යෙදුමෙන් කියවන්න

කුලාවකසුත‍්තං

11. 1. 6.

11. 1. 6.

කුලාවකසුත‍්තං.

කුලාවක සූත්‍රය

252. සාවත්‍ථියං–

252. සැවැත්නුවර–

භූතපුබ‍්බං භික‍්ඛවෙ දෙවාසුරසඞ‍්ගාමො සමුපබ‍්බූළ‍්හො අහොසි. තස‍්මිං ඛො පන භික‍්ඛවෙ සඞ‍්ගාමෙ අසුරා ජිනිංසු. දෙවා පරාජිංසු.

මහණෙනි, පෙර වූවක් කියමි. දේවාසුරසංග්‍රාමයෙක් එළඹ සිටියේ විය. මහණෙනි, ඒ සංග්‍රාමයෙහිදී අසුරයෝ දිනූහ. දෙවියෝ පැරදුනහ.

පරාජිතා ච ඛො භික‍්ඛවෙ දෙවා අපායංස‍්වෙව උත‍්තරෙන මුඛා, අභියංස‍්වෙව නෙ අසුරා. අථ ඛො භික‍්ඛවෙ සක‍්කො දෙවානමින්‍දො මාතලීසඞ‍්ගාහකං ගාථාය අජ‍්ඣභාසි:

මහණෙනි, දෙවියෝ පැරදුනාහු උතුරුදිග බලා පලා ගියාහු ම ය. අසුරයෝ ඔවුන් ලුහු බැඳ ගියාහු ම ය. මහණෙනි, එකල්හි සක්දෙවිඳු මාතලී රියදුරුහට ගාථායෙන් කීය:

කුලාවකා මාතලි සිම‍්බලිස‍්මිං ඊසාමුඛෙන පරිවජ‍්ජයස‍්සු, කාමං චජාම අසුරෙසු පාණං මායිමෙ දිජා විකුලාවකා අහෙසුන‍්ති.

මාතලි, හිඹුල්වෙනෙහි (ගුරුළු) කැදලි වේ. (ඔවුන්) රියහිසින් දුරු කරව. ඒකාන්තයෙන් අසුරයන් කෙරෙහි ප්‍රාණය හරිමු. මේ පක්‍ෂීහු (ගුරුළු පොව්වෝ) නහමක් තට කැදලි ඇති වෙත්වා යි.

එවං භද‍්දන‍්තවාති ඛො භික‍්ඛවෙ මාතලි සඞ‍්ගාහකො සක‍්කස‍්ස දෙවානමින්‍දස‍්ස පටිස‍්සුත්‍වා සහස‍්සයුත‍්තං ආජඤ‍්ඤරථං පච‍්චුදාවත‍්තෙසි.

මහණෙනි, “එසේය, මුඹට සෙතෙක් වේවා”යි මාතලි රියැදුරු සක්දෙවිඳුහට පිළිතුරු දී සහස්‍රයුක්ත ආජන්‍යරථය වටාලා පැදැවී.

අථ ඛො භික‍්ඛවෙ අසුරානං එතදහොසි: පච‍්චුදාවත‍්තො ඛො දානි සක‍්කස‍්ස දෙවානමින්‍දස‍්ස සහස‍්සයුත‍්තො ආජඤ‍්ඤරථො. දුතියම‍්පි ඛො දෙවා අසුරෙහි සඞ‍්ගාමෙස‍්සන‍්තීති භීතා අසුරපුරමෙව පාවිසිංසු.

මහණෙනි, එකල්හි අසුරයන්ට මේ සිත විය. දැන් සක්දෙවිඳුගේ සහස්‍රයුක්ත ආජන්‍යරථය වටා වැටින. (එහෙයින්) දෙවනවට දු දෙවියෝ අසුරයන් හා යුද කරන්නාහ යි බියට පැමිණියාහු අසුරපුරට ම පිවිසිය හ.

ඉති ඛො භික‍්ඛවෙ සක‍්කස‍්ස දෙවානමින්‍දස‍්ස ධම‍්මෙනෙව ජයො අහොසි.

මහණෙනි, මෙසේ සක්දෙවිඳුහට දැහැමින් ම ජය වී ය.