යෙදුමෙන් කියවන්න

1. සුවීරවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. සුවීර වර්ගය

1. සුවීරසුත‍්තවණ‍්ණනා

1. සුවීර සූත්‍ර වර්ණනාව

සක‍්කසංයුත‍්තස‍්ස පඨමෙ අභියංසූති කදා අභියංසු? යදා බලවන‍්තො අහෙසුං, තදා. තත්‍රායං අනුපුබ‍්බිකථා –

සක්කසංයුත්තයෙහි පළමු වැන්නේ - අභියංසු (ඉදිරියට පැමිණියාහු ය) කවදා පැමිණියාහු ද? යම් දවසක බලවත් වූවෝ එදා ය. එහි අනුපූර්ව කථාව මෙය යි:

සක‍්කො කිර මගධරට‍්ඨෙ මචලගාමකෙ මඝො නාම මාණවො හුත්‍වා තෙත‍්තිංස පුරිසෙ ගහෙත්‍වා කල්‍යාණකම‍්මං කරොන‍්තො සත‍්ත වතපදානි පූරෙත්‍වා තත්‍ථ කාලඞ‍්කතො දෙවලොකෙ නිබ‍්බත‍්ති. තං බලවකම‍්මානුභාවෙන සපරිසං සෙසදෙවතා දසහි ඨානෙහි අධිගණ‍්හන‍්තං දිස‍්වා “ආගන‍්තුකදෙවපුත‍්තා ආගතා”ති නෙවාසිකා ගන්‍ධපානං සජ‍්ජයිංසු. සක‍්කො සකපරිසාය සඤ‍්ඤං අදාසි – “මාරිසා මා ගන්‍ධපානං පිවිත්‍ථ, පිවනාකාරමත‍්තමෙව දස‍්සෙථා”ති. තෙ තත්‍ථ අකංසු. නෙවාසිකදෙවතා සුවණ‍්ණසරකෙහි උපනීතං ගන්‍ධපානං යාවදත්‍ථං පිවිත්‍වා මත‍්තා තත්‍ථ තත්‍ථ සුවණ‍්ණපථවියං පතිත්‍වා සයිංසු. සක‍්කො “ගණ‍්හථ පුත‍්තහතාය පුත‍්තෙ”ති තෙ පාදෙසු ගහෙත්‍වා සිනෙරුපාදෙ ඛිපාපෙසි. සක‍්කස‍්ස පුඤ‍්ඤතෙජෙන තදනුවත‍්තකාපි සබ‍්බෙ තත්‍ථෙව පතිංසු. තෙ සිනෙරුවෙමජ‍්ඣකාලෙ සඤ‍්ඤං ලභිත්‍වා, “තාතා න සුරං පිවිම‍්හ, න සුරං පිවිම‍්හා”ති ආහංසු. තතො පට‍්ඨාය අසුරා නාම ජාතා. අථ නෙසං කම‍්මපච‍්චයඋතුසමුට‍්ඨානං සිනෙරුස‍්ස හෙට‍්ඨිමතලෙ දසයොජනසහස‍්සං අසුරභවනං නිබ‍්බත‍්ති. සක‍්කො තෙසං නිවත‍්තෙත්‍වා අනාගමනත්‍ථාය ආරක‍්ඛං ඨපෙසි, යං සන්‍ධාය වුත‍්තං –

ශක්‍රයා මගධ රට මචල ගමේ මඝ නම් මානවකයා වී පුරුෂයන් තිස් තුන් දෙනෙකු ගෙන යහපත් වැඩ කරන්නේ සප්ත ව්‍රත පද පුරා එහි කාලක්‍රියා කළේ දෙව්ලොව උපන්නේ ය. ඒ බලවත් කර්මානුභාවයෙන් සෙසු දේවතාවෝ දස කරුණකින් විශිෂ්ටත්වයට පත් වූ පිරිස සහිත ඔහු දැක ආගන්තුක දේවපුත්‍රයෝ පැමිණියෝ යි නේවාසිකයෝ ගණ්ඩපාණය සූදානම් කළහ. ශක්‍රයා සිය පිරිසට සංඥාවක් දුන්නේ ය. “පින්වත්නි, ගණ්ඩපාණය නො බොන්න. බොන ආකාරය පමණක් දක්වන්න. ඔවුහු එසේ කළාහු ය. දේවතාවෝ රන් ඔඩම්වලින් ගෙන්වන ලද ගණ්ඩපාණය ඇති තාක් පානය කොට, මත් වූවෝ, ඒ ඒ තැන රන් පොළවෙහි වැටී නිදන්ට වූහ. ශක්‍රයා ‘පුතා විසින් නසන ලද තැනැත්තියගේ දරුවන් ගනිවු” යි ඔවුන් පාවලින් ගෙන මහාමේරු පාමුලට විසි කරවී ය. ශක්‍රයාගේ පුණ්‍ය තේජසින් ඔවුන්ගෙන් පැවතෙන සියලු දෙනා ද එහි ම වැටුනාහ. ඔවුහු මහමෙර මැද කල්හි සිහිය ලැබ, පියවරුනි, (අපි) සුරා පානය නො කළෙමු යි කීහ. එතැන් පටන් ‘අසුර’ යි නම් ලැබූහ. ඉක්බිති ඔවුනට මහමෙරෙහි පහළ ම තලයෙහි කර්ම ප්‍රත්‍යය සෘතු සමුට්ඨාන සහිත දස දහසක් යොදුනැති අසුර භවන පහළ විණි. ශක්‍රයා ඔවුන් ආපසු හරවා යවා (යළි) නො ඒම පිණිස ආරක්ෂාව තැබී ය. ඒ අරභයා කියන ලදි:

“අන‍්තරා ද‍්වින‍්නං අයුජ‍්ඣපුරානං, පඤ‍්චවිධා ඨපිතා අභිරක‍්ඛා; උදකං කරොටි-පයස‍්ස ච හාරී, මදනයුතා චතුරො ච මහත්‍ථා”ති.

“අන්තරා ද්වින්නං අයුජඣපුරානං පඤ්චවිධා ඨපිතා අභිරක්‍ඛා උරගකරොටි පයස්ස ච භාරී මදනයුතා චතුරෝ ච මහන්තා”

(අයෝධ්‍ය පුර දෙක අතර පඤ්චවිධ වූ ආරක්ෂාවක් තබන ලදි. උරග - කරෝටි - පයස්සභාරී - මදනයුතා - ශ්‍රේෂ්ඨ (රජවරු) සතර දෙනා යනුවෙනි)

ද‍්වෙ නගරානි හි යුද‍්ධෙන ගහෙතුං අසක‍්කුණෙය්‍යතාය අයුජ‍්ඣපුරානි නාම ජාතානි දෙවනගරඤ‍්ච අසුරනගරඤ‍්ච. යදා හි අසුරා බලවන‍්තො හොන‍්ති, අථ දෙවෙහි පලායිත්‍වා දෙවනගරං පවිසිත්‍වා ද‍්වාරෙ පිදහිතෙ අසුරානං සතසහස‍්සම‍්පි කිඤ‍්චි කාතුං න සක‍්කොති. යදා දෙවා බලවන‍්තො හොන‍්ති, අථාසුරෙහි පලායිත්‍වා අසුරනගරස‍්ස ද‍්වාරෙ පිදහිතෙ සක‍්කානං සතසහස‍්සම‍්පි කිඤ‍්චි කාතුං න සක‍්කොති. ඉති ඉමානි ද‍්වෙ නගරානි අයුජ‍්ඣපුරානි නාම. නෙසං අන‍්තරා එතෙසු උදකාදීසු පඤ‍්චසු ඨානෙසු සක‍්කෙන ආරක‍්ඛා ඨපිතා. තත්‍ථ උදකසද‍්දෙන නාගා ගහිතා. තෙ හි උදකෙ බලවන‍්තො හොන‍්ති. තස‍්මා සිනෙරුස‍්ස පඨමාලින්‍දෙ තෙසං ආරක‍්ඛා. කරොටිසද‍්දෙන සුපණ‍්ණා ගහිතා. තෙසං කිර කරොටි නාම පානභොජනං, තෙන තං නාමං ලභිංසු. දුතියාලින්‍දෙ තෙසං ආරක‍්ඛා. පයස‍්සහාරීසද‍්දෙන කුම‍්භණ‍්ඩා ගහිතා. දානවරක‍්ඛසා කිර තෙ. තතියාලින්‍දෙ තෙසං ආරක‍්ඛා. මදනයුතසද‍්දෙන යක‍්ඛා ගහිතා. විසමචාරිනො කිරතෙ යුජ‍්ඣසොණ‍්ඩා. චතුත්‍ථාලින්‍දෙ තෙසං ආරක‍්ඛා. චතුරො ච මහන‍්තාති චත‍්තාරො මහාරාජානො වුත‍්තා. පඤ‍්චමාලින්‍දෙ තෙසං ආරක‍්ඛා. තස‍්මා යදි අසුරා කුපිතාවිලචිත‍්තා දෙවපුරං උපයන‍්ති යුද‍්ධෙසූ, යං ගිරිනො පඨමං පරිභණ‍්ඩං, තං උරගා පටිබාහන‍්ති එවං සෙසෙසු සෙසා.

නගර දෙක යුද්ධයෙන් (ජය) ගැනීමට නො හැකි වීම නිසා ‘අයුජ්ඣපුර’ (අයොධ්‍ය නගර) නම් වී ය: දේව නගරය හා අසුර නගරය (වශයෙනි), යම් කලෙක අසුරයෝ බලවත් වෙත් ද එවිට දෙවියන් පලා ගොස්, දේව නගරයට පිවිස දොර වසා ගත් කල්හි අසුරයන් ලක්ෂයකට වුව කිසිවක් කිරීමට නො හැකි වේ. යම් කලෙක දෙවියෝ බලවත් වෙත් ද, එවිට අසුරයන් පලා ගොස් අසුර නගරයෙහි දොර වසා ගත් කල්හි ශක්‍රයින් ලක්ෂයකට වුව කිසිවක් කිරීමට නො හැකි වේ. මෙසේ මේ නගර දෙක අයුජ්ඣ පුර නමි. ඒ දෙක අතර ඒ උරග ආදී පස් පොළක ශක්‍රයා විසින් ආරක්ෂාව තබන ලදි. එහි ‘උරග’ ශබ්දයෙන් නාගයෝ ගන්නා ලදහ. ඔවුහු ජලයෙහි බලවත් වෙති. එහෙයින් මහා මේරුයෙහි ප්‍රථම ආලින්දයෙහි ඔවුන්ගේ ආරක්ෂාව ය. ‘කරොටි’ ශබ්දයෙන් ගුරුළෝ ගන්නා ලදහ. ඔවුන්ගේ ‘කරොටි’ නම් සත්ත්ව භෝජනයකි. එයින් ඒ නම ලැබූහ. දෙවැනි ආලින්දයෙහි ඔවුන්ගේ ආරක්ෂාව ය. ‘පයස්සභාරි’ ශබ්දයෙන් කුම්භාණ්ඩයෝ ගන්නා ලදහ. ඔවුහු අසුර රාක්ෂසයෝ ය. තෙවැනි ආලින්දයෙහි ඔවුන්ගේ ආරක්ෂාව ය. “මදනයුත” ශබ්දයෙන් යක්ෂයෝ ගන්නා ලදහ. ඔවුහු විෂම ලෙස හැසිරෙන යුද්ධකාමීහු ය. සතර වැනි ආලින්දයෙහි ඔවුන්ගේ ආරක්ෂාව ය. “චතුරො මහන්තා” යන්නෙන් මහ රජවරු සතර දෙනා කියන ලදි. පස් වැනි ආලින්දයෙහි ඔවුන්ගේ ආරක්ෂාව ය. එහෙයින් ඉදින් අසුරයෝ කෝප වී කැළඹුණු සිත් ඇති ව දේව පුරයට ළං වෙත් ද යුධයෙහිදු කන්දෙහි යම් පළමු වටකිරීමක් වේ ද එය උරගයෝ වළක්වත්. ඉතිරි ඒවා පිළිබඳව ද මෙසේ ය.

තෙ පන අසුරා ආයුවණ‍්ණරසඉස‍්සරියසම‍්පත‍්තීහි තාවතිංසසදිසාව. තස‍්මා අන‍්තරා අත‍්තානං අජානිත්‍වා පාටලියා පුප‍්ඵිතාය, “න ඉදං දෙවනගරං, තත්‍ථ පාරිච‍්ඡත‍්තකො පුප‍්ඵති, ඉධ පන චිත‍්තපාටලී, ජරසක‍්කෙනාම‍්හාකං සුරං පායෙත්‍වා වඤ‍්චිතා, දෙවනගරඤ‍්ච නො ගහිතං, ගච‍්ඡාම තෙන සද‍්ධිං යුජ‍්ඣිස‍්සාමා”ති හත්‍ථිඅස‍්සරථෙ ආරුය‍්හ සුවණ‍්ණරජතමණිඵලකානි ගහෙත්‍වා, යුද‍්ධසජ‍්ජා හුත්‍වා, අසුරභෙරියො වාදෙන‍්තා මහාසමුද‍්දෙ උදකං ද‍්විධා භෙත්‍වා උට‍්ඨහන‍්ති. තෙ දෙවෙ වුට‍්ඨෙ වම‍්මිකමක‍්ඛිකා වම‍්මිකං විය සිනෙරුං අභිරුහිතු ආරභන‍්ති. අථ නෙසං පඨමං නාගෙහි සද‍්ධිං යුද‍්ධං හොති. තස‍්මිං ඛො පන යුද‍්ධෙ න කස‍්සචි ඡවි වා චම‍්මං වා ඡිජ‍්ජති, න ලොහිතං උප‍්පජ‍්ජති, කෙවලං කුමාරකානං දාරුමෙණ‍්ඩකයුද‍්ධං විය අඤ‍්ඤමඤ‍්ඤං සන‍්තාසනමත‍්තමෙව හොති. කොටිසතාපි කොටිසහස‍්සාපි නාගා තෙහි සද‍්ධිං යුජ‍්ඣිත්‍වා තෙ අසුරපුරංයෙව පවෙසෙත්‍වා නිවත‍්තන‍්ති.

ඒ අසුරයෝ ආයු - වර්ණ - යස - ඓශ්වර්ය සම්පත්වලින් තාවතිංසය හා සම වේ ම ය. එහෙයින් තමන්ගේ ඇතුළත නො දැන, පාටලි (පළොල්) මල් පිපුණු ගෙයින් මෙය දේව නගරයක් නො වේ, එහි පරසතු මල්පිපේ, මෙහි වූ කලී චිත්‍ර පාටලීය. මහලු ශක්‍රයා විසින් සුරා පොවා අපි රවටන ලද්දමෝ වෙමු. අපගේ දේව නගරය ද ගන්නා ලදි. යමු, ඔහු සමග යුද කරන්නෙමු යි ඇත් අස් රථවලට නැග රන්රිදී මිණි පළඟ ගෙන යුද්ධයට සැරසුනාහු අසුර බෙර වාදනය කරන්නාහු මහා සමුද්‍රයෙහි ජලය දෙකට බෙදා නැගී සිටිති. ඔවුහු වැසි වට කල්හි මෙරු තුඹසට නගින්නාක් මෙන් මහාමේරුවට නැගීමට පටන් ගනිති. ඉක්බිති ඔවුනට පළමු ව නාගයින් සමග යුද්ධය වේ. ඒ යුද්ධයෙහි කිසිවකුගේ සිවිය හෝ සම හෝ නො සිඳේ. ලේ ද නො උපදී. හුදෙක් දරුවන්ගේ ලී බැටළු යුද්ධයක් මෙන් උනුනුන්ට සන්ත්‍රාසය ගෙනෙන්නක් පමණක් වේ. කෝටි සියයක් කෝටි දහසක් හෝ නාගයෝ ඔවුන් හා යුද කොට ඔවුන් අසුර පුරයට ම ඇතුළු කරවා (යවා) නවතිත්.

යදා පන අසුරා බලවන‍්තො හොන‍්ති, අථ නාගා ඔසක‍්කිත්‍වා දුතියෙ ආලින්‍දෙ සුපණ‍්ණෙහි සද‍්ධිං එකතොව හුත්‍වා යුජ‍්ඣන‍්ති. එස නයො සුපණ‍්ණාදීසූපි. යදා පන තානි පඤ‍්චපි ඨානානි අසුරා මද‍්දන‍්ති, තදා එකතො සම‍්පිණ‍්ඩිතානිපි පඤ‍්ච බලානි ඔසක‍්කන‍්ති. අථ චත‍්තාරො මහාරාජානො ගන‍්ත්‍වා සක‍්කස‍්ස තං පවත‍්තිං ආරොචෙන‍්ති. සක‍්කො තෙසං වචනං සුත්‍වා දියඩ‍්ඪයොජනසතිකං වෙජයන‍්තරථං ආරුය‍්හ සයං වා නික‍්ඛමති, එකං වා පුත‍්තං පෙසෙති. ඉමස‍්මිං පන කාලෙ පුත‍්තං පෙසෙතුකාමො, තාත සුවීරාතිආදිමාහ.

ඉදින් අසුරයෝ බලවත් වෙත් නම් නාගයෝ පසු බැස දෙවැනි ආලින්දයෙහි ගුරුළන් සමග එක් ව යුද කරති. ගුරුළු ආදීන් අතර ද මේ ක්‍රමය ම ය. යම් දවසක අසුරයෝ ඒ පස් තැන ම මර්දනය කරත් නම් එවිට සම්පිණ්ඩිත වූ (කැටි වූ) ඒ පඤ්ච බලය පසු බසී. ඉක්බිති මහරජවරු සතර දෙනා ගොස් ශක්‍රයාට එ පවත් දන්වති. ශක්‍රයා ඔවුන්ගේ වචන අසා යොදුන් එකසිය පනහක් වූ වෛජයන්ත රථයට නැග තමා ම හෝ යයි. එක් පුතෙකු හෝ යවයි. මේ අවස්ථාවේ පුත්‍රයා යවනු කැමැත්තේ ‘තාත, සුවීර’ ආදි ය පැවසී ය.

එවං භද‍්දන‍්තවාති ඛොති එවං හොතු භද‍්දං තව ඉති ඛො. පමාදං ආපාදෙසීති පමාදං අකාසි. අච‍්ඡරාසඞ‍්ඝපරිවුතො සට‍්ඨියොජනං විත්‍ථාරෙන සුවණ‍්ණමහාවීථිං ඔතරිත්‍වා නක‍්ඛත‍්තං කීළන‍්තො නන්‍දනවනාදීසු විචරතීති අත්‍ථො.

එවං භද්දන්තවාති ඛො = ‘එවං හොතු භද්දං තව ඉති ඛො’ “එසේ වේවා! ඔබට යහපත් වේවා” පමාදං ආපාදෙසි ප්‍රමාද කළේ ය. අප්සරා ගණයා විසින් පිරිවරන ලද්දේ පළලින් සැට යොදුන් වූ රුවන් මහ වීදියට බැස නැකැත් කෙළි කෙළිමින් නඳුන් වන ආදියෙහි සැරිසරයි යනු අර්ථයි.

අනුට‍්ඨහන‍්ති අනුට‍්ඨහන‍්තො. අවායාමන‍්ති අවායමන‍්තො. අලස‍්වස‍්සාති අලසො අස‍්ස. න ච කිච‍්චානි කාරයෙති කිඤ‍්චි කිච‍්චං නාම න කරෙය්‍ය. සබ‍්බකාමසමිද‍්ධස‍්සාති සබ‍්බකාමෙහි සමිද‍්ධො අස‍්ස. තං මෙ, සක‍්ක, වරං දිසාති, සක‍්ක දෙවසෙට‍්ඨ, තං මෙ වරං උත‍්තමං ඨානං ඔකාසං දිසං ආචික‍්ඛ කථෙහීති වදති. නිබ‍්බානස‍්ස හි සො මග‍්ගොති කම‍්මං අකත්‍වා ජීවිතට‍්ඨානං නාම නිබ‍්බානස‍්ස මග‍්ගො.

අනුට්ඨහං උත්සාහ නො කරමින්, අවායාමං වෑයම් නො කරමින් අලසස්ස ‘අලසො අස්ස’ - අලස වන්නේ ය. න ච කිච්චානි කාරයෙ කිසිදු වැඩක් නම් නො කරන්නේ ය. සබ්බකාමසමිද්ධස්ස සියලු කාමයන්ගෙන් සමෘද්ධ වන්නේ නම්, තං මෙ සක්ක වරං දිස ශක්‍රය, දේවශ්‍රේෂ්ඨය, මට ඒ ‘වරං’ - උතුම් ස්ථානය - අවකාශය - දක්වනු මැනවි, පවසනු මැනවි, කියනු මැනවි’ යි කියයි. නිබ්බාණස්ස හි සො මග්ගො කර්ම නො කොට ජීවිත පැවැත්ම නිර්වාණයට මග ය.

පඨමං.

පළමු වැනි සූත්‍රය යි.

2. සුසීමසුත‍්තවණ‍්ණනා

2. සුසීම සූත්‍ර වර්ණනාව

දුතියෙ සුසීමන‍්ති අත‍්තනො පුත‍්තසහස‍්සස‍්ස අන‍්තරෙ එවංනාමකං එකං පුත‍්තමෙව.

දෙවැන්නේ - සුසීමං තමාගේ පුතුන් දහස අතරේ මෙ බඳු නම් ඇති එක ම පුතා.

දුතියං.

දෙවැනි සූත්‍රය යි.

3. ධජග‍්ගසුත‍්තවණ‍්ණනා

3. ධජග්ග සූත්‍ර වර්ණනාව

තතියෙ සමුපබ්‍යූළ‍්හොති සම‍්පිණ‍්ඩිතො රාසිභූතො. ධජග‍්ගං උල‍්ලොකෙය්‍යථාති සක‍්කස‍්ස කිර දියඩ‍්ඪයොජනසතායාමො රථො. තස‍්ස හි පච‍්ඡිමන‍්තො පණ‍්ණාසයොජනො, මජ‍්ඣෙ රථපඤ‍්ජරො පණ‍්ණාසයොජනො, රථසන්‍ධිතො යාව රථසීසා පණ‍්ණාසයොජනානි. තදෙව පමාණං දිගුණං කත්‍වා තියොජනසතායාමොතිපි වදන‍්තියෙව. තස‍්මිං යොජනිකපල‍්ලඞ‍්කො අත්‍ථතො, තියොජනිකං සෙතච‍්ඡත‍්තං මත්‍ථකෙ ඨපිතං, එකස‍්මිංයෙව යුගෙ සහස‍්සආජඤ‍්ඤා යුත‍්තා, සෙසාලඞ‍්කාරස‍්ස පමාණං නත්‍ථි. ධජො පනස‍්ස අඩ‍්ඪතියානි යොජනසතානි උග‍්ගතො, යස‍්ස වාතාහතස‍්ස පඤ‍්චඞ‍්ගිකතූරියස‍්සෙව සද‍්දො නිච‍්ඡරති, තං උල‍්ලොකෙය්‍යාථාති වදති. කස‍්මා? තං පස‍්සන‍්තානඤ‍්හි රාජා නො ආගන‍්ත්‍වා පරිසපරියන‍්තෙ නිඛාතථම‍්භො විය ඨිතො, කස‍්ස මයං භායාමාති භයං න හොති. පජාපතිස‍්සාති සො කිර සක‍්කෙන සමානවණ‍්ණො සමානායුකො දුතියං ආසනං ලභති. තථා වරුණො ඊසානො ච. වරුණො පන තතියං ආසනං ලභති, ඊසානො චතුත්‍ථං. පලායීති අසුරෙහි පරාජිතො තස‍්මිං රථෙ ඨිතො අප‍්පමත‍්තකම‍්පි රජධජං දිස‍්වා පලායනධම‍්මො.

තෙවැන්නේ - සමුපබ්බූළ්හො සම්පිණ්ඩිත වූ, ඒකරාශී වූ, ධජග්ගං උල්ලොකෙය්‍යාථ ශක්‍රයාට යොදුන් එක සිය පනහක් දිග රථයකි. එහි පසු පස කොටස යොදුන් පනහකි. මැද රථපඤ්ජරය යොදුන් පනහකි. රථ සන්ධිය සිට රථ ශීර්ෂය දක්වා යොදුන් පනහකි. එම ප්‍රමාණය ම දෙගුණ කොට යොදුන් තුන් සියයක් දිග ය යි ද කියත් ම ය. එහි පර්යංකය ප්‍රමාණයෙන් යොදුනක් වේ. යොදුන් තුනක් වූ සේසත මුදුනෙහි තබන ලදි. එක ම වියගහේ ආජන්‍ය අශ්වයෝ දහසක් බඳනා ලදහ. සෙසු අලංකාරයෙහි ප්‍රමාණයක් නැත. එහි ධජය යොදුන් දෙසිය පනහක් උසට ගොසිනි. වාතයෙන් සෙළවුණු එයින් පඤ්චාංගික තූර්යයක මෙන් ශබ්දයක් පිටවෙයි. එය බලවු යයි කියති. මක් නිසා ද? එය බලන්නවුනට අපගේ රජතුමා පැමිණ පිරිස කෙළවරේ සිටවූ කණුවක් මෙන් සිටියේ, අපි කාට බිය වෙමු ද?” යි බයක් නො වේ. පජාපතිස්ස හේ ශක්‍රයාට සමාන වර්ණයෙන් යුතු වූයේ සම ආයුෂ ඇත්තේ දෙවැනි අසුන ලබයි. වරුණත් ඊශානත් එසේ ය. වරුණ තෙවැනි අසුන ලබයි. ඊශාන සිවු වැන්න (ලබයි.) පලායී අසුරයින් විසින් පරාජිත වූයේ ඒ රථයෙහි සිටිමින් අල්ප මාත්‍ර වූ හෝ දූවිල්ලක් හෝ ධජයක් හෝ දැක පැන යන ස්වභාවය ඇත්තේ.

ඉතිපි සො භගවාතිආදීනි විසුද‍්ධිමග‍්ගෙ විත්‍ථාරිතානෙව. ඉදමවොචාති ඉදං ධජග‍්ගපරිත‍්තං නාම භගවා අවොච, යස‍්ස ආණාඛෙත‍්තෙ කොටිසතසහස‍්සචක‍්කවාළෙ ආනුභාවො වත‍්තති. ඉදං ආවජ‍්ජෙත්‍වා හි යක‍්ඛභයචොරභයාදීහි දුක‍්ඛෙහි මුත‍්තානං අන‍්තො නත්‍ථි. තිට‍්ඨතු අඤ‍්ඤදුක‍්ඛවූපසමො, ඉදං ආවජ‍්ජමානො හි පසන‍්නචිත‍්තො ආකාසෙපි පතිට‍්ඨං ලභති.

ඉති පි සො භගවා ආදිය විසුද්ධිමාර්ගයෙහි විස්තර කරන ලද්දේ ම ය. ඉදමවොච මේ ධජග්ගපරිත්තං භාග්‍යවතුන් වහන්සේ පැවසූ සේක. උන්වහන්සේගේ අණ කෝටි ශත සහස්‍ර චක්‍රවාළයෙහි ආනුභාවයක් මෙන් පවතී. මෙය සිහි කොට යක්ෂ භය, චෝර භය ආදී දුක්වලින් මිදුනවුන්ගේ කෙළවරක් නැත. වෙනත් දුක් සමනය වීම තිබියේවා. මෙය සිහි කරමින් ප්‍රසන්න සිත් ඇත්තේ ආකාශයෙහි වුව ද ප්‍රතිෂ්ඨාවක් ලබයි යනු යි.

තත්‍රිදං වත්‍ථු – දීඝවාපිචෙතියම‍්හි කිර සුධාකම‍්මෙ කයිරමානෙ එකො දහරො මුද‍්ධවෙදිකාපාදතො පතිත්‍වා චෙතියකුච‍්ඡියා භස‍්සති. හෙට‍්ඨා ඨිතො භික‍්ඛුසඞ‍්ඝො “ධජග‍්ගපරිත‍්තං, ආවුසො, ආවජ‍්ජාහී”ති ආහ. සො මරණභයෙන තජ‍්ජිතො “ධජග‍්ගපරිත‍්තං මං රක‍්ඛතූ”ති ආහ. තාවදෙවස‍්ස චෙතියකුච‍්ඡිතො ද‍්වෙ ඉට‍්ඨකා නික‍්ඛමිත්‍වා සොපානං හුත්‍වා අට‍්ඨංසු, උපරිට‍්ඨිතො වල‍්ලිනිස‍්සෙණිං ඔතාරෙසුං. තස‍්මිං නිස‍්සෙණියං ඨිතෙ ඉට‍්ඨකා යථාට‍්ඨානෙයෙව අට‍්ඨංසු.

මේ එහි කථා වස්තුවකි - දීඝවාපි චෛත්‍යයෙහි සුණු පිරියම් කරද්දී එක් තරුණයෙක් මුල් වේදිකා පාදයෙන් වැටී සෑ කුහරයෙහි වැටෙයි. පහත සිටි භික්‍ෂු සංඝයා ඇවැත්නි, ධජග්ග පිරිත ආවර්ජනය කරන්නැයි කීහ. හේ මරණ බයින් තැති ගත්තේ ධජග්ග පිරිත මා රකීවා යි කීයේ ය. එකෙණෙහි ම සෑ කුහරයෙන් ගඩොල් දෙකක් නික්මී ඉණිමගක් වී සිටියේ ය. ඉහළින් සිටියාහු වැල් ඉණිමගත් බැස්සූහ. ඒ ඉණිමග පිහිටි කල්හි ගඩොල් සුදුසු තන්හි ම පිහිටියේ ය.

තතියං.

තෙවැනි සූත්‍රය යි.

4. වෙපචිත‍්තිසුත‍්තවණ‍්ණනා

4. වෙපචිත්ති සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ වෙපචිත‍්තීති සො කිර අසුරානං සබ‍්බජෙට‍්ඨකො. යෙනාති නිපාතමත‍්තං නන‍්ති ච. කණ‍්ඨපඤ‍්චමෙහීති ද‍්වීසු හත්‍ථෙසු පාදෙසු කණ‍්ඨෙ චාති එවං පඤ‍්චහි බන්‍ධනෙහි. තානි පන නළිනසුත‍්තං විය මක‍්කටකසුත‍්තං විය ච චක‍්ඛුස‍්සාපාථං ආගච‍්ඡන‍්ති, ඉරියාපථං රුජ‍්ඣන‍්ති. තෙහි පන චිත‍්තෙනෙව බජ‍්ඣති, චිත‍්තෙනෙව මුච‍්චති. අක‍්කොසතීති චොරොසි බාලොසි මූළ‍්හොසි ථෙනොසි ඔට‍්ඨොසි ගොණොසි ගද්‍රභොසි නෙරයිකොසි තිරච‍්ඡානගතොසි, නත්‍ථි තුය‍්හං සුගති, දුග‍්ගතියෙව තුය‍්හං පාටිකඞ‍්ඛාති ඉමෙහි දසහි අක‍්කොසවත්‍ථූහි අක‍්කොසති. පරිභාසතීති, ජරසක‍්ක, න ත්‍වං සබ‍්බකාලං ජිනිස‍්සසි, යදා අසුරානං ජයො භවිස‍්සති, තදා තම‍්පි එවං බන්‍ධිත්‍වා අසුරභවනස‍්ස ද‍්වාරෙ නිපජ‍්ජාපෙත්‍වා පොථාපෙස‍්සාමීති ආදීනි වත්‍වා තජ‍්ජෙති. සක‍්කො විජිතවිජයො න තං මනසි කරොති, මහාපටිග‍්ගහණං පනස‍්ස මත්‍ථකෙ විධුනන‍්තො සුධම‍්මදෙවසභං පවිසති චෙව නික‍්ඛමති ච. අජ‍්ඣභාසීති “කිං නු ඛො එස සක‍්කො ඉමානි ඵරුසවචනානි භයෙන තිතික‍්ඛති, උදාහු අධිවාසනඛන‍්තියා සමන‍්නාගතත‍්තා”ති? වීමංසන‍්තො අභාසි.

සිවු වැන්නේ වෙපචිත්ති මේ අසුරයන් සැමට ජ්‍යෙෂ්ඨ ය. යෙන නිපාත මාත්‍රයකි. නං ද (නිපාත මාත්‍රයකි) කණ්ඨපඤ්චමෙහි දෙ අතෙහි, දෙපාවල හා ගෙළෙහි යන බැඳුම් පහෙන් (=දෑත්, දෙපා, ගෙළ, බැඳ), ඒවා නෙළුම් හුයක් මෙන් ද මකුළු හුයක් මෙන් ද ඇස යොමුවට එයි. ඉරියව් මුවා කරයි. ඒවායින් සිතෙත් ම බැඳේ. සිතෙන් ම මිදේ. අක්තොසති සොරෙක්, බාලයෙක්, මුළා වූවෙක්, ඔටුවෙක්, ගොනෙක්, ගද්‍රභයෙක්, අපායගාමියෙක්, තිරිසන් බවට පත්වූවෙක් වෙහි; ඔබට සුගතියක් නැත. ඔබ අගතිය ම අපේක්ෂා කළ යුතු ය යන මේ ආක්‍රොශ වස්තු දහයෙන් ආක්‍රොශ කරයි. පරිභාසති මහලු ශක්‍රය, ඔබ සැම දා නො දින්නෙහි ය; යම් දිනෙක අසුරයන්ට ජය වන්නේ නම් එදාට ඔබ ද මෙසේ බැඳ අසුර නගරයෙහි දොරටුවෙහි හොවා තළවන්නේය ආදිය කියා තර්ජනය කරයි. ජය අත් පත් කර ගත් ශක්‍රයා එය සිතට නො ගනී. (ගණන් නො ගනී) මහා පිළිගැනීමක් ඔහුගේ හිසෙහි කම්පනය (ඇති) කරමින් සුධර්මා දේවසභාවට පිවිසෙයි; නික්මෙයි. අජ්ඣභාසි කිම මේ ශක්‍රයා මේ පරුෂ වචන බයෙන් ඉවසයි ද? නැතහොත් ඉවසීමේ ක්ෂාන්තියෙන් යුක්ත බැවින් (ඉවසයි) දැයි විමසමින් පැවසී ය.

දුබ‍්බල්‍යා නොති දුබ‍්බලභාවෙන නු. පටිසංයුජෙති පටිසංයුජෙය්‍ය පටිප‍්ඵරෙය්‍ය. පභිජ‍්ජෙය්‍යුන‍්ති විරජ‍්ජෙය්‍යුං. පකුජ‍්ඣෙය්‍යුන‍්තිපි පාඨො. පරන‍්ති පච‍්චත්‍ථිකං. යො සතො උපසම‍්මතීති යො සතිමා හුත්‍වා උපසම‍්මති, තස‍්ස උපසමංයෙවාහං බාලස‍්ස පටිසෙධනං මඤ‍්ඤෙති අත්‍ථො. යදා නං මඤ‍්ඤතීති යස‍්මා තං මඤ‍්ඤති. අජ‍්ඣාරුහතීති අජ‍්ඣොත්‍ථරති. ගොව භිය්‍යො පලායිනන‍්ති යථා ගොයුද‍්ධෙ තාවදෙව ද‍්වෙ ගාවො යුජ‍්ඣන‍්තෙ ගොගණො ඔලොකෙන‍්තො තිට‍්ඨති, යදා පන එකො පලායති, අථ නං පලායන‍්තං සබ‍්බො ගොගණො භිය්‍යො අජ‍්ඣොත්‍ථරති. එවං දුම‍්මෙධො ඛමන‍්තං භිය්‍යො අජ‍්ඣොත්‍ථරතීති අත්‍ථො.

දුබ්බල්‍යා නො දුර්වල බවින්; පටිසංයුජෙ ප්‍රතිවිරුද්ධ ව සටහන් කරයි ද? වාද කරයි ද? පභිජ්ජෙය්‍යුං නො ඇලෙන්නෝ ය; (බිඳන්නෝ ය) පකුජ්ඣෙය්‍යුං යනු ද පාඨයකි. පරං සතුරා යො සතො උපසම්මති යමෙක් සිහියෙන් යුක්ත වී සංසිඳේ ද; ඔහුගේ සංසිඳීම ම මම බාලයාගේ වැළැක්වීම ය යි සිතමි යනු අරුත යි. යදා නං මඤ්ඤති “යස්මා නං මඤ්ඤති” - යම් හෙයකින් එය (ඉවසීම) හඟී ද; අජ්ඣොරූහති යට කරයි; (ගිල්වා දමයි) ගෝව භිය්‍යෝ පලායිනං ගව රැළක ක්‍ෂණික ව ගවයින් දෙදෙනෙකු පොර කන විට (ඇන ගන්නා විටක) ගව රංචුව බලා සිටියි. යම් විටක එකෙක් පැන යයි ද, එවිට ඒ පැන යන (ගවයා) සියලු ගවයෝ වඩාත් යට කරති; මෙසේ මෝඩයා ඉවසන්නා බොහෝ සෙයින් යට කරයි යනු අරුත යි.

සදත්‍ථපරමාති සකත්‍ථපරමා. ඛන‍්ත්‍යා භිය්‍යො න විජ‍්ජතීති තෙසු සකඅත්‍ථපරමෙසු අත්‍ථෙසු ඛන‍්තිතො උත‍්තරිතරො අඤ‍්ඤො අත්‍ථො න විජ‍්ජති. තමාහු පරමං ඛන‍්තින‍්ති යො බලවා තිතික‍්ඛති, තස‍්ස තං ඛන‍්තිං පරමං ආහු. බාලබලං නාම අඤ‍්ඤාණබලං. තං යස‍්ස බලං, අබලමෙව තං බලන‍්ති ආහු කථෙන‍්තීති දීපෙති. ධම‍්මගුත‍්තස‍්සාති ධම‍්මෙන රක‍්ඛිතස‍්ස, ධම‍්මං වා රක‍්ඛන‍්තස‍්ස. පටිවත‍්තාති පටිප‍්ඵරිත්‍වා වත‍්තා, පටිප‍්ඵරිත්‍වා වා බාලබලන‍්ති වදෙය්‍යාපි, ධම‍්මට‍්ඨං පන චාලෙතුං සමත්‍ථො නාම නත්‍ථි. තස‍්සෙව තෙන පාපියොති තෙන කොධෙන තස‍්සෙව පුග‍්ගලස‍්ස පාපං. කතරස‍්ස? යො කුද‍්ධං පටිකුජ‍්ඣති. තිකිච‍්ඡන‍්තානන‍්ති එකවචනෙ බහුවචනං, තිකිච‍්ඡන‍්තන‍්ති අත්‍ථො. ජනා මඤ‍්ඤන‍්තීති එවරූපං අත‍්තනො ච පරස‍්ස චාති උභින‍්නං අත්‍ථං තිකිච‍්ඡන‍්තං නිප‍්ඵාදෙන‍්තං පුග‍්ගලං “අන්‍ධබාලො අය”න‍්ති අන්‍ධබාලපුථුජ‍්ජනාව එවං මඤ‍්ඤන‍්ති. ධම‍්මස‍්ස අකොවිදාති චතුසච‍්චධම‍්මෙ අඡෙකා. ඉධාති ඉමස‍්මිං සාසනෙ. ඛොති නිපාතමත‍්තං.

සදත්‍ථපරමා තම අර්ථය ම පරම කොට ඇති; ඛන්ත්‍යා භිය්‍යොන විජ්ජති ඒ තම අර්ථය ම පරම කොට ඇති අර්ථයන් අතර ක්ෂාන්තියට (ඉවසීමට) වැඩි උත්තරීතර අන්‍ය අර්ථයක් නො මැත. තමාහු පරමං ඛන්තිං යම් බලවත් පුද්ගලයෙක් ඉවසයි ද ඔහුගේ ඒ ක්ෂාන්තිය ශ්‍රේෂ්ඨ යි කීවෝ ය. බාලබලං අඥාන බලය; එය යස්ස (යමෙකුගේ) බලය අබල ම ය; එය බලය යි ආහු කියති යි දක්වති. ධම්මගුත්තස්ස ධර්මයෙන් ආරක්ෂා කරන ලද්දහුගේ, ධර්මය රකින්නහුගේ හෝ පටිවත්තා විරුද්ධ ව නැගී සිට පවසන්නා. විරුද්ධ ව නැගී සිට ඒක මේක (යම් යම් දේ) කීව ද දැහැමි ව සිටින්නකු සොළවන්නට සමතෙකු නම් නැත. තස්සෙව තෙන පාපියො ඒ ක්‍රෝධයෙන් ඒ පුද්ගලයාට ම පාපය (වේ), කාට ද? යො කුද්ධං පටිකුජ්ඣති (යමෙක් ක්‍රෝධ කරන්නෙකුට පෙරළා ක්‍රෝධ කරයි ද (ඔහුට ය)) තිකිච්ඡන්තානං ඒක වචනය වෙනුවට බහු වචනයකි. ‘තිකිච්ඡන්තං (වැඩ සාදන්නා) යන අර්ථයි. ජනා මඤ්ඤන්ති මේ ආකාර වූ, තමාටත් අනුන්ටත් යන දෙගොල්ලට ම තිකිච්ඡන්තං - නිප්ඵාදෙන්තං වැඩ සාදන පුද්ගලයා මොහු අන්ධ බාලයෙකැයි අන්ධබාල පෘථග්ජනයා ම සිතත්, ධම්මස්ස අකොවිදො චතුස්සත්‍යයෙහි අදක්ෂ වූවෝ. ඉධ මේ ශාසනයෙහි ඛො නිපාත මාත්‍රයකි.

චතුත්‍ථං.

සිවු වැනි සූත්‍රය යි.

5. සුභාසිතජයසුත‍්තවණ‍්ණනා

5. සුභාසිතජය සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ අසුරින්‍දං එතදවොචාති ඡෙකතාය එතං අවොච. එවං කිරස‍්ස අහොසි “පරස‍්ස නාම ගාහං මොචෙත්‍වා පඨමං වත‍්තුං ගරු. පරස‍්ස වචනං අනුගන‍්ත්‍වා පන පච‍්ඡා සුඛං වත‍්තු”න‍්ති. පුබ‍්බදෙවාති දෙවලොකෙ චිරනිවාසිනො පුබ‍්බසාමිකා, තුම‍්හාකං තාව පවෙණිආගතං භණථාති. අදණ‍්ඩාවචරාති දණ‍්ඩාවචරණරහිතා, දණ‍්ඩං වා සත්‍ථං වා ගහෙතබ‍්බන‍්ති එවමෙත්‍ථ නත්‍ථීති අත්‍ථො.

පස් වැන්නේ - අසුරින්‍දං එතදවොච බුද්ධිමත් බව නිසා මෙසේ කී ය. ඔහුට මෙසේ සිතිණි: අනෙකාගේ ග්‍රහණය මුදාහැර පළමුවෙන් කීම බරපතළ ය; අනිකාගේ වචන අනුව යමින් පසු ව කීම පහසුය යි. පුබ්බදෙවා දෙව් ලොව බොහෝ කලක් ජීවත් වන්නා වූ මුල් අධිපතිවරු ය, ඔබලාගේ පරපුරෙන් පැමිණි දේ කියනු මැනවි. අදණ්ඩාවචරා දණ්ඩයෙහි ආශ්‍රයක් රහිත වූවෝ; දණ්ඩක් හෝ ආයුධයක් (අතට) ගත යුතු ය යන්න මෙහි නැත යන අරුත යි.

පඤ‍්චමං.

පස් වැනි සූත්‍රය යි.

6. කුලාවකසුත‍්තවණ‍්ණනා

6. කුලාවක සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ අජ‍්ඣභාසීති තස‍්ස කිර සිම‍්බලිවනාභිමුඛස‍්ස ජාතස‍්ස රථසද‍්දො ච ආජානීයසද‍්දො ධජසද‍්දො ච සමන‍්තා අසනිපාතසද‍්දො විය අහොසි. තං සුත්‍වා සිම‍්බලිවනෙ බලවසුපණ‍්ණා පලායිංසු, ජරාජිණ‍්ණා චෙව රොගදුබ‍්බලා ච අසඤ‍්ජාතපක‍්ඛපොතකා ච පලායිතුං අසක‍්කොන‍්තා, මරණභයෙන තජ‍්ජිතා එකප‍්පහාරෙනෙව මහාවිරවං විරවිංසු. සක‍්කො තං සුත්‍වා “කස‍්ස සද‍්දො, තාතා”ති? මාතලිං පුච‍්ඡි. රථසද‍්දං, තෙ දෙව, සුත්‍වා සුපණ‍්ණා පලායිතුං අසක‍්කොන‍්තා විරවන‍්තීති. තං සුත්‍වා කරුණාසමාවජ‍්ජිතහදයො අභාසි.

සය වැන්නේ - අජ්ඣභාසි ඒ සිම්බලී (ඉඹුල්) වනය අභිමුඛ ව හටගත් රථශබ්ද, උතුම් අශ්වයන්ගේ ශබ්ද, ධ්වජ ශබ්ද ද හාත්පස හෙණ හඬ මෙන් විය. එය අසා සිම්බලී වනයෙන් බලවත් ගුරුළෝ පැන දිවූහ. ජරාජීර්ණ වූවෝ ද, රෝග නිසා දුර්වල වූවෝ ද, නොහටගත් පියා පත් ඇති පොව්වෝ ද, පැන දිවීමට අසමත් වූවෝ ද මරණ භයින් තැති ගත්තාහු එක පැහැර මහා ඝෝෂාවක් නැගූහ. ඉක්බිති ශක්‍රයා දරුව, කාගේ ශබ්දයක් දැයි මාතලිගෙන් විමසී ය. දේවයිනි, ඔබගේ රථ ශබ්දය අසා ගුරුළෝ පැන යාමට අපොහොසත් ව හඬ තලති” ඒ අසා කරුණාව තබා ගත් හදවත ඇත්තේ (මෙසේ) පැවසී ය.

ඊසාමුඛෙනාති රථස‍්ස ඊසාමුඛෙන. යථා කුලාවකෙ ඊසාමුඛං න සඤ‍්චුණ‍්ණෙති, එවං ඉමිනා ඊසාමුඛෙන තෙ පරිවජ‍්ජය. සො හි රථො පුඤ‍්ඤපච‍්චයනිබ‍්බත‍්තො චක‍්කවාළපබ‍්බතෙපි සිනෙරුම‍්හිපි සම‍්මුඛීභූතෙ විනිවිජ‍්ඣිත්‍වාව ගච‍්ඡති න සජ‍්ජති, ආකාසගතසදිසෙනෙව ගච‍්ඡති. සචෙ තෙන සිම‍්බලිවනෙන ගතො භවෙය්‍ය, යථා මහාසකටෙ කදලිවනමජ‍්ඣෙන වා එරණ‍්ඩවනමජ‍්ඣෙන වා ගච‍්ඡන‍්තෙ සබ‍්බවනං විභග‍්ගං නිම‍්මථිතං හොති, එවං තම‍්පි සිම‍්බලිවනං භවෙය්‍ය.

ඊසාමුඛෙන රථයේ රියහිසෙන්; යම් සේ රිය හිස (ගුරුළු) කැදලි කුඩු නො කරයි ද එසේ මේ රිය හිසෙන් ඒවා මග හරවන්න. ඒ රථය පින් හේතුවෙන් පහළ වූයේ සක්වල පර්වත ද මහමේරුව ද හමු වූ විට ඒවා විනිවිද ව (පසාරු කර ගෙන) යයි; නො ඇළෙයි. අහසට ගියාක් මෙන් ම යයි. ඉදින් ඒ සිම්බලි වනයෙන් ගියේ නම්, මහ රියක් කෙසෙල් වන මැදින් හෝ එරඬු වනයක් මැදින් හෝ ගිය කල්හි සියලු වනය කැබලි වී කුඩු වී යයි ද එම සිම්බලි වනය ද එසේ වන්නේ ය.

ඡට‍්ඨං.

සය වැනි සූත්‍රය යි.

7. නදුබ‍්භියසුත‍්තවණ‍්ණනා

7. නදුබ්භිය සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ උපසඞ‍්කමීති “අයං සක‍්කො ‘යොපි මෙ අස‍්ස සුපච‍්චත්‍ථිකො, තස‍්ස පාහං න දුබ‍්භෙය්‍ය’න‍්ති චින‍්තෙති, මයා තස‍්ස පච‍්චත්‍ථිකතරො නාම නත්‍ථි, වීමංසිස‍්සාමි තාව නං, කිං නු ඛො මං පස‍්සිත්‍වා දුබ‍්භති, න දුබ‍්භතී”ති චින‍්තෙත්‍වා උපසඞ‍්කමි. තිට‍්ඨ වෙපචිත‍්ති ගහිතොසීති වෙපචිත‍්ති, එත්‍ථෙව තිට‍්ඨ, ගහිතො ත්‍වං මයාති වදති. සහ වචනෙනෙවස‍්ස සො කණ‍්ඨපඤ‍්චමෙහි බන්‍ධනෙහි බද‍්ධොව අහොසි. සපස‍්සු ච මෙති මයි අදුබ‍්භත්‍ථාය සපථං කරොහීති වදති.

සත් වැන්නේ - උපසංකමි මේ ශක්‍රයා, යමෙක් මට පසමිතුරෙක් වේ ද ඔහුට ද මම ද්‍රෝහ නො කරන්නෙමි යි සිතයි. මට ඔහුට වැඩි පස මිතුරකු නම් නැත. කිම මා දැක ද්‍රෝහ කරයි ද ද්‍රෝහ නො කරයි ද කියා විමසන්නෙමි යි සිතා ළඟට පැමිණියේ ය. තිට්ඨ වෙපචිත්ති! ගහිතෝසි වේපචිත්ති! ඔතැන ම නවතිනු, මා විසින් තෝ අල්ලා ගන්නා ලද්දෙහි ය කියයි. ඔහුගේ වචනයත් සමග ම හේ ගෙළ පස්වැන්න කොට ඇති බැඳුම්වලින් බැඳුනේ විය. සපස්සු ච මෙ මා කෙරෙහි ද්‍රෝහි නො වන බවට පොරොන්දු වෙව’ යි කියයි.

යං මුසාභණතො පාපන‍්ති ඉමස‍්මිං කප‍්පෙ පඨමකප‍්පිකෙසු චෙතියරඤ‍්ඤො පාපං සන්‍ධායාහ. අරියූපවාදිනොති කොකලිකස‍්ස විය පාපං. මිත‍්තද‍්දුනො ච යං පාපන‍්ති මහාකපිජාතකෙ මහාසත‍්තෙ දුට‍්ඨචිත‍්තස‍්ස පාපං. අකතඤ‍්ඤුනොති දෙවදත‍්තසදිසස‍්ස අකතඤ‍්ඤුනො පාපං. ඉමානි කිර ඉමස‍්මිං කප‍්පෙ චත‍්තාරි මහාපාපානි.

යං මුසා භණතො පාපං මේ කල්පයෙහි මුල් කල්ප වැසියන් අතර චේතිය රජුගේ පාපය අරභයා කී ය. අරියුපවාදිනො (ආර්යයන්ට අපහාස කරන්නහුට) කෝකාලිකගේ පාපය මෙන්; මිත්තද්දුනො ච යං පාපං (මිත්‍ර ද්‍රෝහියාට නම් පාපයක්) මහා කපි ජාතකයෙහි බෝධි සත්ත්වයන් කෙරෙහි දුෂ්ට වූ සිත ඇතියහුගේ පාපය, අකතඤ්ඤුනො දෙව්දත්ට සමාන අකෘතඥ වූවන්ගේ පාපය; වේවා මේ කල්පයෙහි මහා පාප සතර වේ.

සත‍්තමං.

සත් වැනි සූත්‍රය යි.

8. වෙරොචනඅසුරින්‍දසුත‍්තවණ‍්ණනා

8. වෙරොචන අසුරින්ද සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ අට‍්ඨංසූති ද‍්වාරපාලරූපකානි විය ඨිතා. නිප‍්ඵදාති නිප‍්ඵත‍්ති, යාව අත්‍ථො නිප‍්ඵජ‍්ජති, තාව වායමෙථෙවාති වදති. දුතියගාථා සක‍්කස‍්ස. තත්‍ථ ඛන‍්ත්‍යා භිය්‍යොති නිප‍්ඵන‍්නසොභනෙසු අත්‍ථෙසු ඛන‍්තිතො උත‍්තරිතරො අත්‍ථො නාම නත්‍ථි. අත්‍ථජාතාති කිච‍්චජාතා. සොණසිඞ‍්ගාලාදයොපි හි උපාදාය අකිච‍්චජාතො සත‍්තො නාම නත්‍ථි. ඉතො එත‍්තො ගමනමත‍්තම‍්පි කිච‍්චමෙව හොති. සංයොගපරමා ත්‍වෙව, සම‍්භොගා සබ‍්බපාණිනන‍්ති පාරිවාසිකඔදනාදීනි හි අසම‍්භොගාරහානි හොන‍්ති, තානි පුන උණ‍්හාපෙත්‍වා භජ‍්ජිත්‍වා සප‍්පිමධුඵාණිතාදීහි සංයොජිතානි සම‍්භොගාරහානි හොන‍්ති. තෙනාහ “සංයොගපරමා ත්‍වෙව, සම‍්භොගා සබ‍්බපාණින”න‍්ති. නිප‍්ඵන‍්නසොභනො අත්‍ථොති ඉමෙ අත්‍ථා නාම නිප‍්ඵන‍්නාව සොභන‍්ති. පුන චතුත්‍ථගාථා සක‍්කස‍්ස. තත්‍ථාපි වුත‍්තනයෙනෙව අත්‍ථො වෙදිතබ‍්බො.

අට වැන්නේ - අට්ඨංසු දොරටු පාලකයන් මෙන් සිටියෝ ය. නිප්ඵදා නිෂ්පත්තිය, යම් කලක අර්ථය (ප්‍රතිඵල) නිපදවයි ද, ඒ තාක් කල් වෑයම් කරව් යයි කියයි. දෙවැනි ගාථාව ශක්‍රයාගේ ය. එහි ඛන්ත්‍යා භිය්‍යො ඇති කරන ලද ශෝභන (උසස්) අර්ථ (ප්‍රතිඵල) අතර ක්ෂාන්තියට වැඩි උතුම් අර්ථයක් නම් නැත. අත්‍ථජාතා හටගත් කටයුතු ඇත්තාහු (කළ යුතු වැඩ ඇත්තාහු) බලු කැනහිල් ආදීන් ගත් කල්හි පවා වැඩක් නැති සතෙකු නම් නැත. මෙතැනින් එතැනින් යාම් මාත්‍රයක් වුව වැඩක් ම වේ. සංයොග පරමාත්‍වෙව සම්භොගා සබ්බපාණිනං ‘පාරිවාසික’ කල්ගිය නැතහොත් පිළුණු වූ බත් සම්භෝගයට (පරිභෝජනයට) නුසුදුසු ය. ඒවා යළි රත් කර බැද ගිතෙල් මී පැණි ආදියෙන් යෝග කරනු ලැබුයේ කෑමට සුදුසු වේ. එහෙයින් සියලු ප්‍රාණීන්ගේ සම්භෝග සංයෝගය පරම කොට ඇත්තේ ම වේ’ යි කී ය. නිප්ඵන්නසොභිනො අත්‍ථා අර්ථයෝ නම් නිෂ්පත්තිය නිසා ම බැබළෙත්. යළි සතර වැනි ගාථාව ශක්‍රයාගේ ය. එහි ද අර්ථ කියන ලද පරිද්දෙන් දත යුත්තේ ය.

අට‍්ඨමං.

අට වැනි සූත්‍රය යි.

9. අරඤ‍්ඤායතනඉසිසුත‍්තවණ‍්ණනා

9. අරඤ්ඤායතනඉසී සූත්‍ර වර්ණනාව

නවමෙ පණ‍්ණකුටීසු සම‍්මන‍්තීති හිමවන‍්තපදෙසෙ රමණීයෙ අරඤ‍්ඤායතනෙ රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානචඞ‍්කමනාදීහි සම‍්පන‍්නාසු පණ‍්ණසාලාසු වසන‍්ති. සක‍්කො ච දෙවානමින්‍දො වෙපචිත‍්ති චාති ඉමෙ ද‍්වෙ ජනා ජාමාතිකසසුරා කාලෙන කලහං කරොන‍්ති, කාලෙන එකතො චරන‍්ති, ඉමස‍්මිං පන කාලෙ එකතො චරන‍්ති. පටලියොති ගණඞ‍්ගණූපාහනා. ඛග‍්ගං ඔලග‍්ගෙත්‍වාති ඛග‍්ගං අංසෙ ඔලග‍්ගෙත්‍වා. ඡත‍්තෙනාති දිබ‍්බසෙතච‍්ඡත‍්තෙන මත්‍ථකෙ ධාරයමානෙන. අපබ්‍යාමතො කරිත්‍වාති බ්‍යාමතො අකත්‍වා.

නව වැන්නේ - පණ්ණකටීසු සම්මන්ති හිමවත් පෙදෙසේ රමණීය අරණ්‍ය ආයතනයක රාත්‍රි ස්ථාන දිවා ස්ථාන සක්මන් මළු ආදියෙන් සමන්විත පන්සල්වල වසත්. සක්කො ච දෙවානමින්‍දො වෙපචිත්ති ච මේ දෙදෙනා බෑණා හා මාමා; කලින් කලට කලහ කරති; ඇතැම් විටෙක එකට හැසිරෙති; මේ වේලාවෙහි එකට හැසිරෙති; අටලියො පට කීපයකින් යුත් පාවහන්; ඛග්ගං ඔලග්ගෙත්‍වා කඩුවක් එල්ලා ගෙන; ජත්තෙන දිව්‍ය සේසත හිසින් දරමින් අපබ්‍යාමතො කරිත්‍වා අවමාන කොට.

චිරදික‍්ඛිතානන‍්ති චිරසමාදිණ‍්ණවතානං. ඉතො පටික‍්කම‍්මාති “ඉතො පක‍්කම පරිවජ‍්ජය, මා උපරිවාතෙ තිට‍්ඨා”ති වදන‍්ති. න හෙත්‍ථ දෙවාති එතස‍්මිං සීලවන‍්තානං ගන්‍ධෙ දෙවා න පටික‍්කූලසඤ‍්ඤිනො, ඉට‍්ඨකන‍්තමනාපසඤ‍්ඤිනොයෙවාති දීපෙති.

චිරදික්‍ඛිතානං බොහෝ කලක් සමාදන් වූ ව්‍රත ඇති; ඉතො පටික්කම මෙයින් ඉවත් වෙව, බැහැර වෙව, උඩු සුළඟේ නො සිටිනු යි කියත්. න හෙත්‍ථ දෙවා මෙහි සිල්වතුන්ගේ සුවඳ පිළිබඳ ව දෙවියෝ පිළිකුල් හැඟීම් ඇත්තාහු නො වෙති. ඉෂ්ට කාන්ත මනාප සංඥා ඇත්තාහු ම යයි දක්වයි.

නවමං.

නව වැනි සූත්‍රය යි.

10. ඉසයොසමුද‍්දකසුත‍්තවණ‍්ණනා

10. ඉසයොසමුද්දක සූත්‍ර වර්ණනාව

දසමෙ සමුද‍්දතීරෙ පණ‍්ණකුටීසූති චක‍්කවාළමහාසමුද‍්දපිට‍්ඨියං රජතපට‍්ටවණ‍්ණෙ වාලුකපුළිනෙ වුත‍්තප‍්පකාරාසු පණ‍්ණසාලාසු වසන‍්ති. සියාපි නොති සියාපි අම‍්හාකං. අභයදක‍්ඛිණං යාචෙය්‍යාමාති අභයදානං යාචෙය්‍යාම. යෙභුය්‍යෙන කිර දෙවාසුරසඞ‍්ගාමො මහාසමුද‍්දපිට‍්ඨෙ හොති. අසුරානං න සබ‍්බකාලං ජයො හොති, බහුවාරෙ පරාජයොව හොති. තෙ දෙවෙහි පරාජිතා පලායන‍්තා ඉසීනං අස‍්සමපදෙන ගච‍්ඡන‍්තා “සක‍්කො ඉමෙහි සද‍්ධිං මන‍්තෙත්‍වා අම‍්හෙ නාසෙති, ගණ‍්හථ පුත‍්තහතාය පුත‍්තෙ”ති කුපිතා අස‍්සමපදෙ පානීයඝටචඞ‍්කමනසාලාදීනි විද‍්ධංසෙන‍්ති. ඉසයො අරඤ‍්ඤතො ඵලාඵලං ආදාය ආගතා නං දිස‍්වා පුන දුක‍්ඛෙන පටිපාකතිකං කරොන‍්ති. තෙපි පුනප‍්පුනං තථෙව විනාසෙන‍්ති. තස‍්මා “ඉදානි තෙසං සඞ‍්ගාමො පච‍්චුපට‍්ඨිතො”ති සුත්‍වා එවං චින‍්තයිංසු.

දස වැන්නේ - සමුද්දතීරෙ පණ්ණකුටීසු සක්වළ මහ සමුදුර පිටියෙහි රිදීපටක් වන් වැලිතලාවේ, කියන ලද ආකාර පන්සල්හි වසත්. සියාපි නො විය හැක්කේ ය. අපට; අභයදක්‍ඛිණං යාචෙය්‍යාම අභය දානය ඉල්ලන්නෙමු. බොහෝ වශයෙන් දේවාසුර සංග්‍රාමය මහසමුදුර පිටියෙහි වේ. අසුරයනට සැම කල්හි ජය නො වේ. බොහෝ වාරයන්හි පරාජය ම වේ. ඔවුහු දෙවියන් විසින් පරාජය කරනු ලැබුවාහු පලා යමින් සෘෂිවරුන්ගේ ආශ්‍රමපදය දෙසින් යන්නාහු ශක්‍රයා මොවුන් සමග සාකච්ඡා කොට අප නසයි, දරුවන් නැසූ තැනැත්තියගේ පුතුන් ගනිව් යයි කුපිත වූවාහු ආශ්‍රමපදයෙහි පැන් කළ, සක්මන් ශාලා ආදිය විනාශ කරති. සෘෂිවරු ආරණ්‍යයෙන් පලාපල ගෙන පැමිණියාහු, ඒ දැක යළිත් දුකෙන් පිළිසකර කරත්. ඔවුහු යළි යළිත් එසේ ම විනාශ කරත්. එහෙයින් දැන් එවුන් සංග්‍රාමයට සූදානම් වෙති යි අසා ද මෙසේ සිතූහ.

කාමංකරොති ඉච‍්ඡිතකරො. භයස‍්ස අභයස‍්ස වාති භයං වා අභයං වා. ඉදං වුත‍්තං හොති – සචෙ ත්‍වං අභයං දාතුකාමො, අභයං දාතුං පහොසි. සචෙ භයං දාතුකාමො. භයං දාතුං පහොසි. අම‍්හාකං පන අභයදානං දෙහීති. දුට‍්ඨානන‍්ති විරුද‍්ධානං. පවුත‍්තන‍්ති ඛෙත‍්තෙ පතිට‍්ඨාපිතං.

කාමඞ්කරො කැමැත්තක් කරන්නේ. භයස්ස අභයස්ස වා භය හෝ අභය හෝ; කියන ලද්දේ මෙයයි: ඉදින් ඔබ අභය දීමට කැමැත්තෙහි නම් අභය දීමට සමත් වෙහි. ඉදින් භය ඇති කිරීමට කැමැත්තෙහි නම් භය ඇති කිරීමට සමත් වන්නෙහි. අපට අභය දානය දෙනු මැනවි. දුට්ඨානං විරුද්ධවූවන්ගේ පවුත්තං කුඹුරෙහි තබන ලද (වපුරන ලද)

තික‍්ඛත‍්තුං උබ‍්බිජ‍්ජීති සායමාසභත‍්තං භුඤ‍්ජිත්‍වා සයනං අභිරුය‍්හ නිපන‍්නො නිද‍්දාය ඔක‍්කන‍්තමත‍්තාය සමන‍්තා ඨත්‍වා සත‍්තිසතෙන පහටො විය විරවන‍්තො උට‍්ඨහති, දසයොජනසහස‍්සං අසුරභවනං “කිමිද”න‍්ති සඞ‍්ඛොභං ආපජ‍්ජති. අථ නං ආගන‍්ත්‍වා “කිමිද”න‍්ති පුච‍්ඡන‍්ති. සො “න කිඤ‍්චී”ති වදති. දුතියයාමාදීසුපි එසෙව නයො. ඉති අසුරානං “මා භායි, මහාරාජා”ති තං අස‍්සාසෙන‍්තානංයෙව අරුණං උග‍්ගච‍්ඡති. එවමස‍්ස තතො පට‍්ඨාය ගෙලඤ‍්ඤජාතං චිත‍්තං වෙපති. තෙනෙව චස‍්ස “වෙපචිත‍්තී”ති අපරං නාමං උදපාදීති.

තික්‍ඛත්තුං උබ්බිජ්ජති සවස් කාලයෙහි බත් කා යහනට නැග වැද හොත්තේ නින්දට වැටුණු සැණින් හාත්පස සිට ආයුධ සියයකින් පහර දෙන ලද්දාක් මෙන් කෑගසමින් නැගිටියි. යොදුන් දස දහසක් වූ අසුරභවනය මේ කිම් දැයි කැලඹිල්ලට පත් වෙයි. ඉක්බිති ඔහු වෙත පැමිණ මේ කිම් දැයි විමසත්. හේ ‘කිසිවක් නැහැ’ යි කියයි. දෙවැනි යාම ආදියෙහි ද මේ පරිදි ය. මෙසේ ‘මහරජ, බිය නො වනු මැනවි’ යි ඔහු අස්වසන්නාහු අසුරයනට අරුණ උදා වේ. මෙසේ ඔහුට එවක් පටන් ගිලන් බව හට ගැනිණි. චිත්තං (සිත) වෙපති, එහෙයින් ම ඔහුට වෙපචිත්ති යි වෙනත් නමක් ඇති විණි.

දසමං.

දස වැනි සූත්‍රය යි.

පඨමො වග‍්ගො.

ප්‍රථම වර්ගය යි.