යෙදුමෙන් කියවන්න

1. වනවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. වන වර්ගය

1. විවෙකසුත‍්තවණ‍්ණනා

1. විවෙක සූත්‍ර වර්ණනාව

වනසංයුත‍්තස‍්ස පඨමෙ කොසලෙසු විහරතීති සත්‍ථු සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා තස‍්ස ජනපදස‍්ස සුලභභික‍්ඛතාය තත්‍ථ ගන‍්ත්‍වා විහරති. සංවෙජෙතුකාමාති විවෙකං පටිපජ‍්ජාපෙතුකාමා. විවෙකකාමොති තයො විවෙකෙ පත්‍ථයන‍්තො. නිච‍්ඡරතී බහිද‍්ධාති බාහිරෙසු පුථුත‍්තාරම‍්මණෙසු චරති. ජනො ජනස‍්මින‍්ති ත්‍වං ජනො අඤ‍්ඤස‍්මිං ජනෙ ඡන්‍දරාගං විනයස‍්සු. පජහාසීති පජහ. භවාසීති භව. සතං තං සාරයාමසෙති සතිමන‍්තං පණ‍්ඩිතං තං මයම‍්පි සාරයාම, සතං වා ධම‍්මං මයං තං සාරයාමාති අත්‍ථො. පාතාලරජොති අප‍්පතිට‍්ඨට‍්ඨෙන පාතාලසඞ‍්ඛාතො කිලෙසරජො. මා තං කාමරජොති අයං කාමරාගරජො තං මා අවහරි, අපායමෙව මා නෙතූති අත්‍ථො. පංසුකුන්‍ථිතොති පංසුමක‍්ඛිතො. විධුනන‍්ති විධුනන‍්තො. සිතං රජන‍්ති සරීරලග‍්ගං රජං. සංවෙගමාපාදීති දෙවතාපි නාම මං එවං සාරෙතීති විවෙකමාපන‍්නො, උත‍්තමවීරියං වා පග‍්ගය‍්හ පරමවිවෙකං මග‍්ගමෙව පටිපන‍්නොති.

වන සංයුත්තයේ පළමු වැන්නේ - කොසලෙසු විහරති බුදුන් සමීපයෙහි කමටහන් ගෙන ඒ ජනපදයෙහි භික්ෂාව සුලබ බැවින් එහි ගොස් වාසය කරයි. සංවෙජෙතුකාමා විවේකය පිළිපැද්දවීමට කැමැත්තාහු; විවෙකකාමො විවේක තුන ප්‍රාර්ථනා කරන්නේ, නිච්ඡරති බහිද්ධා බාහිර වූ විවිධ අරමුණුවල හැසිරෙයි. ජනො ජනස්මිං ජනයා වන ඔබ අනෙක් ජනයා කෙරෙහි ඡන්‍දරාගය හික්මවන පජහාසි දුරු කරව භවාසි වනු; සතං තං සාදයාමසෙ ඔබ සිහියෙන් යුතු පණ්ඩිතයෙකැයි අපි දු පිළිගනිමු. නැතහොත් සත්පුරුෂයන්ගේ ඒ ධර්මය අපි අදහමු යන අර්ථ යි. පාතාලරජො ප්‍රතිෂ්ඨාවක් (පිහිටක්) නො මැති වීම් අර්ථයෙන් පාතාලසංඛ්‍යාත වූ කෙළෙස් දූවිලි; මා තං කාමරජො මේ කාම රාග දූවිලි ඔබ පහතට නො ගෙන යාවා, අපායෙහි නො වැටේවා යනු අර්ථ යි. පංසුකුණ්ඩිතො පස් තැවරුණු, විධුනං ‘විධුනන්තො’ (පියාපත්) සළමින්; සිතං රජං සිරුරේ ලැගුණු දූවිලි, සංවෙගමාපාදි දේවතාවා ද මා මෙසේ අස්වති යි විවේකයට පැමිණියේ; උත්තම වීර්යය ගෙන පරම විවේක වූ මාර්ගයට ම පිළිපන්නේ හෝ.

පඨමං.

පළමු වැනි සූත්‍රය යි.

2. උපට‍්ඨානසුත‍්තවණ‍්ණනා

2. උපට්ඨාන සූත්‍ර වර්ණනාව

දුතියෙ සුපතීති අයං කිර ඛීණාසවො, සො දූරෙ භික‍්ඛාචාරගාමං ගන‍්ත්‍වා ආගතො පණ‍්ණසාලාය පත‍්තචීවරං පටිසාමෙත්‍වා අවිදූරෙ ජාතස‍්සරං ඔතරිත්‍වා ගත‍්තානි උතුං ගාහාපෙත්‍වා දිවාට‍්ඨානං සම‍්මජ‍්ජිත්‍වා තත්‍ථ නීචමඤ‍්චකං පඤ‍්ඤාපෙත්‍වා නිද‍්දං අනොක‍්කමන‍්තොව නිපන‍්නො. ඛීණාසවස‍්සාපි හි කායදරථො හොතියෙවාති තස‍්ස විනොදනත්‍ථං, තං සන්‍ධාය සුපතීති වුත‍්තං. අජ‍්ඣභාසීති “අයං භික‍්ඛු සත්‍ථු සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා දිවා සුපති, දිවාසොප‍්පඤ‍්ච නාමෙතං වඩ‍්ඪිතං දිට‍්ඨධම‍්මිකසම‍්පරායිකං අත්‍ථං නාසෙතී”ති මඤ‍්ඤමානා “චොදෙස‍්සාමි න”න‍්ති චින‍්තෙත්‍වා අභාසි.

දෙවැන්නෙහි - සුපති මේ ක්‍ෂීණාශ්‍රව කෙනෙකි. උන්වහන්සේ ඈත භික්‍ෂාචාර ගමට ගොස් ආපසු පැමිණියාහු පන්සලෙහි පාත්‍ර සිවුරු තැන්පත් කර තබා නුදුරු ව ඇති ස්වාභාවික පොකුණට බැස අත් පා ධෝවනය කොට දහවල් සිටින ස්ථානය අතු ගා එහි මිටි ඇඳක් පනවා නින්දට නො වැටී ම වැතිර සිටියේ ය. ක්‍ෂීණාශ්‍රවයනට වුව ද ශාරීරික වෙහෙස ඇත්තේ ම ය, එය පහ කරනු වස්, ඒ අරභයා ‘සුපති’ (නිදයි) යි කියන ලදි. අජ්ඣභාසි මේ භික්‍ෂුව බුදුන් සමීපයෙහි කමටහන් ගෙන දහවල් කල නිදයි; දහවල් නිදීම යන මෙය වර්ධනය වූයේ මෙලෝ පරලෝ දියුණුව නසතියි සිතමින් ඔහුට චෝදනා කරමි යි සිතා පැවසී ය.

ආතුරස‍්සාති ජරාතුරො රොගාතුරො කිලෙසාතුරොති තයො ආතුරා, තෙසු කිලෙසාතුරං සන්‍ධායෙවමාහ. සල‍්ලවිද‍්ධස‍්සාති සවිසෙන සත‍්තිසල‍්ලෙන විය අවිජ‍්ජාවිසවිට‍්ඨෙන තණ‍්හාසල‍්ලෙන හදයෙ විද‍්ධස‍්ස. රුප‍්පතොති ඝට‍්ටියමානස‍්ස.

ආතුරස්ස ජරා ආතුර, රෝග ආතුර, කිලෙස ආතුර යි ආතුර තුනකි. ඒවායින් කිලේසාතුර අරභයා මෙය කී ය. සල්ලවිද්ධස්ස විෂ සහිත ආයුධ උලකින් මෙන් අවිද්‍යා විෂ තැවරුණු තෘෂ්ණා උලෙන් හදවතට විදිනු ලැබූවහුගේ, රුප්පතො ගැටෙන,

ඉදානිස‍්ස කාමෙසු ආදීනවං කථයන‍්තී අනිච‍්චාතිආදිමාහ. තත්‍ථ අසිතන‍්ති තණ‍්හාදිට‍්ඨිනිස‍්සයෙන අනිස‍්සිතං. කස‍්මා පබ‍්බජිතං තපෙති එවරූපං ඛීණාසවං දිවාසොප‍්පං න තපති, තාදිසං පන කස‍්මා න තපෙස‍්සතීති? වදති. ථෙරස‍්සෙව වා එතං වචනං, තස‍්මා අයමෙත්‍ථ අත්‍ථො – බද‍්ධෙසු මුත‍්තං අසිතං මාදිසං ඛීණාසවපබ‍්බජිතං කස‍්මා දිවාසොප‍්පං තපෙ, න තපෙස‍්සතීති? සෙසගාථාසුපි එසෙව නයො. දෙවතාය හි වචනපක‍්ඛෙ – “එවරූපං ඛීණාසවපබ‍්බජිතං දිවාසොප‍්පං න තපති, තාදිසං පන කස‍්මා න තපෙස‍්සති? තපෙස‍්සතියෙවා”ති අත්‍ථො. ථෙරස‍්ස වචනපක‍්ඛෙ – “එවරූපං මාදිසං ඛීණාසවපබ‍්බජිතං කස‍්මා දිවාසොප‍්පං තපෙ? න තපතියෙවා”ති අත්‍ථො. අයං පනෙත්‍ථ අනුත‍්තානපදවණ‍්ණනා. විනයාති විනයෙන. සමතික‍්කමාති වට‍්ටමූලිකාය අවිජ‍්ජාය සමතික‍්කමෙන. තං ඤාණන‍්ති තං චතුසච‍්චඤාණං. පරමොදානන‍්ති පරමපරිසුද‍්ධං. පබ‍්බජිතන‍්ති එවරූපෙන ඤාණෙන සමන‍්නාගතං පබ‍්බජිතං. විජ‍්ජායාති චතුත්‍ථමග‍්ගවිජ‍්ජාය. ආරද‍්ධවීරියන‍්ති පග‍්ගහිතවීරියං පරිපුණ‍්ණවීරියං.

දැන් ඔහුට කාමයන්හි ආදීනව පවසන්නී අනිච්ච ආදිය කීවා ය. එහි අසිතං තෘෂ්ණා දෘෂ්ටි ඇසුරු කිරීමක් නො වුණු; කස්මා පබ්බජිතං තපෙ දහවල් නිදීම ඒ ආකාර ක්‍ෂීණාශ්‍රවයා නො තවයි ද? කුමක් හෙයින් එබඳු තැනැත්තෙකු තවන්නේ දැයි කියයි. මේ වචන තෙරුන්ගේ හෝ (වේ). එහෙයින් මෙහි අර්ථය මේ ය: බන්‍ධෙසු මුත්තං අසිතං මා වැනි ක්‍ෂීණාශ්‍රව පැවිද්දකු දහවල් නිදාගැනීම කුමක් නිසා තවන්නේ ද? සෙසු ගාථාවල ද මේ න්‍යාය ම ය. දේවතාවියගේ වචන පාර්ශ්වයෙහි දී “මේ ආකාර ක්‍ෂීණාශ්‍රව පැවිද්දකු දහවල් නිදාගැනීම නො තවයි. කුමක් නිසා නො තවන්නේ ද? තවන්නේ ම ය යන අරුත යි. තෙරුන් වහන්සේගේ වචන පැත්තෙහි “මේ ආකාර-මා බඳු-ක්‍ෂීණාශ්‍රව පැවිද්දකු දහවල් නිදා ගැනීම කුමක් නිසා තවයි ද? නො තවයි ම ය’ යන අරුත යි. මේ එහි අප්‍රකට පදවල වර්ණනා ය. විනයා විනයෙන්, සමතික්කමා සංසාර වට්ටයට මුල වූ අවිද්‍යාව ඉක්මවීමෙන්, තඤ්ඤාණං ඒ සත්‍ය සතර පිළිබඳ ඥානය, පරමවොදානං පරම පවිත්‍ර, පබ්බජිතං ඒ ආකාර ඥානයෙන් යුත් පැවිද්ද, විජ්ජාය සිවු වැනි මාර්ග විද්‍යාවෙන් ආරද්ධවිරියං දැඩි ව ගන්නා ලද වීර්යය, පරිපූර්ණ වීර්ය ය.

දුතියං.

දෙ වැනි සූත්‍රය යි.

3. කස‍්සපගොත‍්තසුත‍්තවණ‍්ණනා

3. කස්සපගොත්ත සූත්‍ර වර්ණනාව

තතියෙ ඡෙතන‍්ති එකං මිගලුද‍්දකං. ඔවදතීති සො කිර මිගලුද‍්දකො පාතොව භුඤ‍්ජිත්‍වා “මිගෙ වධිස‍්සාමී”ති අරඤ‍්ඤං පවිට‍්ඨො එකං රොහිතමිගං දිස‍්වා “සත‍්තියා නං පහරිස‍්සාමී”ති අනුබන්‍ධමානො ථෙරස‍්ස පඨමසුත‍්තෙ වුත‍්තනයෙනෙව දිවාවිහාරං නිසින‍්නස‍්ස අවිදූරෙන පක‍්කමති. අථ නං ථෙරො – “උපාසක, පාණාතිපාතො නාමෙස අපායසංවත‍්තනිකො අප‍්පායුකසංවත‍්තනිකො, සක‍්කා අඤ‍්ඤෙනපි කසිවණිජ‍්ජාදිකම‍්මෙන දාරභරණං කාතුං, මා එවරූපං කක‍්ඛළකම‍්මං කරොහී”ති ආහ. සොපි “මහාපංසුකූලිකත්‍ථෙරො කථෙතී”ති ගාරවෙන ඨත්‍වා සොතුං ආරද‍්ධො. අථස‍්ස සොතුකාමතං ජනෙස‍්සාමීති ථෙරො අඞ‍්ගුට‍්ඨකං ජාලාපෙසි. සො අක‍්ඛීහිපි පස‍්සති, කණ‍්ණෙහිපි සුණාති, චිත‍්තං පනස‍්ස “අසුකට‍්ඨානං මිගො ගතො භවිස‍්සති, අසුකතිත්‍ථං ඔතිණ‍්ණො, තත්‍ථ නං ගන‍්ත්‍වා ඝාතෙත්‍වා යාවදිච‍්ඡකං මංසං ඛාදිත්‍වා සෙසං කාජෙනාදාය ගන‍්ත්‍වා පුත‍්තකෙ තොසෙස‍්සාමී”ති එවං මිගස‍්සෙව අනුපදං ධාවති. එවං වික‍්ඛිත‍්තචිත‍්තස‍්ස ධම‍්මං දෙසෙන‍්තං ථෙරං සන්‍ධාය වුත‍්තං “ඔවදතී”ති. අජ‍්ඣභාසීති “අයං ථෙරො අදාරුං තච‍්ඡන‍්තො විය අඛෙත‍්තෙ වප‍්පන‍්තො විය අත‍්තනොපි කම‍්මං නාසෙති, එතස‍්සාපි චොදෙස‍්සාමි න”න‍්ති අභාසි.

තෙවැන්නේ - චෙතං එක් මුව වැද්දෙකු, ඔවදති ඒ මුව වැද්දා උදයෙන් ම අනුභව කොට මුවන් මරන්නෙමි යි වනයට පිවිසියේ එක් රතුවන් මුවෙකු දැක සැතකින් ඔහු මරන්නෙමි යි ලුහු බඳිමින් මුල් සූත්‍රයේ කියන ලද පරිදි ම දිවා විහාරයට හිඳ ගත් තෙරුනට නො දුරින් යයි. ඉක්බිති තෙරණුවෝ ඔහුට “උපාසකය, පාණාතිපාතය නම් වූ මෙය අපායගාමී වුවකි. අල්පායුෂ්ක වන්නකි. වෙනත් ගොවිතැන් වෙළඳාම් ආදි වැඩකින් දරුපවුල පෝෂණය කිරීමට හැක්කේ ය. මේ ආකාරයේ කර්කශ ක්‍රියාවක් නො කරන්න’ යි පැවසූහ. ඔහු ද මහා පංශුකූලික තෙරුන් වහන්සේ පවසති යි ගෞරවයෙන් අසන්නට පටන් ගත්තේ ය. ඉක්බිති ඔහුට ඇසීමේ ආශාව උපදවන්නෙමි යි තෙරණුවෝ පයේ මාපට ඇඟිල්ල දැල්වූහ. හේ ඇස්වලින් බලයි. කන්වලින් අස යි. (එහෙත්) ඔහුගේ සිත, අසුවල් තැනට මුවා ගියා වන්නට ඇත, අසුවල් තැනට බහින්නට ඇති, එතැනට ගොස් ඔහු මරා කැමති තාක් මස් කා සෙස්ස කදකින් ගෙන ගොස් පුතුන් සතුටු කරවන්නෙමි’යි මෙසේ මුවා පස්සෙහි ම ලුහු බඳියි. මෙසේ විසුරුණු සිත් ඇතියහුට දහම් දෙසන තෙරුන් අරභයා ‘ඔවදති’ (අවවාද කරයි) යි කියන ලදි. අජ්ඣභාසි මේ තෙරහු නැති ලීයක් සහින්නාක් මෙන් ද, නැති කෙතක සීසාන්නාක් මෙන් ද තමාගේත් මොහුගේත් ක්‍රියාව විනාශ කරති යි ඔහුට දොස් පවරන්නෙමැයි පැවසී ය.

අප‍්පපඤ‍්ඤන‍්ති නිප‍්පඤ‍්ඤං. අචෙතසන‍්ති කාරණජානනසමත්‍ථෙන චිත‍්තෙන රහිතං. මන්‍දොවාති අන්‍ධබාලො විය. සුණාතීති තව ධම‍්මකථං සුණාති. න විජානාතීති අත්‍ථමස‍්ස න ජානාති. ආලොකෙතීති තව පුථුජ‍්ජනිකඉද‍්ධියා ජලන‍්තං අඞ‍්ගුට‍්ඨකං ආලොකෙති. න පස‍්සතීති එත්‍ථ “නෙව තෙලං න වට‍්ටි න දීපකපල‍්ලිකා, ථෙරස‍්ස පන ආනුභාවෙනායං ජලතී”ති ඉමං කාරණං න පස‍්සති. දස පජ‍්ජොතෙති දසසු අඞ‍්ගුලීසු දස පදීපෙ. රූපානීති කාරණරූපානි. චක‍්ඛූති පඤ‍්ඤාචක‍්ඛු. සංවෙගමාපාදීති කිං මෙ ඉමිනාති? වීරියං පග‍්ගය‍්හ පරමවිවෙකං අරහත‍්තමග‍්ගං පටිපජ‍්ජි.

අප්පපඤ්ඤං නුවණ නැති, අචෙතසං කරුණු දැන ගැනීමට සමත් සිතක් නැති, මන්‍දොව අන්‍ධබාලයෙකු මෙන්, සුණාති ඔබගේ ධර්මකථාව අසයි. න විජානාති එහි අර්ථය ඔහු නො දනී. ආලොකෙති ඔබගේ පෘථග්ජන සෘද්ධියෙන් දිදුලන මහපට ඇඟිල්ල බලයි. න පස්සති මෙහි තෙල් නැත, තිරයක් නැත, ගිනි කබලක් නැත, තෙරුන්ගේ ආනුභාවයෙන් මෙය දැල්වෙතියි යන මේ කරුණ නො දකී. දසපජ්ජොතෙ ඇඟිලි දහයෙහි පහන් දහය, රූපානි කාරණ (හේතු) රූපයන්, චක්‍ඛු ප්‍රඥා චක්‍ෂු, සංවෙගමාපාදි මෙයින් මට කිම? වීර්ය ගෙන පරම විවේකය වූ අර්හත් මාර්ගයට පිවිසියේ ය.

තතියං.

තෙවැනි සූත්‍රය යි.

4. සම‍්බහුලාසුත‍්තවණ‍්ණනා

4. සම්බහුලා සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ සම‍්බහුලාති බහූ සුත‍්තන‍්තිකා ආභිධම‍්මිකා විනයධරා ච. විහරන‍්තීති සත්‍ථු සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා විහරන‍්ති. පක‍්කමිංසූති තෙ කිර තස‍්මිං ජනපදෙ අඤ‍්ඤතරං ගාමං උපසඞ‍්කමන‍්තෙ දිස‍්වා මනුස‍්සා පසන‍්නචිත‍්තා ආසනසාලාය කොජවත්‍ථරණාදීනි පඤ‍්ඤාපෙත්‍වා යාගුඛජ‍්ජකානි දත්‍වා උපනිසීදිංසු. මහාථෙරො එකං ධම‍්මකථිකං “ධම‍්මං කථෙහී”ති ආහ. සො චිත‍්තං ධම‍්මකථං කථෙසි. මනුස‍්සා පසීදිත්‍වා භොජනවෙලායං පණීතභොජනං අදංසු. මහාථෙරො මනුඤ‍්ඤං භත‍්තානුමොදනමකාසි. මනුස‍්සා භිය්‍යොසොමත‍්තාය පසන‍්නා “ඉධෙව, භන‍්තෙ, තෙමාසං වසථා”ති පටිඤ‍්ඤං කාරෙත්‍වා ගමනාගමනසම‍්පන‍්නෙ ඨානෙ සෙනාසනානි කාරෙත්‍වා චතූහි පච‍්චයෙහි උපට‍්ඨහිංසු. මහාථෙරො වස‍්සූපනායිකදිවසෙ භික‍්ඛූ ඔවදි – “ආවුසො, තුම‍්හෙහි ගරුකස‍්ස සත්‍ථු සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහිතං, බුද‍්ධපාතුභාවො නාම දුල‍්ලභො. මාසස‍්ස අට‍්ඨ දිවසෙ ධම‍්මස‍්සවනං කත්‍වා ගණසඞ‍්ගණිකං පහාය අප‍්පමත‍්තා විහරථා”ති. තෙ තතො පට‍්ඨාය යුඤ‍්ජන‍්ති ඝටෙන‍්ති. කදාචි සබ‍්බරත‍්තිකං ධම‍්මස‍්සවනං කරොන‍්ති, කදාචි පඤ‍්හං විස‍්සජ‍්ජෙන‍්ති, කදාචි පධානං කරොන‍්ති. තෙසං ධම‍්මස‍්සවනදිවසෙ ධම‍්මං කථෙන‍්තානංයෙව අරුණො උග‍්ගච‍්ඡති. පඤ‍්හාවිස‍්සජ‍්ජනදිවසෙ බ්‍යත‍්තො භික‍්ඛු පඤ‍්හං පුච‍්ඡති, පණ‍්ඩිතො විස‍්සජ‍්ජෙතීති පුච‍්ඡනවිස‍්සජ‍්ජනං කරොන‍්තානංයෙව. පධානදිවසෙ සූරියත්‍ථඞ‍්ගමනෙ ගණ‍්ඩිං පහරිත්‍වාව චඞ‍්කමං ඔතරිත්‍වා පධානං කරොන‍්තානංයෙව. තෙ එවං වස‍්සං වස‍්සිත්‍වා පවාරෙත්‍වා පක‍්කමිංසු. තං සන්‍ධායෙතං වුත‍්තං. පරිදෙවමානාති “ඉදානි තථාරූපං මධුරං ධම‍්මස‍්සවනං පඤ‍්හාකථනං කුතො ලභිස‍්සාමී”තිආදීනි වත්‍වා රොදමානා.

සතර වැන්නෙහි සම්බහුලා බොහෝ සූත්‍රාන්තිකයෝ ද ආභිධම්මිකයෝ ද විනයධරයෝ ද, විහරන්ති බුදුන් සමීපයෙහි කමටහන් ගෙන වාසය කරති. පක්කමිංසු ඒ ජනපදයෙහි එක් ගමකට යන ඔවුන් දැක මිනිස්සු පහන් සිත් ඇත්තාහු ආසන ශාලාවේ ඇතිරිලි බුමුතුරුණු ආදිය පනවා කැඳ කැවිලි ආදිය දී හිඳගෙන සිටියහ. මහ තෙරුන් වහන්සේ ඒක ධර්ම කථික භික්ෂුවකට ධර්මය දේශනා කරන ලෙස පැවසූහ. උන්වහන්සේ විසිතුරු දහම් කතාවක් පැවැත්වූහ. මිනිස්සු පැහැදී බොජුන් වේලෙහි ප්‍රණීත භෝජන දුන්හ. මහ තෙරහු මනෝඥ වූ භක්තානුමෝදනාවක් කළ සේක. මිනිස්සු වඩාත් සොම්නස් බවින් පහන් වූවෝ ස්වාමීනි, තෙමස මෙහි ම වසනු මැනවි යි ප්‍රතිඥා කරවා ගමනාගමනයට පහසු තැනක සෙනසුන් කරවා සිවු පසයෙන් උපස්ථාන කළහ. මහ තෙරහු වස් එළඹෙන දිනයෙහි භික්‍ෂූන්ට අවවාද කළහ: “ඇවැත්නි, ඔබලා විසින් ගෞරව කටයුතු බුදුන් වහන්සේ සමීපයෙහි කමටහන් ගන්නා ලදි. බුදුවරයකු පහළ වීම නම් දුර්ලභ ය. මාසයේ දින අටක් ධර්ම ශ්‍රවණය කොට, ගණසංගණිකාව (කණ්ඩායම් ගැසී සිටීම) හැර දමා අප්‍රමාදී ව වාසය කරවු’යි. ඔවුහු එවක් පටන් යෙදෙත්, එක්වෙත්. සමහර දිනක මුළු රෑ ධර්මශ්‍රවණය කරති, දිනක ප්‍රශ්න විසඳති, සමහර දිනක දැහැන් වඩති. ඔවුන් ධර්ම ශ්‍රවණය කරන දවසේ ධර්ම කථා පවතිද්දී ම අරුණ නැගෙයි. ප්‍රශ්න විසඳන දවසේ ව්‍යක්ත භික්ෂූහු ප්‍රශ්න අසති. පණ්ඩිත (භික්ෂුව) විසඳයි. ප්‍රශ්න ඇසීම් විසඳීම් කෙරෙද්දී ම (අරුණ නැගෙයි). දැහැන් වඩන දවසේ හිරු බැස යද්දී ගෙඩිය ගසා සක්මනට බැස දැහැන් වඩද්දී ම (අරුණ නැගෙයි). ඔවුහු මෙසේ වස් වැස පවාරණය කොට ඉවත් ව ගියහ. ඒ අරභයා මෙසේ කියන ලදි. පරිදෙවමානා දැන් ඒ ආකාර වූ මිහිරි දහම් ඇසුමක් ප්‍රශ්න ඇසීමක්, කොහෙන් ලබන්නෙම් ද ආදිය කියා හඬමින්,

ඛායතීති පඤ‍්ඤායති උපට‍්ඨාති. කො මෙති කහං ඉමෙ. වජ‍්ජිභූමියාති වජ‍්ජිරට‍්ඨාභිමුඛා ගතා. මගා වියාති යථා මගා තස‍්මිං තස‍්මිං පබ‍්බතපාදෙ වා වනසණ‍්ඩෙ වා විචරන‍්තා – “ඉදං අම‍්හාකං මාතුසන‍්තකං පිතුසන‍්තකං පවෙණිආගත”න‍්ති අගහෙත්‍වා, යත්‍ථෙව නෙසං ගොචරඵාසුතා ච හොති පරිපන්‍ථාභාවො ච, තත්‍ථ විචරන‍්ති. එවං අනිකෙතා අගෙහා භික‍්ඛවොපි “අයං, ආවුසො, අම‍්හාකං ආචරියුපජ‍්ඣායානං සන‍්තකො පවෙණිආගතො”ති අගහෙත්‍වා යත්‍ථෙව නෙසං උතුසප‍්පායං භොජනසප‍්පායං පුග‍්ගලසප‍්පායං සෙනාසනසප‍්පායං ධම‍්මස‍්සවනසප‍්පායඤ‍්ච සුලභං හොති, තත්‍ථ විහරන‍්ති.

ඛායති ප්‍රකට ව පෙනෙයි (ඇතිවුණු බව) වැටහෙයි. කොමෙ ‘කහං ඉමෙ’ කොහි ද මේ (සවුවෝ), වජ්ජිභූමියා වැදැ රට අභිමුඛ ව ගියාහු මිගා විය මුවන් ඒ ඒ කඳු පාමුල හෝ වන ලැහැබක හැසිරෙනු මෙන් - මෙය අපගේ මව් සන්තක - පියා සන්තක - උරුමයෙන් ආ දේ යි නො ගෙන යම් තැනක ඔවුනට ගොදුරුවල පහසු බව ද හිරිහැර නො මැති බව ද වේ නම් එහි සැරිසරති. අනිකෙතා නිවාස නො මැති භික්ෂූහු ද ඇවැත්නි, මෙය අපගේ ආචාර්ය උපාධ්‍යායන් සන්තක ය, ප්‍රවේණියෙන් පැමිණියේ ය යි නො ගෙන යම් තැනක ඔවුනට සෘතුවලට ඔබින භෝජනයට ඔබින පුද්ගලයනට ඔබින සේනාසනයට ඔබින ධර්මශ්‍රවණයට ඔබින දේ සුලභ වේ ද එහි වෙසෙති.

චතුත්‍ථං.

සතර වැනි සූත්‍රය යි.

5. ආනන්‍දසුත‍්තවණ‍්ණනා

5. ආනන්ද සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ ආනන්‍දොති ධම‍්මභණ‍්ඩාගාරිකත්‍ථෙරො. අතිවෙලන‍්ති අතික‍්කන‍්තං වෙලං. ගිහිසඤ‍්ඤත‍්තිබහුලොති රත‍්තිඤ‍්ච දිවා ච බහුකාලං ගිහී සඤ‍්ඤාපයන‍්තො. භගවති පරිනිබ‍්බුතෙ මහාකස‍්සපත්‍ථෙරො ථෙරං ආහ – “ආවුසො, මයං රාජගහෙ වස‍්සං උපගන‍්ත්‍වා ධම‍්මං සඞ‍්ගායිස‍්සාම, ගච‍්ඡ ත්‍වං අරඤ‍්ඤං පවිසිත්‍වා උපරිමග‍්ගත‍්තයත්‍ථාය වායාමං කරොහී”ති. සො භගවතො පත‍්තචීවරමාදාය කොසලරට‍්ඨං ගන‍්ත්‍වා එකස‍්මිං අරඤ‍්ඤාවාසෙ වසිත්‍වා පුනදිවසෙ එකං ගාමං පාවිසි. මනුස‍්සා ථෙරං දිස‍්වා – “භන‍්තෙ ආනන්‍ද, තුම‍්හෙ පුබ‍්බෙ සත්‍ථාරා සද‍්ධිං ආගච‍්ඡථ. අජ‍්ජ එකකාව ආගතා. කහං සත්‍ථාරං ඨපෙත්‍වා ආගතත්‍ථ? ඉදානි කස‍්ස පත‍්තචීවරං ගහෙත්‍වා විචරථ? කස‍්ස මුඛොදකං දන‍්තකට‍්ඨං දෙථ, පරිවෙණං සම‍්මජ‍්ජථ, වත‍්තපටිවත‍්තං කරොථා”ති බහුං වත්‍වා පරිදෙවිංසු. ථෙරො – “මා, ආවුසො, සොචිත්‍ථ, මා පරිදෙවිත්‍ථ, අනිච‍්චා සඞ‍්ඛාරා”තිආදීනි වත්‍වා තෙ සඤ‍්ඤාපෙත්‍වා භත‍්තකිච‍්චාවසානෙ වසනට‍්ඨානමෙව ගච‍්ඡති. මනුස‍්සා සායම‍්පි තත්‍ථ ගන‍්ත්‍වා තථෙව පරිදෙවන‍්ති. ථෙරොපි තථෙව ඔවදති. තං සන්‍ධායෙතං වුත‍්තං. අජ‍්ඣභාසීති “අයං ථෙරො භික‍්ඛුසඞ‍්ඝස‍්ස කථං සුත්‍වා ‘සමණධම‍්මං කරිස‍්සාමී’ති අරඤ‍්ඤං පවිසිත්‍වා ඉදානි ගිහී සඤ‍්ඤාපෙන‍්තො විහරති, සත්‍ථු සාසනං අසඞ‍්ගහිතපුප‍්ඵරාසි විය ඨිතං, ධම‍්මසඞ‍්ගහං න කරොති, චොදෙස‍්සාමි න”න‍්ති චින‍්තෙත්‍වා අභාසි.

පස් වැන්නේ - ආනන්‍දො ධර්ම භාණ්ඩාගාරික තෙරුන් වහන්සේ, අතිවෙලං සීමාව ඉක්මවා ගිය (බොහෝ) වේලාව්ක; ගිහීසඤ්ඤත්ති බහුලො රාත්‍රියේත් දවාලේත් බොහෝ වේලාවක් ගිහියනට හැඟවීම් කර වන්නාහු; භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි මහා කාශ්‍යප තෙරුන් වහන්සේ අනඳ තෙරුනට (මෙසේ) කී හ: ඇවැත්නි, අපි රජගහ නුවර වස් විසීමට ගොස් ධර්මය සංගායනා කරන්නෙමු. යනු මැනවි, ඔබ අරනට පිවිස උපරිමාර්ගත්‍රය පිණිස වෑයම් කරනු මැනවි.” උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ පා සිවුරු ගෙන කොසොල් රටට ගොස් එක් ආරණ්‍යවාසයක වැස ඊළඟ දිනයේ එක් ගමකට පිවිසියහ. මිනිස්සු තෙරුන් දැක “ස්වාමීනි, ආනන්දයනි, ඔබ වහන්සේ මීට පෙර බුදුන් වහන්සේ සමග පැමිණෙන්නහු ය, අද හුදෙකලා ව ම පැමිණියහු, බුදුන් වහන්සේ කොතැනක වඩා හිඳුවා පැමිණියහු ද? දැන් කවරෙකුගේ පා සිවුරු ගෙන සැරිසරන්නහු ද? කවරකු හට මුව දෝනා වතුර හා දැහැටි දෙන්නහු ද? කුටිය අමදින්නහු ද? වත් පිළිවෙත් කරහු ද? යි බොහෝ සේ කියමින් වැළපුනාහ. තෙරුන් වහන්සේ, “පින්වත්නි, ශෝක නො කරව්, නො වැළපෙව්. සංස්කාරයෝ අනිත්‍යයහ” ආදිය ඒත්තු ගන්වා - බත් කිස අවසානයේ වසන තැනට ම යති. මිනිස්සු සවසට ද එහි ගොස් එලෙස ම වැළපෙත්. තෙරුන් වහන්සේ ද එසේ ඔවා දෙති. ඒ අරභයා මෙය කියන ලදි. අජ්ඣභාසි මේ තෙරුන් වහන්සේ භික්‍ෂු සංඝයාගේ කථාව අසා ශ්‍රමණ ධර්මය කරන්නෙමැයි අරණට පිවිස දැන් ගිහියනට ඒත්තු ගන්වමින් වාසය කරයි. බුදු සසුන එකතු නො කළ මල් රැසක් මෙන් වූයේ ධර්ම සංග්‍රහය නො කරයි. මොහුට දෝෂාරෝපනය කරමි යි සිතා පැවසී ය.

පසක‍්කියාති පවිසිත්‍වා. හදයස‍්මිං ඔපියාති කිච‍්චතො ච ආරම‍්මණතො ච හදයම‍්හි පක‍්ඛිපිත්‍වා. “නිබ‍්බානං පාපුණිස‍්සාමී”ති වීරියං කරොන‍්තො නිබ‍්බානං කිච‍්චතො හදයම‍්හි ඔපෙති නාම, නිබ‍්බානාරම‍්මණං පන සමාපත‍්තිං අප‍්පෙත්‍වා නිසීදන‍්තො ආරම‍්මණතො. තදුභයම‍්පි සන්‍ධායෙසා භාසති. ඣායාති ද‍්වීහි ඣානෙහි ඣායිකො භව. බිළිබිළිකාති අයං ගිහීහි සද‍්ධිං බිළිබිළිකථා.

පසක්කියා පිවිස, හදයස්මිංඔපියා කෘත්‍ය වශයෙන් ද ආරම්මණ වශයෙන් ද හදවතේ බහා නිවනට පැමිණෙන්නෙමි යි වීර්ය කරන්නේ නිර්වාණය කෘත්‍ය වශයෙන් හදවතෙහි බහාලයි නමි. නිර්වාණාරම්මණ සමාපත්තිය අර්පණා කොට ආරම්මණයෙන් හිඳිමින්; ඒ දෙක ම අරභයා මෙය කියයි. ඣායී ධ්‍යාන දෙකින් දැහැන් වඩන්නෙකු වෙව. බිළිබිළිකා ගිහියන් සමග වූ මේ බිළි බිළි කථාව.

පඤ‍්චමං.

පස් වැනි සූත්‍රය යි.

6. අනුරුද‍්ධසුත‍්තවණ‍්ණනා

6. අනුරුද්ධ සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ පුරාණදුතියිකාති අනන‍්තරෙ අත‍්තභාවෙ අග‍්ගමහෙසී. සොභසීති පුබ‍්බෙපි සොභසි, ඉදානිපි සොභසි. දුග‍්ගතාති න ගතිදුග‍්ගතියා දුග‍්ගතා. තා හි සුගතියං ඨිතා සම‍්පත‍්තිං අනුභවන‍්ති, පටිපත‍්තිදුග‍්ගතියා පන දුග‍්ගතා. තතො චුතා හි තා නිරයෙපි උපපජ‍්ජන‍්තීති දුග‍්ගතා. පතිට‍්ඨිතාති සක‍්කායස‍්මිං හි පතිට‍්ඨහන‍්තො අට‍්ඨහි කාරණෙහි පතිට‍්ඨාති – රත‍්තො රාගවසෙන පතිට‍්ඨාති, දුට‍්ඨො දොසවසෙන… මූළ‍්හො මොහවසෙන… විනිබද‍්ධො මානවසෙන… පරාමට‍්ඨො දිට‍්ඨිවසෙන… ථාමගතො අනුසයවසෙන… අනිට‍්ඨඞ‍්ගතො විචිකිච‍්ඡාවසෙන… වික‍්ඛෙපගතො උද‍්ධච‍්චවසෙන පතිට‍්ඨාති. තාපි එවං පතිට‍්ඨිතාව. නරදෙවානන‍්ති දෙවනරානං.

සය වැන්නේ - පුරාණදුතියිකා අනන්තර ආත්ම භාවයේ (පෙර ආත්මයේ) අග මෙහෙසි; සොභසි පෙර ද බැබළුණෙහි; දැනුදු බබළහි. දුග්ගතා ප්‍රතිපත්ති දුර්ගතියෙන් දුර්ගත වූ; ඔවුහු සුගතියෙහි සිටියාහු සම්පත් විඳිති. ඉන් චුත ව ඔවුහු නිරයෙහි උපදිතියි දුර්ගත වූ; පතිට්ඨිතා සත්කායයෙහි පිහිටමින් අට කරුණකින් පිහිටයි; (රාගයෙන්) රත්වූයේ රාග වශයෙන් පිහිටයි; (ද්වේෂයෙන්) දුෂ්ට වූයේ ද්වේෂ වශයෙන්, මුළා වූයේ මෝහ වශයෙන්; බඳනා ලද්දේ මාන වශයෙන්; ස්පර්ශ කළේ දෘෂ්ටි වශයෙන්; ශක්තිමත් වූයේ අනුශය වශයෙන්; නිෂ්ටාවට නොගියේ විචිකිච්ඡා වශයෙන්; වික්ෂේපයට පත් වූයේ උද්ධච්ච වශයෙන් පිහිටයි; මෙසේ පිහිටියේ ම; නරදෙවානං දෙව් මිනිසුන්ගේ;

නත්‍ථි දානීති සා කිර දෙවධීතා ථෙරෙ බලවසිනෙහා අහොසි, පටිගන‍්තුං නාසක‍්ඛි. කාලෙන ආගන‍්ත්‍වා පරිවෙණං සම‍්මජ‍්ජති, මුඛොදකං දන‍්තකට‍්ඨං පානීයං පරිභොජනීයං උපට‍්ඨපෙති. ථෙරො අනාවජ‍්ජනෙන පරිභුඤ‍්ජති. එකස‍්මිං දිවසෙ ථෙරස‍්ස ජිණ‍්ණචීවරස‍්ස චොළකභික‍්ඛං චරතො සඞ‍්කාරකූටෙ දිබ‍්බදුස‍්සං ඨපෙත්‍වා පක‍්කමි. ථෙරො තං දිස‍්වා උක‍්ඛිපිත්‍වා, ඔලොකෙන‍්තො දුස‍්සන‍්තං දිස‍්වා “දුස‍්සමෙත”න‍්ති ඤත්‍වා, “අලං එත‍්තාවතා”ති අග‍්ගහෙසි. තෙනෙවස‍්ස චීවරං නිට‍්ඨාසි. අථ ද‍්වෙ අග‍්ගසාවකා අනුරුද‍්ධත්‍ථෙරො චාති තයො ජනා චීවරං කරිංසු. සත්‍ථා සූචිං යොජෙත්‍වා අදාසි. නිට‍්ඨිතචීවරස‍්ස පිණ‍්ඩාය චරතො දෙවතා පිණ‍්ඩපාතං සමාදපෙති. සා කාලෙන එකිකා, කාලෙන අත‍්තදුතියා ථෙරස‍්ස සන‍්තිකං ආගච‍්ඡති. තදා පන අත‍්තතතියා ආගන‍්ත්‍වා දිවාට‍්ඨානෙ ථෙරං උපසඞ‍්කමිත්‍වා – “මයං මනාපකායිකා නාම මනසා ඉච‍්ඡිතිච‍්ඡිතරූපං මාපෙමා”ති ආහ. ථෙරො – “එතා එවං වදන‍්ති, වීමංසිස‍්සාමි, සබ‍්බා නීලකා හොන‍්තූ”ති චින‍්තෙසි. තා ථෙරස‍්ස මනං ඤත්‍වා සබ‍්බාව නීලවණ‍්ණා අහෙසුං, එවං පීතලොහිතඔදාතවණ‍්ණාති. තතො චින‍්තයිංසු – “ථෙරො අම‍්හාකං දස‍්සනං අස‍්සාදෙතී”ති තා සමජ‍්ජං කාතුං ආරද‍්ධා, එකාපි ගායි, එකාපි නච‍්චි, එකාපි අච‍්ඡරං පහරි. ථෙරො ඉන්‍ද්‍රියානි ඔක‍්ඛිපි. තතො – “න අම‍්හාකං දස‍්සනං ථෙරො අස‍්සාදෙතී”ති ඤත්‍වා සිනෙහං වා සන්‍ථවං වා අලභමානා නිබ‍්බින්‍දිත්‍වා ගන‍්තුමාරද‍්ධා. ථෙරො තාසං ගමනභාවං ඤත්‍වා – “මා පුනප‍්පුනං ආගච‍්ඡිංසූ”ති අරහත‍්තං බ්‍යාකරොන‍්තො ඉමං ගාථමාහ. තත්‍ථ වික‍්ඛීණොති ඛීණො. ජාතිසංසාරොති තත්‍ථ තත්‍ථ ජාතිසඞ‍්ඛාතො සංසාරො.

නත්‍ථිදානි (දැන් නැත), ඒ දෙව් දුව තෙරුන් කෙරෙහි බලවත් සෙනෙහස ඇත්තියක් වූවා ය. ආපසු යන්නට නො හැකි වූවා ය. සුදුසු වේලාවට පැමිණ කුටිය අමදියි; මුව දෝනා ජලය, දැහැටි, පරිභෝජනයට සුදුසු ජලය තබයි. තෙරුන් වහන්සේ ඒ ගැන කල්පනාවක් නො මැති ව ම භුක්ති විඳිති. දිනක් දිරා ගිය සිවුරු ඇති-වස්ත්‍ර සොයා යන-උන්වහන්සේට කසළ ගොඩක දිව්‍ය වස්ත්‍රයක් තබා ගියා ය. තෙරුන් වහන්සේ එය දැක මෙපමණක් ඇතැයි ගත්තේ ය. එයින් ම සිවුරු තුනක් නිමැවී ය. ජනයා දෙකක් දැග සව්වනට ය, (එකක්) අනුරුද්ධ තෙරණුවනට ය යි සිවුරු තුනක් කළහ. බුදුන් වහන්සේ ඉදිකටුව යොදා දුන් සේක. සිවුරු නිමා කර පිඬු පිණිස හැසිරෙන්නහුට දේවතාවිය පිණ්ඩපාතය සමාදන් කරව යි. ඇය වරෙක තනිව (ද), වරෙක තමා දෙවැන්නා ලෙස (තවත් කෙනෙකු කැටිව) ද, තෙරුන් සමීපයට පැමිණෙයි. එදා තමා තුන් වැනියා කොට පැමිණ දිවාස්ථානයෙහි තෙරුන් වෙත පැමිණ, ‘අපි මනාපකායිකා’ නම් වෙමු. සිතින් කැමති කැමති රූප මවමු’ යි කීවාය. තෙරුන් වහන්සේ මොවුහු මෙසේ කියත්. එය පරීක්‍ෂා කරන්නෙමි. සියලු දෙනා නිල්වන් වූහ. මෙසේ පීත, ලෝහිත, ඕදාත වර්ණ (වූහ). ඉන් පසු (ඔවුහු මෙසේ) සිතූහ : තෙරුන් වහන්සේ අපගේ දර්ශනයෙන් ආස්වාදය ලබයි. ඔවුහු සැණකෙළියට පටන් ගත්තාහු, එකියක් ගැයුවා ය. එකියක් නැටුවා ය, එකියක් අසුරු ගැසුවා ය. තෙරුන් වහන්සේ ඉන්ද්‍රියයන් පහතට හැරවූහ. එයින් අපගේ දර්ශනය තෙරුන් වහන්සේ ආස්වාද නො කරතියි දැන ආදරයක් හෝ පිළිසඳරක් හෝ නො ලබමින් කලකිරී යන්නට පටන් ගත්හ. තෙරුන් වහන්සේ ඔවුන් යන බව දැන යළි යළිත් නො එත්වා යි අර්හත්වය පැහැදිලි කරමින් මේ ගාථාව කී හ. එහි වික්‍ඛීණො ජාතිසංසාරො ඒ ඒ තැන (ජාති) ඉපදීම සංඛ්‍යාත වූ සංසාරය ගෙවිණි.

ඡට‍්ඨං.

සය වැනි සූත්‍රය යි.

7. නාගදත‍්තසුත‍්තවණ‍්ණනා

7. නාගදත්ත සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ අතිකාලෙනාති සබ‍්බරත‍්තිං නිද‍්දායිත්‍වා බලවපච‍්චූසෙ කොටිසම‍්මුඤ‍්ජනියා ථොකං සම‍්මජ‍්ජිත්‍වා මුඛං ධොවිත්‍වා යාගුභික‍්ඛාය පාතොව පවිසති. අතිදිවාති යාගුං ආදාය ආසනසාලං ගන‍්ත්‍වා පිවිත්‍වා එකස‍්මිං ඨානෙ නිපන‍්නො නිද‍්දායිත්‍වා – “මනුස‍්සානං භොජනවෙලාය පණීතං භික‍්ඛං ලභිස‍්සාමී”ති උපකට‍්ඨෙ මජ‍්ඣන‍්හිකෙ උට‍්ඨාය ධම‍්මකරණෙන උදකං ගහෙත්‍වා අක‍්ඛීනි පමජ‍්ජිත්‍වා පිණ‍්ඩාය චරිත්‍වා යාවදත්‍ථං භුඤ‍්ජිත්‍වා මජ‍්ඣන‍්හිකෙ වීතිවත‍්තෙ පටික‍්කමති. දිවා ච ආගන‍්ත්‍වාති අතිකාලෙ පවිට‍්ඨෙන නාම අඤ‍්ඤෙහි භික‍්ඛූහි පඨමතරං ආගන‍්තබ‍්බං හොති, ත්‍වං පන අතිවිය දිවා ආගන‍්ත්‍වා ගතාසීති අත්‍ථො. භායාමි නාගදත‍්තන‍්ති තං නාගදත‍්තං අහං භායාමි. සුප‍්පගබ‍්භන‍්ති සුට‍්ඨු පගබ‍්භං. කුලෙසූති ඛත‍්තියකුලාදිඋපට‍්ඨාකකුලෙසු.

සත් වැන්නේ - අතිකාලෙන මුළු රැය නිදා සිට ඉතා උදෑසන ඉළපතින් මඳක් ඇමද මුව සෝදා කැඳ අහර පිණිස උදයෙන් ම ප්‍රවේශ වෙයි. අතිදිවා කැඳ රැගෙන ආසන ශාලාවට ගොස් (කැඳ) බී එක් තැනක හෙව නිදා මිනිසුන් ආහාර ගන්නා වේලාවේ ප්‍රණීත වූ භික්ෂාවක් ලබන්නෙමැයි මද්දහන ආසන්නයේ නැගිට ධම්ම කරකයෙන් (පැන් පෙරනයෙන්) ජලය ගෙන ඇස් සෝදා පිඬු පිණිස සැරිසරා හැකි තරම් අනුභව කොට මද්දහන ඉකුත් වූ පසු පෙරළා එයි. දිවා ච ආගන්ත්‍වා බොහෝ කල් ඇතිව ගිය අය අන් භික්‍ෂූනට පළමු ව ආ යුතු වේ. ඔබ බොහෝ දවල් වී අවුත් ගියෙහි ය යන අරුත යි. භායාමි නාගදත්තං ඒ නාගදත්තට (නම් වූ භික්‍ෂුවට) බිය වෙමි. සුප්පගබ්භං ‘සුට්ඨු පගබ්භං’ මැනවින් බුහුටි; කුලෙසු ක්‍ෂත්‍රිය කුල ආදි උපස්ථායක කුලවල.

සත‍්තමං.

සත් වැනි සූත්‍රය යි.

8. කුලඝරණීසුත‍්තවණ‍්ණනා

8. කුලඝරණී සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ අජ‍්ඣොගාළ‍්හප‍්පත‍්තොති ඔගාහප‍්පත‍්තො. සො කිර සත්‍ථු සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා තං වනසණ‍්ඩං පවිසිත්‍වා දුතියදිවසෙ ගාමං පිණ‍්ඩාය පාවිසි පාසාදිකෙහි අභික‍්කන‍්තාදීහි. අඤ‍්ඤතරං කුලං තස‍්ස ඉරියාපථෙ පසීදිත්‍වා පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා පිණ‍්ඩපාතං අදාසි. භත‍්තානුමොදනං පුන සුත්‍වා අතිරෙකතරං පසීදිත්‍වා, “භන‍්තෙ, නිච‍්චකාලං ඉධෙව භික‍්ඛං ගණ‍්හථා”ති නිමන‍්තෙසි. ථෙරො අධිවාසෙත්‍වා තෙසං ආහාරං පරිභුඤ‍්ජමානො වීරියං පග‍්ගය‍්හ ඝටෙන‍්තො අරහත‍්තං පත්‍වා චින‍්තෙසි – “බහූපකාරං මෙ එතං කුලං, අඤ‍්ඤත්‍ථ ගන‍්ත්‍වා කිං කරිස‍්සාමී”ති? ඵලසමාපත‍්තිසුඛං අනුභවන‍්තො තත්‍ථෙව වසි. අජ‍්ඣභාසීති සා කිර ථෙරස‍්ස ඛීණාසවභාවං අජානන‍්තී චින‍්තෙසි – “අයං ථෙරො නෙව අඤ‍්ඤං ගාමං ගච‍්ඡති, න අඤ‍්ඤං ඝරං, න රුක‍්ඛමූලආසනසාලාදීසු නිසීදති, නිච‍්චකාලං ඝරං පවිසිත්‍වාව නිසීදති, උභොපෙතෙ ඔගාධප‍්පත‍්තා පටිගාධප‍්පත‍්තා, කදාචි එස ඉමං කුලං දූසෙය්‍ය, චොදෙස‍්සාමි න”න‍්ති. තස‍්මා අභාසි.

අට වැන්නේ - අජ්ඣොගාළ්හප්පත්තො අවතීර්ණ වූ තත්ත්වයට පත් වූයේ (බෙහෙවින් ඇගෑලුම් තත්ත්වයට පත් වූයේ). හේ බුදුන් සමීපයේ කමටහන් ගෙන ඒ වන ලැහැබට පිවිස, දෙවැනි දිනයේ පිඬු පිණිස සිත් අළවන පැහැදවීම් සමග ගමට පිවිසියේ ය. එක්තරා කුලයක් (පවුලක්) භික්‍ෂුවගේ ඉරියව් ගැන පැහැදී පසඟ පිහිටුවා වැඳ පිණ්ඩපාතය දුන්නේ ය. භුක්තානුමෝදනාව අසා වැඩිමනක් පැහැදී ස්වාමීනි, සදා කල්හි මෙහි ම භික්‍ෂාව ගනු මැනවි යි ආරාධනය කළේ ය. තෙරුන් වහන්සේ ඉවසා ඔවුන්ගේ ආහාර වළඳන්නේ වීර්යය ගෙන උත්සාහ කරන්නේ අර්හත් භාවයට පත් ව මෙසේ සිතී ය. මේ පවුල මට බෙහෙවින් උපකාරී විය. වෙන තැනක ගොස් කුමක් කරන්නෙම් ද? ඵල සමාපත්ති සුවය අනුභව කරමින් එහි ම විසී ය. අජ්ඣභාසි ඇය (දේවතාවිය) තෙරුන්ගේ ක්ෂීණාශ්‍රව භාවය නො දන්නී (මෙසේ) සිතුවා ය. මේ තෙරුන් වහන්සේ වෙනත් ගමකට නො යයි. වෙනත් නිවසකට ද (නො ය යි), රුක් මුල ආසනශාලා ආදියෙහි නො හිඳියි. සැම දා (මේ) නිවසට පිවිස ම හිඳියි. මේ දෙගොල්ල ම අගාධයට වන්නෝ ය; දැඩි ව පය ගසා සිටින්නෝ ය. කිසියම් දිනක ඔහු මේ පවුල දූෂණය කරන්නේ ය ඔහුට දෝෂාරෝපණය කරන්නෙමි” එහෙයින් කීවා ය.

සණ‍්ඨානෙති නගරද‍්වාරස‍්ස ආසන‍්නෙ මනුස‍්සානං භණ‍්ඩකං ඔතාරෙත්‍වා විස‍්සමනට‍්ඨානෙ. සඞ‍්ගම‍්මාති සමාගන‍්ත්‍වා. මන‍්තෙන‍්තීති කථෙන‍්ති. මඤ‍්ච තඤ‍්චාති මඤ‍්ච කථෙන‍්ති තඤ‍්ච කථෙන‍්ති. කිමන‍්තරන‍්ති කිං කාරණං? බහූ හි සද‍්දා පච‍්චූහාති බහුකා එතෙ ලොකස‍්මිං පටිලොමසද‍්දා. න තෙනාති තෙන කාරණෙන, තෙන වා තපස‍්සිනා න මඞ‍්කු හොතබ‍්බං. න හි තෙනාති න හි තෙන පරෙහි වුත‍්තවචනෙන සත‍්තො කිලිස‍්සති, අත‍්තනා කතෙන පන පාපකම‍්මෙනෙව කිලිස‍්සතීති දස‍්සෙති. වාතමිගො යථාති යථා වනෙ වාතමිගො වාතෙරිතානං පණ‍්ණාදීනං සද‍්දෙන පරිතස‍්සති, එවං යො සද‍්දපරිත‍්තාසී හොතීති අත්‍ථො. නාස‍්ස සම‍්පජ‍්ජතෙ වතන‍්ති තස‍්ස ලහුචිත‍්තස‍්ස වතං න සම‍්පජ‍්ජති. ථෙරො පන ඛීණාසවත‍්තා සම‍්පන‍්නවතොති වෙදිතබ‍්බො.

සණ්ඨානෙ නගර ද්වාරය අසළ ස්ථානයක, මිනිසුන්ගේ බඩු බිමට බා විවේක ගන්නා ස්ථානයෙහි; සඞ්ගම්ම රැස් වී, මන්තෙන්ති කථා කරත්. මං ච තං ච මා ගැන ද කථා කරත්, ඔබ ගැන ද කථා කරත්; කිමන්තරං හේතුව කුමක් ද? බහූ හි සද්දා පච්චූහා ලොවෙහි මේ ප්‍රතිලේාම ශබ්ද බොහෝ ය. තෙන ඒ කාරණයෙන් නැතහොත් ඒ තාපසයා විසින් න මඞ්කුහොතබ්බං (මුළා නො විය යුතු ය); න හිතෙන අනුන් විසින් කියන ලද ඒ වචනයෙන් නොව සත්ත්වයා කිලිස්සති (කිළිටි වේ); තමා විසින් කරන ලද පාප කර්මයෙන් ම කිලිටි වෙති යි දක්වයි. වාතමිගො යථා යම් සේ වනයෙහි වාතමෘගයෙක් සුළඟින් සෙළවුණු කොළ ආදියේ ශබ්දවලින් තැති ගනී ද, එසේ යමෙක් ශබ්දය නිසා තැති ගන්නේ වෙයි ද යනු අර්ථ යි. නාස්ස සම්පජ්ජතෙ වතං ලුහු සිත් ඇති ඔහුගේ ව්‍රතය සම්පාදනය නො වේ. තෙරුන් වහන්සේ ක්‍ෂීණාශ්‍රව බැවින් ව්‍රතසම්පන්න වූයේ යි දත යුත්තේ ය.

අට‍්ඨමං.

අට වැනි සූත්‍රය යි.

9. වජ‍්ජිපුත‍්තසුත‍්තවණ‍්ණනා

9. වජ්ජිපුත්ත සූත්‍ර වර්ණනාව

නවමෙ වජ‍්ජිපුත‍්තකොති වජ‍්ජිරට‍්ඨෙ රාජපුත‍්තො ඡත‍්තං පහාය පබ‍්බජිතො. සබ‍්බරත‍්තිචාරොති කත‍්තිකනක‍්ඛත‍්තං ඝොසෙත්‍වා සකලනගරං ධජපටාකාදීහි පටිමණ‍්ඩෙත්‍වා පවත‍්තිතො සබ‍්බරත‍්තිචාරො. ඉදඤ‍්හි නක‍්ඛත‍්තං යාව චාතුමහාරාජිකෙහි එකාබද‍්ධං හොති. තූරියතාළිතවාදිතනිග‍්ඝොසසද‍්දන‍්ති භෙරිආදිතූරියානං තාළිතානං වීණාදීනඤ‍්ච වාදිතානං නිග‍්ඝොසසද‍්දං. අභාසීති වෙසාලියං කිර සත‍්ත රාජසහස‍්සානි සත‍්තසතානි සත‍්ත ච රාජානො, තත‍්තකාව තෙසං උපරාජසෙනාපතිආදයො. තෙසු අලඞ‍්කතපටියත‍්තෙසු නක‍්ඛත‍්තකීළනත්‍ථාය වීථිං ඔතිණ‍්ණෙසු සට‍්ඨිහත්‍ථෙ මහාචඞ‍්කමෙ චඞ‍්කමමානො නභස‍්ස මජ‍්ඣෙ ඨිතං චන්‍දං දිස‍්වා චඞ‍්කමනකොටියං ඵලකං නිස‍්සාය ඨිතො අභාසි.

නව වැන්නේ - වජ්ජිපුත්තකො වැදෑ රටේ රාජ පුත්‍රයා ඡත්‍රය හැර දමා පැවිදි වූයේ ය. සබ්බරත්තිවාරො කැති නැකත ගැන අණබෙර කරවා මුළු නගරය ධජ පතාක ආදියෙන් සරසවා පවත්වන ලද සර්වරාත්‍රික ක්‍රීඩාව (නැකැත් කෙළිය) මේ නැකත චාතුර්මහාරාජිකය දක්වා ඒකාබද්ධ වේ. තුරියතාළිකවාදිතනිග්ඝොසසද්දං බෙර ආදි තූර්ය භාණ්ඩවල, තාලම්පටවල, වීණා ආදි වාදනවල මහා ඝෝෂාව හා හඬ අභාසි වේසාලියෙහි සත්දහස් සත් සිය සතක් රජවරු ද එපමණ ම ඔවුන්ගේ උපරාජ සේනාපති ආදීහු (වෙත්), ඔවුන් අලංකාර කොට පිළියෙල කරන ලදුව, නැකැත් කෙළි පිණිස වීදියට අවතීර්ණ වූ කල්හි හැට රියන් මහත් සක්මන් මලුවෙහි සක්මන් කරමින් නුබ මැද සිටි සඳ දැක සක්මන් කෙළවර ඵලකය ඇසුරු කොට සිටිමින් (මෙසේ) කී ය.

අපවිද‍්ධංව වනස‍්මිං දාරුකන‍්ති වත්‍ථවෙඨනාලඞ‍්කාරරහිතත‍්තා වනෙ ඡඩ‍්ඩිතදාරුකං විය ජාතං. පාපියොති ලාමකතරො අම‍්හෙහි අඤ‍්ඤො කොචි අත්‍ථි. පිහයන‍්තීති ථෙරො ආරඤ‍්ඤිකො පංසුකූලිකො පිණ‍්ඩපාතිකො සපදානචාරිකො අප‍්පිච‍්ඡො සන‍්තුට‍්ඨොති බහූ තුය‍්හං පත්‍ථයන‍්තීති අත්‍ථො. සග‍්ගගාමිනන‍්ති සග‍්ගං ගච‍්ඡන‍්තානං ගතානම‍්පි.

අපවිද්ධංව වනස්මිං දාරුකං වස්ත්‍ර - වෙළුම් - අලංකාර රහිත බැවින් වනයෙහි දමන ලද දර කොටයක් මෙන් වූ; පාපියො අපට වැඩි පහත් (පාපී) කිසිවෙක් ඇද්ද? පිහයන්ති තෙරුන් වහන්සේ ආරණ්‍යකහය, පංශුකුලිකයහ, පිණ්ඩපාතිකයහ, සන්තුෂ්ඨයහ බොහෝ දෙනා ඔබ වහන්සේ පත්ති යනු අරුත යි. සග්ගගාමිනං ස්වර්ගයට යන්නවුන්ගේ, ගියවුන්ගේ ද.

නවමං.

නව වැනි සූත්‍රය යි.

10. සජ‍්ඣායසුත‍්තවණ‍්ණනා

10. සජ්ඣාය සූත්‍ර වර්ණනාව

දසමෙ යං සුදන‍්ති නිපාතමත‍්තං. සජ‍්ඣායබහුලොති නිස‍්සරණපරියත‍්තිවසෙන සජ‍්ඣායනතො බහුතරං කාලං සජ‍්ඣායන‍්තො. සො කිර ආචරියස‍්ස දිවාට‍්ඨානං සම‍්මජ‍්ජිත්‍වා ආචරියං උදික‍්ඛන‍්තො තිට‍්ඨති. අථ නං ආගච‍්ඡන‍්තං දිස‍්වාව පච‍්චුග‍්ගන‍්ත්‍වා පත‍්තචීවරං පටිග‍්ගහෙත්‍වා පඤ‍්ඤත‍්තාසනෙ නිසින‍්නස‍්ස තාලවණ‍්ටවාතං දත්‍වා පානීයං ආපුච‍්ඡිත්‍වා පාදෙ ධොවිත්‍වා තෙලං මක‍්ඛෙත්‍වා වන්‍දිත්‍වා ඨිතො උද‍්දෙසං ගහෙත්‍වා යාව සූරියත්‍ථඞ‍්ගමා සජ‍්ඣායං කරොති. සො න‍්හානකොට‍්ඨකෙ උදකං උපට‍්ඨපෙත්‍වා අඞ‍්ගාරකපල‍්ලෙ අග‍්ගිං කරොති. ආචරියස‍්ස න‍්හත්‍වා ආගතස‍්ස පාදෙසු උදකං පුඤ‍්ඡිත්‍වා පිට‍්ඨිපරිකම‍්මං කත්‍වා වන්‍දිත්‍වා උද‍්දෙසං ගහෙත්‍වා පඨමයාමෙ සජ‍්ඣායං කත්‍වා මජ‍්ඣිමයාමෙ සරීරං සමස‍්සාසෙත්‍වා පච‍්ඡිමයාමෙ උද‍්දෙසං ගහෙත්‍වා යාව අරුණුග‍්ගමනා සජ‍්ඣායං කත්‍වා නිරුද‍්ධසද‍්දං ඛයතො සම‍්මසති. තතො සෙසං උපාදායරූපං භූතරූපං නාමරූපන‍්ති පඤ‍්චසු ඛන්‍ධෙසු විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණි. අප‍්පොස‍්සුක‍්කොති උද‍්දෙසග‍්ගහණෙ ච සජ‍්ඣායකරණීයෙ ච නිරුස‍්සුක‍්කො. සඞ‍්කසායතීති යස‍්ස දානි අත්‍ථාය අහං සජ‍්ඣායං කරෙය්‍යං, සො මෙ අත්‍ථො මත්‍ථකං පත‍්තො. කිං මෙ ඉදානි සජ‍්ඣායෙනාති ඵලසමාපත‍්තිසුඛෙන කාලං අතිවත‍්තෙති. අජ‍්ඣභාසීති, “කිං නු ඛො අස‍්ස ථෙරස‍්ස අඵාසුකං ජාතං, උදාහුස‍්ස ආචරියස‍්ස? කෙන නු ඛො කාරණෙන පුබ‍්බෙ විය මධුරස‍්සරෙන න සජ‍්ඣායතී”ති? ආගන‍්ත්‍වා සන‍්තිකෙ ඨිතා අභාසි.

දස වැන්නෙහි - යං සුදං නිපාත මාත්‍රයකි. සජ්ඣායබහුලො නිස්සරණ පර්යාප්ති වශයෙන් හැදෑරීමෙන් බොහෝ කාලයක් සජ්ඣායනය කරමින් (හදාරමින්); හේ ආචාර්යයන් වහන්සේගේ දිවාස්ථානය ඇමද ආචාර්යයන් වහන්සේ (එන දෙස) පරීක්‍ෂා කරමින් සිටී; ඉක්බිති ඔහු එනු දැකලා ම පෙර ගමන් කොට පා සිවුරු පිළිගෙන පනවන ලද අසුනෙහි සිාටි (උන්වහන්සේට) තල් පතින් පවන් සලා පැන් විමසා පා දොවා තෙල් ගල්වා වැඳ සිටියේ උදෙසීම් ගෙන සූර්යාස්තංගමය වන තෙක් (රෑ බෝ වන තෙක්) සජ්ඣායනය කරයි. හේ නාන කොටුවේ දිය උවටැන් කොට අඟුරු කබලේ ගිනි දල්වයි. ස්නානය කොට පැමිණි ආචාර්යයන් වහන්සේගේ පාවල දිය පිසදා පිට පිරිමැදීම් කර වැඳ උද්දේස ගෙන ප්‍රථම යාමයෙහි සජ්ඣායනය කොට මධ්‍යම යාමයෙහි සිරුර සතප්පා පශ්චිම යාමයෙහි උද්දේස ගෙන අරුණෝද්ගමනය දක්වා සජ්ඣායතනය කරයි. සජ්ඣායතනය කොට උදයව්‍යයය (ඇතිවීම් නැතිවීම්) වශයෙන් සම්මර්ශනය කරයි. එයින් ඉතිරි උපාදාය රූපය භූතරූපය නාම රූපය යි. පඤ්චස්කන්ධ පිළිබඳ ව විපස්සනාව වඩා අර්හත්වයට පත් විය. අප්පොස්සුක්කො උද්දේශ ගැනීමෙහිත් සජ්ඣායතනය කිරීමෙහිත් උත්සාහවත් නො වූයේ සඞ්කසායති දැන් යම් අර්ථයක් උදෙසා මම සජ්ඣායතනය කරම් ද මගේ ඒ අර්ථය මස්තක ප්‍රාප්ත විණි. දැන් මට සජ්ඣායනයෙන් (ඇති ඵලය) කිම? යි ඵලසමාපත්ති සුවයෙන් කාලය ගත කරයි. අජ්ඣභාසි කිම තෙරුනට අපහසුවක් හට ගැනිණි ද, නැතහොත් ඔහුගේ ආචාර්යයනට (අපහසුවක් වී ද), කුමන කරුණක් නිසා මධුර ස්වරයෙන් සජ්ඣායනය නො කරත් දැයි පැමිණ සමීපයේ සිට පැවසී ය.

ධම‍්මපදානීති ඉධ සබ‍්බම‍්පි බුද‍්ධවචනං අධිප‍්පෙතං. නාධීයසීති න සජ‍්ඣායසි. නාදියසීති වා පාඨො, න ගණ‍්හාසීති අත්‍ථො. පසංසන‍්ති ධම‍්මභාණකො පසංසං ලභති, ආභිධම‍්මිකො සුත‍්තන‍්තිකො විනයධරොතිස‍්ස පසංසිතා භවන‍්ති. විරාගෙනාති අරියමග‍්ගෙන. අඤ‍්ඤායාති ජානිත්‍වා. නික‍්ඛෙපනන‍්ති තස‍්ස දිට‍්ඨසුතාදිනො විස‍්සජ‍්ජනං සන‍්තො වදන‍්තීති දීපෙති, න බුද‍්ධවචනස‍්ස. එත‍්තාවතා “ථෙරො බුද‍්ධවචනං න විස‍්සජ‍්ජාපෙතී”ති න නිච‍්චකාලං සජ‍්ඣායන‍්තෙනෙව භවිතබ‍්බං, සජ‍්ඣායිත්‍වා පන – “එත‍්තකස‍්සාහං අත්‍ථස‍්ස වා ධම‍්මස‍්ස වා ආධාරො භවිතුං සමත්‍ථො”ති ඤත්‍වා වට‍්ටදුක‍්ඛස‍්ස අන‍්තකිරියාය පටිපජ‍්ජිතබ‍්බං.

ධම්මපදානි මෙහි සියලු ම බුද්ධ වචනය අදහස් කෙරේ. නාධීයසි සජ්ඣායනය නො කරහි, න ධීයසි යි ද පාඨයකි, ‘නො ගනිහි’ යනු අර්ථය යි. පසංසං ධර්මභාණක තෙමේ ප්‍රශංසාව ලබයි. ආභිධම්මිකා සූත්‍රාන්තිකය විනයධර යන අය ප්‍රශංසා කරනු ලැබුවෝ වෙත්. විරාගෙන ආර්ය මාර්ගයෙන්, අඤ්ඤාය දැන, නික්‍ඛෙපනං ඔහුගේ දිට්ඨ සුත ආදියෙහි දුර ලීම සන්තො පවසතියි දක්වයි. බුද්ධ වචනය නො විසඳවති යි සැම කල්හි ම සජ්ඣායනය කරමින් ම සිටිය යුතු නො වේ. සජ්ඣායනය කොට මෙපමණ අර්ථය හෝ ධර්මය හෝ දැරීමට මම සමත්මි යි දැන සසර දුක කෙළවර කිරීමට පිළිපැදිය යුතු ය.

දසමං.

දස වැනි සූත්‍රය යි.

11. අයොනිසොසුත‍්තවණ‍්ණනා

11. අයොනිසො සූත්‍ර වර්ණනාව

එකාදසමෙ අකුසලෙ විතක‍්කෙති කාමවිතක‍්කාදයො තයො මහාවිතක‍්කෙ. අයොනිසො මනසිකාරාති අනුපායමනසිකාරෙන. සොති සො ත්‍වං. අයොනිසො පටිනිස‍්සජ‍්ජාති එතං අනුපායමනසිකාරං වජ‍්ජෙහි. සත්‍ථාරන‍්ති ඉමාය ගාථාය පාසාදිකකම‍්මට‍්ඨානං කථෙති. පීතිසුඛමසංසයන‍්ති එකංසෙනෙව බලවපීතිඤ‍්ච සුඛඤ‍්ච අධිගමිස‍්සසි.

එකොළොස් වැන්නේ - අකුසලෙ විතක්කෙ කාමවිතර්ක ආදි මහා විතර්ක තුන, අයොනිසොමනසිකාරා උපාය මනසිකාරය රහිත ව (අනුවණින්), සො ඒ ඔබ, අයොනිසො පටිනිස්සජ්ජ මෙසේ අනුපාය මනසිකාරය බැහැර කරව, සත්‍ථාරං මේ ගාථාවෙන් පාසාදික කමටහන කියයි. පීතිසුඛමසංසයං ඒකාන්තයෙන් ම බලවත් ප්‍රීතියක් ද සුඛයක් ද ලබන්නෙහි ය.

එකාදසමං.

එකොළොස් වැනි සූත්‍රය යි.

12. මජ‍්ඣන‍්තිකසුත‍්තවණ‍්ණනා

12. මජ්ඣන්තික සූත්‍ර වර්ණනාව

ද‍්වාදසමෙ යං වත‍්තබ‍්බං, තං දෙවතාසංයුත‍්තෙ නන්‍දනවග‍්ගෙ වුත‍්තමෙව.

දොළොස් වැන්නේ - යමක් කිව යුතු ද එය දේවතා සංයුත්තයෙහි නන්දන වර්ගයෙහි කියන ලද්දේ ම ය.

ද‍්වාදසමං.

දොළොස් වැනි සූත්‍රය යි.

13. පාකතින්‍ද්‍රියසුත‍්තවණ‍්ණනා

13. පාකතින්ද්‍රිය සූත්‍ර වර්ණනාව

තෙරසමං දෙවපුත‍්තසංයුත‍්තෙ ජන‍්තුදෙවපුත‍්තසුත‍්තෙ විත්‍ථාරිතමෙව.

දහතුන් වැන්නේ - දේවපුත්ත සංයුත්තයෙහි ජන්තු දේවපුත්ත සූත්‍රයෙහි විස්තර කරන ලද්දේ ම ය.

තෙරසමං.

දස තුන් වැනි සූත්‍රය යි.

14. පදුමපුප‍්ඵසුත‍්තවණ‍්ණනා

14. පදුමපුප්ඵ සූත්‍ර වර්ණනාව

චුද‍්දසමෙ අජ‍්ඣභාසීති තං භික‍්ඛුං නාළෙ ගහෙත්‍වා පදුමං සිඞ‍්ඝමානං දිස‍්වාව – “අයං භික‍්ඛු සත්‍ථු සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා සමණධම‍්මං කාතුං අරඤ‍්ඤං පවිට‍්ඨො ගන්‍ධාරම‍්මණං උපනිජ‍්ඣායති, ස‍්වායං අජ‍්ජ උපසිඞ‍්ඝං ස‍්වෙපි පුනදිවසෙපි උපසිඞ‍්ඝිස‍්සති, එවමස‍්ස සා ගන්‍ධතණ‍්හා වඩ‍්ඪිත්‍වා දිට‍්ඨධම‍්මිකසම‍්පරායිකං අත්‍ථං නාසෙස‍්සති, මා මයි පස‍්සන‍්තියා නස‍්සතු, චොදෙස‍්සාමි න”න‍්ති උපසඞ‍්කමිත්‍වා අභාසි.

දාහතර වැන්නේ - අජ්ඣභාසි ඒ භික්‍ෂුව පියුම් දණ්ඩ ගෙන පියුම සුවඳ බලනු දැක ම, මේ භික්‍ෂුව බුදුන් සමීපයෙහි කමටහන් ගෙන ශ්‍රමණ ධර්මය කරනු පිණිස අරණට පිවිසියේ ගන්ධාරම්මණය මෙනෙහි කරයි. හේ අද ආඝ්‍රාණය කළේ ය. (ඉම්බේ ය), හෙටත් ඊළඟ දවසෙත් (අනිද්දාත්) ඉඹින්නේ ය. මෙසේ ඔහුගේ ඒ ගන්ධතණ්හාව වඩා මෙලෝ පරලෝ වැඩ නසා ගන්නේ ය; මා දැක දැකත් නො නැසේවා, ඔහුට දොස් පවරන්නෙමි යි සමීපයට පැමිණ පැවසී ය.

එකඞ‍්ගමෙතං ථෙය්‍යානන‍්ති ථෙනිතබ‍්බානං රූපාරම‍්මණාදීනං පඤ‍්චකොට‍්ඨාසානං ඉදං එකඞ‍්ගං, එකකොට‍්ඨාසොති අත්‍ථො. න හරාමීති න ගහෙත්‍වා ගච‍්ඡාමි. ආරාති දූරෙ නාළෙ ගහෙත්‍වා නාමෙත්‍වා දූරෙ ඨිතො උපසිඞ‍්ඝාමීති වදති. වණ‍්ණෙනාති කාරණෙන.

එකංගමෙතං ථෙය්‍යානං සොරකම් කළ යුතු රූපාරම්මණාදි කොට්ඨාශ පහෙන් මෙය එක් අංගයකි, එක් කොටසකි යන අර්ථ යි; න හරාමි ගෙන නො යාමි. ආරා දුර, (නෙළුම්) දඬු ගෙන නවා ඈත සිටි ඉඹින්නෙමි යි කියයි. වණ්ණෙන කරුණකින් (හේතුවකින්):

ය‍්වායන‍්ති යො අයං. තස‍්මිං කිර දෙවතාය සද‍්ධිං කථෙන‍්තෙයෙව එකො තාපසො ඔතරිත්‍වා භිසඛනනාදීනි කාතුං ආරද‍්ධො, තං සන්‍ධායෙවමාහ. ආකිණ‍්ණකම‍්මන‍්තොති එවං අපරිසුද‍්ධකම‍්මන‍්තො. අඛීණකම‍්මන‍්තොතිපි පාඨො, කක‍්ඛළකම‍්මන‍්තොති අත්‍ථො. න වුච‍්චතීති ගන්‍ධචොරොති වා පුප‍්ඵචොරොති වා කස‍්මා න වුච‍්චති.

ය්වායං ‘යො අයං,’ ඒ දේවතාවා සමග කථා කරමින් සිටියදී ම එක් තවුසෙක් බැස නෙළුම් අල හෑරීම ආදිය කිරීමට පටන් ගත්තේ ය. ඔහු අරභයා (මෙසේ) කී ය. ආකිණ්ණකම්මන්තො මෙසේ අපවිත්‍ර වැඩ ඇත්තේ; අක්‍ඛීණකම්මන්තො යනු ද පාඨයකි. කර්කශ කටයුතු ඇත්තේ යනු අර්ථ යි. න වුච්චති “සුවඳ හොරා” හෝ ‘මල් හොරා’ යි කුමක් නිසා නො කියා ද?

ආකිණ‍්ණලුද‍්දොති බහුපාපො ගාළ‍්හපාපො වා, තස‍්මා න වුච‍්චති. ධාතිචෙලංව මක‍්ඛිතොති යථා ධාතියා නිවත්‍ථකිලිට‍්ඨවත්‍ථං උච‍්චාරපස‍්සාවපංසුමසිකද‍්දමාදීහි මක‍්ඛිතං, එවමෙවං රාගදොසාදීහි මක‍්ඛිතො. අරහාමි වත‍්තවෙති අරහාමි වත‍්තුං. දෙවතාය චොදනා කිර සුගතානුසිට‍්ඨිසදිසා, න තං ලාමකා හීනාධිමුත‍්තිකා මිච‍්ඡාපටිපන‍්නකපුග‍්ගලා ලභන‍්ති. තස‍්මිං පන අත‍්තභාවෙ මග‍්ගඵලානං භබ‍්බරූපා පුග‍්ගලා තං ලභන‍්ති, තස‍්මා එවමාහ.

ආකිණ්ණලුද්දො බොහෝ පව් ඇත්තේ - දරුණු පව් ඇත්තේ යි කුමක් නිසා නො කියයි ද? ධාතිචෙලං ව මක්‍ඛිතො යම් සේ කිරි මවගේ කිළිටි හැඳිවත මළ මුත්‍ර - පස් - දූවිලි - මැටි ආදියෙන් තැවරී තිබේ ද එසේ රාගද්වේෂ ආදියෙන් තැවරුනේ අරහාමි වත්තවෙ ‘අරහාමි වත්තුං’ කීමට සුදුසු වෙමි. දේවතාවාගේ චෝදනාව බුදුන්ගේ අනුශාසනාවක් හා සමාන ය. එය ලාමක, පහත් නැඹුරු වීම් ඇති, මිථ්‍යා ප්‍රතිපන්න පුද්ගලයෝ නො ලබත්, එහෙයින් මෙසේ කී ය.

සුචිගවෙසිනොති සුචීනි සීලසමාධිඤාණානි ගවෙසන‍්තස‍්ස. අබ‍්භාමත‍්තං වාති වලාහකකූටමත‍්තං විය. ජානාසීති සුද‍්ධො අයන‍්ති ජානාසි. වජ‍්ජාසීති වදෙය්‍යාසි. නෙව තං උපජීවාමාති දෙවතා කිර චින‍්තෙසි – “අයං භික‍්ඛු අත්‍ථි මෙ හිතකාමා දෙවතා, සා මං චොදෙස‍්සති සාරෙස‍්සතීති පමාදම‍්පි අනුයුඤ‍්ජෙය්‍ය, නාස‍්ස වචනං සම‍්පටිච‍්ඡිස‍්සාමී”ති. තස‍්මා එවමාහ. ත්‍වමෙවාති ත්‍වංයෙව. ජානෙය්‍යාති ජානෙය්‍යාසි. යෙනාති යෙන කම‍්මෙන සුගතිං ගච‍්ඡෙය්‍යාසි, තං කම‍්මං ත්‍වංයෙව ජානෙය්‍යාසීති.

සුචිගවෙසිනො පිරිසිදු ශීලසමාධි ඥාන සොයන්නහුට අබ්භාමත්තං ව වළාපටලයක් පමණක් මෙන්, ජානාසි මෙය පවිත්‍රය යි දනිති. වජ්ජාසි ‘වදෙය්‍යාසි’ කියන්නෙහි. නෙව තං උපජීවාමි (තොප නිසා ජීවත් නො වෙමි) දේවතාවා (මෙසේ) සිතී ය. මේ භික්‍ෂුව “මට හිතකාමී වූ දේවතාවෙක් ඇත. ඔහු මට චෝදනා කරයි. සිහි කරවයි. ප්‍රමාදයෙහි ද යෙදෙන්නේ ය. ඔහුගේ වචනය නො පිළිගන්නෙමි” යි එහෙයින් මෙසේ කී ය. ත්‍වමෙව ‘ත්‍වං යෙව’ ඔබ ම; ජානෙය්‍ය ‘ජානෙය්‍යාසි’ දන්නෙහි ය. යෙන යම් කර්මයකින් සුගතියට යයි ද ඒ කර්මය ඔබ ම දන්නෙහි ය.

චුද‍්දසමං.

දාහතර වැනි සූත්‍රය යි.

ඉති සාරත්‍ථප‍්පකාසිනියා සංයුත‍්තනිකාය-අට‍්ඨකථාය වනසංයුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

මෙසේ වන සංයුත්ත වර්ණනාව නිමියේ ය.