යෙදුමෙන් කියවන්න

නදුබ‍්භියසුත‍්තං

11. 1. 7.

11. 1. 7.

නදුබ‍්භියසුත‍්තං.

නදුබ්භිය සූත්‍රය

253. සාවත්‍ථියං–

253. සැවැත්නුවර–

භූතපුබ‍්බං භික‍්ඛවෙ සක‍්කස‍්ස දෙවානමින්‍දස‍්ස රහොගතස‍්ස පටිසල‍්ලීනස‍්ස එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි: යොපි මෙ අස‍්ස පච‍්චත්‍ථිකො තස‍්ස පාහං න දුබ‍්භෙය්‍යන‍්ති.

මහණෙනි, පෙර වූවක් කියමි. එකලා වූ විවේකයෙන් යුත් සක්දෙවිඳුහට “මාගේ යම් පසමිතුරෙක් වන්නේ නම් ඔහුට ද මම ද්‍රෝහ නො කරන්නෙමි”යි මෙබඳු චිත්තපරිවිතර්‍කයෙක් පහළ විය.

අථ ඛො භික‍්ඛවෙ වෙපචිත‍්ති අසුරින්‍දො සක‍්කස‍්ස දෙවානමින්‍දස‍්ස චෙතසා චෙතොපරිවිතක‍්කමඤ‍්ඤාය යෙන සක‍්කො දෙවානමින්‍දො තෙනුපසඞ‍්කමි.

මහණෙනි, එකල්හි වේපචිත්ති අසුරිඳු තමසිතින් සක්දෙවිඳුගේ චිත්තපරිවිතර්‍කය දැන සක්දෙවිඳු වෙත එළඹියේ ය.

අද‍්දසා ඛො භික‍්ඛවෙ සක‍්කො දෙවානමින්‍දො වෙපචිත‍්තිං අසුරින්‍දං දූරතොව ආගච‍්ඡන‍්තං. දිස‍්වාන වෙපචිත‍්තිං අසුරින්‍දං එතදවොච: තිට‍්ඨ වෙපචිත‍්ති ගහිතොසීති.

මහණෙනි, සක්දෙවිඳු එන්නා වූ වේපචිත්ති අසුරිඳු දුරදී ම දැක්කේ ය. දැක වේපචිත්ති අසුරිඳුහට “වේපචිත්ති සිටුවා (තෝ) ගන්නා ලද්දෙහිය”යි මෙය කී ය.

යදෙව තෙ මාරිස පුබ‍්බෙ චිත‍්තං තදෙව ත්‍වං මාරිස පහාසීති. සපස‍්සු ච මෙ වෙපචිත‍්ති අදුබ‍්භායාති.

නිදුකානෙනි, පෙර මුබට යම් සිතෙක් වී ද, නිදුකානෙනි, මුබ ඒ සිත ම පහ කළහු ද? වේපචිත්ති, මට ද්‍රෝහ නොකරණ බවට දිවුරව.

යං මුසාභණතො පාපං යං පාපං අරියූපවාදිනො, මිත‍්තද‍්දුනො ච යං පාපං යං පාපං අකතඤ‍්ඤුනො, තමෙව පාපං ඵුසති යො තෙ දුබ‍්භෙ සුජම‍්පතීති.

බොරු කියන්නාහට යම් පවෙක් වේ ද, ආර්‍ය්‍යෝපවාද කරන්නහුට යම් පවෙක් වේ ද, මිත්‍රද්‍රෝහියාට යම් පවෙක් වේ ද, ආකෘතඥයාට යම් පවෙක් වේ ද, සක්දෙවිඳුනි, යමෙක් මුබට ද්‍රෝහ කෙරේ නම් එබඳු පවක් ම (හෙ තෙමේ) ස්පර්‍ශ කෙරෙයි (ලබයි).