1. ඉන්දකසුත්තවණ්ණනා අට්ඨකථා
1. ඉන්දකසුත්තවණ්ණනා
1. ඉන්දක සූත්‍ර වර්ණනාව
යක්ඛසංයුත්තස්ස පඨමෙ ඉන්දකස්සාති ඉන්දකූටනිවාසිනො යක්ඛස්ස. යක්ඛතො හි කූටෙන, කූටතො ච යක්ඛෙන නාමං ලද්ධං. රූපං න ජීවන්ති වදන්තීති යදි බුද්ධා රූපං ජීවන්ති න වදන්ති, යදි රූපං සත්තො පුග්ගලොති එවං න වදන්තීති අත්ථො. කථං න්වයන්ති කථං නු අයං? කුතස්ස අට්ඨීයකපිණ්ඩමෙතීති අස්ස සත්තස්ස අට්ඨියකපිණ්ඩඤ්ච කුතො ආගච්ඡති? එත්ථ ච අට්ඨිග්ගහණෙන තීණි අට්ඨිසතානි, යකපිණ්ඩග්ගහණෙන නව මංසපෙසිසතානි ගහිතානි. යදි රූපං න ජීවො, අථස්ස ඉමානි ච අට්ඨීනි ඉමා ච මංසපෙසියො කුතො ආගච්ඡන්තීති පුච්ඡති. කථං න්වයං සජ්ජති ගබ්භරස්මින්ති කෙන නු කාරණෙන අයං සත්තො මාතුකුච්ඡිස්මිං සජ්ජති ලග්ගති, තිට්ඨතීති? පුග්ගලවාදී කිරෙස යක්ඛො, “එකප්පහාරෙනෙව සත්තො මාතුකුච්ඡිස්මිං නිබ්බත්තතී”ති ගහෙත්වා ගබ්භසෙය්යකසත්තස්ස මාතා මච්ඡමංසාදීනි ඛාදති, සබ්බානි එකරත්තිවාසෙන පචිත්වා ඵෙණං විය විලීයන්ති. යදි රූපං සත්තො න භවෙය්ය, එවමෙව විලීයෙය්යාති ලද්ධියා එවමාහ. අථස්ස භගවා – “න මාතුකුච්ඡිස්මිං එකප්පහාරෙනෙව නිබ්බත්තති, අනුපුබ්බෙන පන වඩ්ඪතී”ති දස්සෙන්තො පඨමං කලලං හොතීතිආදිමාහ. තත්ථ පඨමන්ති පඨමෙන පටිසන්ධිවිඤ්ඤාණෙන සද්ධිං තිස්සොති වා ඵුස්සොති වා නාමං නත්ථි, අථ ඛො තීහි ජාතිඋණ්ණංසූහි කතසුත්තග්ගෙ සණ්ඨිතතෙලබින්දුප්පමාණං කලලං හොති, යං සන්ධාය වුත්තං –
යක්ඛසංයුත්තයෙහි පළමු වැන්නේ ඉන්දකස්ස ඉන්ද්‍රකූට වැසි යකුගේ; යක්ෂයා නිසා කූටයෙනුත් කූටය නිසා යක්ෂයාගෙනුත් නම ලැබිණි. න ජීවන්ති වදන්ති ඉදින් බුදුවරු රූපය ජීවය යි නො කියත් ද, ඉදින් රූපය සත්ත්වයෙකි, පුද්ගලයෙකි යි මෙසේ නො කියති යනු අර්ථ යි. කථනන්වයං ‘කථං නු අයං’ කෙසේ නම් මෙතෙමේ; කුතස්ස අට්ඨි යකපිණ්ඩමෙති මේ සත්ත්වයාගේ ඇට හා අක්මා පිඬ කොහෙන් එයි ද? මෙහි ද ‘අට්ඨි’ (ඇට) ගැනීමෙන් ඇට තුන් සියය ද ‘යක පිණ්ඩ’ (අක්මා පිඬ) ගැනීමෙන් මාංශ පේශී නව සියය ද ගන්නා ලදි. ඉදින් රූපය ජීවය නො වේ නම් ඔහුගේ මේ ඇටත් මේ මාංශ පේශීත් කොහෙන් එත්දැයි ප්‍රශ්න කරයි. කථනන්වයං මජ්ජති ගබ්භරස්මිං කුමන කරුණකින් මේ සත්ත්වයා මව් කුසෙහි සැදෙයි ද, ලැගෙයි ද, සිටියි ද යනු යි. මේ යක්ෂයා පුද්ගලවාදියෙකි. සත්ත්වයා එක පැහැර මව්කුස තුළ බිහි වෙති යි ගෙන ගැබෙහි නිදන සත්ත්වයාගේ මව මත්ස්‍යමාංශ කයි. සියල්ල ම එක රැයක වාසයෙන් පැස (දිරවා) පෙන (දිය බුබුලක්) මෙන් වියැකී යයි. ඉදින් රූපය සත්ත්වයා නො වන්නේ නම් මෙසේ වැනසී යයි” යන ලබ්ධියෙන් මෙසේ කී ය. එවිට භාග්‍යවතුන් වහන්සේ ඔහුට “එක පැහැර ම මව්කුසෙහි නො උපදී. අනුපිළිවෙලින් වැඩෙයි” යි දක්වන සේක් පඨමං කලලං හොති ආදිය පැවසූ සේක. එහි පඨමං පළමු ප්රතිසන්ධි විඤ්ඤාණය සමග තිස්ස හෝ ඵුස්ස යි නමක් නැත. ඉක්බිති තුන් පුළුන් රොදකින් තැනූ නූලක වන් තෙල් බිඳුවක් පමණ වූ කලලං හොති (කලලයක් වෙයි), ඒ අරභයා කියන ලදි:
“තිලතෙලස්ස යථා බින්දු, සප්පිමණ්ඩො අනාවිලො; එවං වණ්ණප්පටිභාගං, කලලං සම්පවුච්චතී”ති.
තිලතෙලස්ස යථා බින්දු සප්පිමණ්ඩො අනාවිලො එවං වණ්ණපටිභාගං කලලං සම්පවුච්චති
(තලතෙල් බිඳුවක් - පිරිසිදු ගිතෙල් බිඳක් - යම් සේ වේ ද එබඳු වර්ණයක් සහිත වූයේ ඊට ‘කලල’ යි කියනු ලැබේ.)
කලලා හොති අබ්බුදන්ති තස්මා කලලා සත්තාහච්චයෙන මංසධොවනඋදකවණ්ණං අබ්බුදං නාම හොති, කලලන්ති නාමං අන්තරධායති. වුත්තම්පි චෙතං –
කලලා හොති අබ්බුදං ඒ කලලයෙන් සත් දිනකට පසු මස් සේදු වතුරෙහි පාට ඇති ‘අබ්බුද නම් වේ. ‘කලල’ යන නාමය අතුරුදහන් වේ. එය ද කියන ලදි:
“සත්තාහං කලලං හොති, පරිපක්කං සමූහතං; විවට්ටමානං තබ්භාවං, අබ්බුදං නාම ජායතී”ති.
සත්තාහං කලලං හොති පරිපක්කං සමූහතං විවට්ටමානං තං භාවං අබ්බුදං නාම ජායති”
(කලලය, දින හතක් වැඩුණු එකක් (වේ), පෙරළෙමින් පවත්නා ඒ තත්ත්වයට ‘අබ්බුද යන නම ඇති වේ.)
අබ්බුදා ජායතෙ පෙසීති තස්මාපි අබ්බුදා සත්තාහච්චයෙන විලීනතිපුසදිසා පෙසි නාම සඤ්ජායති. සා මරිචඵාණිතෙන දීපෙතබ්බා. ගාමදාරිකා හි සුපක්කානි මරිචානි ගහෙත්වා සාටකන්තෙ භණ්ඩිකං කත්වා පීළෙත්වා මණ්ඩං ආදාය කපාලෙ පක්ඛිපිත්වා ආතපෙ ඨපෙන්ති, තං සුක්ඛමානං සබ්බභාගෙහි මුච්චති. එවරූපා පෙසි හොති, අබ්බුදන්ති නාමං අන්තරධායති. වුත්තම්පි චෙතං –
අබ්බුදා ජායතෙ පෙසී ඒ අබ්බුදයෙන් ද සත් දිනකට පසු උණු ඊයම් සමාන පේශී නම් වූ දේ හට ගනී. එය මිරිස් පැණියෙන් (යුෂයෙන්) පැහැදිලි කළ යුත්තේ ය. ගම්දරුවෝ හොඳින් පැසුණු මිරිස් ගෙන රෙදි පොටක පොට්ටනියක් කොට පොඩි කර මණ්ඩිය ගෙන කබලේ බහා අව්වේ තබත්. එය වියළෙන්නට වියළෙන්නට හැම කොටසක්ම කැටි ගැසේ. පේශීය ඒ ආකාර වේ. ‘අබ්බුද’ යන නාමය අතුරුදහන් වෙයි. එය ද කියන ලදි.
“සත්තාහං අබ්බුදං හොති, පරිපක්කං සමූහතං; විවට්ටමානං තබ්භාවං, පෙසි නාම පජායතී”ති.
සත්තාහං අබ්බුදං හොති පරිපක්කං සමූහතං විවට්ටමානං තං භාවං පෙසි නාම ච ජායතී”
(අබ්බුදය දින හතක් වැඩුණු මේරුණු එකක් (වේ.) පෙරළෙමින් පවත්නා ඒ තත්ත්වයට පේශී යන නම ද හට ගනී.)
පෙසි නිබ්බත්තතී ඝනොති තතො පෙසිතො සත්තාහච්චයෙන කුක්කුටණ්ඩසණ්ඨානො ඝනො නාම මංසපිණ්ඩො නිබ්බත්තති, පෙසීති නාමං අන්තරධායති. වුත්තම්පි චෙතං –
පෙසි නිබ්බත්තතී ඝනො, ඒ පේශියෙන් සත් දිනක් ඇවෑමෙන් කිකිළි බිජුවක සලකුණු ඇති ‘ඝන’ නම් මස් පිඬුවක් හට ගනී. පේශි යන නාමය අතුරුදහන් වේ. එය ද කියන ලදි.
“සත්තාහං පෙසි භවති, පරිපක්කං සමූහතං; විවට්ටමානං තබ්භාවං, ඝනොති නාම ජායති.
“සත්තාහ පෙසී භවති පරිපක්කං සමූහතං විවට්ටමානං තං භාවං ඝනොති නාම ජායති
“යථා කුක්කුටියා අණ්ඩං, සමන්තා පරිමණ්ඩලං; එවං ඝනස්ස සණ්ඨානං, නිබ්බත්තං කම්මපච්චයා”ති.
යථා කුක්කටියා අණ්ඩං සමන්තා පරිමණ්ඩලං එවං ඝනස්ස සණ්ඨානං නිබ්බත්තං කම්මපච්චයා”
(පේශී සත් දිනක් වැඩුණු මේරුණු එකක් වේ. පෙරළෙමින් පවත්නා ඒ තත්ත්වයට ‘ඝන’ යන නම හට ගනී. කිකිළි බිජු වටක් යම් සේ හාත්පසින් වටකුරුව සිටී ද එසේ ‘ඝනයෙහි’ සටහනක් කර්ම හේතුවෙන් ඇති විණි)
ඝනා පසාඛා ජායන්තීති පඤ්චමෙ සත්තාහෙ ද්වින්නං හත්ථපාදානං සීසස්ස චත්ථාය පඤ්ච පීළකා ජායන්ති, යං සන්ධායෙතං වුත්තං “පඤ්චමෙ, භික්ඛවෙ, සත්තාහෙ පඤ්ච පීළකා සණ්ඨහන්ති කම්මතො”ති.
ඝනා පසාඛා ජායන්ති පස් වන සතියේ අත් පා යුගල දෙකත් සිරසත් උදෙසා බුබුළු පහක් හට ගනී. ඒ අරභයා මෙය කියන ලදි. “මහණෙනි, පස් වැනි සතියේ බුබුළු පහක් කර්මය හේතු කොට ගෙන පිහිටයි.”
ඉතො පරං ඡට්ඨසත්තමාදීනි සත්තාහානි අතික්කම්ම දෙසනං සඞ්ඛිපිත්වා ද්වාචත්තාලීසෙ සත්තාහෙ පරිණතකාලං ගහෙත්වා දස්සෙන්තො කෙසාතිආදිමාහ. තත්ථ කෙසා ලොමා නඛාපි චාති ද්වාචත්තාලීසෙ සත්තාහෙ එතානි ජායන්ති.
ඉන් පසුව හය හත සති ආදිය ඉක්මවා, දේශනාව සංක්ෂෙප කොට, හතළිස් දෙවැනි සතියේ මේරුණු කාලය ගෙන දක්වන සේක්, කෙසා ආදිය පැවසූහ. එහි කෙසා ලොමා නඛානි ච හතළිස් දෙවැනි සතියේ ඒවා හට ගනී.
තෙන සො තත්ථ යාපෙතීති තස්ස හි නාභිතො උට්ඨිතො නාළො මාතු උදරපටලෙන එකාබද්ධො හොති, සො උප්පලදණ්ඩකො විය ඡිද්දො, තෙන ආහාරරසො සංසරිත්වා ආහාරසමුට්ඨානරූපං සමුට්ඨාපෙති. එවං සො දස මාසෙ යාපෙති. මාතුකුච්ඡිගතො නරොති මාතුයා තිරොකුච්ඡිගතො, කුච්ඡියා අබ්භන්තරගතොති අත්ථො. ඉති භගවා “එවං ඛො, යක්ඛ, අයං සත්තො අනුපුබ්බෙන මාතුකුච්ඡියං වඩ්ඪති, න එකප්පහාරෙනෙව නිබ්බත්තතී”ති දස්සෙති.
තෙන සො තත්ථ යාපෙති ඔහුගේ නාභියෙන් උඩට ආ නාළය මවගේ උදර පටලයෙන් ඒකාබද්ධ වේ. එය නෙළුම් දඬුවක් මෙන් සිදුරු (සහිත) ය. එයින් ආහාර රසය සංසරණය වී ආහාර හේතු කොට ගෙන වැඩෙන රූපයක් ඇති කරයි. මෙසේ හේ දස මසක් යැපෙයි. මාතුකුච්ඡිගතො නරො මවගේ කුසෙහි හරස් අතට සිටියේ, කුසෙහි ඇතුළත සිටියේ යන අරුත යි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ ‘යක්ෂය, මෙසේ මේ සත්ත්වයා අනුපිළිවෙලින් මව් කුසෙහි වැඩේ. එක පැහැර පහළ නො වෙති යි දක්වන සේක.
පඨමං.
පළමු වැනි සූත්‍රය යි.
2. සක්කසුත්තවණ්ණනා
2. සක්ක සූත්‍ර වර්ණනාව
දුතියෙ සක්කනාමකොති එවං නාමකො එකො යක්ඛො, සො කිර මාරපක්ඛිකයක්ඛො. විප්පමුත්තස්සාති තීහි භවෙහි විප්පමුත්තස්ස. යදඤ්ඤන්ති යං අඤ්ඤං. වණ්ණෙනාති කාරණෙන. සංවාසොති එකතො වාසො, සක්ඛිධම්මො මිත්තධම්මොති අත්ථො. සප්පඤ්ඤොති සුපඤ්ඤො සම්බුද්ධො.
දෙවැන්නේ - සක්කනාමකො එනම් අති එක් යක්ෂයෙක්, හේ මාර පාක්ෂික යක්ෂයෙකි. විප්පමුත්තස්ස භව තුනෙකින් මිදුනහුට යදඤ්ඤං ‘යං අඤ්ඤං’ වණ්ණෙන හේතුවෙන්; සංවාසො එක් ව විසීම, සඛිධම්මො = මිත්තධම්මො = මිත්රධර්මය (මිතුරුදම) යන අරුත යි. සප්පඤ්ඤො සුප්‍රාඥ වූයේ, සම්බුදුන් වහන්සේ,
දුතියං.
දෙ වැනි සූත්‍රය යි.
3. සූචිලොමසුත්තවණ්ණනා
3. සූචිලොම සූත්‍ර වර්ණනාව
තතියෙ ගයායන්ති ගයාගාමෙ, ගයාය අවිදූරෙ නිවිට්ඨගාමං උපනිස්සායාති අත්ථො. ටඞ්කිතමඤ්චෙති දීඝමඤ්චෙ පාදමජ්ඣෙ විජ්ඣිත්වා අටනියො පවෙසෙත්වා කතමඤ්චෙ. තස්ස “ඉදං උපරි, ඉදං හෙට්ඨා”ති නත්ථි, පරිවත්තෙත්වා අත්ථතොපි තාදිසොව හොති, තං දෙවට්ඨානෙ ඨපෙන්ති. චතුන්නං පාසාණානං උපරි පාසාණං අත්ථරිත්වා කතගෙහම්පි “ටඞ්කිතමඤ්චො”ති වුච්චති. සූචිලොමස්සාති කථිනසූචිසදිසලොමස්ස. සො කිර කස්සපස්ස භගවතො සාසනෙ පබ්බජිත්වා දූරට්ඨානතො ආගතො සෙදමලග්ගහිතෙන ගත්තෙන සුපඤ්ඤත්තං සඞ්ඝිකමඤ්චං අනාදරෙන අපච්චත්ථරිත්වා නිපජ්ජි, තස්ස පරිසුද්ධසීලස්ස තං කම්මං සුද්ධවත්ථෙ කාළකං විය අහොසි. සො තස්මිං අත්තභාවෙ විසෙසං නිබ්බත්තෙතුං අසක්කොන්තො කාලංකත්වා ගයාගාමද්වාරෙ සඞ්කාරට්ඨානෙ යක්ඛො හුත්වා නිබ්බත්ති. නිබ්බත්තමත්තස්සෙව චස්ස සකලසරීරං කථිනසූචීහි ගවිච්ඡිවිජ්ඣිතං විය ජාතං.
තුන් වැන්නේ - ගයායං ගයා ගමේ, ගයාවට නො දුරේ පිහිටි ගමක් ඇසුරු කොට ගෙන යනු අර්ථ යි. ටඞ්කිත මඤ්චෙ දිග ඇඳෙක, කකුල් මැද විය ඇඳ වියළ ඇතුළු කරවා කරන ලද ඇඳෙහි, එහි මේ ඉහළ ය මේ පහළ ය යි නැත. හරවා අතුරන ලද්දේ වුව ද එලෙස ම වෙයි. එය දේවස්ථානයේ තබත්. ගල් හතරක් මත ගල් (ලෑල්ලක්) අතුරා කරන ලද ගෙය ද ‘ටඞ්කිත මඤ්ච” යි කියනු ලැබේ. සූචිලොමස්ස ඉදිකටු සමාන ලොම් ඇති. හේ කස්සප බුදුන් වහන්සේගේ ශාසනයෙහි පැවිදි ව දුර ස්ථානයක සිට පැමිණියේ ඩාදිය මළ තැවරුණු සිරුරෙන් යුතු ව මැනවින් පනවන ලද සංඝික ඇඳෙහි අනාදරයෙන් ඇතිරිලි නො දමා හොත්තේ ය. පිරිසිදු සිල් ඇති ඔහුගේ ඒ ක්‍රියාව පිරිසිදු වස්ත්‍රයෙහි කළු ලපයක් මෙන් විය. හේ ඒ ආත්මභාවයෙහි විශේෂත්වයකට පත් වීමට නො හැකි වූයේ කාල ක්‍රියා කොට ගයා ගම්දොර කසළ දමන තැනක යකෙකු වී උපන්නේ ය. උපන් හැටියේ ම ඔහුගේ මුළු සිරුර ඉදිකටුවලින් විදින්නාක් මෙන් හට ගැනිණි.
අථෙකදිවසං භගවා පච්චූසසමයෙ ලොකං ඔලොකෙන්තො තං යක්ඛං පඨමාවජ්ජනස්සෙව ආපාථං ආගතං දිස්වා – “අයං එකං බුද්ධන්තරං මහාදුක්ඛං අනුභවි. කිං නු ඛ්වාස්ස මං ආගම්ම සොත්ථිකාරණං භවෙය්යා”ති? ආවජ්ජෙන්තො පඨමමග්ගස්ස උපනිස්සයං අද්දස. අථස්ස සඞ්ගහං කාතුකාමො සුරත්තදුපට්ටං නිවාසෙත්වා සුගතමහාචීවරං පාරුපිත්වා දෙවවිමානකප්පං ගන්ධකුටිං පහාය හත්ථිගවාස්සමනුස්සකුක්කුරාදිකුණපදුග්ගන්ධං සඞ්කාරට්ඨානං ගන්ත්වා තත්ථ මහාගන්ධකුටියං විය නිසීදි. තං සන්ධාය වුත්තං “සූචිලොමස්ස යක්ඛස්ස භවනෙ”ති.
ඉක්බිති දිනක් භාග්‍යවතුන් වහන්සේ පාන්දර ම ලෝකය අවලෝකනය කරන සේක් ඒ යක්ෂයා ප්‍රථම ආරව්ජනයෙහි ම අක්ෂිගෝචරයට පැමිණියා දැක “මොහු එක් බුද්ධාන්තරයක මහා දුකක් වින්දේ ය. කිම මා වෙත පැමිණ යහපතක් වන්නේ දැයි සිතා බලන සේක, පළමු මගට (සෝවාන් මගට) (ඇති) උපනිශ්‍රය දුටු සේක. ඉක්බිති ඔහුට සංග්‍රහ කරනු කැමති වූ සේක්, රතු දෙපටක් හැඳ සුගත මහාචීවරය පෙරවා දෙව් විමන සදිසි ගඳ කිළිය හැර, ඇත්-ගව-අස්-මිනිස්-බලු ආදීන්ගේ කුණප ගඳ සහිත කසළ ස්ථානයට ගොස් එහි මහ ගඳකිළියෙහි මෙන් වැඩ සිටි සේක. ඒ අරභයා “සූචිලොමස්ස යක්ඛස්ස භවනෙ” යි කියන ලදි.
ඛරොති සුංසුමාරපිට්ඨි විය ඡදනිට්ඨකාහි විසමච්ඡදනපිට්ඨි විය ච ඛරසරීරො. සො කිර කස්සපසම්මාසම්බුද්ධකාලෙ සීලසම්පන්නො උපාසකො එකදිවසෙ විහාරෙ චිත්තත්ථරණාදීහි අත්ථතාය භූමියා සඞ්ඝිකෙ අත්ථරණෙ අත්තනො උත්තරාසඞ්ගං අපච්චත්ථරිත්වා නිපජ්ජි. සඞ්ඝිකං තෙලං අභාජෙත්වා අත්තනො උත්තරාසඞ්ගං අපච්චත්ථරිත්වා නිපජ්ජි. සඞ්ඝිකං තෙලං අභාජෙත්වා අත්තනො හත්ථෙහි සරීරං මක්ඛෙසීතිපි වදන්ති. සො තෙන කම්මෙන සග්ගෙ නිබ්බත්තිතුං අසක්කොන්තො තස්සෙව ගාමස්ස ද්වාරෙ සඞ්කාරට්ඨානෙ යක්ඛො හුත්වා නිබ්බත්ති. නිබ්බත්තමත්තස්ස චස්ස සකලසරීරං වුත්තප්පකාරං අහොසි. තෙ උභොපි සහායා ජාතා. ඉති ඛරස්ස ඛරභාවො වෙදිතබ්බො.
ඛරො කිඹුල්පිටක් මෙන්, උළුවලින් විෂම (ලෙස) වැසූ වහලක් මෙන් ගොරෝසු ශරීර ඇත්තේ; හේ කාශ්‍යප සම්මා සම්බුදුන්ගේ කාලයෙහි ශීලසම්පන්න උපාසකයෙකි. එක් දිනක් විහාරයෙහි විසිතුරු ඇතිරිලි ආදිය අතුරන ලද බිමෙහි සංඝික ඇතිරිල්ලක තම උතුරු සළුව නො එළා හිඳ ගත්තේ ය. සංඝික තෙලක් බෙදා ගෙන තම අත්වලින් ශරීරයේ ගිල්වා ගත්තේ ය යි ද කියති. හේ (ඒ) කර්මය නිසා ස්වර්ගයේ ඉපදීමට නො හැකි වූයේ ඒ ගම් දොරෙහි ම කසළ යකෙක් වී උපනි. උපන් පමණින් ම ඔහුගේ ද සකළ ශරීරය කලින් කියන ලද පරිදි විය. ඒ දෙදෙනා ම යහළු බවට පත් වූවෝ ය. මෙසේ ඛරගේ ඛර බව (ගොරෝසු බව) දත යුත්තේ ය.
අවිදූරෙ අතික්කමන්තීති ගොචරං පරියෙසන්තා සමාගමට්ඨානං වා ගච්ඡන්තා ආසන්නෙ ඨානෙ ගච්ඡන්ති. තෙසු සූචිලොමො සත්ථාරං න පස්සති, ඛරලොමො පඨමතරං දිස්වා සූචිලොමං යක්ඛං එතදවොච – “එසො සමණො”ති, සම්ම, එස තව භවනං පවිසිත්වා නිසින්නො එකො සමණොති. නෙසො සමණො, සමණකො එසොති සො කිර යො මං පස්සිත්වා භීතො පලායති, තං සමණකොති වදති. යො න භායති, තං සමණොති. තස්මා “අයං මං දිස්වා භීතො පලායිස්සතී”ති මඤ්ඤමානො එවමාහ.
අවිදූරෙ අතික්කමන්ති ගොදුරු සොයන්නාහු එක් වන තැනකට හෝ යන්නාහු ආසන්න ස්ථානවලට යත්. ඔවුන් අතරින් සූචිලෝම බුදුන් වහන්සේ නො දකී. ඛරලෝම පළමු කොට ම (බුදුන් වහන්සේ) දැක සූචිලෝම යක්ෂයාට මෙසේ කී ය. ‘එසො සමණො’ යහලුව, ඔබගේ භවනට පැමිණ සිටින මොහු එක් ශ්රමණයෙකි; නෙසො සමණො සමණකො එසො යමෙක් මා දැක බිය වී පලා යයි ද ඔහුට ‘සමණක’ යි කියනු ලැබේ. යමේක බිය නො වේ ද ඒ ‘ශ්රමණයෙකි.’ එහෙයින් මොහු මා දැක බිය පත් ව පලා යන්නේ ය යි සිතමින් මෙසේ කී ය.
කායං උපනාමෙසීති භෙරවරූපං නිම්මිනිත්වා මහාමුඛං විවරිත්වා සකලසරීරෙ ලොමානි උට්ඨාපෙත්වා කායං උපනාමෙසි. අපනාමෙසීති රතනසතිකං සුවණ්ණග්ඝනිකං විය ථොකං අපනාමෙසි. පාපකොති ලාමකො අමනුඤ්ඤො. සො ගූථං විය අග්ගි විය කණ්හසප්පො විය ච පරිවජ්ජෙතබ්බො, න ඉමිනා සුවණ්ණවණ්ණෙන සරීරෙන සම්පටිච්ඡිතබ්බො. එවං වුත්තෙ පන සූචිලොමො “පාපකො කිර මෙ සම්ඵස්සො”ති කුද්ධො පඤ්හං තං, සමණාතිආදිමාහ. චිත්තං වා තෙ ඛිපිස්සාමීති යෙසඤ්හි අමනුස්සා චිත්තං ඛිපිතුකාමා හොන්ති, තෙසං සෙතමුඛං නීලොදරං සුරත්තහත්ථපාදං මහාසීසං පජ්ජලිතනෙත්තං භෙරවං වා අත්තභාවං නිම්මිනිත්වා දස්සෙන්ති, භෙරවං වා සද්දං සාවෙන්ති, කථෙන්තානංයෙව වා මුඛෙ හත්ථං පක්ඛිපිත්වා හදයං මද්දන්ති, තෙන තෙ සත්තා උම්මත්තකා හොන්ති ඛිත්තචිත්තා. තං සන්ධායෙවමාහ. පාරගඞ්ගායාති ද්වීසු පාදෙසු ගහෙත්වා තං ආවිඤ්ඡෙත්වා යථා න පුනාගච්ඡසි, එවං පාරං වා ගඞ්ගාය ඛිපිස්සාමීති වදති. සදෙවකෙතිආදි වුත්තත්ථමෙව. පුච්ඡ යදාකඞ්ඛසීති යංකිඤ්චි ආකඞ්ඛසි, තං සබ්බං පුච්ඡ, අසෙසං තෙ බ්යාකරිස්සාමීති සබ්බඤ්ඤුපවාරණං පවාරෙති.
කායං උපනාමෙසි ගොර බිරම් රූපයක් මවා මහත් වූ මුඛය විවර කොට මුළු ශරීරයෙහි ම ලොම් කෙළින් කරවා සමීප ව කය නැමුවේ ය. අපනාමෙසි මැණික් සියයකින් යුතු රන් ඇගෑවක් මෙන් කය මදක් ඉවත් කළ සේක. පාපකො පහත්, අමනෝඥ; හේ අසූචි ගොඩක් මෙන්, ගින්නක් මෙන්, කෘෂ්ණ සර්පයෙකු මෙන් ද වර්ජනය කළ යුත්තේ ය. මේ රන්වන් වූ ශරීරයෙන් නො පිළිගත යුත්තේ ය. මෙසේ කී කල්හි සූචිලෝම තෙමේ “මගේ ස්පර්ශය නීච ලු” යි කෝප වූයේ පඤ්හං තං සමණ ආදිය පැවසී ය. චිත්තං වා තෙ ඛිපිස්සාමි අමනුෂ්‍යයෝ යම් කෙනෙකුගේ සිත කළඹනු (තැති ගන්වනු) කැමැත්තාහු වෙත් ද ඔවුහු සුදු මුහුණ, කළු උදරය, තද රත් අත් පා, මහත හිස, දිළිසෙන ඇස් සහිත ගොර බිරම් ශරීරයක් මවා දක්වති. බියකරු ශබ්දයක් හෝ අස්වති, නැතහොත් කථා කරන්නවුන්ගේ මුඛයෙහි අත ඔබා හදවත පිරිමදිති. එයින් ඒ සත්ත්වයෝ වික්ෂිප්ත සිත් ඇති ව උමතු වෙති. ඒ අරභයා මෙසේ කී ය. පාරගංගාය දෙපයින් ගෙන තා විසි කොට යම් සේ යළි නො එන්නෙහි ද එලෙස ගඟෙන් එගොඩට හෙළමි යි කියයි. සදෙවකෙ ආදිය කියන ලද අර්ථ පරිදි ම ය. පුච්ඡ යදාකංඛසි යම් කිසිවක් කැමති වන්නෙහි ද ඒ සියල්ල අසව. ඉතිරි නො කොට විසඳන්නෙමි යි සර්වඥ උපවාරණයෙන් පැවරී ය. (ඇරයුම් කළේ ය.)
කුතොනිදානාති කිංනිදානා, කිංපච්චයාති අත්ථො? කුමාරකා ධඞ්කමිවොස්සජන්තීති යථා කුමාරකා කාකං ගහෙත්වා ඔස්සජන්ති ඛිපන්ති, එවං පාපවිතක්කා කුතො සමුට්ඨාය චිත්තං ඔස්සජන්තීති පුච්ඡති?
කුතො නිදානා කුමක් නිදාන කොට ඇත් ද? කුමක් ප්‍රත්‍ය කොට (හේතු කොට) ඇත් ද යන අර්ථයි. කුමාරකා ධංකමිවොස්සජන්ති යම් සේ ගම් දරුවෝ කපුටකු අල්ලා මුදා හරී ද, වීසි කරත් ද, එසේ ම පාප විතර්ක කොතැනින් හට ගැනී සිත (බැහැරට) ඇද දමත් දැයි ප්‍රශ්න කරයි.
ඉතොනිදානාති අයං අත්තභාවො නිදානං එතෙසන්ති ඉතො නිදානා. ඉතොජාති ඉතො අත්තභාවතො ජාතා. ඉතො සමුට්ඨාය මනොවිතක්කාති යථා දීඝසුත්තකෙන පාදෙ බද්ධං කාකං කුමාරකා තස්ස සුත්තපරියන්තං අඞ්ගුලියං වෙඨෙත්වා ඔස්සජන්ති, සො දූරං ගන්ත්වාපි පුන තෙසං පාදමූලෙයෙව පතති, එවමෙව ඉතො අත්තභාවතො සමුට්ඨාය පාපවිතක්කා චිත්තං ඔස්සජන්ති.
ඉතොනිදානා මේ ආත්මභාවය ඒවාට නිදානය යි = ‘ඉතොනිදාන’ ය. ඉතොජා මේ ආත්මභාවයෙන් හට ගත්තාහු ය. ඉතො සමුට්ඨාය මනො විතක්කා යම් සේ දරුවෝ දිග නූලකින් දෙපා බැඳි කපුටකු ඒ නූල කෙළවර ඇඟිල්ලේ පටලවා ගෙන මුදා හරිත් ද, ඒ කපුටා දුරට ගොස් වුව ද යළිත් ඔවුන්ගේ පා ළඟ ම වැටෙයි ද, එසේ ම පාප සිතුවිලි මේ ආත්මභාවයෙන් ම හට ගැනී සිත ඇද දමයි.
ස්නෙහජාති තණ්හාසිනෙහතො ජාතා. අත්තසම්භූතාති අත්තනි සම්භූතා. නිග්රොධස්සෙව ඛන්ධජාති නිග්රොධඛන්ධෙ ජාතා පාරොහා විය. පුථූති බහූ අනෙකප්පකාරා පාපවිතක්කා තංසම්පයුත්තකිලෙසා ච. විසත්තාති ලග්ගා ලග්ගිතා. කාමෙසූති වත්ථුකාමෙසු. මාලුවාව විතතා වනෙති යථා වනෙ මාලුවා ලතා යං රුක්ඛං නිස්සාය ජායති, තං මූලතො යාව අග්ගා, අග්ගතො යාව මූලා පුනප්පුනං සංසිබ්බිත්වා අජ්ඣොත්ථරිත්වා ඔතතවිතතා තිට්ඨති. එවං වත්ථුකාමෙසු පුථූ කිලෙසකාමා විසත්තා, පුථූ වා සත්තා තෙහි කිලෙසකාමෙහි වත්ථුකාමෙසු විසත්තා. යෙ නං පජානන්තීති යෙ “අත්තසම්භූතා”ති එත්ථ වුත්තං අත්තභාවං ජානන්ති.
ස්නෙහජා තෘෂ්ණා (නමැති) ස්නේහයෙන් හටගත්තෝ ය. අත්තසම්භුතා ආත්මභාවයෙහි හටගත්තාහු ය. නිග්රොධස්සෙව ඛන්ධජා නුග කඳෙහි හට ගත් රිකිලි මෙනි, පුථු බොහෝ - අනේක ප්‍රකාර - පාප සිතුවිලි, ඒ හා ඇඳුණු කෙළෙස් ද, විසත්තා ඇළුණු, ලැගුණු, කාමෙසු වස්තු කාමයන්හි, මාලුවාව විතතා වනෙ යම් සේ වනයෙහි මාලුවා වැලක් යම් රුකක් ඇසුරු කොට ගෙන හට ගනී ද එය මුල සිට අග දක්වාත් අග සිට මුල දක්වාත් යළි යළිත් එකට ගෙතී වසා ගෙන වෙළී පැතිරී සිටී ද, එසේ ම වස්තු කාමයන්හි ක්ලේශකාමයෝ එතුනෝ ය. අනේකප්‍රකාර සත්ත්වයෝ ඒ ක්ලේශ කාමයන් විසින් වස්තු කාමයන්හි ඔතනු ලැබෙත්.
යතොනිදානන්ති යං නිදානමස්ස අත්තභාවස්ස තඤ්ච ජානන්ති. තෙ නං විනොදෙන්තීති තෙ එවං අත්තභාවසඞ්ඛාතස්ස දුක්ඛසච්චස්ස නිදානභූතං සමුදයසච්චං මග්ගසච්චෙන විනොදෙන්ති. තෙ දුත්තරන්ති තෙ සමුදයසච්චං නීහරන්තා ඉදං දුත්තරං කිලෙසොඝං තරන්ති. අතිණ්ණපුබ්බන්ති අනමතග්ගෙ සංසාරෙ සුපිනන්තෙපි න තිණ්ණපුබ්බං. අපුනබ්භවායාති අපුනබ්භවසඞ්ඛාතස්ස නිරොධසච්චස්සත්ථාය. ඉති ඉමාය ගාථාය චත්තාරි සච්චානි පකාසෙන්තො අරහත්තනිකූටෙන දෙසනං නිට්ඨපෙසි. දෙසනාවසානෙ සූචිලොමො තස්මිංයෙව පදෙසෙ ඨිතො දෙසනානුසාරෙන ඤාණං පෙසෙත්වා සොතාපත්තිඵලෙ පතිට්ඨිතො. සොතාපන්නා ච නාම න කිලිට්ඨත්තභාවෙ තිට්ඨන්තීති සහ ඵලපටිලාභෙනස්ස සරීරෙ සෙතකණ්ඩුපීළකසූචියො සබ්බා පතිතා. සො දිබ්බවත්ථනිවත්ථො දිබ්බවරදුකූලුත්තරාසඞ්ගො දිබ්බවෙඨනවෙඨිතො දිබ්බාභරණගන්ධමාලධරො සුවණ්ණවණ්ණො හුත්වා භුම්මදෙවතාපරිහාරං පටිලභීති.
යෙ න පජානං යම් කෙනෙක්, ආත්මභාවයෙන් හටගන්නක් යි යමක් මෙහි දී කියන ලද ද ඒ ආත්මභාවය දනිත් ද, යතො නිදානං මනුෂ්‍ය ආත්ම භාවයට යමක් නිදාන (හේතු) වේ ද, එය ද දනිත් තෙ නං විනොදෙන්ති ඔවුහු මෙසේ ආත්මභාව සංඛ්‍යාත දුඃඛසත්යයේ නිදාන භූත වූ ඒ සමුදය සත්‍යය මාර්ගය සත්‍යයෙන් දුරු කරත් ද, ඔවුහු සමුදය සත්‍යය දුරු කරන්නාහු තරණය කිරීමට අපහසු මේ ක්ලේශ සැඩ පහර තරණය කරත්. අතිණ්ණපුබ්බං අනමතග්ග වූ සංසාරය හීනෙන් වත් පූර්වයෙහි තරණය නො කළ, අපුනබ්භවාය අපුනර්භවසංඛ්යාත නිරොධ සත්‍යය පිණිස, මෙසේ මේ ගාථාවෙන් සතර සත්‍යය ප්‍රකාශ කරන සේක් අරහත් බව කෙළවර කෙරෙන දේශනාව අවසන් කළ සේක. දේශනාවසානයෙහි සූචිලෝම ඒ ප්‍රදේශයේ ම (ස්ථානයේ ම) සිටියේ දේශනානුසාරයෙන් ඥානය මෙහෙයවා සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. සෝවාන් ඵලයෙහි පිහිටියාහු කිළිටි වූ ආත්මභාවයක නො සිටිති යි ඵල ප්‍රතිලාභයත් සමග ඔහුගේ ශරීරයෙහි සුදු හොරි බිබිළි සූචි සියල්ල හැලුණි. හේ දිව්‍ය වස්ත්‍ර හැඳ ගත්තේ, උතුම් දිව සළු උත්තරාසංග කර ගත්තේ දිව්‍ය වෙළුමින් වෙළුනේ, දිව්‍යාභරණ සුගන්ධමාලා දැරූයේ, සුවර්ණ වර්ණ වූයේ පිරිකර ලැබී ය.
තතියං.
තෙ වැනි සූත්‍රය යි.
4. මණිභද්දසුත්තවණ්ණනා
4. මණිභද්ද සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ සුඛමෙධතීති, සුඛං පටිලභති. සුවෙ සෙය්යොති සුවෙ සුවෙ සෙය්යො, නිච්චමෙව සෙය්යොති අත්ථො. වෙරා න පරිමුච්චතීති අහං සතිමාති එත්තකෙන වෙරතො න මුච්චති. යස්සාති යස්ස අරහතො. අහිංසායාති කරුණාය චෙව කරුණාපුබ්බභාගෙ ච. මෙත්තංසොති සො මෙත්තඤ්චෙව මෙත්තාපුබ්බභාගඤ්ච භාවෙති. අථ වා අංසොති කොට්ඨාසො වුච්චති. මෙත්තා අංසො එතස්සාති මෙත්තංසො. ඉදං වුත්තං හොති – යස්ස අරහතො සබ්බකාලං අහිංසාය රතො මනො, යස්ස ච සබ්බභූතෙසු මෙත්තාකොට්ඨාසො අත්ථි, තස්ස කෙනචි පුග්ගලෙන සද්ධිං වෙරං නාම නත්ථි යක්ඛාති.
සතර වැන්නේ - සුඛමෙධති සුවය ලබයි. සුවෙ සෙය්යො හෙට හෙට ශ්‍රේෂ්ඨ ය. සැමදා ම ශ්‍රේෂ්ඨ යන අර්ථ යි. වෙරා න පරිමුච්චති මම සිහියෙන් යුක්තයෙමි යි එපමණකින් වෛරයෙන් නො මිදෙයි; යස්ස මේ රහත් කෙනෙකුන්ගේ අහිංසාය කරුණාවේ මෙන් ම කරුණා පූර්වභාගයෙහි ද, මෙත්තං සො හේ මෛත්‍රිය ද මෛත්‍රී පූර්වභාගය ද වඩන්නේ ය. නැතහොත් ‘අංස’ යනු ‘කොටස’ යයි කියනු ලැබේ. ‘මෙත්තා අංසො එතස්ස’ (ඔහුට මෛත්‍රිය අංශයකි) යි = ‘මෙත්තංසො’ කියන ලද්දේ මෙය යි: “යක්ෂයා, යම් රහත් කෙනෙකුන්ගේ මනස මුළු කාලය තුළ කරුණාවෙහි ඇළුනේ ද, යමෙකුට සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය කොටසක් වේ ද ඔහුට කිසිදු පුද්ගලයකු සමග වෛරයක් නම් නැත්තේ ය.”
චතුත්ථං.
සිවු වැනි සූත්‍රය යි.
5. සානුසුත්තවණ්ණනා
5. සානු සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ යක්ඛෙන ගහිතො හොතීති සො කිර තස්සා උපාසිකාය එකපුත්තකො. අථ නං සා දහරකාලෙයෙව පබ්බාජෙසි. සො පබ්බජිතකාලතො පට්ඨාය සීලවා අහොසි වත්තසම්පන්නො, ආචරියුපජ්ඣායආගන්තුකාදීනං වත්තං කතමෙව හොති, මාසස්ස අට්ඨමීදිවසෙ පාතො වුට්ඨාය උදකමාළකෙ උදකං උපට්ඨාපෙත්වා ධම්මස්සවනග්ගං සම්මජ්ජිත්වා දීපං ජාලෙත්වා මධුරස්සරෙන ධම්මස්සවනං ඝොසෙති. භික්ඛූ තස්ස ථාමං ඤත්වා “සරභාණං භණ, සාමණෙරා”ති අජ්ඣෙසන්ති. සො “මය්හං හදයවාතො රුජති, කාසො වා බාධතී”ති කිඤ්චි පච්චාහාරං අකත්වා ධම්මාසනං අභිරුහිත්වා ආකාසගඞ්ගං ඔතාරෙන්තො විය සරභාණං වත්වා ඔතරන්තො – “මය්හං මාතාපිතූනම්පි ඉමස්මිං සරභඤ්ඤෙ පත්තී”ති වදති. තස්ස මනුස්සා මාතාපිතරො පත්තියා දින්නභාවං න ජානන්ති. අනන්තරත්තභාවෙ පනස්ස මාතා යක්ඛිනී ජාතා. සා දෙවතාහි සද්ධිං ආගතා, ධම්මං සුත්වා – “සාමණෙරෙන දින්නපත්තිං අනුමොදාමි, තාතා”ති වදති. සීලසම්පන්නා ච නාම භික්ඛූ සදෙවකස්ස ලොකස්ස පියා හොන්තීති තස්මිං සාමණෙරෙ දෙවතා සලජ්ජා සගාරවා මහාබ්රහ්මං විය අග්ගික්ඛන්ධං විය ච නං මඤ්ඤන්ති. සාමණෙරෙ ගාරවෙන තං යක්ඛිනිං ගරුං කත්වා පස්සන්ති. ධම්මස්සවනයක්ඛසමාගමාදීසු “සානුමාතා සානුමාතා”ති යක්ඛිනියා අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩං දෙන්ති. මහෙසක්ඛාපි යක්ඛා තං දිස්වා මග්ගා ඔක්කමන්ති, ආසනා වුට්ඨහන්ති.
පස් වැන්නේ - යක්ඛෙන ගහිතො හොති හේ ඒ උපාසිකාවගේ එක ම පුතා ය. ඉක්බිති ඇය ඔහු ළමා වයසේ දී ම මහණ කරවූවා ය. හේ පැවිදි වූ කල පටන් සිල්වත් වූයේ වතාවත් සහිත වූයේ ය. ආචාර්ය උපාධ්‍යාය ආගන්තුක ආදීනට වතාවත් කරන ලද්දේ ම වේ. මාසයේ දින අටක් පාන්දරින් ම අවදි වී දිය සැළියෙහි දිය පුරවා ධර්ම ශාලාව අතු ගා පහන් දල්වා මධුරස්වරයෙන් ධර්මශ්රවණ ඝෝෂාව කරයි. භික්ෂූහු ඔහුගේ ශක්තිය (හැකියාව) දැක “සාමණේරයනි, මිහිරි ලෙස ගාථා කීම කරන්න යි ඉල්ලා සිටිති. හේ “මගේ පපුව වාත අමාරුවකින් රිදෙයි, ශරීරය හෝ බාධා කරයි’ යනුවෙන් කිසිදු පසුබැස්මක් නො කොට ධර්මාසනයට නැග අහස් ගඟ ගලන්නාක් මෙන් මිහිරි ලෙස ගාථා කීම කර (අසුනින්) බසින්නේ මාගේ මව්පියන් හට ද මේ මිහිරි ගාථා කීමේ දී පිං පැමිණවීම් (වෙතැයි) කියයි. ඔහුගේ මව්පියෝ පිං පැමිණවීම කළ බැව් නො දනිති. පෙර ආත්ම භාවයෙහි ඔහුගේ මව යක්ෂණියක් වූවා ය. ඇය දේවතාවියන් සමග පැමිණියා ධර්මය අසා සාමණේරයන් විසින් දෙන ලද පින්, “පුත, අනුමෝදන් වෙමි” යි කියයි. ශීලසම්පන්න වූ භික්ෂූහු දෙවියන් සහිත ලෝකයාට ප්‍රිය වෙති’යි දේවතාවියෝ ඒ සාමණේරයන් කෙරෙහි ලජ්ජා සහිත වූවාහු ගෞරව සහිත වූවාහු මහා බ්‍රහ්මයා මෙන් ද, ගිනි කඳක් මෙන් ද ඔහු සළකති. සාමණේරයන් කෙරෙහි ඇති ගෞරවයෙන් ඒ යකිණිය ද ගරු කොට දකිති. ධර්ම ශ්‍රවණ යක්ෂ සමාගම ආදියෙහි දී ඇය පිළිගන්නා ලදැයි යකිණියට අග්‍රාසනය, අග්‍රොදකය, අග්‍ර පිණ්ඩය දෙති. මහේශාඛ්‍ය වූ යක්ෂයෝ ද ඒ දැක මගින් බසිති. අසුනින් නැගිටිත්,
අථ ඛො සාමණෙරො වුඩ්ඪිමන්වාය පරිපක්කින්ද්රියො අනභිරතිපීළිතො අනභිරතිං විනොදෙතුං අසක්කොන්තො පරූළ්හකෙසනඛො කිලිට්ඨනිවාසනපාරුපනො කස්සචි අනාරොචෙත්වා පත්තචීවරමාදාය එකකොව මාතු ඝරං ගතො.
ඉක්බිති ඒ සාමණේර තෙමේ තරුණ බවට පැමිණියේ ඉන්ද්රිය පරිපාකයට (පැසුණු බවට) ගියේ, අනභිරතියෙන් පීඩාවට පත් වූයේ අනභිරතිය නැසීමට නො හැකි වූයේ වැඩුණු කෙස්, නිය ඇත්තේ කිළිටි වූ හඳන පොරවන දෑ ඇත්තේ, කිසිවකුට හෝ නො දන්වා පා සිවුරු ගෙන හුදකලා ව මව් නිවසට ගියේ ය.
උපාසිකා පුත්තං දිස්වා, වන්දිත්වා ආහ – “තාත, ත්වං පුබ්බෙ ආචරියුපජ්ඣායෙහි වා දහරසාමණෙරෙහි වා සද්ධිං ඉධාගච්ඡසි. කස්මා එකකොව අජ්ජ ආගතො”ති? සො උක්කණ්ඨිතභාවං ආරොචෙසි. සද්ධා උපාසිකා නානප්පකාරෙන ඝරාවාසෙ ආදීනවං දස්සෙත්වා පුත්තං ඔවදමානාපි තං සඤ්ඤාපෙතුං අසක්කොන්තී, “අප්පෙව නාම අත්තනො ධම්මතායපි සල්ලක්ඛෙස්සතී”ති අනුයොජෙත්වාව – “තිට්ඨ, තාත, යාව තෙ යාගුභත්තං සම්පාදෙමි, යාගුං පිවිත්වා කතභත්තකිච්චස්ස තෙ මනාපානි වත්ථානි නීහරිත්වා දස්සාමී”ති වත්වා ආසනං පඤ්ඤාපෙත්වා අදාසි. නිසීදි සාමණෙරො. උපාසිකා මුහුත්තෙනෙව යාගුඛජ්ජකං සම්පාදෙත්වා අදාසි. තතො “භත්තං සම්පාදෙස්සාමී”ති අවිදූරෙ නිසින්නා තණ්ඩුලෙ ධොවති. තස්මිං සමයෙ සා යක්ඛිනී “කහං නු ඛො සාමණෙරො? කිඤ්චි භික්ඛාහාරං ලභති, උදාහු නො”ති? ආවජ්ජමානා තස්ස විබ්භමිතුකාමතාය නිසින්නභාවං ඤත්වා, “මා හෙව ඛො මෙ දෙවතානං අන්තරෙ ලජ්ජං උප්පාදෙය්ය, ගච්ඡාමිස්ස විබ්භමනෙ අන්තරායං කරොමී”ති ආගන්ත්වා සරීරෙ අධිමුච්චිත්වා ගීවං පරිවත්තෙත්වා භූමියං පාතෙසි. සො අක්ඛීහි විපරිවත්තෙහි ඛෙළෙන පග්ඝරන්තෙන භූමියං විප්ඵන්දති. තෙන වුත්තං “යක්ඛෙන ගහිතො හොතී”ති.
උපාසිකාව පුතා දැක වැඳ (මෙසේ) කීවා ය: “පුතනුවනි, ඔබ මීට පෙර ආචාර්ය උපාධ්‍යායන් හෝ කුඩා සාමණේරවරුන් සමග මෙහි එන්නෙහි ය. කුමක් නිසා අද තනි ව ආයෙහි ද?” හේ උකටලී බව දැන්වී ය. ශ්‍රද්ධාව ඇති උපාසිකාව නානා ප්‍රකාරයෙන් ගිහිගෙහි ආදීනව දක්වා පුතුට අවවාද දෙන්නී වුව ද ඔහුට අවබෝධ කරවීමට නො හැකි වන්නී, සත්‍ය ලෙස ම තමාගේ ම අත් දැකීමෙන් අවබෝධ කර ගන්නේ යයි නො පොළඹවා ම, “පුත, ඉන්න, ඔබට කැඳ බත් හදමි, කැඳ බී, කෑම අනුභව කළ ඔබට කැමති වස්ත්‍ර ගෙනැවිත් දෙන්නෙමි’යි කියා ආසනයක් පනවා දුන්නා ය. සාමණේර තැන හිඳ ගත්තේ ය. ඉන් පසු “බත් උයමි” යි අසළ වාඩි වී සහල් සෝදන්නී ය. ඒ වේලාවෙහි ඒ යක්ෂණිය “සාමණේරවරයා කොහේ ද? කිසියම් අහරක් ලබයි ද නැද්ද?’ යි විමසන්නී, ඔහු සිවුරු හැරීමේ කැමැත්තෙන් සිටින බැව් දැන දේවතාවුන් අතර මට ලජ්ජා නො ඉපදවිය යුතු ය; යමි, ඔහුගේ සිවුරු හැරීමට බාධා කරමි යි පැමිණ සිරුරට ආවේශ ව බෙල්ල හරවා බිම හෙළුවා ය. හේ හැරවුණු ඇස්වලින් යුතු ව කෙළ වගුරවමින් බිම දඟලයි. එහෙයින් යක්ඛෙන ගහිතො හොති (යකෙකු විසින් ගන්නා ලද්දේ) යි කියන ලදි.
අභාසීති උපාසිකා පුත්තස්ස තං විප්පකාරං දිස්වා වෙගෙන ගන්ත්වා පුත්තං ආලිඞ්ගෙත්වා ඌරූසු නිපජ්ජාපෙසි. සකලගාමවාසිනො ආගන්ත්වා බලිකම්මාදීනි කරොන්ති. උපාසිකා පරිදෙවමානා ඉමා ගාථායො අභාසි.
අභාසි උපාසිකාව පුතාගේ ඒ විප්‍රකාරය දැක වේගයෙන් ගොස් පුතා වැළඳ ගෙන කළවයෙහි හොවා ගත්තා ය. ගම්වාසී සියලු දෙනා පැමිණ බලි කර්ම ආදිය කරති. උපාසිකාව හඬා වැලපෙමින් මේ ගාථා පැවසුවා ය.
පාටිහාරියපක්ඛඤ්චාති මනුස්සා “අට්ඨමීඋපොසථස්ස පච්චුග්ගමනඤ්ච අනුග්ගමනඤ්ච කරිස්සාමා”ති සත්තමියාපි නවමියාපි උපොසථඞ්ගානි සමාදියන්ති, චාතුද්දසීපන්නරසීනං පච්චුග්ගමනානුග්ගමනං කරොන්තා තෙරසියාපි පාටිපදෙපි සමාදියන්ති, “වස්සාවාසස්ස අනුග්ගමනං කරිස්සාමා”ති ද්වින්නං පවාරණානං අන්තරෙ අඩ්ඪමාසං නිබද්ධුපොසථිකා භවන්ති. ඉදං සන්ධාය වුත්තං “පාටිහාරියපක්ඛඤ්චා”ති. අට්ඨඞ්ගසුසමාගතන්ති අට්ඨඞ්ගෙහි සුට්ඨු සමාගතං, සම්පයුත්තන්ති අත්ථො. බ්රහ්මචරියන්ති සෙට්ඨචරියං. න තෙ හි යක්ඛා කීළන්තීති න තෙ ගහෙත්වා යක්ඛා කිලමෙන්ති.
පාටිහාරියපක්ඛඤ්ච මිනිස්සු අටවක උපෝසථයට ඉදිරියෙනුත් පසුවත් කරන්නෙමු යි සත්වැනි දිනත් නව වැනි දිනත් උපෝසථ අංග සමාදන් වෙති. තුදුස්වක හා පසළොස්වක දිනවලත් පෙරත් පසුත් (උපෝසථ) කරන්නාහු දහතුන් වැනි දනිත්, පුරපස පළමු වන දිනත් සමාදන් වෙති. වස් විසීම අනුගමනය කරන්නමෝ යි පවාරණ දෙක අතරේ අඩමසක් නො කඩවවා පෙහෙවස් විසීම කරන්නාහු ය. මේ අරභයා ප්රාතිහාර්ය පක්ෂය යි කියන ලදි. අට්ඨඞ්ගසුසමාගතං අංග අටෙන් මැනවින් සමන්විත වූ, සම්ප්‍රයුක්ත වූ යන අර්ථ යි. බ්රහ්මචරියං ශ්‍රේෂ්ඨ චර්යාව; න තෙහි යක්ඛා කීළන්ති යක්ෂයෝ ඔවුන් සමග සෙල්ලම් නො කරත්.
පුන චාතුද්දසින්ති ඉමාය ගාථාය සාමණෙරස්ස කායෙ අධිමුත්තා යක්ඛිනී ආහ. ආවි වා යදි වා රහොති කස්සචි සම්මුඛෙ වා පරම්මුඛෙ වා. පමුත්යත්ථීති පමුත්ති අත්ථි. උප්පච්චාපීති උප්පතිත්වාපි. සචෙපි සකුණො විය උප්පතිත්වා පලායසි, තථාපි තෙ මොක්ඛො නත්ථීති වදති. එවඤ්ච පන වත්වා සාමණෙරං මුඤ්චි. සාමණෙරො අක්ඛීනි උම්මීලෙසි, මාතා කෙසෙ පකිරිය අස්සසන්තී පස්සසන්තී රොදති. සො “අමනුස්සෙන ගහිතොම්හී”ති න ජානාති. ඔලොකෙන්තො පන “අහං පුබ්බෙ පීඨෙ නිසින්නො. මාතා මෙ අවිදූරෙ නිසීදිත්වා තණ්ඩුලෙ ධොවති. ඉදානි පනම්හි භූමියං නිසින්නො, මාතාපි මෙ අස්සසන්තී පස්සසන්තී රොදති, සකලගාමවාසිනොපි සන්නිපතිතා. කිං නු ඛො එත”න්ති? නිපන්නකොව මතං වා අම්මාති ගාථමාහ.
යළි චාතුද්දසිං මේ ගාථාවෙන් සාමණේරයන්ගේ කයෙහි ආරූඪ වුණු යක්ෂණිය පැවසුවා ය. ආවි වා යදි වා රහො කිසිවෙකුගේ ඉදිරියේ හෝ අනභිමුඛයේ (රහසෙන්) පමුත්ත්යත්ථි පමුත්ති අත්ති (මිදීමක් (නොම) ඇත.) උප්පච්චාපි (අහසට) නැගී වුවද; ඉදින් පක්ෂියකු මෙන් අහසට නැගී පලා යන්නෙහි ද එසේ වුව ද ඔබට මිදීමක් නැත”යි කියයි. මෙසේ ද කියා සාමණේරවරයා මුදා හැරියා ය. සාමණේරවරයා ඇස් ඇරියේ ය. මව කෙස් විහිදුවා හුස්ම ගනිමින් හෙළමින් හඬයි. හේ අමනුෂ්‍යයකු විසින් ග්‍රහණය කරන ලද්දෙමැයි නො දනී. විමසා බලන්නේ, මම පෙර පීඨයෙහි සිටියෙමි. මව ද අසළ හිඳ හාල් සෝදයි. දැන් මම බිම වැටී සිටිමි. මගේ මව ද හුස්ම ඉහළ පහළ ගනිමින් හඬන්නී ය. මුළු ගම්වාසීහු ද පැමිණ සිටිති. මේ කිම දැයි වැටී සිටිමින් මා මතං වා අම්ම යන ගාථාව කී ය.
කාමෙ චජිත්වානාති දුවිධෙපි කාමෙ පහාය. පුනරාගච්ඡතෙති විබ්භමනවසෙන ආගච්ඡති. පුන ජීවං මතො හි සොති උප්පබ්බජිත්වා පුන ජීවන්තොපි සො මතකොව, තස්මා තම්පි රොදන්තීති වදති.
කාමෙ චජිත්වාන දෙවැදෑරුම් වූ කාමය ම හැර දමා, පුනරාගච්ඡතෙ සිවුරු හැරීම් වශයෙන් පැමිණෙයි. පුන ජීවං මතො හි සො උපැවිදි ව යළි ජීවත් වන්නේ වුව ද හේ මළාක් මෙනි. එහෙයින් ඔහු ගැන ද හඬතියි කියයි.
ඉදානිස්ස ඝරාවාසෙ ආදීනවං දස්සෙන්තී කුක්කුළාතිආදිමාහ. තත්ථ කුක්කුළාති ඝරාවාසො කිර උණ්හට්ඨෙන කුක්කුළා නාම හොති. කස්ස උජ්ඣාපයාමසෙති – “අභිධාවථ, භද්දං තෙ හොතූ”ති එවං වත්වා – “යං ත්වං විබ්භමිතුකාමො යක්ඛෙන පාපිතො, ඉමං විප්පකාරං කස්ස මයං උජ්ඣාපයාම නිජ්ඣාපයාම ආරොචයාමා”ති වදති. පුන ඩය්හිතුමිච්ඡසීතිආදිත්තඝරතො නීහටභණ්ඩං විය ඝරා නීහරිත්වා බුද්ධසාසනෙ පබ්බජිතො පුන මහාඩාහසදිසෙ ඝරාවාසෙ ඩය්හිතුං ඉච්ඡසීති අත්ථො. සො මාතරි කථෙන්තියා කථෙන්තියා සල්ලක්ඛෙත්වා හිරොත්තප්පං පටිලභිත්වා, “නත්ථි මය්හං ගිහිභාවෙන අත්ථො”ති ආහ. අථස්ස මාතා “සාධු, තාතා”ති තුට්ඨා පණීතභොජනං භොජෙත්වා, “කති වස්සොසි, තාතා”ති පුච්ඡි. පරිපුණ්ණවස්සොම්හි උපාසිකෙති. “තෙන හි, තාත, උපසම්පදං කරොහී”ති චීවරසාටකෙ අදාසි. සො තිචීවරං කාරාපෙත්වා උපසම්පන්නො බුද්ධවචනං උග්ගණ්හන්තො තෙපිටකො හුත්වා සීලාදීනං ආගතට්ඨානෙ තං තං පූරෙන්තො නචිරස්සෙව අරහත්තං පත්වා මහාධම්මකථිකො හුත්වා වීසවස්සසතං ඨත්වා සකලජම්බුදීපං ඛොභෙත්වා පරිනිබ්බායි.
දැන් ඔහුට ගිහිගෙහි ආදීනව පෙන්වන්නී කුක්කුලා ආදිය පැවසුවා ය. එහි කුක්කුලා ගිහි ගෙය උෂ්ණ අර්ථයෙන් ‘කුක්කුලා’ (උණු අළු) නම් වේ. කස්ස උජ්ඣාපයාමසෙ වහා යනු මැනව. ඔබට හොඳක් ම වේවා යි මෙසේ කියා ඔබ සිවුරු හැරීමට කැමැත්තේ වුව ද යක්ෂයා විසින් පාපිත වූයේ මේ විප්‍රකාරය ගැන අපි කවරකු හට දොස් පවරමු ද, වරද පමුණුවමු දන්වමු ද? යි පවසයි. පුන ඩය්හිතුමිච්ඡසි පිළිස්සෙන නිවසකින් බැහැර කළ භාණ්ඩ මෙන් නිවසින් එළියට විත් බුදු සසුනේ පැවිදි ව යලි මහත් ව පිළිස්සුමක් හා සමාන ගිහිගෙහි පිළිස්සීමට කැමැත්තෙහි ද යනු අර්ථ යි. හේ මව (මෙසේ) පවසත් පවසත් ම කල්පනා කොට ලජ්ජා බය යළි ලැබ ගිහි බවින් මට වැඩක් නැත’ යි කී ය. ඉක්බිති ඔහුගේ මව ‘හොඳමයි පුත’ යි සතුටු වූවා ප්‍රණීත භෝජන වළඳවා ‘පුත, වස් කීය දැයි විමසුවා ය. උපාසිකාවනි,’ වසරක් සම්පූර්ණ කෙළෙමි’යි. එසේ නම් පුත, උපසම්පදාව කරනු මැනවි: තුන් සිවුරු රෙදි දුන්නා ය. හේ තුන් සිවුර කරවා උපසපන් ව බුද්ධවචනය ඉගෙන ගත්තේ ත්‍රිපිටකධාරී වී ශීලාදියට පැමිණි තන්හි ඒ ඒ දේ පුරන්නේ නො බෝ කලකින් ම අර්හත්වයට පත් ව මහා ධර්මකථිකයකු වී වර්ෂ එකසිය විස්සක් සිට මුළු දඹදිව බබුළුවා පිරිනිවන් පෑයේ ය.
පඤ්චමං.
පස් වැනි සූත්‍රය යි.
6. පියඞ්කරසුත්තවණ්ණනා
6. පියඞ්කර සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ ජෙතවනෙති ජෙතවනස්ස පච්චන්තෙ කොසම්බකකුටි නාම අත්ථි, තත්ථ විහරති. ධම්මපදානීති ඉධ පාටියෙක්කං සඞ්ගහං ආරුළ්හා ඡබ්බීසතිවග්ගා තන්ති අධිප්පෙතා. තත්ර ථෙරො තස්මිං සමයෙ අන්තොවිහාරෙ නිසින්නො මධුරස්සරෙන සරභඤ්ඤං කත්වා අප්පමාදවග්ගං භාසති. එවං තොසෙසීති සා කිර පුත්තං පියඞ්කරං අඞ්කෙනාදාය ජෙතවනස්ස පච්ඡිමභාගතො පට්ඨාය ගොචරං පරියෙසන්තී අනුපුබ්බෙන නගරාභිමුඛී හුත්වා උච්චාරපස්සාවඛෙළසිඞ්ඝාණිකදුබ්භොජනානි පරියෙසමානා ථෙරස්ස වසනට්ඨානං පත්වා මධුරස්සරං අස්සොසි. තස්සා සො සද්දො ඡවිආදීනි ඡෙත්වා අට්ඨිමිඤ්ජං ආහච්ච හදයඞ්ගමනීයො හුත්වා අට්ඨාසි. අථස්සා ගොචරපරියෙසනෙ චිත්තම්පි න උප්පජ්ජි, ඔහිතසොතා ධම්මමෙව සුණන්තී ඨිතා. යක්ඛදාරකස්ස පන දහරතාය ධම්මස්සවනෙ චිත්තං නත්ථි. සො ජිඝච්ඡාය පීළිතත්තා, “කස්මා අම්මා ගතගතට්ඨානෙ ඛාණුකො විය තිට්ඨසි? න මය්හං ඛාදනීයං වා භොජනීයං වා පරියෙසසී”ති පුනප්පුනං මාතරං චොදෙති. සා “ධම්මස්සවනස්ස මෙ අන්තරායං කරොතී”ති පුත්තකං “මා සද්දං කරි, පියඞ්කරා”ති එවං තොසෙසි. තත්ථ මා සද්දං කරීති සද්දං මා කරි.
සය වැන්නේ - ජෙතවනෙ ජේතවනයෙහි පසල් දනව්වක ‘කොසම්බකුටිකා’ නම් තැනක් ඇත. එහි වසයි. ධම්මපදානි මෙහි වෙන් වෙන් ම සංග්‍රහ කරන ලද ෂඩ්වීසති වර්ග පෙළ (ධම්මපදය) අදහස් කරන ලදි. එහි තෙරුන් වහන්සේ ඒ අවස්ථාවෙහි විහාර ඇතුළත සිටිමින් මධුර ස්වරයෙන් ගාථා කියා අප්පමාදවග්ගය කියයි. එවං තොසෙසි (මෙසේ නැළවුවා ය). ඈ පියංකර (නම් වූ) පුතා ඇකයෙන් ගෙන ජේතවනයෙහි බටහිර පැත්තේ සිට අහර සොයන්නී පිළිවෙලින් නගරය දෙසට හැරී මළමුත්‍ර - කෙළ - සොටු ආදී දුෂ්කර බොජුන් සොයන්නී තෙරුන් වසන ස්ථානයට පැමිණ මධුර ස්වරය ඇසුවා ය. ඒ ශබ්දය ඇගේ සම ආදිය සිඳ ඇට මිදුලු ගටා හෘදයංගමනීය විය. ඉක්බිති ඈට ගොදුරු සෙවීමේ සිතක් හෝ නො උපතිණි. කන් යොමා ගෙන ධර්මය ම අසමින් සිටින්නී ය. යක් දරුවාගේ ළමාකම හේතුවෙන් ධර්ම ශ්‍රවණයෙහි සිතකුදු නො උපනි. ඔහු බඩ සයින් පෙලුන බැවින් “මෑණියනි, ගිය ගිය තැන කණුවක් මෙන් සිටින්නේ කුමක් නිසා ද? මට කන්නට හෝ බොන්නට කිසිවක් නො සොයන්නෙහි ද?” යි යළි යළිත් මවට දොස් පවරයි. ඇය මගේ ධර්මශ්රවණයට බාධාවක් කරතියි මා සද්දං කරි පියඞ්කර, ශබ්ද නොකරන්න” යි මෙසේ නැළවූවා ය. එහි මා සද්දං කරි ‘සද්දං මා කරි’ (ශබ්ද නො කරන්න)
පාණෙසු චාති ගාථාය සා අත්තනො ධම්මතාය සමාදිණ්ණං පඤ්චසීලං දස්සෙති. තත්ථ සංයමාමසෙති සංයමාම සංයතා හොම. ඉමිනා පාණාතිපාතා විරති ගහිතා, දුතියපදෙන මුසාවාදා විරති, තතියපදෙන සෙසා තිස්සො විරතියො. අපි මුච්චෙම පිසාචයොනියාති අපි නාම යක්ඛලොකෙ උප්පන්නානි පඤ්ච වෙරානි පහාය, යොනිසො පටිපජ්ජිත්වා ඉමාය ඡාතකදුබ්භික්ඛාය පිසාචයක්ඛයොනියා මුච්චෙම, තාතාති වදති.
පාණෙසු ච යන ගාථාවෙන් ඈ තමාගේ යෝග්‍යතාව අනුව සමාදන් වූ පඤ්චශීලය දක්වයි. එහි සංයමාමසෙ සංයම වෙමු. සංයත වූවෝ වෙමු. මෙයින් පාණාතිපාතයෙන් වැළකීම ගන්නා ලදි. දෙවන පදයෙන් මුසාවාද විරතිය, තෙවන පදයෙන් ඉතිරි විරති තුන (ගන්නා ලදි) අපි මුඤ්චෙම පිසාචයොනියා දරුවා යක්ෂ ලෝකයෙහි උපන් නමුත් මේ වෛර පහ හැර දමා සිහියෙන් යුතු ව පිළිපැද මේ කුසගිනි දුබික් සහිත පිශාච යක්ෂ යෝනියෙන් මිදෙමු’යි කී ය.
ඡට්ඨං.
සය වැනි සූත්‍රය යි.
7. පුනබ්බසුසුත්තවණ්ණනා
7. පුනබ්බසු සූත්‍ර වර්ණනාව
සත්තමෙ තෙන ඛො පන සමයෙනාති කතරසමයෙන? සූරියස්ස අත්ථඞ්ගමනසමයෙන. තදා කිර භගවා පච්ඡාභත්තෙ මහාජනස්ස ධම්මං දෙසෙත්වා මහාජනං උය්යොජෙත්වා න්හානකොට්ඨකෙ න්හත්වා ගන්ධකුටිපරිවෙණෙ පඤ්ඤත්තවරබුද්ධාසනෙ පුරත්ථිමලොකධාතුං ඔලොකයමානො නිසීදි. අථෙකචාරිකද්විචාරිකාදයො පංසුකූලිකපිණ්ඩපාතිකභික්ඛූ අත්තනො අත්තනො වසනට්ඨානෙහි නික්ඛමිත්වා ආගම්ම දසබලං වන්දිත්වා රත්තසාණියා පරික්ඛිපමානා විය නිසීදිංසු. අථ නෙසං අජ්ඣාසයං විදිත්වා සත්ථා නිබ්බානපටිසංයුත්තං ධම්මකථං කථෙසි.
සත් වැන්නේ - තෙන ඛො පන සමයෙන හිරු බැස ගිය කල්හි, එදා භාග්‍යවතුන් වහන්සේ දිවාභෝජනයෙන් පසු ව මහජනයාට දහම් දෙසා මහජනයා උද්යෝගිමත් කරවා ස්නානය කරන කුටියෙහි ස්නානය කොට, ගඳකිළි කාමරයෙහි පනවන ලද උතුම් බුද්ධාසනයෙහි පෙර දිග ලෝකධාතුව බලමින් සිටි සේක. ඉක්බිති ඒකචාරික (තනි තනි ව හැසිරෙන) ද්විචාරික ආදි පංශුකුලික - පිණ්ඩපාතික - භික්ෂූහු තම තමන් වසන තැන්වලින් නික්මී පැමිණ බුදුන් වහන්සේ වැඳ, රතු කඩතුරාවලින් වට කරනු ලබන්නාක් මෙන් වාඩි වූහ. ඉක්බිති ඔවුන්ගේ අදහස දැන බුදුන් වහන්සේ නිර්වාණය අඩංගු ධර්ම කථාවක් පැවැත්වූ සේක.
එවං තොසෙසීති සා කිර ධීතරං අඞ්කෙනාදාය පුත්තං අඞ්ගුලියා ගහෙත්වා ජෙතවනපිට්ඨියං පාකාරපරික්ඛෙපසමීපෙ උච්චාරපස්සාවඛෙළසිඞ්ඝාණිකං පරියෙසමානා අනුපුබ්බෙන ජෙතවනද්වාරකොට්ඨකං සම්පත්තා. භගවතො ච, “ආනන්ද, පත්තං ආහර, චීවරං ආහර, විඝාසාදානං දානං දෙහී”ති කථෙන්තස්ස සද්දො සමන්තා ද්වාදසහත්ථමත්තමෙව ගණ්හාති. ධම්මං දෙසෙන්තස්ස සචෙපි චක්කවාළපරියන්තං කත්වා පරිසා නිසීදති, යථා පරිසං ගච්ඡති, බහිපරිසාය එකඞ්ගුලිමත්තම්පි න නිග්ගච්ඡති, “මා අකාරණා මධුරසද්දො නස්සී”ති. තත්රායං යක්ඛිනී බහිපරිසාය ඨිතා සද්දං න සුණාති, ද්වාරකොට්ඨකෙ ඨිතාය පනස්සා මහතියා බුද්ධවීථියා අභිමුඛෙ ඨිතා ගන්ධකුටි පඤ්ඤායි. සා නිවාතෙ දීපසිඛා විය බුද්ධගාරවෙන හත්ථකුක්කුච්චාදිරහිතං නිච්චලං පරිසං දිස්වා – “නූන මෙත්ථ කිඤ්චි භාජනීයභණ්ඩං භවිස්සති, යතො අහං සප්පිතෙලමධුඵාණිතාදීසු කිඤ්චිදෙව පත්තතො වා හත්ථතො වා පග්ඝරන්තං භූමියං වා පන පතිතං ලභිස්සාමී”ති අන්තොවිහාරං පාවිසි. ද්වාරකොට්ඨකෙ අවරුද්ධකානං නිවාරණත්ථාය ඨිතා ආරක්ඛදෙවතා යක්ඛිනියා උපනිස්සයං දිස්වා න නිවාරෙසි. තස්සා සහ පරිසාය එකීභාවගමනෙන මධුරස්සරො ඡවිආදීනි ඡින්දිත්වා අට්ඨිමිඤ්ජං ආහච්ච අට්ඨාසි. තං ධම්මස්සවනත්ථාය නිච්චලං ඨිතං පුරිමනයෙනෙව පුත්තකා චොදයිංසු. සා “ධම්මස්සවනස්ස මෙ අන්තරායං කරොන්තී”ති පුත්තකෙ තුණ්හී උත්තරිකෙ හොහීති එවං තොසෙසි.
එවං තොසෙසි ඇය දියනිය ඇකයෙන් ගෙන පුතා ඇඟිල්ලෙන් (අල්ලා) ගෙන ජේතවන තලාවේ ප්‍රාකාර වටය සමීපයෙහි මළමුත්‍ර - කෙළ - සොටු සොයමින් යන්නී පිළිවෙලින් ජේතවන දොරටුවට පැමිණියා ය. ආනන්දයනි, පාත්‍රය ගෙන එන්න. චීවරය ගෙන එන්න, ඉඳුල් කන්නවුනට දන් දෙන්න යි පවසන භාග්‍යවතුන් වහන්සේ ශබ්දය හාත්පසින් දොළොස් රියනක් පමණ ම ගනී. ධර්ම දේශනා කරන සේක් ඉදින් සක්වල කොට වුව ද පිරිස සිටියත්, ඒ පිරිස දක්වා යයි. ඉන් බැහැර එක් කෙළවර අඟලක් පමණකුදු පිටට නො යයි. හේතු රහිත ව මධුර ශබ්දය නො නසීවා කියා ය. එහි දී මේ යක්ෂණිය පිරිසෙන් පිටත සිටියා ශබ්දය නො ඇසේ. දොරටුවෙහ් සිටි ඇයට මහත් වූ බුද්ධ වීථිය නිසා ඉදිරියේ තිබූ ගඳ කිළිය පෙනිණි. ඈ, සුළඟ නැති තැන පහන් සිළුවක් මෙන් බුදුන් කෙරෙහි වූ ගෞරවයෙන් හස්තකුක්කුච්චයකුදු (අතින් කෙරෙන අශෝභන හැසිරීම්) නො මැති නිසල පිරිස දැක ඒකාන්තයෙන් ම මෙතැ කිසියම් බෙදා දෙන භාණ්ඩයක් විය යුත්තේ ය. එයින් මම ගිතෙල් මී පැණි ආදයෙන් පාත්‍රයෙන් හෝ අතින් වැගිරෙන බිමට වැටෙන කිසිවක් හෝ ලබන්නෙමි යි විහාරය ඇතුළට පිවිසියා ය. දොරටුව අවහිර කරන්නන් වැළැක්වීමට සිටි ආරක්ෂක දේවතාවා යකිණියගේ හේතුවාසනාව දැක නො වැළැක්වී ය. පිරිස සමග ඇගේ ඒකීභාව වීම හේතුවෙන් මධුරස්වරය සම ආදිය සිඳ (පසාරු කරගෙන) ඇට මිදුලු ගටා සිටියේ ය. ධර්මශ්රවණය පිණිස සිටි ඇය මුලින් සඳහන් කළ පරිදි ම කුඩා දරුවෝ දොස් පැවරූහ. අද මාගේ ධර්මශ්රවණයට අනතුරක් කරතියි කුඩා දරුවනට තුණ්හී උත්තරීකෙ හොහි (උත්තරීකාවනි නිහඬ වෙව) යි මෙසේ නැළවූවා ය.
තත්ථ යාවාති යාව ධම්මං සුණාමි, තාව තුණ්හී හොහීති අත්ථො. සබ්බගන්ථප්පමොචනන්ති නිබ්බානං ආගම්ම සබ්බෙ ගන්ථා පමුච්චන්ති, තස්මා තං සබ්බගන්ථප්පමොචනන්ති වුච්චති. අතිවෙලාති වෙලාතික්කන්තා පමාණාතික්කන්තා. පියායනාති මග්ගනා පත්ථනා. තතො පියතරන්ති යා අයං අස්ස ධම්මස්ස මග්ගනා පත්ථනා, ඉදං මය්හං තතො පියතරන්ති අත්ථො. පියතරාති වා පාඨො. පාණිනන්ති යථා පාණීනං දුක්ඛා මොචෙති. කෙ මොචෙතීති? පාණිනෙති ආහරිත්වා වත්තබ්බං. යං ධම්මං අභිසම්බුද්ධන්ති, යං ධම්මං භගවා අභිසම්බුද්ධො. තුණ්හීභූතායමුත්තරාති න කෙවලං අහමෙව, අයං මෙ භගිනී උත්තරාපි තුණ්හීභූතාති වදති. සද්ධම්මස්ස අනඤ්ඤායාති, අම්ම, මයං පුබ්බෙපි ඉමං සද්ධම්මමෙව අජානිත්වා ඉදානි ඉදං ඛුප්පිපාසාදිදුක්ඛං අනුභවන්තා දුක්ඛං චරාම විහරාම.
එහි යාව යම් තාක් ධර්මය අසම් ද එතෙක් නිහඬ වනු යනු අර්ථය යි. සබ්බගන්ථප්පමොචනං නිවනට පැමිණ සියලු ගැටවලින් මිදෙත්. එහෙයින් එය සියලු ගැටවලින් මුදවන්නකැයි කියයි. අතිවෙලා වේලාව ඉක්මවා, ප්‍රමාණය ඉක්මවා ගිය, පියායනා සෙවීම, පැතීම, තතො පියතරං මේ ධර්මය සෙවීම - පැතීම යන යමක් ඇත් ද මෙය මට ඊටත් වඩා ප්‍රිය ය යනු අර්ථය යි. “පියතරා” යනු හෝ පාඨයකි. පාණිනං යම් සේ ප්‍රාණීන් දුකෙන් මුදවා ද, කවරකු මුදවා ද? ප්‍රාණීන් යි ගෙන කිව යුතු ය. යං ධම්මං අභිසම්බුද්ධං යම් ධර්මයක් භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළාහු ද, තුණ්හීභූතායං උත්තරා හුදෙක් මා පමණක් නොව මගේ මේ නැගණි උත්තරා ද නිහඬ ව සිටියි. සද්ධම්මස්ස අනඤ්ඤය මෑණියනි, අපි පෙර ද මේ සද්ධර්මය නො දැක දැන් මේ සාපිපාසා ආදී දුක් අනුභව කරමින් දුකෙහි හැසිරෙමු.
චක්ඛුමාති පඤ්චහි චක්ඛූහි චක්ඛුමා.
චක්ඛුමා ඇස් පහකින් යුක්ත වූයේ ‘චක්ඛුමා.’
ධම්මං දෙසෙන්තොයෙව භගවා පරිසං සල්ලක්ඛයමානො තස්සා යක්ඛිනියා චෙව යක්ඛදාරකස්ස ච සොතාපත්තිඵලස්ස උපනිස්සයං දිස්වා දෙසනං විනිවට්ටෙත්වා චතුසච්චකථං දීපෙති, තං සුත්වා තස්මිංයෙව දෙසෙ ඨිතා යක්ඛිනී සද්ධිං පුත්තෙන සොතාපත්තිඵලෙ පතිට්ඨිතා. ධීතුයාපි පනස්සා උපනිස්සයො අත්ථි, අතිදහරත්තා පන දෙසනං සම්පටිච්ඡිතුං නාසක්ඛි.
ධර්මය දේශනා කරමින් ම භාග්‍යවතුන් වහන්සේ පිරිස විමසා බලන සේක් ඒ යකිණියගේ මෙන් ම යක් දරුවාගේ ද සෝවාන් ඵලයට ඇති හේතුවාසනා දැක දේශනාව වෙනතක හරවා චතුස්සත්‍යය දැක්වූ සේක. එය අසා එතැන්හි ම සිටි යකිණිය පුතාත් සමග සෝවාන් ඵලයෙහි පිහිටියා ය. ඒ දියණියට ද හේතුවාසනාව ඇත. බොහෝ ළදරු හෙයින් දේශනාව අවබෝධ කර ගැනීමට අසමත් වූවා ය.
ඉදානි සා යක්ඛිනී පුත්තස්ස අනුමොදනං කරොන්තී සාධු ඛො පණ්ඩිතො නාමාතිආදිමාහ. අජ්ජාහම්හි සමුග්ගතාති අහම්හි අජ්ජ වට්ටතො උග්ගතා සමුග්ගතා සාසනෙ වා උග්ගතා සමුග්ගතා, ත්වම්පි සුඛී හොහීති. දිට්ඨානීති මයා ච තයා ච දිට්ඨානි. උත්තරාපි සුණාතු මෙති, “අම්හාකං චතුසච්චපටිවෙධභාවං, ධීතා මෙ උත්තරාපි, සුණාතූ”ති වදති.
දැන් ඒ යකිණිය පුතුට අනුමෝදන් කරන්නී, “සාධු ඛො පණ්ඩිතො නාම” ආදිය කීවා ය. අජ්ජාහං හි සමුග්ගතා අද මම සසරින් ගොඩ වුනෙමි. මැනවින් උඩට ආවෙමි, ශාසනයෙහි හෝ ඉහළට ආවෙමි. නැගී ආවෙමි. එබ ද සුවපත් වන්නෙහි, දිට්ඨානි මා විසිනුත් ඔබ විසිනුත් දන්නා ලදි. උත්තරාපි සුණාතු මෙ අප චතුස්සත්‍යය අවබෝධ කර ගත් බව මා දියණි උත්තරා ද අසත්වායි කියයි.
සහ සච්චපටිවෙධෙනෙව සාපි සූචිලොමො විය සබ්බං සෙතකණ්ඩුකච්ඡුආදිභාවං පහාය දිබ්බසම්පත්තිං පටිලභති සද්ධිං පුත්තෙන. ධීතා පනස්සා යථා නාම ලොකෙ මාතාපිතූහි ඉස්සරියෙ ලද්ධෙ පුත්තානම්පි තං හොති, එවං මාතු-ආනුභාවෙනෙව සම්පත්තිං ලභි. තතො පට්ඨාය ච සා සද්ධිං පුත්තකෙහි ගන්ධකුටිසමීපරුක්ඛෙයෙව නිවාසරුක්ඛං ලභිත්වා සායං පාතං බුද්ධදස්සනං ලභමානා ධම්මං සුණමානා දීඝරත්තං තත්ථෙව වසි.
සත්‍ය ප්‍රතිවේධය සමග ම ඇය ද සූචිලෝම මෙන් සුදු හොරි කැසීම් ආදි ස්වරූපය හැර දමා පුතා සමග දිව්‍ය සම්පත්තිය ලැබුවා ය. [missing trans] එතැන් පටන් ඇය දරුවන් සමග ගඳ කිළිය සමීපයෙහි වූ රුකෙහි ම නිවාසයක් ලැබ හවස උදේ බුද්ධ දර්ශනය ලබන්නී ධර්මය අසන්නී බොහෝ කලක් එහි ම විසුවා ය.
සත්තමං.
සත් වැනි සූත්‍රය යි.
8. සුදත්තසුත්තවණ්ණනා
8. සුදත්ත සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ කෙනචිදෙව කරණීයෙනාති වාණිජ්ජකම්මං අධිප්පෙතං. අනාථපිණ්ඩිකො ච රාජගහසෙට්ඨි ච අඤ්ඤමඤ්ඤං භගිනිපතිකා හොන්ති. යදා රාජගහෙ උට්ඨානකභණ්ඩකං මහග්ඝං හොති, තදා රාජගහසෙට්ඨි තං ගහෙත්වා පඤ්චසකටසතෙහි සාවත්ථිං ගන්ත්වා යොජනමත්තෙ ඨිතො අත්තනො ආගතභාවං ජානාපෙති. අනාථපිණ්ඩිකො පච්චුග්ගන්ත්වා තස්ස මහාසක්කාරං කත්වා එකයානං ආරොපෙත්වා සාවත්ථිං පවිසති. සො සචෙ භණ්ඩං ලහුකං වික්කීයති, වික්කිණාති. නො චෙ, භගිනිඝරෙ ඨපෙත්වා පක්කමති. අනාථපිණ්ඩිකොපි තථෙව කරොති. ස්වායං තදාපි තෙනෙව කරණීයෙන අගමාසි. තං සන්ධායෙතං වුත්තං.
අට වැන්නේ - කෙනචිදෙව කරණීයෙන වෙළෙඳ කටයුතු අදහස් කරන ලදි. අනේ පිඬු සිටුවරයාත් රජගහනුවර සිටුවරයාත් අන්‍යොන්‍ය වශයෙන් සොහොයුරියන්ගේ සැමියෝ වෙත්. යම් විටෙක රජගහ නුවර ආදායම් උපදවන බඩුවල මිල වැඩි වේ ද එවිට රජගහ නුවර සිටුවරයා එය ගෙන පන්සියයක් ගැල් සහිත ව සැවැත් නුවරට ගොස් යොදුනක් පමණ (ඈත) සිට තමා පැමිණි බව දන්වයි. අනේපිඬු සිටුතුමා පෙර ගමන් කොට ඔහුට මහත් සත්කාර කොට එක ම යානයකට නංවා සැවතට පිවිසෙයි. හේ, ඉදින් භාණ්ඩ වහා විකිණේ නම් විකුණයි; (එසේ) නො වේ නම් නැගණියගේ නිවසේ තබා නික්ම යයි. අනාථ පිණ්ඩික ද එසේ ම කරයි. හෙතෙමේ එකල්හි ද ඒ කාරණයෙන් ම ගියේ ය. ඒ අරභයා මෙය කියන ලදි.
තං දිවසං පන රාජගහසෙට්ඨි යොජනමත්තෙ ඨිතෙන අනාථපිණ්ඩිකෙන ආගතභාවජානනත්ථං පෙසිතං පණ්ණං න සුණි, ධම්මස්සවනත්ථාය විහාරං අගමාසි. සො ධම්මකථං සුත්වා ස්වාතනාය බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං නිමන්තෙත්වා අත්තනො ඝරෙ උද්ධනඛණාපනදාරුඵාලනාදීනි කාරෙසි. අනාථපිණ්ඩිකොපි “ඉදානි මය්හං පච්චුග්ගමනං කරිස්සති, ඉදානි කරිස්සතී”ති ඝරද්වාරෙපි පච්චුග්ගමනං අලභිත්වා අන්තොඝරං පවිට්ඨො පටිසන්ථාරම්පි න බහුං අලත්ථ. “කිං, මහාසෙට්ඨි, කුසලං දාරකරූපානං? නසි මග්ගෙ කිලන්තො”ති? එත්තකොව පටිසන්ථාරො අහොසි.
එ දවස රජගහ නුවර සිටුවරයා යොදුනක් පමණ (ඈතින්) සිටි අනාථ පිණ්ඩික විසින් ආ බැව් හැඟවීම් යවන ලද හසුන් නො ඇසී ය. ධර්ම ශ්‍රවණය පිණිස විහාරයට ගියේ ය. හේ ධර්මකථාව අසා පසු දින බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට ආරාධනය කොට තමාගේ නිවසේ උදුන් කැනවීම් දර පැලීම් ආදිය කරවී ය. අනාථපිණ්ඩික ද මගේ පෙර ගමන දැන් කරයි දැන් කරයි කියා ගෙදොර දී පවා පෙරගමන් නො ලැබ ගෙතුළට ගොස් වැඩි පිළිසඳරක් පවා නො ලද්දේ ය. මහ සිටුවරය, කිම? දරුවන්ගේ සැප සනීප කොහොම ද? මග වෙහෙසකාරී නො වුණෙහි ද? පිළිසඳර එපමණක් විය.
සො තස්ස මහාබ්යාපාරං දිස්වා, “කිං නු තෙ, ගහපති, ආවාහො වා භවිස්සතී”ති? ඛන්ධකෙ (චූළව· 304) ආගතනයෙනෙව කථං පවත්තෙත්වා තස්ස මුඛතො බුද්ධසද්දං සුත්වා පඤ්චවණ්ණං පීතිං පටිලභි. සා තස්ස සීසෙන උට්ඨාය යාව පාදපිට්ඨියා, පාදපිට්ඨියා උට්ඨාය යාව සීසා ගච්ඡති, උභතො උට්ඨාය මජ්ඣෙ ඔසරති, මජ්ඣෙ උට්ඨාය උභතො ගච්ඡති. සො පීතියා නිරන්තරං ඵුට්ඨො, “බුද්ධොති ත්වං, ගහපති, වදෙසි? බුද්ධො තාහං, ගහපති, වදාමී”ති එවං තික්ඛත්තුං පුච්ඡිත්වා, “ඝොසොපි ඛො එසො දුල්ලභො ලොකස්මිං යදිදං බුද්ධො”ති ආහ. ඉදං සන්ධාය වුත්තං “අස්සොසි ඛො අනාථපිණ්ඩිකො, ගහපති, බුද්ධො කිර ලොකෙ උප්පන්නො”ති.
හේ ඔහුගේ අධික වැඩකටයුතු දැක ‘කිම ගෘහපතියනි, ඔබට ආවාහයක් හෝ වන්නේ ද?” යි ඛන්ධකයෙහි ආ පිළිවෙලට කථා පවත්වා ඔහුගේ මුවෙන් බුද්ධ ශබ්දය අසා පස්වනක් ප්‍රීතිය ලැබී ය. එය (එම ප්‍රීතිය) ඔහුගේ හිසෙන් ඇරඹී පා තලය දක්වාත්, පා තලයේ සිට හිස දක්වාත් යයි. දෙපැත්තෙන් ම පැන නැගී මැද කිඳා බසියි. මැදින් ඇරඹී දෙපැත්තට යයි. හේ ප්‍රීතියෙන් නිරන්තරයෙන් ම ස්පර්ශ කරනු ලැබුයේ “ගෘහපතිය, ඔබ ‘බුද්ධ’ යි කියහි?” “ගෘහපතිය, මම ‘බුද්ධ’ යි කියමි” මෙසේ තෙවරක් ප්‍රශ්න කොට යම් මේ ‘බුද්ධ’ යන්නක් (වේද) ලෝකයෙහි මේ ඝෝෂාව ද දුර්ලභය යි කී ය. ඒ අරභයා කියන ලදි. “අස්සොසි ඛො අනාථපිණ්ඩිකො ගහපති බුද්ධො කිර ලොකෙ උප්පන්නො” යි.
එතදහොසි අකාලො ඛො අජ්ජාති සො කිර තං සෙට්ඨිං පුච්ඡි, “කුහිං ගහපති සත්ථා විහරතී”ති? අථස්ස සො – “බුද්ධා නාම දුරාසදා ආසීවිසසදිසා හොන්ති, සත්ථා සිවථිකාය වසති, න සක්කා තත්ථ තුම්හාදිසෙහි ඉමාය වෙලාය ගන්තු”න්ති ආචික්ඛි. අථස්ස එතදහොසි. බුද්ධගතාය සතියා නිපජ්ජීති තංදිවසං කිරස්ස භණ්ඩසකටෙසු වා උපට්ඨාකෙසු වා චිත්තම්පි න උප්පජ්ජි, සායමාසම්පි න අකාසි, සත්තභූමිකං පන පාසාදං ආරුය්හ සුපඤ්ඤත්තාලඞ්කතවරසයනෙ “බුද්ධො බුද්ධො”ති සජ්ඣායං කරොන්තොව නිපජ්ජිත්වා නිද්දං ඔක්කමි. තෙන වුත්තං “බුද්ධගතාය සතියා නිපජ්ජී”ති.
එතදහොසි, අකාලෙ ඛො අජ්ජ හේ සිටුවරයා විමසී ය: ‘ගෘහපතිය, බුදුන් වහන්සේ කොහි වසත් ද? එවිට ඔහු, බුදුන් වහන්සේලා ළං වීමට නො හැක්කෝ ය; සර්පයන් හා සමාන වූවෝ වෙති. බුදුන්වහන්සේ ශීත වනයෙහි වසති. ඔබ වැන්නවුන් විසින් මේ වේලාවට යාමට නො හැකි ය යි ප්‍රකාශ කළේ ය. එවිට ඔහුට මෙසේ සිතුණි. බුද්ධගතාය සතියා නිපජ්ජති ඒ දවසේ ඔහුට භාණ්ඩ (ගෙන ආ) කරත්ත ගැන හෝ උපස්ථායකයන් ගැන හෝ සිතක් පවා ඇති නො වී ය. රාත්‍රී ආහාර ගැනීමක් ද නො වී ය. මහල් සතකින් යුතු ප්‍රාසාදයට නැග මැනවින් පනවන ලද උතුම් අසුනෙහි ‘බුද්ධො’ යි සජ්ඣායනය කරමින් ම හෙව නින්දට වැටුනේය. එහෙයින් “බුද්ධගතාය සතියා නිපජ්ජි” (බුදුන් කෙරෙහි ගිය සිහියෙන් හෝනේ ය) යි කියන ලදි.
රත්තියා සුදං තික්ඛත්තුං උට්ඨාසි පභාතන්ති මඤ්ඤමානොති පඨමයාමෙ තාව වීතිවත්තෙ උට්ඨාය බුද්ධං අනුස්සරි, අථස්ස බලවප්පසාදො උදපාදි, පීතිආලොකො අහොසි, සබ්බතමං විගච්ඡි, දීපසහස්සුජ්ජලං විය චන්දුට්ඨානං සූරියුට්ඨානං විය ච ජාතං. සො “පපාදං ආපන්නො වතම්හි, සූරියො උග්ගතො”ති උට්ඨාය ආකාසතලෙ ඨිතං චන්දං උල්ලොකෙත්වා “එකොව යාමො ගතො, අඤ්ඤෙ ද්වෙ අත්ථී”ති පුන පවිසිත්වා නිපජ්ජි. එතෙනුපායෙන මජ්ඣිමයාමාවසානෙපි පච්ඡිමයාමාවසානෙපීති තික්ඛත්තුං උට්ඨාසි. පච්ඡිමයාමාවසානෙ පන බලවපච්චූසෙයෙව උට්ඨාය ආකාසතලං ආගන්ත්වා මහාද්වාරාභිමුඛොව අහොසි, සත්තභූමිකද්වාරං සයමෙව විවටං අහොසි. සො පාසාදා ඔරුය්හ අන්තරවීථිං පටිපජ්ජි.
රත්තියා සුදං තික්ඛත්තුං උට්ඨාසි පභාතන්ති මඤ්ඤමානො ප්‍රථම යාමට යන්තම් අවසන් වුණු විට නැගිට බුදුන් වහන්සේ සිහි කළේ ය. එවිට ඔහුට බලවත් ප්‍රසාදයක් ඇති විය. ප්‍රීතියෙන් හටගත් ආලෝකයක් ඇති විය. සියලු අඳුරු දුරු විය. පහන් දහසක් දැල්වෙන්නාක් මෙන් ද සඳ නැගීම හිරු නැගීම මෙන් ද විය. ප්‍රීතියෙන් හටගත් ආලෝකයක් ඇති විය. හේ මම පමා වුනෙමි, රැවටුනෙමි, හිරු නැගුණි යි නැගිට අහස් තලයෙහි සිටියේ සඳ දෙස බලා එක යාමයක් පමණක් ඉක්ම ගොසිනි, තවත් දෙකක් ඇතැයි යළි පිවිස නිදා ගත්තේ ය. මේ අයුරින් මධ්‍යම යාම අවසානයෙහි ද පශ්චිම යාමය අවසානයෙහි දැයි තෙවරක් නැගිට්ටේ ය. පැසුළු යම අවසානයේ ඉතා උදයෙන් ම නැගිට අහස්තලයට ගොස්, මහ දොරටුවට මුහුණ ලා සිටියේ ය. සත් මහලේ දොර ඉබේ ම විවෘත වුණි. හේ ප්‍රාසාදයෙන් බැස වීදිය තුළට බැස්සේ ය.
විවරිංසූති “අයං මහාසෙට්ඨි ‘බුද්ධුපට්ඨානං ගමිස්සාමී’ති නික්ඛන්තො, පඨමදස්සනෙනෙව සොතාපත්තිඵලෙ පතිට්ඨාය තිණ්ණං රතනානං අග්ගුපට්ඨාකො හුත්වා අසදිසං සඞ්ඝාරාමං කත්වා චාතුද්දිසස්ස අරියගණස්ස අනාවටද්වාරො භවිස්සති, න යුත්තමස්ස ද්වාරං පිදහිතු”න්ති චින්තෙත්වා විවරිංසු. අන්තරධායීති රාජගහං කිර ආකිණ්ණමනුස්සං අන්තොනගරෙ නව කොටියො, බහිනගරෙ නවාති තං උපනිස්සාය අට්ඨාරස මනුස්සකොටියො වසන්ති. අවෙලාය මතමනුස්සෙ බහි නීහරිතුං අසක්කොන්තා අට්ටාලකෙ ඨත්වා බහිද්වාරෙ ඛිපන්ති. මහාසෙට්ඨි නගරතො බහිනික්ඛන්තමත්තොව අල්ලසරීරං පාදෙන අක්කමි, අපරම්පි පිට්ඨිපාදෙන පහරි. මක්ඛිකා උප්පතිත්වා පරිකිරිංසු. දුග්ගන්ධො නාසපුටං අභිහනි. බුද්ධප්පසාදො තනුත්තං ගතො. තෙනස්ස ආලොකො අන්තරධායි, අන්ධකාරො පාතුරහොසි. සද්දමනුස්සාවෙසීති “සෙට්ඨිස්ස උස්සාහං ජනෙස්සාමී”ති සුවණ්ණකිඞ්කිණිකං ඝට්ටෙන්තො විය මධුරස්සරෙන සද්දං අනුස්සාවෙසි.
විවරිංසු මේ මහා සිටුවරයා බුද්ධ උපස්ථායනයට යන්නෙමැයි නික්මියේ, ප්‍රථම දර්ශනයෙන් ම සෝවාන් ඵලයෙහි පිහිටා රත්නත්‍රයේ අග්‍ර උපස්ථායකයා වී අසමාන වූ සංඝාරාමයක් කරවා සිවු දෙස ආර්ය ගණයාට නො වැසූ දොර ඇත්තේ වන්නේ ය. ඔහුට දොර වැසීම නො වටනේ යයි සිතා විවෘත කළහ. අන්තරධායි රජගහ නුවර ජනාකීර්ණ ය, ඇතුලු නුවර නව කෝටියකි, බැහැරි නුවර නව (කෝටි)යකි යි එය ඇසුරු කොට දහ අට කෝටියක් මිනිස්සු වසත්. අවේලාවෙහි මළ මිනිසුන් බැහැර ගෙන යාමට නො හැකි වන්නාහු අටල්ලක තබා බිහිදොර දමත්, ‘මහ සිටුවරයා නුවරින් පිටත නික්මුණු සැණින් ම තෙත සිරුර පයින් පෑගිණ; තවෙකකුට පිටි පතුලෙන් ගැසී ය. මැස්සෝ ඉගිලී විසිරෙති. දුර්ගන්ධය නාසා පුටය කඩාගෙන ගියේ ය. බුදුන් කෙරේ වූ ප්‍රසාදය තුනී විය. එයින් ඔහුගේ ආලෝකය අතුරුදහන් විය. අඳුර පහළ විය. සද්දමනුස්සාවෙසි සිටුවරයාට උත්සාහය ජනිත කරවන්නෙමියි රන් ගෙජ්ජි ගැටෙන්නාක් මෙන් මිහිරි හඬින් ශබ්දය ඇසෙන්නට සැලැස්වී ය.
සතං කඤ්ඤාසහස්සානීති පුරිමපදානිපි ඉමිනාව සහස්සපදෙන සද්ධිං සම්බන්ධනීයානි. යථෙව හි සතං කඤ්ඤාසහස්සානි, සතං සහස්සානි හත්ථී, සතං සහස්සානි අස්සා, සතං සහස්සානි රථාති අයමෙත්ථ අත්ථො. ඉති එකෙකසතසහස්සමෙව දීපිතං. පදවීතිහාරස්සාති පදවීතිහාරො නාම සමගමනෙ ද්වින්නං පදානං අන්තරෙ මුට්ඨිරතනමත්තං. කලං නාග්ඝන්ති සොළසින්ති තං එකං පදවීතිහාරං සොළසභාගෙ කත්වා තතො එකො කොට්ඨාසො පුන සොළසධා, තතො එකො සොළසධාති එවං සොළස වාරෙ සොළසධා භින්නස්ස එකො කොට්ඨාසො සොළසිකලා නාම, තං සොළසිකලං එතානි චත්තාරි සතසහස්සානි න අග්ඝන්ති. ඉදං වුත්තං හොති – සතං හත්ථිසහස්සානි සතං අස්සසහස්සානි සතං රථසහස්සානි සතං කඤ්ඤාසහස්සානි, තා ච ඛො ආමුක්කමණිකුණ්ඩලා සකලජම්බුදීපරාජධීතරො වාති ඉමස්මා එත්තකා ලාභා විහාරං ගච්ඡන්තස්ස තස්මිං සොළසිකලසඞ්ඛාතෙ පදෙසෙ පවත්තචෙතනාව උත්තරිතරාති. ඉදං පන විහාරගමනං කස්ස වසෙන ගහිතන්ති? විහාරං ගන්ත්වා අනන්තරායෙන සොතාපත්තිඵලෙ පතිට්ඨහන්තස්ස. “ගන්ධමාලාදීහි පූජං කරිස්සාමි, චෙතියං වන්දිස්සාමි, ධම්මං සොස්සාමි, දීපපූජං කරිස්සාමි, සඞ්ඝං නිමන්තෙත්වා දානං දස්සාමි, සික්ඛාපදෙසු වා සරණෙසු වා පතිට්ඨහිස්සාමී”ති ගච්ඡතොපි වසෙන වට්ටතියෙව.
සතං කඤ්ඤාසහස්සානි මුල් වචන ද මේ ‘සහස්ස’ පදය සමග සම්බන්ධ කළ යුත්තේ ය. ‘සතං කඤ්ඤාසහස්සානි’ මෙන් ‘සතං සහස්සානි හත්ථි,’ ‘සතං සහස්සානි අස්සා,’ ‘සතං සහස්සානි රථා’ යනුවෙනි. එහි අර්ථය මෙයයි. මෙසේ එක එකක් එක සහස්රයක් (ලක්ෂයක්) ම දක්වන ලදි. පදවීතිහාරස්ස පදවීතිහාරය නම් සමාන ඇවිදීමෙහි පාද දෙක අතර මිටින් රතන (අඟල් 12) පමණ ය. කලං නාග්ඝන්ති සොළසිං ඒ එක් පදවීතිහාරයක් සොළොස් කොටසක් කොට, එයින් එක කොටසක් සොළොස් කොටසකට ද එයින් ද එක් කොටසක් තවත් සොළොස් කොටසකට යයි මෙසේ සොළොස් වරක් සොළොස් කොටසකට බෙදූ කල්හි එක් කොටසක් ‘සොළසී කලා’ (සොළොස් කලාව) නමි. එම සොළොස් කලාව (තරම් වත්) මේ සතර ලක්ෂය නො වටී. කියන ලද්දේ මෙයයි; හස්තීහු ලක්ෂයකි, අශ්වයෝ ලක්ෂයකි, රථ ලක්ෂයකි, කන්‍යාවෝ ලක්ෂයකි යන මොවුහු ද මුතු මිණි කොඬොල් සහිත මුළු දඹදිව රජ කුමරියෝ ය යන මෙපමණ ලාභයට වඩා, විහාරයට යන්නහුට ඒ සොළොස් කලා සංඛ්‍යාත ඉඩෙහි පවත්නා චේතනාව ම උත්තරීතර ය. මේ විහාරයට යාම කා වෙනුවෙන් ගන්නා ලද ද? (කරන ලද ද?) විහාරයට ගොස් කිසිදු අන්තරායකින් තොර ව සෝවාන් ඵලයෙහි පිහිටුවන්නහුට සුවඳ මාලාදියෙන් පූජා කරන්නෙමි, චෛත්‍යය ද වඳින්නෙමි, ධර්මය අසන්නෙමි, පහන් පූජා කරන්නෙමි, සංඝයාට ආරාධනය කොට දානය දෙන්නෙමි. ශික්ෂාපදවල හෝ සරණයන්හි හේා පිහිටන්නෙමි යි යෑම් වශයෙන් වටනේ ම ය.
අන්ධකාරො අන්තරධායීති සො කිර චින්තෙසි – “අහං එකකොති සඤ්ඤං කරොමි, අනුයුත්තාපි මෙ අත්ථි, කස්මා භායාමී”ති සූරො අහොසි. අථස්ස බලවා බුද්ධප්පසාදො උදපාදි. තස්මා අන්ධකාරො අන්තරධායීති. සෙසවාරෙසුපි එසෙව නයො. අපිච පුරතො පුරතො ගච්ඡන්තො භිංසනකෙ සුසානමග්ගෙ අට්ඨිකසඞ්ඛලිකසමංසලොහිතන්තිආදීනි අනෙකවිධානි කුණපානි අද්දස. සොණසිඞ්ගාලාදීනං සද්දං අස්සොසි. තං සබ්බං පරිස්සයං පුනප්පුනං බුද්ධගතං පසාදං වඩ්ඪෙත්වා මද්දන්තො අගමාසියෙව.
අන්ධකාරො අන්තරධායි හේ (මෙසේ) සිතී ය: මම තනි ව මැයි (හුදෙකලා ව මැයි) සංඥා කරමි. අනුව යන්නෝ (සේවකයෝ) ද මට ඇත්තාහ. කුමක් නිසා බිය වෙම් දැයි දිරිමත් විය. ඉක්බිති ඔහුට බලවත් බුද්ධ ප්‍රසාදයක් ඇති විය. එහෙයින් අඳුර අතුරුදහන් විය. අනෙක් වාරවල ද මේ න්‍යාය ම ය. තවද ඈතට ඈතට යන්නේ බිහිසුණු සුසාන මාර්ගයේ ඇට සැකිලි මස්-ලේ ආදියත් අනේක විධ මළකඳනුත් දුටුයේ ය. බලු සිවල් ආදීන්ගේ ශබ්දය ද ඇසී ය. යළි යළිත් බුදුන් වෙත ගිය (නැමුණු) ප්‍රසාදය වඩා ඒ සියලු අනතුරු මර්දනය කරමින් ගියේ ම ය.
එහි සුදත්තාති සො කිර සෙට්ඨි ගච්ඡමානොව චින්තෙසි – “ඉමස්මිං ලොකෙ බහූ පූරණකස්සපාදයො තිත්ථියා ‘මයං බුද්ධා මයං බුද්ධා’ති වදන්ති, කථං නු ඛො අහං සත්ථු බුද්ධභාවං ජානෙය්ය”න්ති? අථස්ස එතදහොසි – “මය්හං ගුණවසෙන උප්පන්නං නාමං මහාජනො ජානාති, කුලදත්තියං පන මෙ නාමං අඤ්ඤත්ර මයා න කොචි ජානාති. සචෙ බුද්ධො භවිස්සති, කුලදත්තිකනාමෙන මං ආලපිස්සතී”ති. සත්ථා තස්ස චිත්තං ඤත්වා එවමාහ.
එහි සුදත්ත ඒ සිටුවරයා යමින් ම මෙසේ සිතී ය. මේ ලෝකයේ පූරණකස්සප ආදි බොහෝ තීර්ථකවරු “අපි බුදුවරු වෙමු” “අපි බුදුවරු වෙමු” යි කියති. මම කෙසේ නම් බුදුන් වහන්සේගේ බුදු බව දන්නෙම් වේ ද?” ඉක්බිති ඔහුට (මෙසේ) සිතිණි: මට ගුණ වශයෙන් උපන් නම මහජනයා දනිත්, මගේ පවුලේ නම මා හැර අන් කිසිවෙක් නො දනියි. ඉදින් බුදු කෙනෙක් වෙත් නම් මගේ පවුල් නාමයෙන් මා ආමන්ත්‍රණය කරනු ඇත’ යි. බුදුන් වහන්සේ ඔහුගේ සිත දැන මෙසේ කී සේක.
පරිනිබ්බුතොති කිලෙසපරිනිබ්බානෙන පරිනිබ්බුතො. ආසත්තියොති තණ්හායො. සන්තින්ති කිලෙසවූපසමං. පප්පුය්යාති පත්වා. ඉදඤ්ච පන වත්වා සත්ථා තස්ස අනුපුබ්බිකථං කථෙත්වා මත්ථකෙ චත්තාරි සච්චානි පකාසෙසි. සෙට්ඨි ධම්මදෙසනං සුත්වා සොතාපත්තිඵලෙ පතිට්ඨාය බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං නිමන්තෙත්වා පුනදිවසතො පට්ඨාය මහාදානං දාතුං ආරභි. බිම්බිසාරාදයො සෙට්ඨිස්ස සාසනං පෙසෙන්ති – “ත්වං ආගන්තුකො, යං නප්පහොති, තං ඉතො ආහරාපෙහී”ති. සො “අලං තුම්හෙ බහුකිච්චා”ති සබ්බෙ පටික්ඛිපිත්වා පඤ්චහි සකටසතෙහි ආනීතවිභවෙන සත්තාහං මහාදානං අදාසි. දානපරියොසානෙ ච භගවන්තං සාවත්ථියං වස්සාවාසං පටිජානාපෙත්වා රාජගහස්ස ච සාවත්ථියා ච අන්තරෙ යොජනෙ යොජනෙ සතසහස්සං දත්වා පඤ්චචත්තාලීස විහාරෙ කාරෙන්තො සාවත්ථිං ගන්ත්වා ජෙතවනමහාවිහාරං කාරෙත්වා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස නිය්යාදෙසීති.
පරිනිබ්බුතො කෙළෙස් පිරිනිවීමෙන් පිරිනිවුනේ ය. ආසත්තියො තණ්හාවෝ සන්ති කෙළෙස් සමනය වීම, පප්පුය්ය පැමිණ; මෙය කියා බුදුන් වහන්සේ ඔහුට අනුපිළිවෙල කථා පවසා අවසානයේ සතර සත්‍යය වදාළ සේක. සිටුවරයා ධර්ම දේශනාව අසා සෝවාන් ඵලයෙහි පිහිටා බුද්ධ ප්රමුඛ භික්ෂු සංඝයාට ආරාධනය කොට පසු දින පටන් මහ දන් දීම ආරම්භ කළේ ය. බිම්බිසාර ආදීහු ඔබ ආගන්තුකයෙකි. යමක් ඔබට ප්‍රමාණවත් නැත්නම් ඒවා මෙයින් ගෙන යන්න’යි හසුන් යවති. හේ, ඇති (ප්‍රමාණවත්), ඔබලා බොහෝ කටයුතු ඇත්තහු ය’යි සියල්ල ප්‍රතික්ෂේප කොට පන්සියයක් ගැලින් ගෙනෙන ලද ධනයෙන් සත්දිනක් මහා දානයක් දුන්නේ ය. දානාවසානයෙහි දී භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර වස් විසීමට එකඟ කරවා ගෙන, රජගහත් සැවැතත් අතර යොදුන යොදුන තැන්වල ලක්ෂයක් (බැගින්) දී විහාර හතළිස් පහක් කරවමින් සැවැත් නුවරට ගොස් ජේතවන මහා විහාරය කරවා බුදුන් වහන්සේ ප්රමුඛ භික්ෂු සංඝයාට පවරා දුන්නේ ය.
අට්ඨමං.
අට වැනි සූත්‍රය යි.
9. පඨම සුක්කාසුත්තවණ්ණනා
9. පඨමසුක්කා සූත්‍ර වර්ණනාව
නවමෙ රථිකාය රථිකන්ති එකං රථිකං ගහෙත්වා තතො අපරං ගච්ඡන්තො රථිකාය රථිකං උපසඞ්කමන්තො නාම හොති. සිඞ්ඝාටකෙපි එසෙව නයො. එත්ථ ච රථිකාති රච්ඡා. සිඞ්ඝාටකන්ති චතුක්කං.
නව වැන්නේ - රථීකාය රථීකං එක් වීදියකින් තව වීදියකට යන්නේ “රථීකාය රථීකං උපංසකන්තො” නම් වේ. සිංඝාටක (මං සන්ධිය) පිළිබඳ ව ද මේ පිළිවෙල ය. මෙහි රථීකා වීදිය, සිංඝාටකං සිවු මංසල.
කිං මෙ කතාති කිං ඉමෙ කතා? කිං කරොන්තීති අත්ථො. මධුපීතාව සෙයරෙති ගන්ධමධුපානං පීතා විය සයන්ති. ගන්ධමධුපානං පීතො කිර සීසං උක්ඛිපිතුං න සක්කොති, අසඤ්ඤී හුත්වා සයතෙව. තස්මා එවමාහ.
කිං මෙ කතා “කිං ඉමෙ කතා”? කුමක් මොවුහු කළාහු ද? කුමක් කරත් ද යනු අර්ථ යි. මධුපීතාව සෙය්යරෙ සුරා පානය කළාහු මෙන් නිදත්, සුරා පානය කළ තැනැත්තේ හිස එසවීමට නො හැකි වෙයි, විසඥව නිදන්නේ ම ය. එහෙයින් මෙසේ කී ය.
තඤ්ච පන අප්පටිවානීයන්ති තඤ්ච පන ධම්මං අප්පටිවානීයං දෙසෙති. බාහිරකඤ්හි සුමධුරම්පි භොජනං පුනප්පුනං භුඤ්ජන්තස්ස න රුච්චති, “අපනෙථ, කිං ඉමිනා”ති? පටිවානෙතබ්බං අපනෙතබ්බං හොති, න එවමයං ධම්මො. ඉමං හි ධම්මං පණ්ඩිතා වස්සසතම්පි වස්සසහස්සම්පි සුණන්තා තිත්තිං න ගච්ඡන්ති. තෙනාහ “අප්පටිවානීය”න්ති. අසෙචනකමොජවන්ති අනාසිත්තකං ඔජවන්තං. යථා හි බාහිරානි අසම්භින්නපායාසාදීනිපි සප්පිමධුසක්ඛරාහි ආසිත්තානි යොජිතානෙව මධුරානි ඔජවන්තානි හොන්ති, න එවමයං ධම්මො. අයං හි අත්තනො ධම්මතාය මධුරො චෙව ඔජවා ච, න අඤ්ඤෙන උපසිත්තො. තෙනාහ “අසෙචනකමොජව”න්ති. පිවන්ති මඤ්ඤෙ සප්පඤ්ඤාති පණ්ඩිතපුරිසා පිවන්ති විය. වලාහකමෙව පන්ථගූති වලාහකන්තරතො නික්ඛන්තඋදකං ඝම්මාභිතත්තා පථිකා විය.
තං ච පන අප්පටිවානීයං ඒ නො වැළැක්විය යුතු (ඇසීමෙන් තෘප්තියට නො එන) ධර්මය දෙසයි. බාහිර වූ සුමධුර භෝජනයක් වුව යළි යළිත් වළඳන්නෙකුට නො රුස්නේ ය. ගෙන යව, මෙයින් කිම? යි ඉවත් කළ යුතු වෙයි, බැහැර කළ යුතු වෙයි. මේ ධර්මය එසේ නො වේ. පණ්ඩිතයෝ මේ ධර්මය වර්ෂ සියයක්, දහසක් වුව අසන්නාහු තෘප්තියකට නො පැමිණෙත්, එහෙයින් ‘අප්පටිවානීයං’ යි කියන ලදි. අසෙචනකමොජවං නො ඉසින ලද්දා වූ (නො තැවරුණු), ඔදවත් වූ, යම් සේ බාහිර වූ අමිශ්‍ර කිරිබත් ආදිය වුව ද ගිතෙල් මී පැණි සකුරුවලින් ඉසින ලද්දේ ම - යොදන ලද්දේ ම - මිහිරි හා ඔදවත් වෙයි. මේ ධර්මය එසේ නො වේ. මෙය තමා ස්වභාවයෙන් මධුර වූයේත් ඔදවත් වූයේත් වේ. වෙනත් දෙයකින් මිශ්‍ර වී නො මැත. එහෙයින් අසෙචනකමොජවං යි කියන ලදි. පිවන්ති මඤ්ඤෙ සප්පඤ්ඤා පණ්ඩිත පුරුෂයන් බොන්නාක් මෙන් වලාහකාමිවද්ධගු වළාකුළුවලින් නික්මුණු දිය ග්‍රීෂ්මයෙන් රත් වුණු මගීන් මෙන්.
නවමං.
නව වැනි සූත්‍රය යි.
10. දුතිය සුක්කාසුත්තවණ්ණනා
10. දුතියසුක්කා සූත්‍ර වර්ණනාව
දසමෙ පුඤ්ඤං වත පසවි බහුන්ති බහුං වත පුඤ්ඤං පසවතීති.
දස වැන්නේ - පුඤ්ඤං වත පසවි බහුං ‘බහුං වත පුඤ්ඤං පසවි’ (බොහෝ ම පින් රැස් කළේ ය.)
දසමං.
දස වැනි සූත්‍රය යි.
11. චීරාසුත්තවණ්ණනා
11. චීරා සූත්‍ර වර්ණනාව
එකාදසමං උත්තානමෙව.
එකොළොස් වැන්න කියන ලද්දේ ම ය.
එකාදසමං.
එකොළොස් වැනි සූත්‍රය යි.