අක‍්කොධසුත‍්තං
11. 3. 5.
11. 3. 5.
අක‍්කොධසුත‍්තං
අක්කෝධ සූත්‍රය
271. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ද‍්වෙ භික‍්ඛූ සම‍්පයොජෙසුං -පෙ-
271. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි භික්‍ෂූහු දෙදෙනෙක් කලහ කළහ. … - …
භූතපුබ‍්බං භික‍්ඛවෙ සක‍්කො දෙවානමින්‍දො සුධම‍්මායං සභායං දෙවෙ තාවතිංසෙ අනුනයමානො තායං වෙලායං ඉමං ගාථං අභාසි:
මහණෙනි, පෙර වූවක් කියමි. සක්දෙවිඳු සුදම්සෙබෙහි තව්තිසා වැසි දෙවියන් සතුටු කරවමින් ඒ වෙලාවෙහි මේ ගාථාව කී ය:
මා වො කොධො අජ‍්ඣභවි මා ච කුජ‍්ඣිත්‍ථ කුජ‍්ඣතං, අක‍්කොධො අවිහිංසා ච අරියෙසු වසතී සදා, අථ පාපජනං කොධො පබ‍්බතො වාභිමද‍්දතීති.
ක්‍රෝධය තෙමේ තොප නහමක් මඩීවා! කිපෙන්නවුන්ට නො ද කිපෙව. ක්‍රෝධ නො කිරීම ද අවිහිංසාව ද හැම කල්හි ආර්‍ය්‍යයන් කෙරෙහි පවතී. වැලි ක්‍රෝධය පර්‍වතයක් මෙන් ලාමක ජනයා වෙසෙසින් මඩියි.
සක‍්කපඤ‍්චකං.
සක්ක පඤ්චක යයි.
තත්‍රුද‍්දානං:
එහි උද්දානය:
ඣත්‍වා දුබ්බණ්ණිය මායා අච‍්චයෙන අකොධනො, දෙසිතං බුද‍්ධසෙට‍්ඨෙන ඉදං හි සක‍්කපඤ‍්චකන‍්ති.
ඣත්‍වා, දුබ්බණ්ණිය, මායා, අච්චය, අක්කෝධන යයි මේ සක්කපඤ්චකය බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරණ ලදී.
සක‍්කසංයුත‍්තං සමත‍්තං.
සක්ක සංයුත්තය සමාප්ත යි.
දෙවතා දෙවපුත‍්තො ච රාජා මාරො ච භික‍්ඛුනී, බ්‍රහ‍්මා බ්‍රාහ‍්මණ වඞ‍්ගීසො වන යක‍්ඛෙන වාසවොති.
(සංයුත්තනාමාවලිය:) දේවතා, දේවපුත්ත, (කෝසල) රාජ, මාර, භික්ඛුනී, බ්‍රහ්ම, බ්‍රාහ්මණ, වඞ්ගීස, වන, යක්ඛ, වාසව (- සක්ක) යි සංයුත්ත එකොළොසෙකි.
සගාථවග‍්ගො නිට‍්ඨිතො.
සගාථවර්‍ගය නිමියේ ය.