තතිය සක්ක නමස්සන සුත්තං
11. 2. 10.
11. 2. 10.
තතිය සක්ක නමස්සන සුත්තං
තතියසක්කනමස්සන සූත්‍රය
266. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
266. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු වහන්සැයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
භූතපුබ්බං භික්ඛවෙ සක්කො දෙවානමින්දො මාතලිසඞ්ගාහකං ආමන්තෙසි: යොජෙහි සම්ම මාතලි, සහස්සයුත්තං ආජඤ්ඤරථං උය්යානභූමිං ගච්ඡාම සුභූමිං දස්සනායාති.
මහණෙනි, පෙර වූවක් කියමි. සක්දෙව්රජ මාතලි රියැදුරා ඇමතී ය: “සගය මාතලි, දහසින් යුත් ආජඤ්ඤරථය යොදව, මනහර බිම වූ උයන්බිම දක්නට යමු”යි.
එවං භද්දන්තවාති ඛො භික්ඛවෙ, මාතලි සඞ්ගාහකො සක්කස්ස දෙවානමින්දස්ස පටිස්සුත්වා, සහස්සයුත්තං ආජඤ්ඤරථං යොජෙත්වා සක්කස්ස දෙවානමින්දස්ස පටිවෙදෙසි: යුත්තො ඛො තෙ මාරිස, සහස්සයුත්තො ආජඤ්ඤරථො, යස්ස’ දානි කාලං මඤ්ඤසීති. අථ ඛො භික්ඛවෙ සක්කො දෙවානමින්දො වෙජයන්තපාසාදා ඔරොහන්තො පඤ්ජලිකො සුදං භික්ඛුසඞ්ඝං නමස්සති. අථ ඛො භික්ඛවෙ මාතලි සඞ්ගාහකො සක්කං දෙවානමින්දං ගාථාහි අජ්ඣභාසි:
මහණෙනි, මාතලි රියදුරු “එසේ ය, මුබට මැනැවෙක් වේව”යි සක්දෙවිඳුට පිළිතුරු දී දහසින් යුත් ආජඤ්ඤරථය යොදා සක්දෙවිඳුට නිදුකානෙනි, දහසින් යුත් මුබගේ ආජඤ්ඤරථය යොදන ලද්දේ ය. දැන් එයට කල් දනුව”යි සැළ කෙළේ ය. මහණෙනි, ඉක්බිති සක්දෙව්රජ විජයොත්පහයෙන් බස්නේ බැඳැදිලි ව ම බික්සඟන නමඳියි. මහණෙනි, එකල්හි, මාතලි රියදුරු තෙමේ සක්දෙවිඳුට ගාථායෙන් කී ය:
තං හි එතෙ නමස්සෙය්යුං පූතිදෙහසයා නරා, නිමුග්ගා කුණපස්මෙතෙ ඛුප්පිපාසා සමප්පිතා.
දුගඳ සිරුර වැතිර ගෙණ හෝනා වූ මේ මිනිස්සු මුබවහන්සේ නමඳනාහ. මොහු කුණුපයෙහි (මවුකුසැ) ගැලුනාහ. සාපිපාසා දෙකින් මඬනා ලද්දාහුය.
කින්නු තෙසං පිහයසි අනාගාරාන වාසව, ආචාරං ඉසිනං බ්රූහි තං සුණොම වචො තවාති.
සක්දෙවිඳුනි, ගෘහවාස නැති ඒ තව්තිසන්ගේ කිනම් අචාරයක් කැමැත්තෙහි ද? කියනු මැනව. මුබගේ ඒ වදන අසමු.
[සක්කො:]
[සක්දෙවිඳු:]
එතං තෙසං පිහයාමි අනාගාරාන මාතලි, යම්හා ගාමා පක්කමන්ති අනපෙක්ඛා වජන්ති තෙ.
එම්බා, මාතලි, ඔහු යම් ගමෙකින් බැහැර යෙත් නම් නිරපේක්ෂක ව යෙත්. ගෘහවාස රහිත වූ ඔවුන්ගේ මේ ගුණය කැමැත්තෙමු.
න තෙසං කොට්ඨෙ ඔපෙන්ති න කුම්භෙ න ඛලොපියං, පරනිට්ඨිතමෙසානා තෙන යාපෙන්ති සුබ්බතා, සුමන්තමන්තිනො ධීරා තුණ්හීභූතා සමඤ්චරා.
ඔවුන් සතු (ධාන්‍යයක්) කොටුවෙක නො බහත්. සැළෙක්හිදු නො බහත්. පැසෙක්හිදු නො බහත්. මෙරමා නිම වූ බත සොයන්නාහු මනා ව්‍රත ඇත්තාහු එයින් යැපෙත්. සුමන්ත්‍රණ මන්ත්‍රණය කරන්නාහ. ධෘතිසම්පන්නයහ. නිශ්ශබ්දයහ. සම ව හැසිරෙන්නාහ.
දෙවා විරුද්ධා අසුරෙහි පුථු මච්චා ච මාතලි, අවිරුද්ධා විරුද්ධෙසු අත්තදණ්ඩෙසු නිබ්බුතා, සාදානෙසු අනාදානා තෙ නමස්සාමි මාතලීති.
එම්බා මාතලි, දෙවියෝ අසුරයන් හා විරුද්ධයහ. (එසේ ම) බොහෝ මිනිස්සු ද (ඔවුනොවුන් හා) විරුද්ධයහ. (එහෙත් මොහු) විරුද්ධයන් කෙරෙහි අවිරුද්ධයහ. ගත දඬු ඇත්තන් කෙරෙහි නිවුනහ. ආදාන (ග්‍රහණ) සහිතයන් අතරෙහි ආදාන රහිතයහ. මාතලි, ඔවුන් නමඳිමි.
[මාතලි:]
[මාතලි:]
සෙට්ඨා හි කිර ලොකස්මිං යෙ ත්වං සක්ක නමස්සසි, අහම්පි තෙ නමස්සාමි යෙ නමස්සසි වාසවාති.
සක්දෙවිඳුනි, මුබ යම් කෙනකුන් නමඳනාහ නම් ඔහු ලොව්හි ශ්‍රේෂ්ඨයෝ ම වෙති. සක්දෙවිඳුනි, මුබ යම් කෙනකුන් නමඳනාහු නම් මමත් ඔවුන් නමඳිමි.
[ථෙරා:]
[තෙරහු:]
ඉදං සුත්වාන මඝවා දෙවරාජා සුජම්පති, භික්ඛුසඞ්ඝං නමස්සිත්වා පමුඛො රථමාරුහීති.
මඝවත් නම් වූ දෙවියන්ට රජ වූ සුජාවගේ සැමියා වූ සක්දෙව්රජ මෙය අසා බික්සඟන නැමඳ රියට නැංගේ ය.
සත්තවතවග්ගො දුතියො.
සත්තවතවර්ගය දෙවැනි යි.
තත්රුද්දානං:
එහි උද්දානය:
වතපදෙන තයො වුත්තා දළිද්දඤ්ච රාමණෙය්යකං, යජමානඤ්ච වන්දනා තයො සක්කනමස්සනාති.
වතපද සූත්‍ර තුණය, දළිද්ද, රාමණෙය්‍යක, යජමාන, වන්දනා සූත්‍රය, සක්කනමස්සනා සූත්‍ර තුණය යි සූත්‍ර දශයකි.