ඉසයොසමුද්දකසුත්තං
11. 1. 10.
11. 1. 10.
ඉසයොසමුද්දකසුත්තං.
ඉසයොසමුද්දක සූත්රය
256. සාවත්ථියං–
256. සැවැත්නුවර–
භූතපුබ්බං භික්ඛවෙ සම්බහුලා ඉසයො සීලවන්තො කල්යාණධම්මා සමුද්දතීරෙ පණ්ණකුටීසු සම්මන්ති.
මහණෙනි, පෙර වූවක් කියමි. සිල්වත් කලණදහම් ඇති බොහෝ ඍෂීහු මුහුදුතෙර පන්සල්හි වෙසෙත්.
තෙන ඛො පන සමයෙන භික්ඛවෙ දෙවාසුරසඞ්ගාමො සමුපබ්බූළ්හො අහොසි. අථ ඛො භික්ඛවෙ තෙසං ඉසීනං සීලවන්තානං කල්යාණධම්මානං එතදහොසි. ධම්මිකා ඛො දෙවා, අධම්මිකා අසුරා. සියා පි නො අසුරතො භයං. යන්නූන මයං සම්බරං අසුරින්දං උපසඞ්කමිත්වා අභයදක්ඛිණං යාචෙය්යාමාති.
මහණෙනි, එකල්හි දේවසුරසංග්රාමයෙක් එළඹ සිටියේ විය. මහණෙනි, ඉක්බිති සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීන්ට “දෙවියෝ දැහැමිය හ. අසුරයෝ නො දැහැමිය හ. අපට අසුරයන්ගෙන් බියෙක් විය හෙයි. අපි සම්බර අසුරිඳු වෙත එළඹ අභයදානය යදින්නමෝ නම් මැනවැ”යි මේ සිත විය.
අථ ඛො භික්ඛවෙ තෙ ඉසයො සීලවන්තො කල්යාණධම්මා සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව සමුද්දතීරෙ පණ්ණකුටීසු අන්තරහිතා සම්බරස්ස අසුරින්දස්ස පමුඛෙ පාතුරහෙසුං. අථ ඛො භික්ඛවෙ තෙ ඉසයො සීලවන්තො කල්යාණධම්මා සම්බරං අසුරින්දං ගාථාය අජ්ඣභාසිංසු:
මහණෙනි, ඉක්බිති සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීහු යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් ම මුහුදුතෙර පන්සල්හි අතුරුදන් වූවාහු සම්බර අසුරිඳු ඉදිරියෙහි පහළ වූහ. මහණෙනි, එකල්හි සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීහු සම්බර අසුරිඳුහට ගාථායෙන් කීහ.
ඉසයො සම්බරං පත්තා යාචන්ති අභයදක්ඛිණං, කාමං කරොහි තෙ දාතුං භයස්ස අභයස්ස වාති.
ඍෂීහු සම්බර වෙත පැමිණියාහු අභයදානය යදිත්. භය දෙන්නට හෝ අභය දෙන්නට හෝ (සමත් වූ) මුබට කැමැත්තක් කළ මැනව.
ඉසීනං අභයං නත්ථි දුට්ඨානං සක්කසෙවිනං, අභයං යාචමානානං භයමෙව දදාමි වොති.
(අපට) විරුද්ධ වූ ශක්රයා සෙවුනා වූ ඍෂින්ට අභයෙක් නැත. අභය ඉල්ලන්නාවූ තොපට බිය ම දෙමි.
අභයං යාචමානානං භයමෙව දදාසි නො, පටිග්ගණ්හාම තෙ එතං අක්ඛයං හොතු තෙ භයං.
අභය ඉල්ලන්නා වූ අපට බිය ම දෙන්නෙහි ය. තොපගේ මේ කීම පිළිගණිමු. තොපට බිය ක්ෂය නො වේවා.
යාදිසං වපතෙ බීජං තාදිසං හරතෙ ඵලං, කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකං, පවුත්තං තාත තෙ බීජං ඵලං පච්චනුභොස්සසීති.
යම් බඳු බිජුවටක් වපුරා ද, එබඳු පල හැර ගණි. යහපත් ක්රියා කරණ තැනැත්තේ යහපත් විපාක ලබයි. පාපක්රියා කරණ තැනැත්තේ ලාමකවිපාක ලබයි. දරුවා, තා විසින් බිජුවටක් වපුරණ ලදී. එහි ඵලය විඳුනෙහි ය.
අථ ඛො භික්ඛවෙ තෙ ඉසයො සීලවන්තො කල්යාණධම්මා සම්බරං අසුරින්දං අභිසපිත්වා සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය. එවමෙව සම්බරස්ස අසුරින්දස්ස පමුඛෙ අන්තරහිතා සමුද්දතීරෙ පණ්ණකුටීසු පාතුරහෙසුං.
මහණෙනි, ඉක්බිති, සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීහු සම්බර අසුරිඳුහට සාප කොට යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එපරිද්දෙන් ම සම්බර අසුරිඳුගේ හමුවෙහි අතුරුදන් වූවාහු මුහුදුතෙර පන්සල්හි පහළ වූහ.
අථ ඛො භික්ඛවෙ සම්බරො අසුරින්දො තෙහි ඉසීහි සීලවන්තෙහි කල්යාණධම්මෙහි අභිසපිතො රත්තියා සුදං තික්ඛත්තුං උබ්බිජ්ජතීති.
මහණෙනි, ඉක්බිති සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීන් විසින් සාප කරණ ලද සම්බර අසුරිඳු තෙමේ රෑ තුන්යලක් තැති ගෙණ නැගී සිටී.
සුවීරවග්ගො පඨමො.
සුවීර වර්ගය පළමුවැනි යි.
තත්රුද්දානං:
එහි උද්දානය:
සුවීරං සුසීමඤ්චෙව ධජග්ගං වෙපචිත්තිනො, සුභාසිතං ජයඤ්චෙව කුලාවකං න දුබ්භියං, වෙරොචන අසුරින්දො ඉසයො අරඤ්ඤකඤ්චෙව ඉසයො ච සමුද්දකාති.
සුවීර, සුසීම, ධජග්ග, වේපචිත්ති, සුභාසිතජය, කුලාවක, නදුබ්භිය වේරෝචනඅසුරින්ද, ඉසයොආරඤ්ඤක, ඉසයොසමුද්දක ය යී සූත්ර දශයෙකි.