යෙදුමෙන් කියවන්න

ධජග‍්ගසුත‍්තං

11. 1. 3.

11. 1. 3.

ධජග‍්ගසුත‍්තං.

ධජග්ග සූත්‍රය

249. එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි භික‍්ඛවොති. භදන‍්තෙති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

249. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එහි දි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

භූතපුබ‍්බං භික‍්ඛවෙ දෙවාසුරසඞ‍්ගාමො සමුපබ‍්බූළ‍්හො අහොසි. අථ ඛො භික‍්ඛවෙ සක‍්කො දෙවානමින්‍දො දෙවෙ තාවතිංසෙ ආමන‍්තෙසි: සචෙ මාරිසා දෙවානං සඞ‍්ගාමගතානං උප‍්පජ‍්ජෙය්‍ය භයං වා ඡම‍්භිතත‍්තං වා ලොමහංසො වා මමෙව තස‍්මිං සමයෙ ධජග‍්ගං උල‍්ලොකෙය්‍යාථ. මමං හි වො ධජග‍්ගං උල‍්ලොකයතං යං භවිස‍්සති භයං වා ඡම‍්භිතත‍්තං වා ලොමහංසො වා, සො පහීයිස‍්සති.

මහණෙනි, පෙර වූවක් කියමි. දෙවියන්ගේ හා අසුරයන්ගේ යුද්ධයෙක් එක්තැන් වැදගත්තේ ය. මහණෙනි, එකල්හි සක් දෙව් රජ තව්තිසා වැසි දෙවියන් ඇමතී ය: භවත්නි, ඉදින් යුද්ධයට ගිය දෙවියන්ට බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ උපදනේ නම්, එකල්හි මාගේ ධ්වජාග්‍රය ම ඇස් නඟා බල ව. මාගේ ධ්වජාග්‍රය බලන්නා වූ තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම් එය පහ වන්නේ ය.

නො චෙ මෙ ධජග‍්ගං උල‍්ලොකෙය්‍යාථ, අථ පජාපතිස‍්ස දෙවරාජස‍්ස ධජග‍්ගං උල‍්ලොකෙය්‍යාථ. පජාපතිස‍්ස හි වො දෙවරාජස‍්ස ධජග‍්ගං උල‍්ලොකයතං යං භවිස‍්සති භයං වා ඡම‍්භිතත‍්තං වා ලොමහංසො වා, සො පහීයිස‍්සති.

ඉදින් මාගේ ධ්වජාග්‍රය නො දක්නහු නම්, එකල්හි පජාපති දෙව්රජුහුගේ ධ්වජාග්‍රය බලව. පජාපති දෙව්රජුගේ ධ්වජාග්‍රය දක්නා තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ වන්නේ ය.

නො චෙ පජාපතිස‍්ස දෙවරාජස‍්ස ධජග‍්ගං උල‍්ලොකෙය්‍යාථ, අථ වරුණස‍්ස දෙවරාජස‍්ස ධජග‍්ගං උල‍්ලොකෙය්‍යාථ. වරුණස‍්ස හි වො දෙවරාජස‍්ස ධජග‍්ගං උල‍්ලොකයතං යං භවිස‍්සති භයං වා ඡම‍්භිතත‍්තං වා ලොමහංසො වා, සො පහීයිස‍්සති.

ඉදින් පජාපති දෙව්රජුහුගේ ධ්වජාග්‍රය නො දක්නහු නම්, එකල්හි වරුණ දෙව්රජුහුගේ ධ්වජාග්‍රය බලව. වරුණ දෙව්රජුගේ ධ්වජාග්‍රය දක්නා තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ වන්නේ ය.

නො චෙ වරුණස‍්ස දෙවරාජස‍්ස ධජග‍්ගං උල‍්ලොකෙය්‍යාථ, අථ ඊසානස‍්ස දෙවරාජස‍්ස ධජග‍්ගං උල‍්ලොකෙය්‍යාථ. ඊසානස‍්ස හි වො දෙවරාජස‍්ස ධජග‍්ගං උල‍්ලොකයතං යං භවිස‍්සති භයං වා ඡම‍්භිතත‍්තං වා ලොමහංසො වා, සො පහීයිස‍්සති.

ඉදින් වරුණ දෙව්රජුහුගේ ධ්වජාග්‍රය නො දක්නහු නම්, එකල්හි ඊසාන දෙව්රජුහුගේ ධ්වජාග්‍රය බලව. ඊසාන දෙව්රජුගේ ධ්වජාග්‍රය දක්නා වූ තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ වන්නේ ය.

තං ඛො පන භික‍්ඛවෙ සක‍්කස‍්ස වා දෙවානමින්‍දස‍්ස ධජග‍්ගං උල‍්ලොකයතං, පජාපතිස‍්ස වා දෙවරාජස‍්ස ධජග‍්ගං උල‍්ලොකයතං, වරුණස‍්ස වා දෙවරාජස‍්ස ධජග‍්ගං උල‍්ලොකයතං, ඊසානස‍්ස වා දෙවරාජස‍්ස ධජග‍්ගං උල‍්ලොකයතං, යං භවිස‍්සති භයං වා ඡම‍්භිතත‍්තං වා ලොමහංසො වා, සො පහීයෙථාපි නොපි පහීයෙථ. තං කිස‍්ස හෙතු? සක‍්කො හි භික‍්ඛවෙ දෙවානමින්‍දො අවීතරාගො අවීතදොසො අවීතමොහො භීරුච‍්ඡම‍්භී උත්‍රාසී පලායීති.

මහණෙනි, සක්දෙව්රජහුගේ ඒ ධ්වජාග්‍රය බලන්නවුන්ට හෝ, පජාපති දෙව්රජුගේ ධ්වජාග්‍රය බලන්නවුන්ට හෝ, වරුණ දෙව්රජුගේ ධ්වජාග්‍රය බලන්නවුන්ට හෝ, ඊසාන දෙව්රජහුගේ ධ්වජාග්‍රය බලන්නවුන්ට හෝ යම් බියෙක් හෝ තැති ගැන්මෙක් ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ වන්නේ ද, නො ද පහ වන්නේ ය. ඒ කවර හෙයින? යත්: මහණෙනි, සක්දෙව්රජ පහ නොවූ රාග ඇත්තේ ය. පහ නොවූ ද්වේෂ ඇත්තේ ය. පහ නො වූ මෝහ ඇත්තේ ය. බිය වන සුලු ය. තැති ගන්න සුලු ය. ත්‍රස්ත වන සුලුය. පලායන සුලු යි. (එහෙයිනි).

අහං ච ඛො භික‍්ඛවෙ එවං වදාමි: සචෙ තුම‍්හාකං භික‍්ඛවෙ අරඤ‍්ඤගතානං වා රුක‍්ඛමූලගතානං වා සුඤ‍්ඤාගාරගතානං වා උප‍්පජ‍්ජෙය්‍ය භයං වා ඡම‍්භිතත‍්තං වා ලොමහංසො වා, මමෙව තස‍්මිං සමයෙ අනුස‍්සරෙය්‍යාථ: “ඉතිපි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා”ති. මමං හි වො භික‍්ඛවෙ අනුස‍්සරතං යං භවිස‍්සති භයං වා ඡම‍්භිතත‍්තං වා ලොමහංසො වා, සො පහීයිස‍්සති.

මහණෙනි, මම ද මෙසේ කියමි. මහණෙනි, ඉදින් අරණ්‍යයකට ගියා වූ හෝ රුක්මුලකට ගියා වූ හෝ ශුන්‍යාගාරයකට ගියා වූ හෝ තොපට බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ උපදනේ නම්, එකල්හි “ඒ භාග්‍යවත් තෙමේ මෙ කරුණෙනුදු අර්‍හත් ය, සම්‍යක්සම්බුද්ධ ය, විද්‍යාචරණ සම්පන්න ය, සුගත ය, ලෝකවිදූ ය, අනුත්තරපුරිසදම්මසාරථි ය, දෙවි මිනිසුන් ට සාස්තෘ ය, බුද්ධ ය, භාග්‍යවත් ය”යි මා ම සිහි කරව. මහණෙනි, මා සිහි කරන්නා වූ තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ ව යන්නේ ය.

නො චෙ මං අනුස‍්සරෙය්‍යාථ, අථ ධම‍්මං අනුස‍්සරෙය්‍යාථ: “ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො සන්‍දිට‍්ඨිකො අකාලිකො එහිපස‍්සිකො ඔපනයිකො පච‍්චත‍්තං වෙදිතබ‍්බො විඤ‍්ඤූහී”ති. ධම‍්මං හි වො භික‍්ඛවෙ අනුස‍්සරතං යං භවිස‍්සති භයං වා ඡම‍්භිතත‍්තං වා ලොමහංසො වා, සො පහීයිස‍්සති.

ඉදින් මා සිහි නො කරන්නහු නම්, එකල්හි “ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් ස්වාක්ඛාත ය, සන්‍දිට්ඨික ය, අකාලික ය, ඒහිපස්සිකය, ඕපනයික ය, නුවණැත්තවුන් විසින් සිය සතන්හි ලා දතයුත්තේය”යි ධර්‍මය සිහි කරව. මහණෙනි, ධර්‍මය සිහි කරන්නා වූ තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ ව යන්නේ ය.

නො චෙ ධම‍්මං අනුස‍්සරෙය්‍යාථ, අථ සඞ‍්ඝං අනුස‍්සරෙය්‍යාථ: “සුපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො. උජුපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො. ඤායපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො. සාමීචිපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො. යදිදං චත‍්තාරි පුරිසයුගානි, අට‍්ඨපුරිස පුග‍්ගලා, එස භගවතො සාවකසඞ‍්ඝො, ආහුනෙය්‍යො පාහුනෙය්‍යො දක‍්ඛිණෙය්‍යො අඤ‍්ජලිකරණීයො අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සා”ති. සඞ‍්ඝං හි වො භික‍්ඛවෙ අනුස‍්සරතං යං භවිස‍්සති භයං වා ඡම‍්භිතත‍්තං වා ලොමහංසො වා සො පහීයිස‍්සති.

ඉදින් ධර්‍මය සිහි නො කරන්නහු නම්, එකල්හි “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුපටිපන්න ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ උජුපටිපන්න ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ ඤායපටිපන්නය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සාමිචිපටිපන්න ය. යම් මේ පුරුෂයුග සතරෙක් වේ ද, පුරුෂපුද්ගලයෝ අටදෙනෙක් වෙද්ද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ ආහුනෙය්‍ය ය, පාහුනෙය්‍ය ය, දක්ඛිණෙය්‍ය ය, අඤ්ජාලිකරණිය ය, ලෝකයාගේ නිරුත්තර පින්කේතය” යි සඞ්ඝයා සිහි කරව. මහණෙනි, සඞ්ඝයා සිහි කරන්නා වූ තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ ව යන්නේ ය.

තං කිස‍්ස හෙතු? තථාගතො හි භික‍්ඛවෙ අරහං සම‍්මාසම‍්බුද‍්ධො වීතරාගො වීතදොසො වීතමොහො අභීරු අච‍්ඡම‍්භී අනුත්‍රාසී අපලායීති.

ඒ කවර හෙයින? යත්: මහණෙනි, අර්‍හත් වූ සම්මාසම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ වනාහි පහ වූ රාග ඇත්තාහ. පහ වූ ද්වේෂ ඇත්තාහ. පහවූ මෝහ ඇත්තාහ. නොබානසුල්ල හ. නො තැතිගන්නා සුල්ලහ. ත්‍රස්තනොවන සුල්ලහ. පලානොයන සුල්ලහ. (එහෙයිනි.)

ඉදමවොච භගවා. ඉදං වත්‍වාන සුගතො අථාපරං එතදවොච සත්‍ථා:

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය වදාරා නැවත තෙල අන් ගාවැළ ද වදාළ සේක:

අරඤ‍්ඤෙ රුක‍්ඛමූලෙ වා සුඤ‍්ඤාගාරෙව භික‍්ඛවො, අනුස‍්සරෙථ සම‍්බුද‍්ධං භයං තුම‍්හාක නො සියා.

මහණෙනි, අරණ්‍යයෙහි දී හෝ රුක්මුල දී හෝ ශුන්‍යාගාරයෙහි දී හෝ බුදුරජානන් වහන්සේ සිහි කරන්නේ ය. (එවිට) තොපට බියෙක් නො වන්නේ ය.

නො චෙ බුද‍්ධං සරෙය්‍යාථ ලොකජෙට‍්ඨං නරාසභං, අථ ධම‍්මං සරෙය්‍යාථ නිය්‍යානිකං සුදෙසිතං.

ඉදින් ලෝකජේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේ සිහි නො කරන්නහු නම්, එකල්හි නෛර්‍ය්‍යාණික වූ සුදේශිත වූ ධර්‍මය සිහි කරන්නේ ය.

නො චෙ ධම‍්මං සරෙය්‍යාථ නිය්‍යානිකං සුදෙසිතං, අථ සඞ‍්ඝං සරෙය්‍යාථ පුඤ‍්ඤක‍්ඛෙත‍්තං අනුත‍්තරං.

ඉදින් නෛර්‍ය්‍යාණික වූ සුදේශිත වූ ධර්‍මය සිහි නො කරන්නහු නම්, එකල්හි නිරුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ සඞ්ඝයා ද සිහි කරන්නේ ය.

එවං බුද‍්ධං සරන‍්තානං ධම‍්මං සඞ‍්ඝඤ‍්ච භික‍්ඛවො, භයං වා ඡම‍්භිතත‍්තං වා ලොමහංසො න හෙස‍්සතීති.

මහණෙනි, මෙසේ බුදුරජානන් වහන්සේ ද, ධර්‍මය ද, සඞ්ඝයා ද සිහි කරන්නවුන්ට බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ නොවන්නේ ය යි.