යෙදුමෙන් කියවන්න

වෙපචිත‍්තිසුත‍්තං

11. 1. 4.

11. 1. 4.

වෙපචිත‍්තිසුත‍්තං.

වේපචිත්ති සූත්‍රය

250. එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. -පෙ- භගවා එතදවොච:

250. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. ... භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

භූතපුබ‍්බං භික‍්ඛවෙ දෙවාසුරසඞ‍්ගාමො සමුපබ‍්බූළ‍්හො අහොසි. අථ ඛො භික‍්ඛවෙ වෙපචිත‍්ති අසුරින්‍දො අසුරෙ ආමන‍්තෙසි: සචෙ මාරිසා දෙවාසුරසඞ‍්ගාමෙ සමුපබ‍්බූළ‍්හෙ අසුරා ජිනෙය්‍යුං, දෙවා පරාජෙය්‍යුං. යෙන තං සක‍්කං දෙවානමින්‍දං කණ‍්ඨපඤ‍්චමෙහි බන්‍ධනෙහි බන්‍ධිත්‍වා මම සන‍්තිකෙ ආනෙය්‍යාථ අසුරපුරන‍්ති.

මහණෙනි, පෙර වූ වක් කියමි. දෙවියන් හා අසුරයන්ගේ යුද්ධයෙක් එක්තැන් වැද සිටියේ ය. මහණෙනි, එකල්හි වේපචිත්ති අසුරිඳු අසුරයන් ඇමතී ය: “භවත්නි, ඉදින් දේවාසුරසංග්‍රාමයක් එළඹ සිටි කල්හි අසුරයෝ දිනන්නාහු නම්, දෙවියෝ පරදින්නාහු නම්, ඒ සක්දෙවිඳු ගෙල පස් වැනි කොට ඇති බැඳුමෙන් බැඳ අසුරපුර මා වෙතැ ගෙණ එව”යි.

සක‍්කොපි ඛො භික‍්ඛවෙ දෙවානමින්‍දො දෙවෙ තාවතිංසෙ ආමන‍්තෙසි:

මහණෙනි, සක්දෙව් රජ ද තව්තිසා වැසි දෙවියන් ඇමතී ය:

සචෙ මාරිසා දෙවාසුරසඞ‍්ගාමෙ සමුපබ‍්බූළ‍්හෙ දෙවා ජිනෙය්‍යුං, අසුරා පරාජෙය්‍යුං. යෙන තං වෙපචිත‍්තිං අසුරින්‍දං කණ‍්ඨපඤ‍්චමෙහි බන්‍ධනෙහි බන්‍ධිත්‍වා මම සන‍්තිකෙ ආනෙය්‍යාථ සුධම‍්මං සභන‍්ති.

පින්වත්නි, ඉදින් දේවාසුරසංග්‍රාමයක් එළඹ සිටි කල්හි දෙවියෝ දිනන්නාහු නම්, අසුරයෝ පරදින්නාහු නම්, ඒ වේපචිත්ති අසුරිඳු ගෙල පස් වැනි කොට ඇති බැම්මෙන් බැඳ සුධර්‍මා සභාවට මා වෙත ගෙණ එව යි.

තස‍්මිං ඛො පන භික‍්ඛවෙ සඞ‍්ගාමෙ දෙවා ජිනිංසු. අසුරා පරාජිංසු. අථ ඛො භික‍්ඛවෙ දෙවා තාවතිංසා වෙපචිත‍්තිං අසුරින්‍දං කණ‍්ඨපඤ‍්චමෙහි බන්‍ධනෙහි බන්‍ධිත්‍වා සක‍්කස‍්ස දෙවානමින්‍දස‍්ස සන‍්තිකෙ ආනෙසුං සුධම‍්මසභං.

මහණෙනි, ඒ යුද්ධයෙහි දෙවියෝ දිනූහ. අසුරයෝ පැරදුනහ. මහණෙනි, එකල්හි තව්තිසා වැසි දෙවියෝ වේපචිත්ති අසුරිඳු ගෙල පස්වැනි කොට ඇති බැඳුමෙන් බැඳ සක්දෙවිඳු සමීපයෙහි සුධර්‍මා සභාවට ගෙණාහ.

තත්‍ර සුදං භික‍්ඛවෙ වෙපචිත‍්ති අසුරින්‍දො කණ‍්ඨපඤ‍්චමෙහි බන්‍ධනෙහි බද‍්ධො සක‍්කං දෙවානමින්‍දං සුධම‍්මං සභං පවිසන‍්තඤ‍්ච නික‍්ඛමන‍්තඤ‍්ච අසබ‍්භාහි ඵරුසාහි වාචාහි අක‍්කොසති, පරිභාසති.

මහණෙනි, එහිදී ගෙල පස්වැනි කොට ඇති බැඳුමෙන් බඳනා ලද වේපචිත්ති අසුරිඳු සුධර්‍මා සභාවට පිවිසෙන්නා වූ ද නික්මෙන්නා වූ ද සක්දෙවිඳු හට අසභ්‍ය වූ පරුෂ වචනයෙන් අක්‍රෝශ කෙරෙයි, පරිභව කෙරෙයි.

අථ ඛො භික‍්ඛවෙ මාතලී සඞ‍්ගාහකො සක‍්කං දෙවානමින්‍දං ගාථාය අජ‍්ඣභාසි:

මහණෙනි, ඉක්බිති මාතලි රියදුරු තෙමේ සක්දෙව්රජහට ගාථායෙන් කී ය:

භයා නු මථවා සක‍්ක දුබ‍්බල්‍යා නො තිතික‍්ඛසි, සුණන‍්තො ඵරුසං වාචං සම‍්මුඛා වෙපචිත‍්තිනොති.

සක්දෙව්ඳුනි, වෙපචිත්තිහුගේ පරුස්බස් ඉදිරියෙහි අසමින් බියෙන් ඉවසහි ද? නොහොත් දුබල බැවින් ඉවසහි ද?

[සක‍්කො:]

[සක්දෙවිඳු:]

නාහං භයා න දුබ‍්බල්‍යා ඛමාමි වෙපචිත‍්තිනො, කථඤ‍්හි මාදිසො විඤ‍්ඤූ බාලෙන පටිසංයුජෙති.

මම වේපචිත්තිහුගේ (පරුස්බස්) බියෙන් නො ඉවසමි. දුබලබැවින් ද නො ඉවසමි. මා වැනි නුවණැත්තෙක් (එබඳු) බාලයකු හා කෙසේ නම් ප්‍රතිවිරූද්ධව සටන් කරන්නේ ද?

භිය්‍යො බාලා පභිජ‍්ජෙය්‍යුං නො චස‍්ස පටිසෙධකො තස‍්මා භුසෙන දණ‍්ඩෙන ධීරො බාලං නිසෙධයෙති.

වළකන්නෙක් ඉදින් නො වන්නේ නම් අඥානයෝ බොහෝ සෙයින් බිඳෙන්නාහු ය. එහෙයින් නුවණැත්තේ දැඩි වූ දණ්ඩනයෙන් අඥානයා වළකන්නේ ය.

එතදෙව අහං මඤ‍්ඤෙ බාලස‍්ස පටිසෙධනං, පරං සංකුපිතං ඤත්‍වා යො සතො උපසම‍්මතීති.

සතුරා ඉතා කිපියහු දැන යමෙක් සිහි ඇත්තේ සංසිඳේ ද, මම මේ සංසිඳීම ම අඥානයා වැළක්මවීම ය යි හඟිමි.

[මාතලි:]

[මාතලි:]

එතදෙව තිතික‍්ඛාය වජ‍්ජං පස‍්සාමි වාසව, යදා නං මඤ‍්ඤති බාලො භයා ම්‍යායං තිතික‍්ඛති, අජ‍්ඣාරූහති දුම‍්මෙධො ගො’ව භිය්‍යො පලායිනන‍්ති.

මේ තෙමේ මට බියෙන් ඉවසා යයි අඥාන තෙමේ යම් කලෙක ඒ ඉවැසීම හඟී ද, සක්දෙවිඳුනි, ඉවසීම පිළිබඳ මේ දෝෂය ම දකිමි. පලා යන ගොණකු (යට කර ගෙණ යන) ගවමුළක් මෙන් නුවණ මඳ තැනැත්තේ බොහෝ සෙයින් (ඉවසන්නාහු) යට කර ගෙණ යයි.

[සක‍්කො:]

[සක්දෙවිඳු:]

කාමං මඤ‍්ඤතු වා මා වා භයා ම්‍යායං තිතික‍්ඛති, සදත්‍ථපරමා අත්‍ථා ඛන‍්ත්‍යා භිය්‍යො න විජ‍්ජති.

මේ තෙමේ මට බියෙන් ඉවසා යයි ඒකාන්තයෙන් හඟීවා හෝ, නො හඟීවා හෝ, සර්‍වාර්‍ත්‍ථයෝ ස්වාර්‍ත්‍ථය පරම කොට ඇත්තාහ. ඉවසීමට වඩා උතුම් අන්‍යාර්‍ත්‍ථයෙක් නැත.

යො හවෙ බලවා සන‍්තො දුබ‍්බලස‍්ස තිතික‍්ඛති, තමාහු පරමං ඛන‍්තිං නිච‍්චං ඛමති දුබ‍්බලො.

යමෙක් ඒකාන්තයෙන් බලවත් වූයේ ම දුබලයාට ඉවසා ද එය උතුම් ඉවසීම යයි කියත්. දුබල තෙමේ නිතර ඉවසයි.

අබලන‍්තං බලං ආහු යස‍්ස බාලබලං බලං, බලස‍්ස ධම‍්මගුත‍්තස‍්ස පටිවත‍්තා න විජ‍්ජති.

අඥානබලය යමකුගේ බලය වේ ද, බලයක් නො වූ ම එය බල යයි කියත්. ධර්‍මයෙන් සංවෘත වූ (ක්‍ෂාන්ති) බලයට ප්‍රතිවක්තෘ වූවෙක් හෙවත් එය අබිබවා කියන්නෙක් නැත.

තස‍්සෙව තෙන පාපියො යො කුද‍්ධං පටිකුජ‍්ඣති, කුද‍්ධං අප‍්පටිකුජ‍්ඣන‍්තො සඞ‍්ගාමං ජෙති දුජ‍්ජයං.

යමෙක් කිපියකුට පෙරළා කිපේ ද, එයින් ඔහුට ම නො යහපත වේ. කිපියහුට පෙරළා නො කිපෙන්නේ නො දිනිය හැකි වූ සටන දිනයි.

උභින‍්නමත්‍ථං චරති අත‍්තනො ච පරස‍්ස ච, පරං සංකුපිතං ඤත්‍වා යො සතො උපසම‍්මති.

මෙරමා කිපියහු දැන යමෙක් සිහි ඇත්තේ සංසිඳේ ද, (හෙ තෙමේ) තමහට ද මෙරමාහට ද (යන) දෙපසට ම වැඩ සාදයි.

උභින‍්නං තිකිච‍්ඡන‍්තානං අත‍්තනො ච පරස‍්ස ච, ජනා මඤ‍්ඤන‍්ති බාලොති යෙ ධම‍්මස‍්ස අකොවිදාති.

යම් කෙනෙක් ධර්‍මයෙහි අදක්‍ෂ වෙද් ද, ඒ ජනයෝ තමහට ද මෙරමාහට ද (යන) දෙපසට ම වැඩ සදන්නාහු අඥාන යයි හඟිත්.

සො හි නාම භික‍්ඛවෙ සක‍්කො දෙවානමින්‍දො සකං පුඤ‍්ඤඵලං උපජීවමානො දෙවානං තාවතිංසානං ඉස‍්සරියාධිපච‍්චං රජ‍්ජං කාරෙන‍්තො ඛන‍්තිසොරච‍්චස‍්ස වණ‍්ණවාදී භවිස‍්සති. “ඉධ ඛො තං භික‍්ඛවෙ සොභෙථ, යං තුම‍්හෙ එවං ස‍්වාක‍්ඛාතෙ ධම‍්මවිනයෙ පබ‍්බජිතා සමානා ඛමා ච භවෙය්‍යාථ සොරතා චා”ති.

මහණෙනි, ඒ සක්දෙව්රජ තෙමේ වනාහි සිය පින්පල නිසා ජීවත් වන්නේ තව්තිසාවැසි දෙවියන් පිළිබඳ ඉසුරු හා අධිපතිබව ඇති රජය කරන්නේ ඉවසීමේ හා සුරත බැව්හි ගුණ කියන සුල්ලෙක් වෙයි. මහණෙනි, තෙපි මෙසේ ස්වාඛාත වූ ශාසනයෙහි පැවිදි වූවහු ම යම් ක්‍ෂමායෙකින් ඉවසන්නහු මෘදුබැව් ඇත්තහු වන්නහු නම් මේ ශාසනයෙහි ලා ඒ ගුණය හොබනේ ය.