යෙදුමෙන් කියවන්න

දළිද‍්දසුත‍්තං

11. 2. 4.

11. 2. 4.

දළිද‍්දසුත‍්තං.

දළිද්ද සූත්‍රය

260. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි භික‍්ඛවොති. භදන‍්තෙති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච: භූතපුබ‍්බං භික‍්ඛවෙ අඤ‍්ඤතරො පුරිසො ඉමස‍්මිං යෙව රාජගහෙ මනුස‍්සදළිද‍්දො අහොසි, මනුස‍්සකපණො මනුස‍්සවරාකො. සො තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ සද‍්ධං සමාදියි. සීලං සමාදියි. සුතං සමාදියි. චාගං සමාදියි. පඤ‍්ඤං සමාදියි.

260. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහණෙනි, පෙර වූවක් කියමි. මේ රජගහනුවර ම මනුෂ්‍යදරිද්‍ර (දිළිඳු මිනිසකු) වූ මනුෂ්‍ය කෘපණ (මනුෂ්‍යයින්ගේ කරුණාවට භාජන) වූ මනුෂ්‍යවරාක (ලාමක මිනිසකු) වූ එක්තරා පුරුෂයෙක් විය. හෙ තෙමේ තථාගතයන් වහන්සේ විසින් වදාළ ශාසනයෙහි ශ්‍රද්ධාව සමාදන් වූයේ ය. ශීලය සමාදන් වූයේ ය. ශ්‍රැතය සමාදන් වූයේ ය. ත්‍යාගය සමාදන් වූයේ ය. ප්‍රඥාව සමාදන් වූයේ ය.

සො තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ සද‍්ධං සමාදියිත්‍වා සීලං සමාදියිත්‍වා සුතං සමාදියිත්‍වා චාගං සමාදියිත්‍වා පඤ‍්ඤං සමාදියිත්‍වා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජි දෙවානං තාවතිංසානං සහව්‍යතං. සො අඤ‍්ඤෙ දෙවෙ අතිරොචති වණ‍්ණෙන චෙව යසසා ච.

හෙ තෙමේ තථාගතයන් වහන්සේ විසින් වදාළ ශාසනයෙහි ශ්‍රද්ධාව සමාදන් ව ශීලය සමාදන් ව ශ්‍රැතය සමාදන් ව ත්‍යාගය සමාදන් ව ප්‍රඥාව සමාදන් ව කාබුන් මරණින් මතු තව්තිසා වැසි දෙවියන්ගේ සහභාවයට, මනා ගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණියේ ය. හෙ තෙමේ ශරීරවර්‍ණයෙන් ද යශසින් ද අන් දෙවියන් ඉක්මවා බබලයි.

තත්‍ර සුදං භික‍්ඛවෙ දෙවා තාවතිංසා උජ‍්ඣායන‍්ති ඛිය්‍යන‍්ති විපාචෙන‍්ති: අච‍්ඡරියං වත භො අබ‍්භුතං වත භො අයං හි දෙවපුත‍්තො පුබ‍්බෙ මනුස‍්සභූතො සමානො මනුස‍්සදළිද‍්දො අහොසි, මනුස‍්සකපණො මනුස‍්සවරාකො. සො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපන‍්නො දෙවානං තාවතිංසානං සහව්‍යතං. සො අඤ‍්ඤෙ දෙවෙ අතිරොචති වණ‍්ණෙන චෙව යසසා චාති.

මහණෙනි, එහි තව්තිසාවැසි දෙවියෝ නින්‍දා කෙරෙත්, දොස් කියත්, අවමන් කෙරෙත්: පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යය. පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතයි. මේ දෙව්පුත් තෙමේ වනාහි පූර්‍වයෙහි මිනිස් වූයේ මනුෂ්‍ය දරිද්‍රයෙක් විය. මනුෂ්‍ය කෘපණයෙක් විය. මනුෂ්‍ය වරාකයෙක් විය. හෙ තෙමේ කාබුන් මරණින් මැති තව්තිසාවැසි දෙවියන්ගේ සහභාවයට, මනා ගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණියේ ය. හෙ තෙමේ ශරීර වර්‍ණයෙන් ද යශසින් ද අන් දෙවියන් ඉක්මවා බබලයි.

අථ ඛො භික‍්ඛවෙ සක‍්කො දෙවානමින්‍දො දෙවෙ තාවතිංසෙ ආමන‍්තෙසි: මා ඛො තුම‍්හෙ මාරිසා එතස‍්ස දෙවපුත‍්තස‍්ස උජ‍්ඣායිත්‍ථ. එසො ඛො මාරිසා දෙවපුත‍්තො පුබ‍්බෙ මනුස‍්සභූතො සමානො තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ සද‍්ධං සමාදියි. සීලං සමාදියි. සුතං සමාදියි. චාගං සමාදියි. පඤ‍්ඤං සමාදියි. සො තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ සද‍්ධං සමාදියිත්‍වා සීලං සමාදියිත්‍වා සුතං සමාදියිත්‍වා චාගං සමාදියිත්‍වා පඤ‍්ඤං සමාදියිත්‍වා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපන‍්නො දෙවානං තාවතිංසානං සහව්‍යතං. සො අඤ‍්ඤෙ දෙවෙ අතිරොචති වණ‍්ණෙන චෙව යසසා චාති.

මහණෙනි, ඉක්බිති සක්දෙවිඳු තෙමේ තව්තිසාවැසි දෙවියන් ඇමතීය: පින්වත්නි, තෙපි මේ දෙව්පුත්හට නින්‍දා නො කරවු. පින්වත්නි, මේ දෙව්පුත් තෙමේ පෙර මිනිස් වූයේ තථාගතයන් වහන්සේ විසින් වදාළ ශාසනයෙහි ශ්‍රද්ධාව සමාදන් විය. ශීලය සමාදන් විය. ශ්‍රැතය සමාදන් විය. ත්‍යාගය සමාදන් විය. ප්‍රඥාව සමාදන් විය. හෙ තෙමේ තථාගතයන් වහන්සේ විසින් වදාළ ශාසනයෙහි ශ්‍රද්ධාව සමාදන් ව ශීලය සමාදන් ව ශ්‍රැතය සමාදන් ව ත්‍යාගය සමාදන් ව ප්‍රඥාව සමාදන් ව කාබුන් මරණින් මැති තව්තිසාවැසි දෙවියන්ගේ සහභාවයට මනාගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණියේ ය. හෙ තෙමේ වර්‍ණයෙන් ද යශසින් ද අන් දෙවියන් ඉක්මවා බබලයි.

අථ ඛො භික‍්ඛවෙ සක‍්කො දෙවානමින්‍දො දෙවෙ තාවතිංසෙ අනුනයමානො තායං වෙලායං ඉමා ගාථායො අභාසි:

මහණෙනි, ඉක්බිති සක්දෙවිඳු තෙමේ තව්තිසාවැසි දෙවියන් සතුටු කරමින් ඒ වෙලාවෙහි මේ ගාථාවන් කීය:

යස‍්ස සද‍්ධා තථාගතෙ අචලා සුප‍්පතිට‍්ඨිතා සීලඤ‍්ච යස‍්ස කල්‍යාණං අරියකන‍්තං පසංසිතං.

යමකුට තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව අචල ව මැනවින් පිහිටියා ද, යමකුගේ යහපත් වූ ශීලය ආර්‍ය්‍යකාන්ත වූයේ පසස්නා ලද්දේ ද,

සඞ‍්ඝෙ පසාදො යස‍්ස උජුභූතඤ‍්ච දස‍්සනං, අදළිද‍්දොති තං ආහු අමොඝං තස‍්ස ජීවිතං.

යමකුට සඞ්ඝයා කෙරෙහි පැහැදීම ඇත් ද, ඥානදර්‍ශනයත් ඍජු වූයේ වේ ද, ඔහු නො දිළින්දෙකැ යි (බුද්ධාදි උතුමෝ) කියති. ඔහුගේ ජීවිතය හිස් නො වේ.

තස‍්මා සද‍්ධඤ‍්ච සීලඤ‍්ච පසාදං ධම‍්මදස‍්සනං, අනුයුඤ‍්ජෙථ මෙධාවී සරං බුද‍්ධාන සාසනන‍්ති.

එහෙයින් ප්‍රඥා තෙමේ බුදුවරයන්ගේ ශාසනය සිහි කරන්නේ ශ්‍රද්ධාව ද, ශීලය ද, පැහැදීම ද, ධර්‍මය දැකීම ද, අනුයෝග වශයෙන් පිරිසිදු කරන්නේ ය.