යෙදුමෙන් කියවන්න

1. පටිච‍්චසමුප‍්පාදසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

1. පටිච‍්චසමුප‍්පාදසුත‍්තවණ‍්ණනා

1. පටිච්චසමුප්පාද සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති – නිදානවග‍්ගෙ පඨමං පටිච‍්චසමුප‍්පාදසුත‍්තං. තත්‍රායං අනුපුබ‍්බපදවණ‍්ණනා – තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසීති, එත්‍ථ තත්‍රාති දෙසකාලපරිදීපනං. තඤ‍්හි “යං සමයං විහරති, තත්‍ර සමයෙ, යස‍්මිඤ‍්ච ජෙතවනෙ විහරති, තත්‍ර ජෙතවනෙ”ති දීපෙති. භාසිතබ‍්බයුත‍්තෙ වා දෙසකාලෙ දීපෙති. න හි භගවා අයුත‍්තෙ දෙසෙ කාලෙ ච ධම‍්මං භාසති. “අකාලො ඛො තාව බාහියා”තිආදි (උදා· 10) චෙත්‍ථ සාධකං. ඛොති පදපූරණමත‍්තෙ, අවධාරණෙ ආදිකාලත්‍ථෙ වා නිපාතො. භගවාති ලොකගරුදීපනං. භික‍්ඛූති කථාසවනයුත‍්තපුග‍්ගලවචනං. අපිචෙත්‍ථ “භික‍්ඛකොති භික‍්ඛු, භික‍්ඛාචරියං අජ‍්ඣූපගතොති භික‍්ඛූ”තිආදිනා (පාරා· 45; විභ· 510) නයෙන වචනත්‍ථො වෙදිතබ‍්බො. ආමන‍්තෙසීති ආලපි, අභාසි, සම‍්බොධෙසි, අයමෙත්‍ථ අත්‍ථො. අඤ‍්ඤත්‍ර පන ඤාපනෙපි හොති. යථාහ – “ආමන‍්තයාමි වො, භික‍්ඛවෙ, පටිවෙදයාමි වො, භික‍්ඛවෙ”ති. පක‍්කොසනෙපි. යථාහ – “එහි ත්‍වං, භික‍්ඛු, මම වචනෙන සාරිපුත‍්තං ආමන‍්තෙහී”ති (අ· නි· 9.11). භික‍්ඛවොති ආමන‍්තනාකාරදීපනං. තඤ‍්ච භික‍්ඛනසීලතාදිගුණයොගසිද‍්ධත‍්තා වුත‍්තං. භික‍්ඛනසීලතාගුණයුත‍්තොපි හි භික‍්ඛු, භික‍්ඛනධම‍්මතාගුණයුත‍්තොපි භික‍්ඛනෙ සාධුකාරිතාගුණයුත‍්තොපීති සද‍්දවිදූ මඤ‍්ඤන‍්ති. තෙන ච තෙසං භික‍්ඛනසීලතාදිගුණයොගසිද‍්ධෙන වචනෙන හීනාධිකජනසෙවිතවුත‍්තිං පකාසෙන‍්තො උද‍්ධතදීනභාවනිග‍්ගහං කරොති. “භික‍්ඛවො”ති ඉමිනා ච කරුණාවිප‍්ඵාරසොම‍්මහදයනයනනිපාතපුබ‍්බඞ‍්ගමෙන වචනෙන තෙ අත‍්තනො අභිමුඛෙ කරොන‍්තො තෙනෙව කථෙතුකම්‍යතාදීපකෙන නෙසං වචනෙන සොතුකම්‍යතං ජනෙති, තෙනෙව ච සම‍්බොධනත්‍ථෙන සාධුකං මනසිකාරෙපි නියොජෙති. සාධුකං මනසිකාරායත‍්තා හි සාසනසම‍්පත‍්ති.

“එවං මෙ සුතං” යනු නිදාන වර්ගයේ පළමුවැනි පටිච්ච සමුප්පාද සූත්‍රයයි. එහි මේ අනුපූර්ව පද වර්ණනාවයි. “තත්‍ර ඛො භගවා භික්ඛු ආමන්තෙසී” යනුයි. (එවිට භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ඇමතූ සේක.) මෙහි “තත්‍ර” යනු දේශකාලාදිය දැක්වීමයි. එහි යම් කාලයක වැඩවාසය කරයිද එය “තස්මිං සමයෙ” (එසමයේ) යනුවෙන්ද යම් ඒ ජේතවන විහාරයෙහි වැඩවසයි ද “තත්‍ර ජේතවනෙ” (ඒ ජේතවනාරාමයේ) යනුවෙන් ද දක්වයි. නැතිනම් දේශනා කළයුත්තෙහි දේශකාලාදිය දක්වයි. භාග්‍යවතුන් වහන්සේ නුසුදුසු වූ අයෝග්‍ය වූ දේශයෙහිත් කාලයෙහිත් ධර්මදේශනා නොකරන සේක. “බාහිය, දැන් අවේලාවයි” යනාදිය මීට සාධක වේ. “ඛො” යනු පද පූරණ මාත්‍රයෙහි හෝ අවධාරණාර්ථයෙහි හෝ ආදිකාලාර්ථයේ හෝ යෙදුණු නිපාතයකි. “භගවා” යනු ලොව ගරුකටයුතු පුද්ගලයා දැක්වීමකි. “භික්ඛු” යනු දේශනාව ඇසියයුතු පුද්ගලයන් හැඟවූ වචන යි. තවද මෙහි “පිඬුසිගා යනුයේ භික්ෂුවයි. භික්ෂා චර්‍යාවට පැමිණියේ භික්ෂුවයි.” ආදී වශයෙන් භික්ෂු යන්නෙහි වචනාර්ථ දතයුතුයි. “ආමන්තෙසි” යනු ඇමතූසේක. දේශනා කළ සේක. මැනවින් අවබෝධ කරවූ සේක යන අර්ථයි. මෙහි අර්ථ මෙසේය. ඇතැම්තැනෙක දී දැන්වීමේ අර්ථය ගෙනදෙයි. බුදුරජාණෝ මෙසේ වදාළහ. “මහණෙනි! මම තොප අමතමි. (ආමන්තයාමි) මම තොපට දැනුම්දෙමි.” යනුවෙනි. කැඳවීම් අර්ථයෙහි ද මෙය යෙදේ. මෙසේ වදාළහ. “මහණ! නුඹ මෙහි එව. මගේ වචනයෙන් ආයුෂ්මත් සැරියුත් තෙරුන් අමතන්න” (ආමන්තෙහි) යනුවෙනි. “භික්ඛවො” යනු ආමන්ත්‍රණය ලැබූ පිරිස දැක්වීමකි. එය ද සිගායෑම ස්වභාවය කරගත් ගුණයන්ගෙන් පිරිපුන් බැවින් කියන ලදී. අහර සිගායෑමේ ස්වභාව ඇති ගුණයන්ගෙන් යුක්ත තැනැත්තා ද සිගායෑම ධර්මතාව කරගත් තැනැත්තා ද පිඬුසිගීම මැනවින් කරන ලද තැනැත්තා ද “භික්ඛූ” (භික්ෂූ) ශබ්දයෙන් අර්ථවත් වේ යැයි ශබ්දවේදීහු සිතති. ඒ පිඬුසිගායෑම ස්වභාවය කරගත් ගුණයන්ගෙන් යුක්තවූ යන වචනයෙන් උස්පහත් ගති ඇති ජනයා විසින් සෙවුනා ලද දිවිපැවැත්ම ප්‍රකාශකරමින් උඬගු-දීනාදී ගතිවලට නිග්‍රහ කරයි. කරුණාව පැතිර ගිය මුදුමොළොක් නෙත් සිත් ඇති, පළමුව ප්‍රකාශිත “මහණෙනි” යන මේ වචනයෙන්, ඒ භික්ෂූහු තමන්වහන්සේ ඉදිරියට පමුණුවන සේක්; ඔවුන් සමග කථාකිරීමට කැමති බව හඟවන මේ වචනයෙන් ඔවුන් තුළ ඇසීමේ කැමැත්ත උපදවයි. එම ආමන්ත්‍රණ අර්ථයෙන් ම ‘මැනවින් මෙනෙහි කිරීමෙහි’ ද ඔවුන්ව යොදවයි. මැනවින් සිහිපත් කරන්නවුන්ට ශාසන සම්පත්ති හිමිවේ.

අපරෙසුපි දෙවමනුස‍්සෙසු විජ‍්ජමානෙසු කස‍්මා භික‍්ඛූයෙව ආමන‍්තෙසීති චෙ? ජෙට‍්ඨසෙට‍්ඨාසන‍්නසදාසන‍්නිහිතභාවතො. සබ‍්බපරිසසාධාරණා හි භගවතො ධම‍්මදෙසනා, පරිසාය ජෙට‍්ඨා භික‍්ඛූ පඨමං උප‍්පන‍්නත‍්තා, සෙට‍්ඨා අනගාරියභාවං ආදිං කත්‍වා සත්‍ථුචරියානුවිධායකත‍්තා සකලසාසනපටිග‍්ගාහකත‍්තා ච, ආසන‍්නා තත්‍ථ නිසින‍්නෙසු සත්‍ථුසන‍්තිකත‍්තා, සදාසන‍්නිහිතා සත්‍ථුසන‍්තිකාවචරත‍්තාති. අපිච තෙ ධම‍්මදෙසනාය භාජනං යථානුසිට‍්ඨං පටිපත‍්තිසබ‍්භාවතො. විසෙසතො ච එකච‍්චෙ භික‍්ඛූයෙව සන්‍ධාය අයං දෙසනාපීති එවං ආමන‍්තෙසි.

වෙනත් දෙව්මිනිසුන් ඇතිකල්හි කුමක් හෙයින් භික්ෂූන් වහන්සේලාට පමණක් ආමන්ත්‍රණය කළසේක් ද? භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනාව ජෙට්ඨ, සෙට්ඨ, ආසන්න, සන්නිහිත වශයෙන් සියලුම පිරිස්වලට සාධාරණ වූවකි. සිවුපිරිසෙන් ජෙට්ඨ නම් වනුයේ භික්ෂූන් වහන්සේම ය. පළමුව පහළවූ බැවිනි. සෙට්ඨ යනු අනගාරික බව මුල්කරගෙන ශාස්තෘ චර්‍යාව අනුගමනය කරන්නෝ ද සියලු ආකාරයෙන් සසුනට පිහිටාධාර වන්නෝ ද වෙති. ආසන්නයෝ නම් ශාස්තෲන් වහන්සේ සමීපයේ ම හුන් පිරිසයි. සදා සත්නිහිත යනු ද ශාස්තෘන් වහන්සේ සමීපයේම හැසිරෙන්නෝ ය. තවද අනුශාසනා පරිදි ප්‍රතිපත්ති සද්භාවයෙන් යුක්ත බැවින් ඔවුහු ධර්ම දේශනාවට භාජනය වෙති. මේ ප්‍රතීත්‍ය සමුප්පාද ධර්මදේශනාව විශේෂ වශයෙන් ම ඇතැම් භික්ෂූන් වහන්සේ සඳහා ම යෝග්‍ය වන බැවින් මෙසේ අමතන ලද සේක් යැයි දතයුතුය.

කිමත්‍ථං පන භගවා ධම‍්මං දෙසෙන‍්තො පඨමං භික‍්ඛූ ආමන‍්තෙසි, න ධම‍්මමෙව දෙසෙසීති? සතිජනනත්‍ථං. භික‍්ඛූ අඤ‍්ඤං චින‍්තෙන‍්තාපි වික‍්ඛිත‍්තචිත‍්තාපි ධම‍්මං පච‍්චවෙක‍්ඛන‍්තාපි කම‍්මට‍්ඨානං මනසිකරොන‍්තාපි නිසින‍්නා හොන‍්ති. තෙ අනාමන‍්තෙත්‍වා ධම‍්මෙ දෙසියමානෙ “අයං දෙසනා කිංනිදානා කිංපච‍්චයා කතමාය අට‍්ඨුප‍්පත‍්තියා දෙසිතා”ති සල‍්ලක‍්ඛෙතුං අසක‍්කොන‍්තා දුග‍්ගහිතං වා ගණ‍්හෙය්‍යුං, න වා ගණ‍්හෙය්‍යුං, තෙන නෙසං සතිජනනත්‍ථං භගවා පඨමං ආමන‍්තෙත්‍වා පච‍්ඡා ධම‍්මං දෙසෙති.

භාග්‍යවතුන් වහන්සේ ධර්මදේශනා කරන සේක්, ධර්මය ම දේශනා නොකර - පළමුව භික්ෂූන් වහන්සේට අමතනුයේ කවර හෙයින් ද? සිහිය ඉපිදවීම පිණිසයි. භික්ෂූන් වහන්සේලා අතර ඇතැමෙක් අනිකක් සිතමින් විසිරුණු සිත් ඇතිව ද ඇතැමෙක් ධර්මය මෙනෙහි කරමින් ද කමටහන් මෙනෙහි කරමින් ද වැඩහිඳිති. උන්වහන්සේලාට ආමන්ත්‍රණය නොකර ධර්මදේශනා කරන කල්හි “මේ දේශනාවේ නිදානය කුමක් ද?” “ප්‍රත්‍ය කුමක් ද?” “කවර අර්ථයක් ඉපිදවීමට දේශනා කළසේක් ද?” යි සලකාගත නොහැකිව, එම දේශනාව වැරදි ලෙස වටහාගනිති. නැතිනම් කිසිසේත් වටහා නොගනිති. මෙනිසා උන්වහන්සේලාට සිහිය ඉපිදවීම පිණිස භාග්‍යවතුන් වහන්සේ පළමුව ආමන්ත්‍රණය කර, පසුව දහම් දෙසන සේක.

භදන‍්තෙති ගාරවවචනමෙතං, සත්‍ථුනො පටිවචනදානං වා. අපිචෙත්‍ථ “භික‍්ඛවො”ති වදමානො භගවා භික‍්ඛූ ආලපති. “භදන‍්තෙ”ති වදමානා තෙ භගවන‍්තං පච‍්චාලපන‍්ති. තථා හි “භික‍්ඛවො”ති භගවා ආභාසති, “භදන‍්තෙ”ති පච‍්චාභාසන‍්ති. “භික‍්ඛවො”ති පටිවචනං දාපෙති, “භදන‍්තෙ”ති පටිවචනං දෙන‍්ති. තෙ භික‍්ඛූති යෙ භගවා ආමන‍්තෙසි, තෙ. භගවතො පච‍්චස‍්සොසුන‍්ති භගවතො ආමන‍්තනං පතිඅස‍්සොසුං, අභිමුඛා හුත්‍වා සුණිංසු සම‍්පටිච‍්ඡිංසු පටිග‍්ගහෙසුන‍්ති අත්‍ථො. භගවා එතදවොචාති, භගවා එතං ඉදානි වත‍්තබ‍්බං සකලසුත‍්තං අවොච. එත‍්තාවතා යං ආයස‍්මතා ආනන්‍දෙන අත්‍ථබ්‍යඤ‍්ජනසම‍්පන‍්නස‍්ස බුද‍්ධානං දෙසනාඤාණගම‍්භීරභාවසංසූචකස‍්ස ඉමස‍්ස සුත‍්තස‍්ස සුඛාවගාහණත්‍ථං කාලදෙසදෙසකපරිසාපදෙසප‍්පටිමණ‍්ඩිතං නිදානං භාසිතං, තස‍්ස අත්‍ථවණ‍්ණනා සමත‍්තා.

“භදන්තෙ” යන මේ ගරු කටයුතු වදනකි. නැතහොත් ශාස්තෲන් වහන්සේට පිළිතුරු දීමකි. මෙහිදී බුදුරජාණන් වහන්සේ “මහණෙනි!” යි කියමින් භික්ෂූන් අමතන සේක. ඒ භික්ෂූහු “ස්වාමිනි!” යි (භදන්තෙ) පවසමින් බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙති. “භික්ඛවො” (මහණෙනි!) යි බුදුහු වදාරති. “භදන්තෙ!” (ස්වාමිනි!) යි පිළිවදන් දෙති. “භික්ඛවො” යි පිළිතුරු දෙති. “තෙ භික්ඛු” යනු යමෙකුට බුදුහු ඇමතූසේක්ද ඔවුහුය. “භගවතො පච්චස්සොසුං” යනු භාග්‍යවතුන් වහන්සේගේ ආමන්ත්‍රණයට පිළිතුරු දුන්හ යනුයි. උන්වහන්සේට අභිමුඛව දේශනාව ඇසූහ. මැනවින් පිළිගත්හ. බාරගත්හ යන අර්ථයි. “භගවා එතදවොච” යනු භාග්‍යවතුන් වහන්සේ මෙහි දැන් වදාළයුතු සියලු සූත්‍රය දේශනා කළ සේක. ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ විසින් අර්ථ බ්‍යඤ්ජන සහිත වූ ලොවුතුරු බුදුවරුන්ගේ දේශනාවේ ඤාණ ගාම්භීර බව හඟවන්නා වූ මේ සූත්‍රයේ අර්ථය අදහස සුවසේ ගැනීම සඳහා, කාලය - දේශය - දේශක පිරිස - ආදියෙන් යුක්ත වූ (අලංකෘත) යම් සූත්‍ර නිදානයක් දෙසූ සේක් ද එහි අර්ථ වර්ණනාව මෙතෙකින් සමාප්තය.

ඉදානි පටිච‍්චසමුප‍්පාදං වොතිආදිනා නයෙන භගවතා නික‍්ඛිත‍්තස‍්ස සුත‍්තස‍්ස සංවණ‍්ණනාය ඔකාසො අනුප‍්පත‍්තො. සා පනෙසා සුත‍්තවණ‍්ණනා යස‍්මා සුත‍්තනික‍්ඛෙපං විචාරෙත්‍වා වුච‍්චමානා පාකටා හොති, තස‍්මා සුත‍්තනික‍්ඛෙපං තාව විචාරෙස‍්සාම.

දැන් “පටිච්ච සමුප්පාදං වො” ආදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත සූත්‍රයේ අර්ථ වර්ණනා කිරීමට අවස්ථාව පැමිණියේය. ඒ සූත්‍ර වර්ණනාවට පෙරාතුවම සූත්‍රය දෙසීමේ හේතුව (නික්ෂේපය) විමසා, පසුව අර්ථ පවසන්නේ නම් - අර්ථ ප්‍රකට වන බැවින් පළමුව සූත්‍ර නික්ෂේපය විමසන්නෙමු.

චත‍්තාරො හි සුත‍්තනික‍්ඛෙපා – අත‍්තජ‍්ඣාසයො, පරජ‍්ඣාසයො, පුච‍්ඡාවසිකො, අට‍්ඨුප‍්පත‍්තිකොති. තත්‍ථ යානි සුත‍්තානි භගවා පරෙහි අනජ‍්ඣිට‍්ඨො කෙවලං අත‍්තනො අජ‍්ඣාසයෙනෙව කථෙති, සෙය්‍යථිදං – දසබලසුත‍්තන‍්තහාරකො චන්‍දොපම-වීණොපම-සම‍්මප‍්පධාන-ඉද‍්ධිපාද-ඉන්‍ද්‍රියබල-බොජ‍්ඣඞ‍්ගමග‍්ගඞ‍්ග-සුත‍්තන‍්තහාරකොති එවමාදීනි, තෙසං අත‍්තජ‍්ඣාසයො නික‍්ඛෙපො.

සූත්‍ර නික්ෂේප සතරකි. අත්තඡ්ඣාසය, පරඡ්ඣාසය, පුච්ඡාවාසික හා අට්ඨුප්පතනික යනුවෙනි. එහි යම් සූත්‍ර භාග්‍යවතුන් වහන්සේ අනුන්ගේ ආරාධනාවක් නොමැතිව, හුදෙක් තමන් වහන්සේගේම අදහස අනුව දේශනාකළ සේක් ද එබඳු සූත්‍ර; එනම් - සියලුම සූත්‍රාන්ත හරහා චන්ද්‍රොපම, වීණෝපම, සම්මප්පධාන, ඉද්ධිපාද, ඉන්ද්‍රියබල, බොජ්ඣංගමග්ග සූත්‍රාන්තගාරක යනාදී මෙම සූත්‍ර අත්තඡ්ඣාසය නික්ෂේපයට අයත් වේ.

යානි පන “පරිපක‍්කා ඛො රාහුලස‍්ස විමුත‍්තිපරිපාචනීයා ධම‍්මා. යංනූනාහං රාහුලං උත‍්තරිං ආසවානං ඛයෙ විනෙය්‍ය”න‍්ති (සං· නි· 4.121; ම· නි· 3.416) එවං පරෙසං අජ‍්ඣාසයං ඛන‍්තිං නිජ‍්ඣානක‍්ඛමං මනං අභිනීහාරං බුජ‍්ඣනභාවඤ‍්ච අපෙක‍්ඛිත්‍වා පරජ‍්ඣාසයවසෙන කථිතානි, සෙය්‍යථිදං – චූළරාහුලොවාදසුත‍්තං, මහාරාහුලොවාදසුත‍්තං, ධම‍්මචක‍්කප‍්පවත‍්තනං, අනත‍්තලක‍්ඛණසුත‍්තං, ආසීවිසොපමසුත‍්තං, ධාතුවිභඞ‍්ගසුත‍්තන‍්ති, එවමාදීනි, තෙසං පරජ‍්ඣාසයො නික‍්ඛෙපො.

යම් සූත්‍රයක් “රාහුල තෙරුන්ගේ විමුක්තිය මුහුකුරා යෑමට හිතවූ-යෝග්‍ය වූ ධර්ම අභිවෘද්ධියට පැමිණ සිටී. මම රාහුලයන් අනාගත ආස්‍රවක්ෂය කිරීම සඳහා හික්මවන්නෙම් නම් මැනවි” යි යනුවෙන් අනුන්ගේ අදහස්, කැමැත්ත, වැටහීම්, සිත, ප්‍රාර්ථනාව, අවබෝධ කරගන්නා බව යනාදී කරුණු අපේක්ෂාවෙන් - අනුන්ගේ අදහස් අනුව දෙසූ - චූල රාහුලෝවාද සූත්‍රය, මහා රාහුලෝවාද සූත්‍රය, ධර්මචක්කප්පවත්තන සූත්‍රය, අනන්තලක්ඛණ සූත්‍රය, ආසිවිසෝපම සූත්‍රය, ධාතුවිභංග සූත්‍රය, යන මේ ආදී සූත්‍ර ධර්ම පරජ්ඣාසය නික්ෂේපයට අයත් වේ.

භගවන‍්තං පන උපසඞ‍්කමිත්‍වා චතස‍්සො පරිසා චත‍්තාරො වණ‍්ණා නාගා සුපණ‍්ණා ගන්‍ධබ‍්බා අසුරා යක‍්ඛා මහාරාජානො තාවතිංසාදයො දෙවා මහාබ්‍රහ‍්මාති එවමාදයො “බොජ‍්ඣඞ‍්ගා බොජ‍්ඣඞ‍්ගාති, භන‍්තෙ, වුච‍්චන‍්ති – (සං· නි· 5.202) නීවරණා නීවරණාති, භන‍්තෙ, වුච‍්චන‍්ති – ඉමෙ නු ඛො, භන‍්තෙ, පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා, කිංසූධ විත‍්තං පුරිසස‍්ස සෙට‍්ඨ”න‍්තිආදිනා (සං· නි· 1.246; සු· නි· 183) නයෙන පඤ‍්හං පුච‍්ඡන‍්ති. එවං පුට‍්ඨෙන භගවතා යානි කථිතානි බොජ‍්ඣඞ‍්ගසංයුත‍්තාදීනි, යානි වා පනඤ‍්ඤානිපි දෙවතාසංයුත‍්ත, මාරසංයුත‍්ත, බ්‍රහ‍්මසංයුත‍්ත, සක‍්කපඤ‍්හ, චූළවෙදල‍්ල, මහාවෙදල‍්ල, සාමඤ‍්ඤඵලආළවක, සූචිලොම, ඛරලොමසුත‍්තාදීනි, තෙසං පුච‍්ඡාවසිකො නික‍්ඛෙපො.

සිවුවනක් පිරිස, ක්ෂත්‍රියාදී චතුර්වර්ණ පිරිස, නාග, සුපර්ණ ගාන්ධර්ව, අසුර, යක්ෂ, සිවුමහා රජදරුවෝ, තාවතිංසාදී දෙවියෝ, මහා බ්‍රහ්මයෝ යනාදීහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ “ස්වාමීනි! බොජ්ඣංග ධර්මයෝ බොජ්ඣංග ධර්මයෝයැයි කියනු ලැබෙත්. ස්වාමීනි! නීවරණ ධර්මයෝ නීවරණ ධර්මයෝයැ යි කියනු ලැබෙත්. ස්වාමීනි! මේවා පඤ්ච උපාදානස්කන්ධ ද? මෙලොව මිනිසාට ඇති ශ්‍රේෂ්ඨම ධනය කුමක් ද?” ආදී වශයෙන් ප්‍රශ්න විචාරති. මෙසේ විමසූවන්ට භාග්‍යවතුන් වහන්සේ විසින් බොජ්ඣංග, සංයුත්තාදී යම් සූත්‍රයක් දේශනා කළ සේක් ද, අනෙකුත් දේවතා සංයුත්ත, මාර සංයුත්ත, බ්‍රහ්ම සංයුත්ත, සක්ක පඤ්හ, චූළවේදල්ල, මහාවේදල්ල, සාමඤ්ඤඵල, ආලවක-සුචිලෝම-චරලෝමාදී සූත්‍රයන් ද යන මේ සියල්ල පුජ්ඡාවසික නික්ෂේපයට අයත් වේ.

යානි පන තානි උප‍්පන‍්නං කාරණං පටිච‍්ච කථිතානි, සෙය්‍යථිදං – ධම‍්මදායාදං. චූළසීහනාදසුත‍්තං පුත‍්තමංසූපමං දාරුක‍්ඛන්‍ධූපමං අග‍්ගික‍්ඛන්‍ධූපමං ඵෙණපිණ‍්ඩූපමං පාරිච‍්ඡත‍්තකූපමන‍්ති එවමාදීනි, තෙසං අට‍්ඨුප‍්පත‍්තිකො නික‍්ඛෙපො.

හටගත් යම් කරුණක් හේතුකරගෙන දෙසූ- එනම්; චූළසීහනාද සූත්‍රය, පුත්‍රමංසූපම සූත්‍රය, අග්ගික්ඛන්ධොපම සූත්‍රය, ඵෙණපිණ්ඩුපම සූත්‍රය, පාරිඡත්ත කූපම සූත්‍රය යනාදී සූත්‍ර ධර්ම අට්ඨුප්පත්තික නික්ෂේප නම් වේ.

එවමෙතෙසු චතූසු නික‍්ඛෙපෙසු ඉමස‍්ස පටිච‍්චසමුප‍්පාදසුත‍්තස‍්ස පරජ‍්ඣාසයො නික‍්ඛෙපො. පරපුග‍්ගලජ‍්ඣාසයවසෙන හිදං භගවතා නික‍්ඛිත‍්තං. කතමෙසං පුග‍්ගලානං අජ‍්ඣාසයවසෙනාති? උග‍්ඝටිතඤ‍්ඤූනං.

මේ ආදී වශයෙන් විස්තර කළ, සතර සූත්‍ර නික්ෂේපයන් අතරින් මේ පටිච්ච සමුප්පාද සූත්‍ර දේශනාව පරජ්ඣාසය නික්ෂේපයට අයත් වේ. වෙනත් පුද්ගලයන්ගේ අදහස් අනුවම භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය දේශනා කළ සේක. කවර පුද්ගලයන්ගේ අදහසක් අනුව ද? උග්ඝටිතඤ්ඤා පුද්ගලයන්ගේ අදහස් අනුවය.

චත‍්තාරො හි පුග‍්ගලා උග‍්ඝටිතඤ‍්ඤූ විපඤ‍්චිතඤ‍්ඤූ නෙය්‍යො පදපරමොති. තත්‍ථ යස‍්ස පුග‍්ගලස‍්ස සහ උදාහටවෙලාය ධම‍්මාභිසමයො හොති, අයං වුච‍්චති පුග‍්ගලො උග‍්ඝටිතඤ‍්ඤූ.

පුද්ගලයෝ සතර දෙනෙකි. එනම්; උග්ඝටිතඤ්ඤූ, විපචිතඤ්ඤූ, නෙය්‍ය, පදපරම යනුවෙනි. එහි යම් පුද්ගලයෙකුට සූත්‍රය දේශනා කළ අවස්ථාවේදී ම ධර්මාවබෝධය වේනම් ඔහු “උග්ඝටිතඤ්ඤූ” පුද්ගලයා නම් වේ.

යස‍්ස පුග‍්ගලස‍්ස සංඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථෙ විභජියමානෙ ධම‍්මාභිසමයො හොති, අයං වුච‍්චති පුග‍්ගලො විපඤ‍්චිතඤ‍්ඤූ.

යම් පුද්ගලයෙකුට සංක්ෂිප්තව දෙසූ ධර්මයෙහි අර්ථ විවරණ සවිස්තරව බෙදා දක්වන විට ධර්මාවබෝධය ලැබේනම් ඔහු “විපචිතඤ්ඤූ” නම් පුද්ගලයායි.

යස‍්ස පුග‍්ගලස‍්ස උද‍්දෙසතො පරිපුච‍්ඡතො යොනිසො මනසිකරොතො, කල්‍යාණමිත‍්තෙ සෙවතො, භජතො, පයිරුපාසතො, අනුපුබ‍්බෙන ධම‍්මාභිසමයො හොති, අයං වුච‍්චති පුග‍්ගලො නෙය්‍යො.

යම් පුද්ගලයෙකුට උදෙසීමෙන්, විචාරීමෙන්, නුවණ මෙහෙයවා විමසා බැලීමෙන් හා කල්‍යාන මිත්‍ර ආශ්‍රයෙන් - භජනයෙන් - පයිරුපාසනයෙන් හෙවත් ඇසුරු කිරීමෙන් අනුපිළිවෙලින් ධර්මාවබෝධය වේනම් ඔහු “නෙය්‍ය” නමැති පුද්ගලයා වේ.

යස‍්ස පුග‍්ගලස‍්ස බහුම‍්පි සුණතො, බහුම‍්පි ධාරයතො, බහුම‍්පි වාචයතො න තාය ජාතියා ධම‍්මාභිසමයො හොති, අයං වුච‍්චති පුග‍්ගලො පදපරමො.

යම් පුද්ගලයෙකුට බොහෝ සූත්‍ර ධර්ම ඇසීමෙනුත්, බොහෝ ධර්ම කරුණු හැදෑරීමෙනුත්, බොහෝ ධර්මදේශනා පැවැත්වූවත් ඒ භවයේදී නම් ධර්මාවබෝධය නොලැබේ. මේ පුද්ගලයා “පදපරම” නම් වේ.

ඉති ඉමෙසු චතූසු පුග‍්ගලෙසු උග‍්ඝටිතඤ‍්ඤූපුග‍්ගලානං අජ‍්ඣාසයවසෙන ඉදං සුත‍්තං නික‍්ඛිත‍්තං.

මෙසේ දැක්වූ මේ සතර පුද්ගලයන් අතුරින් උග්ඝටිතඤ්ඤූ පුද්ගලයන්ගේ අදහස් අනුව මෙම සූත්‍රය දේශනා කරන ලදී.

තදා කිර පඤ‍්චසතා ජනපදවාසිකා භික‍්ඛූ සබ‍්බෙව එකචරා ද‍්විචරා තිචරා චතුචරා පඤ‍්චචරා සභාගවුත‍්තිනො ධුතඞ‍්ගධරා ආරද‍්ධවීරියා යුත‍්තයොගා විපස‍්සකා සණ‍්හං සුඛුමං සුඤ‍්ඤතං පච‍්චයාකාරදෙසනං පත්‍ථයමානා සායන‍්හසමයෙ භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා, වන්‍දිත්‍වා, රත‍්තකම‍්බලසාණියා පරික‍්ඛිපමානා විය දෙසනං පච‍්චාසීසමානා පරිවාරෙත්‍වා නිසීදිංසු. තෙසං අජ‍්ඣාසයවසෙන භගවා ඉදං සුත‍්තං ආරභි.

එකල්හි දනවුවැසි පන්සීයක් භික්ෂූහු, සියලුදෙනාම සමාන වූ පැවැතුම් ඇතිව, ධුතාංගධාරීව, ඇරඹූ වීර්‍යය ඇතිව, විදසුන් භාවනාවෙහි නියැලුණාහු; ඇතැමෙක් තනිවම ද, දෙදෙනා බැගින් ද තිදෙනා බැගින් ද සිවුදෙනා හා පස්දෙනා බැගින් ද හැසිරෙන්නාහු; මෘදු සියුම්-ශූන්‍ය වූ ප්‍රත්‍යාකාර දැක්වෙන සූත්‍ර දේශනාවක් අසනු කැමතිව, සවස් කාලයේ භාග්‍යවතුන් වහන්සේ සමීපයට වැඩම කොට. භාග්‍යවතුන් වහන්සේට වැඳ, රතුකම්බිලි තිරයකින් උන්වහන්සේ වසන්නාක් මෙන් ධර්මදේශනාව අපේක්ෂා කරමින් භාග්‍යවතුන් වහන්සේ පිරිවරා වැඩහුන්හ. එම භික්ෂූන් වහන්සේලාගේ අදහස වශයෙන් බුදුපියාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව ඇරඹූ සේක.

යථා හි ඡෙකො චිත‍්තකාරො අපරිකම‍්මකතභිත‍්තිං ලභිත්‍වා, න ආදිතොව රූපං සමුට‍්ඨාපෙසි, මහාමත‍්තිකලෙපාදීහි පන භිත‍්තිපරිකම‍්මං තාව කත්‍වා, කතපරිකම‍්මාය භිත‍්තියා රූපං සමුට‍්ඨාපෙති, කතපරිකම‍්මං පන භිත‍්තිං ලභිත්‍වා, භිත‍්තිපරිකම‍්මබ්‍යාපාරං අකත්‍වා, රඞ‍්ගජාතානි යොජෙත්‍වා, වට‍්ටිකං වා තූලිකං වා ආදාය රූපමෙව සමුට‍්ඨාපෙති, එවමෙව භගවා අකතාභිනිවෙසං ආදිකම‍්මිකකුලපුත‍්තං ලභිත්‍වා නාස‍්ස ආදිතොව අරහත‍්තපදට‍්ඨානං සණ‍්හං සුඛුමං සුඤ‍්ඤතං විපස‍්සනාලක‍්ඛණං ආචික‍්ඛති, සීලසමාධිකම‍්මස‍්සකතාදිට‍්ඨිසම‍්පදාය පන යොජෙන‍්තො පුබ‍්බභාගපටිපදං තාව ආචික‍්ඛති. යං සන්‍ධාය වුත‍්තං –

යම්සේ ඉතා දක්ෂ වූ සිත්තරෙක් පිරියම් නොකළ බිත්තියක් ලැබ, මුලින් ම එහි රෑප නො ඇඳ; එම බිත්තිය අනර්ඝ මැටි-බදාම ආදියෙන් පිරියම් කොට, පසුව එම සුණු පිරියම් කළ බිත්තියෙහි රෑප අඳින්නේ ද, ඉදින් ඔහුට මුලදී පිරියම් කරන ලද බිත්තියක් ලැබුනේ නම් ඔහු කිසිදු පිරියමක් නොකර, එහි සායම් ආදිය යොදා වැටියකින්, තෙලිකූරකින් සිතුවම් පමණක් අඳින්නේ ද එලෙසින් ම භාග්‍යවතුන් වහන්සේ කම්සැපෙහි කළකිරුණු - ආදිකම්මික (යමෙක් පළමුවෙන් ම කළ) කුල පුත්‍රයෙකු ලැබ, පළමුව අර්හත් මාර්ගයට ළංවන මෘදුමොළොක් - ශූන්‍ය වූ විදර්ශනා ලක්ෂණ සහිත දේශනාවක් ඔහුට නො පවත්වන සේක. සීලසමාධි කම්මස්සකත සම්මාදිට්ඨි යන සම්පතීන් යොදමින් (සම්මා දිට්ඨි) පූර්වභාග ප්‍රතිපදාව මුලින්ම ඔහුට දේශනා කරන සේක. ඒ සඳහා මෙය කියන ලදී.

“තස‍්මාතිහ ත්‍වං, භික‍්ඛු, ආදිමෙව විසොධෙහි කුසලෙසු ධම‍්මෙසු. කො චාදි කුසලානං ධම‍්මානං? සීලඤ‍්ච සුවිසුද‍්ධං දිට‍්ඨි ච උජුකා. යතො ඛො තෙ, භික‍්ඛු, සීලඤ‍්ච සුවිසුද‍්ධං භවිස‍්සති දිට‍්ඨි ච උජුකා. තතො ත්‍වං, භික‍්ඛු, සීලං නිස‍්සාය සීලෙ පතිට‍්ඨාය චත‍්තාරො සතිපට‍්ඨානෙ තිවිධෙන භාවෙය්‍යාසි. කතමෙ චත‍්තාරො? ඉධ ත්‍වං, භික‍්ඛු, අජ‍්ඣත‍්තං වා කායෙ කායානුපස‍්සී විහරාහි ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. බහිද‍්ධා වා කායෙ…පෙ… අජ‍්ඣත‍්තබහිද‍්ධා වා කායෙ…පෙ… ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරාහි ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. යතො ඛො ත්‍වං, භික‍්ඛු, සීලං නිස‍්සාය සීලෙ පතිට‍්ඨාය ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානෙ එවං තිවිධෙන භාවෙස‍්සසි, තතො තුය‍්හං, භික‍්ඛු, යා රත‍්ති වා දිවසො වා ආගමිස‍්සති, වුද‍්ධියෙව පාටිකඞ‍්ඛා කුසලෙසු ධම‍්මෙසු, නො පරිහානී”ති (සං· නි· 5.369).

“එබැවින් මහණ! නුඹ මෙහිදී පළමුව කුසල ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරව. කුසල ධර්මයන්ට කුමක් මුල්වේද? ඉතා පිරිසිදු වූ ශීලයත් සෘජුවූ යහපත් දෘෂ්ටියත්‍ ය. මහණ! යම්හෙයකින් ඉතා පිරිසිදු වූ ශීලත් සෘජුවූ දෘෂ්ටියත් ඇත්නම් එවිට, මහණ! නුඹ ශීලය නිසා - සීලයෙහි පිහිටා, සතර සතිපට්ඨානයත් ත්‍රිවිධාකාරයෙන් නුවණින් මෙනෙහි කරන්නෙහිය. කවර සතරක් ද? මහණ! මෙහි නුඹ අධ්‍යාත්මික වූ කයෙහි කය අනුව බලමින් වසන්නෙහිය. කෙලෙස් තවන වීර්‍යයෙන්, වීමංසනශීලී නුවණින්, සිහි ඇතිව - ලෝකය පිළිබඳව දැඩි ලෝභ - දෝමනස්සයන් දුරු කරන්නේ ය. බාහිර වූ කයෙහි කය අනුව බලමින් -පෙ- ආධ්‍යාත්මික වූ හා බාහිර වූ කයෙහි කය අනුව බලමින් -පෙ- ධර්මයන්හි ධර්මය අනුව බලමින් කෙලෙස් තවන වීර්‍යය ඇතිව, විමසනශීලී නුවණින් යුක්තව, සිහි ඇතිව - ලෝකය පිළිබඳ දැඩි ලෝභ - දෝමනස්සයන් දුරු කරන්නෙහිය. මහණ! මෙසේ නුඹ, සීලය නිසා, සීලයෙහි පිහිටා මේ සතර සතිපට්ඨාන ධර්මයන් මෙසේ වඩන්නෙහි නම් එනිසා මහණ! නුඹවහන්සේට දිවාරාත්‍රී සෑමකල්හිම කුසල දහම් වැඩෙන්නේම ය. පිරිහීමක් නොවන්නේය.”

එවං ආදිකම‍්මිකකුලපුත‍්තස‍්ස සීලකථාය පරිකම‍්මං කථෙත්‍වා, අරහත‍්තපදට‍්ඨානං සණ‍්හං සුඛුමං සුඤ‍්ඤතං විපස‍්සනාලක‍්ඛණං ආචික‍්ඛති.

මෙසේ ආදිකම්මික කුල පුතුට ශීල කථාවෙන් මුලදී සූදානම් කර, පසුව අර්හත් ඵලයට ළංවන මෘදුමොලොක් වූ ශූන්‍ය වූ විදර්ශනා ලක්ෂණ ඇතුළත් ධර්මදේශනාවක් පවත්වන සේක.

පරිසුද‍්ධසීලං පන ආරද‍්ධවීරියං යුත‍්තයොගං විපස‍්සකං ලභිත්‍වා, නාස‍්ස පුබ‍්බභාගපටිපදං ආචික‍්ඛති, උජුකමෙව පන අරහත‍්තපදට‍්ඨානං සණ‍්හං සුඛුමං සුඤ‍්ඤතං විපස‍්සනාලක‍්ඛණං ආචික‍්ඛති.

පිරිසිදු සිල් සහිත ඇරඹූ වීර්‍යය ඇතිව භාවනාවේ යෙදීමෙන් ලබන ලද විදසුන් ඇති පුද්ගලයාට බුදුපියාණන් වහන්සේ මුලින් කී පූර්වභාග ප්‍රතිපදාව නොදෙසන සේක. ඔහුට සෘජු වූ අර්හත්ඵලයට ළංවන - මෘදු මොළොක් ශූන්‍ය වූ විදසුන් ලක්ෂණයම දේශනා කරන සේක.

ඉමෙ පඤ‍්චසතා භික‍්ඛූ පුබ‍්බභාගපටිපදං පරිසොධෙත්‍වා ඨිතා සුධන‍්තසුවණ‍්ණසදිසා සුපරිමජ‍්ජිතමණික‍්ඛන්‍ධසන‍්නිභා, එකො ලොකුත‍්තරමග‍්ගොව නෙසං අනාගතො. ඉති තස‍්සාගමනත්‍ථාය සත්‍ථා තෙසං අජ‍්ඣාසයං අපෙක‍්ඛමානො ඉදං සුත‍්තං ආරභි.

මේ පන්සීයක් භික්ෂූණ් වහන්සේලා, මැනවින් පිරිසිදුකළ රන් හා සමාන - මැනවින් පිරිමදින ලද මැණික් කඳක් හා සමාන වූ පූර්වභාග ප්‍රතිපදාව මැනවින් පුරුදුකර - පිරිසිදු කර සිටියහ. එනමුත් ඔහුවු ලෝකෝත්තර මාර්ගයට නොපැමිණියාහුමය. උන්වහන්සේලා ඒ ලෝකෝත්තර මාර්ගයට පැමිණවීම පිණිස, ශාස්තෲන් වහන්සේ ඔවුන්ගේ අදහස් අනුව මෙම සූත්‍ර දේශනාව ඇරඹූ සේක.

තත්‍ථ පටිච‍්චසමුප‍්පාදන‍්ති පච‍්චයාකාරං. පච‍්චයාකාරො හි අඤ‍්ඤමඤ‍්ඤං පටිච‍්ච සහිතෙ ධම‍්මෙ උප‍්පාදෙති. තස‍්මා පටිච‍්චසමුප‍්පාදොති වුච‍්චති. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරො පන විසුද‍්ධිමග‍්ගතො ගහෙතබ‍්බො.

එහි “පටිච්ච සමුප්පාදං” යනු පටිච්ච සමුප්පාදයයි. පටිච්ච සමුප්පාදය වනාහී අන්‍යොන්‍ය හේතු-ඵල ධර්මයන් නිසා උපදින ධර්ම වශයෙන් ප්‍රතීත්‍ය සමුප්පාදය යැයි කියනු ලැබේ. මේ දක්වන ලද්දේ ඉතා සංක්ෂිප්ත වශයෙනි. විස්තර වශයෙන් දැනගනු කැමති නම් විසුද්ධි මාර්ගය බැලිය යුතුයි.

වොති අයං වො-සද‍්දො පච‍්චත‍්ත-උපයොගකරණ-සම‍්පදාන-සාමිවචන-පදපූරණෙසු දිස‍්සති. “කච‍්චි පන වො අනුරුද‍්ධා සමග‍්ගා සම‍්මොදමානා”තිආදීසු (ම· නි· 1.326; මහාව· 466) හි පච‍්චත‍්තෙ දිස‍්සති. “ගච‍්ඡථ, භික‍්ඛවෙ, පණාමෙමි වො”තිආදීසු (ම· නි· 2.157) උපයොගෙ. “න වො මම සන‍්තිකෙ වත්‍ථබ‍්බ”න‍්තිආදීසු (ම· නි· 2.157) කරණෙ. “වනපත්‍ථපරියායං වො, භික‍්ඛවෙ, දෙසෙස‍්සාමී”තිආදීසු (ම· නි· 1.190) සම‍්පදානෙ. “සබ‍්බෙසං වො, සාරිපුත‍්ත, සුභාසිත”න‍්තිආදීසු (ම· නි· 1.345) සාමිවචනෙ. “යෙ හි වො අරියා පරිසුද‍්ධකායකම‍්මන‍්තා”තිආදීසු (ම· නි· 1.35) පදපූරණමත‍්තෙ. ඉධ පනායං සම‍්පදානෙ දට‍්ඨබ‍්බො. භික‍්ඛවෙති පතිස‍්සවෙන අභිමුඛීභූතානං පුන ආලපනං. දෙසෙස‍්සාමීති දෙසනාපටිජානනං. තං සුණාථාති තං පටිච‍්චසමුප‍්පාදං තං දෙසනං මයා වුච‍්චමානං සුණාථ.

“වො” යනු මේ වෝ ශබ්දය පඨමා, දුතියා, කරණ, චතුර්ත්ථි, ඡට්ඨි යන විභක්තිවල පද පූරණාර්ථයෙහිද යෙදේ. “කච්චි පන වො අනුරුද්ධා! සමග්ගා සම්මොදමානා” යන තැන පඨමා විභක්තියෙහි යෙදේ. “ගච්ඡථ! භික්ඛවෙ! පණාමෙමි වො”1 යන තැන දුතියා විභක්තියෙහි යෙදේ. “න වො මම සන්තිකෙ වත්ථබ්බං”1 යන තැන කරණ විභක්තියෙහි යෙදේ. “වනපත්ථ පරියායං වො භික්ඛවෙ දෙසිස්සාමි”1 යන තැන චතුත්ථි විභක්තියෙහි යෙදේ. සබ්බෙසං වො සාරිපුත්තා! සුභාසිතං”1 යන තැන්හි ඡට්ඨි විභක්තියෙහි යෙදේ. “යෙහි වො අරියා පරිසුද්ධකම්මන්තා”1 යන තැන්හි පදපූරණාර්ථයේ යෙදී ඇත. මෙම සූත්‍රයේ වෝ ශබ්දය චතුත්ථි විභක්ති අර්ථයේ යෙදී ඇතැයි දත යුතුය. “භික්ඛවෙ” යනු කීකරු භාවයෙන් අභිමුඛ වූ භික්ෂූහු නැවත ඇමතීමකි. ආලපන විභක්ති වචනයකි. “දෙසිස්සාමී” යනු දේශනා කරන බව දැනුම් දීමයි. දෙසන්නෙමි. “තං සුණාථ” යනු මවිසින් දෙසනු ලබන ඒ ප්‍රතීත්‍ය සමුප්පාද දේශනාව මැනවින් අසවු යන අර්ථයයි.

සාධුකං මනසි කරොථාති එත්‍ථ පන සාධුකං සාධූති එකත්‍ථමෙතං. අයඤ‍්ච සාධුසද‍්දො ආයාචන-සම‍්පටිච‍්ඡන-සම‍්පහංසන-සුන්‍දර-දළ‍්හීකම‍්මාදීසු දිස‍්සති. “සාධු මෙ, භන‍්තෙ, භගවා සංඛිත‍්තෙන ධම‍්මං දෙසෙතූ”තිආදීසු (අ· නි· 4.257; සං· නි· 4.65; 5.381) හි ආයාචනෙ දිස‍්සති. “සාධු, භන‍්තෙති ඛො සො භික‍්ඛු භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා”තිආදීසු (ම· නි· 3.86) සම‍්පටිච‍්ඡනෙ. “සාධු සාධු, සාරිපුත‍්තා”තිආදීසු (දී· නි· 3.349) සම‍්පහංසනෙ.

“සාධුකං මනසිකරොථ” යන මෙහි ‘සාධුකං’ යන්න මැනවි-මනාව යන එකම තේරුමක් දෙයි. මෙම “සාධු” ශබ්දය ආයාචන, සම්පටිච්ඡන, සම්පහංසන හා සුන්දර හා දළ්හීකම්ම යන අර්ථයන්හි යෙදේ. “සාධු මෙ භන්තෙ! භගවා සංචිත්තෙන ධම්මං දෙසෙතු” යනාදී තැන්වල ආයාචනය දිස්වේ. “සාධු භන්තෙ!ති ඛො සො භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා”2 යනාදියෙහි සම්පටිච්ඡන අර්ථයේ යෙදේ. “සාධු සාධු සාරිපුත්තා”2 යනාදියෙහි සම්පහංසනයෙහි යෙදේ.

“සාධු ධම‍්මරුචී රාජා, සාධු පඤ‍්ඤාණවා නරො; සාධු මිත‍්තානමද‍්දුබ‍්භො, පාපස‍්ස අකරණං සුඛ”න‍්ති. –

සාධු ධම්ම රුචි රාජා - සාධු පඤ්ඤාණවා නරො සාධුමිත්තාන මද්දුබ්භො - පාපස්ස අකරණං සුඛං

“රජු දහම රුචිකිරීම යහපති. ප්‍රඥාවන්ත මිනිසා යහපති. මිතුරන්ට ද්වේෂ නොකිරීම යහපති. පවු නොකිරීමෙන් සැප ලැබේ.”)

ආදීසු (ජා· 2.18.101) සුන්‍දරෙ.

යන මේ ගාථාවේ “සාධු” ශබ්දය සුන්දර-යහපත් අර්ථයේ යෙදේ.

“තෙන හි, බ්‍රාහ‍්මණ, සාධුකං සුණාහී”තිආදීසු (අ· නි· 5.192) සාධුකසද‍්දොයෙව දළ‍්හීකම‍්මෙ ආණත‍්තියන‍්තිපි වුච‍්චති. ඉධ පනායං එත්‍ථෙව දළ‍්හීකම‍්මෙ ආණත‍්තියා ච අත්‍ථො වෙදිතබ‍්බො, සුන්‍දරත්‍ථෙපි වට‍්ටති. දළ‍්හීකරණත්‍ථෙන හි “දළ‍්හං ඉමං ධම‍්මං සුණාථ, සුග‍්ගහිතං ගණ‍්හන‍්තා”, ආණත‍්තිඅත්‍ථෙන “මම ආණත‍්තියා සුණාථ” සුන්‍දරත්‍ථෙන “සුන්‍දරමිමං භද‍්දකං ධම‍්මං සුණාථා”ති එතං දීපිතං හොති. මනසි කරොථාති ආවජ‍්ජෙථ. සමන‍්නාහරථාති අත්‍ථො. අවික‍්ඛිත‍්තචිත‍්තා හුත්‍වා නිසාමෙථ, චිත‍්තෙ කරොථාති අධිප‍්පායො.

“තෙන හි බ්‍රාහ්මන! සාධුකං සුණාහි”2 යනාදියෙහි ‘සාධුක’ ශබ්දය ම දළ්හීකම්මයෙහිත් අණකිරීමෙහිත් යෙදී ඇත. මෙම සූත්‍රයේ ද ‘සාධුක’ ශබ්දය දළ්හීකම්මයෙහිත් අණකිරීමෙහිත් යෙදී ඇති බව දතයුතුය. සුන්දර අර්ථයෙහි ගැනීම ද සුදුසුය. දළ්හීකරණාර්ථයේ - “මනාව සිතට ගෙන දැඩිව මේ ධර්මය අසවු” අණකිරීම් අර්ථයේ - “මගේ අණින් මේ ධර්මය අසවු” සුන්දර අර්ථයෙහි - “මේ සුන්දර වූ යහපත් වූ ධර්මය අසව්.” මෙය දක්වන ලද්දේ වේ. “මනසිකරොථ” යනු “ආවර්ජනය කරවු. සිත එක්තැන් කරවු.” යන අර්ථයයි. “නොවිසිරුණු සිත් ඇතිව අසවු. සිතේ තබා ගනිව්.” යන අදහසයි.

ඉදානෙත්‍ථ තං සුණාථාති සොතින්‍ද්‍රියවික‍්ඛෙපනිවාරණමෙතං. සාධුකං මනසි කරොථාති මනසිකාරෙ දළ‍්හීකම‍්මනියොජනෙන මනින්‍ද්‍රියවික‍්ඛෙපනිවාරණං. පුරිමඤ‍්චෙත්‍ථ බ්‍යඤ‍්ජනවිපල‍්ලාසගාහනිවාරණං, පච‍්ඡිමං අත්‍ථවිපල‍්ලාසගාහනිවාරණං. පුරිමෙන ච ධම‍්මස‍්සවනෙ නියොජෙති, පච‍්ඡිමෙන සුතානං ධම‍්මානං ධාරණූපපරික‍්ඛාසු. පුරිමෙන ච “සබ්‍යඤ‍්ජනො අයං ධම‍්මො, තස‍්මා සවනීයො”ති දීපෙති, පච‍්ඡිමෙන “සාත්‍ථො, තස‍්මා මනසි කාතබ‍්බො”ති. සාධුකපදං වා උභයපදෙහි යොජෙත්‍වා, “යස‍්මා අයං ධම‍්මො ධම‍්මගම‍්භීරො ච දෙසනාගම‍්භීරො ච, තස‍්මා සුණාථ සාධුකං. යස‍්මා අත්‍ථගම‍්භීරො ච පටිවෙධගම‍්භීරො ච, තස‍්මා සාධුකං මනසි කරොථා”ති එවං යොජනා වෙදිතබ‍්බා. භාසිස‍්සාමීති දෙසෙස‍්සාමි. “තං සුණාථා”ති එත්‍ථ පටිඤ‍්ඤාතං දෙසනං සංඛිත‍්තතොව න දෙසෙස‍්සාමි, අපිච ඛො විත්‍ථාරතොපි නං භාසිස‍්සාමීති වුත‍්තං හොති. සඞ‍්ඛෙපවිත්‍ථාරවාචකානි හි එතානි පදානි. යථාහ වඞ‍්ගීසත්‍ථෙරො –

දැන් මෙහි “තං සුනාථ” යනු සෝතින්ද්‍රියෙහි අවුල්බව කලබල බව දුරුකිරීමකි. “සාධුකං මනසිකරොථ” යනුවෙන් සිහිපත් කිරීමෙහි දැඩිව යෙදීමෙන් මතින්ද්‍රිය අවුල්වීම වැලකේ. මෙහි පළමු වැන්නෙන් ව්‍යඤ්ජන විපර්‍යාස අල්ලාගැනීම වලක්වන ලදී. පසුපදයෙන් අර්ථ විපර්‍යාස අල්ලාගැනීම වලකන ලදී. මුල්පදයෙන් ධර්මශ්‍රවණයෙහි යොදවයි. පසුපදයෙන් ඇසූ සූත්‍රධර්ම දැරීම - මතක තබාගැනීම - පරීක්ෂා කිරීම ආදියේ යොදවයි. පළමු පදයෙන් ව්‍යඤ්ජන සහිත බැවින් මේ ධර්මය ඇසිය යුතුයැයි දක්වයි. පසු පදයෙන් අර්ථ සහිත බැවින් මේ ධර්මය සිතින් මෙනෙහි කළයුතු බව දක්වයි. “සාධුකං” යන පදය මේ පද දෙකෙහිම හෝ යොදා “මේ ධර්මය ධර්ම ගාම්භීරත්වයෙන් ද දේශනා ගාම්භීරත්වයෙන් ද යුතු බැවින් මැනවින් අසවු. අර්ථ ගම්භීරත්වය කරවු.” ප්‍රතිවේධ ගම්භීරත්වයෙන් ද යුතු බැවින් මැනවින් සිහිපත් කරවු.” මෙසේ අර්ථ යෝජනාව දැක්විය යුතුයි. “භාසිස්සාමී” යනු “දේශනා කරන්නෙමි යනුයි. එය අසවු” මෙහි ප්‍රතිඥා කරන ලද දේශනාව සංක්ෂිප්ත වශයෙන් නොව, විස්තර වශයෙන් ම දේශනා කරන්නෙමි” යන අදහස ගෙනදෙයි. මේ පද සංක්ෂිප්ත බව හා විස්තරාත්මක බව ප්‍රකාශ කරන ඒවාය. වංගීස තෙරණුවෝ මෙසේ වදාළහ.

“සංඛිත‍්තෙනපි දෙසෙති, විත්‍ථාරෙනපි භාසති; සාළිකායිව නිග‍්ඝොසො, පටිභානං උදීරයී”ති. (සං· නි· 1.214; ථෙරගා· 1241);

“සංඛිත්තෙනපි දෙසෙති විත්ථාරෙන්පි භාසති සාළිකායිව නිග්ඝොසො පටිභාණං උදීරයී” ති

“සංක්ෂිප්තව ද දේශනා කරයි. විස්තර වශයෙන් ද දේශනා කරයි. සැළලිහිණියකට බඳු මියුරු හඬින් කියනු කැමති වූ විට මුදුදේ රළ මෙන් ප්‍රතිභානය නැග එයි.”

එවං වුත‍්තෙ උස‍්සාහජාතා හුත්‍වා එවං, භන‍්තෙති ඛො තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං සත්‍ථු වචනං සම‍්පටිච‍්ඡිංසු, පටිග‍්ගහෙසුන‍්ති වුත‍්තං හොති.

මෙසේ වදාළ විට ශ්‍රාවක භික්ෂූහු උත්සාහවන්ත වූවාහු “එවං භන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං” යනුවෙන් “ශාස්තෲන් වහන්සේගේ වචනය මැනවින් පිළිගත්හ. බාරගත්හ.”යි කියන ලදී.

අථ නෙසං භගවා එතදවොච – එතං ඉදානි වත‍්තබ‍්බං “කතමො ච, භික‍්ඛවෙ, පටිච‍්චසමුප‍්පාදො”තිආදිං සකලං සුත‍්තං අවොච.

ඉක්බිති ඔවුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. “දැන් මෙය කිවයුතුයි. මහණෙනි! පතීත්‍ය සමුප්පාදය කවරේද?” යනාදී සියලුම සූත්‍ර දේශනාව මෙතැනදී දේශනා කළ සේක.

තත්‍ථ කතමො ච, භික‍්ඛවෙ, පටිච‍්චසමුප‍්පාදොති කථෙතුකම්‍යතාපුච‍්ඡා.

එහි “කතමොච භික්ඛවෙ! පටිච්ච සමුප්පාදො” යි තමන්වහන්සේ ම පිළිතුරු දෙනු කැමති විමසීමකි.

පඤ‍්චවිධා හි පුච‍්ඡා අදිට‍්ඨජොතනාපුච‍්ඡා දිට‍්ඨසංසන්‍දනාපුච‍්ඡා විමතිච‍්ඡෙදනාපුච‍්ඡා අනුමතිපුච‍්ඡා කථෙතුකම්‍යතාපුච‍්ඡාති, තාසං ඉදං නානත‍්තං –

ප්‍රශ්න විචාරීම් ක්‍රම පහකි. එනම්; අදිට්ඨජෝතනා පුච්ඡාව, දිට්ඨ සංසන්දනා පුච්ඡාව, විමතිච්ඡේදනා පුච්ඡාව, අනුමති පුච්ඡාව සහ කථෙකුතම්‍යතා පුච්ඡාව යන පසයි. මේ ඔවුන්ගේ නානාවිධත්වයයි.

කතමා අදිට‍්ඨජොතනා පුච‍්ඡා (මහානි· 150; චූළනි· පුණ‍්ණකමාණවපුච‍්ඡානිද‍්දෙස 12)? පකතියා ලක‍්ඛණං අඤ‍්ඤාතං හොති අදිට‍්ඨං අතුලිතං අතීරිතං අවිභූතං අවිභාවිතං. තස‍්ස ඤාණාය දස‍්සනාය තුලනාය තීරණාය විභූතාය විභාවනත්‍ථාය පඤ‍්හං පුච‍්ඡති. අයං අදිට‍්ඨජොතනාපුච‍්ඡා.

“අදිට්ඨජෝතන පුච්ඡාව” යනු කුමක් ද? ස්වභාවයෙන්ම නොදත්, නොදුටු, අසමාන වූ, තීරණය නොකළ, විස්තර නොකළ, අප්‍රකට ලක්ෂණ සහිත යම් කාරණයක් ඔහුට දැනගැනීමට, දැකගැනීමට, සමාන කිරීමට, තීරණය කිරීමට, විස්තර කිරීමට හා ප්‍රකට කිරීමට ප්‍රශ්න විචාරයි. මේ ප්‍රශ්නය “අදිට්ඨ ජෝතනා පුච්ඡාව” නම් වේ.

කතමා දිට‍්ඨසංසන්‍දනාපුච‍්ඡා? පකතියා ලක‍්ඛණං ඤාතං හොති දිට‍්ඨං තුලිතං තීරිතං විභූතං විභාවිතං. සො අඤ‍්ඤෙහි පණ‍්ඩිතෙහි සද‍්ධිං සංසන්‍දනත්‍ථාය පඤ‍්හං පුච‍්ඡති. අයං දිට‍්ඨසංසන්‍දනාපුච‍්ඡා.

“දිට්ඨ සංසන්දනා පුච්ඡාව” නම් කවරේද? ස්වභාවයෙන්ම දැනගත්, දැකගත්, සමාන කළ, තීරණය කළ, විස්තර කළ හා ප්‍රකට වූ ලක්ෂණ සහිත කාරණයක්, අනෙකුත් පඬිවරුන්ගේ දර්ශන සමග සැසඳීම සඳහා ප්‍රශ්න විචාරයි. මෙය ‘දිට්ඨ සංසන්දනා පුච්ඡාව’ නම් වේ.

කතමා විමතිච‍්ඡෙදනාපුච‍්ඡා? පකතියා සංසයපක‍්ඛන්‍දො හොති විමතිපක‍්ඛන්‍දො ද‍්වෙළ‍්හකජාතො – “එවං නු ඛො, න නු ඛො, කථං නු ඛො”ති, සො විමතිච‍්ඡෙදනත්‍ථාය පඤ‍්හං පුච‍්ඡති, අයං විමතිච‍්ඡෙදනාපුච‍්ඡා.

“විමතිච්ඡේදනා පුච්ඡාව” කවරේද? ස්වභාවයෙන් ම සැක සහිත වූ විමති සහිත වූ සැක උපදවන්නා වූ යම් කාරණයක් වේද එය “එසේද?” “එසේ නොවේද?” “කවරාකාරද?” ආදී වශයෙන් සැක සංකා සහිතවේද-එහි සැක දුරුකරගැනීම සඳහා ප්‍රශ්නයක් විමසයි. මේ ප්‍රශ්නය “විමත්ච්ඡේදනා පුච්ඡාව” නම් වේ.

කතමා අනුමතිපුච‍්ඡා? භගවා භික‍්ඛූනං අනුමතියා පඤ‍්හං පුච‍්ඡති – “තං කිං මඤ‍්ඤථ, භික‍්ඛවෙ, රූපං නිච‍්චං වා අනිච‍්චං වා”ති, අනිච‍්චං, භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති, දුක‍්ඛං, භන‍්තෙ. යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං, කල‍්ලං නු තං සමනුපස‍්සිතුං – “එතං මම එසොහමස‍්මි එසො මෙ අත‍්තා”ති, නො හෙතං භන‍්තෙති (සං· නි· 3.79). අයං අනුමතිපුච‍්ඡා.

“අනුමති පුච්ඡාව” කවරේද? භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගේ අනුමැතිය ලබාගනිමින් ප්‍රශ්න විමසන සේක. “මහණෙනි! නුඹලා කුමක් සිතන්නෙහුද? “රූපය නිත්‍ය ද? අනිත්‍ය ද?” “ස්වාමීනි! රූපය අනිත්‍යයයි.” “යමක් අනිත්‍ය නම් එය දුක ද? සැප ද?” “ස්වාමීනි! යමක් අනිත්‍යය නම් එය දුකකි.” “යමක් අනිත්‍යනම්, දුක නම්, පරිණාමයට පත්වේ නම්, “මෙය මගේය. මේ මම වෙමි. මේ මගේ අත්මයයි.” යනුවෙන් සැළකිය හැකිද?” “ස්වාමීනි! එසේ සැලකිය නොහැක.” මෙය අනුමත පුච්ඡාව නම් වේ.

කතමා කථෙතුකම්‍යතාපුච‍්ඡා? භගවා භික‍්ඛූනං කථෙතුකම්‍යතාය පඤ‍්හං පුච‍්ඡති – “චත‍්තාරොමෙ, භික‍්ඛවෙ, සතිපට‍්ඨානා. කතමෙ චත‍්තාරො”ති? අයං කථෙතුකම්‍යතාපුච‍්ඡාති.

“කථෙතු කම්‍යතා පුච්ඡාව” යනු කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේට ධර්මකාරණයක් විග්‍රහ කරනු කැමතිව ප්‍රශ්න විමසන සේක. “මහණෙනි! මෙහි සතිපට්ඨාන ධර්ම සතරකි. කවර සතරක් ද? යනුවෙනි. මෙය කථෙතුකම්‍යතා පුච්ඡාව නම් වේ.

තත්‍ථ බුද‍්ධානං පුරිමා තිස‍්සො පුච‍්ඡා නත්‍ථි. කස‍්මා? බුද‍්ධානඤ‍්හි තීසු අද‍්ධාසු කිඤ‍්චි සඞ‍්ඛතං අද‍්ධාවිමුත‍්තං වා අසඞ‍්ඛතං අදිට‍්ඨං අජොතිතං අතුලිතං අතීරිතං අවිභූතං අවිභාවිතං නාම නත්‍ථි. තෙන නෙසං අදිට‍්ඨජොතනාපුච‍්ඡා නත්‍ථි. යං පන භගවතා අත‍්තනො ඤාණෙන පටිවිද‍්ධං, තස‍්ස අඤ‍්ඤෙන සමණෙන වා බ්‍රාහ‍්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ‍්මුනා වා සද‍්ධිං සංසන්‍දනකිච‍්චං නත්‍ථි. තෙනස‍්ස දිට‍්ඨසංසන්‍දනාපුච‍්ඡා නත්‍ථි. යස‍්මා පනෙස අකථංකථී තිණ‍්ණවිචිකිච‍්ඡො සබ‍්බධම‍්මෙසු විහතසංසයො. තෙනස‍්ස විමතිච‍්ඡෙදනාපුච‍්ඡා නත්‍ථි. ඉතරා පන ද‍්වෙ පුච‍්ඡා භගවතො අත්‍ථි. තාසු අයං කථෙතුකම්‍යතා පුච‍්ඡාති වෙදිතබ‍්බා.

මෙහි බුදුවරුන්ට මුලින් පැවසූ ප්‍රශ්න ක්‍රම තුන නැත. කුමක් නිසා ද? බුදුවරුන්ගේ දේශනාවෙහි, ඒකාන්තයෙන් මිදීමට හේතුවන සංඛත වූ හෝ අසංඛත වූ හෝ නොදක්නා ලද, බැබලීමට නොපත් වූ, අසමාන වූ, තීරණය කළ නොහැකි, අප්‍රකට, විස්තර කල නොහැකි ධර්ම කරුණක් තුන්කල්හිම නැත. එනිසා බුදුවරුන්ට අදිට්ඨජෝතනා පුච්ඡාව නැත. භාග්‍යවතුන් වහන්සේ විසින්, තමන් වහන්සේගේ ඤාණයෙන් අවබෝධ කරගෙන දෙසන ලද ධර්මයෙහි; අන්‍ය වූ ශ්‍රමණ-බ්‍රාහ්මණ-දේව-මාර-බ්‍රහ්ම යනාදී කවර සත්ත්වයකු සමගවත් කිසිදු ආකාරයක සැසඳීමක්-සන්සන්දනයක් නම් නැත. මෙනිසා බුද්ධ දේශනාවෙහි දිට්ඨ සංසන්දනා පුච්ඡාව ද නැත. බුදුරජාණන් වහන්සේ කිසිදු සැකයක් නැති උතුමෙකි. සැක ඉක්මවා, තරණය කළ - සියලු ධර්ම පිළිබඳ පහවූ සැක ඇති උතුමෙකි. එනිසා උන්වහන්සේට විමතිඡේදනා පුච්ඡාව නැත. ඉතිරි ප්‍රශ්න ක්‍රම දෙක භාග්‍යවතුන් වහන්සේට ඇත. එම දෙක අතුරින් මෙම සූත්‍රයේ “කථෙතු කම්‍යතා පුච්ඡාව” යෙදුණු බව දතයුතුයි.

ඉදානි තාව පුච‍්ඡාය පුට‍්ඨං පච‍්චයාකාරං විභජන‍්තො අවිජ‍්ජාපච‍්චයා, භික‍්ඛවෙ, සඞ‍්ඛාරාතිආදිමාහ. එත්‍ථ ච යථා නාම “පිතරං කථෙස‍්සාමී”ති ආරද‍්ධො “තිස‍්සස‍්ස පිතා සොණස‍්ස පිතා”ති පඨමතරං පුත‍්තම‍්පි කථෙති, එවමෙව භගවා පච‍්චයං කථෙතුං ආරද‍්ධො “අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා”තිආදිනා නයෙන සඞ‍්ඛාරාදීනං පච‍්චයෙ අවිජ‍්ජාදිධම‍්මෙ කථෙන‍්තො පච‍්චයුප‍්පන‍්නම‍්පි කථෙසි. ආහාරවග‍්ගස‍්ස පන පරියොසානෙ “පටිච‍්චසමුප‍්පාදඤ‍්ච වො, භික‍්ඛවෙ, දෙසෙස‍්සාමි පටිච‍්චසමුප‍්පන‍්නෙ ච ධම‍්මෙ”ති (සං· නි· 2.20) උභයං ආරභිත්‍වා උභයම‍්පි කථෙසි. ඉදානි අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරාතිආදීසු පන අවිජ‍්ජා ච සා පච‍්චයො චාති අවිජ‍්ජාපච‍්චයො. තස‍්මා අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා සම‍්භවන‍්තීති ඉමිනා නයෙන අත්‍ථො වෙදිතබ‍්බො. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරෙන පන සබ‍්බාකාරසම‍්පන‍්නා අනුලොමපටිච‍්චසමුප‍්පාදකථා විසුද‍්ධිමග‍්ගෙ කථිතා, තස‍්මා සා තත්‍ථ කථිතවසෙනෙව ගහෙතබ‍්බා.

දැන් ඒ ප්‍රශ්නයෙන් විමසන ලද ප්‍රත්‍යාකාරයත් බෙදා දක්වන සේක් “අවිජ්ජා පච්චයා භික්ඛවෙ! සංඛාරා” යනාදිය දෙසූ හ. මෙහිදී - යම්සේ “පියාට කථාකරන්නෙමි”යි අදහස් කළ තැනැත්තෙක්, “සෝණගේ පියා”, “තිස්සගේ පියා” ආදී ලෙස පළමුව පුතු ගැන සඳහන් කරන්නේ ද එලෙසින් ම භාග්‍යවතුන් වහන්සේ ප්‍රත්‍ය දේශනා කිරීමට අරඹන ලද සේක්. “අවිද්‍යාව හේතුවෙන් සංස්කාර ධර්ම හටගනී” යනාදී ලෙස සංස්කාරාදී ප්‍රත්‍යයන්ට හේතුවූ අවිද්‍යාදී ධර්ම පිලිබඳව දේශනා කරන සේක් ප්‍රත්‍යොත්පන්න ධර්ම දේශනා කළ සේක. ආහාර වර්ගය අවසානයේ “මහණෙනි! නුඹලාට ප්‍රතීත්‍ය සමුත්පාදය දේශනා කරමි. ප්‍රතීත්‍යසමුත්පාද ධර්මයන් ද දේශනා කරන්නෙමි” යි මෙසේ දෙකම ආරම්භ කළසේක් එම දේශනා දෙකම පැවැත්වූහ. මෙහි “අවිජ්ජා පච්චයා සංඛාරා” යන තැන්හි අවිද්‍යාවත් ප්‍රත්‍යයත් වූයේ එකම බැවින් එය “අවිජ්ජා පච්චය” වේ. “අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර හටගනිය.” යන මේ ක්‍රමයෙන් අර්ථ දතයුතුයි. මේ දැක්වූයේ සංක්ෂිප්ත වශයෙනි. විස්තර වශයෙන් සියලු ආකාරයෙන් සම්පූර්ණ වූ අනුලෝම වූ ප්‍රතීත්‍ය සමුත්පාද කථාව විසුද්ධි මාර්ග

පටිලොමකථායං පන අවිජ‍්ජාය ත්‍වෙවාති අවිජ‍්ජාය තු එව. අසෙසවිරාගනිරොධාති විරාගසඞ‍්ඛාතෙන මග‍්ගෙන අසෙසනිරොධා. සඞ‍්ඛාරනිරොධොති සඞ‍්ඛාරානං අනුප‍්පාදනිරොධො හොති.

ප්‍රතිලෝම වූ ප්‍රතීත්‍ය සමුප්පාද කථාව වනාහී “අවිජ්ජායත්වෙ” යි අවිද්‍යාවෙහි ම වේ. “අසේස විරාග නිරොධා” යනු විරාග සංඛ්‍යාත වූ ලෝකෝත්තර මාර්ගයෙන් ඉතිරි නොකර තණ්හාව සිඳලීමයි. “සංඛාර නිරොධා” යනු සංස්කාරයන් නූපදීමෙන් නිරෝධය වේ.

එවංනිරොධානං පන සඞ‍්ඛාරානං නිරොධා විඤ‍්ඤාණාදීනඤ‍්ච නිරොධා නාමරූපාදීනි නිරුද‍්ධානියෙව හොන‍්තීති දස‍්සෙතුං සඞ‍්ඛාරනිරොධා විඤ‍්ඤාණනිරොධොතිආදීනි වත්‍වා, එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොතීති ආහ. තත්‍ථ කෙවලස‍්සාති සකලස‍්ස, සුද‍්ධස‍්ස වා, සත‍්තවිරහිතස‍්සාති අත්‍ථො. දුක‍්ඛක‍්ඛන්‍ධස‍්සාති දුක‍්ඛරාසිස‍්ස. නිරොධො හොතීති අනුප‍්පාදො හොති.

මෙසේ නිරෝධයෙන්ගේ වශයෙන් සංස්කාර ධර්මයෝ නිරුද්ධ වීමෙන් විඤ්ඤාණාදිය ද නිරුද්ධ වේ. නාමරූපාදියේ නැසීයාම ද එනිසා ම වේයැයි දැක්වීමට “සංඛාර නිරොධා විඤ්ඤාණ නිරොධො” ආදිය කියා “එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති” යි දෙසූහ. එහි “කෙවලස්ස” යනු සියලු ආකාරයෙන්ම පිරිසිදු වූ - ඇලීම් විරහිත වූ යන අර්ථයයි. “දුක්ඛක්ඛන්දස්ස” යනු දුක් රැසයි. “නිරොධො හොති” යනු නො ඉපදීම වේ.

ඉති භගවා අනුලොමතො ද‍්වාදසහි පදෙහි වට‍්ටකථං කථෙත්‍වා තමෙව වට‍්ටං විනිවට‍්ටෙත්‍වා පටිලොමතො ද‍්වාදසහි පදෙහි විවට‍්ටං කථෙන‍්තො අරහත‍්තෙන දෙසනාය කූටං ගණ‍්හි. දෙසනාපරියොසානෙ තෙ පඤ‍්චසතා ආරද‍්ධවිපස‍්සකා උග‍්ඝටිතඤ‍්ඤූපුග‍්ගලා සූරියරස‍්මිසම‍්ඵුට‍්ඨානි පරිපාකගතානි පදුමානි විය සච‍්චානි බුජ‍්ඣිත්‍වා අරහත‍්තඵලෙ පතිට‍්ඨහිංසු.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ අනුලෝම වශයෙන් දොළොස් පදයකින් සංසාරික පැවැත්ම පිළිබඳ දේශනාව පවත්වා, ඒ වෘත්තය ම නැවත පෙරළා ප්‍රතිලෝම වශයෙන් දොළොස් පදයකින් සසර නැවැත්ම පිළිබඳ වෘත්තය දේශනා කරන සේක්, දේශනාවේ ප්‍රධාන අරමුණ රහත්බවට යොමුකළහ. දේශනාව අවසානයේ ඇරඹූ විදර්ශනා වැඩීම් ඇති ඒ පන්සීයක් උග්ඝටිතඤ්ඤූ පුද්ගලයෝ වූ භික්ෂූහු, සූර්‍ය රශ්මිය මනාව ස්පර්ශ කළ මේරූ පියුම් මෙන් සත්‍යය අවබෝධ කළාහු ඵලයෙහි පිහිටියහ.

ඉදමවොච භගවාති ඉදං වට‍්ටවිවට‍්ටවසෙන සකලසුත‍්තං භගවා අවොච. අත‍්තමනා තෙ භික‍්ඛූති තුට‍්ඨචිත‍්තා තෙ පඤ‍්චසතා ඛීණාසවා භික‍්ඛූ. භගවතො භාසිතං අභිනන්‍දුන‍්ති කරවීකරුතමඤ‍්ජුනා කණ‍්ණසුඛෙන පණ‍්ඩිතජනහදයානං අමතාභිසෙකසදිසෙන බ්‍රහ‍්මස‍්සරෙන භාසතො භගවතො වචනං අභිනන්‍දිංසු, අනුමොදිංසු චෙව සම‍්පටිච‍්ඡිංසු චාති අත්‍ථො. තෙනෙතං වුච‍්චති –

“ඉදමවො ච භගවා” මෙසේ සසර පැවැත්ම හා නැවැත්ම පිළිබඳ චක්‍රයක් වශයෙන් සියලු සූත්‍රය, බුදුරජාණන් වහන්සේ විසින් ම දේශනා කළ සේක. “අත්තමනා තෙ භික්ඛු” යනු සතුටු සිත් ඇති ඒ පන්සීයයක් ක්ෂීණාස්‍රව භික්ෂූහු “භගවතො භාසිතං අභිනන්දුන්තී” - සිත් පිනවන කන්කලු කොවුල් නදින්, පණ්ඩිත ජන හදවත්වලට අමාදිය ඉසින්නාක් මෙන් බ්‍රහ්ම ස්වරයෙන් දේශනා කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට ඉතා සතුටුවූහ. අනුමෝදන් වූහ. එසේම මැනවින් පිළිගත්හ. යන අර්ථයයි. එනිසා මෙය කියන ලදී.

“සුභාසිතං සුලපිතං, සාධු සාධූති තාදිනො; අනුමොදමානා සිරසා, සම‍්පටිච‍්ඡිංසු භික‍්ඛවො”ති.

“සුභාසිතං සුලසිතං සාධු සාධුති තාදිනො අනුමොදමානා සිරසා සම්පටිච්ඡිංසු භික්ඛවො”

“කෙලෙස් සිඳලූ භික්ෂූහු මැනවින් දෙසූ - මැනවින් වදහළ බුදුදෙසුම ඇසුවාහු. “මැනවැ” යි කියා සතුටුවෙමින් මැනවින් එය පිළිත්හ.

පඨමපටිච‍්චසමුප‍්පාදසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

පළමු පටිච්ච සමුප්පාද සූත්‍ර වර්ණනාව නිමාවිය.