යෙදුමෙන් කියවන්න

අරඤ‍්ඤායතනඉසිසුත‍්තං

11. 1. 9.

11. 1. 9.

අරඤ‍්ඤායතනඉසිසුත‍්තං.

අරඤ්ඤායතනඉසී සූත්‍රය

255. සාවත්‍ථියං–

255. සැවැත්නුවර–

භූතපුබ‍්බං භික‍්ඛවෙ සම‍්බහුලා ඉසයො සීලවන‍්තො කල්‍යාණධම‍්මා අරඤ‍්ඤායතනෙ පණ‍්ණකුටීසු සම‍්මන‍්ති. අථ ඛො භික‍්ඛවෙ සක‍්කො ච දෙවානමින්‍දො වෙපචිත‍්ති ච අසුරින්‍දො යෙන තෙ ඉසයො සීලවන‍්තො කල්‍යාණධම‍්මා තෙනුපසඞ‍්කමිංසු.

මහණෙනි, පෙර වූවක් කියමි. සිල්වත් කලණදහම් ඇති බොහෝ රුසිහු වනසෙනසුනෙක පන්සල්හි වෙසෙත්. මහණෙනි, එකල්හි සක්දෙවිඳු ද වේපචිත්ති අසුරිඳු ද සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීන් වෙත එළඹිය හ.

අථ ඛො භික‍්ඛවෙ වෙපචිත‍්ති අසුරින්‍දො අටලියො උපාහනා ආරොහිත්‍වා ඛග‍්ගං ඔලග‍්ගෙත්‍වා ඡත‍්තෙන ධාරියමානෙන අග‍්ගද‍්වාරෙන අස‍්සමං පවිසිත්‍වා තෙ ඉසයො සීලවන‍්තෙ කල්‍යාණධම‍්මෙ අපබ්‍යාමතො කරිත්‍වා අතික‍්කමි.

මහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරිඳු කීප පටක් ඇති වහන් නැගී කඩුව එල්ලා ගෙණ දරණු ලබන ඡත්‍රයෙන් යුක්ත ව ප්‍රධාන දොරටුවෙන් අසපුවට පිවිස සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීන්ට නිගරු කොට නික්ම ගියේ ය.

අථ ඛො භික‍්ඛවෙ සක‍්කො දෙවානමින්‍දො අටලියො උපාහනා ඔරොහිත්‍වා ඛග‍්ගං අඤ‍්ඤෙසං දත්‍වා ඡත‍්තං අපනාමෙත්‍වා ද‍්වාරෙනෙව අස‍්සමං පවිසිත්‍වා තෙ ඉසයො සීලවන‍්තෙ කල්‍යාණධම‍්මෙ අනුවාතං පඤ‍්ජලිකො නමස‍්සමානො අට‍්ඨාසි. අථ ඛො භික‍්ඛවෙ තෙ ඉසයො සීලවන‍්තො කල්‍යාණධම‍්මා සක‍්කං දෙවානමින්‍දං ගාථාය අජ‍්ඣභාසිංසු:

මහණෙනි, ඉක්බිති සක්දෙව්රජ කීප පටක් ඇති වහනින් බැස කඩුව අන් කෙනකුන්ට දී ඡත්‍රය බහා තබා දොරින් ම අසපුවට පිවිස සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීන් නමදිමින් යටිසුළඟෙහි බැඳැදිලි ව සිටියේ ය. මහණෙනි, එකල්හි සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීහු සක්දෙවිඳුහට ගාථායෙන් කීහ.

ගන්‍ධො ඉසීනං චිරදික‍්ඛිතානං කායා චුතො ගච‍්ඡති මාලුතෙන, ඉතො පටික‍්කම සහස‍්සනෙත‍්ත ගන්‍ධො ඉසීනං අසුචි දෙවරාජාති.

බොහෝ කලක් මුළුල්ලෙහි සමාදන් වූ ව්‍රත ඇති ඍෂීන්ගේ කයින් ච්‍යුත වූ (සිරුරු) ගඳ සුළගින් හමයි. ශක්‍රය, මෙයින් ඉවත් වව. දෙව්රජ, ඍෂීන්ගේ (සිරුරු) ගඳ අපවිත්‍ර ය.

ගන්‍ධො ඉසීනං චිරදික‍්ඛිතානං කායා චුතො ගච‍්ඡතු මාලුතෙන, සුචිත්‍රපුප‍්ඵං සිරස‍්මිං ව මාලං ගන්‍ධං එතං පටිකඞ‍්ඛාම භන‍්තෙ, න හෙත්‍ථ දෙවා පටිකූලසඤ‍්ඤිනොති.

බොහෝ කලක් මුළුල්ලෙහි සමාදන් වූ ව්‍රත ඇති ඍෂීන්ගේ කයින් ච්‍යුත වූ (සිරුරු) ගඳ සුළගින් හමාවා. වහන්ස, මේ ගඳ හිසෙහි (පළඳනා ලද) විසිතුරු කුසුම් ඇති මල්දමක් මෙන් කැමැත්තමු. දෙවියෝ මෙහි පිළිකුල් ය යන හැඟීම් ඇත්තෝ නො ම වෙත්.