යෙදුමෙන් කියවන්න

දුතියසක‍්කනමස‍්සන සුත‍්තං

11. 2. 9.

11. 2. 9.

දුතියසක‍්කනමස‍්සන සුත‍්තං

දුතියසක්කනමස්සන සූත්‍රය

265. සාවත්‍ථියං–

265. සැවැත්නුවර–

භූතපුබ‍්බං භික‍්ඛවෙ සක‍්කො දෙවානමින්‍දො මාතලිසඞ‍්ගාහකං ආමන‍්තෙසි: යොජෙහි සම‍්ම මාතලි, සහස‍්සයුත‍්තං ආජඤ‍්ඤරථං. උය්‍යානභූමිං ගච‍්ඡාම සුභූමිං දස‍්සනායාති.

මහණෙනි, පෙර වූවක් කියමි. සක්දෙවිඳු තෙමේ මාතලි රියැදුරා ඇමතීය: ‘සගය මාතලි, සහස්‍රයුක්ත ආජඤ්ඤරථය යොදව. මනහර බිම වූ උයන් බිම දක්නට යමු’යි.

එවං භද‍්දන‍්තවාති ඛො භික‍්ඛවෙ මාතලිසඞ‍්ගාහකො සක‍්කස‍්ස දෙවානමින්‍දස‍්ස පටිස‍්සුත්‍වා සහස‍්සයුත‍්තං ආජඤ‍්ඤරථං යොජෙත්‍වා සක‍්කස‍්ස දෙවානමින්‍දස‍්ස පටිවෙදෙසි: යුත‍්තො ඛො තෙ මාරිස, සහස‍්සයුත‍්තො ආජඤ‍්ඤරථො යස‍්ස දානි කාලං මඤ‍්ඤසීති.

“මහණෙනි, මාතලි රියදුරු තෙමේ ‘එසේ ය, මුබට මැනැවෙකි’යි පිළිතුරු දී දහසින් යුත් ආජඤ්ඤරථය යොදා සක්දෙවිඳුට ‘නිදුකානෙනි, මුබගේ දහසින් යුත් ආජඤ්ඤරථය යොදන ලදී. එයට දැන් කල් දනුව’යි සැළ කෙළේ ය.

අථ ඛො භික‍්ඛවෙ සක‍්කො දෙවානමින්‍දො වෙජයන‍්තපාසාදා ඔරොහන‍්තො පඤ‍්ජලිකො සුදං භගවන‍්තං නමස‍්සති.

මහණෙනි, එකල්හි සක්දෙවිඳු විජයොත්පහයෙන් බස්නේ බැඳැදිලි වැ සිට භාග්‍යවතුන් වහන්සේ නමඳියි.

අථ ඛො භික‍්ඛවෙ මාතලිසඞ‍්ගාහකො සක‍්කං දෙවානමින්‍දං ගාථාය අජ‍්ඣභාසි:

මහණෙනි, එකල්හි මාතලි රියැදුරු තෙමේ සක් දෙවිඳුට ගාථායෙන් කී ය:

යං හි දෙවා මනුස‍්සා ච තං නමස‍්සන‍්ති වාසව, අථ කො නාම සො යක‍්ඛො යං ත්‍වං සක‍්ක නමස‍්සසීති?

‘සක්දෙවිඳුනි, යම් හෙයෙකින් දෙවියෝත් මිනිස්සුත් තොප වඳිද්ද, වැලි ඒ තෙපි යමකු වඳිවු නම් හෙ කිනම් සත්ත්‍වයෙක් ද?

[සක‍්කො:]

[සක්දෙවිඳු:]

යො ඉධ සම‍්මාසම‍්බුද‍්ධො අස‍්මිං ලොකෙ සදෙවකෙ, අනොමනාමං සත්‍ථාරං තං නමස‍්සාමි මාතලි.

එම්බා මාතලි, මෙහි දෙවියන් සහිත මේ ලොව්හි යම් සම්මාසම්බුදු කෙනෙක් වෙද්ද, අලාමක නම් ඇති ඒ ශාස්තෲන් වහන්සේ නමඳිමි.

යෙසං රාගො ච දොසො ච අවිජ‍්ජා ච විරාජිතා, ඛීණාසවා අරහන‍්තො තෙ නමස‍්සාමි මාතලි.

යම් කෙනකුන් විසින් රාගයත් ද්වේෂයත් අවිද්‍යාවත් දුරු කරණ ලද්දාහු ද, ඔහු ක්‍ෂය කළ ආස්‍රව ඇති රහත්හු ය. මාතලි මම ඔවුන් නමඳිමි.

යෙ රාගදොසවිනයා අවිජ‍්ජාසමතික‍්කමා, සෙඛා අපචයාරාමා අප‍්පමත‍්තානුසික‍්ඛරෙ, තෙ නමස‍්සාමි මාතලීති.

මාතලි, යම් කෙනෙක් රාගද්වේශයන් දුරු කිරීමෙන් අවිද්‍යාව ඉක්මීමෙන් ශෛක්‍ෂ වූවාහු සසරවට නැසීමෙහි ඇලුනාහු නොපමා ව හික්මෙද්ද, මම ඔවුන් නමඳිමි.

[මාතලි:]

[මාතලි:]

සෙට‍්ඨා හි කිර ලොකස‍්මිං යෙ ත්‍වං සක‍්ක නමස‍්සසි, අහම‍්පි තෙ නමස‍්සාමි යෙ නමස‍්සසි වාසවාති.

සක්දෙවිඳුනි, මුබ යම් කෙනකුන් වඳනාහු ද, ඔහු ලොව්හි ශ්‍රේෂ්ඨයෝ ම වෙති. සක්දෙවිඳුනි, මුබ යම් කෙනකුන් නමඳනාහු නම් මමත් ඔවුන් නමඳිමි.

[ථෙරා:]

[තෙරහු:]

ඉදං වත්‍වාන මඝවා දෙවරාජා සුජම‍්පති, භගවන‍්තං නමස‍්සිත්‍වා පමුඛො රථමාරුහීති.

මඝවත් නම් වූ දෙවියන්ට රජ වූ සුජාවගේ සැමියා වූ සක්දෙවිඳු තෙමේ මෙය කියා භාග්‍යවතුන් වහන්සේ නැමැඳ රියට නැංගේ ය.