පටිච්චසමුප්පාදසුත්තං
1. 1. 1.
1. 1. 1.
පටිච්චසමුප්පාදසුත්තං
පටිච්චසමුප්පාද සූත්‍රය
1.එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි ‘භික්ඛවො’ති. ‘භදන්තෙ’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු ‘පින්වතුන් වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
පටිච්චසමුප්පාදං වො භික්ඛවෙ, දෙසිස්සාමි. තං සුණාථ. සාධුකං මනසි කරොථ. භාසිස්සාමීති. ‘එවං භන්තෙ’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
මහණෙනි, තොපට පටිච්චසමුප්පාදය දේශනා කරමි. එය අසවු. මනා කොට මෙනෙහි කරවු. දේශනා කරමි. ‘එසේ ය, වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
කතමො ච භික්ඛවෙ, පටිච්චසමුප්පාදො? අවිජ්ජාපච්චයා භික්ඛවෙ සඞ්ඛාරා. සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං. විඤ්ඤාණපච්චයා නාමරූපං. නාමරූපපච්චයා සළායතනං. සළායතනපච්චයා ඵස්සො. ඵස්සපච්චයා වෙදනා. වෙදනාපච්චයා තණ්හා. තණ්හාපච්චයා උපාදානං. උපාදානපච්චයා භවො. භවපච්චයා ජාති. ජාතිපච්චයා ජරාමරණං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. අයං වුච්චති භික්ඛවෙ පටිච්චසමුප්පාදො.
මහණෙනි, පටිච්චසමුප්පාදය කවරේ ද? මහණෙනි, අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥානප්‍රත්‍යයයෙන් (නාමය ද, රූපය ද,) නාමරූපය ද වේ. නාමරූපප්‍රත්‍යයයෙන් (ෂ ෂ්ඨායතනයද) ෂඩායතනය ද වේ. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්ශය වේ. ස්පර්ශප්රත්යයයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදානය වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ, සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගණිත්. මෙසේ මේ හුදු දුඃඛස්කන්ධයාගේ උත්පත්තිය වේ. මහණෙනි, මේ (ප්‍රත්‍යයාකාරය) පටිච්චසමුප්පාද ය යයි කියනු ලැබේ.
අවිජ්ජාය ත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො. සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො. විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො. නාමරූපනිරොධා සළායතනනිරොධො. සළායතනනිරොධා ඵස්සනිරොධො. ඵස්සනිරොධා වෙදනානිරොධො. වෙදනානිරොධා තණ්හානිරොධො. තණ්හානිරොධා උපාදානනිරොධො. උපාදානනිරොධා භවනිරොධො. භවනිරොධා ජාතිනිරොධො. ජාතිනිරොධා ජරාමරණං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති. ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
අවිද්‍යාවේ ම අශේෂවිරාග (අනුශය සමුදඝාත) නම් වූ නිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධය වේ. නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධය වේ. ෂඩායතනනිරෝධයෙන් ස්පර්‍ශනිරෝධය වේ. ස්පර්ශනිරෝධයෙන් වේදනානිරෝධය වේ. වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ. තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භාවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරෝධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ, සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වෙයි. මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. සතුටු වූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ.