යෙදුමෙන් කියවන්න

සුභාසිතජයසුත‍්තං

11. 1. 5.

11. 1. 5.

සුභාසිතජයසුත‍්තං.

සුභාසිතජය සූත්‍රය

251. එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. -පෙ- භගවා එතදවොච:

251. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

භූතපුබ‍්බං භික‍්ඛවෙ දෙවාසුරසඞ‍්ගාමො සමුපබ‍්බූළ‍්හො අහොසි. අථ ඛො භික‍්ඛවෙ වෙපචිත‍්ති අසුරින්‍දො සක‍්කං දෙවානමින්‍දං එතදවොච: හොතු දෙවානමින්‍ද, සුභාසිතෙන ජයොති. හොතු වෙපචිත‍්ති, සුභාසිතෙන ජයොති.

මහණෙනි, පෙර වූවක් කියමි. දේවාසුරසංග්‍රාමයෙක් එළඹ සිටියේ වි ය. මහණෙනි, එකල්හි වේපචිත්ති අසුරිඳු සක්දෙවිඳුහට “දෙවිඳුනි, සුභාෂිතයෙන් ජය වේවා”යි මෙය කී ය. “වේපචිත්ති, සුභාෂිතයෙන් ජය වේවා” යි (සක්දෙව්රජ කී ය).

අථ ඛො භික‍්ඛවෙ දෙවා ච අසුරා ච පාරිසජ‍්ජෙ ඨපෙසුං: ඉමෙ නො සුභාසිතං දුබ‍්භාසිතං ආජානිස‍්සන‍්තීති.

මහණෙනි, ඉක්බිති දෙවියෝ ද, අසුරයෝ ද මොහු අපගේ සුබැසි දුබැසි දැන ගන්නාහු යයි පාරිෂදයෙන් (විනිසකරුවන්) තැබූ හ.

අථ ඛො භික‍්ඛවෙ වෙපචිත‍්ති අසුරින්‍දො සක‍්කං දෙවානමින්‍දං එතදවොච: භණ දෙවානමින්‍ද, ගාථන‍්ති.

මහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරිඳු සක්දෙවිඳුහට “දෙවිඳුනි, ගාථාවක් කියව” යි මෙය කී ය.

එවං වුත‍්තෙ භික‍්ඛවෙ සක‍්කො දෙවානමින්‍දො වෙපචිත‍්ති අසුරින්‍දං එතදවොච: තුම‍්හෙ ඛ‍්වෙත්‍ථ වෙපචිත‍්ති, පුබ‍්බදෙවා. භණ වෙපචිත‍්ති, ගාථන‍්ති. එවං වුත‍්තෙ භික‍්ඛවෙ වෙපචිත‍්ති අසුරින්‍දො ඉමං ගාථං අභාසි:

මහණෙනි, මෙසේ කී කල්හි සක්දෙවිඳු වේපචිත්ති අසුරිඳුහට වේපචිත්ති, මෙහිලා තෙපි පළමුදෙවි වව. (එහෙයින්) වේපචිත්ති ගාථාවක් කියව යි මෙය කී ය. මහණෙනි, මෙසේ කී කල්හි වේපචිත්ති අසුරිඳු මේ ගාථාව කී ය:

භිය්‍යො බාලා පභිජ‍්ජෙය්‍යුං නො චස‍්ස පටිසෙධකො, තස‍්මා භුසෙන දණ‍්ඩෙන ධීරො බාලං නිසෙධයෙති.

වළකන්නෙක් ඉදින් නොවන්නේ නම් අඥානයෝ බොහෝ සෙයින් බිඳෙන්නාහු ය. (වැනසෙන්නාහු ය). එහෙයින් නුවණැත්තෝ දැඩි වූ දණ්ඩනයෙන් අඥානයා වළකන්නේ ය.

භාසිතාය ඛො පන භික‍්ඛවෙ වෙපචිත‍්තිනා අසුරින්‍දෙන ගාථාය අසුරා අනුමොදිංසු. දෙවා තුණ‍්හී අහෙසුං.

මහණෙනි, වේපචිත්ති අසුරිඳු විසින් ගාථාව කියන ලද කල්හි අසුරයෝ සතුටු වූහ. දෙවියෝ නිහඬ වූහ.

අථ ඛො භික‍්ඛවෙ වෙපචිත‍්ති අසුරින්‍දො සක‍්කං දෙවානමින්‍දං එතදවොච: භණ දෙවානමින්‍ද, ගාථන‍්ති. එවං වුත‍්තෙ භික‍්ඛවෙ සක‍්කො දෙවානමින්‍දො ඉමං ගාථං අභාසි:

මහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරිඳු සක්දෙවිඳුහට දෙවිඳුනි, ගාථාවක් කියව යි මෙය කී ය: මහණෙනි, මෙසේ කී කල්හි සක්දෙවිඳු තෙමේ මේ ගය කී ය:

එතදෙව අහං මඤ‍්ඤෙ බාලස‍්ස පටිසෙධනං, පරං සංකුපිතං ඤත්‍වා යො සතො උපසම‍්මතීති.

සතුරා ඉතා කිපියහු දැන යමෙක් සිහි ඇත්තේ සංසිඳේ ද, මම මේ සංසිඳීම ම අඥානයා වැළකීම යයි හඟිමි.

භාසිතාය ඛො පන භික‍්ඛවෙ සක‍්කෙන දෙවානමින්‍දෙන ගාථාය දෙවා අනුමොදිංසු. අසුරා තුණ‍්හී අහෙසුං.

මහණෙනි, සක්දෙවිඳු විසින් ගාථාව කියන ලද කල්හි දෙවියෝ සතුටු වූහ. අසුරයෝ නිහඬ වූහ.

අථ ඛො භික‍්ඛවෙ සක‍්කො දෙවානමින්‍දො වෙපචිත‍්තිං අසුරින්‍දං එතදවොච: භණ වෙපචිත‍්ති ගාථන‍්ති. එවං වුත‍්තෙ භික‍්ඛවෙ වෙපචිත‍්ති අසුරින්‍දො ඉමං ගාථං අභාසි:

මහණෙනි, ඉක්බිති සක්දෙවිඳු වේපචිත්ති අසුරිඳුහට වේපචිත්ති, ගාථාවක් කියවයි මෙය කී ය: මහණෙනි, මෙසේ කී කල්හි වේපචිත්ති අසුරිඳු මේ ගය කී ය:

එතදෙව තිතික‍්ඛාය වජ‍්ජං පස‍්සාමි වාසව, යදා නං මඤ‍්ඤති බාලො භයා ම්‍යායං තිතික‍්ඛති, අජ‍්ඣාරුහති දුම‍්මෙධො ගො’ව භිය්‍යො පලායිනන‍්ති.

මේ තෙමේ මට බියෙන් ඉවසා යයි අඥාන තෙමේ යම් කලෙක ඒ ඉවසීම හඟී ද. සක්දෙවිඳුගේ, ඉවසීම පිළිබඳ මේ දෝෂය ම දකිමි. පලා යාම ගොණකු (යට කර ගෙණ යන) ගව මුළක් මෙන් නුවණ මඳ තැනැත්තේ බොහෝ සෙයින් (ඉවසන්නහු) යට කර ගෙණ යයි.

භාසිතාය ඛො පන භික‍්ඛවෙ වෙපචිත‍්තිනා අසුරින්‍දෙන ගාථාය අසුරා අනුමොදිංසු. දෙවා තුණ‍්හී අහෙසුං.

මහණෙනි, වේපචිත්ති අසුරිඳු විසින් ගාථාව කියන ලද කල්හි අසුරයෝ සතුටු වූහ. දෙවියෝ නිහඬ වූහ.

අථ ඛො භික‍්ඛවෙ වෙපචිත‍්ති අසුරින්‍දො සක‍්කං දෙවානමින්‍දං එතදවොච: භණ දෙවානමින්‍ද ගාථන‍්ති.

මහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරිඳු සක්දෙවිඳුහට දෙවිඳුනි, ගාථාවක් කියව යි මෙය කී ය.

එවං වුත‍්තෙ භික‍්ඛවෙ සක‍්කො දෙවානමින්‍දො ඉමා ගාථායො අභාසි:

මහණෙනි, මෙසේ කී කල්හි සක්දෙවිඳු මේ ගාථා කී ය:

කාමං මඤ‍්ඤතු වා මා වා භයා ම්‍යායං තිතික‍්ඛති, සදත්‍ථපරමා අත්‍ථා ඛන‍්ත්‍යා භිය්‍යො න විජ‍්ජති.

මේ තෙමේ ඒකාන්තයෙන් මට බියෙන් ඉවසා යයි හඟීවා හෝ, නොහඟීවා හෝ, සර්‍වාර්‍ත්‍ථයෝ ස්වාර්‍ත්‍ථය පරම කොට ඇත්තාහ. ඉවසීමට වඩා උතුම් අන් අරුතෙක් නැත.

යො හවෙ බලවා සන‍්තො දුබ‍්බලස‍්ස තිතික‍්ඛති, තමාහු පරමං ඛන‍්තිං නිච‍්චං ඛමති දුබ‍්බලො.

යමෙක් ඒකාන්තයෙන් බලවත් වූයේ ම දුබලයාට ඉවසා ද, එය උතුම් ඉවසීම යයි කියත්. දුබල තෙමේ නිතර ඉවසයි.

අබලන‍්තං බලං ආහු යස‍්ස බාලබලං බලං, බලස‍්ස ධම‍්මගුත‍්තස‍්ස පටිවත‍්තා න විජ‍්ජති.

අඥානබලය යමකුගේ බලය වේ ද, බලයක් නොවූ ම එය බලය යි කියත්. ධර්‍මයෙන් සංවෘත වූ (ක්‍ෂාන්ති) බලයට ප්‍රතිවක්තෘ වූවෙක් හෙවත් එය අබිබවා කියන්නෙක් නැත.

තස‍්සෙව තෙන පාපියො යො කුද‍්ධං පටිකුජ‍්ඣති, කුද‍්ධං අප‍්පටිකුජ‍්ඣන‍්තො සඞ‍්ගාමං ජෙති දුජ‍්ජයං.

යමෙක් කිපියකුට පෙරළා කිපේ ද එයින් ඔහුට ම නොයහපත වේ. කිපියහුට පෙරළා නොකිපෙන්නේ නොදිනිය හැකි වූ සටන දිනයි.

උභින‍්නමත්‍ථං චරති අත‍්තනො ච පරස‍්ස ච, පරං සඞ‍්කුපිතං ඤත්‍වා යො සතො උපසම‍්මති.

මෙරමා කිපියහු දැන යමෙක් සිහි ඇත්තේ සංසිඳේ ද, (හෙ තෙමේ ) තමහට ද මෙරමාහට ද යන දෙපසට ම වැඩ සාදයි.

උභින‍්නං තිකිච‍්ඡන‍්තානං අත‍්තනො ච පරස‍්ස ච, ජනා මඤ‍්ඤන‍්ති බාලොති යෙ ධම‍්මස‍්ස අකොවිදාති.

යම් කෙනෙක් ධර්‍මයෙහි අදක්‍ෂ වෙද් ද, ඒ ජනයෝ තමහට ද මෙරමාහට ද යන දෙපසට ම වැඩ සදන්නහු අඥාන යයි හඟිත්.

භාසිතාසු ඛො පන භික‍්ඛවෙ සක‍්කෙන දෙවානමින්‍දෙන ගාථාසු දෙවා අනුමොදිංසු. අසුරා තුණ‍්හී අහෙසුං.

මහණෙනි, සක්දෙවිඳු විසින් ගාථා කියන ලද කල්හි දෙවියෝ සතුටු වූහ. අසුරයෝ නිහඬ වූහ.

අථ ඛො භික‍්ඛවෙ දෙවානඤ‍්ච අසුරානඤ‍්ච පාරිසජ‍්ජා එතදවොචුං: භාසිතා ඛො වෙපචිත‍්තිනා අසුරින්‍දෙන ගාථායො. තා ච ඛො සදණ‍්ඩාවචරා සසත්‍ථාවචරා ඉති භණ‍්ඩනං ඉති විග‍්ගහො ඉති කලහො. භාසිතා ඛො පන සක‍්කෙන දෙවානමින්‍දෙන ගාථායො. තා ච ඛො අදණ‍්ඩාවචරා අසත්‍ථාවචරා ඉති අභණ‍්ඩනං ඉති අවිග‍්ගහො ඉති අකලහො. සක‍්කස‍්ස දෙවානමින්‍දස‍්ස සුභාසිතෙන ජයොති.

මහණෙනි, ඉක්බිති දෙවියන්ගේත් අසුරයන්ගේත් පාරිෂදයෝ (විනිසකරුවෝ) මෙය කීහ. වේපචිත්ති අසුරිඳු විසින් ගාථාවෝ කියන ලදහ. ඒ ගාථාවෝ වනාහි සදණ්ඩයෙන් ඇසිරි ඇතියහ. සශස්ත්‍රයන් ඇසිරි ඇතියහ. භණ්ඩන මෙසේය, විග්‍රහ මෙසේය, කලහ මෙසේය කියායි. සක්දෙවිඳු විසින් ද ගාථාවෝ කියන ලදහ. ඒ ගාථාවෝ වනාහි දඬුමුගුරු සහිත පැවතුම් ඇත්තවුන් පිළිබඳ නොවෙත්. අවි සහිත පැවතුම් ඇත්තවුන් පිළිබඳ නො වෙත්. අභණ්ඩන මෙසේය, අවිග්‍රහ මෙසේය, අකලහ මෙසේය කියායි. (එහෙයින්) සක්දෙවිඳුහට සුභාෂිතයෙන් ජය වෙයි.

ඉති ඛො භික‍්ඛවෙ සක‍්කස‍්ස දෙවානමින්‍දස‍්ස සුභාසිතෙන ජයො අහොසීති.

මහණෙනි, මෙසේ සක්දෙවිඳුහට සුභාෂිතයෙන් ජය වී ය.