12. ආළවකසුත්තවණ්ණනා අට්ඨකථා
12. ආළවකසුත්තවණ්ණනා
12. ආළවක සූත්‍ර වර්ණනාව
ද්වාදසමෙ ආළවියන්ති ආළවීති තං රට්ඨම්පි නගරම්පි. තඤ්ච භවනං නගරස්ස අවිදූරෙ ගාවුතමත්තෙ ඨිතං. භගවා තත්ථ විහරන්තො තං නගරං උපනිස්සාය ආළවියං විහරතීති වුත්තො. ආළවකස්ස යක්ඛස්ස භවනෙති එත්ථ පන අයමනුපුබ්බිකථා –
දොළොස් වැන්නේ - ආළවියං ආළවි යනු ඒ රටත් නගරයත් (වේ); ඒ භවනය නගරයට නො දුරේ ගව්වක් පමණ වූ තැන පිහිටියේ භාග්‍යවතුන් වහන්සේ එහි වසන සේක. ඒ නගරය ඇසුරු කොට ගෙන ආළවියෙහි වසති යි කියන ලදි. ආළවකස්ස යක්ඛස්ස භවනෙ මෙහි අනුපූර්ව කථාව මෙය යි:
ආළවකො කිර රාජා විවිධනාටකූපභොගං ඡඩ්ඩෙත්වා චොරපටිබාහනත්ථං පටිරාජනිසෙධනත්ථං බ්යායාමකරණත්ථඤ්ච සත්තමෙ සත්තමෙ දිවසෙ මිගවං ගච්ඡන්තො එකදිවසං බලකායෙන සද්ධිං කතිකං අකාසි – “යස්ස පස්සෙන මිගො පලායති, තස්සෙව සො භාරො”ති. අථ තස්සෙව පස්සෙන මිගො පලායි, ජවසම්පන්නො රාජා ධනුං ගහෙත්වා පත්තිකොව තියොජනං තං මිගං අනුබන්ධි. එණිමිගා ච තියොජනවෙගා එව හොන්ති. අථ පරික්ඛීණජවං තං උදකං විය පවිසිත්වා ඨිතං වධිත්වා ද්විධා ඡෙත්වා අනත්ථිකොපි මංසෙන “නාසක්ඛි මිගං ගහෙතු”න්ති අපවාදමොචනත්ථං කාජෙනාදාය ආගච්ඡන්තො නගරස්සාවිදූරෙ බහලපත්තපලාසං මහානිග්රොධං දිස්වා පරිස්සමවිනොදනත්ථං තස්ස මූලමුපගතො. තස්මිඤ්ච නිග්රොධෙ ආළවකො යක්ඛො මහාරාජසන්තිකා භවනං ලභිත්වා මජ්ඣන්හිකසමයෙ තස්ස රුක්ඛස්ස ඡායාය ඵුට්ඨොකාසං පවිට්ඨෙ පාණිනො ඛාදන්තො පටිවසති. සො තං දිස්වා ඛාදිතුං උපගතො. රාජා තෙන සද්ධිං කතිකං අකාසි – “මුඤ්ච මං, අහං තෙ දිවසෙ දිවසෙ මනුස්සඤ්ච ථාලිපාකඤ්ච පෙසෙස්සාමී”ති. යක්ඛො – “ත්වං රාජූපභොගෙන පමත්තො න සරිස්සසි, අහං පන භවනං අනුපගතඤ්ච අනනුඤ්ඤාතඤ්ච ඛාදිතුං න ලභාමි, ස්වාහං භවන්තම්පි ජීයෙය්ය”න්ති න මුඤ්චි. රාජා “යං දිවසං න පෙසෙමි, තං දිවසං මං ගහෙත්වා ඛාදා”ති අත්තානං අනුජානිත්වා තෙන මුත්තො නගරාභිමුඛො අගමාසි.
ආලවක රජතුමා නොයෙක් නෘත්‍ය සම්පත් හැර දමා සොරුන් වැළැක්වීම පිණිසත්, විරුද්ධ රජවරුන් වැළැක්වීම පිණිසත් ව්‍යායාම කිරීම පිණිසත්, සත් වැනි සත් වැනි දවස්වල මුව දඩයමේ යන්නේ, එක් දිනක් සේනාව සමග කථිකාවක් කර ගත්තේ ය. යම් කෙනෙකුගේ පැත්තෙන් මුවා පැන යයි ද ඔහුට ම එය භාර ය. ඉක්බිති ඔහුගේ ම පැත්තෙන් මුවා පැන දිවී ය. රජතුමා ජවසම්පන්න වූයේ දුන්න ගෙන පයින් ම යොදුන් තුන්ක ඒ මුවා ලුහු බැන්දේ ය. ඒණි මුවෝ ද යොදුන් තුනක් (දක්වා වූ) වේග ඇත්තෝ ය. ඉක්බිති පිරිහුණු ජවය ඇති, ජලය ඇති තැනකට පැමිණ සිටි ඒ මුවා මරා දෙකට කපා, මසින් තමාට වැඩක් නොමැති වුවත්, මුවා ගෙන ඒමට නො හැකි විය යන අපවාදයෙන් මිදීම පිණිස කදකින් ගෙන පැමිණෙන්නේ නගරය ආසන්නයේ බොහෝ පත්‍රවලින් සමන්විත මහත් නුග ගසක් දැක වෙහෙස නිවා ගැනීම පිණිස එහි මුලට පැමිණියේ ය. ඒ නුග ගසේ ආළවක යක්ෂයා මහරජු සමීපයෙහි භවනක් ලැබ මද්දහන වේලාවෙහි ඒ රුක් සෙවනෙහි පහස ලත් තැනට පැමිණි සතුන් අනුභව කරමින් වාසය කරයි. හේ ඔහු (රජතුමා) දැක කෑමට ළඟට පැමිණියේ ය. රජතුමා ඔහු හා කථිකාවක් කරගත්තේ ය. “මා මුදව, මම තොපට දවස දවස මිනිසෙකුත් සැළි බතකුත් එවන්නෙමි” යක්ෂයා, “ඔබ රජ සැපතින් ප්‍රමාද වූයේ සිහි නො කරන්නෙහි. මම භවනයට නො පැමිණි හා අනුමතිය නො ලත් කිසිවෙකුත් කෑමට නො ලබමි. ඒ මම ඔබ ද අත් හරින්නෙමි’යි මුදා නො හළේ ය. රජතුමා, ‘යම් දවසක නො එවන්නෙම් ද ඒ දවස මා අනුභව කරවයි තමා අනුදැන ඔහු විසින් මුදා හරින ලද්දේ නගරාභිමුඛ ව ගියේ ය.
බලකායො මග්ගෙ ඛන්ධාවාරං බන්ධිත්වා ඨිතො රාජානං දිස්වා, “කිං, මහාරාජ, අයසමත්තභයා එවං කිලන්තොසී”ති? වදන්තො පච්චුග්ගන්ත්වා පටිග්ගහෙසි. රාජා තං පවත්තිං අනාරොචෙත්වා නගරං ගන්ත්වා කතපාතරාසො නගරගුත්තිකං ආමන්තෙත්වා එතමත්ථං ආරොචෙසි. නගරගුත්තිකො – “කිං, දෙව, කාලපරිච්ඡෙදො කතො”ති ආහ? න කතො භණෙති. දුට්ඨු කතං, දෙව, අමනුස්සා හි පරිච්ඡින්නමත්තමෙව ලභන්ති, අපරිච්ඡින්නෙ පන ජනපදස්සාබාධො භවිස්සති, හොතු දෙව, කිඤ්චාපි එවමකාසි, අප්පොස්සුක්කො ත්වං රජ්ජසුඛමනුභොහි, අහමෙත්ථ කාතබ්බං කරිස්සාමීති. සො කාලස්සෙව වුට්ඨාය බන්ධනාගාරද්වාරෙ ඨත්වා යෙ යෙ වජ්ඣා හොන්ති, තෙ තෙ සන්ධාය “යො ජීවිතත්ථිකො, සො නික්ඛමතූ”ති භණති. යො පඨමං නික්ඛමති, තං ගෙහං නෙත්වා න්හාපෙත්වා භොජෙත්වා ච “ඉමං ථාලිපාකං යක්ඛස්ස දෙහී”ති පෙසෙති. තං රුක්ඛමූලං පවිට්ඨමත්තංයෙව යක්ඛො භෙරවං අත්තභාවං නිම්මිනිත්වා මූලකන්දං විය ඛාදි. යක්ඛානුභාවෙන කිර මනුස්සානං කෙසාදීනි උපාදාය සකලසරීරං නවනීතපිණ්ඩං විය හොති, යක්ඛස්ස භත්තං ගාහාපෙතුං ගතපුරිසා තං දිස්වා භීතා යථාමිත්තං ආරොචෙසුං. තතො පභුති “රාජා චොරෙ ගහෙත්වා යක්ඛස්ස දෙතී”ති මනුස්සා චොරකම්මතො පටිවිරතා. තතො අපරෙන සමයෙන නවචොරානං අභාවෙන පුරාණචොරානඤ්ච පරික්ඛයෙන බන්ධනාගාරානි සුඤ්ඤානි අහෙසුං.
බල සේනාව මග කඳවුරු බැඳ සිටියාහු රජතුමා දැක, ‘කිම මහරජ’ හුදු අයශ (අපකීර්ති) බයින් මෙසේ වෙහෙස වන්නාහු දැයි කියමින් ඉදිරියට ගොස් පිළිගත්හ. රජතුමා එපවත් නො දක්වා නගරයට ගොස් උදය බත අනුභව කොට නගරාරක්ෂකයා කැඳවා මේ කරුණ පැවසී ය. නගරාරක්ෂකයා, “කිම රජතුමනි, කාලපරිච්ඡේදයක් වෙන් කරන ලද දැයි විමසී ය. නො කරන ලදැයි කියයි. නුසුදුස්සක් කර ඇත. මහරජ, අමනුෂ්‍යයෝ හුදු වෙන් කරනු ලැබූවක් ම ලබත්; වෙන් නො කළ කල්හි ජනපදයට හිරිහැර වන්නේ ය. ‘දේවයිනි. වේවා! අල්පෝත්සුක වී එසේ කළේ වුව ද ඔබ වහන්සේ රජ සැප විඳිනු මැනවි. මම මෙහි දී කළ යුත්ත කරන්නෙමි’ හේ කල් ඇති ව නැගිට, බන්ධනාගාර දොරටුවෙන් සිට යමයෙම් කෙෙනක් මරණ දඬුවම ලැබිය යුත්තෙක් වෙත් ද, ඒ ඒ අයට “යමෙක් ජීවත් වීමට කැමැත්තේ නම් එළියට එවු” යි කියයි. කිසිවෙක් පළමු ව පිට වේ නම් ඔහු නිවසට ගෙන ගොස් නාවා කන්නට දී, “මේ බත් හැළිය යකුට දෙව” යි (කියා) යවයි. ඔහු රුක් මුලට පිවිසි සැණින් ම යක්ෂයා බිරම් සිරුරක් මවා අලයක් මෙන් (ඔහු) කා දමයි. යක්ෂානුභාවයෙන් මනුෂ්‍යයන්ගේ කෙස් ආදිය නිසා මුළු ශරීරය ම වෙඬරු පිඩක් මෙන් වෙයි. යකුට බත් රැගෙන ගිය මිනිස්සු එය දැක බියට පත් වූවෝ ඒ බැව් මිතුරනට දැන්වූහ. එතැන් පටන්, රජතුමා සොරුන් ගෙන යකුට දෙති යි මිනිස්සු සොරකමින් වැළකුණහ. එයින් පසු කලක අළුත් සොරුන් නො මැති බැවිනුත් පෙර සොරුන් අඩුවීම නිසාත් බන්ධනාගාර හිස් විය.
අථ නගරගුත්තිකො රඤ්ඤො ආරොචෙසි. රාජා අත්තනො ධනං නගරරච්ඡාසු ඡඩ්ඩාපෙසි “අප්පෙව නාම කොචි ලොභෙන ගණ්හෙය්යා”ති. තං පාදෙනපි කොචි නච්ඡුපි. සො චොරෙ අලභන්තො අමච්චානං ආරොචෙසි. අමච්චා “කුලපටිපාටියා එකමෙකං ජිණ්ණකං පෙසෙම, සො පකතියාපි මච්චුපථෙ වත්තතී”ති ආහංසු. රාජා “අම්හාකං පිතරං අම්හාකං පිතාමහං පෙසෙතීති මනුස්සා ඛොභං කරිස්සන්ති, මා වො එතං රුච්චී”ති වාරෙසි. “තෙන හි, දෙව, දාරකං පෙසෙම උත්තානසෙය්යකං, තථාවිධස්ස හි ‘මාතා මෙ’ති ‘පිතා මෙ’ති සිනෙහො නත්ථී”ති ආහංසු. රාජා අනුජානි. තෙ තථා අකංසු. නගරෙ දාරකමාතරො ච දාරකෙ ගහෙත්වා ගබ්භිනියො ච පලායිත්වා පරජනපදෙ දාරකෙ සංවඩ්ඪෙත්වා ආනෙන්ති. එවං ද්වාදස වස්සානි ගතානි.
ඉක්බිති නගරාරක්ෂකයා රජුට මේ බැව් දැන්වී ය. රජු තම ධනය නගරයේ වීදිවල දැම්මවී ය.” (කැමැති) කෙනෙකු ලෝභයෙන් ගත හොත් මැනවි,” කිසිවෙක් පයින් වත් ගැසුවේ නැත. හේ සොරුන් නො ලබන්නේ ඇමතිවරුනට දැන්වී ය. අමාත්‍යවරු “පවුල් පිළිවෙලින් එක් එක් මහල්ලෙකු යවමු. ඔහු ස්වභාවයෙන් ම මරණ මාවතේ සිටින්නෙකි’ යි කීහ. රජතුමා, “අපේ පියා අපේ සීයා යවතියි මිනිස්සු කලබල කරන්නාහු ය, එය නො රුස්සව’ යි වැළැක්වී ය. එසේ නම් දේවයන් වහන්ස, උඩුකුරු ව නිදන ළදරුවකු යවමු. එබන්දකු හට මගේ මව, මගේ පියා යි ස්නේහයක් නැත’යි කීහ. රජතුමා අනුමැතිය දුන්නේ ය. ඔවුහු එසේ කළහ. නගරයෙහි දරුවන් ගෙන දරු මව්වරු ද ගර්භිනීහු ද පැන ගොස් වෙනත් ජනපදවල දරුවන් සාදාගෙන එත්. මෙසේ දොළොස් වසක් ගෙවිණි.
තතො එකදිවසං සකලනගරං විචිනිත්වා එකම්පි දාරකං අලභිත්වා අමච්චා රඤ්ඤො ආරොචෙසුං – “නත්ථි, දෙව, නගරෙ දාරකො ඨපෙත්වා අන්තෙපුරෙ තව පුත්තං ආළවකකුමාර”න්ති. රාජා “යථා මම පුත්තො පියො, එවං සබ්බලොකස්ස, අත්තනා පන පියතරං නත්ථි, ගච්ඡථ තම්පි දත්වා මම ජීවිතං රක්ඛථා”ති.
ඉන්පසු දිනක් මුළු නගරය ම පරීක්ෂා කොට එක ම දරුවකු හෝ නො ලැබ රජුට දැන්වූහ. දේවයිනි, ඇතුළු නුවර ඔබ වහන්සේගේ පුත් ආළවක කුමාරයා හැර වෙනත් දරුවෙකු නැත. රජතුමා “යම් සේ මගේ පුත්‍රයා ප්‍රිය වේ ද එසේ ම සියලු ලෝකයාට තමාට වැඩි ප්‍රියයකු නැත. යව්, ඔහු හෝ දී මගේ ජීවිතය ආරක්ෂාව කරවු” යි (කී ය).
තෙන ච සමයෙන ආළවකස්ස මාතා පුත්තං න්හාපෙත්වා මණ්ඩෙත්වා දුකූලචුම්බටකෙ කත්වා අඞ්කෙ සයාපෙත්වා නිසින්නා හොති. රාජපුරිසා රඤ්ඤො ආණාය තත්ථ ගන්ත්වා විප්පලපන්තියා තස්සා සොළසන්නඤ්ච දෙවිසහස්සානං සද්ධිං ධාතියා තං ආදාය පක්කමිංසු, “ස්වෙ යක්ඛභක්ඛො භවිස්සතී”ති.
ඒ වේලාවෙහි ආළවක කුමාරයාගේ මව පුතා නාවා සරසා රෙදි දරණුවේ ඔතා ඇකයෙහි නිදි කරවා සිටින්නී ය. රාජ පුරුෂයෝ රජුගේ අණින් එහි ගොස් දොළොස් දහසක් දේවීන්ගේ කිරි මව් ද සමග වැළපෙන ඇගෙන් ඔහු රැගෙන, හෙට යක්ෂයාගේ ආහාරය වන්නේ යයි පිටත් ව ගියහ.
තංදිවසඤ්ච භගවා පච්චූසසමයං පච්චුට්ඨාය ජෙතවනවිහාරෙ ගන්ධකුටියං මහාකරුණාසමාපත්තිං සමාපජ්ජිත්වා බුද්ධචක්ඛුනා ලොකං ඔලොකෙන්තො අද්දස ආළවකස්ස කුමාරස්ස අනාගාමිඵලුප්පත්තියා උපනිස්සයං යක්ඛස්ස ච සොතාපත්තිඵලුප්පත්තියා, දෙසනාපරියොසානෙ ච චතුරාසීතිපාණසහස්සානං ධම්මචක්ඛුපටිලාභස්සාති. සො විභාතාය රත්තියා පුරිමභත්තකිච්චං කත්වා සුනිට්ඨිතපච්ඡාභත්තකිච්චො කාළපක්ඛූපොසථදිවසෙ වත්තමානෙ ඔග්ගතෙ සූරියෙ එකො අදුතියො පත්තචීවරමාදාය පාදමග්ගෙනෙව සාවත්ථිතො තිංස යොජනානි ගන්ත්වා තස්ස යක්ඛස්ස භවනං පාවිසි. තෙන වුත්තං “ආළවකස්ස යක්ඛස්ස භවනෙ”ති.
එදින භාග්‍යවතුන් වහන්සේ උදෑසන අවදිව ජේතවන විහාරයෙහි මහ ගඳ කිළියෙහි මහා කරුණා සමාපත්තියට සම වැද බුදු ඇසින් ලොව බලන සේක්, ආළවක කුමාරයාගේ අනාගාමි ඵලයට පැමිණීමේ හා යක්ෂයාගේ සෝවාන් ඵලයෙහි පිහිටීමේ හේතුවාසනාවත්, දේශනාවසානයේ අසූ හාර දහසක් ප්‍රාණීන්ගේ ධර්ම චක්ෂු ප්‍රතිලාභයත් දුටු සේක. උන් වහන්සේ රැය පහන් වීමෙන් පසු ව පෙර බත් කිස නිමවා මැනවින් නිමවන ලද පසු බත් කිස ද ඇති සේක, කළුවර පස උපවස් දිනයෙහි හිරු බැස ගිය කල්හි. හුදෙකලා ව ම දෙවැන්නෙකු රහිත ව ම - පා-සිවුරු ගෙන පා ගමනින් ම සැවැත් නුවරින් තිස් යොදුනක් ගොස් ඒ යකුගේ භවනයට පිවිසි සේක. එහෙයින් ආළවකස්ස යක්ඛස්ස භවනෙ’යි කියන ලදි.
කිං පන භගවා යස්මිං නිග්රොධෙ ආළවකස්ස භවනං, තස්ස මූලෙ විහාසි, උදාහු භවනෙයෙවාති? භවනෙයෙව. යථෙව හි යක්ඛා අත්තනො භවනං පස්සන්ති, තථා භගවාපි. සො තත්ථ ගන්ත්වා භවනද්වාරෙ අට්ඨාසි. තදා ආළවකො හිමවන්තෙ යක්ඛසමාගමං ගතො හොති. තතො ආළවකස්ස ද්වාරපාලො ගද්රභො නාම යක්ඛො භගවන්තං උපසඞ්කමිත්වා වන්දිත්වා, “කිං, භන්තෙ, භගවා විකාලෙ ආගතො”ති ආහ. ආම, ගද්‍රභ, ආගතොම්හි, සචෙ තෙ අගරු, විහරෙය්යාමෙකරත්තං ආළවකස්ස භවනෙති. න මෙ, භන්තෙ, ගරු, අපිච ඛො සො යක්ඛො කක්ඛළො ඵරුසො, මාතාපිතූනම්පි අභිවාදනාදීනි න කරොති, මා රුච්චි භගවතො ඉධ වාසොති. ජානාමි, ගද්‍රභ, තස්ස සභාවං, න කොචි මමන්තරායො භවිස්සති. සචෙ තෙ අගරු, විහරෙය්යාමෙකරත්තන්ති.
කිම, ආළවක යක්ෂයාගේ භවනය යම් නුග රුකක වී ද? භාග්‍යවතුන් වහන්සේ එහි මුල වැඩ සිටි සේක් ද? නැතහොත් (යක්ෂ) භවනයෙහි ම ද? භවනයෙහි ම ය. යම් සේ යක්ෂයෝ තම භවන දකිද්ද භාග්‍යවතුන් වහන්සේ ද එලෙස (සිටි සේක). උන් වහන්සේ එහි ගොස් භවන දොරටුවෙහි සිට ගත්හ. එකල්හි ආළවක හිමවතෙහි යක්ෂ සමාගමට ගියේ වේ. ඉක්බිති ආළවකගේ දොරටු පාල ‘ගද්‍රභ’ නම් යක්ෂයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, තමා අවේලාවේ පැමිණියහු දැයි විමසී ය. “ගද්‍රභය, ඔව් පැමිණියෙමි. ඉදින් ඔබට බරක් නො වන්නේ නම් ආලවකගේ භවනයෙහි එක් රැයක් වසන්නෙම් ද?” “ස්වාමීනි, මට බරක් නැත. එසේ වුවත් ඒ යක්ෂයා කර්කෂය, පරුෂය, මව් පියාදීන්ට වත් වැඳීම් ආදියක් නො කරයි. භාග්‍යවතුන් වහන්සේට මෙහි වාසය රුචි නො වේවා” “ගද්‍රභය, ඔහුගේ ස්වභාවය දනිමි. මට කිසි අනතුරක් නො වන්නේ ය. ඉදින් ඔබට බරක් නො වන්නේ නම් එක් රැයක් හිඳින්නෙමි’යි.
දුතියම්පි ගද්රභො යක්ඛො භගවන්තං එතදවොච – “අග්ගිතත්තකපාලසදිසො, භන්තෙ, ආළවකො, මාතාපිතරොති වා සමණබ්රාහ්මණාති වා ධම්මොති වා න ජානාති, ඉධාගතානං පන චිත්තක්ඛෙපම්පි කරොති, හදයම්පි ඵාලෙති, පාදෙපි ගහෙත්වා පරසමුද්දං වා පරචක්කවාළං වා ඛිපතී”ති. දුතියම්පි භගවා ආහ – “ජානාමි, ගද්‍රභ, සචෙපි තෙ අගරු, විහරෙය්යාමෙකරත්ත”න්ති. න මෙ, භන්තෙ, ගරු, අපිච ඛො සො යක්ඛො අත්තනො අනාරොචෙත්වා අනුජානන්තං මං ජීවිතාපි වොරොපෙය්ය, ආරොචෙමි, භන්තෙ, තස්සාති. යථාසුඛං, ගද්‍රභ, ආරොචෙහීති. “තෙන හි, භන්තෙ, ත්වමෙව ජානාහී”ති භගවන්තං අභිවාදෙත්වා හිමවන්තාභිමුඛො පක්කාමි. භවනද්වාරම්පි සයමෙව භගවතො විවරමදාසි. භගවා අන්තොභවනං පවිසිත්වා යත්ථ අභිලක්ඛිතෙසු මඞ්ගලදිවසාදීසු නිසීදිත්වා ආළවකො සිරිං අනුභොති, තස්මිංයෙව දිබ්බරතනමයෙ පල්ලඞ්කෙ නිසීදිත්වා සුවණ්ණාභං මුඤ්චි. තං දිස්වා යක්ඛස්ස ඉත්ථියො ආගන්ත්වා භගවන්තං වන්දිත්වා සම්පරිවාරෙත්වා නිසීදිංසු. භගවා “පුබ්බෙ තුම්හෙ දානං දත්වා සීලං සමාදියිත්වා පූජනෙය්යං පූජෙත්වා ඉමං සම්පත්තිං පත්තා, ඉදානිපි තථෙව කරොථ, මා අඤ්ඤමඤ්ඤං ඉස්සාමච්ඡරියාභිභූතා විහරථා”තිආදිනා නයෙන තාසං පකිණ්ණකධම්මකථං කථෙසි. තා භගවතො මධුරනිග්ඝොසං සුත්වා සාධුකාරසහස්සානි දත්වා භගවන්තං සම්පරිවාරෙත්වා නිසීදිංසුයෙව.
දෙවන වරට ද ගද්‍රභ යක්ෂයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කී ය: “ස්වාමීනි, ආළවක හිස ගිනිගත්තෙකු මෙනි. මව් පියන් කියා හෝ ශ්‍රමණ බ්‍රාහ්මණයන් කියා හෝ ධර්මය කියා හෝ නො දනියි. මෙහි පැමිණියවුන්ගේ සිත විප්‍රකාර ද කරයි. හදවත පවා පලයි. පාවලින් ගෙන සමුද්‍ර පරතෙර හෝ පරසක්වල හෝ ගසයි” දෙවනුවත් බුදුන් වහන්සේ පැවසූහ: ‘ගද්‍රභය දනිමි. ඉදින් ඔබට බරක් නැත්නම් එක් රැයක් ගත කරන්නෙමි’ “ස්වාමීනි, මට බරක් නැත. එසේ වුවත් ඒ යක්ෂයා තමාට නොදන්වා (මීට) අනුදන්නා වූ මා ජීවිතයෙන් තොර කරනු ඇත. ස්වාමීනි, ඔහුට දන්වමි.” “ගද්‍රභය, කැමති පරිදි දන්වව” “ස්වාමීනි, එසේ නම් (කළ යුත්ත) ඔබ වහන්සේ ම දන්නා මැනවි” යි බුදුන් වහන්සේට වැඳ හිමවත් දෙසට ගියේ ය. භවනයෙහි දොර තමා ම (ඉබේ ම) බුදුන් වහන්සේට විවෘත කර දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ භවන ඇතුළට පිවිස නියම කරන ලද මංගල දිනය ආදියෙහි හිඳ ආළවක තෙම සිරිය විඳියි ද ඒ දිව්යරත්නමය පර්යංකයෙහි ම හිඳ ස්වර්ණ ආලෝකයක් මුදා හළ සේක. ඒ දැක යක්ෂයාගේ ස්ත්‍රීහු පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ පිරිවරා හිඳ ගත්හ. භාග්‍යවතුන් වහන්සේ, ‘පෙර ඔබලා දන් දී සිල් සමාදන් වී පිදිය යුත්තන් පුදා මේ සැපතට පත් වූවහු ය. දැනුදු එසේ ම කරව්. එකිනෙකා ඊර්ෂ්‍යා මාත්සර්යයෙන් මැඩී නො හැසිරෙව්” ආදි ක්‍රමයෙන් ඔවුනට ප්රකීර්ණක ධර්ම කථා පැවැත්වූ සේක. ඔවුහු බුදුන් වහන්සේගේ මිහිරි හඬ අසා දහස් ගණන් සාධුකාර දී භාග්‍යවතුන් වහන්සේ පිරිවරා හිඳ ගත්තාහු ම ය.
ගද්රභොපි හිමවන්තං ගන්ත්වා ආළවකස්සාරොචෙසි – “යග්ඝෙ, මාරිස, ජානෙය්යාසි විමානෙ තෙ භගවා නිසින්නො”ති. සො ගද්රභස්ස සඤ්ඤං අකාසි “තුණ්හී හොහි, ගන්ත්වා කත්තබ්බං කරිස්සාමී”ති. පුරිසමානෙන කිර ලජ්ජිතො අහොසි, තස්මා “මා කොචි පරිසමජ්ඣෙ සුණෙය්යා”ති එවමකාසි.
ගද්‍රභ ද හිමවතට ගොස් ආළවකට දැන්වී ය. “නිදුකාණනි,’ ඔබගේ විමානයෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිති’යි දැනගනු මැනවි” හෝ ගද්‍රභට සංඥාවක් කළේ ය. “නිශ්ශබ්ද වෙව, ගොස් කළ යුතු දේ කරන්නෙමි” පුරුෂ මානයෙන් ලජ්ජාවට පත්වූයේ විය. එහෙයින් පිරිස මැද කිසිවෙකු නො අසතැයි එසේ කළේ ය.
තදා සාතාගිරහෙමවතා භගවන්තං ජෙතවනෙයෙව වන්දිත්වා “යක්ඛසමාගමං ගමිස්සාමා”ති සපරිවාරා නානායානෙහි ආකාසෙන ගච්ඡන්ති. ආකාසෙ ච යක්ඛානං සබ්බත්ථ මග්ගො නත්ථි, ආකාසට්ඨානි විමානානි පරිහරිත්වා මග්ගට්ඨානෙනෙව මග්ගො හොති. ආළවකස්ස පන විමානං භූමට්ඨං සුගුත්තං පාකාරපරික්ඛිත්තං සුසංවිහිතද්වාරඅට්ටාලකගොපුරං උපරි කංසජාලසඤ්ඡන්නං මඤ්ජූසසදිසං තියොජනං උබ්බෙධෙන, තස්ස උපරි මග්ගො හොති. තෙ තං පදෙසමාගම්ම ගන්තුං නාසක්ඛිංසු. බුද්ධානං හි නිසින්නොකාසස්ස උපරිභාගෙන යාව භවග්ගා කොචි ගන්තුං න සක්කොති. තෙ “කිමිද”න්ති? ආවජ්ජෙත්වා භගවන්තං දිස්වා ආකාසෙ ඛිත්තලෙඩ්ඩු විය ඔරුය්හ වන්දිත්වා ධම්මං සුත්වා පදක්ඛිණං කත්වා, “යක්ඛසමාගමං ගච්ඡාම භගවා”ති තීණි වත්ථූනි පසංසන්තා යක්ඛසමාගමං අගමංසු. ආළවකො තෙ දිස්වා, “ඉධ නිසීදථා”ති පටික්කම්ම ඔකාසමදාසි. තෙ ආළවකස්ස නිවෙදෙසුං – “ලාභා තෙ, ආළවක, යස්ස තෙ භවනෙ භගවා විහරති, ගච්ඡාවුසො, භගවන්තං පයිරුපාසස්සූ”ති. එවං භගවා භවනෙයෙව විහාසි, න යස්මිං නිග්රොධෙ ආළවකස්ස භවනං, තස්ස මූලෙති. තෙන වුත්තං – “එකං සමයං භගවා ආළවියං විහරති ආළවකස්ස යක්ඛස්ස භවනෙ”ති.
එකල්හි සාතාගිර හේමවත (දෙදෙනා) භාග්‍යවතුන් වහන්සේ ජේතවනයෙහි දී ම වැඳ යක්ෂ සමාගමට යන්නෙමු යි පිරිවර සහිත ව නොයෙක් යානවලින් අහසින් යති. අහසෙහි ද යක්ෂයන්ගේ මාර්ග සැම තැන ම නැත. ආකාශගත විමානයන් ආරක්ෂා කර (යා යුතු) (තැනින්) මාර්ගය වේ. ආළවකගේ විමානය බිම (පොළොවේ) පිහිටියකි, මැනවින් ආරක්ෂිත ය. ප්රාකාරවලින් වටවී ය. මැනවින් සකස් කරන ලද දොර - අට්ටාල - නුවර දොරටු සහිත ය, මුදුනෙහි රන් දැලකින් වසන ලද මඤ්ජුසයක් (පැසක්) මෙනි. උසින් යොදුන් තුනකි. එහි ඉහළින් මගක් ඇත. ඔවුහු එම පෙදෙසට පැමිණ යන්නට නො හැකි වූවාහු ය. බුදුන් වහන්සේලා වැඩ සිටින අවකාශයෙහි ඉහළින් යාමට භවාග්‍රය දක්වා කිසිවෙක් සමත් නො වේ. ඔවුහු මේ කිම් දැයි විමසා භාග්‍යවතුන් වහන්සේ දැක අහසට විසි කළ දර කොට මෙන් බැස වැඳ දහම් අසා පැදකුණු කොට භාග්‍යවතුන් වහන්ස, යක්ෂ සමාගමට යමු’යි වස්තු තුන ප්‍රශංසා කරමින් යක්ෂ සමාගමට ගියහ. ආළවක තෙම ඔවුන් දැක මෙහි හිඳ ගන්නැයි පසු පසට ගොස් ඉඩ ලබා දුන්නේ ය. ඔවුහු ආළවකයාට “ආළවකය, ඔබට ලාභයකි. ඔබගේ භවනයෙහි භාග්‍යවතුන් වහන්සේ වෙසෙති. ආයුෂ්මතුනි, යන්න, භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කල මැනවැයි දැන්වූහ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ භවනයෙහි ම වැඩ විසූහ. යම් නුග ගසෙක ආළවකගේ භවනය වී ද එහි මුල නො වේ. එහෙයින් කියන ලදි: ‘එකං සමයං භගවා ආළවියං විහරති ආළවකස්ස යක්ඛස්ස භවනෙ’ යි.
අථ ඛො ආළවකො…පෙ… එතදවොච – “නික්ඛම, සමණා”ති කස්මා පනායං එතදවොච? රොසෙතුකාමතාය. තත්රෙවං ආදිතො පභුති සම්බන්ධො වෙදිතබ්බො – අයං හි යස්මා අස්සද්ධස්ස සද්ධාකථා දුක්කථා හොති දුස්සීලාදීනං සීලාදිකථා විය, තස්මා තෙසං යක්ඛානං සන්තිකා භගවතො පසංසං සුත්වායෙව අග්ගිම්හි පක්ඛිත්තලොණසක්ඛරා විය අබ්භන්තරෙ කොපෙන තටතටායමානහදයො හුත්වා “කො සො භගවා නාම, යො මම භවනං පවිට්ඨො”ති ආහ. තෙ අහංසු – “න ත්වං, ආවුසො, ජානාසි භගවන්තං අම්හාකං සත්ථාරං, යො තුසිතභවනෙ ඨිතො පඤ්චමහාවිලොකිතං විලොකෙත්වා”තිආදිනා නයෙන යාව ධම්මචක්කපවත්තනා කථෙන්තා පටිසන්ධිආදීසු ද්වත්තිංස පුබ්බනිමිත්තානි වත්වා, “ඉමානිපි ත්වං, ආවුසො, අච්ඡරියානි නාද්දසා”ති? චොදෙසුං. සො දිස්වාපි කොධවසෙන “නාද්දස”න්ති ආහ. ආවුසො ආළවක, පස්සෙය්යාසි වා ත්වං, න වා, කො තයා අත්ථො පස්සතා වා අපස්සතා වා? කිං ත්වං කරිස්සසි අම්හාකං සත්ථුනො, යො ත්වං තං උපනිධාය චලක්කකුධ-මහාඋසභසමීපෙ තදහුජාතවච්ඡකො විය, තිධා පභින්නමත්තවාරණසමීපෙ භිඞ්කපොතකො විය, භාසුරවිලම්බිතකෙසරසොභිතක්ඛන්ධස්ස මිගරඤ්ඤො සමීපෙ ජරසිඞ්ගාලො විය, දියඩ්ඪයොජනසතපවඩ්ඪකායසුපණ්ණරාජසමීපෙ ඡින්නපක්ඛකාකපොතකො විය ඛායසි, ගච්ඡ යං තෙ කරණීයං, තං කරොහීති. එවං වුත්තෙ දුට්ඨො ආළවකො උට්ඨහිත්වා මනොසිලාතලෙ වාමපාදෙන ඨත්වා – “පස්සථ දානි තුම්හාකං වා සත්ථා මහානුභාවො, අහං වා”ති දක්ඛිණපාදෙන සට්ඨියොජනමත්තං කෙලාසපබ්බතකූටං අක්කමි. තං අයොකූටපහටො විය නිද්ධන්තඅයොපිණ්ඩො පපටිකායො මුඤ්චි, සො තත්ර ඨත්වා, “අහං ආළවකො”ති උග්ඝොසෙසි. සකලජම්බුදීපං සද්දො ඵරි.
අථ ඛො ආළවකො -පෙ- එතදවොච නික්ඛම සමණ කුමක් නිසා මොහු මෙසේ කීවේ ද? කෝප කරවනු කැමැත්තෙනි, එහි මුල පටන් සම්බන්ධය මෙසේ දත යුත්තේ ය. අශ්රද්ධාදීන්ට ශ්‍රද්ධා කථාත් දුෂ්කථා වේ ද? දුශ්ශීලාදීන්ට ශීලාදිකථාත් යම් සේ දුෂ්කථා වේ ද? එසේ ම ඒ යක්ෂයින්ගෙන් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ ප්‍රශංසාව අසා ම ගින්නට දැමූ ලුණු කැට මෙන් අභ්‍යන්තරයෙහි කෝපයෙන් තට තට ගානා හදවත ඇත්තේ වී, මගේ භවනට ආ ‘භගවා’ නම් වූ ඔහු කවරෙක් ද? යි ඇසී ය. ඔවුහු කීහ: ඇවැත්නි, අපගේ ශාස්තෲ වූ භාග්‍යවතුන් වහන්සේ ඔබ නො දන්නෙහි ද? උන්වහන්සේ තුසිත භවනයෙහි සිටියේ පස් මහ බැලුම් බලා ආදී ක්‍රමයෙන් ධර්ම චක්‍ර ප්‍රවර්තනය දක්වා කියන්නාහු ප්රතිසන්ධි ආදියෙහි දෙතිස් පූර්ව නිමිති කියා ඇවැත්නි, ඔබ මේ ආශ්චර්යයන් පවා නො දුටුවෙහි දැයි දෝෂාරෝපණය කළහ. හේ දැක ද ක්‍රෝධ හේතුවෙන් “නො දුටිමි” යි පැවසී ය. ඇවැත් ආළවකය, ඔබ දැක්කත් නො දැක්කත් දක්නා ලද හෝ නො දක්නා ලද හෝ දෙයින් කිම? අපගේ ශාස්තෲන් වහන්සේට ඔබ කුමක් කරන්නෙහි ද? ඒ ඔබ, උන්වහන්සේ හේතු කොට ගෙන සෙලවෙන මොල්ලිය සහිත මහා වෘෂභයකු සමීපයෙහි එදා උපන් වස්සකු මෙන් ද, තුන් බෙදුන් (සහිත) මත වරණයක (හස්තිරාජයකු) සමීපයෙහි ඇත් පොව්වකු මෙන් ද, ලෙල දෙමින් එල්ලෙන කෙසරුවලින් ශෝභමාන බඳ ඇති සිංහ රාජයකු ඉදිරියේ ජරපත් සිවලෙකු මෙන් ද, යොදුන් එකසිය පනහක් වැඩුණු සිරුර ඇති ගුරුළු රජු සමීපයෙහි දිරාගිය පියාපත් ඇති කවුඩු පෝතකයෙකු මෙන් ද වැටහෙයි. යව, යමක් තොප විසින් කළ යුතු නම් එය කරව.’ මෙසේ කියන ලද කල්හි ක්‍රෝධ ඇවිස්සුණු ආළවක නැගිට මනෝශිලා තලයෙහි වම් පාදය තබා, දැන් ඔබලාගේ ශාස්තෲන් වහන්සේ හෝ මහානුභාව සම්පන්න මා හෝ බලව’යි දකුණු පයින් සැට යොදුනක් පමණ වූ කෛලාස පර්වත කුටිය ඉක්මවීය. අයෝ කුටයකින් පහර දෙන ලද පිරිසිදු යකඩ ගුලියක් මෙන් පතුරු මුදා හැරී ය (ගැලවී ය.) හේ එහි සිට අහං ආළවකො යි උද්ඝෝෂණය කළේ ය. මුළු දඹදිව (පුරා ම) ශබ්දය පැතිරිණි.
චත්තාරො කිර සද්දා සකලජම්බුදීපෙ සූයිංසු – යඤ්ච පුණ්ණකො යක්ඛසෙනාපති ධනඤ්ජයකොරබ්යරාජානං ජූතං ජිනිත්වා අප්ඵොටෙත්වා “අහං ජිනි”න්ති උග්ඝොසෙසි; යඤ්ච සක්කො දෙවානමින්දො කස්සපභගවතො සාසනෙ ඔසක්කන්තෙ විස්සකම්මදෙවපුත්තං සුනඛං කරිත්වා – “අහං පාපභික්ඛූ ච පාපභික්ඛුනියො ච උපාසකෙ ච උපාසිකායො ච සබ්බෙව ච අධම්මවාදිනො ඛාදාමී”ති උග්ඝොසාපෙසි; යඤ්ච කුසජාතකෙ පභාවතිහෙතු සත්තහි රාජූහි නගරෙ උපරුද්ධෙ පභාවතිං අත්තනා සහ හත්ථික්ඛන්ධෙ ආරොපෙත්වා නගරා නික්ඛම්ම – “අහං සීහස්සරමහාකුසරාජා”ති මහාපුරිසො උග්ඝොසෙසි; යඤ්ච කෙලාසමුද්ධනි ඨත්වා ආළවකොති. තදා හි සකලජම්බුදීපෙ ද්වාරෙ ඨත්වා උග්ඝොසිතසදිසං අහොසි. තියොජනසහස්සවිත්ථතො ච හිමවාපි සඞ්කම්පි යක්ඛස්සානුභාවෙන.
ශබ්ද සතරක් මුළු දඹදිවෙහි ම ඇසිණි. පූර්ණක යක්ෂ සේනාපතියා ධනඤ්ජය කොරව්‍ය රජවරුන්ගේ සූදුව දිනා අත්පොළසන් දී මම දිනුවෙමි යි හඬ තැලී ය. දෙවියන්ගේ රජ වූ ශක්‍රයා කාශ්‍යප බුදුන්ගේ ශාසනය පිරිහෙද්දී විශ්වකර්ම දේව පුත්‍රයා සුනඛයකු කර මම පාපී භික්ෂූනුන්, පාපී භික්ෂුණීනුන් උපාසකයනුත් උපාසිකාවනුත් යන අධර්මවාදී සියලු දෙනා කමි යි උද්ඝෝෂණය කරවී ය. කුස ජාතකයෙහි දී පභාවතී අරභයා රජුන් සත් දෙනා විසින් නගරය වට කළ කල්හි තමා සමග පභාවතිය ඇතු පිට නංවා නගරයෙන් නික්ම මම සිංහ ස්වර කුසරජු යි මහා පුරුෂ තෙම මහා නාද පැවැත්වී ය. කෛලාස මුදුනේ සිට ආළවක (මහා නාද පැවැත් වී ය) (යන මේ සතර ය). එකල්හි මුළු දඹදිව දොර දොර සිට මහ හඬ නැගුවා හා සමාන විය. යක්ෂයාගේ ආනුභාවයෙන් යොදුන් තුන් දහසක් පතළා වූ හිමවත ද බෙහෙවින් කම්පා විය.
සො වාතමණ්ඩලං සමුට්ඨාපෙසි – “එතෙනෙව සමණං පලාපෙස්සාමී”ති. තෙ පුරත්ථිමාදිභෙදා වාතා සමුට්ඨහිත්වා අඩ්ඪයොජනයොජනද්වියොජනතියොජනප්පමාණානි පබ්බතකූටානි පදාලෙත්වා වනගච්ඡරුක්ඛාදීනි උම්මූලං කත්වා, ආළවිනගරං පක්ඛන්තා ජිණ්ණහත්ථිසාලාදීනි චුණ්ණෙන්තා ඡදනිට්ඨකා ආකාසෙ විධමෙන්තා. භගවා “මා කස්සචි උපරොධො හොතූ”ති අධිට්ඨාසි. තෙ වාතා දසබලං පත්වා චීවරකණ්ණමත්තම්පි චාලෙතුං නාසක්ඛිංසු. තතො මහාවස්සං සමුට්ඨාපෙසි. “උදකෙන අජ්ඣොත්ථරිත්වා සමණං මාරෙස්සාමී”ති. තස්සානුභාවෙන උපරූපරි සතපටලසහස්සපටලාදිභෙදා වලාහකා උට්ඨහිත්වා පවස්සිංසු. වුට්ඨිධාරාවෙගෙන පථවී ඡිද්දා අහොසි. වනරුක්ඛාදීනං උපරි මහොඝො ආගන්ත්වා දසබලස්ස චීවරෙ උස්සාවබින්දුමත්තම්පි තෙමෙතුං නාසක්ඛි. තතො පාසාණවස්සං සමුට්ඨාපෙසි. මහන්තානි මහන්තානි පබ්බතකූටානි ධූමායන්තානි පජ්ජලන්තානි ආකාසෙනාගන්ත්වා දසබලං පත්වා දිබ්බමාලාගුළානි සම්පජ්ජිංසු. තතො පහරණවස්සං සමුට්ඨාපෙසි. එකතොධාරාඋභතොධාරාඅසිසත්තිඛුරප්පාදයො ධූමායන්තා පජ්ජලන්තා ආකාසෙනාගන්ත්වා දසබලං පත්වා දිබ්බපුප්ඵානි අහෙසුං. තතො අඞ්ගාරවස්සං සමුට්ඨාපෙසි. කිංසුක වණ්ණා අඞ්ගාරා ආකාසෙනාගන්ත්වා දසබලස්ස පාදමූලෙ දිබ්බපුප්ඵානි හුත්වා විකීරයිංසු. තතො කුක්කුලවස්සං සමුට්ඨාපෙසි. අච්චුණ්හා කුක්කුලා ආකාසෙනාගන්ත්වා දසබලස්ස පාදමූලෙ චන්දනචුණ්ණං හුත්වා නිපතිංසු. තතො වාලිකවස්සං සමුට්ඨාපෙසි. අතිසුඛුමවාලිකා ධූමායන්තා පජ්ජලන්තා ආකාසෙනාගන්ත්වා දසබලස්ස පාදමූලෙ දිබ්බපුප්ඵානි හුත්වා නිපතිංසු. තතො කලලවස්සං සමුට්ඨාපෙසි. තං කලලවස්සං ධූමායන්තං පජ්ජලන්තං ආකාසෙනාගන්ත්වා දසබලස්ස පාදමූලෙ දිබ්බගන්ධං හුත්වා නිපති. තතො අන්ධකාරං සමුට්ඨාපෙසි “භිංසෙත්වා සමණං පලාපෙස්සාමී”ති. තං චතුරඞ්ගසමන්නාගතං අන්ධකාරසදිසං හුත්වා දසබලං පත්වා සූරියප්පභාවිහතමිව අන්ධකාරං අන්තරධායි.
හේ “මෙයින් ම ශ්‍රමණයා පළවා හරින්නෙමැ’යි වායු මණ්ඩලය හට ගැන්වී ය. පෙර දිග ආදි වශයෙන් වාතය පැන නැගී අඩ යොදුන්, යොදුන්, දෙයොදුන්, තුන් යොදුන් ප්‍රමාණ පර්වත කූට පළාගෙන, වන පැළෑටි වෘක්ෂ ආදිය උදුරවා ගෙන අළව් නගරයට එමින්, සෙවිලි කළ දෑ අහසෙහි පාකරමින් දිරා ගිය ඇත්හල් ආදිය සුණු විසුණු කරයි. භාග්‍යවතුන් වහන්සේ කිසිවකුට වත් ගැහැටක් නො වේවා යි අධිෂ්ඨාන කළ සේක. ඒ වාතයෝ බුදුන් වෙත පැමිණ සිවුරු කොණක් පමණ වත් සෙළවීමට අසමත් වූහ. ඉක්බිති ජලයෙන් යට කර ශ්‍රමණයා මරන්නෙමි යි මහා වර්ෂාවක් හට ගැන්වී ය. ඒ අනුහසින් පටල සියය පටල දහස ආදී වශයෙන් වළා එක පිට නැගී වසින්නට පටන් ගත්තේ ය. වැහි දහර වේගයෙන් පෘථිවිය සිදුරු විය. වන වෘක්ෂ ආදියේ මුදුන්හි මහෝඝය පැමිණ බුදුන් වහන්සේගේ සිවුරේ පිනි බිඳු තරම වත් තෙමන්නට නො හැකි විය. ඉක්බිති ගල් වැස්සක් ඇති කළේ ය. මහත් මහත් වූ පර්වත කූට දුම් දමමින් දිදුලමින් අහසෙන් පැමිණ බුදුන් වහන්සේ වෙත විත් දිව්යමාලා පොකුරු බවට පත් විය. ඉක්බිති ප්‍රහාරක වර්ෂාවක් ඇති කළේ ය. එක පැත්තෙන් සැඩ පහර එන, දෙපැත්තෙන් ම සැඩ පහර එන කඩු, හෙල්ල, ඊතල ආදිය දුම් දමමින් දිළිසෙමින් අහසින් විත් බුදුන් වෙත පැමිණි දිව මල් මාලා බවට පත් විය. ඉක්බිති අඟුරු වැස්සක් වැටී ය. එරබඳු, කෑල මල් පාට බඳු අඟුරු අහසින් පැමිණ බුදුන්ගේ පාමුල දිව මල් වී විසුරුණි. අනතුරු ව උණු අළු වැස්සක් ඉපදවී ය. ඉතා උණුසුම් අළු අහසින් පැමිණ බුදුන්ගේ පා මුල සඳුන් සුණු බවට පත් වී වැටුණි. ඉනික්බිති වැලි වැස්සක් ඉපද විය. ඉතා සියුම් වැලි දුම් දමමින්, දිළිසෙමින් අහසින් අවුත් බුදුන්ගේ පාමුල දිවමල් බවට පත් වී වැටිණි. අනතුරු ව මඩ වැස්සක් ඇති කළේ ය. ඒ ද දුම් දමමින්, දිළිසෙමින් අහසින් පැමිණ බුදුන්ගේ පාමුල දිව්‍ය ගන්ධය බවට පත් වී වැටිණි. ඉන් අනතුරු ව භීෂණය කොට ශ්‍රමණයා පළවා හරිමි යි අන්ධකාරය මැවී ය. එය චතුරංග සමන්නාගත අන්ධකාරය හා සම ව බුදුන් කරා පැමිණ සූර්යාලෝකයෙන් නැසුණු අන්ධකාරයක් මෙන් අතුරුදහන් විය.
එවං යක්ඛො ඉමාහි නවහි වාතවස්සපාසාණපහරණඞ්ගාරකුක්කුලවාලිකකලලන්ධකාරවුට්ඨීහි භගවන්තං පලාපෙතුං අසක්කොන්තො නානාවිධපහරණහත්ථාය අනෙකප්පකාරරූපභූතගණසමාකුලාය චතුරඞ්ගිනියා සෙනාය සයමෙව භගවන්තං අභිගතො. තෙ භූතගණා අනෙකප්පකාරෙ විකාරෙ කත්වා “ගණ්හථ හනථා”ති භගවතො උපරි ආගච්ඡන්තා විය හොන්ති. අපිච ඛො නිද්ධන්තලොහපිණ්ඩං විය මක්ඛිකා, භගවන්තං අල්ලීයිතුං අසමත්ථාව අහෙසුං. එවං සන්තෙපි යථා බොධිමණ්ඩෙ මාරො ආගතවෙලායමෙව නිවත්තො, තථා අනිවත්තෙත්වා උපඩ්ඪරත්තිමත්තං බ්යාකුලමකංසු. එවං උපඩ්ඪරත්තිමත්තං අනෙකප්පකාරවිභිංසනකදස්සනෙනපි භගවන්තං චාලෙතුං අසක්කොන්තො ආළවකො චින්තෙසි – “යංනූනාහං කෙනචි අජෙය්යං දුස්සාවුධං මුඤ්චෙය්ය”න්ති.
මෙසේ යක්ෂයා මේ වාත - වර්ෂා - පාෂාණ - ප්‍රහාරක - අංගාර - කුක්කුල -වාලිකා - කලල - අන්ධකාර යන නව වර්ෂාවලින් භාග්‍යවතුන් වහන්සේ පළවා හැරීමට නො හැකි වූයේ, නානාවිධ වූ පහර දීම් පිණිස වූ අනේක ප්‍රකාර රූප භූත සමූහයෙන් ආකූල වූ චතුරංගිනී සේනාව සමග තමා ම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට ආවේ ය. ඒ භූත සමූහයා අනේක ප්‍රකාර වූ විකාරයන් කර, ගනුව, නසව යි බුදුන් වහන්සේට ඉහලින් එන්නා සේ වෙයි. එසේ වුවත් මැස්සන් පිරිසිදු කළ ලෝහ ගුළියක (ඇලෙන්නට අසමත් වන්නා) සේ භාග්‍යවතුන් වහන්සේ (ගේ ශරීරයෙහි) ගාවන්නවත් අසමත් විය. මෙසේ තිබියදී වුව ද යම් සේ මාරයා බෝමැඩ දී පැමිණි වේලාවෙහි ම හැරී ගියේ ද, එසේ නො නැවතී අඩ රැයක් පමණ අවුලක් කළහ. මෙසේ අඩ රැයක් පමණ අනේක ප්‍රකාර විහිංසක දර්ශනයෙන් පවා භාග්‍යවතුන් වහන්සේ සෙලවීමට නො හැකි වූයේ, ආළවකයා (මෙසේ) සිතී ය: ඉදින් මම කිසිවකු විසින් වත් ජය ගත නො හැකි දුස්සාවුධය මුදා හරින්නෙම් නම් මැනවි”
චත්තාරි කිර ආවුධානි ලොකෙ සෙට්ඨානි – සක්කස්ස වජිරාවුධං, වෙස්සවණස්ස ගදාවුධං, යමස්ස නයනාවුධං, ආළවකස්ස දුස්සාවුධන්ති. යදි හි සක්කො දුට්ඨො වජිරාවුධං සිනෙරුමත්ථකෙ පහරෙය්ය, අට්ඨසට්ඨිසහස්සාධිකයොජනසතසහස්සං විනිවිජ්ඣිත්වා හෙට්ඨතො ගච්ඡෙය්ය. වෙස්සවණෙන කුජ්ඣනකාලෙ විස්සජ්ජිතං ගදාවුධං බහූනං යක්ඛසහස්සානං සීසං පාතෙත්වා පුන හත්ථපාසං ආගන්ත්වා තිට්ඨති. යමෙන දුට්ඨෙන නයනාවුධෙන ඔලොකිතමත්තෙ අනෙකානි කුම්භණ්ඩසහස්සානි තත්තකපාලෙ තිලා විය ඵරන්තානි විනස්සන්ති. ආළවකො දුට්ඨො සචෙ ආකාසෙ දුස්සාවුධං මුඤ්චෙය්ය, ද්වාදස වස්සානි දෙවො න වස්සෙය්ය. සචෙ පථවියං මුඤ්චෙය්ය. සබ්බරුක්ඛතිණාදීනි සුස්සිත්වා ද්වාදසවස්සන්තරෙ න පුන විරුහෙය්යුං. සචෙ සමුද්දෙ මුඤ්චෙය්ය, තත්තකපාලෙ උදකබින්දු විය සබ්බමුදකං සුස්සෙය්ය. සචෙ සිනෙරුසදිසෙපි පබ්බතෙ මුඤ්චෙය්ය, ඛණ්ඩාඛණ්ඩං හුත්වා විකිරෙය්ය.
ලෝකයෙහි ශ්‍රේෂ්ඨ ආයුධ සතරකි. ශක්‍රයාගේ වජ්රායුධය, වෛශ්රවණගේ ගදායුධය, යමගේ නයනායුධය, ආළවකගේ දුස්සායුධය යනුවෙනි. ඉදින් ශක්‍රයා කෝප වූයේ වජ්රායුධය මහාමේරු පර්වතයෙහි පහර දෙයි ද අට සැට දහසකට අධික යොදුන් ලක්ෂයක් විනිවිද (පසාරු කර) ගොස් පහතට යන්නේ ය. වෛශ්‍රවණ විසින් සාමාන්‍ය කාලයෙහි මුදා හළ ගදායුධය බොහෝ යක්ෂ දහස් ගණනකගේ හිස කපා දමා යළි අත්පසුරට පැමිණ සිටියි. කෝප වූ යමයා විසින් නයනායුධයෙන් බැලූ සැනෙකින් නොයෙක් කුම්භාණ්ඩ දහස් ගණන් දෙනා රත් වුණු කබලෙහි තල පුපුරු ගසන්නාක් මෙන් වැනසෙත්. කිපුණු ආලවක තෙමේ ඉදින් අහසෙහි ආයුධය මුදා හරියි ද වසර දොළහක් වැසි නො වසින්නේ ය. ඉදින් පෘථුවියට මුදා හරින්නේ නම් සියලු ගස් හා තණ කොළ ආදිය වියළී ගොස් දොළොස් වසක් අතරතුර යළි නො වැඩේ. ඉදින් සමුද්‍රයෙහි මුදා හරියි ද රත්වුණු කබලෙහි ජල බින්දු සියලු ජලය සිඳී යයි. ඉදින් මහාමේරු පර්වතයෙහි මුදා හරින්නේ නම් කුඩු කුඩු වී විසිරෙයි.
සො එවං මහානුභාවං දුස්සාවුධං උත්තරිසාටකං මුඤ්චිත්වා අග්ගහෙසි.
හේ මෙසේ මහානුභාව වූ දුස්සායුධය උතුරු සළුව මුදා අල්ලා ගත්තේ ය.
යෙභුය්යෙන දසසහස්සීලොකධාතුදෙවතා වෙගෙන සන්නිපතිංසු “අජ්ජ භගවා ආළවකං දමෙස්සති, තත්ථ ධම්මං සොස්සාමා”ති යුද්ධදස්සනකාමාපි දෙවතා සන්නිපතිංසු. එවං සකලම්පි ආකාසං දෙවතාහි පරිපුණ්ණමහොසි.
දශසහස්‍රී ලෝක ධාතුවල දේවතාවෝ වහා රැස්වූහ. “අද භාග්‍යවතුන් වහන්සේ ආළවකයා දමනය කරන සේක. එහි දී ධර්මය අසන්නෙමු” යුද්ධය දකිනු කැමැති දෙවියෝ ද රැස්වූහ. මෙසේ මුළු අහස ම දෙවියන්ගෙන් පිරුනේ විය.
අථ ආළවකො භගවතො සමීපෙ උපරූපරි විචරිත්වා වත්ථාවුධං මුඤ්චි. තං අසනිවිචක්කං විය ආකාසෙ භෙරවසද්දං කරොන්තං ධූමායන්තං පජ්ජලන්තං භගවන්තං පත්වා යක්ඛමානමද්දනත්ථං පාදපුඤ්ඡනචොළං හුත්වා පාදමූලෙ නිපති. ආළවකො තං දිස්වා ඡින්නවිසාණො විය උසභො උද්ධතදාඨො විය සප්පො නිත්තෙජො නිම්මදො නිපතිතමානද්ධජො හුත්වා චින්තෙසි – “දුස්සාවුධම්පි මෙ සමණං නාභිභොසි. කිං නු ඛො කාරණ”න්ති? “ඉදං කාරණං, මෙත්තාවිහාරයුත්තො සමණො, හන්ද නං රොසෙත්වා මෙත්තාය වියොජෙමී”ති ඉමිනා සම්බන්ධෙනෙතං වුත්තං – අථ ඛො ආළවකො යක්ඛො යෙන භගවා…පෙ… නික්ඛම සමණාති.
ඉක්බිති ආළවක තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි ඉහළින් සැරිසරා වස්ත්රායුධය මුදා හළේ ය. එය අකුණු වළල්ලක් මෙන් අහසෙහි ගොස් බිරම් හඬක් නගමින් දුම් දමමින් දිළිසෙමින් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ යක්ෂයාගේ මානය මර්දනය කරනු පිණිස පා පිස්නා රෙදි කඩක් වී පාමුල වැටිණි. ආළවක තෙමේ ඒ දැක අඟ සිඳිනා ලද වෘෂභයෙකු මෙන්, දළ උගුළුවන ලද නාගයකු මෙන් තේජස් රහිත, උඩඟු රහිත, හැළුණු මාන ධජය ඇති අයෙකු වී මෙසේ සිතී ය. දුස්සාවුධය ද ශ්‍රමණයා අභිභවනය නො කළේ ය. හේතුව කුමක් ද? මීට හේතුව ශ්‍රමණයා මෛත්‍රී විහරණයෙන් යුතු වීම යි. ඔහු කෝප කරවා මෛත්‍රියෙන් වෙන් කිරීම මැනවි. මේ සම්බන්ධයෙන් “අථ ඛො ආළවකො යක්ඛො යෙන භගවා -පෙ- නික්ඛම සමණ” යි කියන ලදි.
තත්ථායමධිප්පායො – කස්මා මයා අනනුඤ්ඤාතො මම භවනං පවිසිත්වා ඝරසාමිකො විය ඉත්ථාගාරස්ස මජ්ඣෙ නිසින්නොසි? අනනුයුත්තමෙතං සමණස්ස යදිදං අදින්නපරිභොගො ඉත්ථිසංසග්ගො ච? තස්මා යදි ත්වං සමණධම්මෙ ඨිතො, නික්ඛම සමණාති. එකෙ පන – “එතානි අඤ්ඤානි ච ඵරුසවචනානි වත්වා එවායං එතදවොචා”ති භණන්ති.
එහි අදහස මෙය යි: “මා විසින් අනුදැනීමක් නො කරන ලදු ව කුමක් නිසා මගේ භවනයට පිවිස ගෙහිමියා මෙන් ස්ත්‍රී වාසස්ථානය මැද සිටින්නෙහි ද? නො දෙන ලද්දක් පරිහරණය කිරීමත්, ස්ත්‍රී සංසර්ගයත් ශ්‍රමණයකුට තරම් නො වේ. එහෙයින්, ඉදින් ඔබ ශ්‍රමණ ධර්මයෙහි සිටියෙහි නම් ශ්‍රමණය, නික්මෙව.” සමහරු මේ පරුෂ වචනත් තවත් පරුෂ වචනත් කියා ම මොහු මෙසේ පැවසී යයි කියත්.
අථ භගවා – “යස්මා ථද්ධො පටිථද්ධභාවෙන විනෙතුං න සක්කා, සො හි පටිථද්ධභාවෙ කයිරමානෙ, සෙය්යථාපි චණ්ඩස්ස කුක්කුරස්ස නාසාය පිත්තං භින්දෙය්ය, සො භිය්යොසොමත්තාය චණ්ඩතරො අස්ස, එවං ථද්ධතරො හොති, මුදුනා පන සො සක්කා විනෙතු”න්ති ඤත්වා, සාධාවුසොති පියවචනෙන තස්ස වචනං සම්පටිච්ඡිත්වා නික්ඛමි. තෙන වුත්තං සාධාවුසොති භගවා නික්ඛමීති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, යම් හෙයකින් ස්තබ්ධ (දැඩි ස්වරූපයෙන් යුතු) වූවෙකු ප්රතිස්තබ්ධභාවය ඇති කරන කල්හි, උදාහරණ වශයෙන් සැරපරුෂ බල්ලකුගේ නාසයෙහි පිත බිඳියි නම් (පිත ඉව වැටුනු විට) ඌ වඩාත් අධික ලෙස චණ්ඩ වන්නේ ය, එමෙන් වඩාත් දැඩි වෙයි. මෘදු බවින් ම ඔහු දමනය කිරීමට හැකි වෙතැයි දැන “මැනවි, ඇවැත්නි” යි ප්‍රිය වචනයෙන් ඔහුගේ වචනය පිළිගෙන නික්මුණු සේක. එහෙයින් “සාධාවුසොති භගවා නික්ඛමි” යි කියන ලදි.
තතො ආළවකො – “සුබ්බචො වතායං සමණො එකවචනෙනෙව නික්ඛන්තො, එවං නාම නික්ඛමෙතුං සුඛං සමණං අකාරණෙනෙවාහං සකලරත්තිං යුද්ධෙන අබ්භුය්යාසි”න්ති මුදුචිත්තො හුත්වා පුන චින්තෙසි – “ඉදානිපි න සක්කා ජානිතුං, කිං නු ඛො සුබ්බචතාය නික්ඛන්තො උදාහු කොධනො. හන්දාහං වීමංසාමී”ති. තතො පවිස, සමණාති ආහ. අථ සුබ්බචොති මුදුභූතචිත්තවවත්ථානකරණත්ථං පුන පියවචනං වදන්තො සාධාවුසොති භගවා පාවිසි. ආළවකො පුනප්පුනං තමෙව සුබ්බචභාවං වීමංසන්තො දුතියම්පි තතියම්පි නික්ඛම පවිසාති ආහ. භගවාපි තථා අකාසි. යදි න කරෙය්ය, පකතියාපි ථද්ධයක්ඛස්ස චිත්තං ථද්ධතරං හුත්වා ධම්මකථාය භාජනං න භවෙය්ය. තස්මා යථා නාම මාතා රොදන්තං පුත්තකං යං සො ඉච්ඡති, තං දත්වා වා කත්වා වා සඤ්ඤාපෙසි තථා භගවා කිලෙසරොදනෙන රොදන්තං යක්ඛං සඤ්ඤාපෙතුං යං සො භණති, තං අකාසි. යථා ච ධාතී ථඤ්ඤං අපිවන්තං දාරකං කිඤ්චි දත්වා උපලාළෙත්වා පායෙති, තථා භගවා යක්ඛං ලොකුත්තරධම්මඛීරං පායෙතුං තස්ස පත්ථිතවචනකරණෙන උපලාළෙන්තො එවමකාසි. යථා ච පුරිසො ලාබුම්හි චතුමධුරං පූරෙතුකාමො තස්සබ්භන්තරං සොධෙති, එවං භගවා යක්ඛස්ස චිත්තෙ ලොකුත්තරචතුමධුරං පූරෙතුකාමො තස්සබ්භන්තරෙ කොධමලං සොධෙතුං යාව තතියං නික්ඛමනපවිසනං අකාසි.
ඉක්බිති ආළවක, මේ ශ්‍රමණයා සුවච (කීකරු) කෙනෙකි. එක් වචනයකින් ම නික්මුනේ, මෙසේ පහසුවෙන් නික්මවීමට හැකි ශ්‍රමණයා මම අකාරණයෙන් මුළු රාත්‍රියෙහි ම යුද්ධය මගින් එරෙහි ව ගියෙමි’යි මෘදු සිත් ඇත්තේ වී, යළි (මෙසේත්) සිතී ය. සුවචභාවය නිසා නික්මුණේ ද නැතහොත් ක්‍රෝධයෙන් (නික්මුනේ) ද යි දැනුදු දැන ගැනීමට නො හැක. විමසමි’යි. ඉක්බිති පවිස සමණ යි කී ය. ඉක්බිති (බුදුන්) ‘සුවච ය’ යි මෘදු වූ සිත් ඇතියහුගේ (යකුගේ) සිත තහවුරු කරනු පිණිස යළිත් ප්‍රියවචනය පවසන සේක් සාධාවුසොති භගවා පාවිසි (මැනවි ඇවැත්නි, යි භාග්‍යවතුන් වහන්සේ ඇතුළු වූ සේක) ආළවක තෙම යළි යළිත් එකී සුවච භාවය ම විමසන්නේ දෙවනුවත් තෙවනුවත් ‘නික්ඛම’ ‘පවිස’ කී ය. භාග්‍යවතුන් වහන්සේ ද එසේ කළ සේක. ඉදින් නො කරන්නේ නම් ස්වභාවයෙන් ම ගොරෝසු වූ යකුගේ සිත තවත් දරදඬු වී ධර්ම කථාවට භාජන නො වන්නේ ය. එහෙයින් යම් සේ මව හඬන දරුවාට ඔහු කැමති යමක් දී හෝ කර අවනත කර ගනියි ද එසේ ම භාග්‍යවතුන් වහන්සේ ද කෙළෙස් හැඬීමෙන් හඬන යක්ෂයාට සැනසීමට, යමක් ඔහු කියයි ද එය කළ සේක. යම් සේ කිරි මව තනය නො බොන දරුවා යමක් දී සුරතල් කරවා කිරි පොවයි ද එසේ ම භාග්‍යවතුන් වහන්සේ ද යක්ෂයාට ලෝකෝත්තර ධර්මය (නමැති) කිරි පෙවීමට ඔහු පැතූ වචන කිරීමෙන් සනසා මෙසේ කළ සේක. යම්සේ පුරුෂයෙක් ලබුයෙහි චතු මධුර පිරවීමට කැමැත්තේ එහි ඇතුළත සෝදයි ද එසේ ම භාග්‍යවතුන් වහන්සේ ද යක්ෂයාගේ සිතෙහි ලෝකෝත්තර චතුමධුර පුරවනු කැමති වූ සේක් ඔහුගේ අභ්‍යන්තරයෙහි ක්‍රෝධ මල සේදීමට තෙවන වර දක්වා නික්මීම් පිවිසීම් කළ සේක.
අථ ආළවකො “සුබ්බචො අයං සමණො ‘නික්ඛමා’ති වුත්තො නික්ඛමති, ‘පවිසා’ති වුත්තො පවිසති. යංනූනාහං ඉමං සමණං එවමෙව සකලරත්තිං කිලමෙත්වා පාදෙ ගහෙත්වා පාරගඞ්ගාය ඛිපෙය්ය”න්ති? පාපකං චිත්තං උප්පාදෙත්වා චතුත්ථවාරං ආහ නික්ඛම, සමණාති. තං ඤත්වා භගවා න ඛ්වාහං තන්ති ආහ. එවං වා වුත්තෙ තදුත්තරිකරණීයං පරියෙසමානො පඤ්හං පුච්ඡිතබ්බං මඤ්ඤිස්සති. තං ධම්මකථාය මුඛං භවිස්සතීති ඤත්වා, න ඛ්වාහං තන්ති ආහ. තත්ථ න-ඉති පටික්ඛෙපෙ. ඛොති අවධාරණෙ. අහන්ති අත්තනිදස්සනං. තන්ති හෙතුවචනං. තෙනෙවෙත්ථ “යස්මා ත්වං එවං චින්තෙසි, තස්මා අහං, ආවුසො, නෙව නික්ඛමිස්සාමි, යං තෙ කරණීයං, තං කරොහී”ති එවමත්ථො දට්ඨබ්බො.
ඉක්බිති ආළවක “මේ ශ්‍රමණයා සුවච ය. නික්මෙව යි කියන ලද්දේ නික්මෙයි. පිවිසෙව යි කියන ලද්දේ පිවිසෙයි. ඉදින් මම මේ ශ්‍රමණයා මෙසේ ම මුළු රෑ වෙහෙස කරවා දෙපයින් ගෙන ගඟෙන් එගොඩට වීසි කරන්නෙම් නම් මැනව’යි පවිටු සිතුවිල්ලක් උපදවා සතර වැනි වරටත් ‘නික්ඛම සමණ’ යි කී ය. ඒ බැව් දැන භාග්‍යවතුන් වහන්සේ නක්ඛවාහං තං යි කී සේක. මෙසේ කී කල්හි ඊට වැඩියෙන් කළ යුතු දෙයක් විමසන්නේ ප්‍රශ්න විමසිය යුතු යයි හෝ සිතන්නේ ය. එය ධර්ම කථාවට පහසුවක් වන්නේ ය යි දැන ‘න ඛ්වාහං තං’ යි කී ය. එහි ‘න’ යනු ප්රතික්ෂෙපය යි. ‘ඛො’ අවධාරණය යි. ‘අහං’ තමා දැක්වීම යි. ‘තං’ හේතු වචන යි, එයින් ම, මෙහි යම් හෙයකින් ඔබ මෙසේ සිතහි ද එහෙයින් ඇවැත්නි, මම නො නික්මෙන්නෙමි, යං තෙ කරණීයං තං කරොහි (තා විසින් යමක් කළ යුතු නම් එය කරව) යි මෙසේ අර්ථය දත යුත්තේ ය.
තතො ආළවකො යස්මා පුබ්බෙපි ආකාසෙන ගමනවෙලාය – “කිං නු ඛො එතං සුවණ්ණවිමානං, උදාහු රජතමණිවිමානානං අඤ්ඤතරං, හන්ද නං පස්සාමා”ති එවං අත්තනො විමානං ආගතෙ ඉද්ධිමන්තෙ තාපසපරිබ්බාජකෙ පඤ්හං පුච්ඡිත්වා විස්සජ්ජෙතුං අසක්කොන්තෙ චිත්තක්ඛෙපාදීහි විහෙඨෙති, තස්මා භගවන්තම්පි තථා විහෙඨෙස්සාමීති මඤ්ඤමානො පඤ්හං තන්තිආදිමාහ.
ඉක්බිති ආළවක යම් හෙයකින් පෙරත් ආකාශයෙන් යන වේලාවෙහි කිම මෙය ස්වර්ණ විමානයක් ද නැතහොත් රජත මණි විමානවලින් එකක් ද කියා බලන්නෙමු යි මෙසේ තමාගේ විමානයට පැමිණි සෘද්ධි සම්පන්න තාපස පරිබ්‍රාජකයන්ගෙන් ප්‍රශ්න විමසා විසඳීමට නො හැකි වූවන් චිත්ත ව්‍යාකූලත්ව ආදියෙන් වෙහෙසවයි ද, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ද එසේ වෙහෙස කරවන්නෙමැයි සිතමින් පඤ්හං තං ආදිය කී ය.
කුතො පනස්ස පඤ්හාති ? තස්ස කිර මාතාපිතරො කස්සපං භගවන්තං පයිරුපාසිත්වා අට්ඨ පඤ්හෙ සහ විස්සජ්ජනෙන උග්ගහෙසුං. තෙ දහරකාලෙ ආළවකං පරියාපුණාපෙසුං; සො කාලච්චයෙන විස්සජ්ජනං සම්මුස්සි. තතො “ඉමෙ පඤ්හාපි මා විනස්සන්තූ”ති සුවණ්ණපට්ඨෙ ජාතිහිඞ්ගුලකෙන ලෙඛාපෙත්වා විමානෙ නික්ඛිපි. එවමෙතෙ පුට්ඨපඤ්හා බුද්ධවිසයාව හොන්ති.
ඔහුගේ ප්රශ්නය කොහෙන් (පැමිණියක්) ද? ඔහුගේ මවුපියෝ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කොට ප්‍රශ්න අටක් විසඳුම් ද සහිත ව උගත්හ. ඔවුහු තරුණ කාලයෙහි ආළවකට (ඒවා) ඉගැන්වූහ. හේ කල් යත් ම විසඳීම අමතක කළේ ය. එහෙයින් මේ ප්‍රශ්න විනාශ නො වේවා යි රන් පටක සාදිලිංගම්වලින් ලියවා විමානයෙහි තැබී ය. මෙසේ මේ බුද්ධ ප්‍රශ්න බුද්ධ විෂයට ම අයත් වේ.
භගවා තං සුත්වා යස්මා බුද්ධානං පරිච්චත්තලාභන්තරායො වා ජීවිතන්තරායො වා සබ්බඤ්ඤුතඤ්ඤාණබ්යාමප්පභාදිපටිඝාතො වා න සක්කා කෙනචි කාතුං, තස්මා නං ලොකෙ අසාධාරණං බුද්ධානුභාවං දස්සෙන්තො න ඛ්වාහං තං, ආවුසො, පස්සාමි සදෙවකෙ ලොකෙතිආදිමාහ.
භාග්‍යවතුන් වහන්සේ එය අසා, යම් හෙයකින් බුදුන් වහන්සේගේ ලාභයට අනතුරක් (බාධාවක්) හෝ ජීවිත අන්තරායක් හෝ සර්වතාඥාන බ්‍යාමප්‍රභා ආදිය විනාශ කිරීමක් හේ කිසිවකු විසින් කිරීමට නො හැක්කේ ද එහෙයින් ලෝකයෙහි ඒ අසමාන බුද්ධානුභාවය දක්වන සේක. න ඛ්වාහං තං ආවුසො පස්සාමි සදෙවකෙ ලොකෙ ආදිය කී සේක.
එවං භගවා තස්ස බාධනචිත්තං පටිසෙධෙත්වා පඤ්හාපුච්ඡනෙ උස්සාහං ජනෙන්තො ආහ අපිච ත්වං, ආවුසො, පුච්ඡ, යදාකඞ්ඛසීති. තස්සත්ථො – පුච්ඡ, යදි ආකාඞ්ඛසි, න මෙ පඤ්හාවිස්සජ්ජනෙ භාරො අත්ථි. අථ වා පුච්ඡ, යං ආකඞ්ඛසි. සබ්බං තෙ විස්සජ්ජෙස්සාමීති සබ්බඤ්ඤුපවාරණං පවාරෙසි අසාධාරණං පච්චෙකබුද්ධඅග්ගසාවකමහාසාවකෙහි. එවං භගවතො සබ්බඤ්ඤුපවාරණාය පවාරිතාය අථ ඛො ආළවකො යක්ඛො භගවන්තං ගාථාය අජ්ඣභාසි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ බාධනචිත්තය ප්‍රතිෂෙධ කොට (වළක්වා) ප්‍රශ්න විමසීමේ උත්සාහය ඇති කරවන සේක් ‘අපි ච ත්වං ආවුසො පුච්ඡ යදාකඞ්ඛසි’ යි කී සේක. එහි අර්ථය නම් : ඉදින් කැමැත්තෙහි ද එය අසව. ප්‍රශ්න විසඳාලීමෙහි ලා මට බරක් නැත. නැතහොත් යමක් කැමැත්තෙහි ද එය අසව. සියල්ල ඔබට විසඳා දෙන්නෙමි’යි පසේ බුදු අගසව් මහසව් ආදීනට පොදු නො වූ සර්වඥ පවාරණයෙන් පැවරූ සේක. මෙසේ භාග්‍යවතුන් වහන්සේ සර්වඥ පවාරණයෙන් පැවරූ කල් හි අථ ඛො ආළවකො යක්ඛො භගවන්තං ගාථාය අජ්ඣභාසි.
තත්ථ කිං සූධ විත්තන්ති, කිං සු ඉධ විත්තං. විත්තන්ති ධනං. තං හි පීතිසඞ්ඛාතං විත්තිං කරොති, තස්මා “විත්ත”න්ති වුච්චති. සුචිණ්ණන්ති සුකතං. සුඛන්ති කායිකචෙතසිකං සාතං. ආවහාතීති ආවහති ආනෙති දෙති අප්පෙති. හවෙ-ඉති දළ්හත්ථෙ නිපාතො. සාදුතරන්ති අතිසයෙන සාදු. “සාධුතර”න්තිපි පාඨො. රසානන්ති රසසඤ්ඤිතානං ධම්මානං. කථන්ති කෙන පකාරෙන. කථංජීවිනො ජීවිතං කථංජීවිංජීවිතං. ගාථාබන්ධසුඛත්ථං පන සානුනාසිකං වුච්චති. කථංජීවිං ජීවතන්ති වා පාඨො, තස්ස “ජීවන්තානං කථංජීවි”න්ති අත්ථො. එවං ඉමාය ගාථාය “කිං සු ඉධ ලොකෙ පුරිසස්ස විත්තං සෙට්ඨං? කිං සු සුචිණ්ණං සුඛමාවහාති? කිං රසානං සාදුතරං? කථංජීවිං ජීවිතං සෙට්ඨමාහූ”ති? ඉමෙ චත්තාරො පඤ්හෙ පුච්ඡි.
එහි කිංසුධ විත්තං ‘කිං සු ඉධ’ විත්තං යනු ධනය යි. එය ප්‍රීති සංඛ්‍යාත වූ ‘විත්ති’ (සතුටු) කරයි. එහෙයින් ‘විත්තං’ යි කියනු ලැබේ. ‘සුචිණ්ණං’ මැනවින් කරන ලද සුඛං කායික චෛතසික ප්‍රීතිය. ආවහාති ‘ආවහති’ (ගෙන එයි.) දෙති (දෙයි) ‘අප්පෙති’ (පමුණුවයි) හ වෙ ‘දැඩි’ අර්ථය හඟවන නිපාතයකි. සාදුතරං අතිශයින් මිහිරි, ‘සාධුතරං’ යි ද පාඨයකි. රසානං රස සඤ්ඤ බවට පත් වූ දේවල, කුමන ආකාරකින්=කථං; ජීවත්වන්නහුගේ ජීවිතය = ජීවිං ජීවිතං; ගාථා බන්ධන පහසුව පිණිස අනුනාසික සහිත යයි කියනු ලැබේ. කථං ජීවිං ජීවතං යි හෝ පාඨයකි. “එහි ජීවත්වන්නවුන්ගේ කෙසේ ජීවිතය” යන අර්ථය යි. මෙසේ මේ ගාථාවෙන් මේ ලෝකයෙහි පුරුෂයාට (සත්ත්වයාට) කුමක් නම් ශ්‍රේෂ්ඨ ධනය වේද? මැනවින් (පුරුදු) කරන ලද කුමක් සැපය ගෙන දෙයි ද, රසයන් අතුරින් කුමක් වඩා මිහිරි ද? කෙසේ ජීවත්වන්නහුගේ ජීවිතය ශ්‍රේෂ්ඨ යයි කීහු ද යන මේ ප්‍රශ්න සතර විමසී ය .
අථස්ස භගවා කස්සපදසබලෙන විස්සජ්ජිතනයෙනෙව විස්සජ්ජෙන්තො ඉමං ගාථමාහ සද්ධීධ විත්තන්ති. තත්ථ යථා හිරඤ්ඤසුවණ්ණාදි විත්තං උපභොගසුඛං ආවහති, ඛුප්පිපාසාදිදුක්ඛං පටිබාහති, දාලිද්දියං වූපසමෙති, මුත්තාදිරතනපටිලාභහෙතු හොති, ලොකසන්තතිඤ්ච ආවහති, එවං ලොකියලොකුත්තරා සද්ධාපි යථාසම්භවං ලොකියලොකුත්තරං විපාකං සුඛමාවහති, සද්ධාධුරෙන පටිපන්නානං ජාතිජරාදිදුක්ඛං පටිබාහති, ගුණදාලිද්දියං වූපසමෙති, සතිසම්බොජ්ඣඞ්ගාදිරතනපටිලාභහෙතු හොති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කාශ්‍යප බුදුන් වහන්සේ විසින් විසඳන ලද ආකාරයට ම ඔහුට විසඳා දෙමින් මේ ගාථාව දෙසූ සේක. සද්ධීධ විත්තං එහි යම් සේ රන් රුවන් ආදි ධනය උපභෝග සුඛය ගෙන දෙයි ද, සා පිපාසා ආදි දුක වළක්වයි ද දිළිඳුකම තුරන් කරයි ද මුතු ආදි රුවන් ලැබීමට හේතු වෙයි ද ලෝක පැවැත්ම ගෙන එයි ද එසේ ම ලෞකික ලෝකෝත්තර ශ්‍රද්ධාව ද ලෞකික ලෝකෝත්තර ඵල සුවය ද ගෙන දෙයි. ශ්‍රද්ධා ධුරයට පිළිපන්නවුන්ගේ ජාති ජරා ආදි දුක වළක්වයි. ගුණ දිළිඳුකම තුරන් කරයි. සති සම්බොජ්ඣංග ආදි රතන ප්‍රතිලාභයට හේතු වෙයි.
“සද්ධො සීලෙන සම්පන්නො, යසො භොගසමප්පිතො; යං යං පදෙසං භජති, තත්ථ තත්ථෙව පූජිතො”ති. (ධ· ප· 303) –
සද්ධො සීලෙන සම්පන්නො යසොභොගසමප්පිතො යං යං පදෙසං භජති තත්ථ තත්ථෙව පූජිතො
(ශ්‍රද්ධා සම්පන්නයා ශීලයෙන් යුක්ත වූයේ කීර්තිය හා සම්පත්වලින් සමන්විත වූයේ යම් යම් ප්‍රදේශයක් ඇසුරු කරයි ද ඒ ඒ තැන්හි පුදනු ලබන්නේ ම ය.)
වචනතො ලොකසන්තතිඤ්ච ආවහතීති කත්වා “විත්ත”න්ති වුත්තං. යස්මා පන තෙසං සද්ධාවිත්තං අනුගාමිකං අනඤ්ඤසාධාරණං සබ්බසම්පත්තිහෙතු, ලොකියස්ස හිරඤ්ඤසුවණ්ණාදිවිත්තස්සාපි නිදානං. සද්ධොයෙව හි දානාදීනි පුඤ්ඤානි කත්වා විත්තං අධිගච්ඡති, අස්සද්ධස්ස පන විත්තං යාවදෙව අනත්ථාය හොති, තස්මා සෙට්ඨන්ති වුත්තං. පුරිසස්සාති උක්කට්ඨපරිච්ඡෙදදෙසනා. තස්මා න කෙවලං පුරිසස්ස, ඉත්ථිආදීනම්පි සද්ධාවිත්තමෙව සෙට්ඨන්ති වෙදිතබ්බං.
යන වචනයෙන් ලෝකයෙහි පැවැත්ම ද ගෙන එයි කියා ‘විත්තං’ (ධනය) යි කියන ලදි. මේ ශ්‍රද්ධා ධනය අනුගාමික වූ අනන්‍යසාධාරණ වූ සියලු සම්පත්වලට හේතු ය; ලෞකික රන්රුවන් ආදි ධනයට වුව හේතු ය, ශ්‍රද්ධාවෙන් ම දානාදි පින්කම් කොට ධනය ලබයි ද, අශ්‍රද්ධා පුද්ගලයාගේ ධනය අනර්ථය පිණිස ම වන්නේ ය. එහෙයින් සෙට්ඨං (ශ්‍රේෂ්ඨ) යි කියන ලදි. පුරිසස්ස උත්කෘෂ්ඨයන් වෙන් කිරීමේ දේශනාවකි. එහෙයින් හුදෙක් පුරුෂයන්ගේ පමණක් නොව ස්ත්‍රී ආදීන්ගේ ද ශ්‍රද්ධාව ම ශ්‍රේෂ්ඨ යයි දත යුතු ය.
ධම්මොති දසකුසලධම්මො, දානසීලභාවනාධම්මො වා. සුචිණ්ණොති සුකතො සුචරිතො. සුඛමාවහතීති සොණසෙට්ඨිපුත්තරට්ඨපාලාදීනං විය මනුස්සසුඛං, සක්කාදීනං විය දිබ්බසුඛං, පරියොසානෙ මහාපදුමාදීනං විය නිබ්බානසුඛඤ්ච ආවහති.
ධම්මො දශ කුශල ධර්මය යි. දාන, ශීල, භාවනා, ධර්ම හෝ; සුචිණ්ණො සුකතො (මැනවින් කරන ලද), සුචරිතො, හොඳින් හැසුරුණු (යෙදුණු), සුඛමාවහාති සෝණ සිටු පුතා, රට්ඨපාල ආදීන්ගේ මෙන් මනුෂ්‍ය සුඛය ද, ශක්රාදීන්ගේ මෙන් දිව්‍ය සුඛය ද, අවසානයේ මහා පදුම (බෝසතුන්) ආදීන්ගේ මෙන් නිර්වාණ සුඛය ද ගෙන එයි.
සච්චන්ති අයං සච්චසද්දො අනෙකෙසු අත්ථෙසු දිස්සති. සෙය්යථිදං – “සච්චං භණෙ න කුජ්ඣෙය්යා ” තිආදීසු (ධ· ප· 224) වාචාසච්චෙ. “සච්චෙ ඨිතා සමණබ්රාහ්මණා චා”තිආදීසු (ජා· 2.21.433) විරතිසච්චෙ. “කස්මා නු සච්චානි වදන්ති නානා, පවාදියාසෙ කුසලා වදානා”තිආදීසු (සු· නි· 891) දිට්ඨිසච්චෙ. “චත්තාරිමානි, භික්ඛවෙ, බ්රාහ්මණසච්චානී”තිආදීසු (අ· නි· 4.185) බ්රාහ්මණසච්චෙ. “එකං හි සච්චං න දුතියමත්ථී”තිආදීසු (සු· නි· 890; මහානි· 119) පරමත්ථසච්චෙ. “චතුන්නං සච්චානං කති කුසලා”තිආදීසු (විභ· 216) අරියසච්චෙ. ඉධ පන පරමත්ථසච්චං නිබ්බානං විරතිසච්චඤ්ච අබ්භන්තරං කත්වා වාචාසච්චං අධිප්පෙතං, යස්සානුභාවෙන උදකාදීනි වසෙ වත්තෙන්ති, ජාතිජරාමරණපාරං තරන්ති. යථාහ –
සච්චං මේ ‘සච්ච’ ශබ්දය නොයෙක් අර්ථවල දැක්වේ. උදාහරණ වශයෙන් “සච්චං භණෙ න කුජ්ඣෙය්‍ය” (සත්‍යය කථා කරව, නො කිපෙව) යනාදි තැන්වල වාක් සත්‍යයෙහි, “සච්චෙ ඨිතා සමණබ්රාහ්මණා” (සත්‍යයෙහි පිහිටි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ) ආදි තැන්වල විරති සත්‍යයෙහි, “කස්මා නු සච්චානි වදන්ති නානා පවාදියාසෙ කුසලා වදානා” ආදියෙහි දෘෂ්ටි සත්‍යයෙහි, “චත්තාරිමානි භික්ඛවෙ බ්‍රාහ්මණ සච්චානි” (මහණෙනි, මේ බ්‍රාහ්මණ සත්‍ය සතරකි) ආදි තැන්වල බ්‍රාහ්මණ සත්‍යයෙහි ය. “එකං හි සච්චං න දුතියමත්ථි” (සත්‍යය ඒකාන්තයෙන් ම එකකි. දෙවැන්නක් නො මැත) ආදි තැන්වල පරමාර්ථ සත්‍යයෙහි ය. “චතුන්නං සච්චානං කතිකුසලා” යනාදි තැන්වල ආර්ය සත්‍යයෙහි ය. මෙහි දී පරමාර්ථ සත්‍යය වූ නිර්වාණයත් විරතිසත්යයත් ඇතුළත් කොට වාක් සත්‍යය අපේක්ෂා කරන ලදි. එහි ආනුභාවයෙන් ජලය ආදිය වසඟයට ගනිති. ජාති ජරා මරණය තරණය කරති. (පහත දැක්වෙන ලෙස) කී පරිදි,
“සච්චෙන වාචෙනුදකම්හි ධාවති, විසම්පි සච්චෙන හනන්ති පණ්ඩිතා; සච්චෙන දෙවො ථනයං පවස්සති, සචෙ ඨිතා නිබ්බුතිං පත්ථයන්ති.
සච්චෙන වාචෙනුදකම්හි ගාධති විසම්පි සච්චෙන හනන්ති පණ්ඩිතා සච්චෙන දෙවො ථනයං පවස්සති සච්චෙ ඨිතා නිබ්බුතිං පත්ථයන්ති
“යෙ කෙචිමෙ අත්ථි රසා පථබ්‍යා, සච්චං තෙසං සාදුතරං රසානං; සච්චෙ ඨිතා සමණබ්රාහ්මණා ච, තරන්ති ජාතිමරණස්ස පාර”න්ති. (ජා· 2.21.433);
යෙ කෙචි මෙ අත්ථි රසා පථව්‍යා සච්චං තෙසං සාදුතරං රසානං සච්චෙ ඨිතා සමණබ්රාහ්මණා ච තරන්ති ජාතිමරණස්ස පාරන්ති”
(සත්‍ය වචනයෙන් දියෙහි තිර ව සිටියි. පණ්ඩිතයෝ සත්‍යයෙන් විෂ පවා නසති. සත්‍යයෙන් ගිගුරුම් දෙමින් වැස්ස වසී. සත්‍යයෙහි පිහිටියාහු නිවන පතති. පෘථිවියෙහි යම් රසයක් වේ ද, ඒ රස අතුරෙන් සත්‍යය වඩා රස ය. ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සත්‍යයේ පිහිටියාහු ජාතිමරණයේ එතෙර තරණය කරත්.)
සාදුතරන්ති මධුරතරං පණීතතරං. රසානන්ති යෙ ඉමෙ “මූලරසො ඛන්ධරසො”තිආදිනා (ධ· ස· 628-630) නයෙන සායනීයධම්මා, යෙචිමෙ “අනුජානාමි, භික්ඛවෙ, සබ්බං ඵලරසං (මහාව· 300), අරසරූපො භවං ගොතමො, යෙ තෙ, බ්‍රාහ්මණ, රූපරසා සද්දරසා (පාරා· 3; අ· නි· 8.11), අනාපත්ති රසරසෙ (පාචි· 605-611), අයං ධම්මවිනයො එකරසො විමුත්තිරසො (චූළව· 385; අ· නි· 8.19), භාගී වා භගවා අත්ථරසස්ස ධම්මරසස්සා”තිආදිනා (මහානි· 149) නයෙන රූපාචාරරසුපවජ්ජා අවසෙසා බ්යඤ්ජනාදයො “ධම්මරසා”ති වුච්චන්ති. තෙසං රසානං සච්චං හවෙ සාදුතරං සච්චමෙව සාදුතරං. සාධුතරං වා, සෙට්ඨතරං, උත්තමතරං. මූලරසාදයො හි සරීරමුපබ්රූහෙන්ති, සංකිලෙසිකඤ්ච සුඛමාවහන්ති. සච්චරසෙ විරතිසච්චවාචාසච්චරසා සමථවිපස්සනාදීහි චිත්තං උපබ්රූහෙති, අසංකිලෙසිකඤ්ච සුඛමාවහති. විමුත්තිරසො පරමත්ථසච්චරසපරිභාවිතත්තා සාදු, අත්ථරසධම්මරසා ච තදධිගමූපායභූතං අත්ථඤ්ච ධම්මඤ්ච නිස්සාය පවත්තිතොති.
සාදුතරං මධුරතර, ප්‍රණීතතර; රසානං මුල් රස, කඳෙහි රස ආදි ක්‍රමයෙන් යම් රස විඳිය යුතු වස්තුවක් වේ ද, “අනුජානාමි භික්ඛවෙ සබ්බං ඵලරසං” “(මහණෙනි, සියලු ඵල රස අනුදනිමි.) අරසරූපො භවං ගොතමො, යෙතෙ බ්‍රාහ්මණ රූපරසා සද්දරසා (බ්‍රාහ්මණය, රූප රස ශබ්ද රස යි යමක් වේ ද භවත් ගෞතමයෝ රස ස්වභාව නැත්තාහු ය.)” “අනාපත්තිරසො අයං ධම්මවිනයො එකරසො විමුත්තිරසො” මේ ධර්ම විනය අනාපත්ති රස වේ. එක ම රසය විමුක්ති රස - ඇත්තේ වේ. “භාගී වා භගවා අත්ථ රසස්ස ධම්ම රසස්ස” (භාග්‍යවතුන් වහන්සේ අර්ථ රසයෙහි හා ධර්ම රසයෙහි කොටස්කරුවෙකි.)” ආදි ක්‍රමයෙන් - ද්‍රව - ආචාර රූප - වජ්ජ - අවශේෂ ව්‍යඤ්ජන ආදී දෑ “රස” යි කියත් ද ඒ රස අතරින් සත්‍යය ඒකාන්තයෙන් ම වඩාත් රසවත් ය; සත්‍යය ම සාදුතර ය, සාධුතර - ශ්‍රේෂ්ඨතර - උත්තම තර - හෝ වේ. මූල රස (මුල්වලින් ලබා ගන්නා යුෂ) ආදිය ශරීරය වඩවයි. කෙළෙස් අඩංගු සුඛය ගෙන එයි. සත්‍ය රසය, විරති සත්‍ය, වාක් සත්‍ය රස සමථ විපස්සනා ආදියෙන් චිත්තය වඩවයි. කෙළෙස් රහිත වූ සුඛය ගෙන එයි. විමුක්ති රසය පරමාර්ථ සත්‍ය රසය පරිභාවිත බැවින් සාදු රස ය. අර්ථ රස ධර්ම රස ද එහි අධිගමයට හේතු පාදක වූ අර්ථයත් ධර්මයත් ඇසුරු කොට පවතී.
පඤ්ඤාජීවිංජීවිතන්ති එත්ථ පන ය්වායං අන්ධෙකචක්ඛුද්විචක්ඛුකෙසු ද්විචක්ඛුපුග්ගලො ගහට්ඨො වා කම්මන්තානුට්ඨාන-සරණගමනදාන-සංවිභාග-සීලසමාදානුපොසථකම්මාදි ගහට්ඨපටිපදං, පබ්බජිතො වා අවිප්පටිසාරකරසීලසඞ්ඛාතං තදුත්තරිචිත්තවිසුද්ධිආදිභෙදම්පි පබ්බජිතපටිපදං පඤ්ඤාය ආරාධෙත්වා ජීවති, තස්ස පඤ්ඤාය ජීවිනො ජීවිතං, තං වා පඤ්ඤාජීවිතං සෙට්ඨමාහූති එවමත්ථො දට්ඨබ්බො.
පඤ්ඤාජීවිං මෙහි යම් පුද්ගලයෙක් අන්ධ, එකැස්, දෑස් ඇති යන අය අතරින් දෑස් ඇති පුද්ගලයා - ගිහියෙකු නම් කර්මාන්තයෙහි උත්සුකවීම, සරණාගමන, දාන සංවිභාග, ශීල සමාදාන, උපෝසථ කර්ම ආදි ගෘහස්ථ ප්‍රතිපදාව ද, පැවිද්දෙකු නම් විපිළිසර නො වූ ශීල සංඛ්‍යාත වූ හෝ ඊට උසස් චිත්ත විශුද්ධි ආදි කොට ඇති පැවිදි ප්‍රතිපදාව ද ප්‍රඥාවෙන් ගෙන ජීවත් වෙයි ද, ප්‍රඥාවෙන් ජීවත් වන ඔහුගේ ජීවිතය; ඒ ප්රඥාජීවිතය ශ්‍රේෂ්ඨය යි කියති යි මෙසේ අර්ථ දත යුත්තේ ය.
එවං භගවතා විස්සජ්ජිතෙ චත්තාරොපි පඤ්හෙ සුත්වා අත්තමනො යක්ඛො අවසෙසෙපි චත්තාරො පඤ්හෙ පුච්ඡන්තො කථංසු තරති ඔඝන්ති ගාථමාහ. අථස්ස භගවා පුරිමනයෙනෙව විස්සජ්ජෙන්තො සද්ධාය තරතීති ගාථමාහ.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රශ්න සතරක් විසඳනු අසා සතුටට පත් යක්ෂයා අවශේෂ ප්‍රශ්න සතරක් ද අසන්නේ කථංසු තරකි ඔඝං යන ගාථාව කී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මුල් ආකාරයට ම විසඳන සේක්, සද්ධාය තරති යන මේ ගාථාව වදාළ සේක.
තත්ථ කිඤ්චාපි යො චතුබ්බිධමොඝං තරති, සො සංසාරණ්ණවම්පි තරති, වට්ටදුක්ඛම්පි අච්චෙති, කිලෙසමලාපි පරිසුජ්ඣති, එවං සන්තෙපි පන යස්මා අස්සද්ධො ඔඝතරණං අසද්දහන්තො න පක්ඛන්දති, පඤ්චසු කාමගුණෙසු චිත්තවොස්සග්ගෙන පමත්තො තත්ථෙව විසත්තත්තා සංසාරණ්ණවං න තරති, කුසීතො දුක්ඛං විහරති වොකිණ්ණො අකුසලෙහි ධම්මෙහි, අප්පඤ්ඤො සුද්ධිමග්ගං අජානන්තො න පරිසුජ්ඣති, තස්මා තප්පටිපක්ඛං දස්සෙන්තෙන භගවතා අයං ගාථා වුත්තා.
එහි යමෙක් චතුර්විධ ඕඝය තරණය කරන්නේ ද, හේ සසර සමුදුර ද තරණය කරයි. සංසාරදුඃඛය ද ඉක්ම යයි. කෙළෙස් මළ ද පිරිසිදු වෙයි. එසේ තිබියදී යම් හෙයකින් අශ්‍රද්ධා වූයේ ඕඝතරණය නො අදහන්නේ නො පනියි ද (නො පහදී ද), පඤ්චකාම ගුණයෙහි සිත ලිහිල් කිරීමෙන් ප්‍රමාද වූයේ එහි ම පැටලුණු බැවින් සංසාර සාගරය තරණය නො කරයි. කුසීත වූයේ දුක සේ වෙසෙයි. අකුශල ධර්මවලින් ගැවසී ගත්තේ ය. ප්‍රඥාව නැත්තේ ශුද්ධි මාර්ගය නො දන්නේ පිරිසිදු නො වේ. එහෙයින් ඊට ප්රතිපක්ෂය දක්වන භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ගාථාව පවසන ලදි.
එවං වුත්තාය චෙතාය යස්මා සොතාපත්තියඞ්ගපදට්ඨානං සද්ධින්ද්රියං, තස්මා සද්ධාය තරති ඔඝන්ති ඉමිනා පදෙන දිට්ඨොඝතරණං සොතාපත්තිමග්ගං සොතාපන්නඤ්ච පකාසෙති. යස්මා පන සොතාපන්නො කුසලානං ධම්මානං භාවනාය සාතච්චකිරියසඞ්ඛතෙන අප්පමාදෙන සමන්නාගතො දුතියමග්ගං ආරාධෙත්වා ඨපෙත්වා සකිදෙවිමං ලොකං ආගමනමග්ගං අවසෙසං සොතාපත්තිමග්ගෙන අතිණ්ණං භවොඝවත්ථුං සංසාරණ්ණවං තරති, තස්මා අප්පමාදෙන අණ්ණවන්ති ඉමිනා පදෙන භවොඝතරණං සකදාගාමිමග්ගං සකදාගාමිඤ්ච පකාසෙති. යස්මා ච සකදාගාමී වීරියෙන තතියමග්ගං ආරාධෙත්වා සකදාගාමිමග්ගෙන අනතීතං කාමොඝවත්ථුං කාමොඝසඤ්ඤිතඤ්ච කාමදුක්ඛමච්චෙති, තස්මා වීරියෙන දුක්ඛමච්චෙතීති ඉමිනා පදෙන කාමොඝතරණං අනාගාමිමග්ගං අනාගාමිඤ්ච පකාසෙති. යස්මා පන අනාගාමී විගතකාමසඤ්ඤාය පරිසුද්ධාය පඤ්ඤාය එකන්තපරිසුද්ධං චතුත්ථමග්ගපඤ්ඤං ආරාධෙත්වා අනාගාමිමග්ගෙන අප්පහීනං අවිජ්ජාසඞ්ඛාතං පරමමලං පජහති, තස්මා පඤ්ඤාය පරිසුජ්ඣතීති, ඉමිනා පදෙන අවිජ්ජොඝතරණං අරහත්තමග්ගඤ්ච අරහත්තඤ්ච පකාසෙති. ඉමාය ච අරහත්තනිකූටෙන කථිතාය ගාථාය පරියොසානෙ යක්ඛො සොතාපත්තිඵලෙ පතිට්ඨාසි.
මෙසේ මේවා කී කල යමක් නිසා සෝතාපත්ති අංග ආසන්න කාරණ වූ සද්ධින්ද්රිය වේ ද, එහෙයින් සද්ධාය තරතී ඔඝං යන මේ පදයෙන් දිට්ඨිඕඝතරණයත් සෝතාපත්ති මාර්ගයත් සෝවාන් ලාභියත් ප්‍රකාශ කරති. යම් හෙයකින් සෝවාන් වූයේ කුශල ධර්මයන් වැඩීමෙන් සාතච්චකිරිය සංඛ්‍යාත (නිතර නිතර කිරීම නම් වූ) අප්‍රමාදයෙන් සමන්විත වූයේ දෙවැනි මගට සතුටු වී එක් වරක් පමණක් මේ ලොවට පැමිණීමේ මග (සකෘදාගාමී මග) හැර; සෝවාන් මාර්ගයෙන් අවශේෂ වූ-තරණය නො කළ-භව ඕඝ වස්තු වූ සංසාර සමුද්‍රය තරණය කරයි ද එහෙයින් අප්පමාදෙන අණ්ණවං වේ. මේ පදයෙන් භවොඝතරණය වූ සකෘදාගාමි මාර්ගයත් සකෘදාගාමියාත් ප්‍රකාශ කරයි. යම් හෙයකින් සකෘදාගාමියා වීර්යයෙන් තෘතීය මාර්ගය ගෙන සකෘදාගාමි මාර්ගයෙන් ඉවත් නො කළ කාමෝඝ වස්තූත් කාමෝඝසංඥිතයත් කාම දුක්ඛයත් යටපත් කරයි ද, එහෙයින්, විරියෙන දුක්ඛං අච්චෙති වේ. මේ පදයෙන් ද කාමෝඝ තරණය වූ අනාගාමි මාර්ගයත් අනාගාමියාත් ප්‍රකාශ කරයි. යම් හෙයකින් අනාගාමි වූයේ පහවූ කාම සඤ්ඤාවෙන් පිරිසිදු වූ ප්‍රඥාවෙන් ඒකාන්ත පරිශුද්ධ වූ චතුර්ථ මාර්ග ප්‍රඥාව ගෙන අනාගාමි මාර්ගයෙන් ප්‍රහීණ නො වූ අවිද්‍යා සංඛ්‍යාත වූ පරම (කෙළෙස්) මළ හැර දමයි ද, එහෙයින් පඤ්ඤාය පරිසුජ්ඣති වේ. මේ පදයෙන් ද අවිද්‍යා ඕඝ තරණ නම් වූ අර්හත් මාර්ගයත් අර්හත් ඵලයත් ප්‍රකාශ කරයි. මේ අර්හත් බව පරමොත්කෘෂ්ට කොට දක්වන ගාථාව අවසානයේ යක්ෂයා සෝවාන් ඵලයෙහි පිහිටියේ ය.
ඉදානි තමෙව “පඤ්ඤාය පරිසුජ්ඣතී”ති එත්ථ වුත්තං පඤ්ඤාපදං ගහෙත්වා අත්තනො පටිභානෙන ලොකියලොකුත්තරමිස්සකං පඤ්හං පුච්ඡන්තො කථංසු ලභතෙ පඤ්ඤන්ති ඉමං ඡප්පදං ගාථමාහ. තත්ථ කථංසූති සබ්බත්ථෙව අත්ථයුත්තිපුච්ඡා හොන්ති. අයං හි පඤ්ඤාදිඅත්ථං ඤත්වා තස්ස යුත්තිං පුච්ඡති – “කථං, කාය යුත්තියා, කෙන කාරණෙන පඤ්ඤං ලභතී”ති? එස නයො ධනාදීසු.
දැන් එය ම ප්‍රඥාවෙන් පිරිසිදු වෙති යි මෙහි කියන ලද ප්‍රඥා පදය ගෙන තම බුද්ධියෙන් ලෞකික ලෝකෝත්තර බව මිශ්‍ර වූ ප්‍රශ්නයක් අසන්නේ කථං සු ලභතෙ පඤ්ඤං යන මේ සය පද ගාථාව පැවසී ය. එහි කථං සැම තන්හි ම අර්ථය යෙදුණු ප්‍රශ්නයක් වේ. මොහු ප්‍රඥා ආදියෙහි අර්ථය දැන එහි යුක්තිය අසයි. කෙසේ කුමන යුක්තියකින් කුමන කරුණකින් ප්‍රඥාව ලබයි ද? ධනාදිය ගැන ද මේ න්‍යාය ම ය.
අථස්ස භගවා චතූහි කාරණෙහි පඤ්ඤාලාභං දස්සෙන්තො සද්දහානොතිආදිමාහ. තස්සත්ථො – යෙන පුබ්බභාගෙ කායසුචරිතාදිභෙදෙන අපරභාගෙ ච සත්තතිංසබොධිපක්ඛියභෙදෙන ධම්මෙන අරහන්තො බුද්ධපච්චෙකබුද්ධසාවකා නිබ්බානං පත්තා, තං සද්දහානො අරහතං ධම්මං නිබ්බානපත්තියා ලොකියලොකුත්තරපඤ්ඤං ලභති, තඤ්ච ඛො න සද්ධාමත්තකෙනෙව. යස්මා පන සද්ධාජාතො උපසඞ්කමති, උපසඞ්කමන්තො පයිරුපාසති, පයිරුපාසන්තො සොතං ඔදහති, ඔහිතසොතො ධම්මං සුණාති, තස්මා උපසඞ්කමනතො පභුති යාව ධම්මස්සවනෙන සුස්සූසං ලභති. කිං වුත්තං හොති – තං ධම්මං සද්දහිත්වාපි ආචරියුපජ්ඣායෙ කාලෙන උපසඞ්කමිත්වා වත්තකරණෙන පයිරුපාසිත්වා යදා පයිරුපාසනාය ආරාධිතචිත්තා කිඤ්චි වත්තුකාමා හොන්ති. අථ අධිගතාය සොතුකාමතාය සොතං ඔදහිත්වා සුණන්තො ලභතීති. එවං සුස්සූසම්පි ච සතිඅවිප්පවාසෙන අප්පමත්තො සුභාසිතදුබ්භාසිතඤ්ඤුතාය විචක්ඛණො එව ලභති, න ඉතරො. තෙනාහ “අප්පමත්තො විචක්ඛණො”ති.
භාග්‍යවතුන් වහන්සේ හේතු හතරකින් ප්‍රඥා ලාභය දක්වන සේක්, සද්දහානො ආදිය කී සේක. එහි අර්ථය - පූර්ව භාගයෙහි යම් කායසුචරිත ආදි අංගවලින් ද පසුව සත්තිස් බෝධි පාක්ෂික ධර්ම කොටස්වලින් ද, අර්හත් වූ බුද්ධ, ප්රත්යෙක බුද්ධ, බුද්ධශ්‍රාවකයෝ නිවනට පැමිණියාහු ද ඒ අර්හත් ධර්මය අදහමින් නිර්වාණප්රාප්තිය පිණිස ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව ලබති. එය ද ශ්‍රද්ධා මාත්‍රයෙන් ම නො වේ. යම් හේතුවකින් ශ්‍රද්ධාව හට ගන්නේ සමීපයට පැමිණෙයි ද, පැමිණ ඇසුරු කරයි ද, ඇසුරු කරමින් කන් යොමයි ද, කන් යොමන ලද්දේ දහම් දෙසයි. එහෙයින් අසළට පැමිණීමේ පටන් ධර්ම ශ්‍රවණයෙන් අසනු කැමති වීම ලබයි යන්න දක්වා කියන ලද්දේ වේ. ඒ දහම අදහා වුව ද කලින් කලට ආචාර්ය උපාධ්‍යායන් වෙත එළඹ වතාවක් කිරීමෙන් ඇසුරු කොට යම් දිනෙක ඇසුරු කිරීම නිසා සිත් ඇද ගන්නා ලද්දාහු කිසිවක් කීමට කැමැති වූවෝ වෙත් ද, එවිට ජනිත වූ ඇසීමට ඇති කැමැත්ත මගින් කන් යොමා අසන්නාහු ප්‍රඥාව ලබති. මෙසේ ඇසීමට ඇති කැමැත්ත ද සිහිය බැහැර වීමකින් තොර ව අප්රමාදී වූ සුභාෂිත දුබ්භාෂිත පිළිබඳ දැනුම ඇති බැවින් විචක්ෂණයා පමණක් ලබයි. වෙනත් කෙනෙකු නො වේ. එහෙයින් ‘අප්පමත්තො විචක්ඛණො’ යි කී සේක.
එවං යස්මා සද්ධාය පඤ්ඤලාභසංවත්තනිකං පටිපදං පටිපජ්ජති, සුස්සූසාය සක්කච්චං පඤ්ඤාධිගමූපායං සුණාති, අප්පමාදෙන ගහිතං න පමුස්සති. විචක්ඛණතාය අනූනාධිකං අවිපරීතඤ්ච ගහෙත්වා විත්ථාරිකං කරොති. සුස්සූසාය වා ඔහිතසොතො පඤ්ඤාපටිලාභහෙතුං ධම්මං සුණාති, අප්පමාදෙන සුතධම්මං ධාරෙති, විචක්ඛණතාය ධතානං ධම්මානං අත්ථමුපපරික්ඛති, අථානුපුබ්බෙන පරමත්ථසච්චං සච්ඡිකරොති, තස්මාස්ස භගවා “කථංසු ලභතෙ පඤ්ඤ”න්ති පුට්ඨො ඉමානි චත්තාරි කාරණානි දස්සෙන්තො ඉමං ගාථමාහ.
මෙසේ යම් හෙයකින් ප්‍රඥා ලාභය ඇතිවන ප්‍රතිපදාව පිළිපදියි ද සකසා ඇසීමෙන් ප්‍රඥාව ලැබීමේ උපාය මාර්ගය අසයි ද අප්රමාදී ලෙස එය ගන්නා ලද්දේ මුළා නො වන්නේ ය. විචක්ෂණභාවයෙන් අඩුත් නැති ව වැඩිත් නැති ව විපරීත ද නො වී ගෙන පුළුල් කරයි. යළි ඇසීම මගින් හෝ යොමු කරන ලද කන් ඇත්තේ ප්‍රඥා ප්‍රතිලාභයට හේතු වන ධර්මය අසයි. අප්‍රමාද ව අසා දහම් සිත්හි දරයි. විචක්ෂණ භාවයෙන් දරන ලද ධර්මයන්ගේ අර්ථය පිරික්සා බලයි. ඉක්බිති පිළිවෙලින් පරමාර්ථ සත්‍යය සාක්ෂාත් කරයි. එහෙයින් “කථං සු ලභතෙ පඤ්ඤං” යි අසන ලදු ව භාග්‍යවතුන් වහන්සේ ඔහුට මේ සතර කරුණ දක්වන සේක් මේ ගාථව වදාළ සේක.
ඉදානි තතො පරෙ තයො පඤ්හෙ විස්සජ්ජෙන්තො පතිරූපකාරීති ඉමං ගාථමාහ. තත්ථ දෙසකාලාදීනි අහාපෙත්වා ලොකියස්ස ලොකුත්තරස්ස වා ධනස්ස පතිරූපං අධිගමූපායං කරොතීති පතිරූපකාරී. ධුරවාති චෙතසිකවීරියවසෙන අනික්ඛිත්තධුරො. උට්ඨාතාති, “යො ච සීතඤ්ච උණ්හඤ්ච, තිණා භිය්යො න මඤ්ඤතී”තිආදිනා (ථෙරගා· 232) නයෙන කායිකවීරීයවසෙන උට්ඨානසම්පන්නො අසිථිලපරක්කමො. වින්දතෙ ධනන්ති එකමූසිකාය නචිරස්සෙව චතුසතසහස්සසඞ්ඛං චූළන්තෙවාසී විය ලොකියධනඤ්ච, මහල්ලකමහාතිස්සත්ථෙරො විය ලොකුත්තරධනඤ්ච ලභති. සො “තීහියෙව ඉරියාපථෙහි විහරිස්සාමී”ති වත්තං කත්වා ථිනමිද්ධාගමනවෙලාය පලාලචුම්බටකං තෙමෙත්වා සීසෙ කත්වා ගලප්පමාණං උදකං පවිසිත්වා ථිනමිද්ධං පටිබාහන්තො දසහි වස්සෙහි අරහත්තං පාපුණි. සච්චෙනාති වචීසච්චෙනාපි “සච්චවාදී භූතවාදී”ති, පරමත්ථසච්චෙනාපි “බුද්ධො පච්චෙකබුද්ධො අරියසාවකො”ති එවං කිත්තිං පප්පොති. දදන්ති යංකිඤ්චි ඉච්ඡිතපත්ථිතං දදන්තො මිත්තානි ගන්ථති, සම්පාදෙති කරොතීති අත්ථො. දුද්දදං වා දදං තං ගන්ථති. දානමුඛෙන වා චත්තාරිපි සඞ්ගහවත්ථූනි ගහිතානීති වෙදිතබ්බානි, තෙහි මිත්තානි කරොතීති වුත්තං හොති.
දැන් එතැනින් පසුව ඉතිරි ප්‍රශ්න තුන විසඳන සේක් යන මේ ගාථාව වදාළ සේක. එහි දේශකාල ආදිය බැහැර නො කොට ලෞකික හෝ ලෝකෝත්තර ධනයට සමාන අධිගම “පතිරූපකාරී” වේ. ධුරවා චෛතසික වීර්ය වශයෙන් බැැහර නො කළ ධුර ඇත්තේ, උට්ඨාතා “යො ච සීතඤ්ච උණ්හඤ්ච තිණා භිය්යො න මඤ්ඤති” (යමෙක් ශීතලත් උෂ්ණයත් තණ කොළවලට වඩා වැඩි යමක් කොට නො සිතයි.”) ආදි වශයෙන් කී පරිදි කායික වීර්යයෙන් උත්සාහවන්ත වූ ලිහිල් නො කළ පරාක්‍රමය (ධෛර්යය) ඇත්තේ. වින්දතෙ ධනං චුල්ලන්තේවාසිකයා මෙන් එක් මීයකු නිසා නොබෝ කලකින් ම සාරලක්ෂයක් ලෞකික ධනය ද, මහල්ලකමහාතිස්ස තෙරුන් මෙන් ලෝකොත්තර ධනය ද ලබයි. උන්වහන්සේ ඉරියව් තුනෙන් ම වසන්නෙමි යි වතාවත් කොට ථීනමිද්ධය එන වේලාවට පිදුරු දරණුවක් තෙමා හිසේ තබා කරක් පමණ වනතුරු ජලයෙහි බැස ථීනමිද්ධය වළක්වන්නේ වසර දහයකින් අර්හත් බවට පත් වූහ. වචී සත්‍යයෙන් සත්‍යවාදී ය, භූතවාදී ය යි ද, පරමාර්ථ සත්‍යයෙන් බුදු, පසේ බුදු, අරියසාවක යි ද, මෙසේ කිත්තිං පප්පොති (කීර්තියට පත් වෙයි); දදං යමක් කැමති ද පනත ලද ද එය දෙමින්, මිත්තානි ගන්ථති සැපයීම කරයි. කරයි යන අර්ථ යි. නොදෙන්නන් හෝ දෙන්නන් කර ගනී, ‘දාන’ යන්නෙන් සතර සංග්‍රහ වස්තු හෝ ගන්නා ලදැයි දත යුතු ය. එමගින් මිතුරන් සදයි යනු අරුත යි.
එවං ගහට්ඨපබ්බජිතානං සාධාරණෙන ලොකියලොකුත්තරමිස්සකෙන නයෙන චත්තාරො පඤ්හෙ විස්සජ්ජෙත්වා ඉදානි “කථං පෙච්ච න සොචතී”ති ඉමං පඤ්චමං පඤ්හං ගහට්ඨවසෙන විස්සජ්ජෙන්තො යස්සෙතෙතිආදීමාහ.
මෙසේ ගිහි පැවිදි අයට පොදු ලෞකික ලෝකෝත්තර වශයෙන් මිශ්‍ර වූ ප්‍රශ්න සතර විසඳා දැන් කථං පෙච්ච න සොචති (කෙසේ නම් පරලොව ගොස් ශෝක නො කරයි ද?) යනුවෙන් මේ පස්වැන්න ගෘහස්ථ වශයෙන් විසඳමින් යස්සෙතෙ ආදිය පැවසූ සේක.
තස්සත්ථො – යස්ස “සද්දහානො අරහත”න්ති එත්ථ වුත්තාය සබ්බකල්යාණධම්මුප්පාදිකාය සද්ධාය සමන්නාගතත්තා සද්ධස්ස, ඝරමෙසිනොති ඝරාවාසං පඤ්ච වා කාමගුණෙ එසන්තස්ස ගවෙසන්තස්ස කාමභොගිනො ගහට්ඨස්ස “සච්චෙන කිත්තිං පප්පොතී”ති එත්ථ වුත්තප්පකාරං සච්චං. “සුස්සූසං ලභතෙ පඤ්ඤ”න්ති එත්ථ සුස්සූසපඤ්ඤානාමෙන වුත්තොව දමො. “ධුරවා උට්ඨාතා”ති එත්ථ ධුරනාමෙන උට්ඨානනාමෙන ච වුත්තා ධිති. “දදං මිත්තානි ගන්ථතී”ති එත්ථ වුත්තප්පකාරො චාගො චාති එතෙ චතුරො ධම්මා සන්ති. ස වෙ පෙච්ච න සොචතීති ඉධලොකා පරලොකං ගන්ත්වා ස වෙ න සොචතීති.
එහි අර්ථය - යස්ස “සද්දහානො අරහං” යි මෙහි කියන ලද සියලු කල්‍යාණ ධර්ම උත්පාදනය කරන ශ්‍රද්ධාවෙන් සමන්නාගත බැවින් සද්ධස්ස ඝරමෙසිනො ඝරාවාසය (ගිහිගෙය) හෝ පඤ්චකාම ගුණය සොයන - ගවේෂණය කරන - කාමභෝගී ගිහියාට, “සත්‍යයෙන් කීර්තියට පැමිණේ” යි මෙහි කී ආකාරයට සච්චං (සත්‍යය), “සුස්සූසා ලභතෙ පඤ්ඤං” (අසනු කැමැත්ත හේතු කොට ගෙන ප්‍රඥාව ලබයි) යන මෙහි අසනු කැමැත්ත, ප්‍රඥා නාමයෙන් කියන ලද ධම්මො (ධර්මය), “ධුරවා උට්ඨාතා” (බහා නො තැබූ ධුර ඇති-උට්ඨාන වීර්යය ඇති-තැනැත්තේ) යන මෙහි ධුරනාමයෙනුත් උට්ඨාන නාමයෙනුත් කියන ලද. ධිති (ධෘතිය); “දදං මිත්තානි ගන්ථති” (දන් දෙන්නේ මිත්‍රයන් බැඳ ගනී) යන මෙහි කියන ලද ප්‍රකාර චාගො (ත්‍යාග); එතෙ චතුරො ධම්මා (මේ කරුණු සතර) වේ. ස වෙ පෙච්ච න සොවති මේ ලෝකයෙන් පර ලොවට ගොස්, ඔහු පරලොව ශෝක නො කරයි යනු යි.
එවං භගවා පඤ්චමම්පි පඤ්හං විස්සජ්ජෙත්වා තං යක්ඛං චොදෙන්තො ඉඞ්ඝ අඤ්ඤෙපීතිආදිමාහ.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ පස්වැනි ප්‍රශ්නයත් විසඳා ඒ යක්ෂයා පොළඹවන්නේ ඉඞ්ඝ අඤ්ඤෙපි ආදිය කී සේක.
තත්ථ ඉඞ්ඝාති චොදනත්ථෙ නිපාතො. අඤ්ඤෙපීති අඤ්ඤෙපි ධම්මෙ පුථූ සමණබ්රාහ්මණෙ පුච්ඡස්සු. අඤ්ඤෙපි වා පූරණාදයො සබ්බඤ්ඤුපටිඤ්ඤෙ පුථූ සමණබ්රාහ්මණෙ පුච්ඡස්සු. යදි අම්හෙහි “සච්චෙන කිත්තිං පප්පොතී”ති එත්ථ වුත්තප්පකාරා සච්චා භිය්යො කිත්තිප්පත්තිකාරණං වා, “සුස්සූසං ලභතෙ පඤ්ඤ”න්ති එත්ථ සුස්සූසාති පඤ්ඤාපදෙසෙන වුත්තා දම්මා භිය්යො ලොකියලොකුත්තරපඤ්ඤාපටිලාභකාරණං වා, “දදං මිත්තානි ගන්ථතී”ති එත්ථ වුත්තප්පකාරා චාගා භිය්යො මිත්තගන්ථනකාරණං වා, “ධුරවා උට්ඨාතා”ති එත්ථ තං තං අත්ථවසං පටිච්ච ධුරනාමෙන උට්ඨානනාමෙන ච වුත්තාය මහාභාරසහනත්ථෙන උස්සොළ්හිභාවප්පත්තාය වීරියසඞ්ඛාතාය ඛන්ත්‍යා භිය්යො ලොකියලොකුත්තරධනවින්දනකාරණං වා, “සච්චං දම්මො ධිති චාගො”ති එවං වුත්තෙහි ඉමෙහෙව චතූහි ධම්මෙහි භිය්යො අස්මා ලොකා පරං ලොකං පෙච්ච අසොචනකාරණං වා ඉධ විජ්ජතීති අයමෙත්ථ සද්ධිං සඞ්ඛෙපයොජනාය අත්ථවණ්ණනා. විත්ථාරතො පන එකමෙකං පදං අත්ථුද්ධාරපදුද්ධාරපදවණ්ණනානයෙහි විභජිත්වා වෙදිතබ්බා.
එහි, ඉඞ්ග පෙළඹවීම් අර්ථයෙහි නිපාතයකි. අඤ්ඤෙපි අන්‍ය වූ ප්‍රශ්න ධර්ම පුථුසමණබ්රාහ්මණෙ පුච්ඡස්සු නැතහොත් පූරණ (කාශ්‍යප) ආදි සර්වඥ ලෙස පිළිපන් බොහෝ අන්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණයන් විමසව, ඉදින් අප විසින්, “සච්චෙන කිත්තිං පප්පොති” (සත්‍යයෙන් කීර්තියට පැමිණෙයි) යනුවෙන් මෙහි කියන ලද ආකාරයට සත්‍යයට වඩා කීර්තියට පැමිණීමේ (අන්) හේතුවක් හෝ, “සුස්සුසා ලභතෙ පඤ්ඤං” (අසනු කැමැත්තෙන් ප්‍රඥාව ලබයි) යන මෙහි ‘අසනු කැමැත්ත’ යනු ප්‍රඥාව යයි දක්වමින් කියන ලද ධර්මයට වැඩි ලෞකික ලෝකෝත්තර ප්‍රඥා ලාභය ඇති කරන (වෙනත්) හේතුවක් හෝ, “දදං මිත්තානි ගන්ථති” (දෙන්නේ මිතුරන් ඇති කර ගනී) යනුවෙන් මෙහි කියන ලද ත්‍යාගයට (දානයට) වැඩි මිත්‍රයන් සපයන (වෙනස්) කාරණයක් හෝ, “ධුරවා උට්ඨාතා” (බහා නො තැබූ ධුර ඇති උට්ඨාන වීර්යය ඇති) යන මෙහි ඒ ඒ අර්ථය පදනම් කොට ගෙන ‘ධුර’ නාමයෙනුත් ‘උට්ඨාන’ නාමයෙනුත් කියන ලද මහ බරක් දරා සිටීම අර්ථයෙන් උත්සාහවන්ත භාවයට පත් වීර්ය සංඛ්‍යාත වූ ඉවසීමට වැඩි ලෞකික ලෝකෝත්තර ධනය ලබන (වෙනත්) හේතුවක් හෝ, “සච්චං ධම්මො ධිති චාගො” (සත්‍යය ධර්මය ධෛර්යය ත්‍යාගය)’ යි මෙසේ කියන ලද මේ ධර්ම සතරට වැඩි මේ ලෝකයෙන් පරලෝකයට (මිය) ගොස් ශෝක නො කිරීමේ (වෙනත්) හේතුවක් හෝ මෙහි විද්‍යමාන නො වේ. මෙය මෙහි ලුහුඬු යෙදීම සමග අර්ථ වර්ණනාව යි. විස්තර වශයෙන් එක් එක් පදයක් අර්ථ ද, උද්ධරණය කිරීම - පද උද්ධරණය කිරීම - පද වර්ණනා කිරීම යන ක්‍රමවලින් බෙදා දත යුත්තේ ය.
එවං වුත්තෙ යක්ඛො යෙන සංසයෙන අඤ්ඤෙ පුච්ඡෙය්ය, තස්ස පහීනත්තා කථං නු දානි පුච්ඡෙය්යං, පුථූ සමණබ්රාහ්මණෙති වත්වා යෙපිස්ස අපුච්ඡනකාරණං න ජානන්ති, තෙපි ජානාපෙන්තො යොහං අජ්ජපජානාමි, යො අත්ථො සම්පරායිකොති ආහ.
මෙසේ කී කල යක්ෂයා යම් සැකයකින් වෙනත් ප්‍රශ්න විමසන්නේ ද, එය (එම සැකය) පහවූ බැවින් කථන්නුදානි පුච්ඡෙය්යං පුථු සමණ බ්රාහ්මණෙ (දැන් බොහෝ වූ මහණ බමුණන් කුමකට විචාරන්නෙම් ද?) යි කියා, ඔහු ප්‍රශ්න නො කරන හේතුව යම් කෙනෙක් නො දනිද්ද ඔවුනට ද දැනගැනීමට සලස්වමින් “සොහං අජ්ජ පජානාමි යොචත්ථො සම්පරායිකො” යි කී ය.
තත්ථ අජ්ජාති අජ්ජාදිං කත්වාති අධිප්පායො. පජානාමීති යථාවුත්තෙන පකාරෙන ජානාමි. යො අත්ථොති එත්තාවතා “සුස්සූසං ලභතෙ පඤ්ඤ”න්තිආදිනා නයෙන වුත්තං දිට්ඨධම්මිකං දස්සෙති. සම්පරායිකොති ඉමිනා “යස්සෙතෙ චතුරො ධම්මා”ති වුත්තං පෙච්ච සොකාභාවකාරණං සම්පරායිකං. අත්ථොති ච කාරණස්සෙතං අධිවචනං. අයං හි අත්ථසද්දො “සාත්ථං සබ්‍යඤ්ජන”න්ති එවමාදීසු (පාරා· 1; දී· නි· 1.255) පාඨත්ථෙ වත්තති. “අත්ථො මෙ, ගහපති, හිරඤ්ඤසුවණ්ණෙනා”තිආදීසු (දී· නි· 2.250; ම· නි· 3.258) විචක්ඛණෙ. “හොති සීලවතං අත්ථො”තිආදීසු (ජා· 1.1.11) වුඩ්ඪිම්හි. “බහුජනො භජතෙ අත්ථහෙතූ”තිආදීසු ධනෙ. “උභින්නමත්ථං චරතී”තිආදීසු (ජා· 1.7.66; සං· නි· 1.250; ථෙරගා· 443) හිතෙ. “අත්ථෙ ජාතෙ ච පණ්ඩිත”න්තිආදීසු (ජා· 1.1.92) කාරණෙ. ඉධ පන කාරණෙ. තස්මා යං පඤ්ඤාදිලාභාදීනං කාරණං දිට්ඨධම්මිකං, යඤ්ච පෙච්ච සොකාභාවස්ස කාරණං සම්පරායිකං, තං යොහං අජ්ජ භගවතා වුත්තනයෙන සාමංයෙව පජානාමි, සො කථං නු දානි පුච්ඡෙය්යං පුථූ සමණබ්රාහ්මණෙති එවමෙත්ථ සඞ්ඛෙපතො අත්ථො වෙදිතබ්බො.
එහි අජ්ජ අද පටන් කොට යන අදහස යි. පජානාමි කියන ලද පරිදි දනිමි. යො චත්ථො මෙපමණකින් “සුස්සූසා ලභතෙ පඤ්ඤං” ආදි ක්‍රමයට කියන ලද ‘දිට්ඨධම්මික’ අර්ථය දක්වයි. සම්පරායිකො: මෙයින්, “යස්සෙතෙ චතුරො ධම්මා” යි කියන ලද මරණින් පසු (පරලොව) ශෝක නැති බව සහිත සම්පරායික අර්ථය (දක්වයි). ‘අර්ථ’ යන්න ද ‘කාරණ’ (හේතු) යන්නට සමානාර්ථ වචනයකි මේ ‘අර්ථ’ ශබ්දය: “සාත්ථං සබ්යඤ්ජනං” යන තැන්වල ‘පද’ අර්ථයෙහි පවතී. “අත්ථො මෙ ගහපති හිරඤ්ඤසුවණ්ණෙන” ආදි තැන්වල ප්‍රකාශ කිරීමෙහි ය. “හොති සීලවතං අත්ථො” යන ආදි තැන්වල වෘද්ධියෙහි ය. “බහුජනො භජතෙ අත්ථහෙතු” ආදියෙහි ධනයෙහි ය. “උභින්නමත්ථං චරති” යන තැන්වල යහපතෙහි ය. “අත්ථෙ ජාතෙ ච පණ්ඩිතං” යනාදි තැන්වල කාරණයෙහි ය. මෙහි කාරණයෙහි ය. එහෙයින් යමක් ප්‍රඥා ආදිය ලැබීමට කාරණ (හේතු) වන ‘දිට්ඨධම්මික’ (අර්ථය) වේ ද, යමක් මරණින් මතු ශෝකය නොමැති වීමේ කාරණය වන ‘සම්පරායික’ (අර්ථය) වේ ද එය මම අද භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද ආකාරයට පෞද්ගලිකව ම දනිමි. ඒ මම කුමට දැන් බොහෝ වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙන් විමසන්නෙම් ද? මෙසේ එහි අර්ථය ලුහුඬින් දත යුත්තේ ය.
එවං යක්ඛො “පජානාමි යො අත්ථො සම්පරායිකො”ති වත්වා තස්ස ඤාණස්ස භගවංමූලකත්තං දස්සෙන්තො අත්ථාය වත මෙ බුද්ධොති ආහ. තත්ථ අත්ථායාති හිතාය වුඩ්ඪියා ච. යත්ථ දින්නං මහප්ඵලන්ති “යස්සෙතෙ චතුරො ධම්මා”ති එත්ථ වුත්තචාගෙන යත්ථ දින්නං මහප්ඵලං, තං අග්ගදක්ඛිණෙය්යං බුද්ධං පජානාමීති අත්ථො. කෙචි පන “සඞ්ඝං සන්ධාය එවමාහා”ති භණන්ති.
මෙසේ යක්ෂයා ‘පජානාමි යොචත්ථො සම්පරායිකො” (සම්පරායික වූ යම් අර්ථයක් (වේ) ද කියා, ඒ ඥානයට මූලකාරක වූයේ භාග්‍යවතුන් වහන්සේ යයි පෙන්වන්නේ අත්ථාය වත මෙ බුද්ධො යි කී ය. එහි අත්ථාය හිත පිණිස, වෘද්ධිය පිණිස ද, යත්ථ දින්නං මහප්ඵලං “යස්සෙතෙ චතුරො ධම්මා” (යමෙකුට මේ දහම් සතර වේ නම්) යි මෙහි කියන ලද දානයෙන් යම් තැනකට (කෙනෙකුට) දෙන ලද්දේ ද, මහත් ඵල වේ ද ඒ අග්රදක්ෂිණාවෙන් පිදිය යුතු බුදුන් වහන්සේ දනිමි යනු අර්ථ යි. සමහරු සංඝයා අරභයා මෙසේ කියතියි පවසති.
එවං ඉමාය ගාථාය අත්තනො හිතාධිගමං දස්සෙත්වා ඉදානි සහිතපටිපත්තිං දීපෙන්තො සො අහං විචරිස්සාමීතිආදිමාහ.
මෙසේ මේ ගාථාවෙන් තමාගේ හිතාධිගමය දක්වා දැන් අනුන්ගේ අභිවෘද්ධි ප්‍රතිපත්තිය විදහා පාන්නේ සො අහං විචරිස්සාමි ආදිය කී ය.
තත්ථ ගාමා ගාමන්ති දෙවගාමා දෙවගාමං. පුරා පුරන්ති දෙවනගරතො දෙවනගරං. නමස්සමානො සම්බුද්ධං, ධම්මස්ස ච සුධම්මතන්ති “සම්මාසම්බුද්ධො වත භගවා, ස්වාක්ඛාතො වත භගවතො ධම්මො”තිආදිනා නයෙන බුද්ධසුබොධිතඤ්ච ධම්මසුධම්මතඤ්ච ච-සද්දෙන “සුප්පටිපන්නො වත භගවතො සාවකසඞ්ඝො”තිආදිනා සඞ්ඝසුප්පටිපත්තිඤ්ච අභිත්ථවිත්වා නමස්සමානො ධම්මඝොසකො හුත්වා විචරිස්සාමීති වුත්තං හොති.
එහි ගාමාගාමං දේවග්රාමයෙන් දේවග්රාමයට පුරාපුරං දේව නගරයෙන් දේව නගරයට නමස්සමානො සම්බුද්ධං ධම්මස්ස ච සුධම්මතං භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයහ, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මැනවින් ප්‍රකාශ කරන ලද්දේ ය, ආදි ක්‍රමයෙන් බුදුන් වහන්සේගේ සුබෝධිත භාවය ද ධර්මයේ සුධර්‍මතාව ද ච ශබ්දයෙන් ‘සුපටිපන්නො භගවතො සාවකසංඝො’ යනාදි ක්‍රමයෙන් සංඝයාගේ සුපටිපන්න භාවය ද ප්‍රශංසා කොට නමස්කාර කරමින් ධර්මඝෝෂකයකු වී සැරිසරන්නෙමි යි කියන ලද්දේ වේ.
එවමිමාය ගාථාය පරියොසානඤ්ච රත්තිවිභාවනඤ්ච සාධුකාරසද්දුට්ඨානඤ්ච ආළවකකුමාරස්ස යක්ඛභවනං ආනයනඤ්ච එකක්ඛණෙයෙව අහොසි. රාජපුරිසා සාධුකාරසද්දං සුත්වා – “එවරූපො සාධුකාරසද්දො ඨපෙත්වා බුද්ධෙ න අඤ්ඤෙසං අබ්භුග්ගච්ඡති, ආගතො නු ඛො භගවා”ති ආවජ්ජෙන්තා භගවතො සරීරප්පභං දිස්වා පුබ්බෙ විය බහි අට්ඨත්වා නිබ්බිසඞ්කා අන්තොයෙව පවිසිත්වා අද්දසංසු භගවන්තං යක්ඛස්ස භවනෙ නිසින්නං, යක්ඛඤ්ච අඤ්ජලිං පග්ගහෙත්වා ඨිතං. දිස්වාන යක්ඛං ආහංසු – “අයං තෙ, මහායක්ඛ, රාජකුමාරො බලිකම්මාය ආනීතො, හන්ද නං ඛාද වා භුඤ්ජ වා, යථාපච්චයං වා කරොහී”ති. සො සොතාපන්නත්තා ලජ්ජිතො විසෙසෙන ච භගවතො පුරතො එවං වුච්චමානො අථ තං කුමාරං උභොහි හත්ථෙහි පටිග්ගහෙත්වා භගවතො උපනාමෙසි “අයං, භන්තෙ, කුමාරො මය්හං පෙසිතො, ඉමාහං භගවතො දම්මි, හිතානුකම්පකා බුද්ධා, පටිග්ගණ්හාතු, භන්තෙ, භගවා ඉමං දාරකං ඉමස්ස හිතත්ථාය සුඛත්ථායා”ති ඉමඤ්ච ගාථමාහ –
මෙසේ මේ ගාථාවේ අවසානයත් රෑ පහන් වීමත් සාධුකාර ශබ්ද නැගීමත් ආළවක කුමාරයා යක්ෂ භවනයට පැමිණීම්ත එක ම මොහොතේ දී විය. රාජ පුරුෂයෝ මේ ශබ්දය අසා මේ ආකාරයේ සාධුකාර ශබ්දයක් බුදුන් වහන්සේට හැර වෙනත් කෙනෙකුට පහළ නො වේ. භාග්‍යවතුන් වහන්සේ පැමිණියෝ වත් දැයි විමසන්නාහු භාග්‍යවතුන් වහන්සේගේ ශරීර ප්‍රභාව දැක පෙර දී මෙන් පිටත නො සිට සැක සංකා රහිත ව ඇතුළට ම පිවිස යකුගේ භවනයෙහි සිටින භාග්‍යවතුන් වහන්සේත් ඇඳිලි බැඳ සිටින යකුත් දුටහ. දැක යක්ෂයාට (මෙසේ) කීහ. “මහා යක්ෂයාණනි, මේ රාජකුමාරයා ඔබට බිලි කිරීම පිණිස ගෙනෙන ලද්දේ ය. ඔහු කනු මැනවි, නැතහොත් බුදිනු මැනවි, නැතහොත් සුදුසු දෙයක් කරනු මැනවි යි. හේ සෝවාන් වූයේ, විශේෂයෙන් භාග්‍යවතුන් ඉදිරියේ මෙසේ පවසනු ලබද්දී ලජ්ජාවට පත් වූයේ ය. ඉක්බිති ඒ කුමාරයා දෑතින් පිළිගෙන බුදුන් වහන්සේට පිරිනැමී ය. ස්වාමීනි, මේ කුමාරයා මා හට එවා ඇත. මම ඔහු භාග්‍යවතුන් වහන්සේට දෙමි. බුදුන් වහන්සේලා හිතානුකම්පක වූවෝ ය. ස්වාමීනි, මේ දරුවා ඔහුගේ හිතසුව පිණිස සැප පිණිස පිළිගන්නා සේක්වා’ මේ ගාථාව ද කී ය;
“ඉමං කුමාරං සතපුඤ්ඤලක්ඛණං, සබ්බඞ්ගුපෙතං පරිපුණ්ණබ්යඤ්ජනං; උදග්ගචිත්තො සුමනො දදාමි තෙ, පටිග්ගහ ලොකහිතාය චක්ඛුමා”ති.
ඉමං කුමාරං සතපුඤ්ඤලක්ඛණං සබ්බඞ්ගුපෙතං පරිපුණ්ණබ්යඤ්ජනං උදග්ගචිත්තො සුමනො දදාමි තෙ පටිග්ගහා ලොකහිතාය චක්ඛුමා
(නුවණ නමැති) ඇස් ඇත්තාණනි, උත්කෘෂ්ට සිත් ඇත්තෙමි. මනා සිත් ඇත්තෙමි, සිය (ගණන්) පුණ්‍ය ලක්ෂණවලින් යුතු වූ, සියලු අංගයන්ගෙන් සමන්විත වූ, සියලු නිසග ගුණවලින් පිරිපුන් මේ කුමාරයා ලෝ වැඩ පිණිස ඔබ වහන්සේට පවරමි. පිළිගන්නා සේක්වා”
පටිග්ගහෙසි භගවා කුමාරං. පටිග්ගණ්හන්තො ච යක්ඛස්ස ච කුමාරස්ස ච මඞ්ගලකරණත්ථං පාදූනගාථං අභාසි. තං යක්ඛො කුමාරං සරණං ගමෙන්තො තික්ඛත්තුං චතුත්ථපාදෙන පූරෙසි. සෙය්යථිදං –
භාග්‍යවතුන් වහන්සේ කුමාරයා පිළිගත් සේක. පිළිගන්නා අතර ම යක්ෂයාටත් කුමාරයාටත් මංගලයක් කරනු පිණිස එක් පාදයක් අඩු ගාථාවක් දෙසූහ. යක්ෂයා කුමාරයා (තෙරුවන්) සරණ යවමින් තුන් වරක් (කියා) සිවු වැනි පාදය පිරවී ය. කෙසේ ද යත්:
“දීඝායුකො හොතු අයං කුමාරො, තුවඤ්ච යක්ඛ සුඛිතො භවාහි; අබ්යාධිතා ලොකහිතාය තිට්ඨථ, අයං කුමාරො සරණමුපෙති බුද්ධං; අයං කුමාරො සරණමුපෙති ධම්මං; අයං කුමාරො සරණමුපෙති සඞ්ඝ”න්ති.
දීඝායුකො හොතු අයං කුමාරො තුවඤ්ච යක්ඛ සුඛිතො භවාහි අඛ්යාධිතා ලොකහිතාය තිට්ඨථ අයං කුමාරො සරණමුපෙති බුද්ධං -පෙ- ධම්මං -පෙ- සංඝං”
“මේ කුමාරයා දීර්ඝායුෂ්ක වේවා! යක්ෂය, ඔබ ද සුඛිත වන්නෙහි ය. ලෝ වැඩ පිණිස නීරෝගී ව සිටිනු. මේ කුමාරයා බුදුන් සරණ යයි...... දහම් සරණ යයි..... සඟුන් (සරණ යයි)”
අථ භගවා කුමාරං රාජපුරිසානං අදාසි – “ඉමං වඩ්ඪෙත්වා පුන මමෙව දෙථා”ති. එවං සො කුමාරො රාජපුරිසානං හත්ථතො යක්ඛස්ස හත්ථං, යක්ඛස්ස හත්ථතො භගවතො හත්ථං, භගවතො හත්ථතො පුන රාජපුරිසානං හත්ථං ගතත්තා නාමතො “හත්ථකො ආළවකො”ති ජාතො. තං ආදාය පටිනිවත්තෙ රාජපුරිසෙ දිස්වා කස්සකවනකම්මිකාදයො “කිං යක්ඛො කුමාරං අතිදහරත්තා න ඉච්ඡී”ති? භීතා පුච්ඡිංසු. රාජපුරිසා “මා භායථ. ඛෙමං කතං භගවතා”ති සබ්බමාරොචෙසුං. තතො “සාධු සාධූ”ති සකලං ආළවිනගරං එකකොලාහලෙන යක්ඛාභිමුඛං අහොසි. යක්ඛොපි භගවතො භික්ඛාචාරකාලෙ අනුප්පත්තෙ පත්තචීවරං ගහෙත්වා උපඩ්ඪමග්ගං අනුගන්ත්වා නිවත්ති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මොහු හදා වඩා මට ම දෙවයි කුමාරයා රාජ පුරුෂයනට භාර දුන් සේක. මෙසේ ඒ කුමාරයා රාජ පුරුෂයන්ගේ අතින් යක්ෂයාගේ අතට, යක්ෂයාගේ අතින් යළි භාග්‍යවතුන් වහන්සේගේ අතට, භාග්‍යවතුන් වහන්සේගේ අතින් රාජ පුරුෂයන්ගේ අතට ගිය බැවින් නමින් හත්ථක ආළවක යි හැඳින්විණි. ඔහු රැගෙන ආපසු එන රාජපුරුෂයන් දැක ගොවි, වන, කාර්මික ආදීහු, ‘කිම යක්ෂයා කුමාරයා ඉතා ළදරු හෙයින් නො කැමැති වී දැයි බිය වී (ඒ ගැන) විමසූහ. රාජපුරුෂයෝ “බිය නො වව්, භාග්‍යවතුන් වහන්සේ විසින් අභය දෙන ලදි” යි සියල්ල දැන්වූහ. ඉන් පසු “සාධු සාධු” යි මුළු අළවු නගරය එක ම හඬක් නගමින් (අළව්) යකු දෙසට හැරිණි. යක්ෂයා ද භාග්‍යවතුන් වහන්සේගේ භික්ෂාචාර වේලාව පැමිණි කල්හි පාසිවුරු ගෙන මගක් ගොස් නැවතුනේ ය.
අථ භගවා නගරෙ පිණ්ඩාය චරිත්වා කතභත්තකිච්චො නගරද්වාරෙ අඤ්ඤතරස්මිං විවිත්තෙ රුක්ඛමූලෙ පඤ්ඤත්තබුද්ධාසනෙ නිසීදි. තතො මහාජනකායෙන සද්ධිං රාජා ච නාගරා ච එකතො සම්පිණ්ඩිත්වා භගවන්තං උපසඞ්කම්ම වන්දිත්වා පරිවාරෙත්වා නිසින්නා – “කථං, භන්තෙ, එවං දාරුණං යක්ඛං දමයිත්ථා”ති පුච්ඡිංසු. තෙසං භගවා යුද්ධමාදිං කත්වා “එවං නවවිධං වස්සං වස්සෙත්වා එවං විභිංසනකං අකාසි, එවං පඤ්හං පුච්ඡි. තස්සාහං එවං විස්සජ්ජෙසි”න්ති තමෙවාළවකසුත්තං කථෙසි. කථාපරියොසානෙ චතුරාසීතිපාණසහස්සානං ධම්මාභිසමයො අහොසි. තතො රාජා චෙව නාගරා ච වෙස්සවණමහාරාජස්ස භවනසමීපෙ යක්ඛස්ස භවනං කත්වා පුප්ඵගන්ධාදිසක්කාරුපෙතං නිච්චබලිං පවත්තෙසුං.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නගරයෙහි පිඬු පිණිස හැසිර බත් කිස කළ සේක් නගර දොරටුවෙහි එක් විවේකී රුකක් මුල පනවන ලද උතුම් බුද්ධාසනයෙහි වැඩ සිටි සේක. පසුව මහජනයා සමග රජතුමාත් නගර වැස්සෝත් එකට රැස්ව භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, වැඳ පිරිවරා සිටිමින්, “ස්වාමීනි, කෙසේ නම් මෙබඳු දරුණු යකෙකු දමනය කළ සේක් දැයි විමසූහ. භාග්‍යවතුන් වහන්සේ යුද්ධ පළමු කොට වූ නව විධ වර්ෂාවක් වස්වා මෙසේ භීෂණයක් කළේ ය. මෙසේ ප්‍රශ්න කළේ ය. ඔහුට මම මෙසේ (ප්‍රශ්න) විසඳූයෙමි” යි ඒ ආළවක සූත්‍රය ම දේශනා කළ සේක. සූත්‍රය අවසානයෙහි දී අසූ හාරදහසක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය වී ය. ඉන්පසු රජතුමාත් නගර වැස්සෝත් වෛශ්‍රවණ මහරජුගේ භවන සමීපයෙහි යකු හට භවනක් තනවා මල්-සුවඳ සත්කාර නිත්‍ය බලි පැවැත්වූවෝ ය.
තඤ්ච කුමාරං විඤ්ඤුතං පත්තං “ත්වං භගවන්තං නිස්සාය ජීවිතං ලභි, ගච්ඡ භගවන්තංයෙව පයිරුපාසස්සු භික්ඛුසඞ්ඝඤ්චා”ති විස්සජ්ජෙසුං. සො භගවන්තඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච පයිරුපාසමානො නචිරස්සෙව අනාගාමිඵලෙ පතිට්ඨාය සබ්බං බුද්ධවචනං උග්ගහෙත්වා පඤ්චසතඋපාසකපරිවාරො අහොසි. භගවා ච නං එතදග්ගෙ නිද්දිසි – “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං උපාසකානං චතූහි සඞ්ගහවත්ථූහි පරිසං සඞ්ගණ්හන්තානං යදිදං හත්ථකො ආළවකො”ති (අ· නි· 1.251).
දැනුම් තේරුම් ඇති වූ විට ඒ කුමාරයා ඔබ භාග්‍යවතුන් වහන්සේ නිසා ජීවිතය ලද්දෙහි, යනු මැනවි, භාග්‍යවතුන් වහන්සේත් භික්ෂු සංඝයාත් ඇසුරු කරනු’යි යැවූහ. හේ භාග්‍යවතුන් වහන්සේත් භික්ෂු සංඝයාත් ඇසුරු කරන්නේ නො බෝ කලකින් ම අනාගාමි ඵලයෙහි පිහිටා සියලු බුදුවදන් ඉගෙන පන්සියයක් උවසුන් පිරිවර කොට සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ ද එතුමන් “ඒතදග්රයෙන්” නිර්දේශ කළහ.” මහණෙනි, සතර සංග්‍රහ වස්තුවෙන් පිරිසට සංග්‍රහ කරන මගේ ශ්‍රාවකයන් උපාසකයන් අතර හත්ථක ආළවක ‘අග්‍ර’ යි.
ද්වාදසමං.
දොළොස් වැනි සූත්‍රය යි.
ඉති සාරත්ථප්පකාසිනියා සංයුත්තනිකාය-අට්ඨකථාය යක්ඛසංයුත්තවණ්ණනා නිට්ඨිතා.
මෙසේ යක්ඛ සංයුත්ත වර්ණනාව නිමියේ ය.