යෙදුමෙන් කියවන්න

දුතිය දෙවාසත‍්තවතපදසුත‍්තං

11. 2. 2.

11. 2. 2.

[දුතිය] දෙවා[සත‍්තවතපද]සුත‍්තං.

දෙවන දේවා [සත්තවතපද] සූත්‍රය

258. එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ -පෙ- භගවා එතදවොච:

258. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ... මෙය වදාළ සේක.

සක‍්කො භික‍්ඛවෙ දෙවානමින්‍දො පුබ‍්බෙ මනුස‍්සභූතො සමානො මඝො නාම මාණවො අහොසි. තස‍්මා මඝවාති වුච‍්චති. සක‍්කො භික‍්ඛවෙ දෙවානමින්‍දො පුබ‍්බෙ මනුස‍්සභූතො සමානො පුරෙ පුරෙ දානං අදාසි. තස‍්මා පුරින්‍දදොති වුච‍්චති. සක‍්කො භික‍්ඛවෙ දෙවානමින්‍දො පුබ‍්බෙ මනුස‍්සභූතො සමානො සක‍්කච‍්චං දානං අදාසි. තස‍්මා සක‍්කොති වුච‍්චති. සක‍්කො භික‍්ඛවෙ දෙවානමින්‍දො පුබ‍්බෙ මනුස‍්සභූතො සමානො ආවසථං අදාසි. තස‍්මා වාසවොති වුච‍්චති. සක‍්කො භික‍්ඛවෙ දෙවානමින්‍දො සහස‍්සම‍්පි අත්‍ථානං මුහුත‍්තෙන චින‍්තෙති. තස‍්මා සහස‍්සක‍්ඛොති වුච‍්චති. සක‍්කස‍්ස භික‍්ඛවෙ දෙවානමින්‍දස‍්ස සුජා නාම අසුරකඤ‍්ඤා පජාපතී. තස‍්මා සුජම‍්පතීති වුච‍්චති. සක‍්කො භික‍්ඛවෙ දෙවානමින්‍දො දෙවානං තාවතිංසානං ඉස‍්සරියාධිපච‍්චං රජ‍්ජං කාරෙති. තස‍්මා දෙවානමින්‍දොති වුච‍්චති.

මහණෙනි, සක්දෙව්රජ පෙර මිනිස් වූයේ මඝ නම් මාණවකයෙක් වී ය. එහෙයින් “මඝවන්තු” යී කියනු ලැබේ. මහණෙනි, සක්දෙවිඳු පෙර මිනිස් වූයේ පළමු පළමු දන් දිනි. එහෙයින් “පුරින්‍දද”යී කියනු ලැබේ. මහණෙනි, සක්දෙවිඳු පෙර මිනිස් වූයේ සකස් කොට දන් දිනි එහෙයින් “සක්ක”යී කියනු ලැබේ. මහණෙනි, සක්දෙවිඳු පෙර මිනිස් වූයේ ආවාස දිනි. එහෙයින් “වාසව”යී කියනු ලැබේ. මහණෙනි, සක්දෙවිඳු අරුත් දහසකුදු මොහොතකින් සිතයි. (දකියි) එහෙයින් “සහස්සක්ඛ”යී කියනු ලැබේ. මහණෙනි, සක්දෙවිඳුහට සුජා නම් අසුර කන්‍යාවක් පජාපති (බිරිඳ) ය. එහෙයින් “සුජම්පති” යී කියනු ලැබේ. මහණෙනි, සක්දෙවිඳු තව්තිසා වැසි දෙවියන් පිළිබඳ ඉසුරු බව හා අධිපති බව ඇති රජය කරයි. එහෙයින් “දේවානමින්‍ද” යී කියනු ලැබේ.

සක‍්කස‍්ස භික‍්ඛවෙ දෙවානමින්‍දස‍්ස පුබ‍්බෙ මනුස‍්සභූතස‍්ස සත‍්තවතපදානි සමත‍්තානි සමාදින‍්නානි අහෙසුං. යෙසං සමාදින‍්නත‍්තා සක‍්කො සක‍්කත‍්තං අජ‍්ඣගා.

මහණෙනි, පෙර මිනිස් වූ සක්දෙවිඳු විසින් සත්‍වතපද කෙනෙක් මොනවාට ගන්නා ලදහ. සමාදන් කරණ ලදහ. ඔවුන් සමාදන් කරණලද බැවින් ශක්‍ර තෙමේ ශක්‍රබවට පැමිණියේ ය.

කතමානි සත‍්ත වතපදානි: යාවජීවං මාතාපෙත‍්තිභරො අස‍්සං. යාවජීවං කුලෙ ජෙට‍්ඨාපචායී අස‍්සං. යාවජීවං සණ‍්හවාචො අස‍්සං. යාවජීවං අපිසුණාවාචො අස‍්සං. යාවජීවං විගතමලමච‍්ඡෙරෙන චෙතසා අගාරං අජ‍්ඣාවසෙය්‍යං, මුත‍්තචාගො පයතපාණි වොස‍්සග‍්ගරතො යාචයොගො දානසංවිභාගරතො. යාවජීවං සච‍්චවාචො අස‍්සං. යාවජීවං අක‍්කොධනො අස‍්සං. සචෙපි මෙ කොධො උප‍්පජ‍්ජෙය්‍ය ඛිප‍්පමෙව නං පටිවිනෙය්‍යන‍්ති. සක‍්කස‍්ස භික‍්ඛවෙ දෙවානමින්‍දස‍්ස පුබ‍්බෙ මනුස‍්සභූතස‍්ස ඉමානි සත‍්ත වතපදානි සමත‍්තානි සමාදින‍්නානි අහෙසුං, යෙසං සමාදින‍්නත‍්තා සක‍්කො සක‍්කත‍්තං අජ‍්ඣගාති.

කවර සත්‍වතපද කෙනෙක් ද? යත්: දිවිහිමියෙන් මවුපියන් පුසින්නෙම් වන්නෙමි. දිවිහිමියෙන් කුලදෙටුවන් පුදන්නෙම් වන්නෙමි. දිවිහිමියෙන් මුදුවදන් ඇත්තෙම් වන්නෙමි. දිවිහිමියෙන් පිසුණුබස් නැත්තෙම් වන්නෙමි. මුදන ලද ත්‍යාග ඇත්තෙම්, පවිත්‍ර කරණ ලද අත් ඇත්තෙම්, දන් දීමෙහි ඇලුනෙම්, අනුන් විසින් ඉල්ලන්නට සුදුසු වූයෙම්, දානයෙහි හා සංවිභාගයෙහි ද ඇලුනෙම්, දිවිහිමියෙන් පහ වූ මසුරුමල ඇති සිතින් යුක්ත ව ගිහිගෙයි වෙසෙන්නෙමි. දිවිහිමියෙන් සබවස ඇත්තෙම් වන්නෙමි. දිවිහිමියෙන් ක්‍රෝධ නොකරන්නෙකිම් වන්නෙමි. ඉදිනුදු මට ක්‍රෝධය උපදනේ නම් වහා ම එය දුරු කරන්නෙමි යි. මහණෙනි, පෙර මිනිස් වූ සක්දෙවිඳු විසින් මේ සත්‍වතපදයෝ මොනවට ගන්නා ලදහ. සමාදන් කරණ ලදහ. ඔවුන් සමාදන් කරණ ලද බැවින් ශක්‍ර තෙමේ ශක්‍රබවට පැමිණියේ ය.

මාතාපෙත‍්තිභරං ජන‍්තුං කුලෙ ජෙට‍්ඨාපචායිනං සණ‍්හං සඛිලසම‍්භාසං පෙසුණෙය්‍යප‍්පහායිනං මච‍්ඡෙරවිනයෙ යුත‍්තං සච‍්චං කොධාභිභුං නරං තං වෙ දෙවා තාවතිංසා ආහු සප‍්පුරිසො ඉතීති.

මවුපියන් පුස්නා, කුලදෙටුවන් පුදන, මෘදුපියතෙපුල් බණන, පිසුණුබසින් වැළකුනු, මසුරුමල දුරු කිරීමෙහි යෙදුනු, සබවස් බණන, ක්‍රෝධය මැඩලන සුලු ඒ මනුෂ්‍ය සත්ත්‍වයා ඒකාන්තයෙන් සත්පුරුෂයෙකැයි තව්තිසාවැසි දෙවියෝ කියති.