ්ඩිච්චාදිවසෙන ගතමග්ගො පාකටො, චක්ඛුං උම්මීලෙත්වාපි ගය්හති න ච ඛණ්ඩිච්චාදීනෙව ජරා. න හි ජරා චක්ඛුවිඤ්ඤෙය්යා හොති.
එහි මේ ජරාමරණාදී විස්තර දේශනාවෙහි අර්ථ විනිශ්චයයි. පළමුකොට ජරාමරණ නිර්දේශයේ “යා තෙසං තෙසං” යන මෙය සංක්ෂිප්ත වශයෙන් නානාවිධ සත්වයන්ට සාධාරණ වූ නිර්දේශයෙකැයි දැනගත යුතුයි. “දේවදත්තගේ ජරාවට පත්වීම - සෝමදත්තගේ ජරාවට පත්වීම ආදී ලෙස මේ අයුරින් දවසක්ම කියූවත් සත්වයෝ සම්පූර්ණ වශයෙන් අදහස් නොවෙති. මෙම පද දෙකින් වනාහී කිසිම සත්වයෙක් අත් නොහරින ලදී. සෑම සත්වයෙක්ම අන්තර්ගත කරගන්නා ලදී. එනිසා - “මේ සංක්ෂිප්ත වශයෙන් නානාවිධ සත්වයන්ට සාධාරණ වූ නිර්දේශයකැ” යි කියන ලදී. “තම්හි තම්හි” යනු මේ ගතිජාති වශයෙන් නානාවිධ සත්ව සමූහයාට සාධාරණ වූ නිර්දේශයකි. “සත්ත නිකායෙ” යන පොදු සාධාරණ නිර්දේශයෙන් දක්වන ලද ස්වරූපය දැක්වීමකි. ජරාව-දිරායෑම ආදියෙහි “ජරා” යනු ස්වභාවය දැක්වීමකි. (ස්වභාව නිර්දේශයයි.) “ජීරණතා” යනු ආකාරය දැක්වීමකි. (ආකාරය නිර්දේශයයි.) “ඛණ්ඩිච්චං” යනාදියේ මුල් කාලත්රය ඉක්මවීමෙන් ඇතිවන කටයුතු දැක්වීමකි. (කිච්ච නිද්දෙසො) පසුව පැවසූ දෙක ස්වභාවයෙන් වන දැක්වීමකි. (ප්‍රකෘති නිර්දේශයකි.) මෙහි වනාහි “ජරා” යන මේ පදයෙන් ඔහුගේ මේ ස්වභාවයැ” යි දක්වන ලද බැවින් මේ එහි ස්වභාව නිර්දේශයයි. “ජීරණතා” යනු ඔහුගේ මේ ආකාරය” යැයි දක්වන ආකාර නිර්දේශයයි. “ඛණ්ඩිච්චං” යනු “මේ කාලයන්ගේ ඉක්මයෑමෙන් වන දත් නිය කැඩෙන-බිඳෙන බවට කටයුතු කිරීමයි. “පාලිච්චං” යනු මේ කේශලෝමාදියේ ඉදෙන බවයි. ඊට කටයුතු කරන බවයි. “වලිත්තචතා” යනු මේ මස් මැලවී සම රැලි වැටෙන බවට කටයුතු කිරීමයි.” ආදී වශයෙන් දක්වන ලද මේ ඛණ්ඩිච්චාදීය තුන්කල් ඉක්මයෑමෙන් ඇතිවන කෘත්‍ය නිර්දේශයයි. (කටයුතු දැක්වීමයි.) ඒවා අතුරින් මේ විකාරයන්ගේ දැක්වීම් වශයෙන් ප්‍රකට වූ - ප්‍රකට දිරා යෑම දක්වන ලදී. ජලයේ හෝ සුලඟේ හෝ ගින්නේ හෝ තණ-රුක් ආදියේ කැඩී-බිඳී යෑම හෝ දැවීම හෝ ගියමග ඉතා ප්රකටය. ඒ දිය ආදී ද්‍රව්‍යයන්හි වෙනස්වීම එම ද්‍රව්‍යයේ දක්නට නැත. මෙලෙසින්ම ජරාවට පත්වීමෙන්, දත් ආදියෙහි කැඩීම්-බිඳීම් ආදී වශයෙන් පැමිණි ආකාරය පියවි ඇසින් දැකිය හැකිය. ඉතා ප්රකටය. එනමුත් දිරායෑම කැඩී-බිඳීම් ආදියෙහි නැත්තේමය. ජරා ලක්ෂණය ඇසින් දැනගත නොහැක්කේමය.
ආයුනො සංහානි ඉන්ද්රියානං පරිපාකොති ඉමෙහි පන පදෙහි කාලාතික්කමෙයෙව අභිබ්යත්තාය ආයුක්ඛය-චක්ඛාදිඉන්ද්රිය-පරිපාකසඤ්ඤිතාය පකතියා දීපිතා. තෙනස්සිමෙ පච්ඡිමා ද්වෙ පකතිනිද්දෙසාති වෙදිතබ්බා.
“ආයුතො සංහාති ඉන්ද්රියානං පරිපාකො” යන මේ පදවලින් කාලතික්රමණය ම මැඩපැවැත්වීම පිණිස, ආයුෂ ගෙවී යාමෙන් චක්ෂු ආදී ඉන්ද්රියයන්හි මෝරායෑම හඳුන්වාදීම පිණිස ඒවායේ ස්වභාවය-ප්‍රකෘතිය දක්වන ලදී. එහෙයින් මේ අවසන් ප්‍රකෘති ස්වභාව දෙන දක්වන ලදැයි දත යුතුයි.
තත්ථ යස්මා ජරං පත්තස්ස ආයු හායති, තස්මා ජරා “ආයුනො සංහානී”ති ඵලූපචාරෙන වුත්තා. යස්මා ච දහරකාලෙ සුප්පසන්නානි සුඛුමම්පි අත්තනො විසයං සුඛෙනෙව ගණ්හනසමත්ථානි චක්ඛාදීනි ඉන්ද්රියානි ජරං පත්තස්ස පරිපක්කානි ආලුළිතානි අවිසදානි, ඔළාරිකම්පි අත්තනො විසයං ගහෙතුං අසමත්ථානි හොන්ති, තස්මා “ඉන්ද්රියානං පරිපාකො”ති ඵලූපචාරෙනෙව වුත්තා.
එහි යම්හෙයකින් ජරාවට පත්වූවහුගේ ආයුෂ පිරිහේද එහෙයින් “ජරාව ආයුෂ පැහැර ගනියි” යනුවෙන් ඵලුපචාර වශයෙන් කියන ලදී. යම් හෙයකින් තරුණ කාලයේ අතිප්‍රසන්න වූ සියුම් වූ තමාගේ අරමුණ සුවසේම ගැනීම සමත් වූ ඇස් ආදී ඉන්ද්‍රියන්, ජරාවට පත්වූවහුට, මුහුකුරා ගිය-කළඹන ලද-අප්‍රකට වූ-ඔළාරික වූ සිය අරමුණ ගැනීමට අසමත් වේ. එනිසා ඉන්ද්‍රියන්ගේ මුහුකුරා යෑම ඵලුපචාර වශයෙන් කියන ලදී.
සා පනායං එවං නිද්දිට්ඨා සබ්බාපි ජරා පාකටා පටිච්ඡන්නාති දුවිධා හොති. තත්ථ දන්තාදීසු ඛණ්ඩාදිභාවදස්සනතො රූපධම්මෙසු ජරා පාකටජරා නාම, අරූපධම්මෙසු පන ජරා තාදිසස්ස විකාරස්ස අදස්සනතො පටිච්ඡන්නජරා නාම. තත්ථ ය්වායං ඛණ්ඩාදිභාවො දිස්සති, සො තාදිසානං දන්තාදීනං සුවිඤ්ඤෙය්යත්තා වණ්ණොයෙව, තං චක්ඛුනා දිස්වා මනොද්වාරෙන චින්තෙත්වා “ඉමෙ දන්තා ජරාය පහටා”ති ජරං ජානාති උදකට්ඨානෙ බද්ධානි ගොසීසාදීනි ඔලොකෙත්වා හෙට්ඨා උදකස්ස අත්ථිභාවං ජානනං විය. පුන අවීචි සවීචීති එවම්පි දුවිධා හොති. තත්ථ මණි-කනක-රජත-පවාළචන්දසූරියාදීනං විය මන්දදසකාදීසු පාණීනං විය ච පුප්ඵඵලපල්ලවාදීසු ච අපාණීනං විය අන්තරන්තරා වණ්ණවිසෙසාදීනං දුවිඤ්ඤෙය්යත්තා ජරා අවීචිජරා නාම, නිරන්තරජරාති අත්ථො. තතො අඤ්ඤෙසු පන යථාවුත්තෙසු අන්තරන්තරා වණ්ණවිසෙසාදීනං සුවිඤ්ඤෙය්යත්තා ජරා සවීචිජරා නාමාති වෙදිතබ්බා.
මෙසේ විස්තර කරන ලද ඒ සියලුම ජරාවට පත්වීම් “ප්‍රකට ජරාව” හා “සැඟවුණු ජරාව” වශයෙන් දෙකොටසකි. දත් ආදියේ කැඩී-බිඳීයෑම, රූපධර්මයන්හි ඇති දිරායෑම ප්‍රකට ජරාව නම් වේ. අරූප ධර්මයන්හි දිරායෑම මගින් එබඳු වෙනස්වීමක් නොපෙන්වන බැවින් පටිච්ඡන්න ජරාව හෙවත් සැඟවුණු ජරාව නම් වේ. නැවත ද ජරාව “අවීචි ජරාව” හා “සවීචි ජරාව” වශයෙන් කොටස් දෙකකට බෙදේ. මැණික්, රන්, රිදී, පබළු, සඳ, හිරු ආදියේ මෙන් ද මන්දදසකයේ පසුවන සත්ත්වයන්ගේ මෙන් ද මල්, ගෙඩි, දලු ආදී අජීවී වස්තූන්ගේ මෙන් ද නිරන්තරයෙන් සිදුවන වර්ණ විශේෂාදීන්ගේ දිරායෑම - අසීරුවෙන් දතයුතු බැවින් “අවීචි ජරාව” නම් වේ. එහි “නිරන්තර දිරායෑම” යන අර්ථය ඇත. සෙසු ජීව-අජීව වස්තූන්ගේ ඉහත පැවසූ පරිදි නිරන්තරව වර්ණ විශේෂාදියේ වෙනස්වීම පහසුවෙන් දැනගත හැකි බැවින් - එම දිරායෑම “සවීචි ජරා” නම් වේ යැයි දතයුතුයි.
ඉතො පරං තෙසං තෙසන්තිආදි වුත්තනයෙනෙව වෙදිතබ්බං. චුති චවනතාතිආදීසු පන චුතීති චවනකවසෙන වුච්චති, එකචතුපඤ්චක්ඛන්ධසාමඤ්ඤවචනමෙතං. චවනතාති භාවවචනෙන ලක්ඛණනිදස්සනං. භෙදොති චුතික්ඛන්ධානං භඞ්ගුප්පත්තිපරිදීපනං. අන්තරධානන්ති ඝටස්සෙව භින්නස්ස භින්නානං චුතික්ඛන්ධානං යෙන කෙනචි පරියායෙන ඨානාභාවපරිදීපනං. මච්චු මරණන්ති මච්චුසඞ්ඛාතං මරණං, තෙන සමුච්ඡෙදමරණාදීනි නිසෙධෙති. කාලො නාම අන්තකො, තස්ස කිරියා කාලකිරියා. එවං තෙන ලොකසම්මුතියා මරණං දීපෙති.
ඉන් අනතුරුව “තෙසං තෙසං” යනාදිය ද ඉහත කියන ලද පරිදිම දතයුතුය. චුති වචන තා ආදියෙහි වනාහී “චුති” යනු චුතිවීම් වශයෙන් කියයි. මෙය ඒකසන්ධයට, සතරස්කන්ධයට හා පංචස්කන්ධයට භාවිත සමාන වදනකි. “වචනතා” යනු භාව තද්ධිත වචනයකින් ස්වභාව-ලක්ෂණ දැක්වීමකි. “භෙදො” යනු චුතිවන ස්කන්ධයන්ගේ බිඳීම්-ඉපදීම් ප්රකටව දැක්වීමකි. “අන්තරධානං” යනු බිඳුණු කළයක් මෙන් බිඳීගිය චුති ස්කන්ධයන්ගේ යම්කිසි ක්‍රමයකින් සිටින බව දැක්වීමකි. “මච්චුමරණං” යනු මෘත්‍යු සංඛ්‍යාත වූ මරණයයි. එයින් සමුච්ඡේද මරණාදිය වළක්වයි. “කාල” යනු මාරයාට නමකි. කාලයාගේ ක්‍රියාව හෙවත් කාලයා විසින් කරනු ලබන ක්‍රියාව “කාලකිරියා” නම් වේ. මෙසේ මෙම වචනයෙන් ලෝක සම්මුතික වූ “මරණය” හඟවයි.
ඉදානි පරමත්ථෙන දීපෙතුං ඛන්ධානං භෙදොතිආදිමාහ. පරමත්ථෙන හි ඛන්ධායෙව භිජ්ජන්ති, න සත්තො නාම කොචි මරති. ඛන්ධෙසු පන භිජ්ජමානෙසු සත්තො මරති, භින්නෙසු මතොති වොහාරො හොති. එත්ථ ච චතුපඤ්චවොකාරවසෙන ඛන්ධානං භෙදො, එකවොකාරවසෙන කළෙවරස්ස නික්ඛෙපො. චතුවොකාරවසෙන ච ඛන්ධානං භෙදො, සෙසද්වයවසෙන කළෙවරස්ස නික්ඛෙපො වෙදිතබ්බො. කස්මා? භවද්වයෙපි රූපකායසඞ්ඛාතස්ස කළෙවරස්ස සබ්භාවතො. අථ වා යස්මා චාතුමහාරාජිකාදීසු ඛන්ධා භිජ්ජන්තෙව, න කිඤ්චි නික්ඛිපති, තස්මා තෙසං වසෙන ඛන්ධානං භෙදො, මනුස්සාදීසු කළෙවරස්ස නික්ඛෙපො. එත්ථ ච කළෙවරස්ස නික්ඛෙපකාරණතො මරණං “කළෙවරස්ස නික්ඛෙපො”ති වුත්තන්ති එවමත්ථො දට්ඨබ්බො. ඉති අයඤ්ච ජරා ඉදඤ්ච මරණං, ඉදං වුච්චති, භික්ඛවෙති ඉදං උභයම්පි එකතො කත්වා ජරාමරණන්ති කථීයති.
දැන් පරමාර්ථ වශයෙන් දැක්වීමට “ඛන්ධානං භෙදො” යනාදිය වදාළහ. පරමාර්ථයේ දී ස්කන්ධයන් ම බිඳේ. “සත්ත්ව” නම් ඇති කිසිවෙකු නොමැරේ. ස්කන්ධයන්ගේ බිඳීයාමේදී ම “සත්ත්වයා මැරුණේය. බිඳුනේය.” යනුවෙන් ව්‍යවහාර ඇති වේ. මෙහිදී ද පඤ්ච-චතු වොකාර වශයෙන් ස්කන්ධයන්ගේ බිඳීයාමත් ඒකවෝකාර වශයෙන් ශරීරයේ බහාතැබීම අදහස් වේ. චතුවෝකාර වශයෙන් ස්කන්ධයන්ගේ බිඳීයාමත්-සෙසු ද්වයාකාර (එක-පංච) වශයෙන් ශරීරය හැරදැමීමක් දතයුතුයි. කුමක් නිසාද? දිව්‍ය මනුෂ්‍යාදී භව දෙකෙහිම රූප කාය නම් වූ ශරීරයේ පහළවීම සිදුවේ. එහෙත් චතුර්මහාරාජිකාදි දිව්යලෝකයන්හිදී ස්කන්ධ බිඳීයෑමේදී කිසිවක් ඉතිරි නොවේ. එනිසා එම දිව්‍යලෝක අදහස් කිරීම් වශයෙන් “ස්කන්ධයන්ගේ බිඳීයෑම” (ඛන්ධානං භෙදො) යන්නත් මනුෂ්‍යාදී ආත්මභාවවල ශරීරය හැරදැමීම අදහස් කිරීමට “ශරීරය හැරදැමීම” (කළෙබරස්ස නික්ඛ්යා) යන්නත් යෙදුණි. මිනිස්ලොව ශරීරය හැරදමන (ඉතිරිවන) බැවින් මරණය යනු “ශරීරයේ හැරදැමීම” යැයි කියන ලදැයි මෙහි අර්ථ දතයුතුයි. “ඉති අයඤ්ච ජරා ඉදඤ්ච මරණං ඉදං වුච්චති භික්ඛවෙ” යනුවෙන් මේ වචන දෙකම එකතුකර “ජරාමරණ” යැයි කියනු ලැබේ.
ජාතිනිද්දෙසෙ ජාති සඤ්ජාතීතිආදීසු ජායනට්ඨෙන ජාති, සා අපරිපුණ්ණායතනවසෙන යුත්තා. සඤ්ජායනට්ඨෙන සඤ්ජාති, සා පරිපුණ්ණායතනවසෙන යුත්තා. ඔක්කමනට්ඨෙන ඔක්කන්ති, සා අණ්ඩජජලාබුජවසෙන යුත්තා. තෙ හි අණ්ඩකොසඤ්ච වත්ථිකොසඤ්ච ඔක්කමන්තා පවිසන්තා විය පටිසන්ධිං ගණ්හන්ති. අභිනිබ්බත්තනට්ඨෙන අභිනිබ්බත්ති, සා සංසෙදජඔපපාතිකවසෙන යුත්තා. තෙ හි පාකටායෙව හුත්වා නිබ්බත්තන්ති. අයං තාව වොහාරදෙසනා.
ජාති නිර්දේශයේ - උපදී, හටගනියි ආදියෙහි ඉපදීම් අර්ථයෙන් “ජාති” නම් වේ. එය පරිපූර්ණ නොවූ ආයතන වශයෙන් කියන ලදී. හටගනියි යන අර්ථයෙන් “සඤ්ජාති” නම් වේ. පරිපූර්ණ වූ ආයතන වශයෙන් කියන ලදී. බැසගැනීම - ඇතුල්වීම යන අර්ථයෙන් “ඔක්කන්ති” නම් වේ. එය අණ්ඩජ, ජලාබුජ වශයෙන් කියන ලදී. ඔවුහු අණ්ඩකෝෂයට ද ගර්භාෂයට ද බැසගන්නාක් මෙන් පිළිසිඳ ගනිති. ඉපදීම් අර්ථයෙන් “අභිනිබ්බත්ති” නම් වේ. එය ‘සංසේදජ’ හා ඕපපාතික වශයෙන් කියන ලදී. ඔවුහු ප්රකටව ම පෙනෙමින් උපදිති. පහළවෙති. මේ දක්වා කරන ලද්දේ වෝහාර දේශනාවයි.
ඉදානි පරමත්ථදෙසනා හොති. ඛන්ධායෙව හි පරමත්ථතො පාතුභවන්ති, න සත්තො. තත්ථ ච ඛන්ධානන්ති එකවොකාරභවෙ එකස්ස, චතුවොකාරභවෙ චතුන්නං, පඤ්චවොකාරභවෙ පඤ්චන්නම්පි ගහණං වෙදිතබ්බං. පාතුභාවොති උප්පත්ති. ආයතනානන්ති එත්ථ තත්ර තත්ර උප්පජ්ජමානායතනවසෙන සඞ්ගහො වෙදිතබ්බො. පටිලාභොති සන්තතියං පාතුභාවොයෙව. පාතුභවන්තානෙව හි තානි පටිලද්ධානි නාම හොන්ති. අයං වුච්චති, භික්ඛවෙ, ජාතීති ඉමිනා පදෙන වොහාරතො පරමත්ථතො ච දෙසිතාය ජාතියා නිගමනං කරොතීති.
දැන් පරමාර්ථ දේශනාව අරඹනු ලැබේ. පරමාර්ථ වශයෙන් ස්කන්ධ මිස සත්ත්වයෙකු පහළ නොවේ. එහි ද “ඛන්ධානං” යනු එකවෝකාර භවයේ එක් ස්කන්ධයකි. චතුවෝකාර භවයේ ස්කන්ධ සතරකි. පඤ්චවෝකාර භවයේ ස්කන්ධ පහකි. මේ අයුරින් දතයුතුයි. “පාතුභාවො” යනු උපතයි. පහළවීමයි. “ආයතනානං” යනු ඒ ඒ තැන උපදින ආයතන වශයෙන් සංග්‍රහ කරන ලදැයි දතයුතුයි. “පටිලාභො” යනු නොකඩවා පැවැත්ම පහළවීමකි. පහළවන්නා වූ අවස්ථාවේ ලද ආත්මභාවයේ නාමය ම යෙදේ. “අයං වුච්චති භික්ඛවෙ! ජාති” යනු මේ පදයෙන් ව්‍යවහාර වශයෙන් ද පරමාර්ථ වශයෙන් ද දෙසන ලද බැවින් “ජාති”-ඉපදීම නිගමනය කරයි.
භවනිද්දෙසෙ කාමභවොති කම්මභවො ච උපපත්තිභවො ච. තත්ථ කම්මභවො නාම කාමභවූපගකම්මමෙව. තඤ්හි තත්ථ උපපත්තිභවස්ස කාරණත්තා “සුඛො බුද්ධානං උප්පාදො (ධ· ප· 194) දුක්ඛො පාපස්ස උච්චයො”තිආදීනි (ධ· ප· 117) විය ඵලවොහාරෙන භවොති වුත්තං. උපපත්තිභවො නාම තෙන කම්මෙන නිබ්බත්තං උපාදිණ්ණක්ඛන්ධපඤ්චකං. තඤ්හි තත්ථ භවතීති කත්වා භවොති වුත්තං. සබ්බථාපි ඉදං කම්මඤ්ච උපපත්තිඤ්ච උභයම්පෙතමිධ “කාමභවො”ති වුත්තං. එස නයො රූපාරූපභවෙසූති.
භව නිර්දේශයේ - “කාමභවො” යනු කර්ම භවය හා උප්පත්ති භවයයි. එහි ‘කර්ම භවය’ නම් කාම භවයට පමුණුවන කර්මයයි. එය-ඒ උප්පත්ති භවයට හේතුවන බැවින් ‘බුදුවරුන්ගේ උපත සැපයකි. පවු රැස්වීම දුකට හේතුවකි” ආදියේ මෙන් ඵල (විපාක) ව්‍යවහාර වශයෙන් “භව” යැයි කියන ලදී. උත්පත්ති භවය නම් ඒ කර්මයෙන් උපන් තමාගේ යැයි ගන්න ලද ස්කන්ධ පංචකයයි. එය “එහි වන්නේයැ” යි (භවතීති) “භව” නම් වේ. සෑම අයුරින් ම මේ කර්මය ද උත්පත්තිය ද යන මේ දෙකම “කාමභව” යැයි කියන ලදී. රූපාරූප භවයන් හිද මේ ක්‍රමය ම දතයුතුයි.
උපාදානනිද්දෙසෙ කාමුපාදානන්තිආදීසු වත්ථුකාමං උපාදියන්ති එතෙන, සයං වා තං උපාදියතීති කාමුපාදානං, කාමො ච සො උපාදානඤ්චාති කාමුපාදානං. උපාදානන්ති දළ්හග්ගහණං වුච්චති. දළ්හත්ථො හි එත්ථ උපසද්දො උපායාසඋපකට්ඨාදීසු විය. පඤ්චකාමගුණිකරාගස්සෙතං අධිවචනං. අයමෙත්ථ සඞ්ඛෙපො. විත්ථාරතො පනෙතං, “තත්ථ කතමං කාමුපාදානං? යො කාමෙසු කාමච්ඡන්දො”ති (ධ· ස· 1220; විභ· 938) වුත්තනයෙනෙව වෙදිතබ්බං.
උපාදාන නිර්දේශයේ - කාමුපාදානාදියෙහි, වස්තු කාමයෙන් දැඩිව අල්ලා ගනියි. ඉන් තමා ම හෝ එහි උපාදාන කරගනියි යනු “කාමූපාදානං” වේ. කාමය ද උපාදානය ද වූයේ එකම බැවින් “කාමූපාදානං” පදය ලැබේ. උපාදානය යනු දැඩිව අල්ලා ගැනීමයි. මෙහි “උප” ශබ්දය උපායාස, උපකුට්ඨාදියෙහි මෙන් “දැඩිව ගැනීම්” අර්ථය දෙයි. මෙය පංචකාම ගුණයක් වූ රාගයට තවත් සමාන වදනකි. මේ දැක්වූයේ සංක්ෂිප්ත විස්තරයයි. සවිස්තරාත්මකව වනාහී “එහි කාමූපාදානය කවරේද? යමෙක් කාමයන්හි කාමාශාවෙන් පසුවීමයි.” යනාදී ලෙස කියූ පරිදි දතයුතුයි.
තථා දිට්ඨි ච සා උපාදානඤ්චාති දිට්ඨුපාදානං. අථ වා දිට්ඨිං උපාදියති, උපාදියන්ති වා එතෙන දිට්ඨින්ති දිට්ඨුපාදානං. උපාදියති හි පුරිමදිට්ඨිං උත්තරදිට්ඨි, උපාදියන්ති ච තාය දිට්ඨිං. යථාහ – “සස්සතො අත්තා ච ලොකො ච ඉදමෙව සච්චං මොඝමඤ්ඤ”න්තිආදි (ම· නි· 3.27). සීලබ්බතුපාදානඅත්තවාදුපාදානවජ්ජස්ස සබ්බදිට්ඨිගතස්සෙතං අධිවචනං. අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරතො පනෙතං, “තත්ථ කතමං දිට්ඨුපාදානං? නත්ථි දින්න”න්ති (ධ· ස· 1221) වුත්තනයෙනෙව වෙදිතබ්බං.
එසේම “දිට්ඨිය වූයේත් එම උපාදානය වූයේත් එම” යන විග්රහයට අනුව “දිට්ඨූපාදානං” වේ. නැතහොත් දෘෂ්ටිය උපාදාන කර ගනියි. මෙයින් දෘෂ්ටිය දැඩිව අල්ලාගනියි යනු දිට්ඨුපාදාන නම් වේ. පළමු දෘෂ්ටිය උපාදාන කරගනියි. ශ්‍රේෂ්ඨ දෘෂ්ටිය යැයි එම මුල් දෘෂ්ටිය දැඩිව ගනියි. මෙසේ කියන ලදී. - “ආත්මය ද ලෝකය ද ශාස්වතය. (සදාකාලිකය) යන මේ අදහසම සත්‍ය වේ සෙසු අදහස් වැරදිය.” යනාදී ලෙසයි. සීලවෘත දැඩිව ගත්, ආත්මය දැඩිව ගත් වැරදි සියලු දෘෂ්ටිගතයන්ට මේ සමාන වදනකි. මේ දැක්වූයේ සංක්ෂිප්ත වශයෙනි. විස්තර වශයෙන් “එහි දෘෂ්ටි උපාදානය කවරේද? දුන් දෙයෙහි විපාක නැත......” ආදී වශයෙන් පැවසෙන දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියූ පරිදි දත යුතුය.
තථා සීලබ්බතමුපාදියන්ති එතෙන, සයං වා තං උපාදියති, සීලබ්බතඤ්ච තං උපාදානඤ්චාති වා සීලබ්බතුපාදානං. ගොසීලගොවතාදීනි හි “එවං සුද්ධී”ති (ධ· ස· 1222; විභ· 938) අභිනිවෙසතො සයමෙව උපාදානානීති. අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරතො පනෙතං, “තත්ථ කතමං සීලබ්බතුපාදානං? ඉතො බහිද්ධා සමණබ්රාහ්මණානං සීලෙන සුද්ධී”ති වුත්තනයෙනෙව වෙදිතබ්බං.
එසේම වැරදි සිල්වෘත ම උපාදාන වශයෙන් ගැනීම “සීලබ්බතූපාදානං” වේ. ගෝ සීල, ගෝ වෘත ආදියෙන් ශුද්ධිය ලැබේයැයි ආශාවෙන් තමාම එය දැඩිව ගැනීමයි. මේ දැක්වූයේ සංක්ෂිප්ත වශයෙනි. විස්තර වශයෙන් වනාහී “එහි සීලබ්බත උපාදානය නම් කවරේද? මේ බුදුසසුනින් පිටත, මහණ බමුණන්ගේ වැරදි සීල සමාදානාදියෙන් මෝක්ෂය-ශුද්ධිය වේ යැයි සිතීමයි. මෙසේ දැක්වූ පරිදි දතයුතුයි.
ඉදානි වදන්ති එතෙනාති වාදො, උපාදියන්ති එතෙනාති උපාදානං, කිං වදන්ති උපාදියන්ති වා? අත්තානං. අත්තනො වාදුපාදානං අත්තවාදුපාදානං. අත්තවාදමත්තමෙව වා අත්තාති උපාදියන්ති එතෙනාති අත්තවාදුපාදානං. වීසතිවත්ථුකාය සක්කායදිට්ඨියා එතං අධිවචනං. අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරතො පනෙතං, “තත්ථ කතමං අත්තවාදුපාදානං? ඉධ අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී”ති වුත්තනයෙනෙව වෙදිතබ්බං.
දැන් “මොවුහු විසින් කියති” (වදන්ති එතෙන) යන විග්‍රහයෙන් “වාදො” නම් වේ. “මොවුන් විසින් දැඩිව ගනියි” (උපාදියන්ති එතෙන) යනු “උපාදානං” වේ. කුමක් මෙසේ කියත් ද? උපාදාන කරගනිත් ද? ආත්මයයි. ආත්මය පිළිබඳ වාදය, උපාදානය “අත්තවාදූපාදානං” නම් වේ. ආත්මවාදය පමණක් ම ගෙන මේ ආත්මය යැයි උපාදානය කරගනියි නුයි ‘අත්තවාදූපාදානං’ නම් වේ. විසි ආකාර වූ සක්කාය දෘෂ්ටියට මේ තවත් සමාන වදනකි. මේ දැක්වූයේ සංක්ෂිප්ත වශයෙනි. විස්තර වශයෙන් වනාහී “මෙහි ආත්මවාද උපාදානය නම් කවරේද? මෙහි අශ්‍රැතවත් පුහුදුන් පුද්ගලයා ආර්යයන් නොදක්නේ.......” ආදී වශයෙන් කියනලද පරිදිම දතයුතුයි.
තණ්හානිද්දෙසෙ රූපතණ්හා…පෙ… ධම්මතණ්හාති එතං චක්ඛුද්වාරාදීසු ජවනවීථියා පවත්තාය තණ්හාය “සෙට්ඨිපුත්තො බ්රාහ්මණපුත්තො”ති එවමාදීසු පිතිතො නාමං විය පිතිසදිසාරම්මණතො නාමං. එත්ථ ච රූපාරම්මණා තණ්හා, රූපෙ තණ්හාති රූපතණ්හා. සා කාමරාගභාවෙන රූපං අස්සාදෙන්තී පවත්තමානා කාමතණ්හා, සස්සතදිට්ඨිසහගතරාගභාවෙන “රූපං නිච්චං ධුවං සස්සත”න්ති එවං අස්සාදෙන්තී පවත්තමානා භවතණ්හා, උච්ඡෙදදිට්ඨිසහගතරාගභාවෙන “රූපං උච්ඡිජ්ජති විනස්සති පෙච්ච න භවතී”ති එවං අස්සාදෙන්තී පවත්තමානා විභවතණ්හාති රූපතණ්හා එවං තිවිධා හොති. යථා ච රූපතණ්හා, තථා සද්දතණ්හාදයොපීති එවං තානි අට්ඨාරස තණ්හාවිචරිතානි හොන්ති. තානි අජ්ඣත්තරූපාදීසු අට්ඨාරස, බහිද්ධාරූපාදීසු අට්ඨාරසාති ඡත්තිංස. ඉති අතීතානි ඡත්තිංස, අනාගතානි ඡත්තිංස, පච්චුප්පන්නානි ඡත්තිංසාති එවං අට්ඨසතං තණ්හාවිචරිතානි හොන්ති.
තණ්හා නිර්දේශයේ - “රූපතණ්හා -පෙ- ධම්ම තණ්හා” යනුවෙන් චක්ෂුද්වාරාදියෙහි පවතින ජවන වීථියේ තණ්හාවට, සිටුපුතා - බමුණු පුතා ආදී වශයෙන් පියාගේ නමින් දරුවන් හඳුන්වන්නාක් මෙන් ඊට සමාන වූ අරමුණුවල නම යෙදේ. මෙහි රූපාරම්මණයේ පවතින තණ්හාවට - රූපයේ වූ තන්හාව අරුතින් “රූපතණ්හා” යන්න යෙදේ. එය “කාමරාග” වශයෙන් රූපය ආශ්වාදනය කරමින් පවතිනුයේ කාම තණ්හාවයි. ශාස්වත දෘෂ්ටියෙන් යුතු රාග වශයෙන් “රූපය නිත්‍යය, ස්ථිරය, ශාස්වතය” යනුවෙන් ආශ්වාදනය කරමින් පවතිනුයේ භව තණ්හාවයි. උච්ඡේද දෘෂ්ටියෙන් යුතු රාග වශයෙන් “රූපය සිඳදමයි. විනාශ වේ. පරලොවට නොයයි.” යනුවෙන් ආශ්වාදනය කරමින් පවතිනුයේ විභව තණ්හාවයි. රූප තණ්හාව මෙසේ ත්‍රිවිධාකාර වේ. රූප තණ්හාව ප්‍රභේද වන්නාක් මෙන් ම ශබ්දා දී සෙසු අරමුණු පිළිබඳ තණ්හාව ද එසේම ප්‍රභේද වේ. ඒ අනුව අරමුණු සය (6) තණ්හා තුනකට (3) ප්‍රභේද වීමෙන්, තණ්හාව දහඅට වැදෑරුම් වේ. එම අටලොස ආධ්‍යාත්මික හා බාහිර වශයෙන් බෙදීයෑමෙන් තණ්හාව තිස් හය (36) වැදෑරුම් වේ. එම තිස් හය අතීත-අනාගත-වර්තමාන වශයෙන් බෙදී යාමෙන් එකසිය අටවැදෑරුම් වේ.
“අජ්ඣත්තිකස්ස උපාදාය අස්මීති හොති, ඉත්ථස්මීති හොතී”ති (විභ· 973) වා එවමාදීනි අජ්ඣත්තිකරූපාදිනිස්සිතානි අට්ඨාරස, “බාහිරස්ස උපාදාය ඉමිනා අස්මීති හොති, ඉමිනා ඉත්ථස්මීති හොතී”ති (විභ· 975) වා එවමාදීනි බාහිරරූපාදිනිස්සිතානි අට්ඨාරසාති ඡත්තිංස, ඉති අතීතානි ඡත්තිංස, අනාගතානි ඡත්තිංස, පච්චුප්පන්නානි ඡත්තිංසාති එවම්පි අට්ඨසතං තණ්හාවිචරිතානි හොන්ති. පුන සඞ්ගහෙ කරියමානෙ රූපාදීසු ආරම්මණෙසු ඡළෙව තණ්හාකායා තිස්සොයෙව කාමතණ්හාදයො හොන්තීති. එවං –
ආධ්‍යාත්මික වූ රූපාදී අරමුණු දැඩිව අල්ලාගෙන “මම වෙමි” යි. “මෙසේ වෙමි” යි මේ ආදී වශයෙන් මමායතනයෙන් ගත් ආධ්‍යාත්මික වූ රූපාදිය ආශ්රිත දහඅට තණ්හාවත්, බාහිර උපාදාන වශයෙන් ගත් “මෙයින් මම වෙමි” “මෙයින් මෙසේ මම වෙමි” යනාදී ලෙස බාහිර රූපාදිය ආශ්රිත දහඅට තණ්හාවත් යන තිස්හයයි. මෙසේ අතීත වූ තිස් හයත්, අනාගත වූ තිස් හයත්, පච්චුප්පන්න (වර්තමානයේ ඇති) තිස් හයත් යනුවෙන් එකසිය අටක් තණ්හාව දක්නට ලැබේ. නැවත සංග්‍රහ කරනවිට රූපාදී අරමුණුවල තණ්හා කායයෝ සවැදෑරුම් වෙති. කාම තණ්හාදිය තුන් වැදෑරුම් වේ. මෙසේ
“නිද්දෙසත්ථෙන නිද්දෙස, විත්ථාරා විත්ථාරස්ස ච; පුන සඞ්ගහතො තණ්හා, විඤ්ඤාතබ්බා විභාවිනා”ති.
නිද්දෙසත්ථෙන නිද්දේදස - විත්ථාරා විත්ථාරස්සච පුන සංගහතො තණ්හා - විඤ්ඤාතබ්බා විභාවිනා
“නුවණැත්තන් විසින් තණ්හා නිර්දේශය, සංග්‍රහ කිරීමෙන්, විස්තර කිරීමෙන්, බෙදා දැක්වීමෙන් හා නැවත සංග්‍රහ කිරීමෙන් මැනවින් දතයුතුය.”
වෙදනානිද්දෙසෙ වෙදනාකායාති වෙදනාසමූහා. චක්ඛුසම්ඵස්සජා වෙදනා…පෙ… මනොසම්ඵස්සජාවෙදනාති එතං “චක්ඛුසම්ඵස්සජාවෙදනා අත්ථි කුසලා, අත්ථි අකුසලා, අත්ථි අබ්යාකතා”ති එවං විභඞ්ගෙ (විභ· 34) ආගතත්තා චක්ඛුද්වාරාදීසු පවත්තානං කුසලාකුසලාබ්යාකතවෙදනානං “සාරිපුත්තො මන්තාණිපුත්තො”ති එවමාදීසු මාතිතො නාමං විය මාතිසදිසතො වත්ථුතො නාමං. වචනත්ථො පනෙත්ථ – චක්ඛුසම්ඵස්සහෙතු ජාතා වෙදනා චක්ඛුසම්ඵස්සජා වෙදනාති. එසෙව නයො සබ්බත්ථ. අයං තාවෙත්ථ සබ්බසඞ්ගාහිකා කථා. විපාකවසෙන පන චක්ඛුද්වාරෙ ද්වෙ චක්ඛුවිඤ්ඤාණානි, ද්වෙ මනොධාතුයො, තිස්සො මනොවිඤ්ඤාණධාතුයොති එතාහි සම්පයුත්තවසෙන වෙදනා වෙදිතබ්බා. එසෙව නයො සොතද්වාරාදීසු. මනොද්වාරෙ මනොවිඤ්ඤාණධාතුසම්පයුත්තාව.
වේදනා නිර්දේශයේ - “වෙදනාකායා” යනු වේදනා සමූහයයි. “චක්ඛු සම්ඵස්සජා වේදනා -පෙ- මනො සම්පස්සජා වේදනා” යනු මෙහි “ඇස අරමුණ ස්පර්ශ කිරීමෙන් (ගැටීමෙන්) උපදින කුසල් වේදනා ඇත. අකුසල් වේදනා ඇත. අබ්‍යාකත වේදනා ඇත.” මෙසේ විභංගයෙහි විස්තර වූ බැවින් චක්ෂුද්වාරාදියේ පවතින කුසලාකුසල හා අබ්‍යාකත වේදනාවන්ට; සාරිපුත්ත, මත්තාණිපුත්ත යන නම්වලට මව මූලික වූවාක් මෙන් මව හා සමාන වූ වේදනාව උපදින වස්තුවෙහි නාමය, එම වේදනාවන්ට යෙදේ. මෙහි වචනාර්ථය මෙසේය. “ඇස ස්පර්ශ වීම නිසා උපදින වේදනාව ‘චක්ඛු සම්පස්සජා වේදනා’ නම් වේ. සෙසු ඉන්ද්රිය පිළිබඳව ද මේ ක්‍රමය ම යෙදේ. මෙතෙක් කරන ලද්දේ සර්ව සංග්‍රාහික කථාවයි - චක්ෂු ද්වාරයේ විපාක වශයෙන් චක්ෂු විඥාන දෙකකි. මනෝ ධාතු දෙකකි. මනෝවිඤ්ඤාණ ධාතු තුනකි. මේවායේ එකට යෙදීම් වශයෙන් වේදනාව දැනගත යුතුයි. සෙසු ශ්රෝතාදී ද්වාරයන් හි ද මනෝද්වාරයේ ද මනෝ විඤ්ඤාණධාතු එක්ව යෙදුණු බව ද මේ ක්‍රමයෙන් දත යුතුයි.
ඵස්සනිද්දෙසෙ චක්ඛුසම්ඵස්සොති චක්ඛුම්හි සම්ඵස්සො. එස නයො සබ්බත්ථ. චක්ඛුසම්ඵස්සො…පෙ… කායසම්ඵස්සොති එත්තාවතා ච කුසලාකුසලවිපාකා පඤ්චවත්ථුකා දස ඵස්සා වුත්තා හොන්ති. මනොසම්ඵස්සොති ඉමිනා සෙසබාවීසතිලොකියවිපාකමනසම්පයුත්තා ඵස්සා.
ඵස්ස නිර්දේශයේ - “චක්ඛු සම්ඵස්සො” යනු ඇසෙහි අරමුණ ස්පර්ශ වීමයි. සෙසු තැන්හිද මේ ක්‍රමය ම යි. “චක්ඛු සම්ඵස්සො -පෙ- කායසම්ඵස්සො” යන මෙපමණකින් කුසලාකුසල විපාකයෝ වස්තු පහකින් උපදී. එහි ස්පර්ශ දහයක් ඇතැයි කියන ලදී. “මනො සම්ඵස්සො” මේ විසි දෙකක් වූ ලෞකික විපාකයන් හා එක්ව යෙදුණු ස්පර්ශයයි.
සළායතනනිද්දෙසෙ චක්ඛායතනන්තිආදීසු යං වත්තබ්බං, තං විසුද්ධිමග්ගෙ ඛන්ධනිද්දෙසෙ චෙව ආයතනනිද්දෙසෙ ච වුත්තමෙව.
සළායතන නිර්දේශයේ - “චක්ඛායතනං” යනාදියේ යමක් කිවයුතු නම් එය විසුද්ධිමාර්ග ඛන්ධ නිර්දේශයේ මෙන් ම ආයතන නිර්දේශයේ ද කියන ලද්දේමය.
නාමරූපනිද්දෙසෙ නමනලක්ඛණං නාමං. රුප්පනලක්ඛණං රූපං. විභජනෙ පනස්ස වෙදනාති වෙදනාක්ඛන්ධො, සඤ්ඤාති සඤ්ඤාක්ඛන්ධො, චෙතනා ඵස්සො මනසිකාරොති සඞ්ඛාරක්ඛන්ධො වෙදිතබ්බො. කාමඤ්ච අඤ්ඤෙපි සඞ්ඛාරක්ඛන්ධසඞ්ගහිතා ධම්මා සන්ති, ඉමෙ පන තයො සබ්බදුබ්බලෙසුපි චිත්තෙසු සන්ති, තස්මා එතෙසංයෙව වසෙනෙත්ථ සඞ්ඛාරක්ඛන්ධො දස්සිතො. චත්තාරො ච මහාභූතාති එත්ථ චත්තාරොති ගණනපරිච්ඡෙදො. මහාභූතාති පථවීආපතෙජවායානමෙතං අධිවචනං. යෙන පන කාරණෙන තානි මහාභූතානීති වුච්චන්ති, යො චෙත්ථ අඤ්ඤො විනිච්ඡයනයො, සො සබ්බො විසුද්ධිමග්ගෙ රූපක්ඛන්ධනිද්දෙසෙ වුත්තො. චතුන්නඤ්ච මහාභූතානං උපාදායාති එත්ථ පන චතුන්නන්ති උපයොගත්ථෙ සාමිවචනං, චත්තාරි මහාභූතානීති වුත්තං හොති. උපාදායාති උපාදියිත්වා, ගහෙත්වාති අත්ථො. නිස්සායාතිපි එකෙ. “වත්තමාන”න්ති අයඤ්චෙත්ථ පාඨසෙසො. සමූහත්ථෙ වා එතං සාමිවචනං, චතුන්නං මහාභූතානං සමූහං උපාදාය වත්තමානං රූපන්ති එත්ථ අත්ථො වෙදිතබ්බො. එවං සබ්බථාපි යානි ච චත්තාරි පථවීආදීනි මහාභූතානි, යඤ්ච චතුන්නං මහාභූතානං උපාදාය වත්තමානං චක්ඛායතනාදිභෙදෙන අභිධම්මපාළියමෙව වුත්තං තෙවීසතිවිධං රූපං, තං සබ්බම්පි රූපන්ති වෙදිතබ්බං.
නාමරූප නිර්දේශයේ - නැමෙන ලක්ෂණය “නාමං” වේ. වෙනස්වන - විකෘති වන ලක්ෂණය “රූපං” වේ. බෙදා දැක්වීමේදී වනාහි “වේදනා” යනු වේදනා ස්කන්ධයයි. “සඤ්ඤා” යනු සංඥා ස්කන්ධයයි. “චෙතනා ඵස්සො මනසිකාරො” යනුවෙන් සංස්කාර ස්කන්ධය දතයුතුයි. කැමැත්ත ද අනිකුත් සංස්කාර ස්කන්ධයේ සංග්‍රහ කරන ලද ධර්ම ඇත්තේ ද මේ ත්‍රිවිධ ධර්මය, සියලු දුර්වල සිත්වල යෙදේ. එනිසා මේ ධර්මකරුණු දැක්වීම් වශයෙන් මෙහිදී සංස්කාර ස්කන්ධය දක්වන ලදී. “චත්තාරො ච මහාභූතා” යන මෙහි “චත්තාරො” යනු සංඛ්‍යාව දැක්වීමකි. “මහාභූත” යනු පඨවි, ආපෝ, තේජෝ, වායො යන මේ සතරට භාවිත නාමයකි. කවර කරුණකින් මේ සතරට “මහාභූත” යැයි කියනු ලැබේද? මේ ආදී මහාභූත පිළිබඳ සියලු විනිශ්චයන් විසුද්ධිමාර්ගයේ රූපස්කන්ධ නිර්දේශයේ දක්වන ලදී. “චතුන්නඤ්ච මහාභූතානං උපාදාය” වෙහි වනාහී “චතුන්නං” යනු දුතියා අර්ථයේ ඡට්ඨි විභක්ති වචනයකි. “සතර මහා භූතයන්” යැයි මෙහිදී අදහස් වේ. “උපාදාය” යනු දැඩිය අල්ලා ගනියි. දැඩිව ගෙන යන අර්ථයයි. ඇතැම්හු “ආශ්රයකර” යැයි කියති. මෙහි පැවතිය යුතුයැයි ගත් පාඨ ශේෂයකි. මේ සමූහාර්ථයේ ඡට්ඨි විභක්ති වචනයකි. “සිව්මහාභූත සමූහයම අල්ලාගෙන පවතින රූපය” යනුවෙන් මෙහිදී අර්ථ ගතයුතුයි. මෙසේ සියලු ආකාරයෙන් පඨවි ආදී යම් සතර මහාභූත කෙනෙක් වේද, ඒ සතරමහා භූතයන්ගේ අල්ලා ගැනීමෙන් පවතින, චක්ෂු ආයතනාදී භේදයෙන් අභිධර්ම පාළියෙහි ම කියන ලදී. ක්‍රමයෙන් ම විසිතුන් වැදෑරුම් රූපය ම “ඒ සියලු රූපය” යැයි දතයුතුයි.
විඤ්ඤාණනිද්දෙසෙ චක්ඛුවිඤ්ඤාණන්ති චක්ඛුම්හි විඤ්ඤාණං, චක්ඛුතො වා ජාතං විඤ්ඤාණන්ති චක්ඛුවිඤ්ඤාණං. එවං සොතඝානජිව්හාකායවිඤ්ඤාණානි. ඉතරං පන මනොයෙව විඤ්ඤාණන්ති මනොවිඤ්ඤාණං. ද්විපඤ්චවිඤ්ඤාණවජ්ජිතතෙභූමකවිපාකචිත්තස්සෙතං අධිවචනං.
විඤ්ඤාණ නිර්දේශයේ - “චක්ඛු විඤ්ඤාණං” යනු ඇසෙහි පවතින අරමුණ ගැන දැනගැනීමයි. ඇසෙන් හටගත් විඤ්ඤාණය චක්ෂු විඤ්ඤාණයයි. මෙලෙසින් ම සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ හා කාය විඤ්ඤාණ පිළිබඳව දතයුතුයි. අනික වනාහී මනසින්ම දැනගත්තේ “මනො විඤ්ඤාණං” මනො විඤ්ඤාණයයි. දෙපස් විඤ්ඤාණ වර්ජිත වූ ත්‍රෛභූමික විපාක චිත්තයට මේ තවත් වචනයකි.
සඞ්ඛාරනිද්දෙසෙ අභිසඞ්ඛරණලක්ඛණො සඞ්ඛාරො. විභජනෙ පනස්ස කායසඞ්ඛාරොති කායතො පවත්තසඞ්ඛාරො. කායද්වාරෙ චොපනවසෙන පවත්තානං කාමාවචරකුසලතො අට්ඨන්නං, අකුසලතො ද්වාදසන්නන්ති වීසතියා කායසඤ්චෙතනානමෙතං අධිවචනං. වචීසඞ්ඛාරොති වචනතො පවත්තසඞ්ඛාරො, වචීද්වාරෙ වචනභෙදවසෙන පවත්තානං වීසතියා එව වචීසඤ්චෙතනානමෙතං අධිවචනං. චිත්තසඞ්ඛාරොති චිත්තතො පවත්තසඞ්ඛාරො, කායවචීද්වාරෙ චොපනං අකත්වා රහො නිසීදිත්වා චින්තෙන්තස්ස පවත්තානං ලොකියකුසලාකුසලවසෙන එකූනතිංසමනොසඤ්චෙතනානමෙතං අධිවචනං.
සංස්කාර නිර්දේශයේ - ප්‍රතිසංස්කරණ ලක්ෂණය “සංඛාරො”නම් වේ. බෙදා දැක්වීමේදී වනාහි - “කායසංඛාරො” යනු කයෙහි පවතින සංස්කාරයයි. කායද්වාරයේ සෙළවීම් වශයෙන් පවතින කාමාවචර කුසල සිත්වලින් අටක් ද අකුසල සිත් දොළොස ද යන විස්සක් වූ කාය සංචේතනාවන්ට ම යෙදෙන තවත් නමකි. “වචී සංඛාරො” යනු වචනයේ පවතින සංස්කාරයයි. (රැස් කිරීමයි) වාග් ද්වාරයෙන් වචනභේද ලෙස පවතින විස්සක් වූ වාග් සංචේතනාවන්ට ම යෙදෙන තවත් නමකි. “චිත්ත සංඛාරො” යනු සිතෙහි පවතින සංස්කාරයයි. (රැස්කිරීමයි.) කාය - වාග් ද්වාර දෙකෙහි සෙළවීමක් නොකර, රහසිගතව හිඳ සිතන්නහුට, ලෞකික කුසලාකුසල වශයෙන් ඇතිවන විසිනවයක් වූ මනෝ සංචේතනාවන්ටම යෙදෙන තවත් නමකි.
අවිජ්ජානිද්දෙසෙ දුක්ඛෙ අඤ්ඤාණන්ති දුක්ඛසච්චෙ අඤ්ඤාණං, මොහස්සෙතං අධිවචනං. එස නයො දුක්ඛසමුදයෙ අඤ්ඤාණන්තිආදීසු. තත්ථ චතූහි කාරණෙහි දුක්ඛෙ අඤ්ඤාණං වෙදිතබ්බං අන්තොගධතො වත්ථුතො ආරම්මණතො පටිච්ඡාදනතො ච. තථා හි තං දුක්ඛසච්චපරියාපන්නත්තා දුක්ඛෙ අන්තොගධං, දුක්ඛසච්චඤ්චස්ස නිස්සයපච්චයභාවෙන වත්ථු, ආරම්මණපච්චයභාවෙන ආරම්මණං, දුක්ඛසච්චං එතං පටිච්ඡාදෙති තස්ස යාථාවලක්ඛණපටිවෙධනිවාරණෙන ඤාණප්පවත්තියා චෙත්ථ අප්පදානෙන.
අවිද්‍යා නිර්දේශයේ “දුක්ඛෙ අඤ්ඤාණං” යනු දුක්ඛ සත්‍ය පිළිබඳව නො දැනීමයි. “මෝහය” යනු මීට යෙදෙන තවත් නමකි. මේ ක්රමයම “දුක්ඛ සමුදයෙ අඤ්ඤාණං” යනාදියෙහි ද යෙදිය යුතුයි. මෙහි සතර කරුණකින් දුකෙහි නොදැනීම දතයුතුයි. අන්තර්ගත වශයෙන් (අන්තෝගධතෝ) වස්තු වශයෙන් (වත්ථුතො) අරමුණු වශයෙන් (ආරම්මණනෝ) සහ වැසීම්-සැඟවීම් (පටිච්ඡාදනතො) වශයෙනි. එසේම ඒ දුක්ඛ සත්‍යයෙහි ඇතුලත් වූ බැවින් දුකෙහි අන්තර්ගත වේ. දුක්ඛ සත්‍යයේ ආශ්‍රය ප්‍රත්‍යභාවයෙන් “වත්ථු” නම් වේ. අරමුණු ප්‍රත්‍ය වශයෙන් “ආරම්මණ” නම් වේ. දුක්ඛ සත්‍යය මෙයින් වසයි. - සඟවයි යන අරුතින් “පටිච්ඡාදන” නම් වේ. එහි සත්‍යය වූ ලක්ෂණ, ප්‍රතිවේධ, නිවාරණයෙන් ඤාණය පැවතීම පිණිස ඉඩනොදීමෙන්
දුක්ඛසමුදයෙ අඤ්ඤාණං තීහි කාරණෙහි වෙදිතබ්බං වත්ථුතො ආරම්මණතො පටිච්ඡාදනතො ච. නිරොධෙ පටිපදාය ච අඤ්ඤාණං එකෙනෙව කාරණෙන වෙදිතබ්බං පටිච්ඡාදනතො. නිරොධපටිපදානඤ්හි පටිච්ඡාදකමෙව අඤ්ඤාණං තෙසං යාථාවලක්ඛණපටිවෙධනිවාරණෙන තෙසු ච ඤාණප්පවත්තියා අප්පදානෙන. න පන තං තත්ථ අන්තොගධං තස්මිං සච්චද්වයෙ අපරියාපන්නත්තා, න තස්ස තං සච්චද්වයං වත්ථු අසහජාතත්තා, නාරම්මණං, තදාරබ්භ අප්පවත්තනතො. පච්ඡිමඤ්හි සච්චද්වයං ගම්භීරත්තා දුද්දසං, න තත්ථ අන්ධභූතං අඤ්ඤාණං පවත්තති. පුරිමං පන වචනීයත්තෙන සභාවලක්ඛණස්ස දුද්දසත්තා ගම්භීරං, තත්ථ විපල්ලාසගාහවසෙන පවත්තති.
“දුක්ඛ සමුදයෙහි නොදැනීම” තුන් කරුණකින් දතයුතුය. වස්තු වශයෙන්, ආරම්මණ වශයෙන් හා පටිච්ඡාදන වශයෙනි. නිරෝධ ප්‍රතිපදාවෙහි නොදැනීම එක් කරුණකින් ම දතයුතුයි. එනම් පරිච්ඡාදන (සැඟවීම්) වශයෙනි. නිරෝධ ප්‍රතිපදාව ද පටිච්ඡාදකයක්මය. නොදැනීමත් ඒ සත්‍ය වූ ලක්ෂණ ප්‍රතිවේධ නිවාරණයෙන්ද එහි ඤාණය පැවතීමට ඉඩ නොදීමෙන් නොදැනීම වේ. එහි සත්යද්වයෙහි ඇතුලත් නොවූ බැවින්, එහි එම ඥානය අන්තර්ගත නොවේ. ඒ සත්‍ය දෙක සහජාත නොවූ බැවින් වස්තු නාමය නොයෙදේ. එය අරබයා නොපැවතීම් වශයෙන් අරමුණු නොවේ. පසුව දැක්වූ සත්‍ය දෙක අතිශය ගැඹුරු බැවින් දැකීම අපහසුය. එහි අන්ධභූත වූ නොදැනීම නොපවතියි. මුලින් දැක්වූ සත්‍ය දෙක කිවයුතු බැවින් හා ස්වභාව ලක්ෂණයන්ගේ අවබෝධය අපහසු බැවින් ගැඹුරුය. එහි වෙනස්වීම්-විපර්යාසයන් ගැනීම් වශයෙන් පවතියි.
අපිච “දුක්ඛෙ”ති එත්තාවතා සඞ්ගහතො වත්ථුතො ආරම්මණතො කිච්චතො ච අවිජ්ජා දීපිතා. “දුක්ඛසමුදයෙ”ති එත්තාවතා වත්ථුතො ආරම්මණතො කිච්චතො ච. “දුක්ඛනිරොධෙ දුක්ඛනිරොධගාමිනියා පටිපදායා”ති එත්තාවතා කිච්චතො. අවිසෙසතො පන “අඤ්ඤාණ”න්ති එතෙන සභාවතො නිද්දිට්ඨාති ඤාතබ්බා.
තව ද “දුක්ඛෙ” යනුවෙන් මෙපමණකින් සංග්‍රහ වශයෙන්, වස්තු වශයෙන්, ආරම්මණ වශයෙන්, කෘත්‍ය (කටයුතු) වශයෙන් අවිද්‍යාව දක්වන ලදී. “දුක්ඛ සමුදයෙ” යන මෙයින් වස්තු වශයෙන් ද, ආරම්මණ වශයෙන් ද කෘත්‍ය වශයෙන් ද “දුක්ඛනිරොධෙ දුක්ඛනිරොධගාමිණියා පටිපදාය” යන මෙයින් කෘත්‍ය වශයෙන් ද අවිද්‍යාව දැක්විණි. අවිශේෂයෙන් “අඤ්ඤාණං” යන මෙයින් ස්වභාව වශයෙන් දක්වන ලදැයි දතයුතුයි.
ඉති ඛො, භික්ඛවෙති එවං ඛො, භික්ඛවෙ. නිරොධො හොතීති අනුප්පාදො හොති. අපිචෙත්ථ සබ්බෙහෙව තෙහි නිරොධපදෙහි නිබ්බානං දෙසිතං. නිබ්බානඤ්හි ආගම්ම තෙ තෙ ධම්මා නිරුජ්ඣන්ති, තස්මා තං තෙසං තෙසං නිරොධොති වුච්චති. ඉති භගවා ඉමස්මිං සුත්තෙ ද්වාදසහි පදෙහි වට්ටවිවට්ටං දෙසෙන්තො අරහත්තනිකූටෙනෙව දෙසනං නිට්ඨපෙසි. දෙසනාපරියොසානෙ වුත්තනයෙනෙව පඤ්චසතා භික්ඛූ අරහත්තෙ පතිට්ඨහිංසූති.
“ඉති ඛො භික්ඛවෙ” යනු මහණෙනි! මෙසේ “නිරොධො හොති” යනු නූපදීම හෙවත් නිරෝධය වේ. තවද මෙහි ඒ සියලුම තැන්හි එන “නිරෝධ” පදවලින් නිර්වාණය දක්වන ලදී. නිවනට පැමිණීම ඒ ඒ ධර්මයෝ නිරුද්ධ වන බැවින් ඒ ඒ ධර්මයන්ගේ නිරෝධය වේ යැයි පවසන ලදී. මෙසේ භාග්‍යවතුන් වහන්සේ දොළොස් පදයකින් සසර පැවැත්ම හා නැවැත්ම පිළිබඳ ප්‍රතීත්‍ය සමුත්පාද දේශනාව පවත්වන සේක් - අර්හත්බව නැමැති කඳු මුදුනින් ම දේශනාව නිමාකළ සේක. එම සූත්‍ර දේශනාව අවසානයේ සූත්‍රයේ පැවසූ ලෙස ම පන්සීයක් භික්ෂූහු රහත් බවෙහි පිහිටි සේක.
විභඞ්ගසුත්තං දුතියං.
දෙවැනි විභංග සූත්‍රයයි.