රාමණෙය්යකසුත්තං
11. 2. 5.
11. 2. 5.
රාමණෙය්යකසුත්තං.
රාමණෙය්‍යක සූත්‍රය
261. සාවත්ථියං–
261. සැවැත්නුවර–
අථ ඛො සක්කො දෙවානමින්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සක්කො දෙවානමින්දො භගවන්තං එතදවොච: කින්නුඛො භන්තෙ භූමිරාමණෙය්යකන්ති?
එකල්හි සක්දෙව්රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සක්දෙව්රජ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, බිම පිළිබඳ සිත්කලු බව කිමෙක් දැ”යි මෙය සැළ කළේ ය.
[භගවා:]
[භගවත්හු:]
ආරාමචෙත්යා වනචෙත්යා පොක්ඛරඤ්ඤා සුනිම්මිතා, මනුස්සරාමණෙය්යස්ස කලං නාග්ඝන්ති සොළසිං.
ආරාමචෛත්‍යයෝ ද, වනචෛත්‍යයෝ ද, මැනවින් නිමවන ලද පොකුණු ද මනුෂ්‍ය රමණියත්වය පිළිබඳ සොළොස් වැනි කලාවෙන් කලාවකුත් නො අගිත්.
ගාමෙ වා යදි වා රඤ්ඤෙ නින්නෙ වා යදි වා ථලෙ, යත්ථ අරහන්තො විහරන්ති තං භූමිං රාමණෙය්යකන්ති.
ඉදින් ගම්හි හෝ වෙනෙහි හෝ ඉදින් වලබිම්හි හෝ ගොඩබිම්හි හෝ යම් තැනෙක රහත්හු වෙසෙත් ද , ඒ බිම සිත්කලු බව යි.
11. 2. 6.
11. 2. 6.
යජමානසුත්තං
යජමාන සූත්‍රය
262. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. අථ ඛො සක්කො දෙවානමින්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සක්කො දෙවානමින්දො භගවන්තං ගාථාය අජ්ඣභාසි:
262. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩවසන සේක. එකල්හි සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සක්දෙවිඳු තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
යජමානානං මනුස්සානං පුඤ්ඤපෙක්ඛාන පාණීනං, කරොතං ඔපධිකං පුඤ්ඤං කත්ථ දින්නං මහප්ඵලන්ති.
පින් කැමති ව යාග කරන්නා වූ උපධිවිපාක ඇති පින් කරන්නා වූ මනුෂ්‍යප්‍රාණීන් විසින් කවර කෙනකුන්ට දෙන ලද්ද මහත්ඵල වේදැ යි.
[භගවා:]
[භගවත්හු:]
චත්තාරො ච පටිපන්නා චත්තාරො ච ඵලෙ ඨිතා, එස සඞ්ඝො උජුභූතො පඤ්ඤාසීලසමාහිතො.
මාර්ගප්රතිපන්නයෝ සිවුදෙන ද, ඵලස්ථයෝ සිවුදෙන දැයි මේ (අෂ්ටාර්‍ය්‍යපුද්ගල) සඞ්ඝ තෙමේ ඍජු වූයේ ය. ප්රඥාශීලසමාධීන් යුක්ත ය.
යජමානානං මනුස්සානං පුඤ්ඤපෙක්ඛාන පාණිනං, කරොතං ඔපධිකං පුඤ්ඤං සඞ්ඝෙ දින්නං මහප්ඵලන්ති.
පින් කැමති ව යාග කරන්නා වූ උපධිවිපාක ඇති පින් කරන්නා වූ මනුෂ්‍යප්‍රාණීන් විසින් ඒ සඞ්ඝයාහට දෙන ලද්ද මහත්ඵල වේ.
11. 2. 7.
11. 2. 7.
වන්දනාසුත්තං.
වන්දනා සූත්‍රය
263. සාවත්ථියං–
263. සැවැත්නුවර–
තෙන ඛො පන සමයෙන භගවා දිවාවිහාරගතො හොති, පටිසල්ලීනො. අථ ඛො සක්කො ච දෙවානමින්දො බ්රහ්මා ච සහම්පතී යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා පච්චෙකං ද්වාරබාහං නිස්සාය අට්ඨංසු. අථ ඛො සක්කො දෙවානමින්දො භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
එකල්හි භාග්‍යවතුන් වහන්සේ දිවාවිහරණයට වැඩිසේක් පිළිසලන ඇති සේක. ඉක්බිති සක්දෙව් රජ ද සහම්පති බඹු ද භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ වෙන වෙන දොරබා ඇසුරු කොට සිටියහ. එකල්හි සක්දෙව්රජ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීය.
උට්ඨෙහි වීර විජිතසඞ්ගාම පන්නභාර අනණ විචර ලොකෙ, චිත්තඤ්ච තෙ සුවිමුත්තං චන්දො යථා පණ්ණරසාය රත්තින්ති.
වීරයන් වහන්ස, දිනන ලද සඞ්ග්‍රාම ඇත්තානෙනි, බහා තබන ලද බර ඇත්තවුන් වහන්ස, ණය නැත්තානෙනි, නැගී සිටිනු මැනවි. ලොව හැසිරෙණු මැනවි. මුබ වහන්සේගේ සිතත් පුණුරැසි රැයක් සඳ මෙන් මැනවින් මිදුනේ ය.
[භගවා:]
[භගවත්තු:]
න ඛො දෙවානමින්ද තථාගතා එවං වන්දිතබ්බා. එවඤ්ච ඛො දෙවානමින්ද තථාගතා වන්දිතබ්බා:
දේවේන්ද්රය. තථාගතයෝ මෙසේ නො ම වැඳිය යුත්තාහ. දේවේන්ද්රය. තථාගතයෝ මෙසේ වැඳිය යුත්තාහ.
උට්ඨෙහි වීර විජිතසඞ්ගාම සත්ථවාහ අනණ විචර ලොකෙ, දෙසස්සු භගවා ධම්මං අඤ්ඤාතාරො භවිස්සන්තීති.
වීරයන් වහන්ස, විජිතසඞ්ග්රාමයන් වහන්ස, සාර්‍ත්‍ථවාහයන් වහන්ස, අනණයන් වහන්ස, නැඟී සිටිනු මැනවි. ලොව හැසිරෙණු මැනව. භාග්‍යවතුන් වහන්ස, ධර්මය දේශනා කරණු මැනව අවබෝධ කරන්නෝ ඇත.