ඣත්වාසුත්තං
11. 3. 1.
11. 3. 1.
ඣත්වාසුත්තං
ඣත්වා සූත්‍රය
267. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො සක්කො දෙවානමින්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සක්කො දෙවානමින්දො භගවන්තං ගාථාය අජ්ඣභාසි:
267. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් සැළ කෙළේ ය.
කිංසු ඣත්වා සුඛං සෙති කිංසු ඣත්වා න සොචති, කිස්සස්ස එකධම්මස්ස වධං රොචෙසි ගොතමාති.
ගෞතමයන් වහන්ස, කුමක් දවා සුවසේ වැටේ ද? කුමක් දවා නො සොස්නේ ද? කිනම් එක් දහමක්හුගේ නැස්ම රුස්නෙහි ද?
[භගවා:]
[භගවත්හු:]
කොධං ඣත්වා සුඛං සෙති කොධං ඣත්වා න සොචති, කොධස්ස විසමූලස්ස මධුරග්ගස්ස වාසව, වධං අරියා පසංසන්ති තං හි ඣත්වා න සොචතී ති.
සක්දෙවිඳු, ක්‍රෝධය දවා සුවසේ වෙසෙයි. ක්‍රෝධය දවා ශෝක නො කෙරේ. විෂ වූ මුල ඇති මිහිරි අග ඇති ක්‍රෝධය නැස්ම ආර්‍ය්‍යයෝ පසසත්. එය දවා ම ශෝක නො කෙරෙයි.