යෙදුමෙන් කියවන්න

2. සත‍්තවතවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. සත්තවත වර්ගය

1. දෙවාසත‍්තවතපදසුත‍්තවණ‍්ණනා

1. දෙවා සත්තවතපද සූත්‍ර වර්ණනාව

දුතියවග‍්ගස‍්ස පඨමෙ වතපදානීති වතකොට‍්ඨාසානි. සමත‍්තානීති පරිපුණ‍්ණානි. සමාදින‍්නානීති ගහිතානි. කුලෙ ජෙට‍්ඨාපචායීති කුලජෙට‍්ඨකානං මහාපිතා මහාමාතා චූළපිතා චූළමාතා මාතුලො මාතුලානීතිආදීනං අපචිතිකාරකො. සණ‍්හවාචොති පියමුදුමධුරවාචො. මුත‍්තචාගොති විස‍්සට‍්ඨචාගො. පයතපාණීති දෙය්‍යධම‍්මදානත්‍ථාය සදා ධොතහත්‍ථො. වොස‍්සග‍්ගරතොති වොස‍්සජ‍්ජනෙ රතො. යාචයොගොති පරෙහි යාචිතබ‍්බාරහො, යාචයොගොති වා යාචයොගෙනෙව යුත‍්තො. දානසංවිභාගරතොති දානෙ ච සංවිභාගෙ ච රතො.

දෙවන වර්ගයේ පළමු වැන්නේ - වතපදානි ව්‍රත කොටස්, සමත්තානි සම්පූර්ණ කරන ලද, සමාදින්නානි ගන්නා ලද, කුලෙජෙට්ඨාපචායී පවුලේ ජ්‍යෙෂ්ඨයන් - සීයා, ආච්චි, සුළු පියා, සුළු මව, මාමා, නැන්දා යනාදී ගරු කටයුතු වූවෝ, සණ්හවාචො ප්‍රිය මෘදු මධුර වචන ඇත්තේ, මුත්තචාගො ලිහන ලද ත්‍යාග ඇත්තේ, පයතපාණී දෙය්‍ය ධර්ම දීම පිණිස සෑම කල්හි සේදූ අත් ඇත්තේ, වොස්සග්ගරතො ත්‍යාග දීමෙහි ඇළුනේ, යාචයොගො අනුන් විසින් ඉල්ලනු ලැබීමට සුදුසු වූ, නැතහොත් යාචයෝගයෙන් ම යුක්ත වූ, දානසංවිභාගරතො දානයෙහිත් බෙදා දීමෙහිත් ඇළුනේ.

පඨමං.

පළමු වැනි සූත්‍රය යි.

2. දුතිය දෙවාසත‍්තවතපදසුත‍්තවණ‍්ණනා

2. දෙවන දේවා සත්තවතපද සූත්‍ර වර්ණනාව

දුතියෙ මනුස‍්සභූතොති මගධරට‍්ඨෙ මචලගාමෙ මනුස‍්සභූතො. ආවසථං අදාසීති චතුමහාපථෙ මහාජනස‍්ස ආවසථං කාරෙත්‍වා අදාසි. සහස‍්සම‍්පි අත්‍ථානන‍්ති සහස‍්සම‍්පි කාරණානං, ජනසහස‍්සෙන වා වචනසහස‍්සෙන වා ඔසාරිතෙ “අයං ඉමස‍්ස අත්‍ථො, අයං ඉමස‍්ස අත්‍ථො”ති එකපදෙ ඨිතොව විනිච‍්ඡිනති.

දෙවැන්නෙහි - මනුස්සභූතො මගධ රටේ මචල ගමේ මිනිසෙකු වී ආවසථං අදාසි සිව් මං සල්හි මහජනයාට ආවාසයක් කරවා දුන්නේ ය. සහස්සම්පි අත්‍ථානං කරුණු දහසක් වුව ද, දහසක් මිනිසුන් විසින් හෝ දහසක් වචනවලින් හෝ විස්තර කළ කල්හි “මෙහි අර්ථය මෙය යි, මෙහි අර්ථය මෙය යි’ යනුවෙන් එක් වන ම විනිශ්චය කරයි.

දුතියං.

දෙවැනි සූත්‍රය යි.

3. මහාලිසත‍්තවතපදසුත‍්තවණ‍්ණනා

3. මහාලි සත්තවතපද සූත්‍ර වර්ණනාව

තතියෙ උපසඞ‍්කමීති “සක‍්කො දෙවරාජාති කථෙන‍්ති, අත්‍ථි නු ඛො සො සක‍්කො, යෙන සො දිට‍්ඨපුබ‍්බොති ඉමමත්‍ථං දසබලං පුච‍්ඡිස‍්සාමී”ති උපසඞ‍්කමි. තඤ‍්ච පජානාමීති බහුවචනෙ එකවචනං, තෙ ච ධම‍්මෙ පජානාමීති අත්‍ථො. සක‍්කො කිර අනන‍්තරෙ අත‍්තභාවෙ මගධරට‍්ඨෙ මචලගාමෙ මඝො නාම මාණවො අහොසි පණ‍්ඩිතො බ්‍යත‍්තො, බොධිසත‍්තචරියා විය ච තස‍්ස චරියා අහොසි. සො තෙත‍්තිංස පුරිසෙ ගහෙත්‍වා කල්‍යාණමකාසි. එකදිවසං අත‍්තනොව පඤ‍්ඤාය උපපරික‍්ඛිත්‍වා ගාමමජ‍්ඣෙ මහාජනස‍්ස සන‍්නිපතිතට‍්ඨානෙ කචවරං උභතොපස‍්සෙසු අපබ්‍යූහිත්‍වා තං ඨානං රමණීයං අකාසි. පුන තත්‍ථෙව මණ‍්ඩපං කාරෙසි. පුන ගච‍්ඡන‍්තෙ කාලෙ සාලං කාරෙසි. ගාමතො ච නික‍්ඛමිත්‍වා ගාවුතම‍්පි අඩ‍්ඪයොජනම‍්පි තිගාවුතම‍්පි යොජනම‍්පි විචරිත්‍වා තෙහි සහායෙහි සද‍්ධිං විසමං සමං අකාසි. තෙ සබ‍්බෙව එකච‍්ඡන්‍දා තත්‍ථ තත්‍ථ සෙතුයුත‍්තට‍්ඨානෙ සෙතුං, මණ‍්ඩපසාලාපොක‍්ඛරණිමාලාවච‍්ඡරොපනපදීනං යුත‍්තට‍්ඨානෙසු මණ‍්ඩපසාලාපොක‍්ඛරණිමාලාවච‍්ඡරොපනාදීනි කරොන‍්තා බහුං පුඤ‍්ඤමකංසු. මඝො සත‍්ත වතපදානි පූරෙත්‍වා කායස‍්ස භෙදා සද‍්ධිං සහායෙහි තාවතිංසභවනෙ නිබ‍්බත‍්ති. තං සබ‍්බං භගවා ජානාති. තෙනාහ – යෙසං ධම‍්මානං සමාදින‍්නත‍්තා සක‍්කො සක‍්කත‍්තං අජ‍්ඣගා, තඤ‍්ච පජානාමීති. අයං සක‍්කස‍්ස සක‍්කත‍්තාධිගමෙ සඞ‍්ඛෙපකථා, විත්‍ථාරො පන සුමඞ‍්ගලවිලාසිනියා දීඝනිකායට‍්ඨකථාය සක‍්කපණ‍්හවණ‍්ණනායං වුත‍්තො.

තුන් වැන්නෙහි - උපසංකමි “සක්කො” (ශක්‍රයා) දේවරාජා” යි කියත්. යම් කෙනකු විසින් හේ මීට පෙර දක්නා ලද්දේ ද, එබඳු ශක්‍ර නමැත්තෙක් සිටී ද? (ශක්‍රයා යි කියනු ලබන්නා මීට පෙර කිසිවකු දැක තිබේ ද?) යන මේ කාරණය බුදුන් වහන්සේගෙන් විමසන්නෙමි යි පැමිණියේ ය. තඤ්ච පජානාමි බහු වචනය වෙනුවට ඒක වචනය යි. ඒ ධර්ම ද දනිමි යන අරුත යි. ශක්‍රයා පෙර ආත්ම භාවයක මගධ රට මචල ගමේ ‘මඝ’ නම් මාණවක වී ය. පණ්ඩිත වූ ව්‍යක්ත වූ ඔහුගේ හැසිරීම බෝධිසත්ත්ව චර්යාව හා සමාන විය. හේ මිනිසුන් තිස් තුන් දෙනකු ගෙන යහපත් වැඩ කළේ ය. එක් දිනක් තමා ම නුවණින් පරීක්‍ෂා කොට ගම මැද මහජනයා රැස්වන තැන කසළ ගොඩක් දෙපසින් ම බැහැර කොට එය රමණීය ස්ථානයක් කළේ ය. යළි එහි ම මණ්ඩපයක් කළේ ය. පසු ව කල්යත් ම ශාලාවක් ඉදි කරවී ය. ගමින් ද නික්ම ගොස් ගව්වක් ද, අඩ යොදුනක් ද, ගව් තුනක් ද, යොදුනක් ද සැරිසරා එම සහායකයන් සමග විසම තැන් සම කළෝ ය. ඒ සියලු ම දෙනා ඒකච්ඡන්දයෙන් ම ඒ ඒ තැන පාලම් (දැමිය) යුතු තැන පාලම්, මණ්ඩප, ශාලා, පොකුණු, මල් ගස් වැල් ආදිය (කළ) යුතු තන්හි මණ්ඩප ආදිය කරන්නාහු බොහෝ පුණ්‍ය ක්‍රියා කළෝ ය. මඝ (මාණවක තෙමේ) සප්ත ව්‍රත පද පුරා මරණින් මතු සහායකයින් සමග තාවතිංස භවනයෙහි උපන්නේ ය. ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ දනිති. එහෙයින් කීහ. යෙසඤ්ච ධම්මානං සමාදින්නත්තා සක්කො සක්කත්තං අජ්ඣගා තඤ්ච පජානාමි (යම් දහමක් සමාදන් වූ බැවින් ශක්‍රයා ශක්‍ර බවට පැමිණියේ ද එය ද දනිමි.) මෙය ශක්‍රයාගේ ශක්‍රභාවය ලබා ගැනීම පිළිබඳ සාරාංශ කථාව යි. විස්තර සුමඞ්ගල විලාසිනී දීඝනිකායට්ඨ කථා වෙහි සක්කපඤ්හ සූත්‍ර වර්ණනාවෙහි කියන ලදි.

තතියං.

තුන් වැනි සූත්‍රය යි.

4. දළිද‍්දසුත‍්තවණ‍්ණනා

4. දළිද්ද සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ මනුස‍්සදලිද‍්දොති මනුස‍්සඅධනො. මනුස‍්සකපණොති මනුස‍්සකාරුඤ‍්ඤතං පත‍්තො. මනුස‍්සවරාකොති මනුස‍්සලාමකො. තත්‍රාති තස‍්මිං ඨානෙ, තස‍්මිං වා අතිරොචනෙ. උජ‍්ඣායන‍්තීති අවජ‍්ඣායන‍්ති ලාමකතො චින‍්තෙන‍්ති. ඛියන‍්තීති කථෙන‍්ති පකාසෙන‍්ති. විපාචෙන‍්තීති තත්‍ථ තත්‍ථ කථෙන‍්ති විත්‍ථාරෙන‍්ති. එසො ඛො මාරිසාති එත්‍ථ අයමනුපුබ‍්බිකථා –

සිවු වැන්නේ - මනුස්සදළිද්දො මනුෂ්‍ය දුප්පතෙක්, මනුස්ස කපණො මිනිස් කරුණාවට පාත්‍ර වූවෙක්, මනුස්සවරාකො මිනිස් නිවටයෙක්, තත්‍ර එම ස්ථානයෙහි, ඒ ‘අතිරෝචනයෙහි’ (ඉක්මවා බැබලීමෙහි) හෝ, උජ්ඣායන්ති අවඥා කරත්, පහත් කොට සිතත්, ඛීයන්ති කථා කරත්. ප්‍රකාශ කරත්, විපාචෙන්ති ඒ ඒ තැන කථා කරත්, විස්තර කරත්, එසො ඛො මාරිස (පින්වත්නි, මෙ තෙමේ), එහි අනුපූර්ව කථාව මෙය යි -

සො කිර අනුප‍්පන‍්නෙ බුද‍්ධෙ කාසිරට‍්ඨෙ බාරාණසිරාජා හුත්‍වා සමුස‍්සිතද‍්ධජපටාකනානාලඞ‍්කාරෙන සුට‍්ඨු අලඞ‍්කතං නගරං පදක‍්ඛිණං අකාසි අත‍්තනො සිරිසම‍්පත‍්තියා සමාකඩ‍්ඪිතනෙත‍්තෙන ජනකායෙන සමුල‍්ලොකියමානො. තස‍්මිඤ‍්ච සමයෙ එකො පච‍්චෙකබුද‍්ධො ගන්‍ධමාදනපබ‍්බතා ආගම‍්ම තස‍්මිං නගරෙ පිණ‍්ඩාය චරති, සන‍්තින්‍ද්‍රියො සන‍්තමානසො උත‍්තමදමථසමන‍්නාගතො. මහාජනොපි රාජගතං චිත‍්තීකාරං පහාය පච‍්චෙකබුද‍්ධමෙව ඔලොකෙසි. රාජා – “ඉදානි ඉමස‍්මිං ජනකායෙ එකොපි මං න ඔලොකෙති. කිං නු ඛො එත”න‍්ති? ඔලොකෙන‍්තො පච‍්චෙකබුද‍්ධං අද‍්දස. සොපි පච‍්චෙකබුද‍්ධො මහල‍්ලකො හොති පච‍්ඡිමවයෙ ඨිතො. චීවරානිපිස‍්ස ජිණ‍්ණානි, තතො තතො සුත‍්තානි ගළන‍්ති. රඤ‍්ඤො සතසහස‍්සාධිකානි ද‍්වෙ අසඞ‍්ඛ්‍යෙය්‍යානි පූරිතපාරමිං පච‍්චෙකබුද‍්ධං දිස‍්වා චිත‍්තපසාදමත‍්තං වා හත්‍ථං පසාරෙත්‍වා වන්‍දනමත‍්තං වා නාහොසි. සො රාජා “පබ‍්බජිතො මඤ‍්ඤෙ එස උසූයාය මං න ඔලොකෙතී”ති කුජ‍්ඣිත්‍වා “ක්‍වායං කුට‍්ඨිචීවරානි පාරුතො”ති නිට‍්ඨුභිත්‍වා පක‍්කාමි. තස‍්ස කම‍්මස‍්ස විපාකෙන මහානිරයෙ නිබ‍්බත‍්තිත්‍වා විපාකාවසෙසෙන මනුස‍්සලොකං ආගච‍්ඡන‍්තො රාජගහෙ පරමකපණාය ඉත්‍ථියා කුච‍්ඡිම‍්හි පටිසන්‍ධිං ගණ‍්හි. ගහිතකාලතො පට‍්ඨාය සා ඉත්‍ථී කඤ‍්ජිකමත‍්තම‍්පි උදරපූරං නාලත්‍ථ. තස‍්ස කුච‍්ඡිගතස‍්සෙව කණ‍්ණනාසා විලීනා, සඞ‍්ඛපලිතකුට‍්ඨී හුත්‍වා මාතුකුච‍්ඡිතො නික‍්ඛන‍්තො. මාතාපිතරො නාම දුක‍්කරකාරිකා හොන‍්ති, තෙනස‍්ස මාතා යාව කපාලං ගහෙත්‍වා චරිතුං න සක‍්කොති, තාවස‍්ස කඤ‍්ජිකම‍්පි උදකම‍්පි ආහරිත්‍වා අදාසි. භික‍්ඛාය චරිතුං සමත්‍ථකාලෙ පනස‍්ස කපාලං හත්‍ථෙ දත්‍වා “පඤ‍්ඤායිස‍්සසි සකෙන කම‍්මෙනා”ති පක‍්කාමි.

හේ බුද්ධෝත්පාද නො වූ කාලයක කසී රට බරණැස් රජු වී ඔසවන ලද ධජ පතාක ආදි නානා අලංකාරවලින් මැනවින් අලංකාර කරන ලද නගරය පැදකුණු කළේ ය. තමාගේ සිරි සම්පතින් ආකර්ෂණය කරන ලද නෙතින් යුතු ජනකාය විසින් බලනු ලබමිනි. එ සමයෙහි ශාන්ත වූ ඉන්ද්‍රියයන් ඇති, ශාන්ත වූ මනස ඇති, උත්තම දමථයෙන් සමන්නාගත වූ එක් පසේබුදු වරයෙක් ගන්ධමාදන පර්වතයේ සිට පැමිණ එම නගරයෙහි පිඬු පිණිස හැසිරෙති. මහ ජනයා ද රජකුට දක්වන ගරු බුහුමන් හැර දමා පසේ බුදුන් දෙස ම බලා සිටියහ. රජතුමා දැන් මේ ජනකාය අතර එකෙකු හෝ මා දෙස නො බලයි. මේ කිමෙක් දැයි බලන්නේ පසේ බුදුවරයා දුටුවේ ය. උන්වහන්සේ ද පසේ බුදුවරයෙකි. මහලු කෙනෙක් වෙති, පශ්චිම වයසේ සිටින සේක. උන්වහන්සේගේ සිවුරු ද පරණ ය. තැනිත් තැනින් නූල් ගැලවෙයි. ශත සහස්‍රයකට අධික අසංඛ්‍ය දෙකක් පාරමී පිරූ පසේබුදුවරයන් වහන්සේ දැක රජුගේ සිතේ පැහැදීම් මාත්‍රයක් හෝ අත දිගු කර වැඳීම් මාත්‍රයක් හෝ නො වී ය. ඒ රජු පැවිද්දෙකි යි සිතමි. මොහු ඊර්ෂ්‍යාවෙන් මා දෙස නො බලති යි කිපී සිවුර පොරවා ගත් මේ කුෂ්ටයා කවුදැයි කෙළ ගසා පිට ව ගියේ ය. ඒ කර්මයේ විපාක වශයෙන් මහ නිරයේ ඉපදී විපාක ඉතිරියෙන් මනුෂ්‍ය ලෝකයට පැමිණෙමින් රජගහ නුවර ඉතා ම දිළිඳු ස්ත්‍රියකගේ කුසෙහි පිළිසිඳ ගත්තේ ය. (පිළිසිඳ) ගත් කල පටන් ඒ ස්ත්‍රිය කැඳක් පමණ වත් කුස පිරෙන ආහාරයක් නො ලැබුවා ය. කුසට පිවිසි ඔහුගේ කන් නාසා ගිලී ගියේ ය. හක් ගෙඩි මෙන් පැසුණු කුෂ්ඨ සහිත වී මව් කුසින් නික්මෙන්නේ; මවුපියෝ නම් ඉමහත් හිරිහැරයට පත් වන්නෝ වෙත්. එහෙයින් ඔහුගේ මව කබලක් ගෙන ඇවිදීමට නො හැකි තාක් කල් ඔහුට කැඳත් වතුරත් ගෙනැවිත් දුන්නා ය. කෑම සොයා යාමට හැකි කාලයෙහි ඔහුට කබලක් අතට දී තමාගේ ක්‍රියාවෙන් දැනගන්නෙහි’යි කියා ගියා ය.

අථස‍්ස තතො පට‍්ඨාය සකලසරීරතො මංසානි ඡිජ‍්ජිත්‍වා ඡිජ‍්ජිත්‍වා පතන‍්ති, යූසං පග‍්ඝරති, මහාවෙදනා වත‍්තන‍්ති. යං යං රච‍්ඡං නිස‍්සාය සයති, සබ‍්බරත‍්තිං මහාරවෙන රවති. තස‍්ස කාරුඤ‍්ඤපරිදෙවිතසද‍්දෙන සකලවීථියං මනුස‍්සා සබ‍්බරත‍්තිං නිද‍්දං න ලභන‍්ති. තස‍්ස තතො පට‍්ඨාය සුඛසයිතෙ පබොධෙතීති සුප‍්පබුද‍්ධොත්‍වෙව නාමං උදපාදි. අථාපරෙන සමයෙන භගවති රාජගහං සම‍්පත‍්තෙ නාගරා සත්‍ථාරං නිමන‍්තෙත්‍වා නගරමජ‍්ඣෙ මහාමණ‍්ඩපං කත්‍වා දානං අදංසු. සුප‍්පබුද‍්ධොපි කුට‍්ඨී ගන‍්ත්‍වා දානග‍්ගමණ‍්ඩපස‍්ස අවිදූරෙ නිසීදි.

ඉක්බිති එතැන් පටන් ඔහුගේ මුළු ශරීරයෙන් ම මස් සිඳී සිඳී වැටේ. ඉස්ම බේරෙයි, මහා වේදනා පවතී, යම් යම් වීදියක් ඇසුරු කොට නිදයි ද, මුළු රෑ මහ හඬින් හඬයි. ඔහුගේ කරුණා විලාප ශබ්දයෙන් මුළු වීදියේ මිනිස්සු රාත්‍රිය පුරා නින්දක් නො ලබති. ඔහුට එතැන් පටන් සැපට නිදා අවදිවෙතියි “සුප්පබුද්ධ” යනුවෙන් නමක් ඇති විය. ඉන් පසු කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වැඩම කළ කල්හි නගර වැසියෝ උන්වහන්සේට ආරාධනය කොට නගරය මැද මණ්ඩපයක් තනා දන් දුන්හ. සුප්‍රබුද්ධ කුෂ්ඨයා ද ගොස් දන් දෙන මණ්ඩපය සමීපයේ හිඳගෙන සිටියේ ය.

නාගරා බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන පරිවිසන‍්තා තස‍්සාපි යාගුභත‍්තං අදංසු. තස‍්ස පණීතභොජනං භුත‍්තස‍්ස චිත‍්තං එකග‍්ගං අහොසි. සත්‍ථා භත‍්තකිච‍්චාවසානෙ අනුමොදනං කත්‍වා සච‍්චානි දීපෙසි, සුප‍්පබුද‍්ධො නිසින‍්නට‍්ඨානෙ නිසින‍්නොව දෙසනානුසාරෙන ඤාණං පෙසෙත්‍වා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨිතො. සත්‍ථා උට‍්ඨාය විහාරං ගතො. සොපි චුම‍්බටං ආරුය‍්හ කපාලමාදාය දණ‍්ඩමොලුබ‍්භ අත‍්තනො වසනට‍්ඨානං ගච‍්ඡන‍්තො විබ‍්භන‍්තාය ගාවියා ජීවිතා වොරොපිතො මත‍්තිකපාතිං භින්‍දිත්‍වා සුවණ‍්ණපාතිං පටිලභන‍්තො විය දුතියචිත‍්තවාරෙ දෙවලොකෙ නිබ‍්බත‍්තො අත‍්තනො පුඤ‍්ඤං නිස‍්සාය අඤ‍්ඤෙ දෙවෙ අතික‍්කම‍්ම විරොචිත්‍ථ. තං කාරණං දස‍්සෙන‍්තො සක‍්කො දෙවානමින්‍දො එසො ඛො මාරිසාතිආදිමාහ.

නගර වැසියෝ බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍යයෙන් සංග්‍රහ කරන්නාහු ඔහුට ද කැඳ බත් දුන්හ. ප්‍රණීත භෝජන අනුභවකළ කල්හි ම ඔහුගේ සිත එකඟ විය. බුදුන් වහන්සේ බත්කිස අවසානයේ අනුමෝදන් කොට චතුස්සත්‍යය විදහා දැක්වූහ. සුප්පබුද්ධ සිටි තැන්හි ම සිටියේ දේශනානුසාරයෙන් ඤාණය මෙහෙයවා සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. බුදුන් වහන්සේ නැගිට විහාරයට වැඩියහ. ඔහු ද දරණුව නංවා කබල ගෙන හැරමිටියේ එල්බ ගෙන තමන් වසන තැනට යන්නේ දඩාවතේ යන එළදෙනක විසින් දිවි තොර කරන ලද්දේ මැටි පාත්‍රය බිඳ රන් පාත්‍රයක් ලබන්නාක් මෙන් දෙවැනි චිත්තවාරයෙහි දෙව් ලොවෙහි උපන්නේ තමන්ගේ පින නිසා අන් දෙවියන් ඉක්මවා බැබළුණේ ය. ඒ කාරණය දක්වමින් සක් දෙවිඳු “එසො ඛො මාරිස” ආදිය පැවසී ය.

සද‍්ධාති මග‍්ගෙනාගතසද‍්ධා. සීලඤ‍්ච යස‍්ස කල්‍යාණන‍්ති කල්‍යාණසීලං නාම අරියසාවකස‍්ස අරියකන‍්තසීලං වුච‍්චති. තත්‍ථ කිඤ‍්චාපි අරියසාවකස‍්ස එකසීලම‍්පි අකන‍්තං නාම නත්‍ථි, ඉමස‍්මිං පනත්‍ථෙ භවන‍්තරෙපි අප‍්පහීනං පඤ‍්චසීලං අධිප‍්පෙතං.

සද්ධා (ආර්ය) මාර්ගයෙන් ආ ශ්‍රද්ධාව සීලඤ්ච යස්ස කල්‍යාණං කල්‍යාණ ශීලය යනු ආර්ය ශ්‍රාවකයාගේ ආර්යකාන්ත ශීලය යි කියනු ලැබේ. එහි ආර්ය ශ්‍රාවකයාගේ අකාන්ත වූ එක ම ශීලයක් වත් නැතත්, මෙහි අර්ථයේ දී භවාන්තරයෙහි පවා ප්‍රහීණ නො වන පඤ්චශීලය අදහස් කෙරේ.

චතුත්‍ථං.

සතර වැනි සූත්‍රය යි.

5. රාමණෙය්‍යකසුත‍්තවණ‍්ණනා

5. රාමණෙය්‍යක සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ ආරාමචෙත්‍යාති ආරාමචෙතියානි. වනචෙත්‍යාති වනචෙතියානි. උභයත්‍ථාපි චිත‍්තීකතට‍්ඨෙන චෙත්‍යං වෙදිතබ‍්බං. මනුස‍්සරාමණෙය්‍යස‍්සාති මනුස‍්සරමණීයභාවස‍්ස. ඉදානි මනුස‍්සරමණීයකවසෙන භූමිරමණීයකං දස‍්සෙන‍්තො ගාමෙ වාතිආදිමාහ.

පස් වැන්නේ - ආරාමචෙත්‍යානි ‘ආරාමචෙතියානි’ (ආරාම චෛත්‍ය) වනචෙත්‍යානි ‘වනචෙතියානි’ (වන චෛත්‍ය) දෙතන්හි ම අර්ථයෙන් “චෙත්‍යං” (චෛත්‍ය යි) දත යුතු ය. මනුස්සරාමණෙය්‍යස්ස මනුෂ්‍යරමණීය භාවයෙන්, දැන් මනුෂ්‍ය රමණිය භාවය අනුව භූමි රමණීය භාවය දක්වන්නාහු ගාමෙ වා ආදිය පැවසූහ.

පඤ‍්චමං.

පස් වැනි සූත්‍රය යි.

6. යජමානසුත‍්තවණ‍්ණනා

6. යජමාන සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ යජමානානන‍්ති යජන‍්තානං. තදා කිර අඞ‍්ගමගධවාසිකා මනුස‍්සා අනුසංවච‍්ඡරං සප‍්පිමධුඵාණිතාදීසු අග‍්ගං ගහෙත්‍වා එකස‍්මිං ඨානෙ දාරූනං සට‍්ඨිමත‍්තෙ සකටභාරෙ රාසිං කත්‍වා අග‍්ගිං දත්‍වා පජ‍්ජලිතකාලෙ “මහාබ්‍රහ‍්මුනො යජාමා”ති තං සබ‍්බං පක‍්ඛිපන‍්ති. “එකවාරං පක‍්ඛිත‍්තං සහස‍්සගුණඵලං දෙතී”ති නෙසං ලද‍්ධි.

සය වැන්නේ - යජමානානං යාග කරන්නාවූ, එකල්හි අංග - මගධ - වාසි මිනිස්සු අවුරුදු පතා ගිතෙල් මී පැණි ආදියේ අග්‍ර කොටස ගෙන එක් තැනක දර කරත්ත හැටක් පමණ රැස් කර ගිනි අවුළුවා දැල්වෙන විට මහාබ්‍රහ්මයාට යාග කරමු යි ඒ සියල්ල දමත්, එක වරක් දැමුයේ සිය දහස් ගුණයෙන් පල දෙයි යනු ඔවුන්ගේ ඇදහීම යි.

සක‍්කො දෙවරාජා “සබ‍්බෙපිමෙ සබ‍්බඅග‍්ගානි ගහෙත්‍වා ‘මහාබ්‍රහ‍්මුනො යජාමා’ති අග‍්ගිම‍්හි ඣාපෙන‍්ති. අඵලං කරොන‍්ති, මයි පස‍්සන‍්තෙ මා නස‍්සන‍්තු, යථා බුද‍්ධස‍්ස චෙව සඞ‍්ඝස‍්ස ච දත්‍වා බහුං පුඤ‍්ඤං පසවන‍්ති, එවං කරිස‍්සාමී”ති දාරුරාසිං ජලාපෙත්‍වා ඔලොකෙන‍්තෙසු මනුස‍්සෙසු පුණ‍්ණමදිවසෙ බ්‍රහ‍්මත‍්තභාවං මාපෙත්‍වා මහාජනස‍්ස පස‍්සන‍්තස‍්සෙව චන්‍දමණ‍්ඩලං භින්‍දිත්‍වා නික‍්ඛන‍්තො විය අහොසි. මහාජනො දිස‍්වා “ඉමං යඤ‍්ඤං පටිග‍්ගහෙතුං මහාබ්‍රහ‍්මා ආගච‍්ඡතී”ති ජණ‍්ණුකෙහි භූමියං පතිට‍්ඨාය, අඤ‍්ජලිං පග‍්ගය‍්හ නමස‍්සමානො අට‍්ඨාසි. බ්‍රාහ‍්මණා ආහංසු “තුම‍්හෙ ‘මයං තක‍්කෙන කථෙමා’ති මඤ‍්ඤථ, ඉදානි පස‍්සථ, අයං වො බ්‍රහ‍්මා සහත්‍ථා යඤ‍්ඤං පටිග‍්ගහෙතුං ආගච‍්ඡතී”ති. සක‍්කො ආගන‍්ත්‍වා දාරුචිතකමත්‍ථකෙ ආකාසෙ ඨත්‍වා “කස‍්සායං සක‍්කාරො”ති පුච‍්ඡි? තුම‍්හාකං, භන‍්තෙ, පටිග‍්ගණ‍්හථ නො යඤ‍්ඤන‍්ති. තෙන හි ආගච‍්ඡථ, මා තුලං ඡඩ‍්ඩෙත්‍වා හත්‍ථෙන තුලයිත්‍ථ, අයං සත්‍ථා ධුරවිහාරෙ වසති, තං පුච‍්ඡිස‍්සාම “කස‍්ස දින‍්නං මහප‍්ඵලං හොතී”ති ? උභයරට‍්ඨවාසිනො ගහෙත්‍වා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා පුච‍්ඡන‍්තො එවමාහ.

සක් දෙව් රජ “මේ සියලු ම අග්‍ර දේ ගෙන මහා බ්‍රහ්මයාට යාග කරමු යි ගින්නේ දවා ලත්. නිෂ්ඵල දෙයක් කරත්, මා දැක දැකත් නො නැසෙත්වා’ යම් සේ බුදුන් වහන්සේටත් මහා සංඝයාටත් (දන්) දී බොහෝ පින් උපදවත් ද එසේ කරන්නෙමි යි දර රැසක් දල්වා මිනිසුන් බලා සිටියදී පසළොස්වක දින බ්‍රහ්මාත්ම භාවය මවා මහජනයා බලා සිටියදී ම සඳමඬල පළා ගෙන නික්මෙන්නාක් මෙන් සිටියේ ය. මහජනයා (මෙය) දැක “මේ යාගය පිළිගැනීමට මහා බ්‍රහ්මයා පැමිණෙයි” යි දණහිස්වලින් බිම හිඳගෙන ඇඳිළි බැඳ නමස්කාර කරමින් සිටියෝ ය. බ්‍රාහ්මණයෝ කීහ: “අපි තර්කයෙන් (තර්කානුකූල ව) කථා කරමු’යි සිතන්නෙහි ය. දැන් බලනු මැනවි. අපගේ මේ බ්‍රහ්මයා සියතින් යඥය පිළිගැනීමට පැමිණෙයි,” ශක්‍රයා පැමිණ දර සෑය මත අහසෙහි සිට මේ සත්කාරය කාට දැයි විමසී ය. “ස්වාමීනි, ඔබ වහන්සේට ය. අපගේ යඥය පිළිගන්නා සේක්වා’යි. “එසේ නම් එනු මැනවි, මහ තරාදිය අත හැර අතින් කිරහු ද? මේ බුදුන් වහන්සේ ධුරවිහාරයෙහි (අසළ පන්සලෙහි) වසන සේක. කවුරුන් හට දෙන ලද්ද මහත් ඵල වේ දැයි උන්වහන්සේගෙන් විමසන්නෙමු යි දෙරට වැසියන් ගෙන බුදුන් වහන්සේ සමීපයට ගොස් විමසන්නේ මෙසේ කී ය.

තත්‍ථ පුඤ‍්ඤපෙක‍්ඛානන‍්ති පුඤ‍්ඤං ඉච‍්ඡන‍්තානං පුඤ‍්ඤත්‍ථිකානං. ඔපධිකං පුඤ‍්ඤන‍්ති උපධිවිපාකං පුඤ‍්ඤං. සඞ‍්ඝෙ දින‍්නං මහප‍්ඵලන‍්ති අරියසඞ‍්ඝෙ දින‍්නං විප‍්ඵාරවන‍්තං හොති. දෙසනාවසානෙ චතුරාසීතිපාණසහස‍්සානි අමතපානං පිවිංසු. තතො පට‍්ඨාය මනුස‍්සා සබ‍්බානි අග‍්ගදානානි භික‍්ඛුසඞ‍්ඝස‍්ස අදංසු.

එහි පුඤ්ඤපෙක්‍ඛානං - පින් කැමතිවන්නාවූ, පින් බලාපොරොත්තු වන්නාවූ; ඔපධිකං පුඤ්ඤං උපධි විපාක පින. සංඝෙ දින්නං මහප්ඵලං ආර්ය සංඝයා කෙරෙහි දෙන ලද්ද විපාක ඵල මහත් වෙයි. දේශනාවසානයෙහි අසූහාර දහසක් සත්ත්වයෝ අමෘත පානය බීවෝ ය. එතැන් පටන් මිනිස්සු අග්‍රදාන භික්ෂු සංඝයාට දුන්හ.

ඡට‍්ඨං.

සය වැනි සූත්‍රය යි.

7. වන්‍දනාසුත‍්තවණ‍්ණනා

7. වන්දනා සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ උට‍්ඨෙහීති උට‍්ඨහ, ඝට, වායම. විජිතසඞ‍්ගාමාති රාගාදීනඤ‍්චෙව ද‍්වාදසයොජනිකස‍්ස ච මාරබලස‍්ස ජිතත‍්තා භගවන‍්තං එවං ආලපති. පන‍්නභාරාති ඔරොපිතඛන්‍ධකිලෙසාභිසඞ‍්ඛාරභාර. පන‍්නරසාය රත‍්තින‍්ති පන‍්නරසාය පුණ‍්ණමාය රත‍්තිං.

සත් වැන්නේ - උට්ඨෙහි නැගී සිටිනු මැනවි, ගැටෙනු මැනවි, වෑයම් කරනු මැනවි. විජිතසංගාම රාගාදියත්, දොළොස් යොදුන් ප්‍රමාණ මාර බලයත් දිනූ හෙයින් භාග්‍යවතුන් වහන්සේට මෙසේ ආමන්ත්‍රණය කරයි. පන්නභාර බහා තබන ලද ස්කන්‍ධ - ක්ලේශ - අභිසංඛාර බර ඇත්තවුන් වහන්ස, පණ්ණරසාය රත්තිං පසළොස්වක පූර්ණිමා රාත්‍රියෙහි.

සත‍්තමං.

සත් වැනි සූත්‍රය යි.

8. සක‍්ක නමස‍්සන සුත‍්තවණ‍්ණනා

8. සක්කනමස්සන සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ පුථුද‍්දිසාති චතස‍්සො දිසා චතස‍්සො අනුදිසා ච. භුම‍්මාති භූමිවාසිනො. චිරරත‍්තසමාහිතෙති උපචාරප‍්පනාහි චිරරත‍්තසමාහිතචිත‍්තෙ. වන්‍දෙති වන්‍දාමි. බ්‍රහ‍්මචරියපරායණෙති දසපි වස‍්සානි වීසතිපි වස‍්සානි…පෙ… සට‍්ඨිපි වස‍්සානි ආපාණකොටිකං එකසෙය්‍යං එකභත‍්තන‍්තිආදිකං සෙට‍්ඨචරියං බ්‍රහ‍්මචරියං චරමානෙති අත්‍ථො. පුඤ‍්ඤකරාති චතුපච‍්චයදානං කුසුම‍්භසුමනපූජා දීපසහස‍්සජාලන‍්ති එවමාදිපුඤ‍්ඤකාරකා. සීලවන‍්තොති උපාසකත‍්තෙ පතිට‍්ඨාය පඤ‍්චහිපි දසහිපි සීලෙහි සමන‍්නාගතා. ධම‍්මෙන දාරං පොසෙන‍්තීති උමඞ‍්ගභින්‍දනාදීනි අකත්‍වා ධම‍්මිකෙහි කසිගොරක‍්ඛවණිජ‍්ජාදීහි පුත‍්තදාරං පොසෙන‍්ති. පමුඛො රථමාරුහීති දෙවානං පමුඛො සෙට‍්ඨො රථං ආරුහි.

අට වැන්නේ - පුථුදිසා සතර දිසා සතර අනුදිසා ද, භුම්මා භූමියෙහි වසන, චිරරත්තසමාහිතෙ උපචාර අර්පණාවලින් බොහෝ කලක් සමාධිගත වූ සිත් ඇති, වන්‍දෙ වඳිමි. බ්‍රහ්මචරියපරායණෙ වසර දහයක්, විස්සක්..... හැට වසරක් ම දිවි හිමියෙන් එක ම යහන්හි නිදන, එක ම වේලක් බුදින ආදි ශ්‍රේෂ්ඨ චර්යාවේ - බ්‍රහ්මචර්යාවේ - යෙදෙන යන අරුත යි; පුඤ්ඤකරා - සිවු පස දානය, කුසුම්භ සුමන මල් දම් ආදි පූජා, පහන් දහසක් දැල්වීම ආදී පින්කම් කරන සීලවන්තො උපාසකභාවයෙහි පිහිටා පඤ්ච ශීලයෙහි - දස ශීලයෙහිත් සමන්විත වූ හ. ධම්මෙන දාරං පොසෙන්ති උමං බිඳීම් ආදිය නො කොට ධාර්මික වූ ගොවිතැන - ගවපාලනය - වෙළඳාම ආදියෙන් දරු පවුල පෝෂණය කරති. පමුඛො රථමාරුහි දෙවියන් අතර ප්‍රමුඛයා, ශ්‍රේෂ්ඨයා, රථයට නැගුණේ ය.

අට‍්ඨමං.

අට වැනි සූත්‍රය යි.

9. දුතියසක‍්කනමස‍්සන සුත‍්තවණ‍්ණනා

9. දුතියසක්කනමස්සන සූත්‍ර වර්ණනාව

නවමෙ භගවන‍්තං නමස‍්සතීති එකංසං උත‍්තරියං දුකුලං කත්‍වා, බ්‍රහ‍්මජාණුකො හුත්‍වා සිරසි අඤ‍්ජලිං ඨපෙත්‍වා නමස‍්සති. සො යක‍්ඛොති සො සක‍්කො. අනොමනාමන‍්ති සබ‍්බගුණෙහි ඔමකභාවස‍්ස නත්‍ථිතාය සබ‍්බගුණනෙමිත‍්තකෙහි නාමෙහි අනොමනාමං. අවිජ‍්ජාසමතික‍්කමාති චතුසච‍්චපටිච‍්ඡාදිකාය වට‍්ටමූලකඅවිජ‍්ජාය සමතික‍්කමෙන. සෙක‍්ඛාති සත‍්ත සෙක‍්ඛා. අපචයාරාමාති වට‍්ටවිද‍්ධංසනෙ රතා. සික‍්ඛරෙති සික‍්ඛන‍්ති.

නව වැන්නේ - භගවන්තං නමස්සති උතුරු සළුව ඒකාංශ කොට දණ බිම ඇණ හිසෙහි ඇඳිලි බැඳ නමස්කාර කරයි. සො යක්‍ඛො ඒ ශක්‍රයා අනොමනාමං සියලු ගුණවල පහත් බවක් (අඩු බවක්) නැති හෙයින් සියලු ගුණ පිළිබඳ නිමිති කියන නම්වලින් ‘අනොමනාම’ වූ, අවිජ්ජාසමතික්කම චතුස්සත්‍යය වසා ලන සංසාර මූලක අවිද්‍යාව ඉක්මවීමෙන්, සෙඛා සප්ත ශෛක්ෂයෝ අපචයාරාමා සසර වට නැසීමෙහි ඇළුණු; සික්‍ඛරෙ හික්මෙත්.

නවමං.

නව වැනි සූත්‍රය යි.

10. තතිය සක‍්ක නමස‍්සන සුත‍්තවණ‍්ණනා

10. තතියසක්කනමස්සන සූත්‍ර වර්ණනාව

දසමෙ අජ‍්ඣභාසීති කස‍්මා එස පුනප‍්පුනං එවං භාසතීති? සක‍්කස‍්ස කිර දෙවරඤ‍්ඤො සද‍්දො මධුරො, සුඵසිතං දන‍්තාවරණං, කථනකාලෙ සුවණ‍්ණකිඞ‍්කිණිකසද‍්දො විය නිච‍්ඡරති. තං පුනප‍්පුනං සොතුං ලභිස‍්සාමීති භාසති. පූතිදෙහසයාති පූතිම‍්හි මාතුසරීරෙ වා, අත‍්තනොයෙව වා සරීරං අවත්‍ථරිත්‍වා සයනතො පූතිදෙහසයා. නිමුග‍්ගා කුණපම‍්හෙතෙති දසමාසෙ මාතුකුච‍්ඡිසඞ‍්ඛාතෙ කුණපස‍්මිං එතෙ නිමුග‍්ගා. එතං තෙසං පිහයාමීති එතෙසං එතං පිහයාමි පත්‍ථයාමි. න තෙ සං කොට‍්ඨෙ ඔපෙන‍්තීති න තෙ සං සන‍්තකං ධඤ‍්ඤං කොට‍්ඨෙ පක‍්ඛිපන‍්ති. න හි එතෙසං ධඤ‍්ඤං අත්‍ථි. න කුම‍්භීති න කුම‍්භියං. න කළොපියන‍්ති න පච‍්ඡියං. පරනිට‍්ඨිතමෙසානාති පරෙසං නිට‍්ඨිතං පරඝරෙ පක‍්කං භික‍්ඛාචාරවත‍්තෙන එසමානා ගවෙසමානා. තෙනාති එවං පරියිට‍්ඨෙන. සුබ‍්බතාති දසපි…පෙ… සට‍්ඨිපි වස‍්සානි සුසමාදින‍්නසුන්‍දරවතා.

දස වැන්නේ - අජ්ඣභාසි කුමක් නිසා ඔහු යළි යළිත් මෙසේ කියයි ද? සක් දෙවිඳුගේ ශබ්දය මධුර ය. දන්තාවරණය මැනවින් ස්පර්ශ වේ. කථා කරන විට ස්වර්ණ කිංකිණි ශබ්දය මෙන් නික්මෙයි. එය යළි යළිත් අසන්නට ලැබෙති යි පවසයි. පූතිදෙහසයා දුගඳ හමන මවගේ සිරුරේ හෝ තමාගේ ම සිරුරේ විසුරුවා ගෙන නිදන බැවින් “පූතිදෙහසයො” නිමුග්ගා කුණපෙස්වෙතෙ දස මසක් මව්කුස නම් වූ කුණපයෙහි ගැලුනාහු එතං නෙසං පිහයාමි ඔවුන්ගේ මේ (ගුණය) පතමි. න තෙසං කොට්ඨෙ ඔපෙන්ති ඔවුන් සතු ධාන්‍යයක් කොටුවක (අටුවක) නො දමත්. ඔවුනට ධාන්‍ය නැත. න කුම්භි සැළියක නො (දමත්.) න ඛලොපියං පැසක නො (දමත්), පරනිට්ඨිතමෙසානා අනුන් විසින් නිමවන ලද අන් ගෙවල උයන ලද භික්ෂාචාර ව්‍රත සොයන - ගවේෂණය කරන, තෙන මෙසේ පුදන ලද දෙයින් සුබ්බතානි දශ (වර්ෂයක්) සැට වර්ෂයක් වුව ද මැනවින් සමාදන් වූ සුන්දර ව්‍රත ඇත්තාහු,

සුමන‍්තමන‍්තිනොති ධම‍්මං සජ‍්ඣායිස‍්සාම, ධුතඞ‍්ගං සමාදියිස‍්සාම, අමතං පරිභුඤ‍්ජිස‍්සාම, සමණධම‍්මං කරිස‍්සාමාති එවං සුභාසිතභාසිනො. තුණ‍්හීභූතා සමඤ‍්චරාති තියාමරත‍්තිං අසනිඝොසෙන ඝොසිතා විය ධම‍්මං කථෙන‍්තාපි තුණ‍්හීභූතා සමං චරන‍්තියෙව නාම. කස‍්මා? නිරත්‍ථකවචනස‍්සාභාවා. පුථුමච‍්චා චාති බහුසත‍්තා ච අඤ‍්ඤමඤ‍්ඤං විරුද‍්ධා. අත‍්තදණ‍්ඩෙසු නිබ‍්බුතාති පරවිහෙඨනත්‍ථං ගහිතදණ‍්ඩෙසු සත‍්තෙසු නිබ‍්බුතා විස‍්සට‍්ඨදණ‍්ඩා. සාදානෙසු අනාදානාති සගහණෙසු සත‍්තෙසු ච භවයොනිආදීනං එකකොට‍්ඨාසස‍්සාපි අගහිතත‍්තා අගහණා.

මන්තිනො ධර්මය සජ්ඣායනය කරන්නෙමු. ධුතංග සමාදන් වන්නෙමු. අමෘතය වළඳන්නෙමු. ශ්‍රමණ ධර්මය කරන්නෙමු යි මෙසේ සුභාෂිත වචන කථා කරන්නාවූ. තුණ්හීභූතා සමඤ්චරා රාත්‍රි තුන් යාමයෙහි හෙණ හඬින් ඝෝෂා කරන ලද්දාක් මෙන් ධර්මය කථා කරතත් නිහඬ වූවාහු “සම ව හැසිරෙත් ම ය” නමි. මක් නිසා ද? නිරර්ථක වචන නො මැති හෙයිනි. පුථුමච්චා ච බොහෝ සත්ත්වයෝ ද උනුනුන්ට විරුද්ධයහ. අත්තදණ්ඩෙසු නිබ්බුතා අනුනට හිංසා කිරීම පිණිස දඬුගත් සත්ත්වයන් අතර නිවුණාහු, මුදාහළ - දඬු ඇති, සාදානෙසු අනාදානා ආදාන (ග්‍රහණ) සහිත සත්ත්වයන් අතර භවයෝනි ආදියෙහි එක කොටසක් හෝ නො ගත් බැවින් ‘අගහණ.’

දසමං.

දස වැනි සූත්‍රය යි.

දුතියො වග‍්ගො.