යෙදුමෙන් කියවන්න

මහාලිසත‍්තවතපදසුත‍්තං

11. 2. 3.

11. 2. 3.

මහාලි[සත‍්තවතපද]සුත‍්තං.

මහාලි [සත්තවතපද] සූත්‍රය

259. එවං මෙ සුතං: එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො මහාලි ලිච‍්ඡවි යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි.

259. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි මහවෙනෙහි කූටාගාරශාලාවෙහි වැඩවසන සේක. එකල්හි මහාලි ලිච්ඡවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය.

එකමන‍්තං නිසින‍්නො ඛො මහාලි ලිච‍්ඡවී භගවන‍්තං එතදවොච: දිට‍්ඨො. වො භන‍්තෙ සක‍්කො දෙවානමින්‍දොති. දිට‍්ඨො මෙ මහාලි සක‍්කො දෙවානමින්‍දොති.

එකත්පසෙක හුන් මහාලි ලිච්ඡවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය: වහන්ස, මුබවහන්සේ විසින් සක්දෙවිඳු දක්නා ලද්දේ ද? මහාලි, මා විසින් සක්දෙවිඳු දක්නා ලද්දේ ය.

සො හි නූන භන‍්තෙ සක‍්කපතිරූපකො භවිස‍්සති. දුද‍්දසො හි භන‍්තෙ සක‍්කො දෙවානමින්‍දොති.

වහන්ස, හෙ තෙමේ ඒකාන්තයෙන් ශක්‍රප්‍රතිරූපක විය හෙයි. වහන්ස, සක්දෙවිඳු දැකීමට දුෂ්කර ය. එහෙයිනි.

සක‍්කඤ‍්චාහං මහාලි පජානාමි, සක‍්කකරණෙ ච ධම‍්මෙ. යෙසං ධම‍්මානං සමාදින‍්නත‍්තා සක‍්කො සක‍්කත‍්තං අජ‍්ඣගා, තඤ‍්ච පජානාමි.

මහාලි, මම ශක්‍රයා ද දනිමි ශක්‍රකාරක ධර්‍ම ද දනිමි. යම් දහම් කෙනකුන් සමාදන් වූ බැවින් ශක්‍රයා ශක්‍රබවට පැමිණියේ නම් එ ද දනිමි.

සක‍්කො මහාලි දෙවානමින්‍දො පුබ‍්බෙ මනුස‍්සභූතො සමානො මඝො නාම මාණවො අහොසි. තස‍්මා “මඝවාති” වුච‍්චති. සක‍්කො මහාලි දෙවානමින්‍දො පුබ‍්බෙ මනුස‍්සභූතො සමානො පුරෙ පුරෙ දානං අදාසි. තස‍්මා පුරින්‍දදොති වුච‍්චති. සක‍්කො මහාලි දෙවානමින්‍දො පුබ‍්බෙ මනුස‍්සභූතො සමානො සක‍්කච‍්චං දානං අදාසි. තස‍්මා සක‍්කොති වුච‍්චති. සක‍්කො මහාලි දෙවානමින්‍දො පුබ‍්බෙ මනුස‍්සභූතො සමානො ආවසථං අදාසි, තස‍්මා වාසවොති වුච‍්චති. සක‍්කො මහාලි දෙවානමින්‍දො සහස‍්සම‍්පි අත්‍ථානං මුහුත‍්තෙන චින‍්තෙති. තස‍්මා සහස‍්සක‍්ඛොති වුච‍්චති. සක‍්කස‍්ස මහාලි දෙවානමින්‍දස‍්ස සුජා නාම අසුරකඤ‍්ඤා පජාපතී. තස‍්මා සුජම‍්පතීති වුච‍්චති. සක‍්කො මහාලි දෙවානමින්‍දො දෙවානං තාවතිංසානං ඉස‍්සරියාධිපච‍්චං රජ‍්ජං කාරෙති. තස‍්මා දෙවානමින්‍දොති වුච‍්චති.

මහාලි, සක්දෙවිඳු පෙර මිනිස් වූයේ ම මඝ නම් මාණවකයෙක් විය. එහෙයින් “මඝවනතු” යි කියනු ලැබේ. මහාලි, සක්දෙවිඳු පෙර මිනිස් වූයේ ම පළමු පළමු දන් දිනි. එහෙයින් “පුරින්‍දද”යි කියනු ලැබේ. මහාලි, සක්දෙවිඳු පෙර මිනිස් වූයේ ම සකසා දන් දිනි. එහෙයින් “ශක්‍ර” යි කියනු ලැබේ. මහාලි, සක්දෙවිඳු පෙර මිනිස් වූයේ අවාස දිනි. එහෙයින් “වාසව”යි කියනු ලැබේ. මහාලි, සක්දෙවිඳු අරුත් දහසකුදු මොහොතින් සිතයි. එහෙයින් “සහස්සක්ඛ” යි කියනු ලැබේ. මහාලි, සක්දෙවිඳුහට සුජා නම් අසුර කන්‍යාවක් පජාපති බිරිඳ ය. එහෙයින් “සුජම්පති” යි කියනු ලැබේ. මහාලි, සක්දෙවිඳු තව්තිසා වැසි දෙවියන් පිළිබඳ ඉසුරු බව හා අධිපති බව ඇති රජය කරයි. එහෙයින් “දේවානමින්‍ද” යි කියනු ලැබේ.

සක‍්කස‍්ස මහාලි දෙවානමින්‍දස‍්ස පුබ‍්බෙ මනුස‍්සභූතස‍්ස සත‍්ත වතපදානි සමත‍්තානි සමාදින‍්නානි අහෙසුං, යෙසං සමාදින‍්නත‍්තා සක‍්කො සක‍්කත‍්තං අජ‍්ඣගා.

මහාලි, පෙර මිනිස් වූ සක්දෙවිඳු විසින් සත්‍වතපද කෙනෙක් මොනවාට ගන්නා ලදහ. සමාදන් කරණ ලදහ. ඔවුන් සමාදන් වූ බැවින් ශක්‍රයා ශක්‍රබවට පැමිණියේ ය.

කතමානි සත‍්ත වතපදානි: යාවජීවං මාතාපෙත‍්තිභරො අස‍්සං. යාවජීවං කුලෙ ජෙට‍්ඨාපචායී අස‍්සං. යාවජීවං සණ‍්හවාචො අස‍්සං. යාවජීවං අපිසුණවාචො අස‍්සං. යාවජීවං විගතමලමච‍්ඡෙරෙන චෙතසා අගාරං අජ‍්ඣාවසෙය්‍යං, මුත‍්තචාගො පයතපාණී වොස‍්සග‍්ගරතො යාචයොගො දානසංවිභාගරතො. යාවජීවං සච‍්චවාචො අස‍්සං. යාවජීවං අක‍්කොධනො අස‍්සං. සචෙපි මෙ කොධො උප‍්පජෙය්‍ය, ඛිප‍්පමෙව නං පටිවිනෙය්‍යන‍්ති.

කවර සත්‍වතපද කෙනෙක් ද යත්: දිවිහිමියෙන් මවුපියන් පුසින්නෙම් වන්නෙමි. දිවිහිමියෙන් කුලදෙටුවන් පුදන්නෙම් වන්නෙමි. දිවිහිමියෙන් මුදුවදන් ඇත්තෙම් වන්නෙමි. දිවිහිමියෙන් පිසුණුවදන් නැත්තෙම් වන්නෙමි. මුදන ලද ත්‍යාග ඇත්තෙම්, පවිත්‍ර කරණ ලද අත් ඇත්තෙම්, දීමෙහි ඇලුනෙම්, අනුන් විසින් ඉල්ලන්නට සුදුසු වූයෙම්, දානයෙහිත් හා සංවිභාගයෙහිත් ඇලුනෙම්, දිවිහිමියෙන් පහවූ මසුරුමල ඇති සිතින් යුක්ත ව ගිහිගෙයි වෙසෙන්නෙමි. දිවිහිමියෙන් සබවස ඇත්තෙම් වන්නෙමි. දිවිහිමියෙන් ක්‍රෝධ නැත්තෙම් වන්නෙමි. ඉදිනුදු මට ක්‍රෝධය උපදනේ නම් වහා ම එය දුරු කරන්නෙමි යී.

සක‍්කස‍්ස මහාලි දෙවානමින්‍දස‍්ස පුබ‍්බෙ මනුස‍්සභූතස‍්ස ඉමානි සත‍්ත වතපදානි සමත‍්තානි සමාදින‍්නානි අහෙසුං. යෙසං සමාදින‍්නත‍්තා සක‍්කො සක‍්කත‍්තං අජ‍්ඣගාති.

මහාලි, පෙර මිනිස් වූ සක්දෙවිඳු විසින් මේ සත්‍වතපදයෝ සමාත්තයහ. සමාදන් කරණ ලදහ. ඔවුන් සමාදන් කරණ ලද බැවින් ශක්‍රයා ශක්‍රබවට පැමිණියේ ය.

මාතාපෙත‍්තිභරං ජන‍්තුං කුලෙ ජෙට‍්ඨාපචායිනං සණ‍්හං සඛිලසම‍්භාසං පෙසුණෙය්‍යප‍්පහායිනං මච‍්ඡෙරවිනයෙ යුත‍්තං සච‍්චං කොධාභිභුං නරං තං වෙ දෙවා තාවතිංසා ආහු සප‍්පුරිසො ඉතීති.

මවුපියන් පුස්නා, කුලදෙටුවන් පුදන, මුදු පියතෙපුල් බණන, කේලමින් වැළකුනු, මසුරුමල දුරලීමෙහි යෙදුනු, සබවස් බණන, ක්‍රෝධය මැඩලනසුලු ඒ මනුෂ්‍ය සත්ත්‍වයා ඒකාන්තයෙන් සත්පුරුෂයෙකැයි තව්තිසාවැසි දෙවියෝ කියති යි.