යෙදුමෙන් කියවන්න

3. සක‍්කපඤ‍්චකං අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

3. සක්කපඤ්චකය

1. ඣත්‍වාසුත‍්තවණ‍්ණනා

1. ඣත්වා සූත්‍ර වර්ණනාව

තතියවග‍්ගස‍්ස පඨමං වුත‍්තත්‍ථමෙව.

එකොළොස් වැන්න කියන ලද අර්ථ ම ය.

පඨමං.

එකොළොස් වැනි සූත්‍රය යි.

2. දුබ‍්බණ‍්ණියසුත‍්තවණ‍්ණනා

2. දුබ්බණ්ණිය සූත්‍ර වර්ණනාව

දුතියෙ දුබ‍්බණ‍්ණොති ඣාමඛාණුවණ‍්ණො. ඔකොටිමකොති ලකුණ‍්ඩකො මහොදරො. ආසනෙති පණ‍්ඩුකම‍්බලසිලායං. කොධභක‍්ඛොති සක‍්කෙන ගහිතනාමමෙවෙතං. සො පන එකො රූපාවචරබ්‍රහ‍්මා, “සක‍්කො කිර ඛන‍්තිබලෙන සමන‍්නාගතො”ති සුත්‍වා වීමංසනත්‍ථං ආගතො. අවරුද‍්ධකයක‍්ඛා පන එවරූපං සංවිහිතාරක‍්ඛං ඨානං පවිසිතුං න සක‍්කොන‍්ති. උපසඞ‍්කමීති දෙවානං සුත්‍වා “න සක‍්කා එස ඵරුසෙන චාලෙතුං, නීචවුත‍්තිනා පන ඛන‍්තියං ඨිතෙන සක‍්කා පලාපෙතු”න‍්ති තථා පලාපෙතුකාමො උපසඞ‍්කමි. අන‍්තරධායීති ඛන‍්තියං ඨත්‍වා බලවචිත‍්තීකාරං පච‍්චුපට‍්ඨපෙත්‍වා නීචවුත‍්තියා දස‍්සියමානාය සක‍්කාසනෙ ඨාතුං අසක‍්කොන‍්තො අන‍්තරධායි. න සූපහතචිත‍්තොම‍්හීති එත්‍ථ සූති නිපාතමත‍්තං, උපහතචිත‍්තොම‍්හීති ආහ. නාවත‍්තෙන සුවානයොති න කොධාවත‍්තෙන සුආනයො, කොධවසෙ වත‍්තෙතුං න සුකරොම‍්හීති වදති. න වො චිරාහන‍්ති වොති නිපාතමත‍්තං, අහං චිරං න කුජ‍්ඣාමීති වදති.

දොළොස් වැන්නේ - දුබ්බණ්ණෙ දැවුණු කොටයක පාට ඇත්තේ, ඔකොටිමකො ඉතා මිටි - මහ උදරයක් ඇති. ආසනෙ පණ්ඩුකම්බල ශෛලාසනයෙහි කොධ භක්‍ඛො මෙය ශක්‍රයා විසින් ගන්නා ලද නම යි. හේ එක් රූපාවචර බ්‍රහ්මයෙකි. ශක්‍රයා ක්ෂාන්ති බලයෙන් සමන්විත යයි අසා විමසීම පිණිස පැමිණියේ ය. අවහිර කරනු ලැබූ යක්ෂයෝ මේ අයුරින් සංවිධානය වූ ආරක්ෂාස්ථානයට ඇතුළු වීමට නො හැකි වෙත්. උපසංකමි දෙවියන්ගේ (කථාව) අසා මොහු පරුෂ බවින් සොළවන්ට නො හැක. යටහත් පහත් ලෙස හා ක්ෂාන්තියෙහි සිට පන්නා දැමීමට හැකි වේ. එසේ පන්නා දැමීමට කැමති ව අසළට පැමිණියේ ය. අන්තරධායී ක්ෂාන්තියෙහි පිහිටා බලවත් සිතිවිල්ලක් සිතේ දරා ගෙන යටහත් බවින් යුතු ව බලා සිටි කල්හි අසුනෙහි සිටීමට නො හැකි වූයේ අතුරුදන් විය. නසූපහතචිත්තොම්හි මෙහි ‘සු’ යනු නිපාත මාත්‍රයකි. ‘න උපහත චිත්තොම්හි අහං - මම නසන ලද සිත් ඇත්තෙක් නො වෙමි. නාවත්තෙන සුවානයො ක්‍රෝධ ව්‍රතයෙන් පහසුවෙන් ගෙන ආ හැකි නො වේ. ක්‍රෝධ වසඟයෙහි පැවැත්මට නො හැක්කෙමි යි කියයි. න වො චිරාහං ‘වො’ නිපාත මාත්‍රයකි. මම බොහෝ කලක් නො කිපෙමි’ යි කියයි.

දුතියං.

දොළොස් වැනි සූත්‍රය යි.

3. මායාසුත‍්තවණ‍්ණනා

3. මායා සූත්‍ර වර්ණනාව

තතියෙ ආබාධිකොති ඉසිගණෙන අභිසපකාලෙ උප‍්පන‍්නාබාධෙන ආබාධිකො. වාචෙහි මන‍්ති සචෙ මං සම‍්බරිමායං වාචෙසි, එවමහං තම‍්පි තිකිච‍්ඡිස‍්සාමීති වදති. මා ඛො ත්‍වං, මාරිස, වාචෙසීති විනාපි තාව සම‍්බරිමායං සක‍්කො අම‍්හෙ බාධති, යදි පන තං ජානිස‍්සති, නට‍්ඨා මයං, මා අත‍්තනො එකස‍්ස අත්‍ථාය අම‍්හෙ නාසෙහීති වත්‍වා නිවාරයිංසු. සම‍්බරොව සතං සමන‍්ති යථා සම‍්බරො අසුරින්‍දො මායාවී මායං පයොජෙත්‍වා වස‍්සසතං නිරයෙ පක‍්කො, එවං පච‍්චති. තුම‍්හෙ ධම‍්මිකාව, අලං වො මායායාති වදති. කිං පන සක‍්කො තස‍්ස කොධං තිකිච‍්ඡිතුං සක‍්කුණෙය්‍යාති? ආම සක‍්කුණෙය්‍ය. කථං? තදා කිර සො ඉසිගණො ධරතියෙව, තස‍්මා නං ඉසීනං සන‍්තිකං නෙත්‍වා ඛමාපෙය්‍ය, එවමස‍්ස ඵාසු භවෙය්‍ය. තෙන පන වඤ‍්චිතත‍්තා තථා අකත්‍වා පක‍්කන‍්තොව.

දහතුන් වැන්නෙහි - ආබාධිකො සෘෂි සමූහයා විසින් කරන ලද ශාපයෙන් හට ගත් ආබාධයෙන් පෙළුනේ, වාචෙහි මං ඉදින් මට සම්බරීමායාව උගන්වන්නෙහි නම් මම ද ඔබට පිළියම් කරන්නෙමි’යි කියයි. මා ඛො ත්‍වං මාරිස වාචෙසි සම්බරීමායාව නො මැති ව ශක්‍රයා අපට මෙතරම් බාධා කරයි, ඉදින් එය දන්නේ නම් අප විනාසයි. තමන්ගේ තනි අරමුණ අදෙසා අප නො නසනු යි කියා වැළැක්වූහ. සම්බරො ච සතං සමං මායාකාරී සම්බර අසුරිඳු මායාව යොදා ගෙන සියක් වසක් නිරයේ පැසුනේ ය. එසේ පැසෙයි. ඔබතුමා ධාර්මිකයෙක් ම ය. ඔබට මායාවෙන් කම් නැත’යි කියයි. කිම ශක්‍රයා ඔහුගේ ක්‍රෝධයට පිළියම් කිරීමට හැක්කේ ද? හැකි ය. කෙසේ ද? එදා ඒ සෘෂි සමූහයා වසත් ම ය. ඔහු ඒ සෘෂිවරුන් සමීපයට ගෙන ගොස් සමා කරවත් නම් එලෙස ඔහුට පහසු බව (සැනසුම) ඇති වෙයි. එයින් රැවටුණු බැවින් එසේ නො කොට නික්ම ගියේ ම ය.

තතියං.

දහතුන් වැනි සූත්‍රය යි.

4. අච‍්චයසුත‍්තවණ‍්ණනා

4. අච්චය සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ සම‍්පයොජෙසුන‍්ති කලහං අකංසු. අච‍්චසරාති අතික‍්කමි, එකො භික‍්ඛු එකං භික‍්ඛුං අතික‍්කම‍්ම වචනං අවොචාති අත්‍ථො. යථාධම‍්මං නප‍්පටිග‍්ගණ‍්හාතීති න ඛමති. කොධො වො වසමායාතූති කොධො තුම‍්හාකං වසං ආගච‍්ඡතු, මා තුම‍්හෙ කොධවසං ගමිත්‍ථාති දීපෙති. මා ච මිත‍්තෙ හි වො ජරාති එත්‍ථ හීති නිපාතමත‍්තං, තුම‍්හාකං මිත‍්තධම‍්මෙ ජරා නාම මා නිබ‍්බත‍්ති. භුම‍්මත්‍ථෙ වා කරණවචනං, මිත‍්තෙසු වො ජරා මා නිබ‍්බත‍්ති, මිත‍්තභාවතො අඤ‍්ඤථාභාවො මා හොතූති අත්‍ථො. අගරහියං මා ගරහිත්‍ථාති අගාරය‍්හං ඛීණාසවපුග‍්ගලං මා ගරහිත්‍ථ.

දාහතර වැන්නේ - සම්පයොජෙසුං කලහ කළහ. අච්චසරා ඉක්ම විය. එක භික්ෂුවක් තව භික්ෂුවක් අභිභවා වචන පැවසී ය’ යන අරුත යි. යථා ධම්මං න පරිගණ්හාති නො ඉවසයි. කොධො වො වසමායාතු ක්‍රෝධය ඔබලාගේ වසඟයට ඒවා! ඔබලා ක්‍රෝධවසඟයට නො යාවා’යි දක්වයි. මා ච මිත්තෙ හි වො ජරා මෙහි ‘හි’ නිපාත මාත්‍රයකි. ඔබලාගේ මිත්‍රධර්මයෙහි දිරීමක් නම් නො වේවා! ආධාරවිභක්තිය වෙනුවට කරණ විභක්තිය හෝ (වේ). ඔබලාගේ මිත්‍රයන් අතර දිරීමක් නො හට ගනීවා. මිත්‍රභාවයෙන් වෙනත් ස්වරූපයක් ඇති නො වේවා යනු අර්ථ යි. අගරහියං මා ගරහිත්‍ථ නො ගැරහිය යුතු ක්‍ෂීණාශ්‍රව පුද්ගලයාට නො ගරහන්න.

චතුත්‍ථං.

දාහතර වැනි සූත්‍රය යි.

5. අක‍්කොධසුත‍්තවණ‍්ණනා

5. අක්කොධ සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ මා වො කොධො අජ‍්ඣභවීති කොධො තුම‍්හෙ මා අභිභවි, තුම‍්හෙව කොධං අභිභවථ. මා ච කුජ‍්ඣිත්‍ථ කුජ‍්ඣිතන‍්ති කුජ‍්ඣන‍්තානං මා පටිකුජ‍්ඣිත්‍ථ. අක‍්කොධොති මෙත‍්තා ච මෙත‍්තාපුබ‍්බභාගො ච. අවිහිංසාති කරුණා ච කරුණාපුබ‍්බභාගො ච. අථ පාපජනං කොධො, පබ‍්බතොවාභිමද‍්දතීති ලාමකජනං පබ‍්බතො විය කොධො අභිමද‍්දතීති.

පසළොස් වැන්නේ - මා වො කොධො අජ්ඣභවි ක්‍රෝධය ඔබලා අභිභවනය නො කරාවා! ඔබලා ම ක්‍රෝධය අභිභවනය කරව්. මා ච කුජ්ඣිත්‍ථ කුජ්ඣිනං කිපෙන්නවුනට ප්‍රතිකෝප නො කරව්. අක්කොධො මෛත්‍රියත් මෛත්‍රී පූර්ව භාගයත් අවිහිංසා කරුණා පූර්වභාගයත් අථ පාපජනං කොධො පබ්බතොවාභිමද්දති ක්‍රෝධය පර්වතයක් මෙන් ලාමක ජනයා මැඩලයි.

පඤ‍්චමං.

පසළොස් වැන්න යි.

තතියො වග‍්ගො.

සක‍්කසංයුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

මෙසේ සක්ක සංයුත්ත වර්ණනාව නිමියේ ය.

ඉති සාරත්‍ථප‍්පකාසිනියා සංයුත‍්තනිකාය-අට‍්ඨකථාය සගාථාවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

මෙසේ සාරත්‍ථප්පකාසිනී සංයුත්තනිකායට්ඨ කථාවේ සගාථක වර්ග වර්ණනාව නිමියේ ය.

සංයුත‍්තනිකාය-අට‍්ඨකථාය පඨමො භාගො.