යෙදුමෙන් කියවන්න

දෙවාසත‍්තවතපදසුත‍්තං

11. 2. 1.

11. 2. 1.

දෙවා[සත‍්තවතපද]සුත‍්තං.

දේවා [සත්තවතපද] සූත්‍රය

257. එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ.

257. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක:

තත්‍ර ඛො -පෙ- භගවා එතදවොච: සක‍්කස‍්ස භික‍්ඛවෙ දෙවානමින්‍දස‍්ස පුබ‍්බෙ මනුස‍්සභූතස‍්ස සත‍්ත වතපදානි සමත‍්තානි සමාදින‍්නානි අහෙසුං, යෙසං සමාදින‍්නත‍්තා සක‍්කො සක‍්කත‍්තං අජ‍්ඣගා.

එහිදී ... භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහණෙනි, පෙර මිනිස් වූ සක්දෙවිඳු විසින් සත්‍වතපද කෙනෙක් සමාත්තයහ. සමාදන් කරණ ලදහ. ඔවුන් සමාදන් වූ බැවින් ශක්‍ර තෙමේ ශක්‍රබවට පැමියේ ය.

කතමානි සත‍්ත වතපදානි? යාවජීවං මාතාපෙත‍්තිභරො අස‍්සං. යාවජීවං කුලෙජෙට‍්ඨාපචායී අස‍්සං. යාවජීවං සණ‍්හවාචො අස‍්සං. යාවජීවං අපිසුණවාචො අස‍්සං. යාවජීවං විගතමලමච‍්ඡෙරෙන චෙතසා අගාරං අජ‍්ඣාවසෙය්‍යං, මුත‍්තචාගො පයතපාණී වොස‍්සග‍්ගරතො යාචයොගො දානසංවිභාගරතො. යාවජීවං සච‍්චවාචො අස‍්සං. යාවජීවං අක‍්කොධනො අස‍්සං. සචෙපි මෙ කොධො උප‍්පජ‍්ජෙය්‍ය ඛිප‍්පමෙව නං පටිවිනෙය්‍යන‍්ති. සක‍්කස‍්ස භික‍්ඛවෙ දෙවානමින්‍දස‍්ස පුබ‍්බෙ මනුස‍්සභූතස‍්ස ඉමානි සත‍්ත වතපදානි සමත‍්තානි සමාදින‍්නානි අහෙසුං. යෙසං සමාදින‍්නත‍්තා සක‍්කො සක‍්කත‍්තං අජ‍්ඣගාති.

කවර සත්‍වත පද කෙනෙක් ද? යත්: දිවිහිමියෙන් මවුපියන් පුසින්නෙම් වන්නෙමි. දිවිහිමියෙන් කුලදෙටුවන් පුදන්නෙම් වන්නෙමි. දිවිහිමියෙන් මිහිරිවදන් ඇත්තෙම් වන්නෙමි. දිවිහිමියෙන් පිසුණුවදන් නැත්තෙම් වන්නෙමි. මුදන ලද ත්‍යාග ඇත්තෙම්, දන් දෙනු පිණිස දෙවූ අත් ඇත්තෙම්, දීමෙහි ඇලුනෙම්, අනුන් විසින් ඉල්ලන්නට සුදුසු වූයෙම්, දානයෙහිත් සංවිභාගයෙහිත් ඇලුනෙම්, දිවිහිමියෙන් පහවූ මසුරු මලින් යුත් සිතින් යුක්ත ව ගිහිගෙයි වෙසෙන්නෙමි. දිවිහිමියෙන් සැබෑ තෙපුල් ඇත්තෙම් වන්නෙමි. දිවිහිමියෙන් ක්‍රෝධ නොකරන්නෙම් වන්නෙමි. ඉදිනුදු මට ක්‍රෝධය උපදනේ නම් වහා ම එය දුරු කරන්නෙමි යි. මහණෙනි, පෙර මිනිස් වූ සක්දෙව්රජ විසින් මේ සත් ව්‍රතපදයෝ මොනවට ගන්නා ලදහ. සමාදන් කරණ ලදහ. ඔවුන් සමාදන් කරණ ලද බැවින් ශක්‍ර තෙමේ ශක්‍රබවට පැමිණියේ ය.

මාතාපෙත‍්තිභරං ජන‍්තුං කුලෙ ජෙට‍්ඨාපචායිනං, සණ‍්හං සඛිලසම‍්භාසං පෙසුණෙය්‍යප‍්පහායිනං. මච‍්ඡෙරවිනයෙ යුත‍්තං සච‍්චං කොධාභිභුං නරං, තං වෙ දෙවා තාවතිංසා ආහු සප‍්පුරිසො ඉතීති.

මවුපියන් පුස්නා කුලදෙටුවන් පුදන මෘදු ප්‍රිය තෙපුල් බණන කේලමින් වැළකුනු මසුරුමල දුරුකිරීමෙහි යෙදුනු සැබෑ තෙපුල් බණන ක්‍රෝධය මැඩලන සුලු ඒ මනුෂ්‍ය සත්ත්‍වයා ඒකාන්තයෙන් සත්පුරුෂයෙකැයි තව්තිසාවැසි දෙවියෝ කියත්.