වෙරොචනඅසුරින්‍දසුත‍්තං
11. 1. 8.
11. 1. 8.
වෙරොචනඅසුරින්‍දසුත‍්තං
වෙරොචන අසුරින්‍ද සූත්‍රය
254. සාවත්‍ථියං–
254. සැවැත්නුවර–
තෙන ඛො පන සමයෙන භගවා දිවාවිහාරගතො හොති පටිසල‍්ලීනො. අථ ඛො සක‍්කො ච දෙවානමින්‍දො වෙරොචනො ච අසුරින්‍දො යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා පච‍්චෙකං ද‍්වාරබාහං අට‍්ඨංසු. අථ ඛො වෙරොචනො අසුරින්‍දො භගවතො සන‍්තිකෙ ඉමං ගාථං අභාසි:
එකල්හි භාග්‍යවතුන් වහන්සේ දිවාවිහරණයට වැඩි සේක් පිළිසලන ඇතිසේක. ඉක්බිති සක්දෙවිඳු ද වෙරොචන අසුරිඳු ද භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිය හ. එළඹ වෙන වෙන ම දොරඹා ඇසුරු කොට සිටියහ. එකල්හි වෙරොචන අසුරිඳු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
වායමෙථෙව පුරිසො යාව අත්‍ථස‍්ස නිප‍්ඵදා, නිප‍්ඵන‍්නසොභිනො අත්‍ථා වෙරොචනවචො ඉදන‍්ති.
අර්‍ත්‍ථනිෂ්පත්තිය තෙක් පුරුෂ තෙමේ වෑයම් කරන්නේ ම ය. අර්‍ත්‍ථයෝ නිෂ්පත්තිය නිසා හොබනසුලු වෙත්. මේ වෙරොචන අසුරිඳුගේ බස යි.
[සක‍්කො:]
[සක්දෙවිඳු:]
වායමෙථෙව පුරිසො යාව අත්‍ථස‍්ස නිප‍්ඵදා, නිප‍්ඵන‍්නසොභිනො අත්‍ථා ඛන‍්ත්‍යා භිය්‍යො න විජ‍්ජතීති.
අර්‍ත්‍ථනිෂ්පත්තිය තෙක් පුරුෂ තෙමේ වෑයම් කරන්නේ ම ය. අර්‍ත්‍ථයෝ නිෂ්පත්තිය නිසා හොබනසුලු වෙත්. ඉවසීමට වඩා වැඩසිටි අරුතෙක් නැත. (මේ සක්දෙවිඳුගේ බසයි.)
[වෙරාචනො:]
[වෙරොචන:]
සබ‍්බෙ සත‍්තා අත්‍ථජාතා තත්‍ථ තත්‍ථ යථාරහං, සංයොගපරමාත්‍වෙව සම‍්භොගා සබ‍්බපාණිනං, නිප‍්ඵන‍්නසොභිනො අත්‍ථා වෙරොචනවචො ඉදන‍්ති.
සියලු සත්‍වයෝ ඒ ඒ තන්හි සුදුසු පරිද්දෙන් හටගත් කටයුතු ඇත්තෝ ය. සියලු සතුන්ගේ සම්භෝගයෝ සංයෝගය පරම කොට ඇත්තෝ ම ය. අර්‍ත්‍ථයෝ නිෂ්පත්තිය නිසා බබලනසුලු වෙත්. මේ වෙරොචන අසුරිඳුගේ බස යි.
[සක‍්කො:]
[සක්දෙවිඳු:]
සබ‍්බෙ සත‍්තා අත්‍ථජාතා තත්‍ථ තත්‍ථ යථාරහං, සංයොගපරමාත්‍වෙව සම‍්භොගා සබ‍්බපාණිනං, නිප‍්ඵන‍්නසොභිනො අත්‍ථා ඛන‍්ත්‍යා භිය්‍යො න විජ‍්ජතීති.
සියලු සත්‍වයෝ ඒ ඒ තන්හි සුදුසු පරිද්දෙන් හටගත් කටයුතු ඇත්තෝ ය. සියලු සතුන්ගේ සම්භෝගයෝ සංයෝගය පරම කොට ඇත්තාහු ම ය. අර්‍ත්‍ථයෝ නිෂ්පත්තිය නිසා හොබනාහු වෙත්. ඉවසීමට වඩා වැඩසිටි අරුතෙක් නැත. (මේ සක්දෙවිඳුගේ බසයි).